පසුගිය දිනෙක නැරඹූ චිත්‍රපටියක් විසින් පහුරු ගාන්නට යෙදුණ මතක පොසිලයකුත්, කලකින් යාවත්කාලීන නොවුන බ්ලොග් අඩවිය තරහාකර ගැනීමට ඇති අකමැත්තත් යන සිතුවිලි දෙකම එක්ව පෝර යෙදූ සටහනක් මේ… චිත්‍රපටිය සටහනේ අග හරියට, පරිස්සමට පැටලුම් ලිහාගත් අතීත මතකය මුලින්ම…
ඒ බැංගලෝරයේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක කෙටි පාඨමාලාවක අවසාන සති කිහිපය… පාඨමාලා අවසාන ව්‍යාපෘතියේ එකිනෙකාගේ හඳුනාගත් දක්ෂතා මත දෙදෙනා හෝ තුන්දෙනා බැගින් ව්‍යාපෘති භාර ගුරුතුමාගේ අනුදැනුම යටතේ වෙන්වෙද්දී මම අයිති කණ්ඩායම තීරණය වුණේ අමුතුම ක්‍රමයකට…
“එහෙනම් ඔය අන්තිමට ඉතුරු දෙන්නා එක ගෲප් එකක් හදාගන්න…”
අන්තිමට ඉතුරුවුණු මා සමඟ ගෲප් එකක් හදන්නට අන්තිමට ඉතුරුවුණු ඇය, හිසකේ පටන් පා නියපොතු දක්වා කලු නිකාබයක සැඟවුණු මුස්ලිම් යුවතියක්… කලු පැහැ අත් පා ආවරණ පවා පැළඳ ඇස්කිමෝවෙකු සිහි ගැන්වූ ඇයගේ බාහිරට විවර වුණු එකම ශරීරාංගය වූයේ අඟල් කිහිපයක් පළල විවරයකින් මා දෙස ඔරවාගෙන සිටි නෙත් යුගල පමණයි… තම කණ්ඩායම ගැන සෑහීමකට පත්වී නොසිටියේ ඇය පමණක් නොවේ, උරෙන් උර ගැටී ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා වෙහෙසිය හැකි ව්‍යාපෘති සගයෙකු වෙනුවට, මමත් බලාපොරොත්තු වෙන අවසාන තෝරාගැනීම කතාකරන රෙදි පොට්ටනියක් විය හැකියි…
නොරිස්සුමකින් ඇරඹි අප සමාගමය සතුට රැඳුන මිතුදමක් බවට පත්වීමට ගතවුණේ ව්‍යාපෘති සාකච්ඡා වට කිහිපයකුත් තව ටිකක්… කොහොමත් තුරුණු වයසේ කෙළි කවට සිනා වලට විවරවන සිතක් වසන්නට නිකාබයක් තුනී වැඩියි… මෙතැන් පටන් දිඟු කාලයක් පේළි කිහිපයකට කෙටි කළොත්, දැන් මම සිටින්නේ සාර්ථක ව්‍යාපෘති ඉදිරිපත් කිරීමක් අවසානයේ ඇගෙන් සමුගැනීමට සූදානම්ව ආචාරශීලී සුභපැතුමක් ගැන කල්පනා කරමින්…
“ඉතිං එහෙමනම්… ගත කළ හැම මොහොතක්ම සතුටක්…” ඇය පවසන්නේ මට කලින්…
“මටත් එහෙමයි… එකම එක දුකක් ඇරෙන්න…” මගේ මුරණ්ඩුකම ආචාරශීලීත්වයට වඩා දශමයක් ඉදිරියෙන්…
“ඒ මොකද්ද..?”
“අපි හරි කෙටි කාලෙකින් ලෝකේ අමාරුම දෙයක් කරලා දිනුවා… ඒත් එතෙන්ට යන්න අත්වැල් අල්ලාගෙන හිටි කෙනා කියලා මම අඳුනන්නේ ඇස් දෙකක් විතරයි…”
“යා අල්ලාහ්, ඉතිං ඒකට මම මොකද්ද කරන්නේ…”
“ඒ ඇස් දෙකට මූණක් දෙන්න…”
දෑසක විස්මය, අඟල් කිහිපයකින් රාමු කළවිට කලාකෘතියක් වැනියි…
“පිස්සුද ඒක හරාම්…”
“ඒ කියන්නේ..?”
