“කෝම්පිට්ටු ඉදීයන්
කෝම්පිට්ටු ඉදීයන්
රෑට බතට අපට කන්න
කෝම්පිට්ටු ඉදීයන්”
පොල්කට්ටට තව එකකින්...
තුනක් තට්ටු කරපු සැණින්...
ඉදුනා බත් අපූරුවට...
ඊයේ වගේ මතකයි මට...
කුස්සියේ හැලිවලං වලට...
මොන කෙංගෙඩියක් වෙලාද...
කෝම්පිට්ටු වගේ නොවෙයි...
රෑට බතට ඔහුට කන්න...
වැලිබත් නොඉදෙනා හැඩයි...
පොල්කටු අං දෙක දමාපු ...
පොල්පිති හරකෙක් පදින්න...
වලංකටුව හරි කොටුවට...
විසිකරලා උජාරුවට...
තනි අන්ඩෙන් පෙර වාගේ...
බට්ටා පනින්නට ආසයි...
මිඩ්ඩයිෆ් නෝනා ආවොත්...
"උඩ පනින්න එපා ළමයෝ..!"
ආයෙත් තරවටු කරාවි...
අත්තාපල් මුත්තාපල්...
මාස දහය පරිස්සමට...
දුවන්නැතුව ඉන්නවා මම...
රජරට ළමා මව්වරු 2000 ක් - පුවතක්
ළමා මවුවරු . . . කතාවට පමනක් ලක්වෙන තාමත් පිලියමක් නොයෙදූ ප්‍රශ්නයක්.
ReplyDeleteපිළියම් යොදාගෙන යනවා නේ..?
Deleteපිලියම් යොදනවා යයි කියනව හැබැයි යොදපු පිලියමක් නං හන්නත් නෑ
Deleteඇති යාන්තං බ්ලොග් එකක් තියනවා කියල මතක්වෙලා
ReplyDeleteදැන් පණ ඇද ඇද තමයි යන්නේ... :)
Deleteමේ පුවත දැනගෙන හිටියේ නෑ.
ReplyDeleteඒක හින්දා මට ඉන්ටරෙස්ට් වුනේ අර ගේම් ටික.
පොඩි කාලේ මාත් කෝම්පිට්ටු උයලා තියෙනවා. රවුමට හැඩයට කෝම්පිට්ටු මතක් වුනේ අද ඊයේ වගේ.
එතකොට අර බට්ටෝ හරි චක්‍රම් පනිනවා නේද වලං කෑලි ගන්නේ. ඒක නම් මම හැමදාම පරාදයි පොඩි කාලේ.
එතකොට එක එක පාට හරක් හදන්න වත්ත පුරා පොල් අතු කපනවා. හිටි ගමන් ගස් වලිනුත් කප්පවා ගන්නවා. කොල පාට හරක්, දුඹුරු පාට, රතු පාට, කහ පාට, කළු පාට හරක් හෙන සෙට් එකක්...
දැන් ළමයි මේ මොනවද කියන්නවත් දන්නේ නෑ මම හිතන්නේ...
අපි හිතුවට උන් දන්නවා බූරු...
Deleteමේ අපේ ඇන්ටිගේ මුණුබුරයි මිණිබිරියි දෙන්න දවසක් මිදුලේ එක කොණක ඉඳලා අනිත් කොණට යනකං ඔය බට්ටො කොටුව ඇඳගෙන... ඕකෙ තියෙන්නෙ කොටු 8යිනෙ.. මුන් දෙන්නට ඒක මදි වෙලා ... කොටු 50 විතර ඇඳගෙන වත්ත වටේම පැන පැන හිටිය.. අර අපිට වගේ 4-5ක සෙට් එකක් නැති නිසා උන් තරඟෙට ඒ සෙල්ලම කරන්න දන්නෙ නෑ... ඒකයි අවුල..
ඒක වැලැක්වීමේ පායෝගික අපහසුතා බොහොමයක් තියෙනවා බීට්ල්. ඒකට දිගුදුර පැලෑනක් තමා අවශ්‍ය වෙන්නේ..
