"ඔන්න ඉන්දියන්කාරයෙකුයි පකිස්ථාන්කරයෙකුයි අසල්වැසියෝ..."
කථා මැසිමක් වන අරූන් එකක් ඉවරවන විට තව එකක් ලෙස කථාවක් පටන්ගන්නේ දුම්රියේ එකිනෙකට මුහුණලා ඇති ආසන දෙකෙහිම වාඩිවී සිටිනා මගීන්ගේ අවධානය තමා වෙත යොමු කර ගනිමින්...
"දවසක් ඉන්දියන් එකාගේ කිකිළි ගිහිල්ලා පකිස්තාන් එකාගේ වත්තේ බිත්තරයක් දැම්මා... දැන් දෙන්නම බිත්තරේ අයිති කරගන්න රංඩු වෙනවා...”
කියන්නට යන කතාවෙන් සුපුරුදු පරිදිම තමන්ට අපහාසයක් වෙන බව දන්න වස්ති හූමිටි නොතියාම අහගෙන ඉන්නවා...
"ඉන්දියන් එකා පකිස්ථාන් එකාට කිව්වා...හරි මේවගේ ප්‍රශ්ණ විසඳන්න අපේ පරණ ක්‍රමයක් තියෙනවා... මම උඹට වැටෙන්න හයියෙන් උඹේ ටෙස්ටිකල්ස් වලට පාරක් දෙනවා... ඊට පස්සේ උඹත් මට එහෙමම කරපං... අඩුම වෙලාවකින් නැගිටපු එකාට බිත්තරේ ලැබෙනවා කියලා... ඉතින් පකිස්ථාන් එකා කැමති වුණා හරිද...?"
බරක් පතලක් නොමැතිව අරූන් හඬනගා පවසද්දී මගේ ඇස් හාත්පස සිසාරා දිව යන්නේ කුඩා දරුවෙකු මේ සංවාදයට සවන්දෙනවාදැයි බියෙන්... ඉදිරි අසුනේ සිටි මැදි වියට ආසන්න යුවතිය තම සැමියාගේ මුහුණ බලමින් මදහසපාද්දී මා ඉදිරියේම අසුනේ එරමිණියා ගොතාගෙන වාඩිවී සිටින තරුණිය ජනේලයෙන් ඈත ක්ෂිතජය දෙස නෙත් යොමාගෙන ඉන්නේ මුහුණේ කිසිඳු හැඟීමකින් තොරවයි...
"ඉතින් අපේ එකා උඹලගේ එකාට කැරකිලා වැටෙන්න අතෙන්ට පාරක් දුන්නා... විනාඩි දහයක් විතර සිහිය නැතුව ඉඳලා කොහොමහරි මූ අමාරුවෙන් නැගිට්ටා..."
"ඒක නෙමෙයි මොකද්ද මේ පහුවෙන ඉස්ටේෂම...?"
කතාවේ හොඳම හරියෙදි අරූන් විරාමයක් ගන්නේ අසන්නන්ගේ අවධානය වැඩි කරගැනීමට විය යුතුයි... ඕනැවට එපාවට ජනේලයෙන් එලිය බලන කීපදෙනෙක් පිළිතුරක් නොදීම ආයෙත් අරූන් දෙසට හැරෙන්නේ කතාවේ ඉතුරු ටික අසාගන්නට ඇති උනන්දුවෙන්...
"හරි උඹලගේ එකා කියනවා කෝ දැන් මගේ වාරේ කියලා... ටික වෙලාවක් කල්පනා කරලා මෙන්න අපේ එකා කියනවා, නෑ එක්කෝ උඹ බිත්තරේ තියා ගනින් කියලා...හහ් හහ් හා...!!!"
කතාව නිම කරන අරූන් මහ හඬින් සිනාසෙමින් වස්තිගේ පිටට තට්‍ටු කරද්දී, තරුණියගේ මුහුණේ හැරෙන්නට කතාව අසා සිටි හැමදෙනාගෙම වාගේ මුහුණට නැගෙන්නේ හිනාවක්... තරම ඈතින් සිටි අයෙක් අවශ්‍යය ප්‍රමාණයටත් වඩා හඬනගා සිනාසෙන්නේ වස්ති දෙස එක එල්ලේ බලමින්... සිනාමුසු මුහුණින් අරූන්ගේ උපහාසය විඳගන්නා වස්ති අත ඇති ජංගම දුරකථනයේ බොත්තම් ඔබන්නේ අරමුණකින් තොරවයි...