“ඒක තහනම්… අනික මෙහෙම හොඳයි… එතකොට ඔයාට මගේ මූණ ගැන කැමති විදියකට හිතාගන්න පුළුවන්… “
“ඒක කොහොමද හොඳ වෙන්නේ… මම මැරෙනකොට මැරෙන්නෙත් ඔයා කවුද කියලා නොදැන… මිනිහෙකුට දෙන්න පුළුවන් තවත් දඬුවමක් තියේද..?”
“මොනවද මේ කියන්නේ… මම කැමතිවුණත් මූන පෙන්නන්න මට තහනම්… ඔයා නන්-මහ්රාම්…”
“ඒ කියන්නේ…?”
“ඔයා මගේ හස්බන්ඩ්වත්, තාත්තාවත්, සහෝදරයෙක්වත් නෙමෙයි… මට මූණ පෙන්නන්න අවසර තියෙන්නේ ඒ තුන්දෙනාට විතරයි…”
“ඉතිං මම සහෝදරයෙක් කියලා හිතන්න… එහෙම බෑද…?”
“එහෙම පුළුවන්ද, මම දන්නෑ…”
“මම දන්නෙත් නෑ…”
“පොඩ්ඩක් ඉන්න එහෙනම්… පුදුම මුරණ්ඩුකමක්…”
අත්බෑගයෙන් එළියට ගත් පුංචි ඩයරියක ඇති දුරකථන අංකයකට ඇය ඇමතුමක් ලබාගන්නේ, ඇස් ඉරටු කර සිනාසෙමින්…
“ඔය කාටද කතා කරන්නේ…”
“පල්ලියට…”
****************************************
ඇගේ නම වජ්ඩා… දෙවියන් විසින් තවමත් පාලනය අතැර නොගිය කර්කශ සවුදි අරාබියේ දහසකුත් එකක් තහංචි මැද, දෙවියන් දුන් ජීවිතයට සාධාරණයක් ඉටුකරන්නට වෙහෙසෙන දැරියක්... මේ මොහොතේ ඇගේ එකම සිහිනය ඇගේම කියා පුෂ් බයිසිකලයක් පැද යෑම... නමුත් ඇගේ අවාසනාවට, හිමිදිරි යාඥාවේ පටන් නින්දට යනතුරු ඇයට ඇසුරු කරන්නට බලකර ඇති ආගමික ග්‍රන්ථයක ගල්වුණ අකුරු පේළි අතරේ කුඩා දරුවෙකුගේ මේ ආශාව ලියවී නැහැ...
වතුර නොමැතිව වියළි පොළවේ හැදෙන මුරණ්ඩු පතොක් ගසක් මලක් නොපිපී මිසක් මියෙන්නේ නැහැ... තම සිහිනය සැබෑකරගැනීම වෙනුවෙන් සටන් නොකර පරදින්නට සූදානම් නැති මුරණ්ඩු පතොක් ගසක් ඇය...
පුෂ් බයිසිකලයකට අවශ්‍යය රියාල් අටසියය දෙමාපියන්ගෙන් කිසිදා නොලැබෙන බව වටහා ගන්නා වජ්ඩා තමාට හැකි අයුරින් මුදල් එකතු කරන්නේ ඒ ඉලක්කයට ළඟා වීමේ අරමුණින්... නමුත් ඇය වැනි කුඩා දැරියකට ඉතුරු කල හැකි සීමාව ඇත්තේ එවැනි විශාල මුදලකට වඩා හුඟක් අඩුවෙන් බව වජ්ඩාට වැටහෙනවා...
පාසලේ පැවැත්වෙන, කුරානය කට පාඩමින් කියනා තරඟයක පළමු ත්‍යාගයට ලැබෙන තැගි මුදල ඇගේ ඇස ගැටෙන්නේ මේ අතරෙදියි... ඒ බයිසිකල් සිහිනය සැබෑ කරගත හැකි මුදලක්... දෙවරක් නොසිතා අදාළ තරඟයට ලියාපදිංචි වන ඇය එතැන් පටන් වෙහෙසෙන්නේ දේව වාක්‍යය කට පාඩමින් මනාව ගායනා කිරීමට... නමුත් වජ්ඩාට ධර්මය උගන්වන ගුරුවරු කිසිත් නොදන්නා රහස නම් ඇය මේ දිවි නොතකා ධර්මය ඉගෙනීමට වෙහෙසෙන්නේ එහි සඳහන් පාපයක් ඉටුකරගැනීමේ නිසඟ අරමුණින් බව...
