Thursday, September 11, 2014

96. ඇමතුමක දුරින් මම...

Cole Swindell...Love him

තිත්ත රස හාදුවක්, විස්කි උණුසුම රැඳුන...
බරක් නොම ගෙනෙයි නම්, කඳුල නුපුරුදු හිතට...
ඇතොත්  ඉඩ සුසුමකට, හිමිදිරියෙ ගතු කියන..
පිස්සු කෙල්ලේ ඉතින්, ඇමතුමක දුරින් මම...

පරණ නොම්මරයමයි, මකන්නට නැතුව ඇති...
ඒ නැතත් ඇඟිලිතුඩු වලටනම් පුරුදු ඇති...
වැරදියි තමයි ඒත්, අපිට ඇයි හරි වැරදි...
හෙට උදේ ‘වෙරිමතට’ හිතපුරා බනිමු අපි...

කතාවක් කියන්නම් හුරු පුරුදු චරිත නැති...
වෙලාවක් තිබුණොතින් කවියකුත් ලියමු අපි...
අපිට අපි අයිති නැති වුනත් තනිකමක් නැති..
’මම කැමති පාට’ නැති සිතුවමක් අඳිමු අපි...

හුදකලා රැකියාවන් කරන බොහෝ දෙනෙක්ගේ වගේ මගේත් රාජකාරී කාලය බොහෝදුරට ගෙවෙන්නේ සංගීතයට සවන්දෙන අතරේ... එහෙම වෙලාවක ජීවිතේ පළවෙනිපාරට අද ඇහුන මේ ගීතය ඉවරවෙන්නත් කලින් මගේ හිත පැහැරගත්තේ වැඩියක්ම ඒකේ තියෙන අසාමාන්‍යය පදමාලාව හින්දා වෙන්න ඕනේ...වැඩි ආයාසයක් නැතුවම උඩ තියෙන කවියත් ලියවුනේ මගේ හිතේත් මේ වගේ අදහසක් හොල්මන්  කරමින් තිවුන හින්දාද මන්දා…

(මට වැටහුණ විදිය වැරදි නැතිනම්) මේ ගීතයේ තියෙන්නේ සම්බන්ධය බිඳුන ප්‍රේමවන්තයෙක් තමන්ගේ හිටපු පෙම්වතියට, සුරාවෙන් මත්වෙලා එක රැයක් පහන් කරන්න කරන ආරාධනාවක්...  ඉතිං මට හිතුණේ ඒක ආදරයෙන් පැරදුන ජෝඩුවකට වෙන්න පුළුවන් හොඳම දෙයක් නෙමේද...? වාසනාවකට හෝ අවාසනාවකට එතනින් එහාට මොකද වෙන්නේ කියන එක ගැන ගීතයේ සඳහනක් නෑ..

ඒ ගීතයේ කියවෙන කතානායකයා, අලුතින් සම්බන්ධයක් පටන් ගන්නෙ නැතුව පරණ ගෑණුලමයාටම ආරාධනා කරන්නේ ඇයි...? ඊටත් කළින් ඒ දෙන්නාගේ සම්බන්ධය බිඳුනේ ඇයි..? එතකොට ඒ ගෑණුළමයාටත් එදා රෑ තනිකමක් දැනුනද..? තනිකමක් දැනුනත් එයා මේ ආරාධනාව පිළිගනියිද..? ඒහෙම පිළිගත්තත් ඒගොල්ලෝ ආයෙත් හමුවුණාම බලාපොරොත්තු වුන විදියට සතුටින් හැමදේම ඉවර වේවිද..? නැතිනම් පරණ දේවල් ගැන එළිවෙනකල් රණ්ඩු වේවිද..? එහෙම නැතුව සතුටින් රාත්‍රිය ගතවුනානම් ඒ හැමදේම අමතක කරලා ආයෙත් උදේට වෙන්වෙලා යන්න පුලුවන් වේවිද..? තමන් කල දේ ගැන පසුතැවීමක් ඉතුරුවෙයිද..? නැතිනම් සතුටක් ඉතිරිවෙයිද...? ඒදෙන්නාටත් නොදැනිම ආයෙත් පරණ සම්බන්ධය පටන් ගනියිද...එදා රෑ ඒදෙන්නා සංවාසයේ යෙදෙයිද? තුරුළු වෙලා නිදාගනියිද..? නැතිනම් එළිවෙනකල් කතා කර කර ඉඳියිද..?

කරමින් හිටිය වැඩෙත් නවත්තලා, තවපාරක් උනන්දුවෙන් සිංදුව අහලා ඉවරවුනාට පස්සේ මගේ හිතට වද දුන්න ප්‍රශ්න ඔන්න ඔයවගේ...

 

ගී පද මෙහෙමයි…

"Hope You Get Lonely Tonight"

I could go for a tipsy tailgate kiss,
baby taste the moonshinin' off of your lips,
I want to see that want ya smile,
still got me hooked been hooked for awhile.
If you got a bottle you ain't opened yet,
and an empty spot beside ya in ya bed,
if you got some room for a little regret,
let me know girl I've already left

If you're feelin' what I'm feelin' let's mix it up,
you got my number baby hit me up,
if you need a little late night pick me up,
I, hope you get lonely tonight,
we ain't gotta make up just kiss me,
we could straight up blame it on the whiskey,
you ain't gotta wake up and miss me, no,
I hope you get lonely tonight

I don't care if you're spinnin' in the neon,
or burnin' up the sheets with my tee on,
either way the thought is turning me on,
and I can't shake it girl I'm wide awake, so

If you're feelin' what I'm feelin' let's mix it up,
you got my number baby hit me up,
if you need a little late night pick me up,
I, hope you get lonely tonight,
we ain't gotta make up just kiss me,
we could straight up blame it on the whiskey,
you ain't gotta wake up and miss me, no,
I hope you get lonely tonight

Hope you get lonely,
Hope you get lonely,
Hope you get lonely tonight,
Girl

If you're feelin' what I'm feel in' let's mix it up,
you got my number baby hit me up,
if you need a little late night pick me up,
I, hope you get lonely tonight,
we ain't gotta make up just kiss me,
we could straight up blame it on the whiskey,
you ain't gotta wake up and miss me, no,
I hope you get lonely tonight

Writer(s): Michael Ray Carter, Cole Swindell
Copyright: Sony/ATV Tree Publishing

ප.ලි. එහාපැත්තේ ඉන්න ඔෆිස් හිතවතියක් මේ සිංදුව අහලා කිව්වේ… "මටනම් තියෙන ප්‍රශ්නේ කොල්ලා ඇයි විස්කි බෝතලයක් අරන් යන්නැතුව ඒකත් කෙල්ලගේ ගෙදර තියෙනවද කියලා අහන්නේ"කියලා...

