මෙම බ්ලොග් අඩවියේ ආරම්භයේම වරක් මා සඳහන් කර ඇති පරිදි මගේ කුළුඳුල් කෙටි කතාව පළවුණේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේයි... නමුත් එම බ්ලොග් අඩවිය අවාසනාවන්ත ලෙස බිඳවැටීමත් සමඟම අතුරුදන් වූයේ එහි තිබූ හරවත් සංවාද, ගහමරා ගැනීම්, මඩ ප්‍රහාර පමණක් නෙවෙයි… ඒ සියල්ල අතරේ තිබූ මාගේ අහිංසක කෙටි කතාවත් ඒ සමඟම අතුරුදහන් වූවා... මා විසින් එහි පිටපතක් පරිඝනකයේ සුරැකිව තබාගන්නට ඇතැයි යන විශ්වාසයෙන් සොයා බැලූවත් අවාසනාවකට එවැන්නක් සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ...
තමන් සතු වටිනා දෙයක් නැතිවූ පසු පොලිසියට යනවා වෙනුවට ඒ බජාර් එකේ අයියා හමුවීමට යාම වඩා ඵලදායී බව ප්‍රසිද්ධ රහසක්... ඒ උපදෙස පිළිපදිමින් මාගේ නැතිවුනු කෙටිකතාව සොයා ගැනීම සඳහා සිංහල බ්ලොග් අවකාශය නැමති බජාර් එකේ අයියා කෙනෙකු හමුවීමට මා තීරණය කලා...මෙහිදී මා සිතට නිතැතින්ම නැගුණේ 'මෝදර බස්පියා' ලෙස විරුදාවලිය ලත් වැපිනි සාන්ත මහතාවයි... තරමක දෙගිඩියාවෙන් කල් මැරූ මම අවසානයේ තීරණයකට එළඹ ඔහු හමුවීම සඳහා පිටත් වුණා...
පාඨකයන් බොහෝ දෙනෙකු බලාපොරොත්තු වන පරිදි මා ඔහු සොයා ගත්තේ රාත්‍රී සමාජ ශාලාවක, තැබෑරුමක හෝ බූරුපොළක සිටියදී නම් නෙවෙයි... මාහට ඔහු මුණගැසුනේ සිංහල බ්ලොග් අවකාශයේ සංගීත ලෝලී රසික රසිකාවියන්ගේ රසඟ්හතාවය ඔප දමනු වස්, නොමිලේ පවත්වාගෙන යනු ලබන සේවාවක් වන ගූග්ල් බස් රේඩියෝ නැමැති සමාජ සත්කාරක කර්තව්‍යයට උර දෙමින් සිටියදීයි...
පුද්ගලික කටයුත්තක් යෙදී ඇති හෙයින් ටික වේලාවකට අසන්නන්ගේ ගීත ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීම ගැන ඒ වනවිටත් රේඩියෝව අසමින් සිටි සියලුදෙනාගෙන්ම කිහිප වරක්ම සමාව ඇයදීමෙන් අනතුරුව ඔහු මා හා දොඩමලු වුණා... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් මිනිසෙකු බව මට පසක් කල මොහුගේ මේ හැසිරීම, ඔහු ගැන වටින් පිටින් මා අසා ඇති කරුණු පිළිබඳව දෙවරක් සිතන්නට මට බල කලා... ඒ නිසාම අසන්නට ආ කාරණය පසෙක තබා මා ඔහුගෙන් විමසුවේ ඔහුට එල්ල වී ඇති හැකින් චෝදනා, මුදල් අපචාර චෝදනා වැනි දේ පිළිබඳවයි...
ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ මෙවැනි අදහසක්...
"ඕවා ඔහොම තමයි මල්ලි, මට කියන්න තියෙන්නේ මෙච්චරයි... මුං වපුරපු අය මුං අරගෙන යාවි, තල වපුරපු අය තල අරගෙන යාවි... කෝකටත් ඔයා ඔය දෙවල් ගැන වැඩිය හොයන්න යන්නේ නැතුව පාඩුවේ බ්ලොගිය කරගෙන ඉන්න.... දැන් මොකද්ද බොස්ට මගෙන් කෙරෙන්න ඕනේ..?"