දෙවියන්ට වංචාකර ඇයට ජයගැනීමට හැකිවේවිද..? මේ අතර තම සැමියා තවත් විවාහයක් කරගැනීම වැළක්වීමට ඇගේ මව ගන්නා උත්සාහය සාර්ථක වේවිද..? චිත්‍රපටියේ අවසානය මේ සියල්ල විසඳාවි...
ආගමික නීතිරීති වලින් පාලනය වෙන ගැහැණු, තම ආත්මය වටා වැර යොදා බැඳුණු ඒ යදම් සමඟින් තම ජීවිතය විඳින්නට ගෙනයන සටන මීට වඩා හොඳින් පෙන්වන චිත්‍රපටි ඇත්නම් මගේ වැටහීම අනුව ඒ අතළොස්සක් විය හැකියි... මුළු ගතම වැසෙන සේ ඇඳි අබාය ඇතුළේ හිරවී සිටින ගැහැනියගෙන් "දාඩිය නැද්ද..? ඔයගොල්ලෝ ඕක කොහොමද ඇඳන් ඉන්නේ?" වැනි අතිශය බොළඳ ප්‍රශ්න මේ චිත්‍රපටිය නැරඹුවාට පසු ඔබ ඔවුන්ගෙන් නැවත නොඅසන බවට මට විශ්වාසයි...
සවුදි අරාබියේ පළමු කාන්තා සිනමා අධ්‍යක්ශකවරිය… හයිෆා අල්මන්සූර්… කුඩාකල බයිසිකලයක් ගන්නට සිහින මැවූ සවුදි අරාබි යුවතියක්… විචාර බුද්ධිය මඬින ආගමික බල අධිකාරයට මෙම චිත්‍රපටියෙන් දසන් නොමදක්වා ඇය සිනාසෙන අයුරු මනරම්…

මතක සටහනට, විචාර සටහනට කැමතියි... නිතර නොලියනවාට නම් අකමැතියි!
ReplyDeleteස්තූතියි මලිති, උන්න හැටියට මළා මදෑ... :)
Deleteඔයාගෙ ලියමන නම් යුනික් මම එකක් නෑර කියවලා තියෙනව. ඇත්තටම වෙලාව නැතිනිසාද නොලින්නෙ.
ReplyDeleteඉන්දරේ
ස්තූතියි ඉන්දරේ... වෙලාව නැතුව හිටි කාලෙකුත් තිබුණා... දැන්නම් කම්මැලිකම තමයි...
Deleteකොහොම හරි බලන්නට ඕන වුනා . බිටල්ටම අයිති කෙටි නමුත් හදවතට වදින ලියවිල්ල ..
ReplyDeleteස්තූතියි බින්දි නොවැරදීම ඇවිත් යනවාට...
Deleteවිචාරය ඉස්තරම් බීට්ල් ..... අවසනාවක මහත ..සවුදි අරාබි නිර්මනකරියකගේ චිත්‍රපටික් වුවත් මෙය ලංකාවේ පෙන්වන්නැ හැදුවා නම් තහනම් වෙන්නත් තිබුනා
ReplyDeleteස්තූතියි ඉවාන්...තහනම් කරන්න තරම් ලොකු වැරැද්දක් හොයාගන්න අමාරුවෙයි... ඒකත් ඒ අධ්‍යක්ශකවරියගේ එක විශේෂ දක්ශකමක්...
Deleteබීට්ල් ලියන්න මෙච්චර දේවල් තියාගෙන නොලියා ඉන්නේ ඇයි? මට නම් අර මතක සටහනේ පූර්ණ අසංශිප්ත වර්ෂන් එක දැනගන්න හරිම ආසයි. චිත්‍රපටියත් ලැයිස්තුවට එකතු කර ගත්තා...
ReplyDeleteපූර්ණ අසංශිප්ත වර්ශන් එකත් මේකම තමයි... අඩු එකම දේ කෝල් එකෙන් පස්සේ වුන දේ විතරයි... ඒත් ඒකත් ලියනවට වඩා මෙහෙම හොඳයි නේද... ඇයට මූණ පෙන්නන්න වෙනවද නැද්ද කියන එක කියවන කවුරුත් දන්නේ නැහැ... ඇත්තටම ඒක දන්නේ පල්ලිය විතරයි...