ඒ මම ඉන්දියාවේ අධ්‍යාපනය ලබමින් සිටි දෙවෙනි හෝ තෙවනි වසර… මමත්, මාගේ ඉන්දියානු ජාතික මිතුරෙකු වෙන අරූනුත්, පාකිස්තානු ජාතික මිතුරෙකු වන වස්තිත්, අරූන්ගේ වැඩිමහලු සහෝදරයාගේ විවාහ මංගල උත්සවයට සහභාගී වීම සඳහා බැංගලෝර් සිට කොචින් බලා පිටත් වූයේ දුම්රියෙන්... අප තිදෙනා බඩ බැඳගත් මිතුරන් නොවූවත් මේ ගමනට අප තිදෙනාම එකතුවීමට අඩිතාලම වැටුනේ , විනෝදාංශය ලෙස ඡායාරූප ශිල්පයේ නියැළුණු වස්තිට මංගල උත්සවය ආවරණය කර දෙන ලැබුණු ඉල්ලීමත් ඒ සඳහා ඔහුට සහය වීමට මා හට ලැබුණු ඉල්ලීමත් නිසයි...
මේ දක්වා සියල්ල සාමාන්‍යය ලෙස සිදුවෙමින් තිබුණත් ඉදිරි අසුනේ සිටි හැඩකාර තරුණියත් සමඟ කුලුපග වීමට අප ගත් සෑම උත්සාහයක්ම ගඟට කැපූ ඉනි මෙන් ව්‍යර්ත වුණේ පුදුම සහගත ලෙසයි... චිත්‍රපටි, සංගීතය, විලාසිතා, කෑම බීම, ඉවුම් පිහිම්, සාහිත්‍ය, විද්‍යාව, ක්‍රීඩා, විහිළු යනාදී මෙකී නොකී සෑම ක්ශේත්‍රයක් තුළින්ම ඇය කතාවට අල්ලාගැනීමට පැය කිහිපයක් තිස්සේම අප ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක වීම නිසා අප තිදෙනාම සිටියේ කේන්තියකටත් වඩා අප ගැනම උපන් කලකිරීමකින්... අභියෝගය අතැර දැමීමට ඔන්න මෙන්න කියා තිබියදී මා කාටත් හොරෙන් තවත් තුරුම්පුවක් අත්හදා බැලුවා... ඒ දීර්ඝ ගමනේ කාංසිය මඟහරවා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙතැයි අදහස් කර දුම්රියට නැඟීමට ප්‍රථම අප මිළදී ගෙන තිබූ කඩදාසි කුට්ටමක් භාවිතා කරමින් ආදර සම්බන්ධතා පිළිබඳ සාස්තර අනාවැකි කිවීමට පටන් ගැනීමෙන්...
වසර කිහිපයක් තිස්සේ දැන සිටි මා මිතුරන් දෙදෙනා ගැන සාස්තර කීමට නොහැකිනම් මා උපන් ගෙයි මෝඩයෙක් විය යුතුයි... එසේම තවත් වසර කිහිපයකින් සිදුවන දේ ගැන දැන්ම අනාවැකි කීම තරම් පහසු දෙයක් ලොවේ තවත් නැහැ... ඔවුන් දෙදෙනාවම මන්මත් කරවන සාස්තර දෙකකින් පසු අපි හැරුණේ ඉදිරියෙන් සිටි මැදිවියේ යුවල වෙත...ඔවුන් අප ඉදිරියේ හැසිරුන පැය කිහිපය සාස්තරයකට ඇති තරම් අමුද්‍රව්‍ය සැපයූවා...
සැමියාට සහ බිරිඳට වෙන වෙනම කියූ සාස්තර දෙකම නිවැරදි බවට ඔවුන්ගෙන් අතිශෝක්තියෙන් ලබාගත් සහතික දෙකත් සමඟ අප හැරුණේ ඇය වෙත... තම පෙම් පළහිලව්වේ අනාගතය ගැන දැනගැනීමේ කුකුස තම ආඩම්බරයට වඩා වැඩි වූ හෙයින් දෝ මා ලබාදුන් කඩදාසි කුට්ටම සුරතට ගත් ඇය සිනාමුසු මුහුණින් යුතුව එය කළවම් කිරීමට පටන් ගත්තා...මේවා මොන බොරුද යන හැඟීමක් ඇය මුහුණින් දිස් වුවත් කඩදාසි කුට්ටම කළවම් කරන විට ඇයගේ සිහින කුමරා ගැන සිතමින් කළවම් කරන්න යැයි යැයි මා දුන් උපදෙස ඇය අවංක හැඟීමකින් පිළිපැදි බවට අදටත් මට විශ්වාසයි...
