“ඊට පස්සේ කුමාරයයි, කුමාරියි…”
නින්දට වැටුණු තම සිඟිත්තා දිහා බැලූ ඇය සීරුවෙන් කතන්දර පොත වැහුවා … යටිතොල මඳක් විකාගෙන නිදියන සිඟිත්තා ඇයට සිහිකළේ ඔහුගේ ආදරණිය මුහුණ… දරුවාගේ පොරෝනාව සැකසූ ඇය සිඟිති නළලට අතතබා උණගතිය වැඩිවීමක් නැති බව සැක හැර දැනගත්තා… නිදන ලාම්පුවේ ආලෝකය සුසර කර ශබ්ද නොනගා ඇය සිඟිත්තාගේ කාමරයෙන් පිටවූයේ ඉන් අනතුරුවයි…
“අදත් පරක්කුයි…” ඔහු කෙදිරුවේ ඇගේ සවනත වූ කෙස් රොද සෙමින් මෑත් කරමින්…
“කතන්දර කියලා පුතා නිදකරවලා එපැයි එන්න…”
පසුපස නොබලාම ඇය පිළිතුරු දුන්නා…
“මට තේරෙනවා… “
ඇය ඔහුගේ උරහිසට බරවෙද්දී ඔහු සෙමින් ඇගේ දෑත් සම්භාහනය කරන්න පටන්ගත්තා…
“හෙට ඔයාට මොනවද ඕනේ…?”
ටික වෙලාවකට පස්සේ ඔහු අහද්දී ඇය හිටියේ ඉදිරියේ ඇති ජලතලයේ රැළි අතර බිඳෙන සඳේ ඡායාව දිහා බලාගෙන… විලට හරියට හදේ ඡායාව හදන්නට අකීකරු හුලඟ ඉඩදෙන්නේ නැති හැටියක්…
“මොකද්ද කිව්වේ..?”
“හෙට ඔයාට මොනවද ඕනේ…”
“මම හිතුවේ අමතක වෙලා ඇති කියලා…”
“මමත් හිතුවා… ඒත් අමතක වෙලා නෑනේ…”
“මට හඳ ඕනේ…” ඇය මිමිණුවා...
ඔවුන් වාඩිවී සිටි ගල් බංකුවෙන් නැඟී හිටිය ඔහු තොටුපළ අද්දර තිබුණු ඔරුවට නැග්ගේ එය රඳවා තිබුණු රැහැන මුදාහරිමින්…
“එන්න…”
“කොහේ යන්නද..?”
“හඳ හොයන්න…”
ඔහුගේ අත් වාරුවෙන් ඇය ඔරුවට නැඟුනා… ඉන්පස්සේ හබල අතට ගත්ත ඔහු හෙමින් ඔරුව විල්තෙරින් ඉවතට පදවන්න වුනා…
“වැඩි දුර යන්න බෑ…”
“ඇයි..?”
“පුතාට තවම හරියට උණ හොඳ නැහැ… ඇහැරිලා අඬන්න පුළුවන්…”
ඔහු හබල ඔරුව ඇතුළට ගත්තා… අරමුණක් නැති ඔරුව ඔහේ පාවෙන්න පටන් ගත්තා… ඔරුව දිගේ සීරුවට අනෙක්පසට ඇවිදගෙන ආ ඇය ඔහුගේ තුරුලේ සැඟවුනා… මැදියම් රැයේ ඔවුන්ගේ උණුසුම් ආලිංගනය දකින්නට සිටියේ හඳ පමණයි… ඔරුව සෙලවෙන රිද්මයට ජල තරංඟ නොනවත්වා හැදුනා… බිඳුනා… හදේ ඡායාව කෑලි කෑලි වලට කැඩිලා ගියා… ඔහුගේ අඩපණ සිරුර ඇය පසෙකින් වැතිරුණේ ඉන්පසුවයි…
“අන්න අරහේ… “
නිරුවතින් සිටි ඇය උඩබලාගෙන මිමිණුවා…
“මොකද්ද…?”
“හඳ අන්න අහසේ… වතුරේ තිබිලා තියෙන්නේ ඡායාවක්…”
“ඔව් අපි බොරු ගමනක් ආවේ…”
“කමක් නෑ… වතුරේ හඳ නෑ කියලා අපි දැනගත්තානේ…කොහොමත් මට දැන් හඳ එපාත් එක්ක…”
“හඳ එපා…?”