75 comments :

  1. හුදෙකලා ‍රැකියාවක් ?
    සංගීතයට සවන්දෙමින් කළ හැකි ‍රැකියාවක් ?
    මූ කවුද ?
    මොනවද කරන්නෙ ?

    මට තියන පුරස්න ඕවා බන්.....

    මම මේ සිංදුවට ආස නෑ.. මම සිංදුවකට ආස වෙන්නෙ මුලින්ම ඒකෙ සංගීතය හිතට වදින්න තියෙන්න ඕනා.. මේකෙ සංගීතය මට විශේෂයක් නෑ.. සාමාන්‍යයි.. අර උඹ කියපු All I want එකනම් පට්ට.. මම ඒක වන් ශොට් ඩවුන්ලෝඩ් කරලා මගේ ලිස්ට් එකට දා ගත්තා...

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචන් පට්ට මියුසික් එකක්. බලපන්කො කෙටි පරාසයක් තුල කටහඬ හසුරුවන ලස්සන.

      Delete
    2. හුදකලා රැකියා කියන එකෙන් මම මෙතන අදහස් කලේ, කස්ටමර්ස්ලා සමඟ කෙලින්ම ඉන්ටරැක්ට් වෙන්නේ නැති රැකියා... :)

      සංගීතය ගැන අදහසක් දක්වන මට දැනුමක් නෑ බන්, මේ ජීවන කියලා තියෙන්නේ ඒ ගැන...

      සාමාන්‍යයයි කියන්නේ අනික් කන්ට්‍රි සිංදු වලයි මේකෙයි වෙනසක් නෑ කියන එක නම් උඹ කියන එක හරි ඇති...ඒ නැතත් උඹ මේකට ආසා නැති එක ගැන විවාදයක් නෑ... හැමකෙනාම එකමදේට ආසාවුනොත් ලෝකේ කොච්චර නීරස වෙයිද...

      Delete
    3. //මූ කවුද ? //

      මටත් ඔහොමම හිතෙනවා... :)

      Delete
    4. එහෙනම් මමත් හුදෙකලා රැකියා කාරයෙක් තමා.. ඒත් සිංදු අහගෙන කරන්න පුළුවන් තරමටම මම වාසනාවන්ත නෑ..

      මමත් දන්න උලව්වක් නෑ බන් සංගීතය ගැන. ( කාටවත් කියන්න එහෙම එපා මට මියුසික් වලට් ලයිට් කණුවකුත් තියනවා. හෙහ් ) ඒත් මම උඹේ අනිත් පැත්තෙ.. මට ඉස්සෙල්ලම මියුසික් නියමෙටම තියෙන්න ඕනා.. නියමෙත් ඉතින් එක එකාට වෙනස්නෙ.. මට ඉතින් ලයාන්විත කූල් මියුසික් එකක්නම් තමා වැඩිය කැමති.. ඊට පස්සෙ තමා මම ලිරික්ස් ගැන බලන්නෙ.. ඕක ඉතින් සදාකාලිකව නොවෙනස් වෙන සම්මතයක්ම නෙමේ.. ඕක එහෙම් පිටින්ම කණපිට හැරිච්ච අවස්ථාත් නැතුව නෙමේ..

      << හැමකෙනාම එකමදේට ආසාවුනොත් ලෝකේ කොච්චර නීරස වෙයිද... >>

      මම කැමතිම උඹ මේ ලෝකෙ දිහා බලන විදිහට.. මටත් එහෙම වෙන්න බැරි ඇයි කියලා හිතෙනවා...

      Delete
    5. පෝස්ටුව වගේම එල ද බ්‍රා සංවාදයක් ගොඩනැගිලා.
      මම ගැහැනු ළමයි 1600 විතර එක්ක වැඩ කරන්නේ, කෙනෙකුට කෙනෙක් වෙනස් ගතිගුන බලාගෙන ගියාහම ඒතක් මරැ අත්දැකිමක්.

      Delete
    6. ජීවන්,

      ඔය පරාස අනං මන්ං තේරෙන්නෙම නෑ බන්. මම මේකට මනාප නෑ. සමහර විට ඒ මගේ නොදැනුවත් කම නිසා වෙන්න පුළුවන්..

      තිසර,

      මට මතකයි බීටල් දවසක් කියලා තිබුනා එයාගෙ සැබෑ නමින් අන්තර්ජාලය තුල පෙනී සිටින්නෙ නෑ සහ සැබෑ අනන්‍යතාවය හෙලි කරන්නෙ නෑ කියලා.. ඒක හින්ද මූ ගැන හොයලා වැඩක් නැති වෙයි වගේ..

      Delete
    7. සෙන්නා, උඹ කරන විදිහ තමයි පොදු ක්‍රමය මම හිතන්නේ. අපේ කාර්ය බහුල ජීවිතවල සිංදු අහනවට වැඩිය වෙන්නේ ඇහෙන එකනේ. ඒ නිසා මාත් හිතන්නේ බොහෝ දෙනෙකුට මුලින්ම හිත යන්නේ සංගීතයට හෝ තනුවට. මටත් එහෙමයි. මමත් සංගීතය ඉස්කෝලෙදි ඉගන ගත්තා.. ඕලෙවල් වලට ඩී එකකුත් තියනවා. ඒක ලැබුණේ කොහොමද කියලා හොයන්න වෙනම කොමිසමක් පත් කරන්න ඕනේ. සංගීතය ගැන දැනුම නම් නෑ තමයි. හැබැයි මතයක් (opinion) තියනවා සිංදු අහන්නෙකුගේ පැත්තෙන්. දැනුම නැතත් මතයක් තියනවා හෙහ් හෙහ්....