ඇය කළවම් කර නැවත ලබා දුන් කඩදාසි කුට්ටමේ මට අවශ්‍යය කාඩ්පත් ඉතිරි වෙන ලෙස අනිත්වා පිළිවෙලකට ඉවත් කළ මම ඉතිරි කාඩ්පත් කිහිපය දිගහරිද්දී, මින් සුළු වේලාවකට පෙර අප තිදෙනාව තඹයකටවත් මායිම් නොකළ ඇය තම සම්පූර්ණ අවධානයම අප වෙත යොමුකරගෙන සාස්තරය දැන ගැනීමට හරි බරි ගැසෙන අයුරු දැක මා සිතේ ඇතිවුනේ ජයග්‍රාහී සතුටක්...
"මෙන්න බලන්න... මේ හාර්ට්ස් කුවීන් පේනවා නේද..? මේ තමයි ඔයා... මෙන්න ඉන්නවා ස්පේඩ් කින්ග්... මේ තමයි ඔයා හිතාගත්ත එක්කෙනා... ඔයාල දෙන්නා මැදින් තියෙන මේ කාඩ්ස් ටික පේනවා නෙද..? මේ තමයි ඔයාගේ ආදර ජීවිතයට එල්ල වෙන බාධක... මේ හාර්ට්ස් ඒස් පේනවද..? මේ තමයි ඔයාගේ හාර්ට් එක, එතකොට මේ ස්පේඩ් ඒස් තමයි එයාගේ හාර්ට් එක... බලන්න ස්පේඩ් ඒස් හාර්ට්ස් ඒස් එක ක්‍රොස් කරලා පිහිටලා තියෙන හැටි... ඒක නිසා ඔයාට බය වෙන්න දෙයක් නැහැ... හැබැයි බලන්න ඒක ඩයමන්ඩ් ඒස් වත් ක්‍රොස් කරලා තියෙනවා..."
“ඒකේ තේරුම මොකද්ද..?”
ඇස් ලොකු කරගෙන ඇය එසේ විමසද්දී මා අත ඇති කාඩ්පත් දෙස එබීගෙන සිටින අරූනුත් වස්තිත් එකවරම මා දෙස ඇස් යොමු කරන්නේ පිළිතුර දැනගැනීමට ඈ හා සමානම උනන්දුවකින්...
“ඒකේ තේරුම තමයි එයාව දිනාගන්න තව කෙනෙක් උත්සාහාකරනවා... බලන්න ඒ දෙක අතරේ තියෙන කාඩ්ස් ගාන ඔයාගේ කාඩ්ස් ගානට වඩා අඩුයි... ඒ කියන්නේ එයාගේ බාධක ඔයාගේ බාධක වලට වැඩිය අඩුයි... ඉතින් ඔයාට මහන්සි වෙන්න වෙනවා... පේනවද මේ ඔයාගේ හාර්ට් එක ක්‍රොස් කරලා තියෙන ඩයමන්ඩ් ඒස්...? ඒ කියන්නේ ඔයාට ට්‍රයි කරන තව බෝයි කෙනෙක්... ඒ වුණාට ඔයා කැමති නෑ මොකද හාර්ට්ස් කුවීන් ක්ලබ්ස් කින්ග් පැත්ත පලාතේ නෑ...”
අත ඇති කඩදාසි කොල ගලපමින් කටට එන දේ අතහරින මා සුරතේ ඉතිරිව ඇති කඩදාසි දෙස ඔවුන් තිදෙනා ඇසිපිය නොහෙලා බලා සිටින්නේ නිධානයක සිතියමක් අවබෝධ කරගැනීමට උත්සාහාගන්නාවුන් තිදෙනෙක් මෙන්...
"දැන් එතකොට අනාගතේ මොකද වෙන්නේ…? මට එයාව ලැබෙන එකක් නැද්ද...?"
මා කෙරෙහි උපන් අපමණ විශ්වාසයකින් ඇය ප්‍රශ්ණ කරන්නේ වෙව්ලන ස්වරයකින්...