“එපා… හඳ තරු මේ සේරම අහසෙම තිබුණ දෙන්… මෙහෙම එකලඟ වැතිරිලා ඒවා දිහා බලාගෙන ඉන්න ඔයා හැමදාම මගෙත් එක්ක ඉන්න… ඒ ඇති…”
ඔහු දිඟු සුසුමක් හෙළුවා…
“අර බලන්න එක ළඟ තියෙන තරු තුනක්… හරියට අපි තුන්දෙනා වගේ…”
ඇය කිව්වේ අහසට ඇඟිල්ල දික්කරන ගමන්..
“ඕවා දිහා බලාගෙන හිටියා කියලා මොනවද ඔයාට ලැබෙන්නේ… අනික ඔය පේන සමහර තරු දැන් ඒ තැන්වල ඇත්තෙත් නෑ…”
ඔහු කිව්වේ ඇගේ ඇස් වලින් තමන්ගේ ඇස් ඉවතට ගන්නේ නැතුව...
“ඇයි ඒ..?”
“ඒවා මැරිලා…!”
“ඒ වුණාට ඒවා කාලෙකට කලින් දිස්නෙට දිලිසුන තරු… ඒකයි මැරුණට පස්සෙත් ඒ තරු වල එළිය විශ්වය දිගේ අපේ ලෝකෙට තාමත් එන්නේ…”
නැඟී සිටි ඇය තම රාත්‍රී ගවුම ඇඟ ලාගත්තා…
“අපි යමු …”
“තව පොඩ්ඩක් ඉමු…”
ඔහු කිව්වේ ඇගේ ඇස් දිහා බලාගෙන…
“බැහැ… අන්න එලාම් එකත් වදිනවා… අද ඔෆිස් එකේ වැඩ ගොඩයි… අනික මම හිතුවේ අද ඔයාව මතක් කරලා ආරාමේ වැඩ ඉන්න හාමුදුරුවන්ට හීල් දානේ පිළිගන්වන්න… පුතාව ඩේ කෙයාර් එකට ඇරලන්න කලින් බේත් අරන් දෙන්නත් ඕනේ…”
ඔහු සෙමින් ඔරුව නැවතත් ඉවුරට පදවන්නට උනා… ඔරුව තොටුපලට ළංවූ වහාම ඉන් ඉවතට පැනගත් ඇය නොනවත්වා නඳදෙන එලාම් එක නිවා දැමුවා… ඉන් පසුව හිස්වූ යුගල ඇඳ සකසා තම සිඟිත්තාගේ කාමරය දෙසට පියවර තැබුවා…
wow...
ReplyDeleteThanks ලිඛිතා
Deleteමාරයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද....
ReplyDeleteමාරයි!!!!!
ස්තුතියි කටුසු...
Deleteමුලින්ම රවී දැන් උඹ... බ්ලොග් වල දසාව හොඳයි වගේ මේ කාලෙ... මේ වගේ කතාවක් ලියන්න පුළුවන් උඹටම විතරයි.
ReplyDelete//ඔවුන් සෙලවෙන රිද්මයට ජල තරංඟ නොනවත්වා හැදුනා// මෙන්න මෙතන 'ඔවුන් සෙලවෙන' කියන එක නොයෙදුවා නම් වඩා ලස්සනයි කියලා හිතුණා.
//“ඒ වුණාට ඒවා කාලෙකට කලින් දිස්නෙට දිලිසුන තරු… ඒකයි මැරුණට පස්සෙත් ඒ තරු වල එළිය විශ්වය දිගේ අපේ ලෝකෙට තාමත් එන්නේ…”//
+++
ගොඩක් ස්තුතියි මචං ලියනදේට වටිනාකමක් එකතුකරනවාට.. එතන වෙනස් කළා..
Deleteතිසර ඔව්... ඒක නම් ඇත්ත.. ලස්සනයි ...
Deleteබීටල් කතා...හැකි නම් මගේ බ්ලොගය පැත්තෙත් ඇවිත් යන්න.. මං හිතනවා කතා කිහිපයක් හොඳ ඇති කියලා...
