ආධුනික කෙටි කතා පොත

කාර්යාලයේ වෙහෙස නිවාගන්නේ

About Me

My Photo
හැඩයක් නැති හදවතක, ඉපිද මැරෙන සිතිවිලි ගොන්නකින්, අතට අහුවෙන අකුරු අහුරක්, ලොවටම පෙනෙන සේ මෙසේ සඟවමි...

ඇවිත් ගියෝ

Followers

මගේ ප්‍රියතම බ්ලොග්

  • බිස්මාර්ක් හි ස්ලීප් ඉන් - නිදාගන්න නවතින්න හොඳම තැන “ස්ලීප් ඉන්” නිසා අපි බිස්මාර්ක් හි නිදාගන්න නැවතුනේ එතැන. හෝටලයේ ඇතුලත පින්තූර මෙහෙම. ටොස්ට් කරපු ගෙම්බා අවන්හලෙන් දෙන්නෙකුට රාත...
    1 hour ago
  • මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymore! - අද වෙසක් පෝ දින වෙනුවෙන් මා මින් වසර තුනකට පමණ පෙර ලියන ලද ලිපියක සංස්කරණය කරන ලද කොටසක් පල කෙරේ. බසින් පාලි අපි පන්සිල් පද කියමු සිතින් එහි අරුත කිසිවිට ...
    5 hours ago
  • මගේ උපන් දිනය / My Birthday - මගේ උපන් දිනය හීන් හිරිපොද වැස්සේ චුරු චුරුව කසාඳ බැන්ද ගැහැණියකගේ චුරු චුරුවෙන් වෙනසක් නැතිවා මෙනි. නවතින හැඩක් හෝ වැඩි වන හැඩක් නැත.ඒ කිසිත් ගනන් නොගත්...
    2 days ago
  • දීර්ඝතම සටන් විරාමය අත්සන් තැබේ - 5වන කොටස - මැක් ආතර් ඉවත් කළත් කොරියානු යුද බිමේ කෲරත්වය අඩුවීමක් දෙපසින්ම සිදුවූයේ නැත. චීන ප්‍රහාර වලදී පළමු අවස්ථාවේ දැඩි ධෛර්යයකින් සටන් කර ජයගත්තත් ක්‍රමයෙන් එම ධෛ...
    2 days ago
  • පුතාගේ ලියුම . . .! - තාත්තා සූදු කෙලවයි.. කුඩු විකුනන උන්ට හෙල්ප් කරනවා මදිවට තිතට මත්වෙන්න බොයි. පවුලේ දිනුයුවට කියා ආච්චිලා නැන්දලා මාමලා දෙනදේ පමනක් නොව තාත්ත හම්බ කරන සි...
    4 days ago
  • ඔයාලට කියන්න මෙයාලා... - මේ ලාස්ට් මන්ඩේ.. (ඔව් ඔව් යකෝ ගිය සඳුදා..ඒ කිව්වේ පෙරේදා තමා..) උදේ පාන්දර මම නැගිටින කොට මුළු සරුවාංගෙම නිකං ගල් රෝලකට අහු වෙච්ච පොල් ලෙල්ල වගේ තලා දාපු ගත...
    1 week ago
  • දෙමළ කෙස් ගහක් සත පනස් පහයි! (කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතාවක් ) - “ඔය කොයි දේ ගැන වුනත් ටික ටික හරි දැනගෙන ඉන්න හොඳයි ............!“ දවසක් අම්මා කිව්වා. ඇත්තටම ලෝකේ තියෙන ඕනෙම දෙයක් ගැන තොරතුරු දැනගෙන ඉන්න එකේ ප්‍රයෝජනය ම...
    1 week ago
  • ඉළ ඇදෙනකං හිනාවෙන්න.... මෙන්න විදුලි ආතල් !! - ඊයෙ උදේ ජාතික රූපවාහිනියේ දවසේ පුවත්පත් කාටූන් පෙන්නන අතරෙ තමයි මේ කාටූන් එක දැක්කෙ. වැඩසටහන කලේ චමුදිත සමරවික්‍රම බබා. (දන්නවනේ... සමරවික්‍රමලා කිව්...