      බීට්ලයා එහෙම කියලා තියනවද? පාවිච්චි නොකර ඉඳලාම, ඌට උගෙ අනන්‍යතාවය අමතක වෙලාද දන්නේ නෑ. දන්නවනේ අර හස්බන්ඩ් වයිෆ්ට ඩාලිං කියලා කතාකරන්නේ ඇයි කියලා....

      Delete
    8. සෙන්නා,
      මචන් සිංදුවකට මනාප වෙන්නේ නෑ කියන එක සින්දුවේ වර්දක්වත්, මනාප නොවන එකාගේ වරදක් වත් මනාප එකාගේ ව්රදක්වත් නෙවෙයි. එකට විවිධ සාධක ගොඩක් බලපානවා. සමහරවිට පුද්ගලික අත්දකීනක් හෝ මතවාදයක් බලපාන්නත් පුළුවන්.
      හොඳ උදාහරණයක් තමයි කොත්තු සංගීතයට අකමැති ගොඩ දෙනෙක් ඉන්නවා " එපා එපා මස් කන්නට කිරි අම්මාගේ' සින්දුව ආස.
      ඒ වගේම සංගීත රසය හුරු පුරුදු නොවීම තුලත් අකමැති වීම් වෙන්න පුළුවන්. උදාහරණක් කිව්වොත් මගේ බිරිඳට බැදපු අලුත රොක් සින්දු පෙන්නන්න බෑ. මල ඇඩියාව කියල වහල දානවා. නමුත් දැන් මට වඩා හොඳට මගේ කොල්ලන්ට කියන්න සින්දු තෝරලා දෙනවා.

      Delete
    9. "මට මතකයි බීටල් දවසක් කියලා තිබුනා එයාගෙ සැබෑ නමින් අන්තර්ජාලය තුල පෙනී සිටින්නෙ නෑ සහ සැබෑ අනන්‍යතාවය හෙලි කරන්නෙ නෑ කියලා.."

      සිරාවටම මම එහෙම කිව්වද බන්..? මම හිතන්නේ මම කියන්න ඇත්තේ සැබෑ අනන්‍යතාවය හෙලි කරන්න අකමැතියි කියලා වෙන්නැති...

      මෙහෙමයි... බ්ලොග් ලියන්න එන අයගෙන් 99%ක්ම එන්නේ සැබෑ අනන්‍යතාවය හංගගෙනනේ... ටික කාලයක් ලියද්දී යාලු මිතුරන් ඇතිවෙද්දී අර කට්ට ඇතුලෙන් එලියට එනවා... මම එහෙම එන්නෙ නැතුව ඉන්න කැමති එක විතරයි වෙනස... ඒත් ඉතිං එහෙම කවුද කියලා හොයාගන්න බැරිවෙන්න ට්‍රයි කරගෙන හැංගිලා ඉන්න අවශ්‍යයතාවයක් නෑ... චූ දාන්න එහෙම මමත් එලියට එනවා... ආයේ ඇතුලට යනවා... :D මට වැඩිය හැංගුන උන් මෙතනම කීදෙනෙක් ඉන්නවද..? :) බුරා නිකං හිම මිනිහා වගේ... දැක්ක කෙනෙක් නෑ, මිනිස්සු අරහෙමයි මෙහෙමයි කියලා කියන කතා තමයි මටනම් ඇහිලා තියෙන්නේ... :) තිසරත් එහෙමනේ....

      අනන්‍යතා නම් මොනවද...? :P අද මම අමුමිරිස් වීඩියෝවක් දාන්නත් ඕනේ...

      Delete
    10. ගොට් ඉට් බීටලේ, ;-)

      Delete
    11. හරියට හරි ඕකම තමා උඹ කියලා තිබුනේ... සැබෑ නමින් හා ආරුඪ නම වලින් බ්ලොග් ලිවීම ගැන.. කවුද දාපු පෝස්ට් එකකට

      ආ එහෙනම් දාල ලින්ක් එක එවහන්කො.. බලන්න මූ කවුද කියලා.. :D

      Delete
    12. තිසර, හබන්ඩ් මොකටද බන් ඇත්තටම වයිෆ්ට ඩාලින් කියන්නෙ ? මමනම් කවදාවත් පාවිච්චි නොකරපු වචනයක් ඕක...

      Delete
    13. මමත් මේ අමුමිරිස් වීඩියෝව එනකං බලාන ඉන්නේ. වෙන දේකට නෙවයි මේ නිර්මාණශීලී මිනිසා කවුද කියලා බලා ගන්න.

      Delete
    14. සෙන්නා,
      ඕක කියන්නේ මෙහෙමනේ. සෑහෙන වයසට ගිහින් හිටියත් තමන්ගේ වයිෆ් ට ඩාලිං කියලා කතා කරන මනුස්සයෙකුගෙන් ඒ ගැන ඇහුවහම කිව්වලු, දැන් අවුරුදු ගාණකට කලින් මට මේ ගෑනිගේ නම අමතක වුණා, ඉතින් අහන්න කියලයැ, ඒ නිසා ඩාලිං කියන්න ගත්තා කියලා.

      බීට්ල්,
      //තිසරත් එහෙමනේ....//
      ඇයි බං එහෙම කියන්නේ, ඔය මගේ අතේ ෆොටෝ එක තියෙන්නේ... :)

      Delete
    15. // චූ දාන්න එහෙම මමත් එලියට එනවා... ආයේ ඇතුලට යනවා...//

      ඒ කියනෙ උඹ...???

      හුටා.!!!! ( දැණුයි මට තේරුනේ රුචකය උඹට කැමති ඇයි කියල :P)

      බුරාවනං දැක්ක උන් ඉන්නවනෙ. ඒත් අර දේශ, ප්‍රොෆයිල් ඇනෝ, කෙන්ජි එහෙම මෙලෝ යකෙක් දැකපු නැති අවතාරනෙ.!!

      Delete
    16. // බුරා නිකං හිම මිනිහා වගේ.. //

      මාව දැකපු උන් නම් කියන්නෙ මම හිම මිනිහා වගේ නෙවෙයි, ගොඩ්සිලා වගේ කියලා.. ;-)

      Delete
    17. බූරා, උම එහෙනම් ප්‍රාගෙන් පරිස්සම් වෙයන් හරිය ? ඌට පේන්න බෑ ඔය ජාතියෙ එවුන්ව... :D

      Delete
    18. මමත් earphone එක දවස පුරාම කනේ ගහගෙන වැඩ කරන එකෙක්....හැබැයි ඉංග්‍රීසි සින්දු අහන්නෙ අන්තිම අඩුවෙන්....70 80 දශක වල සිංහල සින්දු තමයි මගේ හිට් ලිස්ට් එක...

