Thursday, June 16, 2011

27. පුංචි පහේ අභියෝගයක්... | Challenge your left brain


idea_bulb5
මම කලින් පල කල සම්මුඛපරීක්ෂණයක් ගැන කෙටියෙන් පෝස්ටය කියවන්න ලැබුණු හිතවතෙක් ඒකේ සඳහන් වෙලා තිබුණු ගැටළු කිහිපයක් ගැන අහලා එවලා නම් දැන් සෑහෙන දවසක්... පිළිතුරක් යවාගැනීමට නොහැකි වුණ අඩුව මකන්නත් එක්කම ඒ ගැටළු වලට තවත් කිහිපයක් එකතු කරලා හැමදෙනාටම කියවන්න පුළුවන් විදියට පෝස්ට් එකක් විදියටම පල කරන්නට හිතක් පහල වුණා...
මෙවැනි රසවත් ගැටළු දු‍ටු විගස මගේ දිනපොතේ කුරු‍ටු ගා ගැනීමේ කාලයක සිට ප්‍රගුණ කර ඇති හොඳ පුරුද්දට පින් සිදුවෙන්නට පල කලයුතු දේ සොයාගැනීම නම් එතරම් අමාරු කාරියක් වුනේ නැහැ... අවශ්‍යවූයේ පුංචි පහේ පරිවර්තන කර්ථව්‍යයකට මිඩංගු කිරීමට ඉස්පාසුවක් සොයා ගැනීම විතරයි...
පෝස්ට් එක කෙටි කරන්න අවශ්‍යය නිසා කතාව අඩු කරලා ප්‍රශ්ණ ටික කෙළින්ම දාන්නම්...මේ කිසිවක් මා විසින් නිර්මාණය කළ ඒවා නම් නෙවෙයි... එහෙන් මෙහෙන් ඇස ගැ‍ටුණු විටෙක අමතක වෙනවාට අකමැති නිසා විටින් විට සටහන් තබාගත් ඒවායි...ඔබ දන්නා, නොදන්නා, අනුමාන කරන, නිර්මාණය කරන ඕනෑම පිළිතුරක් වෙලාව ඇති විදියට සටහන් කරන්න අමතක කරන්නෙපා...
කාලෙකින් තේරවිලි ‍තෝරලා නැත්නම්, වම් පැත්තේ මොලේ මලකඩ කඩලා ටියුන් කරලා ගන්න අවශ්‍යය නිසා සරල ගැටළු කීපයක් අඩංගු වෝම් අප් වටයකුත් අන්තර්ගතයි...
===================================
වෝම් අප් වටය
===================================
(a.) එවරස්ට් කන්ද සොයා ගැනීමට ප්‍රථම, ලෝකයේ උසම කන්ද වූයේ කුමක්ද..? SOLVED by අනුරාධ
(b.) විවාහක යුවලකට දරුවන් දෙදෙනෙකු සිටිනවා යැයි සිතමු... මින් එක දරුවෙකු ගැහැණු දැරිවියක නම් අනෙක් දරුවා පිරිමි දරුවෙකු වීමේ සම්භාවිතාව කොපමණද..? (ඉඟිය : 50% හෝ 1/2 නොවේ.) SOLVED by මදුශාන්
(c.) කූඩයක ඇත්තේ ඇපල් ගෙඩි පහක්... මිනිසුන් පස් දෙනෙකු විසින් එක් අයෙක් එක ඇපල් ගෙඩිය බැගින් ගත්තා නම් කූඩයේ එක් ඇපල් ගෙඩියක් ඉතිරි විය හැක්කේ කෙසේද..? SOLVED by අනුරාධ
(d.) නගරයේ ඇති උසින් අඩු ගුවන් පාලමක් යටින් වැටී ඇති මාර්ගයේ හිස් බැරල් පැටවූ ලොරියක් පදවාගෙන එන ඔබ දකින්නේ ලොරි රථයට පාලම යටින් ගමන් කිරීමට නොහැකි ලෙස රථයේ වහලය අඟලක් වැනි සුළු ප්‍රමාණයකින් උසින් වැඩි බවයි...ගමනාන්තයට ලඟා වීමට මෙම මාර්ගය හැර වෙනත් මාර්ගයක් නැතිනම් ඔබගේ තීරණය කුමක්ද..? SOLVED by අනුරාධ
(e.) ඔබ සිටින්නේ කිසිඳු ලෝහමය වස්තුවක් නොමැති අගුලු දැමූ කාමරයකැයි උපකල්පනය කරන්න... ඔබ සතුව ඇත්තේ පෙනුමෙන්, බරින්, ශබ්ධයෙන් සහ ගන්ධයෙන් සම්පූර්ණයෙන්ම එක සමාන වූ නැවිය නොහැකි කාන්දම් දණ්ඩක් සහ යකඩ දණ්ඩක්... කාන්දම සහ යකඩය එකිනෙකින් වෙන්ව හඳුනා ගැනීමට ඔබ යෝජනා කරන ක්‍රමය කුමක්ද? SOLVED by hare :-)
(f.) "මම රුපියල් දාහක් ඔට්‍ටු දාන්න ලෑස්තියි, ඔබ මට රුපියල් දෙදාහක් දුන්නොත් මම තුන්දාහක් දෙන බවට..." යැයි අයෙකු ඔබට පැවසුවහොත් ඔබ එම ඔට්‍ටුව බාරගන්නට ඉදිරිපත් වෙනවාද..? පිළිතුර පැහැදිලි කරන්න... SOLVED by සහෝධරයා
===================================
ගැටළු අංක : (1) SOLVED by bbpncb
===================================
මේක නම් අතිශයින්ම ජනප්‍රියයි...නිර්මාණශීලී බව නිසාම මඟහරින්න අකමැති නිසා සටහන් කරන්නම්...
රාත්‍රී මැදියම් යාමයේ ඇදැලෙන අනෝරා වැස්සක් මැදින් රිය පදවාගෙන යන ඔබ දකින්නේ පසෙකින් ඇති බස් නැවතුමේ බස් රථයක් එන තුරු ‍රැඳී සිටින මගීන් තිදෙනෙක්…එහි සිටින්නේ පහත සඳහන් වෙන පුද්ගලයින්;
1. අතිශයින්ම මහළු රෝගී කාන්තාවක්...පවතින ශීතල කාලගුණය තුළ අධික අසනීප තත්වය නිසා ඇය බස් රථයක් පැමිණෙනතුරු වත් ජීවත් වේවිදැයි යන්න සැක සහිතයි...
2. දෙවෙනියට සිටින්නේ ඔබගේ ප්‍රාණසම මිතුරන් කිහිප දෙනාගෙන් කෙනෙක්...ඔහු වරක් තම දිවි පරදුවට තබා ඔබගේ ජීවිතය බේරාගැනීමට පවා ඉදිරිපත්වී ඇති අතිශය හිතවතෙක්...
3.තුන්වැන්නිය ඔබගේ සිහින කුමාරියයි...ඇය හමුවී වචන කිහිපයක් හෝ කතාකිරීමට අවස්ථාවක් ලැබෙන තුරු ඔබ සිටින්නේ ඇඟිලි ගනිමින්...
ගැටළුව මෙයයි...ඔබගේ වාහනයේ ‍රැගෙන යා හැක්කේ එක් අයෙක් පමණක් නම්, ඔබගේ තීරණය කුමක් වේද..?
===================================
ගැටළු අංක : (2) SOLVED by bbpncb
===================================
ඝන වනාන්තරයක ගමන් කරන ඔබට මුණ ගැසෙන්නේ කැළයේ සිටින යෝගීන් දෙදෙනෙක්...මොවුන් දෙදෙනා සතුව ඇත්තේ අපූරු පුරුද්දක්...එනම් මින් පලමු යෝගියා සඳුදා අඟහරුවාදා සහ බදාදා දිනවල බොරු කියන්නෙක්...දෙවැනි යෝගියා බ්‍රහස්පතින්දා සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල බොරු කියන්නෙක්...
ඔබට අවශ්‍යය වන්නේ අද දවස සතියේ කිනම් දවසදැයි දැන ගැනීමටයි...මෙම ගැටළුව යොමු කල විට යෝගීන්ගේ පිළිතුරු පහත පරිදියි...
1 යෝගියා : "ඊයේ මම බොරු කියන දවසක්"
2.යෝගියා : "ඊයේ මමත් බොරු කියන දවසක්"
මෙම ගැටළුවට අනුකූලව අද දවස කවදාදැයි සොයන්න...
===================================
ගැටළු අංක : (3) SOLVED by bbpncb
===================================
ආයතනයක ප්‍රධානියෙකු තම ආසනයෙන් මඳක් බැහැරට යන්නේ රුපියල් දෙදාහක නෝට්‍ටුවක් තම කාර්යාලීය මේසය මත අතපසු කරමින්... සුළු වේලාවකින් පෙරලා පැමිණෙන ඔහු දකින්නේ මුදල් නෝට්‍ටුව කිසිවෙකු විසින් සොරාගෙන ඇති බවයි...කාමරයට ඇතුලුවිය හැකි සේවකයන් ඇත්තේ දෙදෙනෙකු පමණක් බැවින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරිමේදී ඔවුන් දෙන්නේ මෙවැනි පිළිතුරුයි...
පලමු සේවකයා පවසන්නේ ඔහු එම නෝට්‍ටුව දු‍ටු බවත්, එය සුළගේ ගසාගෙන යාවියැයි බියෙන් දුරකථන නාමාවලියේ පළමු පි‍ටු දෙක අතර ‍රැඳවූ බවයි...දෙවෙනි සේවකයා පවසන්නේ දුරකථන නාමාවලියේ එසේ රඳවා තිබූ නෝට්‍ටුව ඔහු දු‍ටු බවත්, එය පළමු පි‍ටු දෙක අතර ඇති විට කිසිවෙකුට පහසුවෙන් දැකගත හැකි නිසා තමා එය එතැනින් ඉවත් කර පොතේ ඇතුළු පි‍ටු වන 45 වෙනි සහ 46 වෙනි පි‍ටු අතර සඟවා පි‍ටු අංක හොඳින් මතක තබාගත් බවයි...
