කතා ලියන්න කම්මැලි, පරණ මතකයක් කොටලා දාන්නම්...
එදාත් අද වගේම සෙනසුරාදා දවසක්... කාල වකවානු අනුමානයෙන් කිව්වොත් වසර පහකට වැඩි මිසක් අඩු නැහැ... අම්මාගේ ආදරයත් දාලා හැඳිගාපු තේ එකකුත් තොල ගාන ගමන් වැරැන්ඩාවේ ඇති ඇඳි පුටුවක හාන්සි වෙලා ඉරිදා පුවත් පත දිග ඇරගෙන ගත කරන මේ වගේ විවේකී හැන්දෑවක් කියන්නේ මට හැම සතියෙම ලැබෙන අවස්ථාවක් නෙවෙයි...
"කොහෙ යන්නද...?"
නිවසින් බැහැරට යන්න සැරසී විටින් විට පාර දෙස බලමින් තේ කෝප්පය තොල ගාන මල්ලීගෙන් මම ඇසුවේ පුවත් පත මඳක් මෑත් කරමින්…
"යාළුවෙක් කම්පියුටර් එකක් අරන්... සොෆ්ට්වෙයාර් ටිකක් දාන්න යනවා… ප්‍රසන්න එනකල් ඉන්නේ..."
මල්ලීගේ පිළිතුරේ සැබෑ අර්ථය ඔවුන් දෙදෙනා මිතුරෙකුගේ පරිගණකයට, බොහෝ දුරට පරිගණක ක්‍රීඩා ඇතුළු කිරීමට යන බව යැයි වටහාගන්නට මට අපහසු වූයේ නැහැ...
"කව්ද ප්‍රසන්න කියන්නේ අර බක පණ්ඩිත ඩයල් එකද...?"
දිනක් බසයක් එනතුරු බස්නැවතුමේ රැඳී සිටිද්දී අහම්බෙන් මෙන් කථාවට වැටුණු ප්‍රසන්න තම පරිගණක දැනුම පිළිබඳව අතිශෝක්තියෙන් කල ඒ නීරස කථාව මට සිහිවූයේ නිතැතින්...
"හා..හා.. ඔව්... ඔයා කොහොමද දන්නේ..." මල්ලි කිව්වේ හිනාව නිසා ඉස්මොල්ලේ යන්න ගිය තේ උගුර අපහසුවෙන් ගිලිමින්...
“එක දවසක් මෙගෙත් එක්ක බස් හෝල්ට් එකේ කතා කර කර හිටියා... මට එපා වුණා...”
"ඒ උගේ හැටි... අදත් ඉතින් දවසම උගේ කම්පියුටර් කෙරුවාව ගැන කියවයි... කන්දෙකේ ඇඟිලි ගහගෙන තමයි ඉන්න වෙන්නේ..."
මල්ලී නැවතත් පාර දෙස බලමින් පැවසූවා...
"කව්ද පුතේ...?"
සුදුපාට ලේස් රෙද්දකින් මහපු හැට්ටයකුත් මල් මල් චීත්තයකුත් හැඳ අපට මඳක් ඔබ්බෙන් බුලත් විටක් ඒදමින් සිටි අත්තම්මා එසේ ඇසුවේ ප්‍රසන්න යනු කව්දැයි දැනගැනීමේ අවශ්‍යතාවයකටත් වඩා අප කථාවට සම්බන්ධ වීමේ අරමුණින් විය යුතුයි...
"මේ මල්ලිගේ යාලුවෙක් අත්තම්මේ..."
නිවාඩු පාඩුවේ බුලත් කොළයක හුනු පොඩියක් තවරන අත්තම්මාට මම පිළිතුරු දුන්නා...