ඒ පිළිබඳව දිගින් දිගටම හාරා අවුස්සනවාට ඔහු අකමැත්තක් දක්වන බව පසක් වූ හෙයින් මා පැමිණි කාරණය ඔහුට හෙලි කලා...ගතවූයේ විනාඩි කිහිපයක් පමණයි, ඔහුගේ උපදෙස් පැළිපැදීමෙන් පසු, මා හට අහිමි වූ කෙටි කතාව එකදු අකුරක් වත් අඩු නොවී මා අතට පත් වූයේ මා විශ්මයට පත්කරමින්,,,,
"සේරම තියෙනවද බලන්න..."
සිනාමුසු මුහුණින් ඔහු එසේ පවසද්දී සියල්ල නො අඩුව ඇතිබව සපථ කරමින් මා ඒ සොඳුරු මිනිසාට සමු දුන්නේ සැනසුම් සුසුම් හෙලමින්...
එසේ අපසුවෙන් සොයාගත් ඒ කතාව මාගේ බ්ලොග් අඩවියේ දැන් පලකර තිබෙනවා...... මඟහැරුණු කෙනෙකුට එය මෙතැනින් රසවිඳිය හැකියි...
ඉතින් මේ දීර්ඝ ආරම්භය වෙනත් කරුණක් සඳහන් කිරීමටයි... පසුගිය දිනෙක මහගෙදර ගිය අවස්ථාවක පරණ ලියකියවලි පිරවූ පෙට්ටගමක් පිරිසිදු කරමින් සිටි ආදරණීය මෑණියන් මා අතට පත් කලේ අපූරු දෙයක්... ඒ එම ලියකියවිලි අතර තිබූ ඇය විසින් සුරැකිව තබාගත් ඇක්සයිස් පොතකින් ඉරාගත් පිටුවක්... එහි සටහන්ව තිබුණේ මීට වසර ගණනකට පෙර පාසල් යන වියේදී මා විසින් ලියා ඇති පුංචි කතාවක් ... මා මෙතෙක් සිතා සිටි අයුරු නිවැරදි නොවන බවත්, මාගේ පළමු කතාව මෙය විය හැකි බවටත් පැහැදිලි වූ හෙයින් දෙවරක් නොසිතාම එම කතාවත් මාගේ බ්ලොග් අඩවියේ පළකරන්නට මා තීරණය කලා...ඉතින් මේ සුළු සංස්කරණයකින් යුක්ත වූ එකල කුඩා දරුවෙකු වූ බීටල් පැංචා වන මා විසින් ලියන්නට යෙදුණු ඕරිමජිනල් කුළුඳුල් කෙටිකතාවයි...
- මාදව කඩේ ගිය හැටි -
මාදව කීකරු දරුවෙක්...එයාගේ ගෙදර තිබුණේ දෙකේ කණුව ගාවයි... මාදවගේ අම්මාත් තාත්තාත් වැඩට යන වෙලාවට එයාව බලාගත්තේ අත්තම්මායි...දවසක් අත්තම්මා මාධවට සල්ලි දීලා කඩෙන් සීනි දෙසිය පනහකුත් තේකොල සීයකුත් ගේන්න කිව්වා...
කඩේට යන පාරෙදි මාදවට තරිඳු හම්බවෙලා අක්කපාන කොල කඩන්න පංසලේ ගල් පොත්තට යන්න කතා කල නිසා කඩේ යන එක නවත්තලා මාදව තරිඳුගේ පස්සෙන් වැටුණා...අක්කපාන කොල කඩලා තරිඳුගේ ගෙදර ගිහින් ඒවා පොත් අස්සට දාලා එහෙම ඉවර වෙද්දි කරුවලත් වැටීගෙන එනවා...
එතකොටයි මාදවට කඩේ යන්න ඕනේ කියලා මතක් වුණේ...කරුවල වැටුණත් සීනි නැතුව ගෙදර ගියොත් රෑ වුන එකටයි බඩු ගෙනාවේ නැති එකටය් දෙකටම බැණුම් අහන්න වෙන නිසා මාදව කඩේට යන්න හිතුවා...
බඩු අරගෙන බය යන්නත් එක්ක හයියෙන් සිංදුවක් කියාගෙන මාදව රූං ගාලා ගෙදර දුවගෙන ආවා... ගේ ලඟදි එයාගේ සිංදුවයි දිවිල්ලයි නතර වුණේ කරුවලේ පාර අයිනේ කවුද බිම වාඩිවෙලා ඉන්නවා දැකපු නිසයි...