වහ වහා දුරකතන නාමාවලිය පෙරලා බලන ප්‍රධානියා දැන ගන්නේ එහි මුදල්නෝට්‍ටුවක් නොමැති බවයි...කෙසේවෙතත් ඔහු සිද්ධිය පිළිබඳව පොලිසියට දැනුම් දෙන්නේ, එය පැහැරගත් සොරා ලෙස දෙවෙනි සේවකයාත් ඉදිරිපත් කරමින්...ආයතන ප්‍රධානියා සොරාව නිවැරදිව හඳුනාගත්තේ කෙසේද..?
===================================
ගැටළු අංක : (4) SOLVED by bbpncb
===================================
උතුරු දිශාවේ සිට දකුණු දිශාවට විහිදුනු මාර්ගයක් අසල ඇති එළිමහන් මුර පොළක රාජකාරියේ යොදවා ඇති හමුදා සෙබලුන් දෙදෙනෙක්... එකිනෙකා ස්පර්ෂ නොවෙන ලෙස මොවුන් සිටගෙන සිටින්නේ එක් අයෙකු එක එල්ලේ මාර්ගයේ උතුරු දිශාව දෙස නෙත් යොමාගෙන සිටින අතරේ අනෙකා මාර්ගයේ ඊට විරුද්ධ පැත්ත වන දකුණු දිශාව දෙස නෙත් යොමාගෙන සිටින ලෙසයි...
හදිසියේම එක් භටයෙකු අනෙකා ගෙන් විමසන්නේ ඔහු සිනාසෙන්නේ මන්ද කියායි...සිනාසුණු භටයා හඬ නඟා සිනාසුනේ නැතිනම් ඒ බව අනෙකා දැන ගත්තේ කෙසේද..?
===================================
ගැටළු අංක : (5) SOLVED by මදුශාන්
===================================
ඔබගේ එකම දරුවා තවත් ළමුන් පිරිසක් සමඟ ඔබ නිවසට තරමක් ආසන්නයේ ඇති දුම්රිය මාර්ගයේ ක්‍රීඩා කරමින් සිටිනා අයුරු දකින ඔබ එය අන්තරාදායක බැවින් ඔවුන් එතැනින් ඉවත් කරගැනීම සඳහා ඒ දෙසට පියමනිනු ලබනවා... මංතීරු දෙකකින් යුතු මෙම දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් කලක පටන් පාවිච්චියට නොගෙන අත හැර දමා ඇති අතර අනෙක් මං තීරුව දිනපතා පාවිච්චි කරන්නක්... ළමුන් අතරින් එක් අයෙකු ක්‍රීඩා කරන්නේ අතහැර දමා ඇති මංතීරුවේයි...පාවිච්චියට ගන්නා මංතීරුවේ ඔබගේ දරුවාද ඇතුළුව ළමුන් හතර දෙනෙකු ක්‍රීඩා කරමින් සිටිනවා...
ඒ දෙසට පියනඟන ඔබ දුම්රිය පීළි මාරු කරන ලීවරය අසලදී දකින්නේ ළමුන් දෙසට ධාවනය වන දුම්රියක්... ඔබ තවමත් ළමුන් වෙත ළඟාවී නැති නිසා ඔවුන්ව කෑගසා ඉවත් කරගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක් නැහැ... කළ හැකි එකම දෙය වන්නේ ලීවරය යොදාගෙන දුම්රියේ ගමන්මඟ පාලනය කිරීම පමණයි...
ඔබ කිසිත් නොකර දුම්රියට යන්නට ඉඩ දුනහොත් ඔබ දරුවාද ඇතුළුව බොහෝදුරට ළමුන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙනවා...දුම්රිය අනෙක් මංතීරුවට මාරු කළහොත් ඒ ළමුන් හතර දෙනා බේරාගත හැකි නමුත් අනෙක් ළමයා ජීවිතක්ෂයට පත්වෙනවා...
ඔබගේ තීරණය කුමක්ද..? දුම්රිය එලෙසම ධාවනය වන්නට ඉඩ හරිනවාද? අනෙක් මංතීරුවට මාරු කරනවාද..? පිළිතුරට හේතු පහදන්න...
===================================
ගැටළු අංක : (6) - SOLVED by Anonymous
===================================
ඔබ සිටින්නේ රූපවාහිනී රියැලටි ටීවී අත්දැකීමකයැයි සිතමු...තරඟය ඉතා සරලයි...ඔබ ඉදිරියෙන් ඇත්තේ කවුළු තුනක්...මින් එක් කවුළුවකින් එහා පැත්තේ ඇත්තේ වටිනා මෝටර් රථයක්...අනෙක් කවුළු දෙකෙහි කිසිත් නැහැ...ඔබ කළ යුත්තේ මෝටර් රථය ඇතැයි උපකල්පනය කරන කවුළුව ‍තෝරාගැනීමයි... නමුත් ඔබට ලැබෙන්නේ එක අවස්ථාවක් පමණයි...
ඔබ කවුළු අංක එක ‍තෝරාගත්තා යැයි උපකල්පනය කරමු... තරඟය මෙහෙයවන නිවේදකයා කරන්නේ එය විවෘත කරනවා වෙනුවට කවුළු අංක තුන විවෘත කර පෙන්වීමයි...ඔබගේ වාසනාවට එය හිස් කවුළුවක්...දැන් ඉතිරි කවුළු දෙකින් එකක මෝටර් රථය ඇති බව පැහැදිලියි...මෙහිදී නිවේදකයා ඔබට ලබා දෙන්නේ අපූරු අවස්ථාවක්... එනම් ඔබට අවශ්‍යය නම් ඔබගේ තේරීම වෙනස් කළ හැකියි...
ඉතින් ඔබ කවුළු අංක දෙකට මාරු වෙනවාද... නැතිනම් පළමු තීරණයේම සිටිනවාද...? ඔබගේ තීරණයට හේතුව පැහැදිලි කරන්න...
===================================
ගැටළු අංක : (7) SOLVED by මුහුදු කොල්ලකාරයා
===================================
නිවසක උඩුමහලේ ඇති බල්බ තුනක ස්විචයන් තුන ඇත්තේ පහත මාලයේයි... ස්විචයන් ඇති ස්ථානයේ සිට බල්බ දැක ගැනීමට නොහැකියි... ඔබ කළ යුත්තේ කිනම් ස්විචය කිනම් බල්බයට දැයි හඳුනා ගැනීමයි...කෙසේ වුවත් අභියෝගය නම් ඔබට ඉහත මාලයට ගමන් කිරීමට අවස්ථාව ලැබෙනුයේ එක වාරයක් පමණයි.... මේ සඳහා ඔබ යෝජනා කරන උපක්‍රමය කුමක්ද...
===================================
ගැටළු අංක : (8) SOLVED by මුහුදු කොල්ලකාරයා
===================================
මේ නිවසේම තවත් එක් කාමරයක ඇති විදුලි බල්බයක ස්විචය ඇත්තේ තවත් එවැනි ස්විච් තුනක් ඇති ස්විච් පුවරුවකයි... අභියෝගය වන්නේ ස්විචයන් හතරෙන් බ්ල්බ්ය ක්‍රියාත්මක වීම සඳහා නිවැරදි ස්විචය කුමක්දැයි සොයා ගැනීමයි... පෙර මෙන්ම අවස්ථාව ඇත්තේ එක වරක් පමණක් ඉහල මාලයට ගමන් කිරීමට නම්, නිවැරදි ස්විචය සෙවීමට ඔබ යෝජනා කරන උපක්‍රමය කුමක්ද..?
(UPDATE : මෙම ස්විච් සියල්ලේම බල්බ් ඇත්තේ උඩු මහලේ, පහත මාලයට නොපෙනෙන ලෙසයි…)
===================================
ගැටළු අංක : (9) SOLVED by pathumhdeS
===================================
අතිශයින්ම දක්ෂ තර්කකරුවන් තිදෙනෙකුට අවශ්‍යය වන්නේ ඔවුන් අතරින් වඩාත්ම දක්ශයා ‍තෝරාගැනීමටයි... මේ සඳහා ඔවුන්ගේ ගුරුවරයා වෙත යන ඔවුන් විසඳීමට අපහසු ගැටළුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා...ගුරුවරයා සිදුකරන්නේ අපූරු ක්‍රියාකාරකමක්... ඔවුන් තිදෙනාගේම දෑස් හොඳින් ආවරණයක කරන ගුරුවරයා සෑම පුද්ගලයාගේම නලලේ සුදු හෝ කලු හෝ කතිරයක් සළකුණු කරනු ලබනවා...
ඔවුන්ට ලැබෙන නියෝගය වන්නේ තමන්ගේ දෑස ආවරනය ඉවත් කල විට අනෙක් දෙදෙනාගේ නලලේ ඇති සලකුණු වලින් එකක් හෝ සුදු පැහැයෙන් යුක්ත නම් තමන් අත එසවිය යුතු බවයි...
මෙම අත එසැවීම උපකාරය කරගෙන තර්කකරුවන්  තමන්ගේ නළලෙහි ඇති කතිරයේ පාට තීරණය කළ යුතුයි...අඩුම කාලයකින් නිවැරදි පිළිතුරු දෙන්නා වඩාත් දක්ෂයා ලෙස පිළිගැනෙනවා...
ඔවුන්ගේ එකඟතාවය මත පරීක්ෂණය ආරම්භ වෙනවා...දෑස් ආවරනය ඉවත් කිරීමෙන් පසු තිදෙනාම අත් ඔසවන්නේ ඔවුන් තිදෙනාටම අනෙකුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ හෝ සුදුපැහැති කතිරයක් දර්ශණය වන නිසාවෙන්...
නමුත් එකදු පුද්ගලයෙකුවත් පිළිතුරක් ප්‍රකාශ කරන්නේ නැහැ...අවසානයේ එක් අයෙකු මෙසේ පිළිතුරු දෙනවා, “මගේ නලලේ ඇත්තේ සුදු කතිරයක්...”
ඔහු නිවැරදිව එය හඳුනාගත්තේ කෙසේද..?
===================================
ගැටළු අංක : (10) SOLVED by pathumhdeS
===================================
මෙම ගැටළුවේ තවත් කොටසක් තිබෙනවා... තරඟය අවසානයේ පැරදුනු දෙදෙනා චෝදනා කරන්නේ තමන්ට අසාධාරණයක් සිදුවූ බවයි... එයින් පසු ඔවුන් හතරදෙනාම තීරණය කරනුයේ ඉහත තරඟය අමතක කර සැමදෙනාටම සාධාරණ අවස්තාවන් ලැබෙන ආකාරයේ තරඟයක් නැවත පැවැත්වීමටයි...
ගුරුවරයා මෙවර ඔවුන් වෙත දක්වන්නේ රතුපැහැයෙන් දෙකක්ද කොලපැහැයෙන් තුනක්ද වන සේ හිස්වැසුම් පහක්...ඉන්පසු කාමරයේ ආලෝකය නිවාදමන ඔහු ඉන් හිස්වැසුම් තුනක් ඔවුන් තිදෙනාට පළඳවනු ලබනවා...ඉතිරි හිස්වැසුම් දෙක කාටත් නොපෙනෙන ලෙස සඟවන ඔහු ආලෝකය නැවත ක්‍රියාත්මක කරනවා...තරඟයේ ඇත්තේ සුළු වෙනසක්, අනෙක් දෙදෙනාගේ හිස්වැසුම් වල ඇති පාට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තමාගේ හිසෙහි ඇති හිස්වැසුමෙහි පැහැය නිවැරදිව කියන තැනැත්තා ජයග්‍රාහකයායි...
මෙහිදී සිදුවන්නේ අපූරු දෙයක්...ගුරුවරයා නැවත ආලෝකය ක්‍රියාත්මක කිරීමටත් ප්‍රථමයෙන් අනෙක් දෙදෙනාගේ හිස්වැසුම් නිරීක්ෂණය නොකරම, කලින් තරඟයේ ජයග්‍රාහකයා නිවැරදිව තම හිස් වැසුමේ වර්ණය සඳහන් කරන්නේ සියළු දෙනා පුදුමයට පත් කරන අතරේම තමා වඩාත් දක්ෂයා බව සනාථ කරමින්...ඔහු තම හිස්වැසුමේ පැහැය නිවැරදිව තීරණය කළේ කෙසේදැයි ඔබට පැහැදිලි කල හැකිද..?
===================================
ගැටළු අංක : (11) SOLVED by කඩේ හාමිනේ
===================================
තට්‍ටුනිවාසයක දොළොස්වන මහලේ ඇති නිවසක ජීවත් වන මිනිසෙකුට ඇත්තේ පුදුමාකාර පුරුද්දක්... දිනපතා උදෑසන ‍රැකියාවට යද්දී දොලොස්වන මහලේ සිට බිම් මහලට විදුලි සෝපානයේ ගමන් කරන ඔහු, ‍රැකියාව අවසන්වී නිවසට පැමිණෙද්දී බිම් මහලේ සිට දොලොස් වන මහලට කෙලින්ම ගමන් කරනුයේ සෝපානයේ තවකෙකු ඇත්නම් හෝ එදින වැසි දිනයක් නම් පමණයි...
එසේ නැතිනම් දස වෙනි මහල දක්වා පමණක් විදුලි සෝපානයේ ගමන් කරන ඔහු ඉතිරි මහල් දෙක ගමන් කරන්නේ තරප්පු පෙල දිගේයි...
මොහුගේ මේ හැසිරීමට හේතුවක් ඔබට විස්තර කල හැකිද..?
===================================
ගැටළු අංක : (12) - SOLVED by Anonymous
===================================
එක්තරා සුරූපී තරුණියකට තම මවගේ අවමංගල්ය උත්සවය දිනයේදී එයට සහභාගී වීමට පැමිණි කඩවසම් තරුණයෙකු මුණගැසෙනවා...දු‍ටු සැනින් ඔහු පිළිබඳව සිතක් පහල කරගන්නා ඇය හට අවාසනාවකට ඔහු හා කතා කිරීමට හෝ දුරකථන අංකයක් ඉල්ලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන්නේ කාර්යබහුලත්වන නිසායි...කෙසේ වුවත් ඇය සිය හදවතින්ම ඔහු හා පෙමින් බැ‍ඳෙනවා...
මින් දින කිහිපයකට පසු ඇයගේ සොයුරිය ඝාතනයට ලක්කෙරෙන අතර, පොලිසියෙන් සොයා ගන්නේ මෙම ඝාතනය සිදුකර ඇත්තේ මෙම කාන්තාව විසින් බවයි....
ඇයට මෙසේ සිදු කිරීමට හේතුවක් ඔබට උපකල්පනය කල හැකිද..?
===================================
ගැටළු අංක : (14) SOLVED by Anonymous
===================================
නොදන්නා රටක සවාරියක් යන ඔබ එහිදී නොකල වරදකට සිරගත වෙනවා...මෙම රාජ්‍යය පාලනය කරනුයේ කෲර රජ කෙනෙක්... ඔබත් ඇතුළුව සිරකරුවෙන් විසිදෙනෙකුට ඔහු අමානුෂික ලෙස මරණ දණ්ඩනය නියම කරනු ලබනවා... නමුත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන දිනයට පෙරදිනයේ ඔබ සියළු දෙනා මුණගැසෙන ඔහු දිවි ගලවා ගැනීම සඳහා අපූරු අවස්ථාවක් ලබා දෙනවා... තර්කශාස්ත්‍රයේ කෙළ පැමිණියෙක් වූ ඔහුගේ පණිවුඩය මෙසේයි...
" මම උඹලාට නිදහස් වෙන්නට එක අවස්ථාවක් හෙට දිනයේ දෙන්න කැමතියි...හැබැයි මේක පුංචි සෙල්ලමක්...මෙහෙමයි වෙන්නේ...
අපි ඉස්සෙල්ලාම කරන්නේ උඹලා විසි දෙනාවම එක පේළියට හිටවන එකයි... ඊට පස්සේ අපි උඹලා හැම එකාගෙම ඔළුවට තොප්පිය බැගින් දමනවා...මේක රතු තොප්පියක් වෙන්නත් පුළුවන් නිල් තොප්පියක් වෙන්නත් පුළුවන්...හැබැයි එකෙකුටවත් තමන්ගේ තොප්පියේ පාට බලන්න තහනම්... උඹලට පේන්නේ තමන්ගේ ඉස්සරහා ඉන්න උන්ගේ තොප්පි වල පාට විතරයි...ආපහු හැරිලා බලන්න බැහැ...සිග්නල් දෙන්න කතා, කරන්න මොකුත් බැහැ...
හරියටම කිව්වොත් අන්තිම එකාට තොප්පි දහනවයක් පේනවා, ඊළඟ එකාට තොප්පි දහ අටක් පේනවා ඔන්න ඔය විදියයි....පළවෙනි එකාට එක තොප්පියක්වත් පේන්නේ නෑ…
අපි වැඩේ පටන්ගන්නේ පෝලිමේ අන්තිම එකාගෙන්... ඉස්සරහා ඉන්න උන්ගේ තොප්පි ටික බලලා ඌ කියන්න ඕනේ තමන්ගේ තොප්පියේ පාට... හරියට කිව්වොත් ඌ නිදහස්...නැත්තම් ෆ්ලැකෑන්ස්...
ඊළඟට එනවා දහ නව වෙනියට...ඌටත් ඒ විදියමයි... මේ විදියට අපි පළවෙනි එකා වෙනකල්ම එනවා... පැහැදිලියිනේ.... උඹලා අද රෑ එළි වෙනකල් හරි කල්පනා කරලා ගැලවෙන්න ක්‍රමයක් හදා ගනිල්ලා...
මතකනේ...නෝ කතා නෝ සිනා නෝ සිග්නල්...කියන්න පුළුවන් එකම දේ තමන්ගේ තොප්පියේ පාට විතරයි...ඒකත් අහනකල් ඉන්න ඕනේ... උඹලට අදහන දෙයියෙක්ගේ පිහිටයි.... බුහාහා හාහා....!!!!"
තමා පරිඝණක තාක්ෂණය, බ්ලොග් ලිවීම වැනි දේ ගැන හෙම දන්නා තරමක බුද්ධිමතෙක් බව ඔබ මීට පෙර අනෙක් සිරකරුවන්ට පාරම් බා ඇති නිසා ඔවුන් සියළුදෙනාම විසඳුමක් සෙවීම සඳහා ඒකමතිකව ගැටළුව භාර දෙන්නේ ඔබටයි...
නිදහස්වීම සඳහා ඔබගේ උපාය කුමක්ද...?
===================================
ගැටළු අංක : (15)
===================================
මේ ගැටළුව ඉතා මෑතකදී මම අහුලා ගත්තේ කතන්දරගේ කමෙන්‍ටුවකින්... ඉතින් මෙහි අයිතිය සම්පූර්ණයෙන්ම ඔහු සතුයි... නිවැරදි පිළිතුරේ වගකීමත් කතන්දරම දරාගනීවි යැයි සිතමු...
මේ කතන්දරගේ වචන;
“මෙන්න මගෙන් IQ ප්‍රශ්නයක්. හැබැයි තත්පර පහක් ඇතුලත මනෝමයෙන් (කොල, පන්සල්, කැල්කියුලේටර් භාවිතයෙන් තොරව) උත්තර දෙන්න ඕනෑ. බැයි නං IQ Test පරාදයි.