ලොකු තත්තාගේ වියෝවෙන් පසු අත්තම්මාට උරුම වූ පැන්සොන් පඩියෙන් සැලකිය යුතු මුදලක් පන්සලටත්, ඉතිරියෙන් සෑහෙන කොටසක් බෙහෙත් වලටත් වියදම් කල පසු ඉතිරිවන සොච්චමෙන් මටත් මල්ලීටත් රසකැවිලි වර්ග කිහිපයක් ඔතාගෙන මසකට වරක් අප නිවසට පැමිණ සතියක් හමාරක් නැවතී සිටීම අත්තම්මා පුරුද්දක් කොට ගත්තක්... මේ ගතවෙමින් තිබුණේ එවැනි දිනයක්...
"අත්තම්මේ පොඩි සෙල්ලමක් කරමුද...?" ටික වේලාවක් කල්පනාවක ගැලී සිටි මල්ලී අත්තම්මාගෙන් ඇසුවා...
"හා..."
අප කියනා කිසි දෙයකට නෑ බෑ නොකියන ආදරණීය අත්තම්මා ඊට එකඟ වුණේ මල්ලීගේ මේ පොඩි සෙල්ලම කුමක්දැයි කිසිදු අදහසකින් තොරවයි…පුවත්පත කියවීම මඳකට නැවතූ මා මේ දෙදෙනාගේ අමුතු සෙල්ලම දෙස අවධානය යොමු කලා…
" මෙහෙමයි… මම දැන් යන්න එළියට බැහැලා අත්තම්මට මොනවා හරි කියනවා... මම මොනවා කිව්වත් අත්තම්මට කියන්න තියෙන්නේ මෙච්චරයි... ංහා පුතේ..."
" අත්තම්මට තේරුණාද...?"
"ඔව්.."
"මොකද්ද කියන්නේ...?"
"ංහා පුතේ..."
බුලත් කහට නිසා කහ ගැසුණු තම දසන් පෙන්වා සිනාසෙමින් අත්තම්මා කිව්වා...
" අන්න හරි... දැන් අපි පොඩ්ඩක් පුරුදු වෙමු..."
මල්ලි ගෙදර එළිපත්ත ගාවට යමින් එසේ පවසද්දී මොකුත් නොදන්න අහිංසක අත්තම්මා බුලත් හෙප්පුව පසෙකින් තබා මේ අමුතු සෙල්ලමට සූදානම් වුණා...
"අත්තම්මේ.., චින් කොරස් පට්ට චං ජින්ගල කූරි හුචස් පචස් කරනවද...?"
මල්ලී සෙල්ලම ආරම්භ කළා...
"මොකද්ද පුතේ...?" මල්ලී ඇසූ අපභ්‍රංසය නොතේරුණු අත්තම්මා පෙරළා ප්‍රශ්ණ කළේ අසරණව සිනා සෙමින්...
"අයියෝ... මොකද්ද කියලා අත්තම්මට වැඩක් නෑ... මම මොනවා කිව්වත් අත්තම්මා ංහා පුතේ කියන්න..තේරුණාද...? "
බලාපොරොත්තු සුන් වූ මල්ලී කෑ ගැසුවේ හිස දෙපසට වනමින්...
"ංආ ඔව්..."
"හරි ඔන්න තව පාරක් කරමු..."
"අත්තම්මේ.., ජිං බරස් කට්ට චල බල සාකිලි බූටි කුරු ජිස් බිරස් පරස් කරනවද...? "
"ංහා පුතේ..."
අප දෙදෙනාගේම මුවඟට සිනාවක් කැන්දමින් අත්තම්මා නිවැරදිව පිළිතුරු දුන්නා...
"අන්න හරි... හිනා වෙන්න එපා බැරෑරුම් විදියට කියන්න ඕනි... ආයේ කරමු..."