හෙමින් හෙමින් තව ටිකක් ඉස්සරහට ගිහින් මාදව හයියෙන් මෙහෙම ඇහුවා...
"කව්ද ඔතන....?"
සද්දයක් නෑ....
"කව්ද ඔතන...?"
මාදව ආයෙත් ඇහුවා... ඒත් සද්දයක් නෑ...
"කතා කලේ නැත්තම්... තේකොල මුලෙන් ගහනවා...!"
මෙහෙම කිව්වත් අමුත්තගෙන් කිසි සද්දයක් නැති නිසා බයවුණු මාදව තේකොල මුලෙන් දමලා ගැහුවා... අමුත්තා හෙලවුණේ වත් නැහැ...
"කවුද ඔතන...?"
මාදව ආයෙත් ඇහුවා...
"කව්ද ඔතන...??"
ඒත් උත්තරයක් නැහැ...
"කතාකලේ නැත්නම් සීනි මුලෙන් ගහනවා...!"
අමුත්තා කතාබහක් නැතුව එහෙමම ඉන්න නිසා හොඳටම බයවුණු මාදව සීනි මුලෙනුත් අමුත්තාට ගැහුවා... ඒත් අමුත්තා එහෙමමයි...
කරගන්න දෙයක් නැති තැන බයෙන් බයෙන් තව ටිකක් ඉස්සරහට ගිය මාදවට මෙහෙම කියවුණා...
"අඩ්ඩඩ්ඩා........ මේ දෙකේ කණුවනේ....!!!"
කතාව මෙතනින් ඉවරයි... කියවූ ඔබ සැමට ස්තූතියි… අකුරු රවුම් කර ලිව්වේ බීටල් පැංචා....
ප/ලි/ :
මා කතාව ලිවීමට සෑහෙන කාලයකට පෙර ලියවෙන්නට ඇතැයි සැක කල හැකි කතන්දර තම කුඩා කාලයේ නිර්මාණය කල කවියක් මෙතැන පලවී තිබියදී ටික කලකට පෙර ආසාවෙන් කියවූවා මතකයි...
මා කතාව ලිවීමට සෑහෙන කාලයකට පෙර ලියවෙන්නට ඇතැයි සැක කල හැකි කතන්දර තම කුඩා කාලයේ නිර්මාණය කල කවියක් මෙතැන පලවී තිබියදී ටික කලකට පෙර ආසාවෙන් කියවූවා මතකයි...
ගොඩ කාලෙකින් බීටල්....
ReplyDeleteටැබූ ගැන කතා කරන්න බොහො දෙනෙක් කැමති නැහැ.බීටල් ගෙ න්‍යාය හරි වගේ. පොලිසියට යනවා වෙනුවට බජාර් එකේ චන්ඩියා හමුවීමට මාත් සිහි තබා ගන්නම්....
ඔය වගේම රවි අයියගෙත් කතාවක් ටැබූත් සමඟම අතුරුදන් වුනා.ඒ කතාව නම් කතන්දර සොයා දුන්නා මතකයි මට...
ReplyDeleteබජාර් එකේ අයියා හමුවෙන්න යන තියරියට මමත් එකඟයි..
ReplyDeleteහිකිස්... ඉතින් හරිනේ උඹ හොරාගේ අම්මගෙන්නේ පේන අහල තියෙන්නේ... ටැබූ සබ්ජෙක්ට්ස් එකේ තිබුනු පොස්ට් වැපාගෙන් නැත්තම් වෙන කාගෙන්ද ඉල්ල ගන්නේ... ( මේ මං මේක කිව්වා කියලා වැපාට එහෙම දැනගන්න තියන්න එපා මචං.. පොර හෙන දරුණු ඩයල් එකක් කියලයි මං අහල තියෙන්නේ..)
ReplyDeleteබ්ලොග් එක නියමයිනේ... අදමයි ආවේ... මුල ඉඳන් කියවන්ට ඕන...
ReplyDelete@සොඳුරු සිත
ReplyDeleteඑහෙනම් කතන්දරත් බජාර් එකේ අයියා කෙනෙක් වෙන්න ඇති... ඔව් මම හිතන්නේ එයා හිරෙත් ගිහින් තියෙනවා...
