ආධුනික කෙටි කතා පොත

කාර්යාලයේ වෙහෙස නිවාගන්නේ

About Me

My Photo
හැඩයක් නැති හදවතක, ඉපිද මැරෙන සිතිවිලි ගොන්නකින්, අතට අහුවෙන අකුරු අහුරක්, ලොවටම පෙනෙන සේ මෙසේ සඟවමි...

ඇවිත් ගියෝ

Followers

මගේ ප්‍රියතම බ්ලොග්

15. සුදුමැලි පුංචි තිත... | Pale Blue Dot


325px-Pale_Blue_Dot

පේනවද ඒ පුංචි තිත...
අර තියෙන්නේ...
සුදු පාට...

අන්න ඒක...
ඒ මොකද්ද කියලද අහන්නේ..?
ඒ මෙහේ...
ඔව්... අපි...
අපේ ලෝකේ...
අපේ හැම දේම...

අපි පණටත් වැඩියෙන් ආදරය කරන අය...
ඊටත් වැඩියෙන් වෛරකරන අය...
ගරුකරන, නොසලකන හැමෝමත්,
මිතුරනුත්… සතුරනුත්...
මේ පුංචි තිත ඇතුළෙමයි...

අපි හැමෝගෙම...
හැම දුකක්ම... සතුටක්ම...
සිනහවක්ම... හැම කඳුලක්ම....
මෙතෙකුත්... මතුවටත්...
වින්දේත්, විඳින්නේත්...
මේ පුංචි තිත ඇතුළෙමයි...

නිමක් නැති ඇදහිලි...
ආගම්... විශ්වාස...සංස්කෘති...
ආර්ථික මූලධර්ම...
දේශපාලන මතවාද...
මේ සේරමත්...
හැම දේශප්‍රේමියෙක්ම...
දේශද්‍රෝහියෙක්ම...
ජාතිවාදීන්... ජාතිකවාදීන්...
ත්‍රස්තවාදීන්... මාක්ස්වාදීන්...
අරුන් මුන් සේරමත්...
මේ පුංචි තිත ඇතුළෙමයි...

ලෝකය ආදරයෙන් පුරවන මව්වරුන්...
රසායනික අවි නිපදවන විද්‍යාඥයින්...
දැනමුතුකම් දෙන ගුරුවරුන්...
වංචාකාර දේශපාලුවන්...
ආදරයේ නාමයෙන් දිවිපුදන පෙම්වතුන්...
රට ජාතිය වෙනුවෙන් සටන්වදින් සොල්දාදුවන්...
රජවරුන්... හිඟන්නන්...
බ්ලොග් රචකයින්... හැකරුන්....
මේ සේරමත්....
මේ පුංචි තිත ඇතුළෙමයි....

මෙතුවක් කාලයකට ගොඬනැඟුණු,
හැම ශිෂ්ටාචාරයක්ම…
ගොඩනැගුනේත්…විනාශවුණේත්…
හැම නව සොයාගැනීමක්ම…
සාර්ථකවුණේත්... අසාර්ථකවුණේත්...
හැම විප්ලවයක්ම...
ජයගත්තේත්... මැඩපැවැත්වුණේත්...

මෙතුවක් කලක් අප අසා ඇති,
හැම ආගමික ශාස්තෘවරයෙක්මත්...
හැම ත්‍රස්තවාදී නායකයෙක්මත්...
කොටින්ම;
මුළු මානව සංහතියේම...
ලොකුම ශුද්ධවන්තයාත්....
ලොකුම පව්කාරයාත්...
ඇතිවූයේත්...
පැවතුණේත්...
නැතිවන්නේත්...

හිරුකිරණ කදම්බයක පැටලුණු...
දුහුවිලි අංශුවක් වන් වූ...
මේ පුංචි තිත ඇතුළෙමයි...


නාසා ආයතනය මඟින් නිකුත් කළ ඉහත ඡායාරූපය මීට වසර විස්සකට පමණ ඉහතදී වොයේජර් 1 යානය විසින් සෞරග්‍රහමණ්ඩලයේ සීමාවෙන් ඔබ්බට යද්දී ගන්නා ලද්දක්... ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළහොත් හිරු කිරණ කදම්බයක සටහන් වුණු සුදු පැහැති කුඩා තිතක් වැනි යමක් ඔබට දකින්නට හැකි වේවි... ඡායාරූපයට සාපේක්ෂව නොසළකා හැරිය හැකි තරමේ අංශුවක් වැනි වූ මේ කුඩා තිත අන් කවරක්වත් නොව අවසානයක් නොමැති සංකීරණ ගැටළු ගොන්නක් තුරුළු කරගෙන එකිනෙකා හා පොරබදමින් අප සියළුදෙනා ජීවත්වන පෘතුවියයි...