නැවත නැවතත් උත්සාහාකිරීමෙන් පසු අත්තම්මා සතුටුදායක මට්ටමට පැමිණියත් මොවුන් දෙදෙනාගේ මේ විකාර සෙල්ලමේ අරුතක් නොතේරුණු මා කට කොනකින් සිනා වෙමින් නැවතත් පුවත්පත වෙත නෙත් යොමු කලා... සුළු වේලාවකින් නිවස දෙසට එන බයිසිකල් හඬකින් හිස ඔසවා බැළු මා දුටුවේ මල්ලී බලාපොරොත්තුවෙන් සිටි ප්‍රසන්න පැමිනෙන අයුරුයි...
"යමු...!"
පැමිණි වේගයෙන්ම මිදුල හරහා වටයක් කරකවා බයිසිකලය ආපසු හරවා ගත් ඔහු මල්ලීට පැවසූවා...
මා දෙස බලා හිස මඳක් සෙලවීමෙන් ඔහු මා හට ආචාර කලෙන්, හිස මඳක් සොලවා මා ද ඔහුට ප්‍රතිචාර දැක්වූවා...
"හෙල්මට් දෙකක් නැද්ද..." මල්ලී ඇසුවේ බයිසිකලයේ පසු පස අසුනට නඟින ගමන්...
"ඕනි නෑ... අද සෙනසුරාදානේ ගම්පහට යනකල් පොලිසියෙන් නෑ..."
බයිසිකලයේ සැර දමමින් ප්‍රසන්න පවසද්දී ඔහුගේ විධානයට අවනත වූ මල්ලී පසුපස අසුනට නැග්ගේ මඟදී අවශ්‍යය වුවහොත් මඳ දුරක් පයින් ගෑටීමට හිත හදාගෙන විය යුතුයි...
ඇසුරු සැනින් බයිසිකලය අඩි කිහිපයක් ඉදිරියට ඇදී යද්දී ප්‍රසන්නගේ පිටට තට්‍ටුවක් දැමූ මල්ලී ගමන නැවතූයේ හදිසියේ යමක් අමතක වූ සෙයින්... බරාස් යන හඬින් බොරළු පොළවේ සටහනක් ඇඳී යන පරිදි ඔහු තම බයිසිකලය නැවතූ පසු අත්තම්මා දෙසට හැරුණු මල්ලී මෙසේ පැවසූවා...
"අනේ අත්තම්මේ... මගේ ඉන්බොක්ස් එක ඕපන් වෙලා ඇති... පොඩ්ඩක් සයින් අවුට් වෙලා මෙෂින් එක ෂට් ඩවුන් කරනවද...?"
මල්ලීගේත්, මගේත් අප දෙදෙනාටම වඩා ප්‍රසන්නගේත් අයාගත් ඇස් හයක් තමා වෙත එල්ල වී තිබියදී ඒ කිසිවකින් කලබල නොවූ අත්තම්මා තත්පරයක නිහඬතාවයකින් පසු තම කටහඬ අවදි කලා...
"ංහා... ංහා.. පුතේ ංහා...!"
මා දත්කූරු කමින් නැඟෙන්නට ආ සිනාව තදකරගත්තේ පුවත්පතින් මුහුණ මුවා කරගනිමින්... කිසිවක් සිදු නොවූ ලෙසින් මල්ලී ප්‍රසන්නට නැවත ගමන් ආරම්භ කරන ලෙස සන් කළත් පියවි සිහියට පැමිණීමට ඔහුට ටික වේලාවක් ගත වූයේ අත්තම්මාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා කිහිප වරක්ම බැලීමට ඔහුට සිදුවූ නිසා විය යුතුයි...
හාං පුතේ .....
ReplyDeleteඅත්තම්මා මරුනෙ.
ReplyDeleteubee malli thamai malli
ReplyDeleteපට්ට. maxxa ස්ටෝරිය. ප්‍රසන්නට ඇඩෙන්න අති නේද බං.........
ReplyDeleteනියමයි... ඒවගේ අයට ඔහොම තමා කරන්න ඕනෙ.....