    4 weeks ago
  • බොස්ටන් ත්‍රස්ත සැකකරුවන් ගැනයි - බොස්ටන් බෝම්බයෙන් අහිංසක දරුවන් ඇතුළු අසරණ මිනිසුන් මියයන විට අපි කනගාටු වූයෙමු. වරදක් නොකළ මිනිසුන් මරාදමන ජනනාශක බෝම්බයක් කිසිම ආකාරයකින් සාධාරණය කල නොහැක....
    4 weeks ago
  • ඇයි ඔයාලා මොනවා කරන්නද? - අපි : මහින්ද මාමේ, ඔහෙල යුද්ධ කරනකම් අපි බඩ පටිය තද කරගෙන හිටියා දැන් දැයට කිරුල ජෝගි දානකොට අපිට පටි බඳින්න බඩක් හොයා ගන්නත් නෑ මාමා : මිනිස්සු එදත් ...
    4 weeks ago
  • ආපස්ස බැලීම හා ප්‍රතිරූප සමඟ අවසානයේ මංගල යෝජනා .|. ඊලඟ කෑල්ල තවත් රසවත් ද ? - ආපස්ස බැලීම. බොහොම කාලයක් බ්ලොග් නොලියා හරිහමං විදියට නොකියවා උන්න. උවමනාවෙන් නෙමෙයි ඔහේ දවසින් දවස පස්සට ගියා. හරියට ගින්දරෙන් ඇතට ගිහිල්ල හීතල ගුහවක ගුලි...
    5 weeks ago
  • ජින්නෝ - *උරුක් කර දබරැඟිලි* *තබා මා වටකර* *කළු අකුරු ඇති සුදු පොත්* *වසා ගිය පසු ඔවුන් දොර* *ඔබ දෙදෙන මැද හිඳ* *පැද ගියෙමි ඔරුව* *ගඟ දිය දෙබෑ කර* *දුරට, දුර ඈතට* ...
    1 month ago
  • 38. ජෝන් බාස්ගේ මිනීමැරුමේ සැඟවුණු අභිරහස - ෂර්ලොක් හෝම්ස් කුඩා කළ කියැවූ බොහෝ දරුවනට සේ මටද කාලයක් රහස් පරීක්ෂක උණක් වැළැඳී තිබුණේය. නමුත් මේ කතාවේ සඳහන් “ජෝන් බාස්ගේ මිනීමැරුම” මා දැන ගත්තේ වැඩිහිට...
    3 months ago
  • 31 රෑට මොකෑ කරන්නෙ ? - මගේ ලොකු නැන්දාගේ පුතා 'ලකී මල්ලි' උපන්නේ දැසැම්බර් 25 වෙනිදා. ඒක නිසා එයාට හැමෝම කිව්වෙ සැන්ටා බෝයි නැති නම් සැන්ටා කියලා. එයාට වඩා හරියටම දවස් තුනක් වැඩ...
    5 months ago
  • මැනර්ස් - ඉඩක් ලැබෙන හැම විටකම, කුඩාවුන් වූ අපට මැනර්ස් උගන්වන ලදී. කෑමක් බීමක් කෙරෙහි පෙරේත නොවිය යුතු බවද, විශේෂයෙන්ම යමක් බිව් පසු මැනර්ස් පොඩ්ඩක් ඉතිරි කළ යුතු බ...
    5 months ago
  • අභ්‍යවකාශයේදී අතුරුදන් වූ ආදායම් බලපත්‍රය - දාහතේ කොලනියට ඒතරම් හඳ එළිය වැටිච්ච නැති එක දවසක මමයි රිපිටයි දෙන්න කිරි ඉබ්බෝ දෙන්නෙක් තුන් දෙනෙක් අල්ලගන්න හිතාගෙන ඇල දිගේ පහළට ගියා . චිකන් කන්න ...
    5 months ago
  • සිකුරාදා ඇවිත් - නොදැනුනා නොවේ උ‍ඹෙ සැලසුම අහුකරගන්න මා උගුලට පොත්මේසෙ අද්දරින් එහෙ මෙහේ යනකොට තරහකට නොවේ මග හැරියෙ මම එතකොට නොදැනිලා නොවේ උඹෙ තනිකම සිකුරාදාය අද බිඳෙන ...
    6 months ago