“ඒක තීරණය කරන්නේ කාඩ්ස් නෙවෙයි... මේ කාඩ්ස් වලටවත් මටවත් බැහැ ඔයාගේ අනාගතේ වෙනස් කරන්න... ඒක වෙනස් කරන්න පුළුවන් ඔයාට විතරමයි...ඔයා හිතුවොත් ඔයාට එයාව දිනාගන්න පුළුවන් කියලා ලබන අවුරුද්දේ ඔයා එක්ක ඉන්නේ එයා... “
මා එසේ පවසමින් අත ඉතිරිව ඇති කාඩ්පත් අතරින් ඇයව සහ ඔහුව නියෝජනය වනවායැයි පැවසූ කාඩ්පත් දෙක ඉවතට ගෙන බැරෑරුම් මුහුණක් මවාගෙන ඇයගේ උකුල උඩ ඇති අත් බෑගය මතින් තබද්දී ඇය ඒ දෙස බලා සිටින්නේ බලාපොරොත්තු සහගත නෙතින්...
“හැබැයි ඔයා හිතුවොත් ඒක කරන්න බැහැ කියලා... සැකයන් නෑ ඒක ඒ විදියටම වේවි..."
ඉස්කෝප්ප ආසියා, හාරත රැජින අසලින් ගිලිහී යන ලෙස දබරැඟිල්ලෙන් පහරක් ගසමින් මම ඔහේ දොඩවද්දී අරූන් හිස වනා එය අනුමත කරන්නේ හරියට මා දේව වාක්‍යයක් පැවසූ නියාවෙන්...
" මෙහෙමයි ඔයා තීරණය කරගෙන ඉන්න ඇයි ඔයාට එයාව ඕනේ කියලා... ඒ හේතුව ටික කාලෙකින් වෙනස් වෙලා යන දෙයක් නම් ඔයාට පස්සේ කණගාටුවෙන්න වේවි..."
" මේ කාඩ් පිහිටලා තියෙන විදියට මට තේරෙන්නේ එයා බලාපොරොත්තු වෙන්නේ තමන්ට ඇහුම්කන් දෙන ගෑනු කෙනෙක්, තමන්ව පාලනය කරන කෙනෙක් නෙවෙයි... ඉතින් ඔයා ඒවගේ කෙනෙක් කියලා එයාට දැනෙන්න ඉඩ ඇරලා නෑ නේද...? "
මේ කණාව වරදින්නේ කලාතුරකිනි...
"නෑ..."
"ඒකනේ... එයාගේ සිතුම් පැතුම් මීට වඩා තේරුම් ගන්න උත්සාහ කරන්න, ඔයාලා දෙන්නා කොච්චර ගැලපෙනවද කියලා කලබල නැතිව පරිස්සමෙන් අවබෝධකරගන්න..."
මේ කණාව වරදින්නේ කලාතුරකිනි...
"නෑ..."
"ඒකනේ... එයාගේ සිතුම් පැතුම් මීට වඩා තේරුම් ගන්න උත්සාහ කරන්න, ඔයාලා දෙන්නා කොච්චර ගැලපෙනවද කියලා කලබල නැතිව පරිස්සමෙන් අවබෝධකරගන්න..."
ඇය හිස වනා පිළිගනියි... පිළිගන්න එපැයි... මම වැරදි දෙයක් කිව්වායෑ...
"ඔයා දන්නෙත් නැතිව, ඔයා එයා ඉස්සරහා මවාගත්ත සීරියස් ගතියකින් නේද හැසිරෙන්න ට්‍රයි කරන්නේ... එහෙම කරන්න එපා... නැචුරල් විදියට හැසිරෙන්න,... බයවෙන්න එපා... මේ කාඩ්ස් වලින් කියවෙන දේ ඇත්තනම් එයාට දැනටමත් ඔයාව ගොඩක් වටිනවා... ඒක එයාට හරියටම ඔප්පු කරලා දෙන්න විතරයි ඔයාට තියෙන්නේ... "
ඇයගේ සිත්ගත් සිහින කුමරා දිනාගත යුතු ආකාරය ගැන ඕනෑම තැනක සාර්ථකව අලෙවිකර හැකි ධනාත්මක උපදෙස් කිහිපකුත් සමඟින් කඩදාසි කුට්ටම හකුලා මා සාස්තරය අවසන් කරන විට ඇය අපට අවශ්‍යය වූවාටත් වඩා මහපොළවට පා තබා සිටියා... ඉන් අනතුරුව ගමනාන්තය දක්වාම මිතුරන් තිදෙනෙකුගේ සිනා හඬට වෙනුවට දුම්රිය ජනේලයෙන් එළියට විහිදුනේ මිතුරු මිතුරියන් හතර දෙනෙකුගේ සිනා හඬයි...