ReplyDeleteසොඳුරු සිත, කිරිපුතා , mahima, wiaw, Poo
ReplyDeleteහිනාව බෙදාගන්න එකතු වුණාට ස්තූතියි... :)
එළකිරි ස්ටෝරියක්නෙ බොලේ.... නියමයි... මල්ලි මොල කාරය වගේ...
ReplyDeleteපුදුම මල්ලියෙක් නේ මේකා. අදහන්න වටින කොල්ලෙක් !!!!
ReplyDeleteස්තුතියි දුමී & මධුරංග... බුවා වැඩ කාරයා... වෙලාව අරන් තව ඒවා ලියන්නං :D
ReplyDeleteඔබේ නිර්මාණශීලී ලේඛනය හැකියාව අගය කළ යුතුයි. එසේම ඔබේ සමාජ දැක්ම ඊටත් වඩා අගය කළ යුතුයි.
ReplyDeleteහැකිනම් ජී ටෝක් මගින් කතා කරමු. bumuthurunu@gmail.com
ශාන්
මේ කතාව මරු.ආත්තම්මා ෂෝක් තමයි.කම්පියුටර් දන්නවා කියලා කියෝන පිස්සු මෝඩයට වක් පිහියකින් බඩ කපාගෙන කී බෝඩ් එකේ esc කී එක කන්න හිතෙන්න ඇති.
ReplyDeleteපට්ටෙනුත් පට්ටටයි, ප්‍රසන්නයට පොලොව පලං යන්න හිතෙන්නැති. අත්තම්මගේ කොම්පියුටර් නොලෙජ් එක දැක්කම....
ReplyDeleteඋඹ නිකං වත් කියන්ඩ එපා මේ වගේ බ්ලොග් එකක් ලියනවා කියලා.
මේක නම් මාරයි.නියම ක්‍රියේටිව් අදහසක්
ReplyDeleteBrilliant stuff
ReplyDeleteමම මේක ඉස්සෙලා අහල තියෙන්නවා
ReplyDeleteහැමදෙනාටම ගොඩක් ස්තූතියි...
ReplyDelete@සනෝජ්
ඉස්සෙල්ලා කිව්වේ, මෙතන කියවන්න ඉස්සෙල්ලා වෙන්න ඇති... මේක ලියලා ටික දවසකින් මටම ෆෝවඩ් මේල් එකකින් ආවා :)
ඔන්න දෙවෙනි පාරටත් මේ කතාව කියෙව්වා.. එදා කමෙන්ට් එකක් දාලා නෑ වගේ..
ReplyDeleteහරිම රසවත්..
අඩේ බීටල් ... හිනා කාල පන ගියා ඕයි .. බෝලාගේ මලය පොඩි පහේ ඇම්ඩේක් නෙවෙයි ඈ .. පරිස්සමින්
ReplyDeleteමාරයි මල්ලි.
ReplyDeleteමීට අවුරුදු 10කට විතර කලින් තාත්තාගේ ගුරුවරයෙක් වෙන වයස අනූ ගණනක කෙනෙක් මුණ ගැහෙන්න ගියා. අනේ ඒ වන විටත් කම්පියුටරයක් පාවිච්චි කරමින් හිටපු ඒ වටින මනුස්සයා අවුරුදු හැට ගානක් වයස මගේ තාත්තාට කම්පියුටරයක් පාවිච්චි කරන්න උනන්දු කළා (එකනම් කවදාවත් වුනේ නැහැ). ඒ කතාව මතක් වුනා. දෙයියන්ගේ පිහිටෙන් අර මනුස්සයා තවම ඇඳට නොවැටී නිරෝගීව ජීවත් වෙනවා...
මරු කතාවක්නෙ.
ReplyDelete"කව්ද ප්‍රසන්න කියන්නේ අර බක පණ්ඩිත ඩයල් එකද...?"
ඔන්න ඉතිං අපිටත් තද වෙනව හොඳේ :D
:D
ReplyDeletepatta (Y)
ReplyDelete