Friday, June 28, 2019

124. සැගවුණ සිතුම්



පින්තූරය : ගත්තේ මෙතැනින් 

තෙමුණ පාරක, අඳුරු හවසක
කහඉරක් නොපෙනෙනා මානෙක
පාර පැන්නා, දෑත් පටලන්
අදත් ඉඳහිට මතක් වෙනවලු

උඹ නොදැක්කට, මම නොකිව්වට
කෝපි කඩයක වීදුරුව මත
ඇඳුනු සෙවනැලි රටා අතරට
ඇවිදයන හරිපොඩි ඇසිල්ලක
උඹේ රූපෙයි, මගේ රූපෙයි
කලුවරෙත් හරි හැඩට පෙනුණලු

පාර පැනලත් හුඟක් දුරකට
උඹ මගේ අත ඇරිය නැති එක
හිතලා කෙරුවද, නොදැන කෙරුනද
එතැන ගහ උඩ කුරුලු යුවළක්
හවස් වෙනකල් වාද කෙරුවලු

අදත් ඒ මඟ එදා වාගෙම
වහිනවත් ඇති, තෙමෙනවත් ඇති
අතින් අල්ලන්, සිතුම් හංගන්
තවත් අය පාරත් පනිනවැති
කඩෙත් තව ඇති, ගහත් ලොකු ඇති
අපිට අපි විතරක් නැතුව ඇති...


36 comments :

  1. ලස්සන කවියක්

    ReplyDelete
  2. බීට්ල්! වෙල්කම් බැක්!! :)

    ReplyDelete
    Replies
    1. මලී..මලී.! තැන්කෝ වෙරිමච්! :)

      Delete
  3. පිංතූර කවියක්.. <3

    ReplyDelete
  4. පාර පැනලත් හුඟක් දුරකට
    උඹ මගේ අත ඇරිය නැති එක
    හිතලා කෙරුවද, නොදැන කෙරුනද
    එතැන ගහ උඩ කුරුලු යුවළක්
    හවස් වෙනකල් වාද කෙරුවලු
    +++++++++++++++++++++++++

    ReplyDelete
  5. හරිම ලස්සනයි

    ReplyDelete
  6. අප්‍රමාණ සතුටක් බීටල්ගේ ප්‍රාදූර්භූත වීම.

    කවිය ගැන ඉතිං ආයේ මොනා කියන්නද බීටල්ගේ හැම නිර්මාණයක් වගේම උපරිමයි..

    පරණ් උන්ව දකිනකොට ආයේ ලියන්න තමා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. තවුසෙල මනුත්තයෝ බුකියේ කාල ගත කරන්නෙත් නැති එකේ ලියනවා ලියනවා.. අපි කියවනන්නං

      Delete
    2. උඹලනම් පුදුම ගං කාරයෝ තමා.....

      Delete
    3. ස්තුතී සෙන්නා...ලිවීම කෙසේවෙතත් උඹලා තාම පරණ එකවුන්ට් වලට ලොග් වීමම අප්‍රමාණ සතුටක්.. :D

      Delete
    4. ඔව් අපිනම් තාම ඉන්නවා.. දවසකට එක සැරයක්වත් මේ පැත්තේ ගොඩ් වෙලා යනවා.. ඒත් දැන් ඉස්සර තරම් උනන්දුවකින් කවුරුවත් නොලියන, යන්නෙ එන්නෙ නැති නිසා අපිත් කම්මැලි වෙලා.. ඩූඩෙලා වගේ සමහරු ගල් වෙලාම ගිහින්.. කොහොම තිබුන තැනක්ද කියලා හිතෙද්දි දුකකුත් එනවා..

      Delete
    5. හ්ම්ම්...බැලුවාම ඉතින් ඉස්සර ඉඳන්ම මේක මෙහෙම තමයි බන්... වෙනස් වෙන්නේ නැතුව ඇති.. අපිට ඉස්සෙල්ලාම බ්ලොග් කියවන්න පෙළඹුව කීදෙනෙක් ගල් වුනාද...ආවත් කවුරු ගියත් කවුරුහරි ලියනවානේ... ඒක වටිනවා...