  • සුබ රාත්‍රියක් මිත්‍රයා! - උඹෙයි මගෙයි යාළුකම ඇතිවුනේ කොහොමද කියන එක දන්නෙ උඹත් මමත් විතරක් වුනාට ඒක තාමත් කවුරුත් නොදන්නෙ උඹෙත් මගෙත් යාළුකම අප්‍රසිද්ධ නිසා වෙන්නැති. අපි ඉස්කෝලෙදි...
    7 months ago
  • අධිෂ්ඨානයේ මිනිස්සු. - මෙවැනි සටහනක් තබන්නට සිදුවනු ඇතැයි ඩෝ ඩෝ බලාපොරොත්තු වූයේ නැත. එහෙත් මීට පෙරද ඒ ශික්ෂණය, විනය අවශ්‍ය අවස්ථාවලදී බිඳ හෙළන්නට ඩෝඩෝ පසු බට වීද නැත. FUTA සභාපත...
    7 months ago
  • මිරැන්ඩා - රතුපාට නිල්පාට කොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව "සුරුස්... සුරුස්" හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිස ඇතුල් කර...
    8 months ago
  • ස්මරණ ශක්තිය - එක්තරා නීතීඥයෙකු හෘදයාබාධයකින් සිදු වූ සිය අකල් මරණයෙන් පසුව දිව්‍ය ලෝකයේ ද්වාරය අසල පහළ විය. නීතීඥයන් සුරලොවට පැමිණීම අරුමයක්ම වූ බැවින් සක්දෙව් රජු වහා...
    8 months ago
  • හොරකම - සීලවතී උපාසක නැන්දා සිමෙන්ති පඩියේ ඇණ තියාන දෝමනස්ස කල්පනාවක ගිලී හුන්නාය. මේ මාසේ පාලොස් වැනිදා. ගේ සාවියේ තුට්ටු දෙකක් නැහැ. විසිහත් වැනිදාට මුර දානේ. නැ...
    8 months ago
  • ක්‍රිස්ටෝෆර් හිචන්ස් තවත් නැත - "ගොඩ් ඉස් නොට් ග්‍රේට්" ඇතුළු කෘති ගණනාවක් රචනා කරමින්, ආගමික නායකයින් සමග ප්‍රසිද්ධ විවාද වලට එලැඹෙමින්, ආගමික උමතුව නිසා මරණ තර්ජනයට ලක්වූ ලේඛකයින්ට රැ...
    1 year ago
  • සමුගැනීම. - “අපි වෙඩි තියන්නේ තරහට නෙමෙයි. අපි වෙඩි තියන්නේ නැත්තේ ආදරේටත් නෙමෙයි. නිකන්…… නිකන්ම.. නිකන්.. හුළං වගේ නිකන්” - මේ මඟේ සඳයි හැන්දෑව | හෙට එච්චර කළුවර නැහ...
    1 year ago
  • අත්තම්ම දැං හොදටම නැහැදිලා බොලව් - (ගම් මැද්දට වෙංට තිව්න නෙලිගල ගෙදර යස ඉළංදාරි දෙංනෙක් උංනා. යස කිව්වට මොකෑ, මුං දෙංන එක විදිහක බානක්. ඒ වගෙමයි උංගෙ අප්පත් වසවර්තියා. කොල්ලො දෙංන කොරාප...
    1 year ago
  • කොලූගේ සමුගැනීම - හිතන්නට ලැබීම වාසනාවකී. හිතෙන දේ ලියන්නට ලැබීම භාග්‍යකී. කොලූටද, අපේ පරම්පරාවේ අනෙකුත් උදවියට වාගේ, ඒ භාග්‍යය ලැබුනේ ටිම්-බර්නස් ලීට පින් සිදුවන්නය. කොලූ ල...
    2 years ago
  • මහින්ද රාජපක්ෂගේ ලොකුම හතුරා | Mahinda Rajapaksa’s prime enemy - දසිස් දිනා රුපු රජුන් නසා -ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද – තවත් එවන් රුපු කැලක් විනා අදින් මතුව යළි සටන් වදින්නට – රජෙක් න...
    2 years ago