      Delete
    19. @සෙන්නා / සුදීක
      මෙන්න වීඩියෝව... බලාපොරොත්තුවුන දේ නෙමේනම් සමාවෙයන්...

      @තිසර
      දකුණු අත දැකලා ඇතිවෙලා දැන් වම් අතේ ෆොටෝ එකක් දාපන්... :)

      @ඉන්දික
      හොඳවෙලාවට උඹ මොනවා කියනවද මට තේරෙන්නෑ... :D

      Delete
    20. මේ වීඩියෝ එක නිසා ප්‍රථම වතාවට බීටලයගේ ඇස් දෙක වත් දැක ගන්න ලැබුණු එක ලොකු දෙයක්නේ...

      Delete
  2. මචන් බීටලේ,
    මට කවදාකවත් සින්දුවක අර්ථය තේරුම් ගන්න බෑ
    ඉංග්‍රීසි දැනුම පිලිබඳ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්
    වචන වලට වඩා සංගීතයට හිතයොමු වෙන නිසා වෙන්නත් පුළුවන්.
    ඒ අතින් ගත්තම ගීතය උඹ නියමට සිංහල කරලා තියනවා.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා මේක මෝඩ කතාවක්...කියන්නත් ලැජ්ජයි, ඒත් ඇත්තම කිව්වොත් මට සින්දුවක මියුසික් කියන්නේ අන්තිම එක මචං...අනිවාර්යෙන්ම ඒකට හේතුව සංගීතය ගැන මගේ අල්ප දැනුම... ඒ කියන්නේ ඕනෙම සින්දුවක මියුසික් මට ලස්සනයි... එතකොට එක සින්දුවක් අනික් සිංදු වලට වඩා මට විශේෂ වෙනවනම් ඒ ලිරික්ස් වලින්... එහෙම නැතිනම් මියුසික් වීඩියෝවෙන්... මම මේ බ්ලොග් එකේ කලින් බෙදාගෙන තියෙන හැම සිංදුවක්ම වගේ ඔය දෙකින් එකක් හොඳයි කියලා මට හිතුණ ඒවා... මේ සිංදුවෙත් එහෙමයි...

      - if you got some room for a little regret
      - we could straight up blame it on the whiskey
      - you ain't gotta wake up and miss me

      ඔය වගේ පුංචි වචන ලස්සනට ගැට ගහපු කෑලි මට හරි ආසයි... ඒවා ගොඩක් තියේනම් ඒ සිංදුව හොඳටම හොඳයි කියලා හිතෙන්න ගන්නවා...

      මේ තියෙන්නේ ඒවගේ ලස්සනම කෑලි ගොඩක් තියෙන මම ආසම සිංදුවක්... උබ අහලා ඇති... මේකෙ සංගිතය කොහොමද මම දන්නේ නෑ... ඒත් ලිරික්ස් මටනම් මාරයි...
      Time is a thief I would rob... කියද්දිම මම ඒ සිංදුවට ආසා කරන්න පටන් අරන්... :D

      නමුත් උඹට වෙනවා ඇත්තේ අනිවාර්යෙන්ම වචන වලට වඩා සංගීතයට හිත යොමුවෙන එක... මම හිතන්නේ වෙන්න ඕනෙත් ඒකම තමයි...

      Delete
    2. මේක කන්ට්‍රි නෙවෙයි කන්ට්‍රි පොප් ගීතයක එකොස්ටික් වර්ෂන් එක බව තමා පේන්න තියෙන්නේ.

      Delete
    3. ඔව් මචෝ මමත් හිතන්නේ කන්ට්‍රි පොප් තමයි......ඒත් ඉතින් දැන් ඔය මියුසික් අවෝඩ්ස් එහෙම දෙද්දී කන්ට්‍රි කියලා සමහරවෙලාවට කන්ට්‍රි පොප් වලට නේද දෙන්නේ...

      මෙන්න එකොස්ටික් නැති මියුසික් වීඩියෝවත් හමුවුනා... හැබැයි ඒකෙන් අර මම උඩින් අහන සමහර ප්‍රශ්න වලට උත්තර දීලා චොර කරලා දානවා... ස්තූතියි උබේ පැහැදිලි කිරීමට...

      Delete
    4. බීටල් / ජීවන,

      කන්ට්‍රි සෝන්ග් සහ සිංදු ගැන කතා කරන නිසා ඒ සම්බන්ධ උදව්වක් ඉල්ලන්න හිතුනා. අමරදේව මාස්ටර් ගයන නිම්හිම් සෙව්වා ගිතයෙ ඔරිජිනල් එක මම දන්න විධිහට කන්ට්‍රි සෝන්ග් එකක්.. මම දැන් කාලෙක ඉඳන් ඒක හොයනවා. උඹලට පුළුවන්ද ඒක හොයලා දෙන්න.. බොහොම පින් !

      Delete
    5. කම්මලේ අහනෙ yesterday, today, tommorow කියන ඩෙස්මන්ඩ් සිල්වගෙ සින්දුව ගැනද? ඒක ඌ ටියුබෙ තීනව.

      ඉ.උ

      Delete
    6. නෑ බං ඇනෝ, (AnonymousSeptember 12, 2014 at 10:30 AM)
      සින්දුව ඩෙස්මන්ඩ් සිල්වගෙ නෙවෙයි නිමල් මෙන්ඩිස් සීතාදේවි ෆිල්ම් එකට කරපු එකක්.
      අලුත් වෙර්ශන් එකක් මෙතැන තියනවා
      https://www.youtube.com/watch?v=V1B0DA111ZA

      Delete
    7. ඉන්දික/ජීවන, ස්තූතියි මහන්සියට. ඒත් මේක නෙමේ, මගේ මතකය නිවැරදිනම් පිටරට ගායකයෙක්ගෙ සිංදුවක් තියනවා ඔය තාලයටම.. මම කාලෙකට කලින් ඒක ඇහුවා මට මතකයි...

      Delete
    8. ජීවන්, ඔන්න ඉතින් ගේම. මචෝ ඕක සීතාදේවි ෆිල්ම් එකට තමයි. තනූවස, සංගීතය නිමල් මෙන්ඩිස්ගෙ ඒත් ගැයුම ඩෙස්මන්ඩ්. මං ගාව ඔරිජින්ල් එකේ ඕඩියෝ එක තියෙනව. හිටහන්කො හොයල දෙන්න.

      Delete
    9. යකෝ මුන්ට පොඩ්ඩ වරදින්න බෑනේ
      ඇනෝල නෙවෙයි ප්‍රොෆයිල් ම ගේමට එනවා.
      උඹ හරි මචන් ඉන්දික. ගායනය ඩෙස්මන්ඩ්.
      සින්දු අනෝ හොඳ වෙලාවට මේක වරදිනවා දැකල නෑ
      නැත්තනම් ඌ මුළු පැටිකිරියම දෙනවා.

      Delete
    10. ස්තූතියි මෙ සංවාදයට... ඔය නිම්හිම් සෙව්වා ගීතය නිරවුල් නැති ඉඩම් නඩුවක් වගේ හැමදාම වෙබ් එකේ කතාබහ ඇදෙනවා මම දැකලා තියෙනවා... :)

      Delete
  3. මූ අහන පුරස්න කන්දරාවට උත්තර හොයන්ට නම් බොන්ටම වෙනවා.. පොඩ්ඩක් හිටිං දෙකක් දාගෙනම එඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. යං යං මාත් එනවා... දෙකක් දාගෙනම ඉමු එහෙනම් :D

      Delete
    2. බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    3. මදි පාඩුවට ගොලිප් එකක්
      -ස්තුතියි-

      Delete
    4. ගොලිප් කිව්වම මාර අපේ ගතියක් තියෙනවා නේ...

      Delete
    5. තව ටික දවසකින් ඒකත් ඉවරයි හම්පඩ ‍ෛාටෝ එකක් තියන පැකට් එකක් ගෙදර ගෙනියන්ඩ වෙන්නේ

      Delete
    6. පෙට්ටිය කන්නද බන් :) ඒ වුනාට පැකට් පිටින් ගහන එකෙකුට ඒක අඩුකරගන්න ඒකෙන් බලපෑමක් එනවා මම හිතන්නේ මචං... මේ තියෙන්නේ අල්ලපු රටේ උන් කල වැඩක්.. ලයිටරේ බටන් එක ඔබද්දී ඒ රටේ මැරුණම කියන ගාතාවක් ප්ලේවෙන්න දානවා... හරියට අපේ අනිච්චා වත සංඛාරා වගේ... :D

      Delete
  4. ඒ විදියෙ රැකියාවක් මමත් කරනවා..ඒත් සිංදු ඇහිල්ලට වඩා මම නම් කරන්න ෆිල්්ම බලන එකයි පොත් කියවන එකයි.. සමහරු අහයි එතකොට රස්සාව කියලා..
    රස්සාව අපි පුටුවෙ වාඩිවෙල ඉ්නන පැය දහයෙම කරන්න ගියොත් හෙම පිස්සු හැදෙයි..අපිට පුලවන් වෙන්න ඕන රැකියාවට ගිහින් සුවල්ප කාලෙකින් රස්සාව ලේසියෙන් කරන්න වැඩ පහසු කරන ක්‍රම ආදිය හොයාගන්න..ඒ හොයාගෙන විවේකෙන් හිටියාම තමයි නව අදහස් ගලාගෙන එන්නෙ...එහමෙ නැතුව හැමතිස්සෙම වැඩ කරන්න ගියොත් අපි මැසින් එකක චේන් එකක් වගේ යාන්ත්‍රික වෙනවා..

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ වැඩ කරන වෙලාවේ වැඩ නවත්තලා හෝ කලින් ඉවර කරලා කරන දෙයක් ගැන... මට එච්චර වාසනාවක් නෑ... :D ෆිල්ම් පොත් වගේ නෙමේ සිංදු අහන එක ඉතින් වැඩ කරන ගමන්ම කරන්න පුළුවන්නේ...

      Delete
    2. ඔන්න මමත් අමිලගේ කුලකයේ. කෙටි කරන්න ක්‍රමයක් හොයා ගන්නවාමයි. අනික රස්සාවට තියෙන්නේ හදිසි බිඳ වැටීමකදී වැඩ කරන්න. එතකොට හැම තිස්සෙම වැඩ නෑ. හැබැයි ආව වෙලාවට වෙන මොනවත් නෑ.

      Delete
    3. මගෙත් යාලුවෙක් ඉන්නවා... ඌ වැඩකරන්නේ ඩිසාස්ටර් රිකවරි දෙපාර්තුමේන්තුවේ... මම හිතන්නේ ඌට වැඩක් තියෙන්නේ ඒලියන් ඇටෑක් එකක්, සුනාමියක් වගේ ආවම...

      Delete
  5. //තනිකමක් දැනුනත් එයා මේ ආරාධනාව පිළිගනියිද..? ඒහෙම පිළිගත්තත් ඒගොල්ලෝ ආයෙත් හමුවුණාම බලාපොරොත්තු වුන විදියට සතුටින් හැමදේම ඉවර වේවිද..? //

    පිස්සුද මෙයා?

    //තමන් කල දේ ගැන පසුතැවීමක් ඉතුරුවෙයිද..? නැතිනම් සතුටක් ඉතිරිවෙයිද...? //

    දෙකෙන් එකක්වත් ඉතුරු වෙන එකක් නෑ. :D

    //ඒදෙන්නාටත් නොදැනිම ආයෙත් පරණ සම්බන්ධය පටන් ගනියිද...එදා රෑ ඒදෙන්නා සංවාසයේ යෙදෙයිද? තුරුළු වෙලා නිදාගනියිද..? නැතිනම් එළිවෙනකල් කතා කර කර ඉඳියිද..?//

    පුදුම ප්රශ්නනේ අහලා තියෙන්නේ... මට නම් හිතෙන්නේ තුරුළු වෙලා නිදාගනියි…

    නිගමනය: බීටලේ වැඩ කරන මුවාවෙන්, කෙල්ලෙක් ගැන කල්පනා කරමින් ඉඳ ඇත. :P

    ReplyDelete
    Replies
    1. ෂෙහ් කොච්චර සිම්පල් විදියට උත්තර දීලද... :) වැඩ කරන මුවාවෙන් විතරක් නෙමේ වැඩ නොකරන මුවාවෙත් මම කෙල්ලෙක් ගැන කල්පනා කර කර තමයි ඉන්නේ :D