ඉමක් කොනක් නොපෙනෙන විශ්වයක තනිවී ඇති මේ පුංචි තිත තුල දහසකුත් එකක් අයිතිවාසිකම් සළකුණු කරගෙන ඒවා බෙදාගැනීමට නොහැකිව ලේ ගංගා ගලායමින් සටන් වදින අප එකිනෙකා කෙතරම් දුරස් වුවත්, එය වැඩිම වුවොත් මේ කුඩා තිතේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා තරම් වියයුතු නොවේද...?

අන්තර්ජාලයේදී ඇසගැ‍ටුණු, ඇමෙරිකානු තාරකාවිද්‍යාඥ “Carl Edward Saganගේ “Pale Blue Dot” ඇසුරින්...
මේ ඡායාරූපය දැකීමෙන් ඔබේ සිතට ආ හැඟීම් සටහන් කර යන්නට ආරාධනාවක්ද සමඟිනි...

ප/ලි : නීල් ආම්ස්ට්‍රොන්ග් කාටත් නොකී සඳගමනේ රහසක් මෙතන තියෙනවා...
Category: 10 comments

10 comments:

  1. ඇගේ මයිල් කෙලින් උනා...

    ReplyDelete
  2. ලොකුවට හිතන්න පුළුවන් නම් මිනිස්සුන්ට කවදාවත් දැන් පවතින ප්‍රශ්ණ ප්‍රශ්ණයක් කරගන්න එකක් නෑ

    ReplyDelete
  3. අපි කොහොම ද මේ සුදු තිත බෙදා ගන්නේ....... !!!!!

    ReplyDelete
  4. @Hishan Melanga
    ඇත්තටම මටත් මේක ඉස්සෙල්ලාම දැක්කම එහෙම වුණා...

    @නවම්
    ඒක සහතික ඇත්ත මචෝ... පේනවනේ පැත්ත පළාතක කවුරුවත් නෑ... අපිට ඉන්නේ අපි විතරයි...

    @වත්
    අපි එහෙම හිතුවට, දැනටමත් කොච්චර බෙදාගෙනද තියෙන්නේ...

    ReplyDelete
  5. සොෆීගේ ලෝකය කියවල තියෙනවද? ඒකෙ විධියට හාවගේ ‍ලොම් අස්සෙ ඉන්නැතිව ලොම් කෙලවරට ආවොත් ලෝකය දිහා වෙනත් මානයකින් බලන්න පුළුවන් වෙනවා. මේකත් ඒ වගේ වැඩක්. ලෝකය අපිට හිතාගන්නවත් බැරි තරමට විශාලයි... ඒකෙ අස්සෙ පුංචි තැනක අපි මහ ලොකු දේවල් ගොඩක් ගොඩගහන්...

    නියම සිතිව්ල්ලක්!

    ReplyDelete
  6. @hare :-)

    ඇත්ත තමයි මේක ලියද්දී මට මතක් වුණ තව දෙයක් තමයි, හෝර්ටන් හියර්ස් අ හූ කියන ඇනිමේෂන් මූවි එක... ඒක හදලා තියෙන්නෙත් කතා පොතක් අනුසාරයෙන් මම හිතන්නේ...

    ReplyDelete
  7. බීට්ල් . . .

    ඇත්තෙන්ම ඒ ගැන හිතුවාම අපි මොන මගුලටද මේ පොඩි දේවල් වලට මැරෙන්න හදන්නේ කියලා හිතෙනවා බන් . .

    සිරාවටම මේ පුංචි තිත ඇතුලේ අපි ඉන්නෙත් සුලු කාලයයි . . .

    ඒ කාලය සතුටින් ගෙවන විදිහක් නෙමෙයි අනෙක් එකාව යට කරගෙන උඩට එන්න පුලුවන් විදිහක් කල්පනා කරමින් ඉන්න අය බහුතරයක් අතර . . .

    සතුට පමනක් ඉලක්ක කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන තවත් පුංචි තිතක් වෙන්න හිතන්න කියලා මේ තිත කිව්වා වගේ බන් . . .

    ReplyDelete
  8. අහම්බෙන් කඩාපාත් උනත් මේක දකින්න ඕන හොඳම වෙලාවෙයි මම දැක්කෙ. 2012 පැය කීපයයි

    ReplyDelete
  9. තිත දැක්කා!

    ඒ තිතේ මේ හැටි දේවල් වෙනවානම්..
    කවුද කියන්නේ විශ්වයේ ජීවය තියෙන එකම තැන පෘතුවිය කියලා...

    ඒක මහ බොරු කතාවක්..