ළමුන් 30 දෙනෙකුගෙන් යුත් පන්තියක පහලොස් (15) දෙනෙක් ලඟ රතු පෑන් තිබේ. අල්ලපු පන්තියේ ළමෝ හතලිස් දෙදෙනෙක් (42) සිටිති. ඔවුන් ලඟ රතු පෑන් කීයක් තිබේද?”
===================================

මේතාක් ගැටළු ඔබ සාර්ථකව විසඳුවානම් මගේ හදපතුළෙන් නැ‍ඟෙන සුභ පැතුම් පිළිගන්න... ඔබට බුද්ධිමත් බවේ කිරුළු පළන්දන අවසන් ගැටළුව එසේනම් විසඳමු...

===================================
කිරුළු පළන්දන ගැටළුව
===================================
එක්තරා අධ්‍යාත්මික යෝගීවරු තිදෙනෙකු සිටිනවා... මින් එක් අයෙක් හැමවිටම ඇත්ත කියන අයෙක්, අනෙක් යෝගීවරයා හැමවිටම බොරු කියන අයෙක්...තුන්වෙනියා විටෙක ඇත්තද විටෙක බොරුද කියන අයෙක්...
ඔබට උපරිම වශයෙන් මොවුන් වෙත ඔව්  හෝ නෑ යන වචන දෙකින් පමණක් පිළිතුරු දියහැකි ගැටළු තුනක් යොමු කල හැකියි... ඔබගේ අභියෝගය වන්නේ ප්‍රශ්ණ තුන යොදාගෙන බොරු කියන යෝගියා කවුද, ඇත්ත කියන යෝගියා කව්ද, විටෙක බොරුද විටෙක ඇත්තද කියනා යෝගියා කව්දැයි හඳුනා ගැනීමයි...
ආහ්... කියන්නට අතපසු වූ තවත් යමක් නම්, මෙම යෝගීන් තිදෙනාටම හොඳින් සිංහල තේරුනත් සිංහලෙන් පිළිතුරු දීමට නොහැකියි...ඔවුන් පිළිතුරු දෙන්නේ ඔවුන්ගේ භාෂාවෙන්...නමුත් එක් වාසියකට ඇත්තේ ඔබ ඇසියයුතු ගැටළු වලට පිළිතුර ඔව් හෝ නෑ පමණක් වන නිසා ඔවුන් පිළිතුරු දෙන්නේ වචන දෙකකින් පමණයි...
ඉන් එක් වචනයක්  'ජිල්...' අනෙක් වචනය 'බුහ්...'
අවාසනාවකට අප මෙම භාෂාව නොදන්නා නිස 'ජිල්' යන්නෙහි තේරුමත්, 'බුහ්' යන්නෙහි තේරුමත් අපි දන්නේ නැහැ...  සමාන්‍යදැනීමෙන් අපට වටහා ගතහැකි දෙය නම්  'ජිල්' යන්නෙහි තේරුම 'ඔව්' නම් 'බුහ්' යන්නෙහි තේරුම අනිවාර්යෙන්ම  'නෑ' වියයුතුයි... ඒ ආකාරයෙන්ම 'බුහ්' යන්නෙහි තේරුම 'ඔව්' නම් 'ජිල්' යන්නෙහි තේරුම අනිවාර්යෙන්ම 'නෑ' වියයුතුයි...
යෝගීන් තිදෙනා හඳුනා ගැනීම ඔබට බාරයි...
(ඉඟිය : මෙය විහිළුවක් නොවේ... ඉහත දත්ත යොදාගෙන මෙය යෝගීන් තිදෙනා සාර්ථකව හඳුනාගත හැකි ලෙස විසඳිය හැකි ගැටළුවකි...)
===================================

64 comments :

  1. මා අසා ඇති පරිදි 12 ට පිළිතුර වන්නේ යලි එම සුරූපි තරුණිය මුණ ගැසීම සඳහා මරණය කල බවයි(මෙය යමෙක් තුල මිනී මැරීමේ චේතනාවක් ඇත්දැයි පිරික්සීමට යොදා ගනී).

    නමුත් සම්මුඛ පරීක්ෂණයකට මෙවන් ප්‍රශ්ණයක් ඇසීම අභව්‍ය බවයි මගේ අදහස(පොලීසිය මිනීමරුවෙක් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන විටම හැර).

    ReplyDelete
  2. ගැටළු අංක : (6) Monty Hall ලෙස හැඳින්වේ.
    මෙහිදී මාරු වුවහොත් 2/3 සම්භාවිතයක්ද රැඳී සිටිය හොත් 1/3 සම්භාවිතයක්ද වේ.

    ReplyDelete
  3. පිළිතුරු type කිරීමට කම්මැලි බැවින් පහසු වෙලාවක නිවාඩු පාඩුවේ අනික් පිළිතුරු type කරමි.

    ReplyDelete
  4. ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි...වෙලාව ඇති විටෙක පිළිතුරු දමන්න...

    එම ගැටළු දෙකට මා දන්නා පිළිතුරුත් ඒවාමයි... පලමු පිළිතුරේ එම තරුණයා නැවත පැමිණේයැයි බලාපොරොත්තුවෙන් මරණය සිදු කල බව සටහන් කරමු...

    මින් බොහොමයක් සම්මුඛපරීක්ෂණයක ඇසිය හැකි ඒවා නොවෙයි... තමා මේවායේ පිළිතුර දැන සිටියේ නැත්නම් සාමාන්‍යය පුද්ගලයෙකුට මින් සමහර ගැටළු විසඳීමට විශාල කාලයක් ගත වේවි...

    සම්මුඛපරීක්ෂණයක් සම්බන්ධව මා කලින් ලියූ ලිපියකට ලැබුණු ඊමේල් පණිවුඩයකින් මේ ලිපියට අඩිතාලම වැ‍ටුණා හැරෙන්නට මින් ගැටළු රාශියක් සම්මුඛපරීක්ෂණයට ප්‍රායෝගික යැයි මමත් හිතන්නේ නැහැ... කියවන්නාට වැරදි අදහසක් ලබාදීම ගැන සමාවෙන්න...

    ReplyDelete
  5. හා ඔය තියෙන්නෙ දාලා .....
    එහෙනම් දන්න අය උත්තර දෙමුකෝ බලන්න ...

    ReplyDelete
  6. ගැටළු අංක :(1)
    තම මිතුරාට වයසක කාන්තාව සමග වාහනයේ යෑමට සලස්වා බස් රථයක් පැමිනෙන තුරු සිහින කුමරිය සමග කාලය ගත කරනවා.

    ReplyDelete
  7. ගැටළු අංක : (2)
    පිළිතුර බ්‍රහස්පතින්දා
    පළමු යෝගියා බ්‍රහස්පතින්දා බොරු නොකියන දවසක්. එම නිසා "ඊයේ මම බොරු කියන දවසක්" යනු ඇත්තකි.
    සෙවන යෝගියා බ්‍රහස්පතින්දා බොරු කියන දවසක්. එම නිසා "ඊයේ මමත් බොරු කියන දවසක්" යන්න බොරුවකි.

    ReplyDelete
  8. ගැටළු අංක : (3)
    පිටු අංක 45 හා 46 යනු එකම කොලයේ දෙපැත්තයි.

    ReplyDelete
  9. @bbpncb නියමා.....යි..!!! පිළිතුරු තුනම භාරගන්නවා... වෙලාව තියේ නම් ඉතිරි ටිකත් ට්‍රයි කරමු එහෙනම්...

    ReplyDelete
  10. ගැටළු අංක : (4)
    සෙබළුන් දෙදෙනා උතුරු හා දකුණු දිසා එක එල්ලේ බලා සිටින බව සදහන්ව තිබුනත් එකිනෙකාට පිටුපා සිටින බවක් දක්වා නෑ. ඔවුන් සිටින්නේ එකිනෙකාට මුහුනලා විය යුතුය.

    ReplyDelete
  11. @bbpncb ඒකත් හරි... පැන්ටෑස්ටික්... :)

    ReplyDelete
  12. එවරස්ට් කන්ද සොයා ගැනීමට කලින් ලෝකයේ උසම කන්ද උනත් ඉතින් එව‍රස්ට්ම තමයි. :D

    එක මනුස්සයෙක් කූඩෙත් එක්කම ඇපල් ගෙඩිය ගත්තද දන්නෙ නෑ..:D

    මම හිතන්නෙ රෝද 4 හුලන් ටිකක් විත‍ර බැස්සුවනම් අර උමග යටින් බැරල් පුරවපු ලොරියට යන්න පුලුවන් වෙයි.

    තුන් දෙනාම අත උස්සනවා කියන්නෙ හැමෝගෙන නලලෙ තිබිලා තියෙනෙන් සුදු කතිරයක් නේද?


    මමනම් ඔට්ටුව බාර ගන්නවා. ඔට්ටුව දිනුවම මට තව 1000ක් හම්බ වෙනවනෙ. එතකොට මගෙන් සත පහක්වත් වියදම් වෙලා නෑ. :D

    ReplyDelete
  13. @අනුරාධ එලකිරි මචං... පළවෙනි පිළිතුරු තුනම භාර ගත්තා...

    ගැටළු අංක : (9) සම්බන්ධයෙන්... තිදෙනාගේම නළලේ සුදු කතිර තුබුණා වෙන්නට පුළුවන්... නමුත් දක්ෂයා තමාගේ නළලේ ඇත්තේ සුදු කතිරයක් යැයි තීරණය කලේ කෙසේද යන්නට පැහැදිලි කිරීමක් අවශ්‍යයයි...