      Delete
  6. ඉංගිරිස් ඇහුවත් තේරෙන්නෑ බීටලයො මං බොහොම ඉංගිරිස් දුප්පතා

    මට නං මේ සටහනේ අවුලක් පෙනුනේම නැ

    ReplyDelete
    Replies
    1. සමහර සුද්දොත් ඉංග්‍රීසි දුප්පත් එකේ අපි ගැන කවර කතාද... :) ස්තූතියි උඹට

      Delete
  7. මට හිතෙන්නේත් මෙහෙම අදහසක් බීට්ල්ගේ හිතේ කොහෙ හරි තිබිලා තියනව කියලා. මට එහෙම හිතෙන්නේ සිංදුවේ අදහසට වඩා පැහැදිලි අදහසකින් කවිය ලියවිලා තියනවා. හරියට මෙහෙම කවියක් ලියන්න බලාගෙන හිටපු කෙනෙකුට, සිංදුව ආරම්භක පද කීපය මතක් කරලා දුන්නා වගේ.

    මට මතක් වුණා අර Lady Antebellum කියන Need You Now කියන සිංදුවත්. ඉංග්‍රීසි සින්දුවක් අහනකොට ඒකෙ පද තේරුම් ගන්න මට ටිකක් අමාරුයි. ඒ නිසා සිංදුවක් අල්ලලා ගියොත් පද හොයාගෙන බලනවා. ඒ කියන්නේ මට සිංදුවක සංගීතය/තනුව වගේ දේවල් තමයි මුලින්ම අල්ලලා යන්නේ.

    සිංදුවක් තියනවා බීට්ල් අහලා ඇති Blame it on the weatherman කියලා. ඒකෙ තියෙන්නේ නිකං වෙන්වීමේ වරදකාරී හැඟීම දරා ගැනීමට කරන උත්සාහයක් වගේ. මුලින් කියනවා I'll Blame it on the weatherman කියලා ඒත් අන්තිමේ කියනවා May be I can't blame the weatherman කියලා. එතකොට බීටල් මේ කියන සිංදුව ගත්තහම ඒකෙ කියන්නේ ආයෙත් සුලු මොහොතකට හරි එකතු වෙන්න පුළුවන් නම්, මොකක් හරි දෙයකට වරද පවරලා හරි කමක් නෑ කියලා.

    මට මෙහෙමත් හිතුණා. ඔය අවස්ථා දෙකෙන්ම පේනවා නේද, මිනිස්සුන්ට 'තමන් වරදකාරී' කියන හැඟීම කොයි තරම් බලවත්ව දැනෙනවද කියලා. ඒ නිසා වෙන්න ඇති අපි බොහෝ වෙලාවට යම් යම් හේතු හිතෙන් හදාගන්නේ මේ නිසයි මෙහෙම උණේ කියලා. මුලින්ම තමන්ගේ හිත දන්නවා වුණත් කවුද හැබෑ වැරදිකාරයා කියලා ටික කලකින් තමනුත් අර හදා ගත්ත හේතුව විස්වාස කරන්න පෙළඹෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ අදහස තිවුණා තමයි... ස්පාර්ක් එක වුනේ සිංදුව... මේ පෝස්ට් එක කියවපු යාලුවෙක් කිව්වා සිංදුවට වඩා මම ලිව්ව කෑල්ලේ තේරුම ගැඹුරුයි කියලත් :P

      උබ කියන එක ඇත්ත අපි හැමතැනදීම කරන්නේ අරවගේ හේතුවක් හදාගන්න එකනේ... "කවුද මගේ කලිසමේ කක්කා කරලා..." කියලා කියන පුංචි ළමයගෙ ඉඳන් ඊයෙ නඩු තීන්දුව අහගෙන හිටිය පිස්ටෝරියස් දක්වාම...අර මීට කලින් පොස්ට් එකේ උබ කිව්ව "කාලය කෙතරම් නපුරුද..." කියන එකෙත් තියෙන්නේ ඒ වගේ වැරැද්ද කාලයට බාරදෙන දෙයක් නේද...? ප්‍රශ්නේ තියෙන්නේ සමහරුන්ට තමන් ඒ හදාගත්ත හෙතුව හරි ඉක්මනට විශ්වාස කරන්න පටන් ගන්න පුලුවන්... සමහරුන්ට කවදාවත් බැහැ...

      Delete
  8. සිංදුව සිංහල පද වලට පෙරලලා ඒකට උඔ ලොකු වටිනාකමක් දිලා.
    එල ද බ්‍රා.
    දෙකක් දලා හිස් බෝතලේකට කාසියකින් තට්ටු කර කර කියන සිංදුවකට වඩා දැනුමක් සංගිතය ගැන මට නෑ බං.

    ReplyDelete
    Replies
    1. එළ මචෝ උබට ස්තූතියි...

      Delete
  9. අත ළඟම ඉසව්වක ඇමතුමක දුරින් ඔබ
    දැවෙන හදවත වසා හිනැහෙමින් මෙතන මම
    කටපාඩමින් කියනු මතක හැම හාදුවක
    මත් නොවී මත්ව උන් අතීතය ලියව ඇත

    පපුව මැද රිදෙන තැන තවම නුඹ නමින් ඇත
    දෙනෙත පියවා වුවත් නුඹ ළඟද කියනු හැක
    හරි වැරදි අතර ඉරි බොඳ ව ගිය ලෝකයක
    අත්ඇඟිලි අත්හරිමු හිතම ගිනිගන්න පෙර

    වචන නැති කතාවක් දෑස මත කියවන්න
    පාට නැති සිතුවමක් කඳුළු ගෙන නිමවන්න
    අපට අප අයිති නැති බවක් අමතක වන්න
    එකම එක දවසකට ඉඩ ඇති ද පවසන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලිතිගේ මැජිකල් ටච් එකට... මම ඔයාගේ ෆෑන් කෙනෙක් හින්දා ඔයා ලියන තැනවල නිතර ගැවසෙනවා... එ හින්දා දන්නවා කාලෙකින් මොනවත් නොලියවුනු බව... මේ පොස්ට් එක ඒ බ්ලොක් එක කැඩුවද මන්දා... එහෙනම් තවත් නියමයි... :)

