විවේකී සති අන්තයේ ඕපාදූප මොනවාදැයි දැනගනු රිසියෙන් මුහුණුපොතට පිවිසුනෙමි… සමනල සංධ්වනිය චිත්‍රපටය නැරඹූ මිතුරු මිතුරියන්ගේ උදාන වාක්‍යය වලින් එහි බිත්ති පිරී තිබේ… මා එම චිත්‍රපටිය තවමත් නරඹා නොමැතිවීම ගැන මට ඇතිවූයේ ලැජ්ජාව මුසු පසුතැවීමකි… පරිගණකය වසාදැමූ මම හනිකට සිනමාශාලාව වෙත දුවන්නට වීමී… වායුසමනය කල සිනමාශාලාවේ සුවපහසුව අසුන්ගත් මම අමතක වෙන්නට කලියෙන් හනිකට දුරකථනය ගෙන “වොචින් සමනල සංධ්වනිය…. පීලින් ඕසම්…” යැයි මුහුණුපොතට බෑඟිරි ගැසූයෙමි… දැන් ඉතින් ෆිල්ම් එක බැලුවේ නැතත් මොකද…? මට සිතුණි…
“මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා…” චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ගයයි… මටද මගේ නොවන කුමක් හෝ දෙයක් ඇතිදැයි මම සිතන්නට වීමි… කොටින්ම මේ මොහොතේ අනෙක් පුටුවේ වාඩිවී පුටු ඇඳි දෙකම අයිති කරගෙන චිත්‍රපටිය නරඹන සද්දන්තයා මට අහිමි කර ඇති, මගේ නමුත් මගේම නොවන පුටු ඇන්දේ පටන් ජීවිතය පුරාම වැඩියෙන්ම මට තිබී ඇත්තේ එවැනි දේ බව මට පසක් විය… ගායනයේ තාලයට සෙමින් මාගේ දෑස පියවෙන්නට වූයෙන් මටත් නොදැනීම මා නිදිලොවට පිවිසෙන්නට ඇතැයි සිතමි… සුලු මොහොතකින් මා සිටියේ නිවසේ හාන්සි පුටුවේ වැතිරීගෙනයි… මට මෙන්ම ලෝකයේ අනිත් අයටත් ඔවුන්ගේ නොවෙන ඔවුන්ගේ දේවල් ඇතිදැයි සෙවීමට මට ආශාවක් ඇතිවූයෙන් මම හනික නිවසින් එළියට පියමැන්නෙමි…
මුලින්ම මට හමුවූයේ එහා ගෙදර සිල්වා අංකල්වයි…
“අංකල් කඩේ ගියාද…?” මම ඇසුවෙමි…
“ඔව් පුතා මේ එක්සර්සයිස් එකටත් එක්ක පොඩ්ඩක් ඇවිදගෙන ගියා…” තුංමුණින් දහදිය පෙරාගෙන අංකල් පවසයි…
“අංකල් මම මේ අහන්නම කියලා හිටියේ… මෙහෙම ඇහුවා කියලා මං ගැන වැරදියට හිතන්න එපා…”
“පිස්සුද පුතා… අහන්න ඕනේ දෙයක්…”
“අංකල්ට අංකල්ගෙ නොවෙන අංකල්ගේම මොනවා හරි තියෙනවද…?”
සිල්වා අංකල් ටික වේලාවක් කල්පනා කරන්නට විය…
“හරි තියෙනවනේ පුතා…”
“මොකද්ද අංකල්…?”
“ඇයි ළමයෝ මගේ පඩි පැකට් එක…!”