    වෝම් අප් වටය (f.) ගැටළුව සම්බන්ධයෙන් ... ඒක හොඳින් තව පාරක් කියවපන් වෙලාව ඇත්නම්... :)

    ReplyDelete
  14. ගැටලු අංක දෙකට පිලිතුර බ්‍රහස්පතින්දා දිනයක් මං හිතන්නෙ

    ReplyDelete
  15. කඩේ හාමිනේත් නිවැරදියි... එය මේ වන විටත් විසඳලා නිසා නොවිසුඳුනු ගැටළුවකට ට්‍රයි එකක් දෙන්න... :)

    ReplyDelete
  16. F-ඒ ඔට්‍ටුව බාරගන්නැහැ.මොකද අපට අසාධාරණයක් වෙන නිසා.අපි 2000ක් දුන්නම එයා අපට 3000ක් දෙනවා.එතකොට අපි තව රු.1000ක් එයාට දෙන්න ඔනේ.අපිට අවාසියි නෙ.රු.3000ම එයාට යනවා.අපිට කීයක්වත් නෑ

    ReplyDelete
  17. ගැටලු අංක 11-එයා උස 10 වැනි මහල පෙන්නන ස්විට්චයට පමණයි,ඒ නිසා එයා 10 වැනි තට්‍ටුවට ගිහින් අනිත් ටික පඩි නැගලා යනවා.ඒත් වැහි දවසෙ කතාව නම් තෙරුන්නැහැ

    ReplyDelete
  18. පහල තියන ස්විච් තුන වෙන වෙනම එක එක පාරට දානව.. දාල පහල තියන බල්බ් වැඩ කරනවද බලනව..ඊට පස්සෙ වැඩ කරන්නෙ නැති ස්විච් එක දානව.. ඒක තමයි උඩ එක.. එතකොට උඩට යන්න ඕනෙ නෑ

    කොහොමද මගෙ ටිකිරි මොලේ :D :D

    ReplyDelete
  19. (F.) මම හිතුවේ මේ ගැටළුව අනෙක් ඒවාට සාපේක්ෂව ගොඩක් ලේසි කියලා... ඒත් දැන් කඩේ හාමිනෙත් එක්ක දෙන්නෙක් වැ‍රැද්දුවා...

    ගැටලු අංක 11 : මේ ටික තේරුවා නම් ඉතිරි කෑල්ල ‍තෝරන්න බැරිවෙන්න කොහොමවත් විදියක් නෑ... තව පොඩ්ඩක් හිතලා ඒකත් දැම්මම, ගැටළුව විසඳුවේ කඩේ හාමිනේ කියලා අප්ඩේට් කරන්නම්...

    ReplyDelete
  20. 11 ගැටලුවට උත්තරයක් තියේ ඒ උනාට මෝඩ උත්තරයක්.වැහි දවසට එයා ගාව කුඩේ තියෙනවනෙ.එයා අත දිග නැති හරියට කුඩේ උස්සල ඒ ස්විට්ච් එක ඔබනව ඇති :D

    ReplyDelete
  21. ගැටලු අංක 9
    පිලිතුර හරියට කිව්ව කෙනා ඇස් ඇරියම දකිනව අනෙක් එක්කෙනෙකුගෙ විතරයි සුදු කතිරයක් තියෙන්නෙ.ඒත් ඒ සුදු කතිරය තියන කෙනත් අත් උස්සගෙන
    ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම මගෙත් තියෙන්නෙ සුදු කතිරයක් කියල

    ReplyDelete
  22. @සහෝධරයා රිංගුවා නේද හිලකින්... :D

    ඔන්න එහෙනම් ප්‍රශ්නේ වැඩි දියුණුකරනවා මෙමෙ ස්විච් සියල්ලේම බල්බ් ඇත්තේ උඩු මහලේයි...

    ReplyDelete
  23. F ගැටලුව නම් අනේ මන්ද.මං නම් මොනා උනත් ඔට්‍ටුව බාරගන්නැහැ ඉතින්..ඔට්‍ටුව ඇල්ලුවොත් මුලින්ම අපි 2000ක් දෙනවා එයාට.එතකොට එයා අපට 3000ක් දෙනවා ඔට්‍ටුවෙ හැටියට.අපි තව රු.1000ක් ඔට්‍ටු අල්ලලා තියෙනවනෙ.එයා 3000ක් දුන්න නිසා අපි ආයෙ 1000ක් දෙනවා එයාට.එතකොට අපෙන් 3000ක් ගිහින් අපිටත් 3000ක් ඇවිත්.පාඩුත් නෑ වාසිත් නෑ.කැමති කෙනෙක්ට ඔන්නම් ඔට්‍ටුව ඇල්ලුවහැකි පරදින්නැහැනෙ.හික්..ලේසි උනාට ඒ ප්‍රශ්නෙ නම් මට බැරියෝ

    ReplyDelete
  24. කඩේ හාමිනේ එකොළොස්වෙනි ගැටළුව සාර්ථකව විසඳන ලදී... මගේ සුභපැතුම්... :)

    @සහෝධරයා අනෙක් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පමණක් සුදු කතිරයක් ඇත්නම් ඔබ කියන දේ නිවැරදියි ... නමුත් ගැටළුවේ එවැනි දත්තයක් සඳහන් වී නෑ... සඳහන් වෙන්නේ තිදෙනාම අත ඔසවා ඇති බව පමණයි... ගැටළුවේ සඳහන් වී ඇති දත්ත පමණක් යොදාගෙන මෙය විසඳිය හැකියි...

    ReplyDelete
  25. මමත් ඔට්ටුව බාර ගන්නෙ නෑ
    එයා කියන්නෙ අපි එයාට 2000ක් දුන්නොත් එයා අපිට 3000ක් දෙනව කියල
    එයා 3000ක් දුන්නොත් ඒත් අපිට 1000ක් ආයෙත් දෙන්න වෙනව
    එතකොට ලාබයක් වත් පාඩුවක්වත් නෑ
    හැබැයි නොදුන්නොත් අපිට රු2000ක් පාඩුයි.ඉතින් කිසිම ලාභයක් නැතිව අපි මොකටද සල්ලි වලට රිස්ක් එකක් ගන්නෙ :D

    ReplyDelete
  26. වෝම් අප් E-ඉතින් කාමරේ ලෝහමය වස්තු නැති උනාට දොරේ අගුල යකඩ නෙ.අගුලට ලං කරල බලනව.කාන්දම නම් ඇලෙයි නෙ.හි හි..

    ReplyDelete
  27. වෝම් අප් F- නිවැරදි පිළිතුර සහෝධරයාගෙන්... පාඩුව වන්නේ රු2000 නොව රු1000 ක්...

    වඩාත් පැහැදිලි කලොත් ඔබගෙන් රු2000 ගන්නා ඔහු මම ඔට්‍ටුව පරාදයි කියා රු1000 ක් ආපසු දුන්නොත් ඔබට රු1000ක් පාඩුයි...

    ReplyDelete
  28. @කඩේ හාමිනේ... ලෝහමය වස්තු නෑ කිව්වේ අගුලත් එක්කමයි... :P

    ReplyDelete
  29. වෝම් අප් e - ඔතන පටියක් කියල තියෙන නිසා ඒව නවන්ඩ පුළුවන් කියල උපකල්පනය කරන්ඩ පුලුවන්ද? එහෙම පුළුවන් නම්, කාන්දම හොයා ගන්න එක ලේසියි. එක නැව්වම ධ්‍රැව දෙක දෙපැත්තට යන්න බලනව.

    ReplyDelete
  30. අංක 7 - එක ස්විච් එකක් දාල ටිකක් ඉන්නව. ඊට පස්සේ ඒක ඔෆ් කරල. ඉතුරු දෙකෙන් එකක් දාල උඩට යනව.
    1. බල්බ් එක ඔෆ් හැබැයි රත් වෙලානන් පලවෙනි ස්විච් එක.
    2. බල්බ් එක ඔන් නං දාල තියෙන ස්විච් එක.
    3. බල්බ් එක ඔෆ් නං ඔෆ් කරල තියෙන ස්විච් එක.

    ReplyDelete
  31. Q9:
    මෙහෙමයි,
    අපි පුද්ගලයෝ 3 දෙනා 1,2,3 කියල කියමුකෝ.
    තුන්දෙනාම සුදු පාට දකිනවා. ඇත උස්සනවා. 1 පුද්ගලයා කියනවා සුදු පාට එයට ත්යිඑන්නේ කියල.
    හේතුව එය දකිනවා. 2,3 අය ගාව එක්කෙනෙක් කළු අනික සුදු. ඉතින් අර 2,න් සුදු කතිරේ තියෙන කෙනා ඇත උස්සන්නේ එයා සුදු පට දකින නිසානේ.
    දකින්න තියෙන්නේ 1 එක්කනගේ විතරයිනේ. මොකද එයට පෙන අනික කලුයිනේ.

    ReplyDelete
  32. @මුහුදු කොල්ලකාරයා ඔබගේ උත්සාහය නිවැරදියි... මම නිදිමතේ මෙතැන වැ‍රැද්දක් කර තිබෙනවා... පටි කියන වචනේ වැරදියි... ඒක ප්‍රායෝගිකත් නැහැ...

    ගොඩක් ස්තුතියි, සමාවෙන්න මම ඒ වැ‍රැද්ද හදන්නම්... නිවැරදි වචනය වෙන්න ඕනේ දණ්ඩ කියන එක මම හිතන්නේ... කරුණාකර ඒ ප්‍රශ්ණය නැවත උත්සාහකරන්න...