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDeleteඑක අංශෙකින් පුංචි සන්දියට ගියා.
අනෙත් අංශෙන් අනාගතේට යන්න ඕනි වගක් හිතිලා ආයෙම බෑ හිතුණා....
බීටල් අයියා ආයිම ලියන්න ගත්ත එක ගැන සතුටු වෙනවා. මේ වගේ සිද්දි අපේ බුදුන් උපන්න දර්මද්වීපෙ වෙනවා කිව්වම හරි පුදුමයි. අපි හැමදාම අන්න තම්බි ලමයිට කරදර කරනවා තම්බින්ගේ ගෑනිට මූන වහන් දෙන් නැහැ කියලා අනුන්ට චෝදනා කරනවා..ඒත් අපේ සිංහල බෞද්ධ ගම්මාන වලම කිරි කෝඩු වයස පැනපු නැති පොඩි ළමයි අම්මල තාත්තල වෙනවා.. වැදගත් කාරණාවක් මතු කරපු එකට ස්තූතියි..
ReplyDeleteකොටි කාලෙ යාපනේ ළමා මවුවරු.. දැං මෙහෙ..
ReplyDeleteමහ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න හින්ද ළමයි ඉක්මණට ලොකු වෙනවනං කියල හිතනව ඇති... ඒත් මොන දුකක්ද ළමයින්ට...???
එහෙන් ළමා සොල්දාදුවෝ. මෙහෙන් ළමා මව්වරු.
ReplyDeleteබීට්ල් අයියගේ කවිය නියමයි.. ඇත්තටම මේ දේවල් වලට හරි විසදුමක් කවදා ලැබෙයිද දන්නේ නෑ.. එතකන් ඉතින් හැමදෙයක්ම මෙහෙම තමයි..
ReplyDeleteපිටිසර ගම් වලට ගියාම ඕක හරි සුලභ දෙයක්. නමුත් ඉතිං ලිංගික අධ්‍යාපයක් අපිට මොකටද පට්ට සංස්කෘතියක්නේ අපිට තියෙන්නේ කියලා ඉන්නකොට ඔහොම වෙනවා.
ReplyDeleteරජරටට කොසුමිට යොදාගෙන හරි ආයෙත් ප්‍රායෝගික පුහුණුව දුන්නනං හරි.
ReplyDeleteඕකෙ වරදක් නෑ බීටෝ බො.බ.සේ කට්ටිය කියන්නේ පුලුවන් තරම් බෝ කරපල්ලා කියලා නේ,,ඉතින් ජම්බු ගහෙන් වැටුනු දා ඉදන් බෝ කරන්න තියෙන්නේ
ReplyDeleteඔය ළමා මවුවරුන්ගේ පියවරුණුත් බහුතරය ළමා ම තමා..... ලිංකගිකත්වයට උෂ්නත්යේත් බලපැමක් තියනවා කියලා දැන් විශ්වාසයක් පවතිනවා බිට්ල්....
ReplyDeleteහොදයි උබට මතක් වුනු එක.නියමයි
ReplyDeleteලස්සන කවි බීටලේ. මෙයාට විරිදු වගේම කවිත් පුලුවන් විත්තිය දැනගත්තා...:D
ReplyDeleteලඟදි කොංගෝව ගැන වැඩසටහනක් බැලුවා ..එහෙ කැරලිකාරයෝ තමන්ගේ සීමාව පතුරන්නේ අහුවෙන අහුවෙන ගැහැණු සහ දුෂණය කරලාලු. දවසට දුෂණ 36 ක් ලු සාමාන්‍යය . චික් මෙහෙම ජරා සත්තු කියල හිතුනේ. අපේ රටත් ලොකු වෙනසක් නැහැ බලාගෙන ගියහම
ReplyDeleteකනට ගැහුවා වගේ දැනුනා බන් එකනම්. කවිය සුන්දරයි කතාව පට්ට දුකයි
ReplyDelete