ආධුනික කෙටි කතා පොත

කාර්යාලයේ වෙහෙස නිවාගන්නේ

About Me

My Photo
හැඩයක් නැති හදවතක, ඉපිද මැරෙන සිතිවිලි ගොන්නකින්, අතට අහුවෙන අකුරු අහුරක්, ලොවටම පෙනෙන සේ මෙසේ සඟවමි...

ඇවිත් ගියෝ

Followers

මගේ ප්‍රියතම බ්ලොග්

8. ඇහෙනවද ඒ සද්දේ? සද්දයක් නැතුවම? | Do you hear the silence?



ඇහෙනවද...? 
වැහිබීරිමට කළු වුන අහස කෑගහල අඬන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
කහපාට විදුලි එලි වියරුවෙන් දිලිසෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
මොරගෙඩි වගේ වැහි බිඳු එක පිට එක වැටෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
ගල් වැලි බොරළු කැට මඩ වතුරේ හෝදගෙන යන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
වලකුලේ හිඩැස් දිගේ ඉර එලිය බේරෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
ඉර එලියට හෙමිහිට පොහොට්‍ටුවක් දිගෑරෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
නැවුම් මල්පෙති වල තැවරුණු පිණිකැට දිලිසෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
පිණිකැටයක් විතර කඳුලක් ඇහිපිහා‍ටුවෙන් ගිලිහෙන සද්දේ...
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
බලාපොරොත්තුවේ හදවත් එකිනෙකාට කොඳුරන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
සහෝදරත්වයේ ඇඟිලි කිටි කිටියේ තදවෙන සද්දේ...
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
අතුරුදන් වෙලා හිටි මනුස්සකම කතාකරන සද්දේ...
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
මචං ඉලන්දාරියා...උඹට ඇහෙනවද ඒ සද්දේ...
සද්දයක් නැතුවම...?

- බීට්ල් -


කිසිදා නොදු‍ටු සොයුරා ඉලන්දාරියා වෙනුවෙන් නිර්මාණයකට වඩා යමක් කිරීමේ නිහඬ පොරොන්දුවක්ද සිතෙහි දරාගෙන...සයිබර් සැණකෙලියේ සඳහන් ඉල්ලීමට සහයෝගයක් ලෙස, බැරි මරගාතේ කොටපු කුළුඳුල් නිර්මාණයකි....
Category: 5 comments

5 comments:

  1. බැරි මරගාතේ කෙටුවා කිව්වට හරිම ලස්සනයි... ලස්සන, හිතට වදින අදහසක්...

    ReplyDelete
  2. ඇහුනා නුඹේ හදවත කතා කරන සද්දේ
    අත්වැල් බැඳන් ශක්තියක් කරමු සද්දේ

    ලස්සනයි ඔබේ අදහස හා ඉදිරිපත් කිරීම

    ReplyDelete
  3. ඇහුන
    හදවත පතුලටම ඒ සද්දේ.....

    ReplyDelete
  4. කුළුදුල් ????
    ඒ වුනාට ලස්සනයි.........

    ReplyDelete
  5. උඹ හරි
    ඇත්තටම ඇහෙනවා
    ඒ සද්දේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...

අකුරු බ්ලොග් අඩවියෙන්

---------------------------------
"හා... ස්ටේෂන් එකේ කොතනටද එන්නේ..?"

"ම්ම්ම්... වයන්න යටට එන්න..."

" වයන්න යටට..?"

"එළියේ උඩ ලොකුවට ගහලා තියෙන්නේ කො‍ටුව දුම්රිය ස්ථානය කියලා..."

“ඔව්..."

“ඉතිං ඒකේ වයන්න යටට එන්න..."


- එකෝමත් එක කාලෙක, ආදර කතාවක් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"ඒ කාලේ අපේ අම්මා මට දෙන රුපියල් පහෙන්, මම කැම්පස් ගිහිල්ලා ‍තෝසෙ කාලා , ප්ලේන්ටි බීලා, සිග‍රැට් එකකුත් බොනවා..."

"අපෝ දැන් ඒ කාලේ වගේ නෙමෙයි තාත්තේ, බඩු කොච්චර ගනන්ද...? දැන් කොළඹ ගිහිල්ලා ‍තෝසෙ කාල ප්ලේන්ටි බීල සිග‍රැට් එකකුත් බිව්වම රුපියල් සීය ඉවරයි..."

"ඈ යකෝ උඹ සිග‍රැට් බොනවද..?"


- දස වසක් ඇවෑමෙන් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ප්‍රයිවෙට් කොම්පැණියක හොඳ තනතුරක්ලු... දැක්කේ නැද්ද කාර් එක..."

"ඔහොම ලොකු කාර් ගන්නවා කුඩු බිස්නස් කාරයොත්..."


- පච්චා කොටපු ඉලන්දාරියා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“Aren’t you gonna join with us…?"

"I never pay for Sex…"


- අඳුරේ පව් කරන දනා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“හිමාලි අක්ක බැඳලා ඉන්න අය්යා… එයාට මොකුත් කරගන්න බැහැලු…එයාට බරවා…”

“මොකුත් කරගන්න බැරිනම් හිමාලි අක්කට අහවල් එක කරන්නෙ බොලෑ මහ එකාද?”


- වෙනස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"අනේ අත්තම්මේ... මගේ ඉන්බොක්ස් එක ඕපන් වෙලා ඇති... පොඩ්ඩක් සයින් අවුට් වෙලා මෙෂින් එක ෂට් ඩවුන් කරනවද...?"


- අමුතු සෙල්ලම - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
" ගෝස්කි මහත්තයයි නෝනයි දෙන්නම දැන් ජීවතුන් අතර නෑ... ඉතිං මේ රහස දැන් එලිකරාට ගැටළුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා..."


- නීල් ආම්ස්ට්‍රොන්ග් සැඟවූ සඳ ගමනේ අභිරහස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ආ.. මේක කෙමක්... ඇණේ අතට ගත්තට පස්සේ කතානොකර මට ගෙනල්ලා දෙන්න ඔනේ හරිද...?"


- වැරදුණු ගුරුකම - කියවන්න මෙතැනින් -
---------------------------------



Web Statistics