Thursday, July 12, 2012

සෙනහස, නිසැකවම එය සුව කරාවි | I'm Gonna Love You Through It

මේ බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් පළවෙන පස්වෙනි පෝස්ටුව…

පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss
දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | ‍You and Tequila make me crazy
තුන්වෙනි පෝස්ටුව 3. මතකයන් ඔබේ… | Remind Me
හතරවෙනි පෝස්ටුව 4. ගොවිපලේ සොඳුරිය… | Farmer's Daughterල්

“දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් දැන් ටිකක් හොඳයි…”   තාත්තා පවසන්නේ ඇඳ අසලින් මෑත් වෙමින්…

මම ඇයගේ සුදුමැලි සුරත අල්ලා ගනිද්දී අපසුවෙන් ඇස් හරින ඇය නැවතත් එය අඩවන් කරගන්නේ මා සුරත තදින් මිරිකා ගන්නා අතරේයි… කය දවමින් නැඟෙන වේදනාව හා සටන් කිරීමෙන් වෙහෙස වු ඇයගේ සීතල අත්ලට දැනෙනා මා සුරතේ උණුසුම ඇයට ජීවිතය පිළිබඳව නව බලාපොරොත්තු උපදවනවා වෙන්නට ඇති… පවුලේ කෙනෙකු අසාඬ්ය රෝගයකින් පෙලෙන්නට පටන් ගත්විට මනසින් කඩා වැටෙන්නේ රෝගියා පමණක් නොවෙයි ඔහු හෝ ඇයට ආදරය කරන හැමදෙනාමයි…

මේ ගීතය ගැන නම් පෝස්ට් දහයක් ලියන්න තරම් දේවල තිබ්බත් මේ ඒ සඳහා වෙලාව නෙමෙයි… අදටත් මගේ සමීපතමයෙක් ලෙඩ ඇඳේ සිටිනා විට හඬන මා සිතට ශක්තියක් උපදවා දෙන්නට  භාවනාවක් වැනි මේ ගීතයට පුළුවන්…

ලොව පුරා පිලිකා රෝගය හා සටන් කරන රෝගීන් සහ ඔවුන්ගේ සමීපතමයන් වෙනුවෙන් මේ ගයන්නේ “Martina McBride”

මියුසික් වීඩියෝව
Martina McBride - I'm Gonna Love You Through It

ගී පද
Martina McBride - I'm Gonna Love You Through It Lyrics

MP3 සිංදුව බාගන්න…
Martina McBride - I'm Gonna Love You Through It
තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

3 comments :

  1. I just can't listen to this. so sad

    ReplyDelete
  2. තවත් අඩියක් පෙරට තබනු නොහැකිව
    බියෙන් ගැහෙද්දී හදවත
    අතින් අත ගෙන අප දෙදෙනා
    එක්ව යමු දිරිගෙන..

    මේ සීරීස් එකේ මම ආසම ගීය..Walk to remember මතක් වුනා..
    ස්තුතියි බීට්ල්..

    ReplyDelete
  3. ස්තූතියි ආවාට බින්දි, රූ...

    ReplyDelete

Web Statistics