බීට්ල්ගේ කතන්දර ගැන අමුතුවෙන් කියන්න ඕනෙයැ. A typical Beetle Bailey's story. Excellent!
ReplyDeleteස්තුතියි සිත්තමි...
Deleteවාව් නොකිව්වොත් ඒක උඹේ හැකියාවට කරන අසාධාරණයක්!
ReplyDeleteස්තුතියි කුෂ් නොවරදීම එනවාටත්...
DeleteSuperb 👍
ReplyDeleteThanks Prabodha
Deleteහරි අගෙයි.මුළු කතාවම සිනමා පටයක් වගේ අකුරු අතරින් බලා ගන්න පුළුවන් විදියට ලියලා තියෙනවා.
ReplyDeleteස්තුතියි මනෝජ්..
Deletegood to see that you are back! :)
ReplyDeleteGood to see you around :)
Deleteසුපිරි නිර්මාණයක්
ReplyDeleteස්තුතියි බක්කරේ
Deleteනියමයි බීට්ල්!
ReplyDeleteකාලෙකට කලින් මියැදුනු තරු ගැන කියවෙනකොට යම් ඉඟියක් ලැබුනා. ඒත් ඔයා කතාව ඉවර කරපු විදිය හිතාගන්නත් බැරිතරම් අපූරුයි.
ස්තුතියි බස්සී...වටිනවා ඈ... :)
Deleteඇයි බං මට බැරි මෙහෙම ලියන්න?
ReplyDeleteඒ උබ වෙන කාටවත් ලියන්න බැරි විදියට ඇන්ඩි කතා ලියන හින්දයි...
Deleteබීටා උඹගේ කතාවක් කියෙව්වම හිතට දැනෙන හැගීම මෙන්තෝල් සිගරට් එකක් ගහනවා වගේ රහයි.. ජය
ReplyDelete//එපා… හඳ තරු මේ සේරම අහසෙම තිබුණ දෙන්… මෙහෙම එකලඟ වැතිරිලා ඒවා දිහා බලාගෙන ඉන්න ඔයා හැමදාම මගෙත් එක්ක ඉන්න… ඒ ඇති…”//
ReplyDeleteචරිත වලට කියවන්නාව රිංගවන්න හැකි කථාව
අම්මෝ පපුව!
ReplyDeleteනියමයි... කියන්න දෙයක් නෑ... ලස්සන කතාවක්..
ReplyDelete"ඔයාව මතක් කරලා දානේ දෙන්න !"
ReplyDeleteමම බයඅඅඅඅඅ වෙලා...
නියමයි බීටලේ...
ලස්සන කතාවක්. අද කාලෙට ගැලපෙන....
ReplyDeleteBeetle strikes again! One of the best in the business. ;)
ReplyDeleteඅයෙත් මේ කතාවෙ නම දකිද්දි piloerection (ලඟදි ඉගෙන ගත්ත වචනයක්) එකක් ආවා හීනියට මේක ඇතුලේ තියන meanings ගොඩ දැකලා.
ReplyDelete"හිමි සඳ" - 'අ' මුලට දැම්මහම අහිමි... එතකොට "සඳ" කියන එකේ තියනවනෙ 'එකල්හි' වගේ තේරුමක්... එතකොට හිමි සඳ අහිමි සඳ (කල) වගේ දිග අරින්න පුලුවන්.
"සඳ" - හිමි ව සඳට උපමා කිරීමක්නෙ "හිමි සඳ" කිව්වහම වෙන්නේ. එතකොට මෙතන ඇය මුලින්ම මේ ගමන යන්නේ හඳ හොයන්න. ඇය තේරුම් ගන්නවා ඇත්තටම හඳ තියෙන්නෙ කොහෙද කියලා...
'අහිමි සඳ' ටයිට්ල් එකට උඹට වෙනමම සම්මානයක් දෙන්න ඕනේ.
සුපිරි කතාව...
ReplyDeleteBeetoooooooooooooooooooooooooooooooooo
ReplyDelete(Y)
patta....
ReplyDeleteඅනර්ඝයි...!
ReplyDeleteThese words are speaking - horrific and passionate at the same time!
ReplyDeleteතාම ඔරු පදිනවද?
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDelete