Monday, January 31, 2011

8. ඇහෙනවද ඒ සද්දේ? සද්දයක් නැතුවම? | Do you hear the silence?



ඇහෙනවද...? 
වැහිබීරිමට කළු වුන අහස කෑගහල අඬන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
කහපාට විදුලි එලි වියරුවෙන් දිලිසෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
මොරගෙඩි වගේ වැහි බිඳු එක පිට එක වැටෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
ගල් වැලි බොරළු කැට මඩ වතුරේ හෝදගෙන යන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
වලකුලේ හිඩැස් දිගේ ඉර එලිය බේරෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
ඉර එලියට හෙමිහිට පොහොට්‍ටුවක් දිගෑරෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
නැවුම් මල්පෙති වල තැවරුණු පිණිකැට දිලිසෙන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
පිණිකැටයක් විතර කඳුලක් ඇහිපිහා‍ටුවෙන් ගිලිහෙන සද්දේ...
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
බලාපොරොත්තුවේ හදවත් එකිනෙකාට කොඳුරන සද්දේ... 
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
සහෝදරත්වයේ ඇඟිලි කිටි කිටියේ තදවෙන සද්දේ...
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
අතුරුදන් වෙලා හිටි මනුස්සකම කතාකරන සද්දේ...
සද්දයක් නැතුවම...?

ඇහෙනවද...? 
මචං ඉලන්දාරියා...උඹට ඇහෙනවද ඒ සද්දේ...
සද්දයක් නැතුවම...?


කිසිදා නොදු‍ටු සොයුරා ඉලන්දාරියා වෙනුවෙන් නිර්මාණයකට වඩා යමක් කිරීමේ නිහඬ පොරොන්දුවක්ද සිතෙහි දරාගෙන...සයිබර් සැණකෙලියේ සඳහන් ඉල්ලීමට සහයෝගයක් ලෙස, බැරි මරගාතේ කොටපු කුළුඳුල් කවි නිර්මාණයකි....

5 comments :

  1. බැරි මරගාතේ කෙටුවා කිව්වට හරිම ලස්සනයි... ලස්සන, හිතට වදින අදහසක්...

    ReplyDelete
  2. ඇහුනා නුඹේ හදවත කතා කරන සද්දේ
    අත්වැල් බැඳන් ශක්තියක් කරමු සද්දේ

    ලස්සනයි ඔබේ අදහස හා ඉදිරිපත් කිරීම

    ReplyDelete
  3. ඇහුන
    හදවත පතුලටම ඒ සද්දේ.....

    ReplyDelete
  4. කුළුදුල් ????
    ඒ වුනාට ලස්සනයි.........

    ReplyDelete
  5. උඹ හරි
    ඇත්තටම ඇහෙනවා
    ඒ සද්දේ

    ReplyDelete

Web Statistics