    ReplyDelete
  33. ගැටළු අංක 7 ට මුහුදු කොල්ලකාරයාගේ පිළිතුර නිවැරදියි... :)

    ReplyDelete
  34. අංක 8 - මේක අංක 7 තියරිය පාවිච්චි කරල, විදේශ ආධාරත් අරගෙන හෙව්වෙ.
    ස්විච් අංක 1 සහ 2 ඔන් කරල ටිකක් වෙලා ඉන්නව. ඊට පස්සේ 1 ඔෆ් කරල 3 ඔන් කරල ඉක්මනට උඩට යනව. මෙන්න වෙන්න පුළුවන් අවස්ථා 4.
    1. බල්බ් එක ඔෆ්. සීතලයි - ස්විච් අංක 4
    2. බල්බ් එක ඔන්, හැබැයි රත් වෙලා නෑ - ස්විච් අංක 3
    3. බල්බ් එක ඔන්, ඒ වගේම රත් වෙලා - ස්විච් අංක 2
    4. බල්බ් එක ඔෆ්, හැබැයි රත් වෙලා - ස්විච් අංක 1

    ReplyDelete
  35. @Grey Q9 - සහෝධරයා ලබා දුන්නේත් ඔය පිළිතුරමයි...

    අමතක නොකල යුතු කරුණ මෙහිදී අනෙක් දෙදෙනාම නිහඬ වූ බවයි... ඔබ කියනා අවස්ථාවට අනුව දෙවෙනියාටත් නිවැරදිව පිළිතුරු දිය හැකිව තිබුණා... නමුත් බුද්ධිමත් ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙකු නිහඬ වූයේ ඔවුන් දෙදෙනාට පිළිතුරු දිය නොහැකි නිසා විය යුතුයි...

    තව උත්සාහයක් ගන්න මීට වඩා සාර්ථක පිළිතුරක් තිබෙනවා...

    ReplyDelete
  36. ගැටළු අංක 8 ජයග්‍රහණයත් මුහුදු කොල්ලකාරයාට... ජයවේවා..! :D

    ReplyDelete
  37. වෝම් අප් වටය
    (b) 1/3 නෙවෙයිද? මම ඒක ගත්තෙ අර මොකක්ද කුනු සම්භාවිතා ප්‍රමේයක් දාල මට ඒකෙ නම මතක නෑනෙ :( :(

    ගැටළු අංක : (5)
    යන පාරෙම යන්න අරිනවා..
    මොකද ඒ පරෙ ලමයි 4යි කවුරු හරි කෝච්චිය දකින්න තියන සම්භාවිතාවය වැඩි..අනික නිතරම කොච්චි යන පාරක් හන්දා ලමයි විමසිල්ලෙන් ඉන්නෙ කෝච්චියක් එයි කියලා..
    හැරෙව්වොත් ඒ ලමයට අබ සරනයි..ඒ ලමයා ජීවිතේට හිතන්නෙ නෑනෙ ඒ පාරෙ කෝච්චියක් එයි කියලා..සද්දෙ ඇහිලා බලනකොට අයින් වෙන්න කාලය මදි වගේ නෙහ්?

    ගැටළු අංක : (8)
    ඉස්සල්ලාම සුවිච් 2ක් දානවා...දාල ටිකක් තියෙන්න අරිනවා.ඊට පස්සෙ ඒදෙක නිමලා කලින් දාපු සුවිච් එකක් එක්ක දාපු නැති එකක් දානවා..ඊට පස්සෙ දුවනවා උඩට..බලුබ් එක අල්ලලා බලනවා රත් වෙලාද කියලා..
    බලුබ් එක රත් වෙලා විතරක්නම් පලවෙනි පාර දාලා දෙවනි පාර දාපු නැති සුවිච් එක..
    රත් වෙලා සහ පත්තු වෙලා දෙකමනම් දෙපාරම දාපු සුවිච් එක..
    රත් වෙලා නෑ පත්තු වෙලා විතරනම් දෙවනි පාර විතරක් දාපු එක..
    මුකුත්ම වෙලා නැත්නම් නොදාම හිටපු එක...හරිද??

    ReplyDelete
  38. හප්පොයි මම කල්පනා කරනකොට මංකොල්ල කාරයා උත්තරෙ දාලා :P :P

    ReplyDelete
  39. ගැටලු අංක 15 වට කියන්න තියෙන්නෙ ඉතින් එහා පන්තියෙ උන් ගාව රතු පෑන් නෑ!!...හික්෴෴෴ඒ ටිකත් එක්ක තමා මේ පන්තියෙ 15..මොකද අපි කලේ ඕකනෙ නැති ඒවා එහා පන්තියෙන් ඉල්ලනවා...

    ReplyDelete
  40. @මදුශාන්

    වෝම් අප් වටය (b)
    පිළිතුර නිවැරදියි... ජය වේවා...

    ගැටළු අංක : (5)
    මේකත් හරි... මඟහැරුණු තවත් කරුණක් වෙන්නේ පාවිච්චියට නොගන්නා පාරකට දුම්රිය හැරවීමෙන් දුම්රියේ ගමන් කරන්නන්ට ඇතිවෙන අවදානම...

    ගැටළු අංක : (8)
    මේකත් හරි... මුහුදු කොල්ලකාරයා තේරුවා... :)

    ReplyDelete
  41. කිරුළු පළදන ප්‍රශ්නේ
    පලවෙනියව පෙන්නලා අහනවා තුන් දෙනාගෙනම මෙයද ඇත්තයි බොරුයි කියන එක කියල..
    දෙවෙනියගෙනුත් එක අහනවා
    තුන්වෙනියගෙනුත් එක අහනවා
    ඔතනදි දෙන්නෙක් එකම වචෙනේ දෙපාරක් එක දිගට කියාවි. අනික මාරුවෙන් මාරුවට කියාවි.
    අන්න එක තමා මාරු වේවි කියන එකා.
    එයා ඒ ප්‍රශ්නේ එයාගෙන් අහපුවම කියන උත්තරේ අනුව අපිට දැනගන්න පුළුවන් එකට උත්තරේ දීල තියෙන්නේ ඇත්තද බොරුද කියල. එකා දන්නවා කියන්නේ ජිල් බුම් දෙකේ තේරුම දන්නවා.
    ඒ වගේම තමා එයා අනිත් ප්‍රශ්න දෙකට දීපු උත්තරවල තේරුමත් දන්නවා.
    එකා මත අපිට කියන්න පුළුවන් ඇත්ත කියපු එක්කෙනයි බොරු කියපු එක්කෙනයි.
    තේරුනාද මන්ද...
    පැහැදිලි නැත්නම් කියන්න මම පැහැදිලි කරන්නම්.

    ReplyDelete
  42. //ඔතනදි දෙන්නෙක් එකම වචෙනේ දෙපාරක් එක දිගට කියාවි...//

    මට මේ කොටස පැහැදිලි මදි... ... තුන්දෙනාගෙන්ම ප්‍රශ්ණ කරනවානම් එක් අයෙක්ගෙන් ඇසිය හැක්කේ ඇසිය හැක්කේ එක් ප්‍රශ්ණයක් පමණයි, එක් අයෙකුගෙන් ලැබෙන්නේත් එක පිළිතුරක් පමණයි... එය ජිල් හෝ බුහ් වෙන්න පුළුවන්... එකම වචනේ දෙපාරක් කියන්න අවස්ථාවක් ලැබෙනේ කොහොමද..? පොඩ්ඩක් පැහැදිලි කරනවද..?

    උපරිම ප්‍රශ්ණ තුන නිසා, අවශ්‍යනම් එක් අයෙකුගෙන් ප්‍රශ්ණ දෙකක් අහන්නත් පුළුවන්... නමුත් එහෙම වුනොත් අනෙක් දෙදෙනාගන් ප්‍රශ්න කරන්න වෙන්නේ එක් අයෙක්ගෙන් විතරයි...

    ReplyDelete
  43. ඔතනදි ප්‍රශ්න තුනක් කියන්නේ උත්තර නවයක් නෙවෙයිද? මම හිතුවේ එහෙම.
    අනික මම හිතුව අර විටක ඇත්ත විටක බොරු කියන ඩයල් එක උත්තර දෙන්නේ මාරුවෙන් මාරුවට කියල. ඒ කියන්නේ ඇත්ත උත්තරයයි, බොරු උත්තරයයි.

    ReplyDelete
  44. වෝම් අප්

    e - පෘථිවි ගුරුත්ව ක්ෂේත්‍රය නිසා කාන්දම් දණ්ඩ නිදහසේ තියෙන්න සැලැස්සුවොත් හැම වෙලේම එකම දිශාවකට හැරෙනවා. අපට දඬු දෙකම වරින් වර අනෙක් දණ්ඩ මත නිදහසේ සමතුලිත කරන්න පුළුවන් නම් හැමවෙලේම එකම පැත්තකට හැරෙන්නෙ කෝකද කියල බලාගන්න පුළුවන්!

    ReplyDelete
  45. කාන්දම හොයන ප්‍රශ්නේ,
    අපි ගාව තියෙන දඬු දෙකෙන් එකක් පොලවෙ ගහල කෑලි දෙකකට කඩනවා. ඊටපස්සෙ ඒ කෑලි දෙක එකට ළං කරල එක කෑල්ලක් වටේටම හරවනවා. එතකොට අර විකර්ශන බලය අතට දැනෙනවනම් අපි පොලවෙ ගහපු එක කාන්දම. එහෙම දැනෙන්නෙ නැත්නම් ඒක යකඩ කෑල්ල. හරිද මන්ද..

    ReplyDelete
  46. ගැටලු අංක 10
    හැම කෙනෙකුටම සමාන අවස්ථාවක් ලබා දෙන්න නම් ගුරුවරයා තුන් දෙනාටම සමාන වර්ණ ඇති තොප්පි පැළඳවිය යුතුයි. එසේ නොවුනහොත් පෙර ගැටලුවේදී ඇති වුණ තත්ත්වයම ඇති විය හැකියි. මේ බව තේරුම් ගත් ජයග්‍රාහකයා කිසිම නිරීක්ෂණයක් නැතිවම කොළ පැහැය තෝරගන්න ඇති.