සිල්වා ඇන්ටි ගේට්ටුව අසල හිඳ උගුර පාදද්දී සිල්වා අංකල්ගේ මුහුණ ශෝචනීය වූයෙන් ඔහුට සමුදුන් මම හන්දිය බලා පිටත් වීමී… කෑගසාගෙන පැමිණි ප්‍රයිවෙට් බසයක් මා අසල නැවැත්වූ අතර පසෙකට පැනගැනීමටත් ප්‍රථම කොන්දොස්තරවරයා මාගේ කොන්දෙන් අල්ලා අසුරු සැණින් බස්රථයට පටවා ගන්නා ලදී… ඔහු කාරුණිකව මඟීන් අමතන අයුරු දැකීමෙන් පිනාගිය මා පමා නොවී මාගේ පැනය ඔහුටද යොමු කළෙමි…
“මල්ලි මේ අහන්ඩකෝ…”
“මට ඇහුන්නෑ…”
රියැදුරු අසුනට ඉහළින් එල්ලුණු එල්.සී.ඩී. තිරයක මහ හඬින් වැයෙන සංගීත සාජ්ජයකි… මඳක් ඔහුට ළංවුණු මම ඒ හඬ පරයා කෑගැසුවෙමි…
“මල්ලිට මල්ලිගේ නොවෙන මල්ලිගෙම මොනවා හරි තියෙනවද..?”
ඔහු කල්පනා කරද්දී අසළවූ මඟියෙක් අපට බාධා කළේය…
“තියෙනවා නේන්නං… මගේ ඉතුරු රුපියල් දෙක..! දැන් ඉතින් ඒක මුගේ නොවෙන මුගේම දෙයක් තමයි… ”
මා පසෙකට තල්ලු කර මඟියාගේ කොලරයෙන් අල්ලාගත් කොන්දොස්තරවරයා ඔහුට ආදරයෙන් ඇමතීය…
“මේ මහත්තයා අරූ මූ කියන්න එපා හරිද…? මහපාරේ රස්සාව කළාට අපිත් ආත්ම ගෞරවයක් තියෙන මිනිස්සු…”
“ආත්ම ගෞරවයක් තියෙනවනං මගේ රුපියල් දෙකට කෙලියිද…?”
එන පොට හොඳනැති බව වැටහුණු හෙයින් මා බස් රියෙන් බැසගන්නා අටියෙන් හීන්සීරුවේ ඉදිරිපස දොර වෙත ඇදුනි… ඉදිරි නැවතුමෙන් බැසගන්නා බව රියදුරාට දැනුම්දුන් මා නිකමට මෙන් මාගේ දැවෙන ප්‍රශ්නය ඔහුටත් යොමු කළෙමි…
“අයියාට අයියාගේ නොවෙන අයියාගේම මොනවා හරි නැද්ද…?”
මඳක් කල්පනා කළ රියැදුරු මහතා යමක් සිහිවූ සෙයින් සිනාසුනි…
“තියෙනවා නේන්නං…”
“ඒ මොකද්ද..?”
“ඇයි මේ පාර…! මේක ඉතින් මගේ නොවුනට මගේම පාර වගේ තමයි…”
පදික වේදීකාවේ ගමන්කළ මඟියෙකු කාණුවට විසිකරමින් වැරදි පැත්තෙන් තවත් බස් රථයකට ඉස්සර කළ ඔහු, බස්නැවතුම පසුවී මීටර් සියයක් පමණ ගියපසු බරාස් ගා බ්‍රේක් පාරක් ගසමින්, පාර මැදම බස් රථය නවතා මට පැවසීය… මම හනික ඒ අවසරයෙන් බිමට පැනගතිමි…
“මැරෙන්ඩද ඕයි යන්නේ…” පුෂ් බයිසිකල්කරුවෙක් මට ආචාර කරමින් උගේ වුණත් උගේ නොවෙන හයිවේ එක මඟහැර මට වෙට්ටුවක් දමාගෙන යන්නට ගියේය…
වටපිට බැලූ මා දුටුවේ මැදිවියේ මිනිසෙකු අසල ඇන තබාගෙන දුකින් හඬාවැටෙන අයුරුයි…
“මොනවා මේ අමරසිරි පීරිස් මහත්තයා නේද…!?”
අමරසිරි පීරිස්ව හඳුනාගැනීම මට අපහසු නොවීය…
“මම මේ ඔයාගේ සිංදුව ගැන හිත හිතමයි හිටියේ…?”
“මතක් කරන්න එපා ඔය සිංදුව… ඒක මගේ වුනාට දැන් මගේම සිංදුවක් නෙමෙයි…”
“ඔයාගේ වුනාට ඔයාගෙම සිංදුවක් නෙමෙයි…?”
මේ අපභ්‍රංශය තේරුම්ගත නොහැකිව මම ඇසුවෙමි…
“ඔව්… අර තිරිසන් රිගින් ටෝන්කාරයෝ සිංදුව ලිව්ව කෙනයි මියුසික් දාපු කෙනයි අල්ලගෙන ඒ සිංදුව මගෙන් හොරකං කළා ඕයි..!”
මම කට ඇරගෙන අසා සිටිද්දී ඔහු පැවසීය…
“ඉතිං ඕකට ඔහොම ඉඳලා හරියන්නේ නෑ.. දැම්මේ නැද්ද කම්ප්ලේන් එකක්…”
“කාට කියලා කම්ප්ලේන් කරන්නද…?”
“අපි ජනාධිපතිතුමාට කියමු…”
“මෙච්චර පොඩි කේස් වලට ජනාධිපතිතුමා අතදායිද…?”
“මොකද නැත්තේ… ඔය පොල් හොරකම් වලටත් අතදාන්නේ…”
මම පැවසූයෙන් අමරසිරි පීරිස් ජනාධිපතිතුමා හමුවීමට යෑමට එකඟ විය… අපි හනික අරලියගහ මන්දිරය බලා පිටත්වීමු… මට අධික සතුටක් දැනුනි… දැන් ජනාධිපතිතුමාගෙනුත් මේ ප්‍රශ්නය අසන්නට පිළිවන… එතුමාගෙන් අසන එකේ විපක්ෂ නායකතුමාගෙනුත් අසන්නට හැකිනම් සියල්ල සම්පූර්ණයැයි මට සිතුනි… අමරසිරි පීරිස්ගේ ජංගම දුරකථනයෙන් මම විපක්ෂ නායකතුමා ඇමතීමී…
“මේ ඔබතුමාගෙන් පොඩි කාරණාවක් දැනගන්න අපි කතාකලේ…”
“ඔව් මොකද්ද…?”
“ඔබතුමාට ඔබතුමාගේ නොවෙන ඔබතුමාගෙම මොනවා හරි තියෙනවද…?”
“මගේ නොවෙන ඒත් මගේම දෙයක්… ඔව් තියෙනවා…”
මඳවේලාවක පසු එතුමා පිළිතුරු දුනි…
“ඒ මොකද්ද…?”
“ඇයි මේ විපක්ෂ නායකකම…!”
එතුමා පවසද්දී පසුබිමින් තවත් කවුදෝ දුරකථනයට කෑගසනු මට ඇසුණි…
“ඉතිං මටත් තියෙන්නේ ඒකමනේ….!”
ඒ කවුදැයි හරිහැටි අසාගත නොහැකිවූයේ විපක්ෂ නායකතුමා ඒ සැනින්ම දුරකථනය විසන්ධි කල බැවිනි… ඒ සජිත් මන්ත්‍රීතුමාගේ කටහඬදෝයි මට මොහොතකට සිතුනි….තවත් කිහිපදෙනෙකුටම කතාකිරීමට මට අවශ්‍යය වුවත් ඒ වනවිට අපි අරලියගහ මැදුරට ළඟාවී සිටි නිසා ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි… එදින අරලියගහ මන්දිරයේ ආරක්ෂාව භාරව සිටි හමුදා නිලධාරියා අමරසිරි පීරිස්ගේ හොඳ රසිකයෙකු වීම නිසා වැඩි කරදරයක් නැතිවම අපිට ජනාධිපතිතුමා මුණගැසීමට ඇතුළුවීමට හැකිවුනි… එතුමා සැපත්වනතුරු සුවපහසු අසුන් දෙකකට බරවී බිත්ති වල එල්ලා ඇති නොයෙක් විසිතුරු සැරසිලි, කඩු කස්තාන නරඹමින් අපි විවේකීව සිටියෙමු…එතැනින් අප පසුකර යන හුරුපුරුදු තරුණයෙකු මා ඇසගැටුණේ එවිටයි…
“මේ රෝහිත මහත්තයා නේද…?”
මම හනික ඇසීමි…
“ඔව් ඔව්…”
ඔහු පිළිතුරු දුන්නේය…
“අනේ ඉතිං ගොසිප් සයිට් වල දැකලා තියෙනවා මිසක් ඇත්තට දැක්කේ අදනේ…”
මම පවසද්දී අමරසිරි පීරිස්ද ඔළුව වැනීය…
“ඉතිං මොකද මේ පැත්තේ…?”
රෝහිත ඇසීය… මම ලද අවසරයෙන් මගේ දාර්ශනික ප්‍රශ්නය ඉදිරිපත් කලෙමි…
“අපි මේ අපේ නොවෙන අපේම දේවල් මොනවද කියලා හොය හොයා යනවා… ඔබතුමාටත් එහෙම මොනවා හරි කල්පනාවට එනවද…?”
“අපේ නොවෙන අපේ දෙයක්…. හරි..! තියෙනවනේ…”
“ඒ මොකද්ද..?”
“ඇයි සැටලයිට් එක…! ඒක ඉතිං අපේ නොවෙන අපේ දෙයක් තමයි…”
මමත් අමරසිරි පීරිසුත් මුහුණට මුහුණ බලාගනිද්දී ඔහු පැවසීය… ඒ සමඟම ජනාධිපතිතුමා සැපත් වූයෙන් අපි දෙදෙනා එකත්පස්ව සිටගතිමු…
“දැන් මොකද්ද මගෙන් කෙරෙන්න ඕනේ…?”
එතුමා පවසද්දී අමරසිරි පීරිස්ට පෙර මම ඉස්සර වීමි…
“ඉස්සෙල්ලාම අපිට දැනගන්න පුළුවන්ද ඔබතුමාගේ නොවෙන ඔබතුමාගෙම මොනවා හරි තියෙනවද කියලා…?”
“ම්ම්ම්… එකක් නෙමේ දෙකක්ම තියනවා…”
එතුමා ඇඟිලි වලින් දෙකේ ඉලක්කම පෙන්නමින් පැවසීය…
“ඒ මොනවද ජනාධිපතිතුමා…”
“ඇයි වයවස්ථාදායකයි, අධිකරණයයි… ඒ දෙකම මගේ නොවුනට දැන් ඉතින් මගේ වගේ තමයි…! හොක් හොක් හොක්…”
එතුමා මහ හඬින් සිනාවෙද්දී අපි දෙදෙනා ඔළුවේ අත්ගසා ගතිමු…
“ඇයි ඔහෙලට ඔහෙලගේ නොවෙන ඔහෙලගේම දේවල් නැද්ද…?”
සිනාව නතරකරගත් ජනාධිපතිතුමා පෙරළා ප්‍රශ්න කළේය… මට හදිසියේම සත්‍යය අවබෝධවිය…
“ඔහෙපලයන් තියෙනවා නේන්නං ජනාධිපතිතුමා…”
“ඒ මොකද්ද…?”
එතුමා ඇසීය…
“ඇයි අපේ නොවෙන අපේම ආණ්ඩුව…!”
මමත්, අමරසිරි පීරිසුත් දෙදෙනාම එකවිට පැවසූයෙමු…
මේ යන විදිහට මානිට උගේ නොවන උගේම තීරුවක් ඉතුරු වෙයි වගේ.. එළ මචන් එළ...
ReplyDeleteතැන්කෝ සෙන්නා...
Deletepatta ....
ReplyDeletethanks...
Deleteඑලයැ...
ReplyDeleteමමත් මේ මගේ නොවන මගේම කතාව තාම තේරෙන්නෙ නෑ හරියට..
මම දැක්කා උබ ඒ ගැන මොකද්ද ලොකු කණගාටුවකින් කතාකරනවා :)
Deleteඑළ......... :)
ReplyDeleteඑහෙයි.. :)
Deleteනියමයි...
ReplyDeleteඇයි මේ රට... අපේ නොවන අපේම දෙයක් නේ...
ස්තූතියි තරුරසී... මෙතන කිව්වට වෙන තැනක කියන්නෙපා... :)
Deleteනියම ලියවිල්ල . වැඩිහරියක් තියෙන්නේ ඉතින් අපේ නොවෙන අපේ දේවල් නේන්නම්.
ReplyDeleteකොටින්ම මේ කමෙන්ටුව කොටන ලැප් ටොප් එක ''මගේය '' කියල අපේ දිහා කි දෙනෙක් හිතා ඉන්නවද .
ස්තූතියි බින්දි... එක ලැප්ටොප් එක බෙදාගන්න එක හොඳයි ගෙදර හතරදෙනෙක් ලැප්ටොප් හතරකට මුන ඔබාගෙන තමන්ගෙම ලෝකවල තනිවෙනවට වැඩිය... :)
Deleteමගෙත් එකම එකම 3310 එකක් ඇරුණම අනිත් ඔක්කොම ෆෝනුත් මගේ නොවන මගේම ඒවා තමයි
Deleteෆිලුම් එක බලාපු කොලුවෙක් "මගේ නොවන මගේ දේවල්" ගැන කියවද්දී උගේ අම්මා කිව්වලු, "ඇයි තොට ඉන්නේ තොගේ නොවන තොගේ තාත්තා කෙනෙක් කියලා"
ReplyDeleteහොඳයි කතාව, මං බයවෙලා උන්නේ බීටලයා ලියන හකුරු සම්භාව්‍ය වෙලා කියලා.
ස්තූතියි සුජීව ගුරුජී ඇවිත් ගියාට...
Deleteමටත් ඔය ෆිල්ම් එක බලද්දි පොඩ්ඩ වෙන්න නින්ද ගියානේ.
ReplyDeleteලිපියට කැමතියි බිට්ල්!!
ස්තූතියි කාංචනා... සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට...
Deleteකොටන්න කලින් මට අයිති වෙච්ච.. කෙටුවට පස්සේ බොට අයිති වෙච්ච එහෙකුත් ඕං තියෙනවා...
ReplyDeleteස්තූතියි මාරේ...වටිනවා... :)
Deleteape nowana apema site eka..
ReplyDelete:) thank you
Delete:D මම දෙතුන් සැරයක් කල්පනා කරල ආවෙත්, මට ඔය සින්දු කෑල්ල එපා වෙලා හින්දා.
ReplyDeleteඅපූරු කතාව බීට්ල්. අර කිව්වත් වගෙ, මානිගෙ තීරුවක් වගේ
මමත් හිතුවේ දැන් මේක ලියන්න පරක්කු වැඩි ඇති කියලා... හැමෝටම අහලම එපා වෙලානේ...ඒත් ඔන්න ඔහේ ඕනේ එකක් කියලා පබ්ලිස් කලා...
Deleteආයේ දෙකක් නෑ සුපිරි ලියමණ.
ReplyDeleteඔබට වගේමයි මටත් ඔය සමනල සංධවනිය බලන්න විදිහක් නෑ ඒ වුනාට මේ දකින දකින කෙනා ඒක ගැන අගේ කරනකොට උස්සලා පොලවේ ගහන්න තරම් හිතිලා හිටියේ.
(හෙට ඉඳන් මාත් පාරේ හමු වෙන හැම එකාගෙන්ම අහන්න ඕනේ එයාලාගෙම නොවෙන එයාලගේ දේවල් ගැන. එතකොට මටත් පුළුවන් වෙයි හිත හදාගන්න.)
ස්තූතියි රංගි... තව ටික දවසකින් බලන්න පුළුවන් වෙයි නේ...
Deleteමටත් මචං ඔය වගේ බ්ලොග් එකක් තියනවා.... මගේ උණාට මගේ නෙමෙයි වගේ ඉන්නේ.
ReplyDeleteඅර පුටු ඇන්දේ, රුපියක් දෙකේ කතා නම් එල බං...
ඒක ඔයාගේ නෙවෙයි කොහොමත් දැං.. නයි පොළොන්ගුන්ගේ... හි හි
Deleteසොරි මචං මට ඒක සෙට් වුනේ හෙන පස්සේ..රීඩරේට දාගත්ත දවසේ ඉඳන් අඩියටම වෙලා ඉන්නවා මෙලෝ සද්දයක් නෑ...
Delete@හිරු එහෙනං ඒ පැත්තෙ යන්න එපා... :)
Deleteතිසර කියන්නේ හංසයෝ දෙන්නටද තනි හංසයටද?
Deleteබීට්ල් හැමදාම වගේ අමුතුම ලියවිල්ලකින් අපිට හිතන්ට යමක් ඉතුරු කල කෙනෙක්. අද එයා අපිට හිනාවෙන්ට යමක් ඉතුරු කරලා. ඒ උණත් මම කැමති තේරෙන්නේ නැති, අර සම්භාව්‍ය ඒවා කියවන්ට. :D:D
ReplyDeleteඒ ඔයා කොහොමත් ඇතිතරං හිනාවෙන හින්දා... :D මේකට එනවා ඇත්තේ බ්‍රේක් එකක් ගන්න...
Deleteඅපේ නොවන අපේම ජීවිත...
ReplyDeleteනියමයි...
ස්තූතියි සඳ සිත් දැහැන... ඔබේ බ්ලොග් එක ඉස්සෙල්ලාම දැක්කේ අදයි...
Deleteමමත් බලන්න ඕන මගේ නොවන මගේම මොකක් හරි තියනවද කියල.
ReplyDeleteහරිනං මේ වෙනකොට බලලා තියෙන්න ඕනේ... :)
Deleteඅර සිංහල දෙමල ඉංග්‍රීසි ප්‍රසන්නයගේ බ්ලොග් එකත් ඔහොම දෙයක් නේද?
ReplyDeleteVery inspiring!
:D හරියට හරි... උගේ බ්ලොග් එකට නියමෙට ගැලපෙනවා...
DeleteThanks dude...
වෙනදා වගේම හොදම ලිවිල්ල....... කොලුවෝ අපූරුවට ලියලා තියෙනවා......
ReplyDeleteelakiri...
Deleteලංකාවෙ අපිට ඔක්කොම තියෙන්නෙ අපේ නොවෙන අපේම දේවල් තමා! :D
ReplyDeleteඔව් ඒත් ඉතින් එහෙම එලිපිට කිව්වම නිකං අස්පට් වගේනේ... :)
Deleteබලාගෙන යද්දී හැමෝටම තමන්ගේ නොවන මොනාම හරි තියෙනවනේ..
ReplyDeleteඔව් ඒකනේ ඒ සිංදුවට හැමෝම කැමති...
Deleteමට නම් එහෙම දේවල් නෑ
ReplyDeleteඇයි උඹටත් තියෙන්නේ අර කොන්දොස්තර වගේ නාකි සුද්දන්ට වංචා කරපු රට රටවල සල්ලි...
Deletehttp://gossipelankanews.com/news_more.php?id=2499
ReplyDeleteමෙන්න වැඩේ දීල...
තොරතුරට ස්තූතියි කසුන්... අවුලක් නෑ කීයක් හරි හොයාගන්නනේ... :)
Deleteබීටල්ගෙ නොවන බීටල්ගෙ ලියමන!!
Deleteහපොයි!
I admire your attitude Beetle. In such situation, I get pissed off like most other people, but trying my best to keep my cool, like you do.
Deleteඇත්ත නේන්නම්. මටත් මගේ නොවෙන මගේ ම දේවල් කීයක් කියලා තියෙනවාද.