මීළඟට සිදුවූ සිදුවීම් එකින් එක මා විස්තර කරන්නට නොයන්නේ ඒවා මෙම කතාවට සෘජුව අදාළ නොවන නිසායි... කතාවේ මීළඟ කොටස ඇරඹෙන්නේ උත්සවයේ කටයුතු සාර්ථකව නිමකර, තවත් දිනකිහිපයක් තම නිවසේ නතරවීමට තීරණය කල අරූන්ගෙන් සමුගෙන අප දෙදෙනා නැවත බැංගලෝරයට පැමිණි පසුවයි...
නැවත බැංගලෝරයට පැමිණ එලැඹුණු පලවෙනි සති අන්තයේම උදෑසන මා අවදි වූයේ නවාතැනේ ඇන්ටී මා අමතන හඬින්...
"යු හෑව් ගොට් සම් විසිටර්ස් හියර්...!"
ඇයගේ දැනුම්දීමෙන් පසු කඩිණමින් මුහුණ කට දොවාගත් මා පහත මාලයට පියමැන්නේ උදෑසනම පැමිණ සිටින මේ වදකාරයින් කවුරුන්දැයි දැනගන්නා අටියෙන්... මා පුදුමයට පත්කරමින් සෝෆාවේ වාඩිවී සිටියේ මා හිතවත් අරූන් සහ ඔහුගේම වයසේ යැයි සිතිය හැකි ලජ්ජාශීලී තරුණයන් දෙදෙනෙක්...
"උඩට එන්න... " මාගේ ආරාධනාවෙන් අප නිදන කාමරයට ඔවුන් තිදෙනා ඇතුලු වූ පසු අරූන් එකිනෙකාව හඳුන්වා දුන්නා...
"මේ සාගර්, දුරින් මගේ සහෝදරයෙකුත් වෙනවා... මේ මගේ තව යාළුවෙක් රෙඩ්ඩි..."
අතිනත දී මා ඔවුන්ට ආචාර කළේ මොවුන් තිදෙනා මා හමුවට පැමිණියේ මන්දැයි තේරුම් ගැනීමට උත්සාහාකරමින්... තවත් සුළු මොහොතකින් මා පුදුමයට පත් කරමින් සාගර් තම කළිසම් සාක්කුවෙන් ඉවතට ගත්තේ අළුතින්ම මිළදී ගත් කඩදාසි කුට්ටමක්...
"මේ දෙන්නගෙම පොඩි ආදර හුටපට දෙකක් තියෙනවා... මේ ඒගැන දැනගන්න මම එක්කන් ආවේ..."
අරූන් එසෙ පවසද්දී බිම පෙරෙලෙමින් සිනාසෙන්නට මා හට ආ හැඟීම මා පලනය කරගත්තේ ඉතා අසීරුවෙන්… ඉන් අනතුරුව කිලෝමීටර පන්සියයකටත් අධික දුරක් ගෙවාගෙන මහත් බලාපොරොත්තුවකින් මා වෙත පැමිණි මේ අහිංසකයන් දෙදෙනා ගැන මා හට ඇති වුයේ දරාගත නොහැකි කණගාටුවක්... අරූන් වත් ඇදගෙන බැල්කනියට ගිය මා, මා දන්නා සාස්තරයක් නැති බවත් එදින ඒ තරුණිය කතාවට අල්ලා ගැනීම සඳහා මා කටට ආ ගජබින්න අතහැරි බවත් ඔහුට පැහැදිලි කලා... මා පුදුමයට පත් කරමින් ඔහු මා කියනා දෙය විශ්වාස කිරීමට මැලි වූයේ එදින මා ඔහුහට පැවසූ සෑම දෙයක්ම සහතික ඇත්ත බව සපථ කරමින්... කියනා කිසිදෙයකින් ඔහුව නම්මා ගත නොහැකි වූ පසු මා ඇඳ උඩ වාඩි වී ඔවුන් දෙදෙනාගේ අනාගතය කීමට කඩදාසි කුට්ටම අතට ගත්තේ ගැහෙන හදින්...