    මේක අනුමානයක් පමණක්. හරිද දන්නෙ නෑ.
    -pathumhdeS

    ReplyDelete
  47. ගැටලු අංක 9
    (1) පැහැදිලිවම දෙදෙනෙකුගේම කතිර කලු පැහැ විය ‍නොහැකියි. (තිදෙනාම එක සුදු පැහැ කතිරයක් හෝ දුටු නිසා)

    (2) එක් අයකුගේ කතිරයක් ‍කලු පැහැ වූයේ නම් තිදෙනාම බුද්ධිමතුන් නිසා අනිත් දෙදෙ‍නාට පහසුවෙන්ම තමන්ගේ කතිරය සුදු බව අවබෝධ කර ගත හැකියි. එසේ නොවීමෙන් පැහැදිලි වන්නේ එක් අයකුගේවත් කතිරයක් කලු පැහැ නොවූ බවයි.

    තිදෙනාම බුද්ධිමතුන් වුවත් දෙවනුව කිවු කරුණ පළමුව තේරුම් ගත් තැනැත්තා ජයග්‍රහණය කරන්න ඇති.

    ඊලඟ ගැටලුවෙ තියෙන විදියට මේ ක්‍රමය නිසා අනිත් දෙදෙනාට අසාධාරණයක් උනාලු. ඒත් තුන් දෙනාගෙම තිබුණෙ සුදු කතිර නම් අසාධාරණ වෙන්නේ කොහොමද? මට මේ උත්තරේ ෂුවර් නැත්තෙ ඒකයි. ඒත් මීට වඩා හොඳ උත්තරයක් කල්පනාවට ආවෙ නැති නිසා මේක දාලා බලන්න හිතුණා.
    -Pathumhdes

    ReplyDelete
  48. ගැටළු අංක : (14)

    තමන්ගෙ තොප්පියේ පාට කියනකොට අනෙක් අයටත් ඇහෙනවනම් මෙහෙම කරන්න පුලුවන්
    සියලු දෙනාම එකගතාවයකට එන්න ඕනි තමන් කියන්නෙ ඉදිරියෙන් ඉන්න කෙනාගෙ තොප්පියේ පාට(20 වෙනියා කියන්නෙ 19 වෙනියාගෙ තොප්පියේ පාට,19 වෙනියා කියන්නෙ 18 වෙනියාගෙ තොප්පියේ පාට ලෙස) එවිට අනිවාර්යෙන්ම 19 දෙනෙක්ට බේරෙන්න පුලුවන්

    ReplyDelete
  49. @ඉන්දික සඳරුවන්

    හොඳ උත්සාහයක්.. නමුත් මින් 19 දෙනෙක් බේරෙනවායැයි කියන්න බැහැ... ඔබ කියනා දේ සාර්ථක වන්නේ ඉදිරියෙන් ඇති කෙනාගේ තොප්පිය තමාගේ වර්ණයට සමාන නම් විතරයි....

    අලුගෝසුවා අහන්නේ තමන්ගේ තොප්පියේ වර්ණය කියන්න කියායි... ඔබ කියනා උපක්‍රමය අනුගමනය කලොත් තමන්ගේ එක ඉදිරියේ ඇති කෙනාගේ තොප්පියේ වර්ණය නෙමෙයි නම්... ෆ්ලැකෑන්ස්...

    තොප්පි දහනවයම එකම වර්ණයෙන් නම් දහනව දෙනෙක් බේරේවි...

    මීට වඩා ආරක්ෂාකාරී උපක්‍රමයක් තිබෙනවා...

    ReplyDelete
  50. @ALL
    පමා වී පිළිතුරු බැඳීම ගැන සමාවෙන්න , මම ඔන්ලයින් හිටියේ නැහැ...

    @Grey,
    වැරදි වැටහීමක් ලැබීම ගැන කණගා‍ටුයි... ප්‍රශ්ණ තුනයි උත්තර තුනයි...
    විටෙක ඇත්ත, විටෙක බොරු කියන කෙනා දෙන පිළිතුර තීරණය කරන්නේ ‍ඒ අවස්ථාවේ ‍රැන්ඩම්ලි...

    @hare :-)
    ඔබගේ උපක්‍රමය නිවැරදියි, සඳහන් වෙන්නේ ලෝහමය වස්තු නැතිබව පමණක් නිසා නූල් කෑල්ලක් සොයා ගැනීමට අපහසු වෙන එකක් නැහැ... :) එතකොට වැඩේ වඩාත් ලේසියි...

    @Aditha Jayasuriya
    කාන්දම කඩන්නේ නැතිව ඉහත ක්‍රමයෙන් හඳුනාගන්න පුළුවන්... එය වඩාත් ප්‍රායෝගිකයි....

    @Pathumhdes
    9 වෙනි ගැටළුවටත් 10 වෙනි ගැටළුවත් ඔබ ලබා දුන් පිළිතුරු නිවැරදියි... උණුසුම් සුභපැතුම්...!!! :)

    ඔබට ඇති වූ සැකය මඟහරින්නම්... ඇත්තටම අසාධාරණයක් සිදුවූවා යැයි කීවාට ඉන් කතිර සටහන් කල වර්ණය මත අසාධාරණය සිදුවූ බව සඳහන් වෙන්නේ නෑ... දෙවෙනි පරීක්ෂණයක් අවශ්යමය වූයේ ඇයිද යන ප්‍රශ්ණයට පිළිතුරක් ලෙසයි අසාධාරණය ගැන සඳහන් වුණේ...

    අසාධාරණය කුමක්දැයි හරිහැටි සඳහන් නොකිරීම නිසා ඔබට ඇතිවෙන සාධාරණ සැකය ගැන කල්පනා නොකිරීම මගේ වැ‍රැද්දක්....

    කෙසේ වුවත් ගැටළු දෙකම සාර්ථකව විසඳීමට එය බාධාවක් නොවන්නට ඇති...

    ReplyDelete
  51. "සම්මුඛපරීක්ෂණයක් සම්බන්ධව මා කලින් ලියූ ලිපියකට ලැබුණු ඊමේල් පණිවුඩයකින් මේ ලිපියට අඩිතාලම වැ‍ටුණා හැරෙන්නට මින් ගැටළු රාශියක් සම්මුඛපරීක්ෂණයට ප්‍රායෝගික යැයි මමත් හිතන්නේ නැහැ... කියවන්නාට වැරදි අදහසක් ලබාදීම ගැන සමාවෙන්න..."

    සමහර ප්‍රශ්ණ සම්මුඛ පරීක්ෂණයකදී බලාපොරොත්තු විය හැක.

    14) මෙහිදී parity check යන උපක්‍රමය භාවිතා කල හැක.

    මෙහිදී අන්තිමයා තමාට ඉදිරියෙන් ඇති නිල් තොප්පි ගණන ඉරට්ටේ නම් පිළිතුර ලෙස නිල් කියනු ලැබේ(ඔහු බේරීමේ සම්භාවිතාව 1/2).

    අන්තිමයාට තොප්පි 19 ක් පෙනේ.
    මේ අනුව 19 වැනියා තමාට ඉදිරියෙන් ඇති තොප්පි 18 හි, නිල් හා රතු තොප්පි ගණන ඔත්තේද ඉරට්ටේද යන්න දන්නා බැවින් අදාල පිළිතුර ලබා ගත හැක(උදාහරණයක් ලෙස අන්තිමයා රතු 10ක් ද නිල් 9ක් දැක්කේ නම් ඔහු රතු යැයි පිළිතුරු දේ, දැන් 19 වැනියා නිල් තොප්පියක් පැළඳ සිටී යැයි සිතමු.මේ නිසා ඔහු රතු 10ක් ද නිල් 8ක් දැකිය යුතුය. ඔහු නිල් 8ක් දකින නිසා පිළිතුර නිල් විය යුතුය).

    මේ ආකාරයට අන්තිමයාට අන්තිමයාට හැර අනික් සියලු දෙනාටම නිශ්චිතව දිවි ගලවා ගත හැක.

    E(Survival) = 19 + 1/2 = 19.5

    ReplyDelete
    Replies
    1. මට මෙය පැහැදිලි මදි.පුලුවන්නම් මෙය 15 වෙනියා විතර වෙනකන් පොඩ්ඩක් පැහැදිලි කරන්න.

      Delete
  52. "තමා පරිඝණක තාක්ෂණය, බ්ලොග් ලිවීම වැනි දේ ගැන හෙම දන්නා තරමක බුද්ධිමතෙක් බව ඔබ මීට පෙර අනෙක් සිරකරුවන්ට පාරම් බා ඇති නිසා ඔවුන් සියළුදෙනාම විසඳුමක් සෙවීම සඳහා ඒකමතිකව ගැටළුව භාර දෙන්නේ ඔබටයි..."

    මම බ්ලොග් කියවීම පමණක් කරමි, මට බ්ලොග් එකක් නැත.
    ඒකනේ ඇනෝ කමෙන්ට් කරන්නේ.
    :)

    ReplyDelete
  53. අඩු වශයෙන් දහනව දෙනෙකුගේ ජීවිත බේරූ ඔබට මගේ උණුසුම් සුභපැතුම්... :) පෝලිමේ පලවෙනියා ඔබ නොවනු ඇතැයිද ප්‍රාර්ථනා කරන්නම්...

    "තමා පරිඝණක තාක්ෂණය, බ්ලොග් ලිවීම වැනි දේ ගැන හෙම දන්නා තරමක බුද්ධිමතෙක් බව ඔබ මීට පෙර අනෙක් සිරකරුවන්ට පාරම් බා ඇති නිසා ඔවුන් සියළුදෙනාම විසඳුමක් සෙවීම සඳහා ඒකමතිකව ගැටළුව භාර දෙන්නේ ඔබටයි..."

    ඒ කෑල්ල දැම්මේ පොඩි රසයක් එක්කරන්නයි... ඉතිරිව ඇත්තේ තවත් ගැටළු දෙක තුනක් විය යුතුයි... ඔබ ඒවාත් විසඳාවි යැයි බලාපොරොත්තු වෙනවා... ජයවේවා..!