Deleteමම මේ ෆිල්ම් එක ගැන මුලින්ම දැනගත්තේ, මෙල්බන් යුනි එකේ වැඩ කරන මගේ යාලුවෙක්ගෙන්. ඊට පස්සේ 'චිත්‍රපට පිස්සන්ගෙන්'. :)
ReplyDeleteෆිල්ම් එකේ මට පෙනෙන දෙයක් තමා වර්තමානේ කොහොම උණත්, වෙනස් අනාගතයක් ගැන ඒ කාන්තාවන්ට බලාපොරොත්තුවක් තබා ගත්ත හැකිබව. ඒක පේනවා වඩ්ජාට එයාට ඕනි කරන බයිසිකලේ ලැබෙන එකෙනුත්, සැමියාගේ කැමැත්තටම ඉඩ දුන්නු අම්මා කොන්ඩේ කපලා තියෙන දර්ශනයෙනුත්. ඒ හන්දා මට වඩ්ජා ෆිල්ම් එකේ දකින්ට තියෙන්නේ සුඛාන්තයක්...
ෆිල්ම් එක ලස්සණ වගේම විචාරයත්, විචාරයට පාර කැපුව හැටිත් හරිම ලස්සණයි. ඔයා වගේ දක්ෂ කෙනෙක් මේ විදියට නොලියා ඉන්න එක නම් බ්ලොග් ලෝකෙටම කරන වැරැද්දක් බීටල්. ඔයාට බ්ලොග් නඩුවක් දාන්ට වටිනවා...:D
film eke awasanaya gana nokia hitiya nam neda hoda, oya baluwata anith aya balala nane . .....
Deleteෆිල්ම් එකේ අවසානය ඒක නෙමේ. මුලු කතාවම බැලුවට පස්සේ ඔයාට එන හිතට එන්නේ මට හිතට ආපු දේ නොවෙන්ට පුලුවනි. බලලම ඉන්ට. :)
Deleteස්තූතියි පොඩ්ඩි...
Deletespoiler alert! ඒ සුඛාන්තයෙත් ඔය කිව්වට දුඛාන්තයක් ඇති... බයිසිකලය ලැබුණත් ඇය පැදගෙන ගිහින් මහපාර ගාවින් නවතිනවා දැක්කා නේද...? :)
@ඇනෝ.. පොඩ්ඩි කියලා තියෙන දේ හරි... ඇත්තටම ඒක තම තම නැණ පමණින් බලන්න පුළුවන්... ඒ චරිත පළඳින සපත්තු වල ඉඳන් කියවන්න දෙන කුරාන් පාඨ වල පවා අධ්‍යක්ශකවරිය හංගන දේ බොහෝයි...මේ පෝස්ට් එක ඒ චිත්‍රපටිය ගැන විචාරයක් කියන එකත් ඒ චිත්‍රපටියට කරන ලොකු අපහාසයක්...
can you plz give us a link to watch the film ?
ReplyDeleteSorry I don't think there is a direct link unless you download it via torrents or something...
DeleteHowever I found this youtube link, no English subtitles though...
http://www.youtube.com/watch?v=lXdAwFfblSA
හොයාගන්න බලන්න ඕන ඒ ෆිල්ම් එක , ඇත්තටමයි ඇයි නිතරම නොලියන්නේ
ReplyDeleteමේ උපරිම වේගේ තමයි බන්... අවුලක් නෑ මෙහෙම යන්...
Deleteබීට්ල්ගෙ මේ කතා අස්සෙ මම හැමදාම මහා දුර සවාරි යනව.
ReplyDeleteමම නම් මේ චිත්‍රපටයට වඩා ලස්සන චිත්‍රපටයක් දැක්ක බීට්ල් ගෙ මතක අස්සෙන්. බීට්ල්ගෙ ඉල්ලීම්වල තියෙන මුරණ්ඩුකාර රොමෑන්ටික් ගතියට මං ආස වුණා. ඒක අස්සෙ ආදර කතාවක් ගොතන්න යද්දි ආගමක් සියලුම බැඳීම් හලාල්ද හරාම්ද කියල තීරණ ගන්න ඇගේ ජීවිතේ අසරණකමයි, මගෙ හිතේ විදුලි කෙටුව. එතකොට ආදරේ වගේ කාරණාවක් ගැන ඈ තීරණ ගන්නෙ කොහොමද කියල හිතන්න ගියාම ඔක්කොම කෙලවුණා.
ඒ මම නම්, මට කවද හරි දවසක හිත ඇතුලෙ ආදරේ පුපුරු ගහන බව දැන දැනත් ඒක හලාල්ද හරාම්ද අහන්න පල්ලියට කතා කරන්න වුණොත්!!
අනේ මන්දා.. මං හදන්න ගිය චිත්‍රපටය අස්සෙ මාවම අතරමං වුණාද කොහෙද?
ඔබ මතක පොසිල ගැන වමාරන හැටි හැමදාමත් ඉස්තරම්!
ගොඩක් ස්තූතියි ඔබට මම ලියූදෙයට වටිනාකමක් එක්කලාට...
Deleteමගේ නහයත් ඇස දෙකත් පුපුරන්න තරම් ලේ වලින් පිරීගෙන එත්දේ තමයි මේක ෆිල්ම් එකක් කියලා මතක් වුණේ. මගේ විශ්වසේ හැටියට මේ බ්ලොග් අවකාශේ හොඳම නිර්මාණකරුවා මේ ලෙස නිහඬව ඉන්න එක ගැන නම් තියෙන්නේ පුදුම නොපැහැදීමක්.
ReplyDeleteගොඩක් ස්තූතියි සුදීක, ඉස්මුරුත්තාවට යන ඇගයීමටත් එක්කම :)
Deleteබාගෙන බැලිය යුතු වේ.... හඳුන්වා දීම නම් සිරාය... නිතරම ලියන්න හැකි නම් වඩාත් කැමතිය
ReplyDeleteස්තූතියි දුලාන් මල්ලි.. ඔයා තාම බ්ලොග් කියවනවා කියලා දැනගත්ත එකම හෙන ලොකුදෙයක්... :D
Deleteඅර මුල් කතාවත් සම්පූර්ණයෙන් දැනගන්න තිබුණා නම්...
ReplyDeleteෆිල්ම් එක නම් කොහොම හරි සොයාගෙන බලනවා...
ස්තූතියි මියුරු... ලාවට වගේ අදින්නාදානා සිල්පදේ කඩන්න ලෑස්ති නම් අන්තර්ජාලෙන් හොරාට ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා... :)
Deleteමං තාම හොයාගෙන යනවා ඉංග්ලිෂ් සබ් තියෙන එකක්... ට්‍රේලර් එක බැලුවට පස්සෙ ආසාව වැඩි වුණා... අනේ දන්න තැනක් තියෙනව නම් කියන්නකො බීටලේ... ඒක බලල අද හවසට අළුතෙන් පන්සිල් ගන්නං.... :D
Deleteස්තුතියි බීට්ල්.
ReplyDeleteකතාව බලන්න ආසාවක් ඇතිවුනා...
ස්තූතියි... කම්මැලි නැතුව බලන්න පුළුවන් වෙයි...
Deleteමුල් කොටසෙන් වෙනම ෆිල්ම් එකක් හදන්න පුළුවන් වගේ.. සිරාවට... නියමෙට ලියල තියෙනවා.. ඉඳල හිටලා ලිව්වත් ලියන එක මේ වගේ ලියන එක වටිනවා හැමදාම අපි වගේ තේරුමක් නැති දේවල් ලියනවට වඩා.. :)
ReplyDeleteස්තූතියි පැතුම්, තෙරුමක් නැති කතාවට නම් පොඩ්ඩක්වත් එකඟ නෑ... :)
Deleteතැන්කූ මචන්! යලට මහට උඹ ලියන අකුරු දෙක තුන උනත් ජීවත් වෙන්න ආසාවක් ඇති කරනව !
ReplyDeleteස්තූතියි මචං... කමෙන්ට් එකනං පට්ට බරයි අවංකවම... :)
Deleteබොහොම ස්තුතියි මේ සටහනට. හොයාගෙන බලන්න වටින චිත්‍රපටියක් ලෙස ලකුණු කරගත්තා.