1. වෙනස | The Change


මෙම බ්ලොග් අඩවියේ දැනටමත් සඳහන් කර ඇති පරිදි මා ලියූ පළමු ලිපිය පලවූයේ Taboo Subjects නම් ජනප්‍රිය බ්ලොග් අඩවියේයි...

ඉතින් මා වෙනුවෙන් ලබාදුන් ඒ අනුග්‍රහයට සහ අදහස් දැක්වූ සැමට කෘතගුණ සැලකීමක් ලෙස එම ලිපිය නැවත මෙහි පලකරනවා වෙනුවට එහි මුල් පිටපතට සබැඳියක් මෙසේ පළකරමි...

වෙනස (පාඨක නිර්මාණයක්) | The Change (A short story by a reader)


 ගොඩක් ප/ලි/ :  [21-06-2011]

ඉහතින් සඳහන් වී ඇති සබැඳිය තවදුරත් වලංගු නොවන්නේ ඇයිද යන්නට දිය හැකි පැහැදිලි පිළිතුරක් මා සතුව නැහැ... එම අභිරහස විසඳීම පසෙක තබා,  කලක් මට අහිමව තිබී මිතුරෙකුගේ උදව්වෙන් සොයා ගත් ඒ කතාව සම්පූර්ණයෙන්ම මෙසේ  පළකරන්නම්...



********************************************************************
"අම්මේ මම ටිකක් සෙල්ලම් කරලා එන්නම්..." ඇහෙන නෑහෙන හඬින් අවසර ගත්තු මම ඉගිලුනේ මම කියපු දේ බැරිවෙලා හරි අම්මට ඇහුණොත් කියලා...

කළාතුරකින් එන කෙටි නියං සමය ගමේ කොල්ලන්ව ගොඩින් මඩට ගෙනල්ලා... පොල්වත්තේ ක්‍රිකට් ගහද්දී කොණ්වුන හැමෝම වගේ එල්ලේ ගහන්න පෙරමුණ අරගෙන...

එල්ලේ පිත්ත තරම්වත් උස නැති අන්තිම කුරුට්ටත් බෙදුවට පස්සේ තේරුනේ එක පැත්තකට එකෙක් අඩුයි කියලා...කටිටියම මහ නියර උඩ බයිසිකලයකට වාරු වෙලා අපි දිහා බලාගෙන ඉන්න අමුත්තාව දැක්කේ තව කවුරු හරි හොයාගන්න වට පිට බල්දියි...

"අහලා බලපං එනවද කියලා..." දුසිමකට ටිකක් විතර වැඩි පිරිස අතරේ පණිවිඩය ගෙනියන්න සුදුසුම පුද්ගලයා විදියට මාව ඇසිල්ලකින් තීරණය වෙලා...

"කව්ද මචං ඒ...?" ඒ පැත්තට අඩිය තියන ගමන් නිකමට වගේ මම ඇහුවේ කාගෙන්වත් උත්තරයක් බලාපොරොත්තුවෙන් නෙමේ...

"හිමාලි අක්ක බැඳලා ඉන්න අය්යා..." ඇටෙන් පොත්තෙන් මෝරපු නැති ඇච්චෙක්ට තමන්ගේ ඕපදූප හොයන අම්මාගෙන් දායාද ලැබිලා... 

"එයාට මොකුත් කරගන්න බැහැලු...එයාට බරවා..." ඒ උගේ අය්යාගේ හඬ වෙන්න ඕනේ......

"මොකුත් කරගන්න බැරිනම් හිමාලි අක්කට අහවල් එක කරන්නෙ බොලෑ මහ එකාද..." වැඩුනු එකෙකුගේ විධානයෙන් පොඩිඋන් දෙන්නගේ අදහස් වලට වාරණය වැටෙනවා මට යන්ත්මින් ඇහෙද්දිත් මම අමුත්තා හා කතා කරන්න පුලුවන් කිට්‍ටුවට ඇවිත් හමාරයි...

"එල්ලේ ගහන්න එනවද...?" ඔහුගේ මුහුනේ තිබුනු ප්‍රසන්න හිනාව අපි අතරේ තිබුන ආගන්තුක හැඟීම නැති කලා...

"එන්නම් හැබැයි මට දුවන්න කෙනෙක් ඕනේ.."

"අපෝ ඔනේ තරම් ඉන්නවා..."

ඔහු මගේ ආරාධනාව කොච්චර බලාපොරොත්තුවෙන් හිටියාද කිව්වොත් බයිසිකලයෙන් බැස්සා නෙමෙයි පැන්නා...

එදායින් පස්සේ කොලු රංචුවේ ඔනෑම ක්‍රීඩාවක නායකයා වුනේ මිල්රෝයි අයියා... ඒ විතරක් නෙමෙයි ටික දවසකින් ගමේ හැම දේකදීම වගේ අනායාසයෙන්ම මූලිකත්වය ලැබුණේ ඔහුට ඕනෙම පොදු වැඩකදී ඔහු යෝධයෙක් වගේ හයියක් වෙනවා මම බලාගෙන හිටියේ පුදුමයෙන්...

ඔහු ඇත්තටම බරවා රෝගියෙක්...නමුත් ගතින් පමණයි...බෙර කොටයක් වගේ ඉදිමුන කකුල පැය විසිහතරේම අඳිනු ලැබූ දිග කළිසම විසින් ලෝකයෙන් වසන් කලා...කිසිවෙකුට නොදෙවෙනි ගතේ සවියත්, තැනට සුදුසු නුවණත්, එඩිතරකමත් ඒ සියල්ලටම වැඩි අප්‍රමාණ චිත්ත ධෛරයත් ඔහු රෝගියෙකු බව අපි හැමදෙනාටම අමතක කළා...

කාලය කාටත් හොරෙන් ගෙවී ගියා...ගමේ කොලු කුරුට්ටන් සමඟ මගේ තිබූ සම්බන්ධයට වැට බැඳිමට ගත් අම්මාගේ උත්සාහය සාර්ථක වුණා...නගරයේ කොල්ලන් ආශ්‍රයෙන් මාතුළ ඇතිවූ විපර්යාස වල ප්‍රථිඵලය වූයේ නගරයේ කෙල්ලක් විවාහ කරගත් මා අම්මාගෙන් වෙන්වී විදේශ ගත වීම...

*************************************************************************************
කාලයත් සමග ජීවිතයට එක්වූ අලුත් අලුත් වෙනස්වීම් හමුවේ මා හැදුනු වැඩුනු ගම්මානයත් එහි ජීවිත්වූ මගේම මිනිසුනුත් මගේ සිතින් ඈත් වී ගියා... නානාප්‍රකාර වැඩකටයුතු අතරේ දෙමාපියන් සමඟ අන්තර්ජාලයෙන් දොඩමලු වන ඉසිඹුවේ ඕපාදුප ගැන කතා කරන්නට ඉස්පාසුවක් නැති තරම්....

අවසන්වරට මිල්රෝයි අය්යා ගැන මා ඇසුයේ මාගේ පියාගෙන්... ඒ මාගේ මහ ගෙදර විදුලිය සපයන ‍රැහන්වල අලුත්වැඩියවක් කිරීමට සිදුවී ඒ සඳහා විදුලි බල මණ්ඩලයට දැන්වූ විට මාර්ගයේම විදුලිය අත්හිටවිය යුතු බැවින් ඔවුන් එය කල් දමමින් සිටිනවිට, මිල්රෝයි අය්යා පැමිණ ‍රැහැන් වල විදුලිය තිබියදීම ඔහු ඒවා අලුත් වැඩියා කර දුන් බවයි... පැරණි මතකය අලුත් වෙමින් ඔහුගේ එඩිතර කම පිලිබඳ මා තුළ ඇති ගෞරවය ආස්වාදනය කරමින් ඔහු එය සිදු කළ අහුරු හාර හාරා තාත්තාගෙන් අසා දැනගත්තේ මහත් ආසාවෙන්... බරවා රෝගියෙකු තබා පලපුරුද්දක් නොමැති නිරෝගී මිනිසෙකුටත්රැඳී සිටීමට අපහසු විදුලි කණුවක එල්ලී විදුලිය සහිතරැහැන් සමඟ ඔට්ටු වෙමින් ඔහු කරන වික්රමය සුරංගනා කතාවක් රසවිඳින ළදරුවෙකු සේ සිතින් මවා ගනිමින් මා රස වින්දා

මේ සිදුවීම සිදුවූයේ බොහෝ කාලයකට කලින්...එයින් පසු නැවතත් ඔහු පිළිබඳ මතකය යටපත් වුණා...