ReplyDeleteඒවා නේ වැඩි..? :) මටත් එහෙමයි...
Deleteඔය කෑල්ලා වගේම තමයි දැන් කොහේ බැලුවත් Happiness is.. Sadness is.. :D අපුරුයි බීටල
ReplyDeleteස්තූතියි සාබිත්... ඒකනං මරුනේ...? මාත් දැක්කම බලනවා... දැන් සිංහලෙනුත් තියෙනවද කොහෙද...
Deleteඅපේම නොවන අපේම දේවල්.. :D අපූරු ලියවිල්ල..
ReplyDeleteස්තූතියි නන්ඳූ... හැමදාම එනවටත්...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඑලකිරි... ඔයාට මොනවා හරි උනොත් අනිවාර්යෙන්ම තිසර තමයි වගකියන්න ඕනේ... බෙල්ලෙන්ම අල්ලගන්න... :D
Deleteතිසර??? මෙන්න තියෙනවා බීට්ල්ගේ නොවෙන ඒත් බීට්ල්ගේම දෙයක්...හී හී....
Deleteමේක මගේම නොවන මගේ කොමෙන්ටුවක්..එලකිරි...!
ReplyDeletefatta fata fata ...
ReplyDeleteපරිස්සමින් උබට උබේම නොවන ජිවිතයක් තියනවා !!!!!!
අපිට අපේම නොවන සභාපතියෙකුත් හිටියා...
Deleteඇයි අනේ මේ යෙදුමට හැමෝම හිනා වෙන්නේ?
ReplyDeleteබලාගෙන සුදු වෑන් එන්න ඉඩ තියේ...
ReplyDeleteනින්ද ගියාද?එතකොට ෆිල්ම් එක? oO
(මට මගේ නොවන මගේ මොකද්ද තියෙන්නේ කියා කල්පනා කරමින්) :D
අති විශිෂ්ඨ යැයි කියා යමි..මගේම කියා කොමෙන්ටුවක් තිබිය යුතු නිසා..;)
ReplyDeleteපෙරුම් පුරල පුරල යන්තම් ඊයෙ යන්න පුලුවන් උනා මගේ නොවන ෆිල්ම් එක බලන්න .
ReplyDeleteඋඹේ ම නං උඹ ගනිං, උඹේ නොවේ නං මට දියං!
ReplyDeleteඅපිට අපේම නොවන අපේ ඒවා කොච්චර ඇත්ද අයියා
ReplyDeleteමේක තමයි දක්ෂ කම. මේ වගේ එකක් ජානාධිපති තුමාට වුණත් රස විඳින්න පුළුවන්. ගොසිප් කාරයාටත් කියන්න වෙන්නේ මගේ නොවෙන මගේ ලිපිය කියල.
ReplyDeleteඑක නෙවේ මටත් මගේ නොවන මගේම බෝතලයක් තිබුණා
ඒ මුත්‍රා සාම්පල් එකක්.
අපේ කියලා හිතාගෙන ඉන්න මොනවද බන් අපේ... අපිවත් අපේද?
ReplyDeleteumbeth nowana anungeth nowana naya tika ko...
Deleteසුපිරි ලියවිල්ල... මානිගෙ තීරැවමයි මටත් මතක් උනේ.. ජය වේවා !
ReplyDeleteමේ ලියවිල්ලත් මගේම නොවුනත් මගේම එකක් වගේ තමයි බීටලේ..
ReplyDeleteහී හී මේක මරු :)
ReplyDeleteසුපිරි ලියැවිල්ලක්.. රසවින්දා හොඳට..
ReplyDeleteඋපරිමයි බීට්ල් උපරිමයි.. හොඳම උපහාස කරුවන් බිහිවන වාතාවරණයක් අපිට තියෙන්නෙ. හරියට ගොගොල්ගෙ කාලෙ වගේ.
ReplyDeleteඋපරිමයි. කටත් ටිකෙන් ටික කන ලඟටම ආව.
ReplyDeleteස්තූතියි... හැමදෙනාටම... :)
ReplyDelete