ගතවෙමින් තිබුණේ විශ්‍වවිද්‍යාලයේ අවසන් වසරේ සමුගැනීමේ සාදයේ අවසන් හෝරා කිහිපය…
පමණට වඩා මත්වුණු තරුණ තරුණියන් බොහොමයක් දෙනා සිටියේ බමන මතින් නටමින්… සමහරු තව තවත් තම මධු බඳුන් මධුවිතෙන් පුරවා ගනිමින්… හරියට හැමදෙනාම මේ ශෝකී සමුගැනීම පියවි සිහියෙන් කරන්නට බිය වූවා වැනියි… අඩ අදුරේ පැතිරුණු මීදුමක් වැනි සුදුමැලි ආලෝකය තුළ සැඟවුණු පිරිස අතරේ මා නෙත් දිව ගියේ ඇය සොයනා අටියෙන්…
ඇය සිටියේ රාත්‍රී සාදයකට නොගැලපෙන නමුත් සමුගැනීමකට අතිශයින්ම සුදුසු, සුදෝ සුදු ගවුමකින් සැරසීගෙනයි… වෙනදා මෙන්ම නිමේෂයක් මා නෙතඟ පැටලී ඉවතට ඇදගන්නා ඒ නිල් ඇස් වලින් මාගේ බැල්ම මඟහරිමින්… වැරෙන් බැඳුණු සංස්කෘතික යදම් ලිහා ගත නොහී පුරා වසර තුනක් ඇස් වලින් කතා කල අප දෙදෙනා අදින් පසු යළි මුණ නොගැසේවී… ඉන්දියාව විසල් රටක්… බැංගලෝරය විසල් නගරයක්… මා මව් රටට පියඹද්දී ඇය මේ නගරයේ මිලියනයක් මිනිසුන් අතරේ සදහටම සැඟවී යාවි… අපව එකිනෙකාට අහිමි කරවමින්…
වාදනය වෙන්නට පටන් ගත්තේ සතුටු සාදයේ අවසන් ගීතයයි… වසර තුනක් පුරාවට ගොළුවූ මා සිතට බීර මත අලුත් දිරියක් රැගෙන ඇවිත්… අද නොවේනම් ආයේ කවදාවත් නොවේ… එක් එල්ලේ ඇය වෙත ඇදුණු මම, මාගේ සුරත ඇය වෙත දිඟු කළේ දෙවරක් නොසිතාමයි…
“ශැල් වී…?”
ඇය පිළිතුරු දුන්නේ නැහැ… අඩුම ගණනේ හිස ඔසවා මා දෙස බැලුවේ වත් නැහැ… තම වෙවුලන ඇගිලි තුඩු වලින් මා දිගුකල සුරත අල්ලා ගත්තා පමණයි… උණුසුමට මට දැනුණේ ඇගේ සිහින් සියුමැලි ඇගිලි තුඩු වලට වේගයෙන් ලේ පිරෙනා අයුරු විය යුතුයි… සංගීත රටාවට පැද්දෙන මා උරහිසේ දැවටුණු ඇයගේ නිකටේ උණුසුම මේ දැනුත් මට විදින්නට හැකියි… නැවත දකින්නට නොලැබෙන ඒ නිල්වන් ඇස් සිත් සේ දැක ගන්නා අටියෙන් මුහුණට වැටුණු ඇගේ අකීකරු කෙස් රොදක් මා මෑත් කරද්දී ඇයගේ සියුමැලි කන්පෙති රත් පැහැ වූවා මට මතකයි… සංගීත හඬින් සහ මිතුරු මිතුරියන්ගේ කෝලාහලයෙන් පිරුණු පරිසරයේ මා පවසන යමක් අසා ගැනීමට තම මුහුණ මා වෙත ලංකරන ඇයගේ කම්මුල් මා දෙතොලෙහි ස්පර්ශ වෙද්දී එය ඉන් මුදවා ගැනීමට ඇයට කලබලයක් නැති ගානයි… සාදයේ මේ අවසන් ගීතය නොනැවතී සදහටම වාදනය වෙනවා නම්..?
සොඳුරු සිත්තමක් වැනි මතකයක් ඉතිරිකර කාලය බොහෝ දුරක් ඉගිල ගිහින්… අපි නැවතත් හමුනොවනා ලෙසින්ම… අහිමි වීම මා සමඟින් මෙතරම් දුරක් ඒවි යැයි මා කිසිදා දැන සිටියේ නැහැ… නිමා නොකළ රැගුමක මිහිරියාව පමණක් මාවෙත ඉතිරිකර නික්මුණු ඇයගේ සොඳුරු මතකය මෙතරම් කාලයකට පසුවත්, සිතුවිලි අතරේ දඟකරනායුරු විශ්මයජනකයි…
සදාකාලික තාරුණ්‍යයක මා සිර කර නික්ම ගිය සුහදිනියේ, අසුරු සැණක් වන් මොහොතකට වුව හද ගැහෙනා තාලයට අප පාද තැබූ ඒ රංගනය ඉදහිට දිනෙක මට සිහියට නොඑනවාම නොවෙයි…
ලෝකයේ කොහේ හෝ කොනක ඉතින් ඔබ සුවෙන්ද..?
ලේඩි ඇන්ටබෙලම්… මියෙන සිතුවිලි වලට ඔබ ගීතයෙන් පණ පොවනා හැටි හරි පුදුමයි…
Lady Antebellum - Dancin' Away With My Heart
පිංතූරය : http://fineartamerica.com
කතාව අගෙයි! දුරකතනයෙන් පැමිණි නිසා. ගිතය නම් නරඹන්න බැරි වුනා.
ReplyDeleteමම ආසම ගායකයෙක් ..
ReplyDeleteඅනේ ඇය මෙය දුටුවොත්... ඇය ඔබ හඳුනා ගනීවි....
ස්තූතියි ගිමන් නිවන්නා, සොදුරු සිත...
ReplyDeleteහරියටම කිව්වොත් ලේඩි ඇන්ටබෙලම් කියන්නේ කන්ට්‍රි මියුසික් ගෲප් එකක්... තුන්දෙනෙක් මූලිකවම... හිලරි ස්කොට්, චාල්ස් කෙලී සහ ඩේව් හේවුඩ්...
හැමදාමත් වගේ අදත් සුපිරි අකුරු....
ReplyDeleteහැමදාමත් වගේ අදත් ඇවිල්ලා ගියාට ස්තූතියි...
Deleteහ්ම්ම් සංවේදී.. මම අදමද මේ පැත්තේ ආවේ?
ReplyDeleteනැහ වර්ණා... මම හිතන්නේ කලින් ඇවිත් තියෙනවා...
Deleteමේ ලියවිල්ල මාර ගති. ඒක කියවලා අන්තිමට ඒ සිදුවීම මතකේ තියං සිංදුව ඇහුවාම අමුතුම හැඟීමක අතරමං වෙලා යනවා!
ReplyDeleteස්තූතියි පූසා.. සින්දුව නැත්තම් පෝස්ට් එකත් නෑ...
Deleteඔය වගේ මොහොතවල් හිතන්නෙ නැති විදිහට හිත යට රැදෙනවා නේන්නම්.මනුස්ස ස්වභාවය. :)))
ReplyDelete:) එහෙනම් ඒවා ඉඳහිට හෝ අපි සේරම මනුස්සයෝ කියලා හරි මතක් කරලා දෙනවානේ...
Deleteලස්සන කතාව. බොහොම හැඟීම්බර විදිහට ලියලා තියෙනවා
ReplyDeleteස්තූතියි හසිත... සින්දුව ඇහුවේ නෑ..?
Deleteමෙවන් සොඳුරු නිමේශයන් ජීවිත කාලයම අපේ හිත් තාරුණ්‍යෙය් තනි කරනවා..
ReplyDeleteලස්සනයි..
ස්තූතියි රූ...
Deleteමට හැඳින්වීම කියෙව්වම මතක් වුනේ.(මෙයා සුදු ඇඳගෙන හිටියත්)
ReplyDelete"Lady In Red" සහ
"Careless Whispers"
henryblogwalker the Dude
ඉස්සර සිකුරාදා ITN එකේ යනනේ ප්‍රෝග්‍රෑම් එකක්... ඒකේ වරදින්නෙම නැති සින්දු දෙකක්... :) සදහටම රසවිඳින්න හැකි,,,
Deleteහ්ම්ම් ලස්සන කතාවක් සහෝ
ReplyDeleteගොඩක් ස්තූතියි නිශාන්
Deleteමගහැරුන නිමේශයක්.. හරි අපූරුවට ලියලා තියෙනවා..
ReplyDeleteස්තූතියි අමිල, දිනේශ්, අරලිය හැමෝටම....
Deleteවටිනා කතාන්දරයකි..වටිනා පෝස්ටුවකි..පේමයේ විරහව කඳටම දැනුනි
ReplyDeletelassana kathawak ayya.......
ReplyDeleteමදි බං.....
ReplyDeleteඉතිං මේ හොඳටම ඇති බං... :) ස්තූතියි මචෝ...
Deleteඅහිමිවීමත් හිමිවීමක් කියන්නේ නිකං නෙවෙයි! බීටල්ගේ කතා මං පුදුම විදිහට රස විඳිනවා!
ReplyDeleteස්තූතියි සාබිත්, ගොඩක් සතුටුයි මචං...
Deleteසමහර මතකයන් මැරෙන මොහොතේත් මතක් වෙනවා..