*************************************************************************************
කළකට පසු ලැබුණු නිවාඩුව කාර්යබහුලත්වය මඳක් අඩුකළෙන් ලද ඉස්පාසුවේ මව් රට බලා ඉගිලුනේ ආයෙත් කවදා යන්න ලැබෙයිද නොදන්නා නිසා...

කාලයත් එක්ක වෙනස් වෙලා තිබුණේ මම විතරක් නෙවෙයි... මටත් වැඩියෙන් මගේ ගම වෙනස්වෙලාද කියලා මට හිතුණා...

අපි විස්කිරින්නා, හුලං විස්කෝතු හොරකම් කරපු සාමෙල් මුදලාලිගේ කෝකටත් කඩේ අත්තිවාරම උඩින් අලුත්ම අලුත් පොඩි පහේ වෙළඳ සංකීරණයක් ඉදිවෙලා...පොල්වත්ත කෑලි වලට කැඩිලා...වෙල්යාය ගොඩවෙලා තාප්පෙකින් වටවුණු ගාමන්ට් ෆැක්ටරියක් ඉදිවෙලා... එදා අපි ගෑනු ළමයෙක් එක්ක හිනාවුනත් නොරොක් මූනෙන් හැරිලා බලපු වැඩිහිටියෝ ගාර්මන්ට් එක අවට අහුමුළු වල ඉන්න කුරුළු ජෝඩු ගැන වගේ වගක් නැති ගානයි... වෙන එකක් තියා, එදා කිසිම ලැජ්ජාවක් නැතිව පස්සපැත්ත එලිය දාගෙන අමුඩේ පිටින්  ගමේ එහා කෙරවලේ ඉඳන් මෙහා කෙරවලට වුනත් පයින් ඇවිදගෙන ගිය විලියොං සීයත් ගාර්මන්ට් ෆැක්ටරියේ තරුණියන් මඟ ගැවසෙන නිසාදෝ සරම් කෙටියකට මාරු වෙලා...

*************************************************************************************
"පුතේ තේ බොන්න එන්න..." පි‍ටුපසින් පැමිණි අම්මා මගේ දැහැන බින්ඳා... 

ආපසු  නිවසට පා නඟන ගමන් කොහෙන්දෝ පැමිණි කෂණික සිතිවිල්ලකින් ම ඔහු පිළිබඳ සිහියට නැඟුනා...

"අම්මේ මිල්රෝයි අයියා කොහෙද දැන්...?"

"අයියෝ එයා නැති වුණානේ..." අම්මාගේ එ පිලිතුරින් මම ගල් ගැසුණා...

"ඒ කොහොමද...?"

"එයාගේ අර කකුලක බරවා තිබුණානේ... ඒක ගොඩක් වැඩි වෙලා කකුල කපන්න වුණා... ඒකෙන් එයා ගොඩක් මානසිකව වැටිලා මම හිතන්නේ... දැන් ටික කාලයක් වෙනවා...කෝච්ච්යට පැනලා... දිවි නසාගෙන...

තව මොනවාදෝ අම්මා කිව්වත් මට ඒ කිසිවක් ඇසුනේ නැහැ... ජීවිතය ගැන දරාගන්න බැරි කලකිරීමකින් මගේ මුලු ගතම වසාගෙන යනවා මට දැනුනා...

ඇත්ත තමයි...මටත් වැඩියෙන් ගම වෙනස් වෙලා....

3 comments:

  1. ටැබූ බ්ලොග් එක තියෙදී මම මේක කිවුවා මතකයි හැබැයි එතන අදහස් දැම්මේ නෑ මොකද ඔතන අදහස් දාන්න ගොයොත් ගුටිත් කාගෙන තමයි එන්න වෙන්නේ .

    මම මේ කතාව බැලුවා මම කියෝපු සංවේදීම කතාව නොවුනත් . හිතට දැනිචිච කතාවක්..

