බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් දින හතක් පුරාවට ආගන්තුක ගීත පෝස්ට් කරන අතරේම ආගන්තුක සංගීත ශිල්පීන් කිහිපදෙනෙක් ගැනත් පෝස්ට් කරන්න හිතුවේ පොඩි ඉල්ලීමකුත් ඉටුකරන්න එක්කයි…
මම සජීවී සංගීත ප්‍රසංග අති විශාල ප්‍රමාණයක් නරඹා නැහැ… නමුත් ඒ සුළු ප්‍රසංග කිහිපය අතරේ මා වික්ශිප්ත කල සංගීත ශිල්පියෙක් ඇත්නම් ඔහු ජෙසී කුක්… සැබැවින්ම ඔහු මැජික් කරුවෙක්… ෆ්ලෙමින්කෝ ගිටාරයේ කම්බි අතරේ ඔබ මොබ ගෙනයන ඇඟිලි තුඩුවලින් ඔහුට හැකියි ඔබගේ හෲද ස්පන්දනය නවතන්නට… මාව විශ්වාස නැතිනම් පහතින් ඇති ඔහුගේ නිර්මාණ කිහිපයක් රසවිඳින්න…
ලෝකයේ කොහේ හෝ කොනක ඔබට ඔහුගේ සංගීත ප්‍රසංගයක් ඇස ගැටුණහොත් එය නැරඹීමේ අවස්ථාව පැහැර හරින්නට නම් එපා…
මේ කෙලී ගමියාඕ…අතිශය ජනප්‍රිය සංගීත ශිල්පියෙක් නම් නෙවෙයි… නමුත් යුකලෙයිලී ගිටාර් විශේඥයෙක්… පුංචි නේම් ඩ්‍රොපින් පාරකුත් දානවානම් අන්තර්ජාලයේ මගේ මිතුරෙක්
… සෑම මොහොතක්ම පුදුමාකාර සතුටකින් ගතකරන සරල මිනිසෙක්… මේ මීට මාස කිහිපයකට පෙර හයි-සෙශන්ස් නම් අන්තර්ජාල සංගීත වැඩසටහනේදී තන්තු හතරක පුංචි ගිටාරයකින් ඔහු දිඟු කතාවක් පැවසූ අයුරු…
ජෙස් ගේ ගීත ඇල්බම් මිලදී ගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ මේවායි…
කෙලී ගේ ගීත ඇල්බම් තවම නම් එකයි… ඒක මෙතනින්…
මම සජීවී සංගීත ප්‍රසංග අති විශාල ප්‍රමාණයක් නරඹා නැහැ… නමුත් ඒ සුළු ප්‍රසංග කිහිපය අතරේ මා වික්ශිප්ත කල සංගීත ශිල්පියෙක් ඇත්නම් ඔහු ජෙසී කුක්… සැබැවින්ම ඔහු මැජික් කරුවෙක්… ෆ්ලෙමින්කෝ ගිටාරයේ කම්බි අතරේ ඔබ මොබ ගෙනයන ඇඟිලි තුඩුවලින් ඔහුට හැකියි ඔබගේ හෲද ස්පන්දනය නවතන්නට… මාව විශ්වාස නැතිනම් පහතින් ඇති ඔහුගේ නිර්මාණ කිහිපයක් රසවිඳින්න…
ලෝකයේ කොහේ හෝ කොනක ඔබට ඔහුගේ සංගීත ප්‍රසංගයක් ඇස ගැටුණහොත් එය නැරඹීමේ අවස්ථාව පැහැර හරින්නට නම් එපා…
මේ කෙලී ගමියාඕ…අතිශය ජනප්‍රිය සංගීත ශිල්පියෙක් නම් නෙවෙයි… නමුත් යුකලෙයිලී ගිටාර් විශේඥයෙක්… පුංචි නේම් ඩ්‍රොපින් පාරකුත් දානවානම් අන්තර්ජාලයේ මගේ මිතුරෙක්
ජෙස් ගේ ගීත ඇල්බම් මිලදී ගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ මේවායි…
කෙලී ගේ ගීත ඇල්බම් තවම නම් එකයි… ඒක මෙතනින්…
තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!