ආධුනික කෙටි කතා පොත

කාර්යාලයේ වෙහෙස නිවාගන්නේ

About Me

My Photo
හැඩයක් නැති හදවතක, ඉපිද මැරෙන සිතිවිලි ගොන්නකින්, අතට අහුවෙන අකුරු අහුරක්, ලොවටම පෙනෙන සේ මෙසේ සඟවමි...

ඇවිත් ගියෝ

Followers

මගේ ප්‍රියතම බ්ලොග්

60. අවසන් ඇමතුම…

575913_10150956480297492_296162501_n

“මචං අද මාව ඇතුලට දානවා…
මොබයිල් එකක් නම් නැති වෙයි…”
ලැබුන අවසන් ඇමතුම උඹෙන්…
දිනෙක එනබව දැනන් හිටියත්…
නොසිතීමි මෙතරම් කලින්…
හදිසියෙන්, හරි හුඟක් කෙටියෙන්…

ඒ නිසාමයි බැරිවුනේ…
උඹට දැනමුතුකමක් දෙන්නට…
උනේ ඒ වෙනුවට අසන්නට…
“දැන් මොකද්ද මචං මගෙන් වෙන්න ඕනේ..?”

උඹයි දැනමුතුකම් කියන්නේ…
මමයි නිහඬව අසා ඉන්නේ…
“මොකුත් නෑ උඹ හොඳින් ඉඳපන්…
ගෙදර අයවත් මතක් කරපන්…”
“ගියොත් මව් රට අද හෙටම උඹ…
අම්මා මගෙ යහතින්ද බලපන්…”

සතුට මේ යැයි හොයන ලෝකෙක…
යනෙන හැම තැන සතුට වපුරන…
හිර වුනත් උබ අඳුරු කුටියක…
හිර කරන්නට බැරිවෙයන්…
හිරගෙදර උස බිත්ති ඇතුලෙත්…
උඹට ඉර හඳ පායපන්…

උඹද ඇතුලේ අපිද නොදනිමි…
දුවන ලෝකෙක හැල්මේ දිවයමි…
හිර වුනත් උඹ මුවඟ නොමැකෙන…
සොඳුරු සිනහව තිබීයන්…
උඹේ හදවත වටිනකම දැන…
අලුත් මිතුරන් ලැබීයන්…

ප.ලි. : උගේ නම...? 'මචං'... වැරැද්ද...? වැරදිකාරයෙක් නෙමෙයි... හිරගෙදර ඉන්න අනිත් හුඟදෙනෙක් වගේම...

21 comments:

  1. :( කවිය වගේම හොයාගෙන තියෙන පින්තූරෙත් හිතට හුඟක් කා වදිනවා.
    මට මතක් වුණේ, වෙන යාළුවෙකුගෙ යාළුවෙක්ව. නීතිවිරෝධීව පිටරටක සිටීමේ "වරදට" අහු වෙන බව දැන දැන ඉඳලා, අන්තිමට හිරගෙට වැටුණු ඒ යාළුවගෙ කතාවට බීට්ල්ගෙ මේ කවි හොඳින් ගැලපෙනවා.

    "හිරගෙදර උස බිත්ති ඇතුලෙත්…
    උඹට ඉර හඳ පායපන්…"

    එහෙම යාළුවෙක් වෙනුවෙන් කළ හැකි අපූරු ප්‍රාර්ථනයක්

    ReplyDelete
  2. යාලුකමේ උපරිමය මේ වචනවල තියෙනවා..

    ReplyDelete
  3. යාලුකම තමා යාලුකම

    ReplyDelete
  4. මේත් ඉතිං නොමග ගිය තවත් හීනයක්නේ!!!
    උපරිමයි ලිවිල්ල නම් බීටලයා.

    henryblogwalker the Dude

    ReplyDelete
  5. ලස්සන ලියවිල්ලක් බීටා

    ReplyDelete
  6. හදවතටම දැනුන අකුරු පෙළක්

    ReplyDelete
  7. අපුරුයි... මොනවා කියන්නද මන්දා..

    ReplyDelete
  8. කියෙව්වා.. අනේ මන්දා තමා ඉතින්...

    ReplyDelete
  9. සිරකරුවොත් මනුෂ්‍යයෝ ය

    ReplyDelete
  10. අටර්‍මපහුර, නලිනි, Mee Godayaa,Hasitha,Dude, Dila, Bindi, Dinesh,Pasan, Nishan... ස්තූතියි ඇවිත් කතාකර ගිය හැමදෙනාටම...

    කවියකින් ඌට මොන පලක්ද... මම ගියා බලන්න... ඝනකම් වීදුරුවකින් එහාපැත්තේ රිසීවරයකුත් එල්ලගෙන, මූණට මූන බලාගෙන උගේ කවටකම් අහගෙන හිටියා...

    "ආව ගමන් දුන්න මචං වෙල්කම් ඩ්‍රින්ක් එක වගේ සුප් එකක්... මමත් මරුනේ කියලා ගහලා ඇරියා... බැලින්නම් ඒක සෙක්ස් ෆීලින්ස් මැරෙන්න දෙන එකක්ලු... තාම බැඳලත් නෑ යකෝ..!"