      Delete
  10. මම සංගීතය විඳින්නෙ භාෂාව තුට්‍ටුවකට නොතකා. තේරුම වැදගතුත් නෑ.. තේරුම හොයන්න ගියාම නිකං අතරමං වෙනවා සංගීතය රසවිඳීම පස්සට යනවා. ඔන්න මං හිටියා කාලයක් මුම්බායි වල. මං පැරණි සහ සමහරක් අළුත් හින්දි ගීත ලෝලයෙක්.. මගෙ ඒ කාලෙ රියදුරා පටන් ගත්තා මට සින්දු වල තෙඋරුම කියල දෙන්න. මං එපා කිව්ව. මිනිහට පුදුමයි.. මට අර සංගීතයෙන් හදවතට දැනන අරුතට වඩා කැමතියි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සරත් අයියේ ඒක තමයි වෙන්න ඕනේ... මමත් ඔහොම හින්දි, ඇරබික් සිංදු අහනවා... ඒත් ඉතින් දවසක් දෙකක් ඇහිලා ඒ සිංදුවට ආසා හිතෙද්දී ඉබේම ලිරික්ස් ගූගල් කරලා බලන්න හිතෙනවා... එහෙම නොකොලොත් නිකං සිංදුව හරියට ඇහුවේ නෑ වගේ... :)

      "මගෙ ඒ කාලෙ රියදුරා පටන් ගත්තා මට සින්දු වල තෙඋරුම කියල දෙන්න. මං එපා කිව්ව. මිනිහට පුදුමයි.. මට අර සංගීතයෙන් හදවතට දැනන අරුතට වඩා කැමතියි.."

      මේ කතාවනම් මාරයි... :) මෙහෙම කියද්දී මට හිතෙන්නේ සිංදු අහනවා කියලා මම මොනවද කරන්නෙ කියලා...

      ඔයවගේම මගේ ඉන්දියානු යාළුවෙක් හිටියා... මුම්බායේ ඉඳලා බැංගලෝර් වලට ඉගෙනගන්න ඇවිල්ලා හිටියේ... මම ඌට මාර වදයක් වුනා... ඒ කාලේ අදවගේ අන්තර්ජාලෙට අපි නිතර ආවේ නෑනේ... ඉතින් මගේ පිහිට වුනේ ඌ.. මම සිංදුවෙ නම කිව්වාම ඌ ඒක ඌට වැටහෙන විදියට ඉංග්‍රිසියෙන් ලියලා දෙනවා...

      Delete
  11. මූ මොනවගේ එකෙක්ද කියල හිතෙයි බීටලේ මේ ටික කිවුවහම. මට සිංදුවක පදවැල ගැන කිසිම හැගීමක් එන්නෙ නෑ සිංදුවක් ඇහෙද්දි, නිකම් ඔහේ ඇහෙනව කොටින්ම මා ගාව තියන පෙන් ඩ්‍රයිවු එකේ තියන සිංදු උදේට පැයයි හවසට පැයයි මාස ගානක් තිස්සෙ ඇහිලත් තාමත් මොනවද සිංදු කියල මතක නෑ.
    මමත් ආසයි බීටලේ වගේ සිංදු රස විදින්න තිබුනනම්.

    ReplyDelete
    Replies
    1. මම ආසයි උබ වගේ සංගීතය රසවිඳින්න තිබ්බා නම්... හැබැයි ඉතින් මෙහෙමයි... දැන් ඔය සිංදු වලට කලින් යන විද්වත් කතා එහෙම බලපන්... ඒගොල්ලෝ තනුව සංගීතය එහෙම දාලා තියෙන්නේ ඒ වචන වලින් කියවෙන කතාවට අනුවනේද... ඉතිං හරියට රසවිඳිනවානම් ඒ සේරම ඕනේ නේ...?

      Delete
  12. සමහර ඉංග්‍රීසි සිංදු වල තේරුම ගත්තම ඒකද කියලත් හිතෙනවා. ඇත්තටම උඩින් සරත් අයියා කියනවා වගේ තේරුමට වඩා ඇහෙන දේ ග්‍රහණය කර ගැනීම වටිනවා. මම තේරුම දන්නේ නැති මගේ හිතට ප්‍රබල කම්පනයක් ඇති කරපු සිංදුවක් තියෙනවා. ඒකට හේතුවක් වුණේ මම කොළඹට ආපු අලුත සෙන්ට්‍රල් බෑන්ක් බොම්බේ පිපිරුණ දවසේ ඒ ගීතය අහපු නිසා වෙන්න ඕනේ. ගීතය හමයි "ඕ.... එක ලැරී කීකෝ දේසාකෝ ඈසා ලගා"(මට මතක විදියට ටයිප් කලේ). එහෙම සිද්දීත් එක්ක බැඳෙන ගීතත් තියෙනවා. මම ඒකෙ තේරුම දන්නේ නෑ. නමුත් හිතට කා වැදුණා. උඩින් තියෙන සිංහල සිංදුව ඉරාජ් වගේ රැප් ස්ටයිල් එකෙන් ගයන කෙනෙක්ට අහු වුනොත් ගීතයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක් ලර්කීකෝ දෝසාකෝ එසාලගා

      නයින්ටීන් පෝටි ටූ ලවුස්ටෝරි චිත්තරපටියේ සින්දුව

      පට්ට ලස්සන ඩ්‍රම් බීට් එකක් එක්ක පට්ටම පට්ට ලීඩ් පාට් ටිකක් තියනව

      Delete
    2. ඒක් ලඩකී කෝ දේකා තෝ ඒසා ලගා
      ‍ජේසේ කිල්තා ගුලාබ්
      ජේසේ ශායර් ඛ ඛ්වාබ්
      ජේසේ උජලී කිරන්
      ජේසේ බන් මේ හිරන්
      ජේසේ චාන්දනී රාත්
      ජේසේ නරමී කී බාත්
      ජේසේ මන්දිර් මේ හෝ ඒක් ජල්තා දියා...