    ReplyDelete
  2. ඇත්තම කථාවක්යයි හිතෙන තරමට පුංචි පුංචි විස්තරයන්ගෙන් ගොඩ නැගෙන කථාව හුඟක් රසවත්.
    අවසර නොලැබේයයි හිතන සෙල්ලමට "ඇහෙන නෑහෙන හඬින්" නමට පමණක් අවසර ගැනීම...
    ක්‍රිකට් ගහද්දී කොන් වුණු හැමෝම එල්ලේ ගහන්න පෙරමුණ ගැනීම...
    ඊටත් වඩා කොන් වුණු චරිතයක් කොලු රෑනට එක් වීමත් සමගම වඩාත් ආත්ම විශ්වාසයකින් යුතුව සමාජගත වීම...
    අවසන ඔහුගේ ජීවිතයේ කඩා වැටීම...
    කෝකටත් කඩේ සිට විලියොං සීයගෙ අමුඩය දක්වා ගමෙහි වූ වෙනස් වීම්...

    මේ හැම දෙයක්ම වෙහෙසකින් තොරව හිතට කා වදින අයුරින් ලියැවී ඇති අපූරුව පෙන්වන්නෙ ඔබගෙ උපන් දක්ෂතාවය.
    විශිෂ්ටයි

    ReplyDelete
  3. දුක්බර මතකයක් එක්ක එකතු වුන පැහැබර අනාගයක්... සුබ පැතුම් බීටල්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...

අකුරු බ්ලොග් අඩවියෙන්

---------------------------------
"හා... ස්ටේෂන් එකේ කොතනටද එන්නේ..?"

"ම්ම්ම්... වයන්න යටට එන්න..."

" වයන්න යටට..?"

"එළියේ උඩ ලොකුවට ගහලා තියෙන්නේ කො‍ටුව දුම්රිය ස්ථානය කියලා..."

“ඔව්..."

“ඉතිං ඒකේ වයන්න යටට එන්න..."


- එකෝමත් එක කාලෙක, ආදර කතාවක් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"ඒ කාලේ අපේ අම්මා මට දෙන රුපියල් පහෙන්, මම කැම්පස් ගිහිල්ලා ‍තෝසෙ කාලා , ප්ලේන්ටි බීලා, සිග‍රැට් එකකුත් බොනවා..."

"අපෝ දැන් ඒ කාලේ වගේ නෙමෙයි තාත්තේ, බඩු කොච්චර ගනන්ද...? දැන් කොළඹ ගිහිල්ලා ‍තෝසෙ කාල ප්ලේන්ටි බීල සිග‍රැට් එකකුත් බිව්වම රුපියල් සීය ඉවරයි..."

"ඈ යකෝ උඹ සිග‍රැට් බොනවද..?"


- දස වසක් ඇවෑමෙන් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ප්‍රයිවෙට් කොම්පැණියක හොඳ තනතුරක්ලු... දැක්කේ නැද්ද කාර් එක..."

"ඔහොම ලොකු කාර් ගන්නවා කුඩු බිස්නස් කාරයොත්..."


- පච්චා කොටපු ඉලන්දාරියා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“Aren’t you gonna join with us…?"

"I never pay for Sex…"


- අඳුරේ පව් කරන දනා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“හිමාලි අක්ක බැඳලා ඉන්න අය්යා… එයාට මොකුත් කරගන්න බැහැලු…එයාට බරවා…”

“මොකුත් කරගන්න බැරිනම් හිමාලි අක්කට අහවල් එක කරන්නෙ බොලෑ මහ එකාද?”


- වෙනස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"අනේ අත්තම්මේ... මගේ ඉන්බොක්ස් එක ඕපන් වෙලා ඇති... පොඩ්ඩක් සයින් අවුට් වෙලා මෙෂින් එක ෂට් ඩවුන් කරනවද...?"


- අමුතු සෙල්ලම - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
" ගෝස්කි මහත්තයයි නෝනයි දෙන්නම දැන් ජීවතුන් අතර නෑ... ඉතිං මේ රහස දැන් එලිකරාට ගැටළුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා..."


- නීල් ආම්ස්ට්‍රොන්ග් සැඟවූ සඳ ගමනේ අභිරහස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ආ.. මේක කෙමක්... ඇණේ අතට ගත්තට පස්සේ කතානොකර මට ගෙනල්ලා දෙන්න ඔනේ හරිද...?"


- වැරදුණු ගුරුකම - කියවන්න මෙතැනින් -
---------------------------------



Web Statistics