      Delete
    6. 2009 - 2015 අතර කාලයේ ලොකු උනන්දුවක් තිබුනනේ.. ලියන්නො බොහොමයි, අලුත් අයත් හරියට ආවා, බ්ලොග්රෝල වෙලාවකට කියව ගන්න බැරි තරම් අලුත් පෝස්ට් වලින් අප්ඩේට් වෙනවා.. ඒ බ්ලොග් රෝලෙම අද, ඉඳලා හිටලා අවාරෙට පොල් වැටෙනවා වගේ එකක් දෙකක් උඩට එනවා...හැමෝම කාර්යබහුල ඇති..මේක ටිකක් වෙලා අරන් සංයමයෙන් කරන්න ඕනා වැඩක්නේ.. කට්ටිය වැඩිය මහන්සිවෙන්නත් කැමති නැතිව ඇති..පොඩි මොකක් හරි දැම්මම හෝ ගාලා කමෙන්ට්ස්, ලයික් වැටෙන බුකිය තියනකොට...

      Delete
  7. අවුරුදු ගානකින් පසු බීටලයා දැකීම සතුටක් උනත් අවුරුදු විස්සක් විතර පරණ නොයිදුල් හැගීම් වලට එළියට එන්න පාර කපපු එක ගැන තරහයි. අපූර්යි. ඔය වැනිම කවියක් ලියන්නට මටත් අත්දැකීම් තියේ. ඒත් කවි ලියන්න බෑ. ජය වේවා. බීටලේට.

    පලි - දැං බ්ලොග් කියවල පුරුදු නැති නිසා බීටලේගේ භයානක පතුල් පේන කෙටි කතාවක් නං කෝමද ඒක කියවන්න හිත හදාගන්නේ කියල හිත හිත ආවේ.

    ReplyDelete
    Replies
    1. මමත් ආවේ කෙටි කතාවක් බලාගෙන තිබ්බේ මේක ලද දෙයින් සැනසෙමි.

      Delete
    2. ස්තුතී දේශා...කාලෙකට පස්සේ උඹලාව දැකීමත් සතුටක්...මේක කොහොම මොනවට ලියවුනාද දන්නේ නෑ.. ලියවුන නිසා බ්ලොගේ දැම්මා.. 🙂 කෙටිකතාවක් ලියවෙයිද බලමූ.. ඒකොහොම වෙතත් උඹලා සියළුදෙනා ආයේ දැකීම සතුටක් මනෝජ්..

      Delete
  8. බිට්ල් ලියන්නේ නෑ නේද කියල මේ ළඟදිත් මතක් වුනා. නැවත දැකීම සතුටක්. කවියත් හරිම අපුරුයි.

    අර ඉයන් වැට ගහල තියෙන තැනට මටත් වැටක් ගහන්න හිතෙනවා. මරු ඒ ටික.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතී පැතුම්... පැතුම්වත් ආයේ දකින්න ලැබුණ එක ගොඩක් සතුටුයි...

      Delete
  9. බීට්ල්.. දැකීම සතුටක්... මේ කවිය, වියපත් වීමේ ලක්ෂණයක් විදිහට මම හිතාගන්නම් :)

    ReplyDelete
    Replies
    1. හා හා...උඹ දේවල් කියවන විදිය ටක්කෙටම හරි බව දන්නවා.. එහෙම වෙන්නැති තමයි... මේ කමෙන්ට් එක කියෙව්වාම මාදැන් මහළුවියේ සිංදුව වඩා පැහැදිලිව තේරෙන්න ගත්තද මන්දා... :D ස්තුතී තිසර

      Delete
  10. අම්මට හුඩු , බීටලේ ලියලා , පට්ට නෙව

    ReplyDelete
    Replies
    1. උඹලත් ආදර්සෙට ගනිල්ලා මෙව්වා...

      Delete
  11. කඩෙත් තව ඇති, ගහත් ලොකු ඇති
    අපිට අපි විතරක් නැතුව ඇති...


    පරණ සිද්දි ගොඩක් මතක් වෙනවා බන්..



    වචන ටික නම් හරි ලස්සනයි...

    ReplyDelete
  12. පැල්ලම් වැටුනු ලී මේසේ උඩ
    ඉරි වැටුනු තේ කෝප්පෙ
    පවස තවමත් නිවනවා ඇති
    තුරුළු වී සිටි කැඩුනු බංකුව
    අපිට අපි නැති වූ බව තව
    නොදැන තවමත් මග බලනවා ඇති...

    ReplyDelete
  13. සෑහෙන කාලෙකින් ආවේ! පරණ අය තාම ඉන්නවා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. මගේ හිතේ මැවෙනවා ඒ කවියේ රූපරාමු හරිම ලස්සන සිතුවිල්ලක්

    ReplyDelete
  15. හල‍ෝ යාලූ ඔයැයි ඉන්නවද

    ReplyDelete
  16. Beetle, what a beautiful & interesting poem. I like while reading all the poem.

    ReplyDelete
  17. very nice article. it is a beautiful and a lovely poem. i enjoyed all the poem. thanks for the blog.

    ReplyDelete

Web Statistics