    ReplyDelete
  54. 14 පිළිතුරට ලබාගත් විදිහ තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ?

    14 ට තවත් ඕල්ටනේටිව් පිලිතුරක් දෙන්නම් ... (ඉන්දික සඳරුවන් සොහොයුරාගේ පිලිතුර මොඩිෆයි කරලා), තමන්ගෙ තොප්පියේ පාට කියනකොට අනෙක් අයටත් ඇහෙනවනම් ;

    "තමන්ට ඉදිරි පෙල කෙනා රතු" නම් තමන්ගේ තොප්පියේ පාට low tone එකකිනුත් ,
    "තමන්ට ඉදිරි පෙල කෙනා නිල්" නම් තමන්ගේ තොප්පියේ පාට high tone එකකිනුත් ,

    කියන්න ඕනේ කියලා කියුවා නම් , මුල්මකෙනා හැර 19 ක් අනිවා බේරගන්න පුලුවන් .. , මුල්මකෙනා බේරීමේ සම්භාවිතාව 1/2.

    ------------------------------------------------

    තවද 9 වෙනි එකට ,
    "(2) එක් අයකුගේ කතිරයක් ‍කලු පැහැ වූයේ නම් තිදෙනාම බුද්ධිමතුන් නිසා අනිත් දෙදෙ‍නාට පහසුවෙන්ම තමන්ගේ කතිරය සුදු බව අවබෝධ කර ගත හැකියි. එසේ නොවීමෙන් පැහැදිලි වන්නේ එක් අයකුගේවත් කතිරයක් කලු පැහැ නොවූ බවයි. " වෙනස් විය යුතුයි නේද ?

    *එක් අයෙකු කළු කතිරයක් ලබා , අනික් දෙදෙනා සුදු කතිර ලබා , 3 දෙනාම අත උස්සන්න පුලුවන් නේද ??
    (උදා: A - සුදු කතිරයක්ද , B - සුදු කතිරයක්ද , C - කළු කතිරයක්ද ලබා සිටි නම් ,

    A අත ඉස්සිම - B සුදු කතිරයක් ලබා තියන නිසා ;
    B අත ඉස්සිම - A සුදු කතිරයක් ලබා තියන නිසා ;
    C අත ඉස්සිම - A , B සුදු කතිරයන් ලබා තියන නිසා ;

    දැන් A හා B අතර තරඟය යන්නේ කවිද මුලින්ම ඕක තේරුම් අරගෙන ඕක කියන්නේ කියලා , මෙතැන අසාධාරණය තමා C ට තමන්ගේ පාට අනුමානය කරන්නට නොහැකි වීම (C දකිනවා අනෙක් දෙදෙනාම සුදු කතිර කියලා නමුත් , C ට කියන්න බෑ , A අත ඉස්සුවේ B+C(දෙදෙනාම) හෝ B හරි C හරි පමනක් සුදු නිසාද ? , ඒවගේම B අත ඉස්සුවේ A+C(දෙදෙනාම) හෝ A හරි C හරි පමනක් සුදු නිසාද ? කියලා )...

    ReplyDelete
  55. ප.ලි :

    "දැන් A හා B අතර තරඟය යන්නේ කවිද මුලින්ම ඕක තේරුම් අරගෙන ඕක කියන්නේ කියලා" = ඒ කියන්නේ , මුලින්ම A හා B දකිනවා C කළුයි කියලා , එතනින් A හා B තේරුම් ගන්නවා , A අත ඉස්සුවේ B සුදු නිසාත් , B අත ඉස්සුවේ A B සුදු නිසාත් කියලා

    ReplyDelete
  56. @Anonymous 2

    මේ මට හිතෙන හැටි

    ඔබ දී ඇති උදාහරණය අනුව C ගේ තිබුණේ කලු කතිරයක් නම්, A සහ B දෙදෙනාම පැහැදිලිවම ක්ෂණයකින් දැන ගන්නවා තම තමන්ගේ කතිර සුදු පැහැ බව. තිදෙනාම බුද්ධිමතුන් නිසා, ඔවුන්ගේ ඇස් වසා කතිර ඇඳීමටත් පෙරම (ඔවුන් තරග නීති රීති දන්නේ නම්) එම තර්කය ඔවුන්ට වැටහී තිබිය යුතු යැයි අපට සිතිය හැකියි.

    ගැටලුවේ සඳහන් වන ආකාරය
    "...නමුත් එකදු පුද්ගලයෙකුවත් පිළිතුරක් ප්‍රකාශ කරන්නේ නැහැ...අවසානයේ එක් අයෙකු මෙසේ පිළිතුරු දෙනවා...."

    කිසිවකු එකවර පිළිතුරක් ප්‍රකාශ නොකිරීමෙන් පැහැදිලි වන්නේ එක් අයකුගේවත් කතිරය කලු පැහැ නොවූ බව නොවේද?

    'අනෙක් දෙදෙනා පිළිතුරක් නොදීම' යන නිරීක්ෂණය මත පදනම්වයි වඩා බුද්ධිමත් පුද්ගලයා තමන්ගේ කතිරය සුදු පැහැ බව තීරණය කරන්නේ.

    -Pathumhdes

    ReplyDelete
  57. @Anonymous 2

    "එක් අයෙකු කළු කතිරයක් ලබා , අනික් දෙදෙනා සුදු කතිර ලබා , 3 දෙනාම අත උස්සන්න පුලුවන් නේද ??
    උදා: A - සුදු කතිරයක්ද , B - සුදු කතිරයක්ද , C - කළු කතිරයක්ද ලබා සිටි නම්..."

    මෙහෙම උනා කියල හිතමුකො. මේ තුන්දෙනාම "බුද්ධිමතුන්" නිසා දෑස් ආවරණ ඉවත් කර ඔවුන් අත් එසවූ විගසම A ට සහ B ට තමන්ගේ කතිර සුදු බව තීරණය කළ හැකියි නේද? (තිබිය හැක්කේ එක කලු කතිරයක් පමණක් නිසා)තමන්ගේ දෑස් ආවරණය කර කතිර ඇඳීමටත් පෙර ම මොවුන් තිදෙනා එම තර්කය සිතා තිබුණේ යැයි අවශ්‍ය නම් අපට සිතිය හැකියි.

    නමුත් ගැටලුවේ සඳහන් වන්නේ,
    "නමුත් එකදු පුද්ගලයෙකුවත් පිළිතුරක් ප්‍රකාශ කරන්නේ නැහැ... අවසානයේ එක් අයෙකු මෙසේ පිළිතුරු දෙනවා"
    යනුවෙන්...

    මෙයින් පැහැදිලි වන්නේ, ඉහත කී අවස්ථාව සිදු නොවී ඇති බවයි. මොවුන් බුද්ධිමතුන් නිසා ඉහත කී තර්කය සිතීමට ඔවුන්ට කාලයක් ගත වූවා යැයි සිතිය නොහැකියි.

    සිදු වී ඇත්තේ කිසිවකු කලු කතිරයක් නොදැකීමයි.

    වඩා බුද්ධිමත් තැනැත්තා තමන්ගේ කතිරය සුදු පාට බව තීරණය කරන්නේ "අනෙක් දෙදෙනා පිළිතුරක් ප්‍රකාශ නොකිරීම" යන නිරීක්ෂණය මත පදනම්වයි. (තමන්ගේ කතිරය කලු නම් අනෙක් දෙදෙනා ක්ෂණිකව පිළිතුරක් ලබා දෙනු ඇත)

    -Pathumhdes

    ReplyDelete
  58. "ගැටළු අංක : (5)
    මේකත් හරි... මඟහැරුණු තවත් කරුණක් වෙන්නේ පාවිච්චියට නොගන්නා පාරකට දුම්රිය හැරවීමෙන් දුම්රියේ ගමන් කරන්නන්ට ඇතිවෙන අවදානම..."

    ඒ වගේම අනියම් මිනීමැරුමකට දායකත්වයකුත් තියෙනවා!

    ReplyDelete
  59. උත්තර ටික පෝස්ට් එක යටින්ම දැම්මොත් මොකද ... comment අස්සේ තියෙන නිසා හොයාගන්න බෑ..........

    ReplyDelete
  60. (6) Still on 1st Window

    Everything depends on variable change. and thanks for the extra 33.33% on 1st Window.

    ReplyDelete
    Replies
    1. Your answer is wrong.
      you are not given extra 33.33% on 1st window.

      Delete
  61. ගැටළු අංක 1

    ඔහුගේ වාහනයට 1 අයෙකු පමණක් දැමීමට පුලුවන්නම්. ඔහු වාහනයක නොවේ ඇවිල්ලා ඇත්තේ. මොකද වාහන වලට 2 වැඩිය දැමිය හැකි නිසා. ඔහු ඇවිල්ල ඇත්තේ පාපැදියක වෙන්න ඇති. හි.....හි..

    ReplyDelete
  62. තුන් දෙනාම ඉන්න තැන කියනව ඔයාලගෙන් ඇත්තයි බොරුයි 2ම කියන කෙනා ඔව් කියන්න කියලා. එතකොට ඇත්ත විතරක් කියන කෙනාට උත්තර දෙන්න බෑ.අනිත් දෙන්නම මොනා හරි කියයි. දැන් ඇත්ත විතරක් කියන කෙනට කියනවා අනිත් දෙන්නගෙන් 1 කෙනෙක් පෙන්නල මෙයා බොරු විතරක් කියන කෙනා නම් තත්පර 20ක් ඇතුලත ඔව් කියන්න කියල. එය උත්තරයක් දුන්නෙ නැත්නම් අපි පෙන්නල තියෙන්නෙ ඇත්තයි බොරුයි 2ම කියන කෙනා.

    ReplyDelete

Web Statistics