    ReplyDelete
  10. ඔය පේන තිත ඇතුලේ සම්පීඩනය වෙච්ච අපේ හිත් මීට වඩා ගොඩාක් ලොකුයි බීටල් අයියා. මගේ හිතේ හැටියට අපි තනිවෙලා නෑ... අපිට අපි ඉන්නවානේ. කරදරයක් වෙලාවට හැම සතෙක්ම දුවන්නේ ඒකෙන් අහකට. එත් මිනිහා.. එයා එහෙම නෑ. ගිහින් බලන්නේ මොකද්ද උනේ කාටද උදව්වක් කරන්න පුළුවන් කියලා. ඒ හිංදා පෘථිවිය කියන්නේ මාර තැනක්. ඒ පුංචි සුදු තිත ඇතුලේ තව තිත් ගොඩාක් තියෙනවා. එත් ඒවා සමහර කළු තිත් වලින් වැහිලා ඇත්තේ...හීන් සැරයත් සැරයි.

    සාපේක්ෂතාව ගැන ප්‍රශ්ණයක් මේ පිංතුරේ තියෙන්නේ. හුඟාක් දුරට ගිහාම මෙහෙම වෙනවා තමා. අනික ඉතිං අපිත් පොඩි මිනිස්සු තාම මේ ඇති. මේ ඉන්නේ බිලියන 7ක් ම. තව මේ වගේ ගොඩාක් උනත් තියා ගන්න පෘථිවිය උඩ තියාගෙන ඉන්න මේ මහපොළොවට පුළුවන්. ජන ගණත්වය අතින් බලද්දි මැකාවෝ වගේ පැත්තක් හැම තැනම තිබ්බත් මිනිස්සු ඉදිවි.

    ඒ හංදා ඔන්න මහපොළොවේ මං බය නෑ ඒ තිතට. මං ඒක දන්නවා. එයා ලොකු තිතක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...

අකුරු බ්ලොග් අඩවියෙන්

---------------------------------
"හා... ස්ටේෂන් එකේ කොතනටද එන්නේ..?"

"ම්ම්ම්... වයන්න යටට එන්න..."

" වයන්න යටට..?"

"එළියේ උඩ ලොකුවට ගහලා තියෙන්නේ කො‍ටුව දුම්රිය ස්ථානය කියලා..."

“ඔව්..."

“ඉතිං ඒකේ වයන්න යටට එන්න..."


- එකෝමත් එක කාලෙක, ආදර කතාවක් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"ඒ කාලේ අපේ අම්මා මට දෙන රුපියල් පහෙන්, මම කැම්පස් ගිහිල්ලා ‍තෝසෙ කාලා , ප්ලේන්ටි බීලා, සිග‍රැට් එකකුත් බොනවා..."

"අපෝ දැන් ඒ කාලේ වගේ නෙමෙයි තාත්තේ, බඩු කොච්චර ගනන්ද...? දැන් කොළඹ ගිහිල්ලා ‍තෝසෙ කාල ප්ලේන්ටි බීල සිග‍රැට් එකකුත් බිව්වම රුපියල් සීය ඉවරයි..."

"ඈ යකෝ උඹ සිග‍රැට් බොනවද..?"


- දස වසක් ඇවෑමෙන් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ප්‍රයිවෙට් කොම්පැණියක හොඳ තනතුරක්ලු... දැක්කේ නැද්ද කාර් එක..."

"ඔහොම ලොකු කාර් ගන්නවා කුඩු බිස්නස් කාරයොත්..."


- පච්චා කොටපු ඉලන්දාරියා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“Aren’t you gonna join with us…?"

"I never pay for Sex…"


- අඳුරේ පව් කරන දනා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“හිමාලි අක්ක බැඳලා ඉන්න අය්යා… එයාට මොකුත් කරගන්න බැහැලු…එයාට බරවා…”

“මොකුත් කරගන්න බැරිනම් හිමාලි අක්කට අහවල් එක කරන්නෙ බොලෑ මහ එකාද?”


- වෙනස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"අනේ අත්තම්මේ... මගේ ඉන්බොක්ස් එක ඕපන් වෙලා ඇති... පොඩ්ඩක් සයින් අවුට් වෙලා මෙෂින් එක ෂට් ඩවුන් කරනවද...?"


- අමුතු සෙල්ලම - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
" ගෝස්කි මහත්තයයි නෝනයි දෙන්නම දැන් ජීවතුන් අතර නෑ... ඉතිං මේ රහස දැන් එලිකරාට ගැටළුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා..."


- නීල් ආම්ස්ට්‍රොන්ග් සැඟවූ සඳ ගමනේ අභිරහස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ආ.. මේක කෙමක්... ඇණේ අතට ගත්තට පස්සේ කතානොකර මට ගෙනල්ලා දෙන්න ඔනේ හරිද...?"


- වැරදුණු ගුරුකම - කියවන්න මෙතැනින් -
---------------------------------



Web Statistics