අප බැල්කනියේ වාද කරනා අතරේ, වසර ගණනක් තිස්සේ මාගේ කාමර සගයා වූ ආදරණීය ජැක්කා නිදි යහනෙන් අවදිව තම කාමරයේ සිටිනා මේ අමුත්තන් දෙදෙනාගෙන් ඔවුන් පැමිණි කාරනය දැනගෙන, කොචින් සිට පවා සාස්තර ඇසීම සඳහා ජනතාව පැමිනෙන එහෙත් තමා නොදැන සිට මේ අරුමපුදුම සාස්තරකරුවා අනාගත වාක්‍යය දෙසනා අයුරු අයාගත් මුවින් බලාසිටි ආකාරය අදටත් මාහට මතකයි...
යන්තම් ගුටි නොකා සාස්තරය අවසන් කරගැනීමට හැකිවූ මා අරූන්ට සමුදුන්නේ නැවත කිසිදා සාස්තර ඇසීමට කිසිවෙකු රැගෙන නො එන බවට දිවුරා සපථකළ පොරොන්දුවක් ඔහුගෙන් ලබා ගනිමින්...
ශා මරු අත්දැකීමක් නේ
ReplyDelete"අප බැල්කනියේ වාද කරනා අතරේ, වසර ගණනක් තිස්සේ මාගේ කාමර සගයා වූ ආදරණීය ජැක්කා නිදි යහනෙන් අවදිව තම කාමරයේ සිටිනා මේ අමුත්තන් දෙදෙනාගෙන් ඔවුන් පැමිණි කාරනය දැනගෙන, කොචින් සිට පවා සාස්තර ඇසීම සඳහා ජනතාව පැමිනෙන එහෙත් තමා නොදැන සිට මේ අරුමපුදුම සාස්තරකරුවා අනාගත වාක්‍යය දෙසනා අයුරු අයාගත් මුවින් බලාසිටි ආකාරය අදටත් මාහට මතකයි...
ReplyDelete"
මෙන්න හොඳම කෑල්ල...
මදැයි කොලා කිව්වලු! ඉතිං අර කොල්ලො දෙන්නට කිව්ව ඒවත් ඇත්ත වෙලාද දන්නැ!
ReplyDeleteඒක නෙමේ අවුරුද්දක් විතර බ්ලොග් කියෙව්වට අදනේ මේ පැත්තෙ ආවේ!
මුල ඉදන් අගටම කියවන් ආවා... හරිම ලස්සනයි...
ReplyDeleteඑළ කථාව
ReplyDeletebuwa, මාරයා, හසී, ගුණේ අයියා,
ReplyDeleteහැමෝගෙම ප්‍රතිචාර වලට ගොඩාක් ස්තූතියි...
බුද්ධි,
පෙරුම් පුරලා පුරලා ලඟදි පටන්ගත්තේ... ඇවිත් ගියාට ස්තූතියි මචං...
ෂහ්. මාර ලස්සනයිනෙ. බුද්ධි කිව්වා වගේ මෙච්චර කල් මේකෙ හිටියට මේ පැත්තෙ ආවෙ අදනෙ. දැන්නම් දිගටම එනවා. හරිම ලස්සනයි සරලයි.
ReplyDeleteනියමයි බීට්ල්, හරිම රසවත්....!
ReplyDeleteනියමයි, හරිම අපූරුයි, අගෙයි කියල තමයි කියන්න තියෙන්නෙ,
ReplyDeleteඇත්තටම බීට්ල් හරියට හරි,ඔය වාගෙ හැමතැනටම හරියන වචන ටිකක් කටේ තොලේ නොගෑවී දෙසා බාන්න පුලුවන් නම් සාස්තර කියන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි තමා,
Ishara , දුමී, Ravi
ReplyDeleteප්‍රතිචාර වලට ගොඩාක් ස්තූතියි... :)
මට මඟ ඇරිලා .........
ReplyDeleteධනාත්මක චින්තනය තරම් මට පේන්න බැරි වෙනත් දෙයක් නැහැ.
ඔයා හරිම .... ම්ම්ම්ම්.... සම්‍යක් ප්‍රයෝග දන්න කෙනෙක්...
රවි අයිය කියනව වගේ "WHITE LIE"
හා හා හා මරු මරේ මරු... ඇත්තටම කෙල්ලෙකුට කියන ඕනේ එකම සාත්තරේ ඔච්චරයි. ඒක හැම කෙල්ල්ක්ගේම ජීවිතේ පොදු සාධකය. ඇත්තටම සාත්තර කියන්න පටන්ගත්තොත් මොකද බීට්ල්
ReplyDelete