Tuesday, March 1, 2011

12. මහළු සොල්දාදුවා | The Old Soldier


Muammar al-Gaddafi,, during an interview yesterday... when he was asked whether he would run away from Libya...


ලේ වැකුණු රන් කාසි ආකර
දෙවියනුත් යට කර උනද්දී...
කල නොකල පව් එකින් එක
පෙලගැසී වන්දිය මිල කරද්දී...
සදාකාලික සිහින කිරුළක
මුතු පබළු ගිලිහී වැටෙද්දී...
ලෙයින් කඳුලින් පොඟවමින්
ගොඩනැගූ විජිතය සසල වෙද්දී...

මධුබඳුන් දෝතින් අරා
සව්දිය පිරූ උන් මඟ හරිද්දී...
පණ ගසා ආ සතුරු බලමුළු
එක් කඳවුරක රොද බඳිද්දී...
මරණයේ පණිවුඩ ‍රැගත්
දූතයන් නුදුරක අත වනද්දී...
සිනාසෙන්නට දෙතොල අවනත
මහළු නුඹ මට අරුමයක් මැයි..!

8 comments :

  1. බීටල් වෙනස් වෙලා නෙව ............

    හ්ම් .සොල්දාදුව වෙන මොනා කරන්නද සහෝ .....

    ReplyDelete
  2. හතලිහක් වසරක් කරපු කෙළි,
    පසුපසින් එලවමින් එද්දී,
    පයට පෑගී සිටිය මිනිසුන්,
    අවි දරා අත නැඟිට එද්දී,

    කරපු පව් වල මිල ගෙවන්නට,
    පොලිය සමඟින් එයට එක්වී,
    වෙන කුමක් මම කරන්නද අද,
    සිනාසෙනු මිස මරු විකල් වී,

    ReplyDelete
  3. මාරයා... රිපොර්ටිං වැඩ අස්සේ ඇවිත් ගියාට තැන්කූ...

    සොඳුරු සිත,
    වෙනස් වෙලා නෙවෙයි... ඇත්තටම මේ හිනාව දවස පුරාම මගේ ඔලුවේ තිබුණා...

    Ravi, පිළිතුරු කවියට ස්තුති වේවා....

    ReplyDelete
  4. මුගේ හිනාවෙන් මට දැනුනේ මෙහෙමයි . .

    හෙ හෙ හෙ යකෝ මම ආදරේ මට . . .

    ReplyDelete
  5. උඹේ කවිය කියෙව්වේ පස්සේ . . .

    මම වගේ හිතන උන් තව ඉන්නවා කියලා හිතෙන එක මාර හයියක් බන්

    ReplyDelete
  6. ගඩාෆිගේ ම්ලෙඡචත්යවය එක්කම කියවෙන දෙයක් තමා මිනිහා දුප්පත් රටක් විදිහට තිබ්බ රට ගොඩනැගුවා කියන එක.

    වැඩේ තියෙන්නෙ මිනිහා මුලින් රට හදලා පස්සෙ මුදල් හා බලය හින්දා පිස්සෙක් වෙච්ච එක.

    මේ සිද්දියෙන් ගන්න තියෙන එක දෙයක් මිනිස්සු හැමදාම කරපු එක හොඳ දෙයක් වෙනුවෙන් ඔහු කරන අනිත් දේවල් ඉවසන්නෙ නෑ කියන එක.

    ඒත් කොච්චර වැරදි කලත් එක මිනිහෙකත් අසරණ වෙලා ඉද්දි තවත් මිනිස්සු කට්ටියක් එකතු වෙලා ඔහුට වදදීලා මරණ එක තමා බලන් ඉන්න අමාරු.....

    ලෝකෙ හැමවිටම සාධාරණයි, කිසිම සිද්ධියක් අහම්බයක් නොවේය කියන මතයේ ඉදලා හරි බුදු දහමේ කියන කර්ම විපාකය ගැන හිතලා හරි බැලුවම මේ විය යුතු දේ වෙන්ඩ ඇති.

    රත්තරන් ඇද, පුටු තියාගෙන හිටපු මනුස්සයා මැරුනෙ මහපාරේ....

    ReplyDelete
  7. @දුකා
    එක රෑනේ කුරුල්ලෝ... :D

    @බුද්ධි
    //වැඩේ තියෙන්නෙ මිනිහා මුලින් රට හදලා පස්සෙ මුදල් හා බලය හින්දා පිස්සෙක් වෙච්ච එක.//

    හ්ම් ඒකනේ වැඩේ...අනිත් එක අපිත් ඉතින් මේ වැදගත් විදියට ඉන්නේ මුදල් හා බලය නැති නිසාද කියලා කවුද දන්නේ..? :D

    ReplyDelete

Web Statistics