“මචං අද මාව ඇතුලට දානවා…
මොබයිල් එකක් නම් නැති වෙයි…”
ලැබුන අවසන් ඇමතුම උඹෙන්…
දිනෙක එනබව දැනන් හිටියත්…
නොසිතීමි මෙතරම් කලින්…
හදිසියෙන්, හරි හුඟක් කෙටියෙන්…
ඒ නිසාමයි බැරිවුනේ…
උඹට දැනමුතුකමක් දෙන්නට…
උනේ ඒ වෙනුවට අසන්නට…
“දැන් මොකද්ද මචං මගෙන් වෙන්න ඕනේ..?”
උඹයි දැනමුතුකම් කියන්නේ…
මමයි නිහඬව අසා ඉන්නේ…
“මොකුත් නෑ උඹ හොඳින් ඉඳපන්…
ගෙදර අයවත් මතක් කරපන්…”
“ගියොත් මව් රට අද හෙටම උඹ…
අම්මා මගෙ යහතින්ද බලපන්…”
සතුට මේ යැයි හොයන ලෝකෙක…
යනෙන හැම තැන සතුට වපුරන…
හිර වුනත් උබ අඳුරු කුටියක…
හිර කරන්නට බැරිවෙයන්…
හිරගෙදර උස බිත්ති ඇතුලෙත්…
උඹට ඉර හඳ පායපන්…
උඹද ඇතුලේ අපිද නොදනිමි…
දුවන ලෝකෙක හැල්මේ දිවයමි…
හිර වුනත් උඹ මුවඟ නොමැකෙන…
සොඳුරු සිනහව තිබීයන්…
උඹේ හදවත වටිනකම දැන…
අලුත් මිතුරන් ලැබීයන්…
ප.ලි. : උගේ නම...? 'මචං'... වැරැද්ද...? වැරදිකාරයෙක් නෙමෙයි... හිරගෙදර ඉන්න අනිත් හුඟදෙනෙක් වගේම...
*
ReplyDelete:( කවිය වගේම හොයාගෙන තියෙන පින්තූරෙත් හිතට හුඟක් කා වදිනවා.
ReplyDeleteමට මතක් වුණේ, වෙන යාළුවෙකුගෙ යාළුවෙක්ව. නීතිවිරෝධීව පිටරටක සිටීමේ "වරදට" අහු වෙන බව දැන දැන ඉඳලා, අන්තිමට හිරගෙට වැටුණු ඒ යාළුවගෙ කතාවට බීට්ල්ගෙ මේ කවි හොඳින් ගැලපෙනවා.
"හිරගෙදර උස බිත්ති ඇතුලෙත්…
උඹට ඉර හඳ පායපන්…"
එහෙම යාළුවෙක් වෙනුවෙන් කළ හැකි අපූරු ප්‍රාර්ථනයක්
යාලුකමේ උපරිමය මේ වචනවල තියෙනවා..
ReplyDeleteයාලුකම තමා යාලුකම
ReplyDeleteමේත් ඉතිං නොමග ගිය තවත් හීනයක්නේ!!!
ReplyDeleteඋපරිමයි ලිවිල්ල නම් බීටලයා.
henryblogwalker the Dude
ලස්සන ලියවිල්ලක් බීටා
ReplyDeleteහදවතටම දැනුන අකුරු පෙළක්
ReplyDeleteඅපුරුයි... මොනවා කියන්නද මන්දා..
ReplyDeleteකියෙව්වා.. අනේ මන්දා තමා ඉතින්...
ReplyDeleteසිරකරුවොත් මනුෂ්‍යයෝ ය
ReplyDeleteඅටර්‍මපහුර, නලිනි, Mee Godayaa,Hasitha,Dude, Dila, Bindi, Dinesh,Pasan, Nishan... ස්තූතියි ඇවිත් කතාකර ගිය හැමදෙනාටම...
ReplyDeleteකවියකින් ඌට මොන පලක්ද... මම ගියා බලන්න... ඝනකම් වීදුරුවකින් එහාපැත්තේ රිසීවරයකුත් එල්ලගෙන, මූණට මූන බලාගෙන උගේ කවටකම් අහගෙන හිටියා...
"ආව ගමන් දුන්න මචං වෙල්කම් ඩ්‍රින්ක් එක වගේ සුප් එකක්... මමත් මරුනේ කියලා ගහලා ඇරියා... බැලින්නම් ඒක සෙක්ස් ෆීලින්ස් මැරෙන්න දෙන එකක්ලු... තාම බැඳලත් නෑ යකෝ..!"
මානව හිමිකම් ?????? මෙහේ නම් එහෙම නෑ. සබං කෑල්ලක් දෙනව සුප් වෙනුවට.
Deleteකවිය නියමයි.දුක හිතෙනවා.ඇත්ත කතාවක් වගේ බලාගෙන යද්දි.
ReplyDeleteපින්තූරෙත් හරිම සංවේදීයි.
//උඹයි දැනමුතුකම් කියන්නේ…
ReplyDeleteමමයි නිහඬව අසා ඉන්නේ…
“මොකුත් නෑ උඹ හොඳින් ඉඳපන්…
ගෙදර අයවත් මතක් කරපන්…”
“ගියොත් මව් රට අද හෙටම උඹ…
අම්මා මගෙ යහතින්ද බලපන්…”//
Seems like a happy soul..
Nicely written Beetle..!!
අනේ මන්දා ....................
ReplyDeleteස්තූතියි රූ, නිසුපා, නවම්...
ReplyDelete//උඹද ඇතුලේ අපිද නොදනිමි…//
ReplyDeleteසාමාන්‍යයෙන් අපි ඉන්න තැන නැති උන්ට කියන්නෙ එලියෙ ඉන්න උන් කියලා. ඒත් හිරේ ඉන්න උන්ට කියන්නෙ ඇතුලෙ ඉන්න උන් කියලා.
අර කිව්ව වගේ ඔය බිත්ති ඇතුලෙත් ඌට ඉර හඳ පායපං...!!
දක්ෂයෙක්.. සුභපතමි..
ReplyDeleteස්තුති ඒ පැත්තෙ ආවට. නැත්නම් උබේ බ්ලොග මිස් වෙනවා.. ජය !
අපි හැමෝම ඇතුලෙ ඉන්නැද්දි ඌ තවත් ඇතුලට ගිහින්....හ්ම්ම්
ReplyDeleteහරිම අපූරුයි!
ReplyDelete