Wednesday, January 11, 2012

46. මගේ පොරොන්දුව | This I Promise

thank you

සැපට හැදෙන කිරි ටොයියන්…
පුංචි සීතලක් දැණුනත්…
හතර හන්දි පණ නැති වී…
ඇම්බියුලන්ස් ඇදන් යද්දී…

ඇස් බොඳවෙන මීදුමටත්…
බොයිල් කරන ගින්දරටත්…
ගහන පරක්කුව විතරයි…
යං එහෙනම් මං එන්නම්…

ෂෙඩියුල් දුරවල් පැනලා…
දින වකවානුත් මැකිලා…
තවත් ඉතින් බැහැ කියලා…
නැත කිසිදින මගඇරලා…

කණ කැස්බෑ වියසිදුරෙන්…
අහස දකින දින එනකල්…
හරකා වගේ උඹ අදිනවා…
නැත දුක් ගැනවිලි කිසිවක්…

එහා පැත්තේ කෲසරයෙක්…
ප්ලැටිනම් හැලි හිස් කරද්දී…
සිල්වර් උගුරු දෙක තුනකින්…
තොල කට පොඟවන් නිහඬව…

ෂැම්පු, ෆෝම් මොකුත් නැතිව…
දූවිලි පිහදා ක්සණිකව…
සැරදාලා ලෑස්ති වෙයි…
මගෙ ජීවන බර අදින්න…

නොදන්නවා නෙවෙයි උඹට…
මගෙන් කෙරෙන කෙණහිලිකම්…
මගේ පුංචි හිත මිතුරේ…
තව පන්දාහක් ඇදපන්…

ෆ්ලෂ් කරලා සක් කරලා…
ජැක් වොෂ් එකකුත් දීලා…
ලබන පාර සලකනවා…
පොරොන්දු වෙන්නම් දිවුරා…

ප/ලි : සත්තයි..!

ගැටපද විවරණය : ඇම්බියුලන්ස්=ආපදා රථය  | ෂෙඩියුල් දුර=ඊළග සර්විස් එකට නියමිත කි.මී. සීමාව | කෲසරයෙක්=ලෑන්ඩ් කෲෂර් වර්ගයේ වාහනයක් | ප්ලැටිනම්=ඉස්තරම් තත්වයේ එන්ජින් ඔයිල් | සිල්වර්=සාමාන්‍ය තත්වයේ එන්ජින් ඔයිල්  | ෆ්ලෂ්  / සක්=එන්ජිමේ ඇති දහනය වූ ඔයිල් යන්ත්‍රානුසාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම  | ජැක් වොෂ්=වාහනය ඔසවා කරන සාමාන්‍ය සේදීමකට වඩා හොඳ සේදීමක්

Thursday, January 5, 2012

45. ඇබ්බැහිවීම | Addiction

ඇබ්බැහිවීම…!

එය පිළිකාවක් තරමටම රුදුරුයි…

මත් වතුරට… දුම් වැටියට… හෝ අනියම් ප්‍රේමයකට කියා එහි අල්ප මාත්‍රයකවත් වෙනසක් නැහැ…

හදවතේ ගැඹුරුම කොනකට කතා කරන මේ මන බන්දනීය පදමාලාවෙන් දෙන පණිවිඩය අඩුවක් නැතිව තේරුම් ගත හැක්කේ ඒ ඇබ්බැහියෙන් මිඳිමට සටන් කල අයෙකුටම පමණක් බව නිසැකයි…

තවත් කියන්නට දෙයක් ඉතිරි කර නැහැ… කෙනී චෙස්නීට ගයන්නට ඉඩ දෙන්නම්…

you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough…

 

සමාවේවා…

උඩ වීඩියෝ එකට දේශසීමා ගැටළු ඇත්නම් මේක ට්‍රයි කරන්න… ස්තූතියි ඇනෝ ඒ ගැන දැනුම් දුන්නාට…

Kenny Chesney - You And Tequila Full Song Lyrics

Baby, here I am again
Kicking dust in the Canyon wind
Waiting for that sun to go down

Made it up Mulholland Drive
Hell bent on getting high
High above the lights of town

'Cause you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough

Thirty days and thirty nights
Been putting up a real good fight
And there were times I thought you'd win

It's so easy to forget
The bitter taste the morning left
Swore I wouldn't go back there again

'Cause you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough

When it comes to you
Oh, the damage I could do
It's always your favorite sins
That do you in

'Cause you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough

Never enough, you and Tequila
You and Tequila make me crazy

Web Statistics