Tuesday, July 10, 2012

මතකයන් ඔබේ… | Remind Me

මේ බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් පළවෙන තෙවෙනි පෝස්ටුව…
පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss
දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | ‍You and Tequila make me crazy

මේ ගීතයෙන් කියවෙන්නේ කලක් ආදරයෙන් සිටි පෙම්වතුන් යුවලක් වෙන්වීමෙන් කලකට පසු නැවත හමුවූ විටෙක ඇතිවෙන දෙබසක්… සවන්දුන් පළමුවරම මගේ හදවතේ හිට්වුණ මේ ගීතයට මම තවමත් ආසයි…
ඔවුන්ගේ ආදරයෙන් පිරුණු අතීතයේ ශෘංගාරාත්මක සිදුවීම් සිහිකරන මේ ගීතයේ එක තැනක තියෙනවා නිකං මේ වගේ කෑල්ලක්…

ගැ : ඔබට මතකද එදා ගුවන්තොටුපලේ….
ඔබ මා හැරලන්නට ආ දිනේ….
සමුගැනීමේ හාදුව අපේ… ගොඩක් දික් වුණා…
පි : ඔව්, ඔබට ගුවන්යානයත් එදා වැරදුනා…
ගැ : ඉතිං හොඳයිනේ… තව රැයක් අපි එකට ගතකලා…

Smile මට හිනාවෙන්නද අඬන්නද කියා හිතුනා ඒ කෑල්ල අහද්දී…

ගයන්නේ Brad Paisley සහ Carrie Underwood

මියුසික් වීඩියෝව
Brad Paisley - Remind Me (Duet With Carrie Underwood)

ගී පද
Brad Paisley - Remind Me (Duet With Carrie Underwood) Lyrics

MP3 සිංදුව බාගන්න…
Brad Paisley - Remind Me (Duet With Carrie Underwood)

තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

3 comments :

  1. ඉිග්‍රිසි සින්දු අහන කොට මම අහන්නෙම පද වැලත් ඕපන් කරන්ම තමා. කාටද අප්පා ඒ ඉංගිරිසි වචන තේරෙන්නේ. ඒත් සමහර වෙලාවට සරල ලස්සන පද වැල්..... හරිම ලස්සනය.

    ReplyDelete
  2. ඇත්තටම කිව්වොත් මමත් ඔය හුගක් ඉංග්‍රීසි සිංදුවල තේරුම දන්නේ නැහැ ..

    ReplyDelete
  3. හැම වචනයක්ම නොතේරුනාට සිංදුව ලස්සනයි..

    ReplyDelete

Web Statistics