    ReplyDelete
    Replies
    1. මානව හිමිකම් ?????? මෙහේ නම් එහෙම නෑ. සබං කෑල්ලක් දෙනව සුප් වෙනුවට.

      Delete
  11. කවිය නියමයි.දුක හිතෙනවා.ඇත්ත කතාවක් වගේ බලාගෙන යද්දි.
    පින්තූරෙත් හරිම සංවේදීයි.

    ReplyDelete
  12. //උඹයි දැනමුතුකම් කියන්නේ…
    මමයි නිහඬව අසා ඉන්නේ…
    “මොකුත් නෑ උඹ හොඳින් ඉඳපන්…
    ගෙදර අයවත් මතක් කරපන්…”
    “ගියොත් මව් රට අද හෙටම උඹ…
    අම්මා මගෙ යහතින්ද බලපන්…”//

    Seems like a happy soul..

    Nicely written Beetle..!!

    ReplyDelete
  13. අනේ මන්දා ....................

    ReplyDelete
  14. ස්තූතියි රූ, නිසුපා, නවම්...

    ReplyDelete
  15. //උඹද ඇතුලේ අපිද නොදනිමි…//

    සාමාන්‍යයෙන් අපි ඉන්න තැන නැති උන්ට කියන්නෙ එලියෙ ඉන්න උන් කියලා. ඒත් හිරේ ඉන්න උන්ට කියන්නෙ ඇතුලෙ ඉන්න උන් කියලා.

    අර කිව්ව වගේ ඔය බිත්ති ඇතුලෙත් ඌට ඉර හඳ පායපං...!!

    ReplyDelete
  16. දක්ෂයෙක්.. සුභපතමි..

    ස්තුති ඒ පැත්තෙ ආවට. නැත්නම් උබේ බ්ලොග මිස් වෙනවා.. ජය !

    ReplyDelete
  17. අපි හැමෝම ඇතුලෙ ඉන්නැද්දි ඌ තවත් ඇතුලට ගිහින්....හ්ම්ම්

    ReplyDelete
  18. හරිම සංවේදී නිර්මාණයක්....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...

අකුරු බ්ලොග් අඩවියෙන්

---------------------------------
"හා... ස්ටේෂන් එකේ කොතනටද එන්නේ..?"

"ම්ම්ම්... වයන්න යටට එන්න..."

" වයන්න යටට..?"

"එළියේ උඩ ලොකුවට ගහලා තියෙන්නේ කො‍ටුව දුම්රිය ස්ථානය කියලා..."

“ඔව්..."

“ඉතිං ඒකේ වයන්න යටට එන්න..."


- එකෝමත් එක කාලෙක, ආදර කතාවක් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"ඒ කාලේ අපේ අම්මා මට දෙන රුපියල් පහෙන්, මම කැම්පස් ගිහිල්ලා ‍තෝසෙ කාලා , ප්ලේන්ටි බීලා, සිග‍රැට් එකකුත් බොනවා..."

"අපෝ දැන් ඒ කාලේ වගේ නෙමෙයි තාත්තේ, බඩු කොච්චර ගනන්ද...? දැන් කොළඹ ගිහිල්ලා ‍තෝසෙ කාල ප්ලේන්ටි බීල සිග‍රැට් එකකුත් බිව්වම රුපියල් සීය ඉවරයි..."

"ඈ යකෝ උඹ සිග‍රැට් බොනවද..?"


- දස වසක් ඇවෑමෙන් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ප්‍රයිවෙට් කොම්පැණියක හොඳ තනතුරක්ලු... දැක්කේ නැද්ද කාර් එක..."

"ඔහොම ලොකු කාර් ගන්නවා කුඩු බිස්නස් කාරයොත්..."


- පච්චා කොටපු ඉලන්දාරියා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“Aren’t you gonna join with us…?"

"I never pay for Sex…"


- අඳුරේ පව් කරන දනා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“හිමාලි අක්ක බැඳලා ඉන්න අය්යා… එයාට මොකුත් කරගන්න බැහැලු…එයාට බරවා…”

“මොකුත් කරගන්න බැරිනම් හිමාලි අක්කට අහවල් එක කරන්නෙ බොලෑ මහ එකාද?”


- වෙනස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"අනේ අත්තම්මේ... මගේ ඉන්බොක්ස් එක ඕපන් වෙලා ඇති... පොඩ්ඩක් සයින් අවුට් වෙලා මෙෂින් එක ෂට් ඩවුන් කරනවද...?"


- අමුතු සෙල්ලම - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
" ගෝස්කි මහත්තයයි නෝනයි දෙන්නම දැන් ජීවතුන් අතර නෑ... ඉතිං මේ රහස දැන් එලිකරාට ගැටළුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා..."


- නීල් ආම්ස්ට්‍රොන්ග් සැඟවූ සඳ ගමනේ අභිරහස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ආ.. මේක කෙමක්... ඇණේ අතට ගත්තට පස්සේ කතානොකර මට ගෙනල්ලා දෙන්න ඔනේ හරිද...?"


- වැරදුණු ගුරුකම - කියවන්න මෙතැනින් -
---------------------------------



Web Statistics