@sameerausa
ඒකනේ මේ ඇස් පනාපිටම ඔප්පු වුනේ
@පුතා, මට ඔය කතාවම ආරංචි වුණු නිසා තමයි ඌව හම්බවුනේ... වැඩේ ගොඩ ගියා... මේ පැත්තේ ආවට ස්තූතියි මචං...
ReplyDeleteආයෙත් ඔයාව දකින්න ලැබීම සතුටක් බුටල් ..! මම කෙටි කතාව කියවලා එන්නම් ..
ReplyDeleteබස් ඩප්පියා වැඩකාරයා නෙව. ඔයිට වැඩිය මුකුත්ම කියන්න බෑ.
ReplyDeleteHey bro,
ReplyDeleteYoure officiailly my (second) favourite blog. I know it's not a big deal. [My most favourite blogger has commented to this post before me with a blue box name written across] :)
But just want to say, keep up your style. I really like it. Even your first short story is amazing.
Are you back in Sri Lanka for a vacation or something?
Anyway Good Luck with everything!!!
@සඳරු
ReplyDeleteතැන්කූ මල්ලියා...
@නවම්
ඔය උඹත් දන්නේ ඩප්පි හීලෑ කරන මන්තරේ :)
@marlon
ReplyDeleteThanks for the compliment bro, know what..? it indeed is a damn big deal... Being second to Sandaru is an honor too :)
Yeah I was in SL for few weeks and back in hell now... :)
සොඳුරු කියපු කතාව ඇත්ත. බීට්ල් වගේම මගේය කියල නිර්මාණයක් මුලින්ම බ්ලොග් එකක පළකලෙත් ටැබූ.ඒක මට කවදාවත් අමතක වෙන එකක් නෑ.ඒ වගේම සිංහල බ්ලොග් කියල දෙයක් තියනවය කියල මම දැනගත්තෙත් ටැබූට නිසාමයි. ඒ කතාව කෙටියෙන් මම ටැබූ ලියන එක නැවැත්වූ හෝ බලෙන් නවත්වා දමන ලද දවස්වල සොඳුරු සිතට ටැබූ ගැන ලියූ සටහනක ඇතුලත් කලා.කතන්දර ඒ මගේ ටැබූ සබ්ජෙක්ට්ස් වල පලවූ කෙටි කතාවට ලින්ක් එකක් දුන්න ඒ ලිපියට කමෙන්ට් එකක් හැටියට. හැබැයි මගෙ ඒ කතාව මම කම්පියුටර් එකේ සේව් කරල තිබ්බ හොඳ වෙලාවට.
ReplyDeleteටැබූ ගැන නම් මතක් කරද්දීත් දුකයි.
ReplyDeleteකෙනෙක්ට තමන්ගේ මතය නිදහසේ ප්‍රකාශ කරන්න තරම් වත් "ප්‍රජාතන්ත්‍රවාදයක්" නැති රටකද අපි ඉන්නේ කියලා හිතුනාම අපේ අනාගත පරම්පරාව ගැනත් දුකයි.
ඔයාගේ මේ කතාව . . පොඩි කාලේ මේ තරම් අපූරුවට ලිව්ව නම් අද කාලේ ලියන එව්වා ගැන අහන්න දෙයක් නැතුව ඇති.
අහ් ටැබූගේ අඩවියේදී අර ලිපිය කියෙව්වා. කොමෙන්ට් කලාද නම් මතක නෑ . .
රවි අයියාගේ කතාව මම එදාම කියවලා ප්‍රතිචාරත් දැක්වුවා... ටියුබ්ලයිට් නිසා තේරුම් ගන්න වෙලා ගියා... :)
ReplyDeleteමගේ බ්ලොග් අඩවියට දුකාව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා... ප්‍රතිචාරයටත් ඒ වගේම ස්තූතියි මචං... උඹ සාර්ථක බ්ලොග් කරුවෙකුටත් වැඩියෙන් හොඳ මනුස්සයෙක් බව මම නම් ඔල්රෙඩි දන්නවා... මාව අඳුනගන්න පැමිණි එක ගැන ගොඩක් සතුටුයි... :)
හිස් අහස බීටල් බුටල් කොරලනේ
ReplyDeleteහරි අපූරු කතාවක්නෙ පොඩි වයසට ලියලා තියෙන්නෙ. ජය!
ReplyDelete