ReplyDeleteඇවිත් ගියාට ස්තූතියි විචාරක... අර යුධ සිනමා ලිපිය ගැන දවසක වුණ පොරොන්දුව මතක් කරන්නත් මේක හොඳ වෙලාව... :)
Deleteමම මේක බලලා නෑ අයියේ.. ඔන්ලයින් ලින්ක් එකක් හොයා ගත්තා.. මේ සති අන්තයේ බලන්න ඕන..
ReplyDeleteඅර මූණ දකින්න හම්බුනාද බන්,,,මේකත් බෑවා බලමු හැකි ඉක්මනින් බලන්න
ReplyDeleteBeetle
ReplyDeleteමම හොයනව ඹයාගෙ ණයත් නෑ බයත් නෑ කථාව. ඒකෙ නම මට මතක විදියට සමුගැනීමද මොකක්ද. ඒක ඹයාගෙ බ්ලොග් හිස්ට්‍රියෙ නෑ.
ඉන්දරේ
ඇත්තටම බීටෝ. මං මේක බලන්න හිටියේ ඒත් බැරි උනා. උඹ මට ආයි ආසාමක් ඇති කරා පස්ට හැදින්වීමක් දිලා.. තැන්කුයි
ReplyDeleteඅනේ ලස්සන ෆිල්ම් එකක් හොයාගෙන බලන්න ඕනේ..
ReplyDeleteඅර කොටින්ගෙන් වැඩිම බැට කැවෙ දෙමල මිනිස්සු වගෙ මෙ කුරානයෙන් වැඩිම දුක් විදින්නෙ එක අදහන මිනිස්සු.
ReplyDeleteචිත්‍රපටිය බව්වට දාමු..මටනං චිත්‍රපටිය මේක..
ReplyDelete//“පොඩ්ඩක් ඉන්න එහෙනම්… පුදුම මුරණ්ඩුකමක්…”
අත්බෑගයෙන් එළියට ගත් පුංචි ඩයරියක ඇති දුරකථන අංකයකට ඇය ඇමතුමක් ලබාගන්නේ, ඇස් ඉරටු කර සිනාසෙමින්…
“ඔය කාටද කතා කරන්නේ…”
“පල්ලියට…”//
බලන්න ඕන. මෙහෙම කවුරු හරි විස්තරයක් කිව්වහම, එහෙම හිතන එකත්, ඊට පස්සෙ එහෙම හොයාගෙන බලන්න අමතක වෙන එකත් පුරුද්දට ගිහින්. :D
ReplyDeleteඒත් චිත්‍රපටය බලන්නට ආසාවක් ඇති කරවන සටහනක්
ඔය වගේ කෙනෙකුට, වෙනත් පිරිමියෙක් එක්ක ඔය වගේ සමීපව කට යුතු කරන්න දෙයිද ? මම හිතන්නෑ.
ReplyDeleteඋඹේ ලිවිල්ලනම් උත්කෘෂ්ඨයි. ඇත්තටම මම මේ ආවේ මොනා හරි කඩන් යන්න පුළුවන්ද බලන්න.
බීටා අයියා මේ රිවිව් එක නිසාම චිත්‍රපටිය බැලුවා.. ඒක නම් ඇත්තටම හිතට වැදුන කථාවක්.. අවසානයට නම් මම කැමතියි.. ජීවිතේ ඉදිරියට යන්න මුස්ලිම් කාන්තාවකට කොච්චර බාධාවන් ද කියලා මේ චිත්‍රපටයේ පෙන්නුම් කරලා තිබ්බා..
ReplyDeleteඒත් පොඩි කෙල්ලෙක් නිදහසේ තටු සලලා ඉගිල්ලිලා ගිය හැටි. සිය අභිප්‍රායන් අවසානයේ ප්‍රසිද්ධියේ ම කියන්න ධෛර්ය ලබන විදිය හරිම අපූරුයි..
චිත්‍රපටිය බැලුවේත් මේ ලියවිල්ල නිසාමයි
කෝ ඉතින් ඒ දැරිවි පල්ලියෙන් අහලා මූණ පෙන්නුවාද :D
ReplyDeleteචිත්‍රපටි පිස්සෝත් මේ ගැන යමක් කතාකල බව දුටුවා. මම බීට්ල්ගේ බ්ලොගට ආවාමයි. බීට්ල් නිදහසේ ලියන, නිදහසේ සිතන කෙනෙක් බව හිතනවා. මට තාම බලන්න බැරිවුනා.
ReplyDelete