      මම ‍මේ ගෑල්ළමයා දැක්කාම මට ඇයව පෙනුනේ
      පිපෙන රෝස කුසුමක් වගෙයි
      කවියකු ගේ සිහිනයක් වගෙයි
      දිදුලන ආළෝක දහරක් වගෙයි
      වනයේ සරන මුවැත්තියක් වගෙයි
      සඳ පහන් රැයක් වගෙයි
      මෘදු වදනක් වගෙයි
      දෙවොලේ දැල්වෙන පහනක් වගෙයි...

      Delete
    3. අටං,

      ඕක "ඒක් ලඩ්කී කො දේඛා තො ඒසා ලගා". ඒ කියන්නෙ "මේ ගෑණු ළමය දැක්කම මට මොනාද උනා ( මෙව්ව උනා :D )"

      Delete
    4. ඔය තින්නෙ බුරා දීල ගින්දර වගේ!!

      Delete
    5. ස්තූතියි අටම්, බුරා ඉන්දික... ඉස්සර අයි.ටී.එන් එකේ අඟහරුවාදාටයි බදාදාටයි ද කොහෙද හිංදි චිත්‍රපටි දෙකට කඩලා පෙන්නනවා... මම ඕක බැලුවේ එහෙම... සමහරවිට උඹලා බලන්නත් ඇත්තේ එහෙම තමයි...

      Delete
    6. ඇත්තටම කියනවා නම් මම තාම ඔය ෆිල්ම් එක බලලා නෑ...

      Delete
    7. ඉස්සර පන්ති ගිය හැටි මතක් වුණා.. මේ සිංදුව නිකන් මන්තරේ වගේ.. කෙල්ලෙක් ට හිතින් ලව් කරන කාලේ.. හෙහ් හෙහ්

      Delete
    8. //ඇත්තටම කියනවා නම් මම තාම ඔය ෆිල්ම් එක බලලා නෑ...//

      තෝව කන්න එපැයි!

      මචෝ මේක තනියම, දෙකක් දාල අඬ අඳුරෙම බලහං. මණීෂගෙ හොඳම කාලෙ, මාර ලස්සනයි. මම මුලිම්ම බැලුවෙ ටී වී එකේ දෙකට කඩල ගිය වෙලාවෙ. ඊලඟ සතියෙ කොටස එනකල් පිස්සුවෙන් හිටියෙ.

      Delete
  13. //එහාපැත්තේ ඉන්න ඔෆිස් හිතවතියක් මේ සිංදුව අහලා කිව්වේ… "මටනම් තියෙන ප්‍රශ්නේ කොල්ලා ඇයි විස්කි බෝතලයක් අරන් යන්නැතුව ඒකත් කෙල්ලගේ ගෙදර තියෙනවද කියලා අහන්නේ"කියලා...//

    හයියෝ තේරෙන්නේ නැද්ද එයාගේ ගෙදර විස්කි බෝතලයක් තියනව

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත... ඒත් ඉතිං ඔච්චර වචන අස්සේ ඒකම අල්ලපු හැටි...

      Delete
  14. පුදුම ප්‍රශ්ණනේ තියෙන්නේ.. මං නම් හිතන්නේ දෙන්නා තුරුළ් වෙල නිදා ගනියි.. එහෙම උනොත් නම් ඊට පස්සේ ආයෙම සමබණ්දට පටන් ගන්න ඉඩ තියෙයි.. එතකොට නම් හැම දේම සතුටින් ඉවර වෙයි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් කොහොමත් සතුටින් ඉන්න කැමති හින්දා එහෙම හිතෙනවා ඇත්තේ... :)

      Delete
  15. අම්බ බිසී සතියකට පස්සේ ඉස්සෙල්ලම කියෙව්වේ බීට්ල්ගේ පෝස්ට් එක .

    මේ විචාරයත් ,බීට්ල්ගේ කවියත් එක්ක මට හිතෙන දේනම් , බීට්ල්ගේ හිතේ කාලයක් තිස්සේ තිබුණු හැගීමක් මේ සින්දුව ඇහුවට පස්සේ අවදි වෙලා . හරියටම යම් තැනකදී බීට්ල්ගේ හිතේ තිබ්බ අදහසයි සින්දුවේ එක තැනකුයි සමපාත වෙලා .
    //"අපිට අපි අයිති නැති වුනත් තනිකමක් නැති.."// මට හිතෙන්නේ බීට්ල්ගේ හිතේ මුලින්ම එන්නේ මේ අදහස , සින්දුවට ආසක්ත වෙන්නේ එතනින් . එහෙම නේද?
    එහෙම නොවෙන්නත් පුළුවන්, මට හිතුනේ නම් එහෙමයි ....

    ReplyDelete
  16. මම නම් සිංදුවක් අහන කොට භෂාව ගැටළුවක් කර ගන්නේ නැහැ.මම රස විඳින්නේ සංගීතය තමයි ගොඩක් දුරට.
    හැබැයි මෙතැන නම් වැඩියෙන්ම හිත ගියේ බිට්ල්ගේ කවියට.අමුතුම රසක් එකේ තියෙන්නේ....:)

    ReplyDelete
  17. මට නම් ඔක්කොටම වඩා අල්ලලා ගියේ මේ කෑල්ල " ’මම කැමති පාට’ නැති සිතුවමක් අඳිමු අපි... "

    මම කැමති පාට නැති නිසා අපිට කොච්චර දේවල් අහිමි වෙනවද? කොච්චර සම්බන්දකම් බිඳවැටෙනවා ද? පාටක් නැති මමක් නැති ජිවන දර්ශනයක් අපි දකින කම් අපි හැමදාම 'මම කැමති පාට' හොයයි

    ReplyDelete
  18. සින්දුවේ අදහසට මන් ගොඩක් කැමති අයියේ,,,ඔයා ලියල තියෙන විදිය අපූරුයි... මගේ fb එකෙත් මන් මේ සින්දුවේ කොටසක් දැම්මා

    ReplyDelete
  19. ඔරිජිනල් එක කියෙව්වම පරිවර්තනය ඊට වැඩිය ගොඩක් ලස්සනයි කියල හිතුනා.

    වෙන් වුනාට පස්සෙ දැනෙන වරදකාරි හැඟීම හා සම්බන්දය නැවත පටන්ගන්න තියෙන උවමනාව තම්යි සිංදුවෙන් කියන්නෙ මට හිතෙන විදියට.

    ReplyDelete

Web Statistics