ReplyDeleteඇත්ත නම් තමයි නිම්ශා... ඒත් එහෙම වුණොත් කොච්චරනම් මතක් වේවිද..? :)
Deleteමෙය කියවා දැනුනේ ශෝක රසයක් ..ගීතයත් මියුරුයි .
ReplyDeleteස්තූතියි ආවාට බින්දි, දැකීමත් සතුටක්...
Delete//වසර තුනක් පුරාවට ගොළුවූ මා සිතට බීර මත අලුත් දිරියක් රැගෙන ඇවිත්…//
ReplyDeleteපරක්කු වෙලා පාවිච්චි කරන්න ගත්තට ඇත්තටම හිතේ තියෙන්නෙ කණගාටුවක්
එතනත් ඇල්ලුවනේ වලිගෙන්ම... :)
Deleteසමුගැනීම ගැන ලස්සනට ලියල තියනවා අදමද මන්ද මේ පැත්තට අවේ අයෙමත් එන්නම්කෝ .......
ReplyDeleteස්තූතියි සචිත්...
Delete"ලේඩි ඇන්ටබෙලම්… මියෙන සිතුවිලි වලට ඔබ ගීතයෙන් පණ පොවනා හැටි හරි පුදුමයි…"
ReplyDeleteමට කියන්න තියෙන්නේ.. බීට අයියා.. පණ නැති අකුරු වලට පණ පොවන හැටි හරි පුදුමයි..
ඒ ඇති.. (දන්නවනේ කමෙන්ට් පරක්කු ඇයි කීලා.. සුට්ටි ගමනක් ගියා නෙවැ.. :-D)
හොඳ සුට්ටි ගමන... :D
Deleteගීතය සුන්දර බව ඇත්ත.ඒත් ඇත්තටම බීට්ල්ගෙ අකුරු මට ඊට වඩා ප්‍රබලව දැනුනා.
ReplyDeleteජය!
එලයැ...
Deleteතව සුට්ටක් නොලීවේ මන්ද ඔය අකුරු... ස්කොරල් කලේ දීග පෝස්ට් එකක් කියවන්න :D
ReplyDeleteදිග පෝස්ට් එකකින් කියන්න බැරිදේ සින්දුවෙන් කියනවා ලෙසටම...
Deleteසෑහෙන වතාවක් අළුත් පෝස්ට් එකක් දාලද කියල බලන්න ඇවිත් හිස් අතින් ගියපු වාර අනන්තයි.. ඒත් ඒ ඔක්කොම අමතක උනා පෝස්ට් එකයි සින්දුවයි ඇහුවම..!!
ReplyDeleteස්තූතියි සුධීර..මාර සතුටුයි...
Deleteපරණ කතන්දරයක් සිහිපත් වී හිත කීරි ගැසී ගියා!
ReplyDeleteස්තුති කරන්නද, බනින්නද මන්දා.
අඩ සඳ අහසේ ඉකි බිඳිමින් සිටි
රැය මැදියම අතිනත පටලා
මට මතකයි අප සක්මන් කල හැටි
පිණි පොද වැසි මැද පා නගලා....
හිස බමනය කල මියැසිය හැරදා
මහවැලි පටු පාලමෙන් එගොඩ වී
සරසවි උයනේ කොණකින් කොණකට
මල් ලිය වැල් පිරි මගෙහි තුරුළු වී.....
අවසන් වරටත් ඔබෙ අත සිපගෙන
සමුගත් හැටි මතකයි හද බර වී
ඒ මොහොතේ සිතුනාද කියනු මැන
දුක් වෙන්නට යලි මේ ලෙස හමුවී....?
ඒ මේක මම කතන්දර බ්ලොග් එකේ දැකපු බවට මතකයක් නෑනේ... මේ දැන් වෙන්ඩ කතන්දරයක් එකතු වුණාද..? එහෙනම් ස්තුති කරන්න... බනින්න එපා...
ReplyDeleteඒ කීරි ගැහිලා ආව එකට ඉංග්‍රීසියෙන් කියන්නේ විප්‍රලම්භ ශෘංගාරය හෝ ඒ වගේ මොකක් හරි... :) ඕර්ගසම් එකේ අනිත්පැත්තට මෙව්වා එක...
"සංගීත හඬින් සහ මිතුරු මිතුරියන්ගේ කෝලාහලයෙන් පිරුණු පරිසරයේ මා පවසන යමක් අසා ගැනීමට තම මුහුණ මා වෙත ලංකරන ඇයගේ කම්මුල් මා දෙතොලෙහි ස්පර්ශ වෙද්දී එය ඉන් මුදවා ගැනීමට ඇයට කලබලයක් නැති ගානයි…"
ReplyDeleteමට උනා වගේ දැනෙනව.......