Sunday, July 8, 2012

හාදුවක්! සඳ එළියේ… | Just A Kiss

බස් රේඩියෝවෙන් මේ දින වල කෙරෙන ප්‍රමෝෂන් එක “බස් රේඩියෝ බ්ලොග් සතියට” සහයෝගය දක්වන්න අවශ්‍ය වුනත් හති ඇර ඇර බ්ලොග් ලියන මම වගේ පුඟුලෙකුට දවස් හතට පෝස්ට් හතක් කියන්නේ ලොකු අභියෝගයක්… ඒ නිසා මේකට දායක වෙන්නේ කොහොමද කියන එක ගැන හිතද්දී අවා හරිම සිම්පල් ප්ලෑන් එකක්…

සිංහල බ්ලොග් අවකාශයේ සිංහල සිංදු වෙනුවෙන්ම වෙන්වුනු අඩවි කිහිපයක්ම තියෙනවා… තිස්ස අයියා, වැම්පා ඇතුලූ මෙකී නොකී කිහිපයක්ම… බ්ලොග් ඇඩ්‍රස් එක මතක නැති වුණත් ඉංග්‍රීසි ගීත හඳුන්වාදීම වෙනුවෙනුත් බ්ලොග් අඩවි එකක්, දෙකක් තිබුණා මතකයි…

ඉතින් “බස් රේඩියෝ බ්ලොග් සතිය” වෙනුවෙන් ලියවෙන මේ පෝස්ට් කිහිපයෙන් මම බෙදාගන්නට උත්සාහාකරන්නේ වැඩිපුර ඇහෙන්නේ නැති ඉංග්‍රීසි ගීත කිහිපයක්… ඉංග්‍රීසි ගීත ඇසීම මගේ විනෝදාංශයක් නම් නෙවෙයි… නමුත් මොකද්දෝ හේතුවකට මම අසාමාන්‍ය ලෙස කන්ට්‍රි සින්දු ප්‍රිය කරන්නෙක්… මීට පෙර මා අකුරු බ්ලොග් අඩවියේ එවැනි ගීත කිහිපයක් ගැනම පෝස්ට් පළකලා මතකයි…

ඉතින් මේ එවැනි ගීත කිහිපයක් බෙදාගැනීමේ උත්සාහයේ පළමු පියවර… අවසාන වශයෙන් මේ හැම ගීතයකටම වාගේ මම අසීමිත ලෙස කැමති සංගීතයටත් වඩා ඒවායේ ඇති මනබන්දනීය පදමාලා වලටයි… ඒ නිසා වෙලාව ඇතොත් පදමාලාව රසවිඳින්න අමතක කරන්නෙපා…

මියුසික් වීඩියෝව
Lady Antebellum - Just A Kiss

ගී පදමාලාව
Lady Antebellum-Just A Kiss LYRICS

MP3 සිංදුව බාගන්න…
Just A Kiss mp3
තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

11 comments :

  1. සන්තෝශයි නැවත බීටලයව තව කෝණයකින් අඳුනාගන්න ලැබීම. මගෙ genre එක Rock වුනත් මමත් country & western ප්‍රියකරනවා. Country Road, Green Green Grass of Home, වගෙ සින්දුත් Kenny Rogers, Shania Twayne, John Denverගෙ සමහර සින්දුත් මම ආසාවෙන් අහනවා. හමුවුනු දවසක අපිට කතාකරන්න පොදු මාතෘකාවන් හුඟක් තියෙයි වගෙ බීටලයෝ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ යන කාලේ රැප්... A/L කාලේ රොක් ඇහුවා... රස්සාව කරන්න ගත්තට පස්සේ පැය අට ඉයර්ෆෝන් එක ගහගෙන ඉන්න පටන් ගත්තම ඉබේම කන්ට්‍රි සිංදු වලට මාරු වෙලා... මම හිතන්නේ වයසත් බලපානවා ;)

      හමුවුනාම කතාකරන්න දේවල්ද නැත්තේ :)

      Delete
  2. my father is a country fan! so we were forced to listn what he plays in da car! So evn i startd liking them!

    ReplyDelete
    Replies
    1. මම නං තාත්තගේ වයසේ නෙමෙයි ඕන්... :D I know that you like them buddy...

      Delete
  3. මෙව්වා අහන්න බෑ.. මාව පිස්සෙක් වෙයි....

    ReplyDelete
    Replies
    1. :D ඒකට වගකියන්න බෑ මට නම්...

      Delete
  4. අද තමයි අයියේ මට උඹේ බ්ලොග් අඩවිය අහම්බෙන් ගොඩවුනේ,
    එත් දැන් මේ ලියල තියන හැම පොස්ට් එකක්ම වගේ කියවලා ඉවරයි,
    සුපිරියි,
    ජීවිතේ දකින විදිහට, වචන ගැට ගහන විදිහට හරි ආස හිතෙනවා මේක.

    මමත් නතරවෙලා තියන බ්ලොග් එකක හිමි කාරයෙක් වුනත්, හැමදාමා බ්ලොග් ලෝකේ සැරිසැරුවත් කොම්න්ට් කරන්නෙ නම් කලා තුරකින් තමයි.
    අද් ඉදන් මාත් උබේ බ්ලොග් එක පස්සෙන්,
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි අමිල... ගොඩක් ස්තූතියි හැම පෝස්ට් එකම වගේ කියෙව්වට... :)

      Delete
  5. නියමයි අයියේ.. මේකත් අපූරු අත්දැකීමක් වෙයි.. මේ සිංදුව ලස්සනයි.. තුන් පාරක් ඇහුවා..

    ReplyDelete
  6. පස්ස කැඩිච්ච කඩි වගේ නැතිව.නිදහසේ අහතෑකි සින්දු. මේ කණ්ඩායමේ ගායිකාවගෙ පෙනුම උනත් වෙනස්.

    අර මේ දවස් වල ජනප්‍රිය අඩෙලේ (හරිද මන්දා) ගෙ ලස්සන සින්දුවක් තියේ මම ආස.

    ම්ම් තව අර .... බාර් එකේදි හම්බුනු නාකි මනුස්සය ගැන කියන සින්දුවටත් මම මේ දවස් වල කැමැති.

    ගෝඩ් ඉස් ග්‍රේඩ් ,
    බියර් ඉස් ගුඩ්
    පීපල් ආර් ක්‍රේසි

    ReplyDelete
  7. ගිරිය පුප්පගෙන දාඩිය පෙරාගෙන කෑ ගහන සින්දු වලට වඩා මම මේවට ආසයි..!

    ReplyDelete

Web Statistics