ආධුනික කෙටි කතා පොත

කාර්යාලයේ වෙහෙස නිවාගන්නේ

About Me

My Photo
හැඩයක් නැති හදවතක, ඉපිද මැරෙන සිතිවිලි ගොන්නකින්, අතට අහුවෙන අකුරු අහුරක්, ලොවටම පෙනෙන සේ මෙසේ සඟවමි...

ඇවිත් ගියෝ

Followers

මගේ ප්‍රියතම බ්ලොග්

3. හැඳින්වීම | Introduction



කලක පටන් සිංහල බ්ලොග් අවකාශයේ නිරන්තර පාඨකයෙකු වූ මා එයින්ම ලද ආභාෂයෙන්දෝ මැතකදී මා සිත සසළ කළ සිදුවීමක් මුල්කරගෙන කෙටිකතානුසාරයෙන් අකුරු ඇමිණුවේ එය පලකරනායුරු ගැන නිශ්චිත අරමුණකින් තොරවයි...


සාර්ථක නිර්මාණයක් නොවුනත් එම කාරණාව පසෙක ලා මාගේ කුළුඳුල් කෙටිකථාවම සැලකිය යුතු පාඨක පිරිසක් වෙත එය ගෙනයෑමට එක් අපූරු මිනිසෙක් මට උදව් වූවා...

එය පළවී තිබෙනු දැකීමන් ඇතිවූ කියා නිමකල නොහැකි සතුටටත් එය කියවීමට සහ අදහස් පළකිරීමට කාලය වැයකල පාඨකයන්ගේ මහන්සියට කෘතඤතාවය පළකිරීමටත් මා දෙවෙනි නිර්මාණයටත් අකුරු ඇමිණුවා...

ඉතින් ඒ උත්සාහයේ ප්‍රථිඵලයක් ලෙස මාගේ කුළුඳුල් බ්ලොග් අඩවිය 'අකුරු' නමින් මෙසේ දිගහැරෙනවා...

කෙටිකථා හෝ ගද්‍යරචනය පිළිබඳ අන්දෝසංසාරයක් නොදත් මා එහි මූලික සිද්ධාන්ත පවා අනුගමනය කර නැතිවා වෙන්නට පිළිවන්... ඉතින් අඩුපාඩු වලට කමාවී ඉඳහිට අහම්බෙන් හෝ මෙහි ගොඩවදින යමෙක් මෙම වියමන් රසවිඳ යම් සතුටක් ලබනවා නම් මාගේ උත්සාහයේ අරමුණත් එයමයි....
Category: 7 comments

7 comments:

  1. ටෙස්ටින්

    ප්‍රථිඵලය, ගද්‍යරචනය, අධ්‍යාපනය

    ReplyDelete
  2. මම සිංහල බ්ලොග්කරනයට නවකයෙක්මි...මේ බ්ලොග් එක කියවන කෙනෙක් මෙහි යුනිකෝඩ් අවුලක් ඇත්නම් කරුණාකර කියන්න...ස්තුතියි...

    ReplyDelete
  3. Dear Beetle

    අපිට ඔයාගේ පෝස්ට් වලට කමේන්ට් කරන්න බැහැනෙ. යන්තම් ඔයාගේ කමනේටුවකට රිප්ලයි එකක් විදිහටයි මේ ලියන්නේ.

    Word Verification එනවා. ඒ ආවම ඒ අකුරු ටයිප් කරන බොක්ස් එක පේන්න නැහැ..


    ඔයා කැමති නැද්ද ඔයා ලියන දේ ගැන අපේ අදහස් දැන ගන්න...

    මේල් එකකුත් එවල ඇති...

    තාක්ෂණික දෝසයක් ද කියල හොයල බලන්න පුලුවන් නම්...

    ෴ ස්තුතියි෴

    ReplyDelete
  4. @සොඳුරු සිත

    ඔබට ස්තුතියි... word verification කියන option එක මම අයින් කලා...කරුණාකර මෙය කියවන කෙනෙක් comment එකක් දාන්න ට්‍රයි එකක් දෙනවාද...?

    ReplyDelete
  5. යකඩෝ මම අද දවල් සෑහෙන්න දැගළුවා මෙකට කොමෙන්ට් කොරන්න..පස්සේ බැරිම තැන අල්ලලා දැම්මා...
    බලමු දැන්වත් හරිද කියලා...

    ReplyDelete
  6. @මාරයා
    සිදුවූ කරදරය ගැන සමාවෙන්න... අමාරුවෙන් දුන්න ප්‍රතිචාරය ගොඩක් වටිනවා...

    @සොඳුරු සිත
    ඔබගේ සහයෝගට ගොඩක් ස්තුතියි... මගේ ප්‍රියතම බ්ලොග් තරු දෙකක් දුන් මේ සහයෝගය ඉදිරියට යන්න ලොකු හයියක්...

    ReplyDelete
  7. මම මෙ අය ඉදල මුලට කියවගෙන එන ගමන් කට විලසය නියමඉ එල

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...

අකුරු බ්ලොග් අඩවියෙන්

---------------------------------
"හා... ස්ටේෂන් එකේ කොතනටද එන්නේ..?"

"ම්ම්ම්... වයන්න යටට එන්න..."

" වයන්න යටට..?"

"එළියේ උඩ ලොකුවට ගහලා තියෙන්නේ කො‍ටුව දුම්රිය ස්ථානය කියලා..."

“ඔව්..."

“ඉතිං ඒකේ වයන්න යටට එන්න..."


- එකෝමත් එක කාලෙක, ආදර කතාවක් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"ඒ කාලේ අපේ අම්මා මට දෙන රුපියල් පහෙන්, මම කැම්පස් ගිහිල්ලා ‍තෝසෙ කාලා , ප්ලේන්ටි බීලා, සිග‍රැට් එකකුත් බොනවා..."

"අපෝ දැන් ඒ කාලේ වගේ නෙමෙයි තාත්තේ, බඩු කොච්චර ගනන්ද...? දැන් කොළඹ ගිහිල්ලා ‍තෝසෙ කාල ප්ලේන්ටි බීල සිග‍රැට් එකකුත් බිව්වම රුපියල් සීය ඉවරයි..."

"ඈ යකෝ උඹ සිග‍රැට් බොනවද..?"


- දස වසක් ඇවෑමෙන් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ප්‍රයිවෙට් කොම්පැණියක හොඳ තනතුරක්ලු... දැක්කේ නැද්ද කාර් එක..."

"ඔහොම ලොකු කාර් ගන්නවා කුඩු බිස්නස් කාරයොත්..."


- පච්චා කොටපු ඉලන්දාරියා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“Aren’t you gonna join with us…?"

"I never pay for Sex…"


- අඳුරේ පව් කරන දනා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“හිමාලි අක්ක බැඳලා ඉන්න අය්යා… එයාට මොකුත් කරගන්න බැහැලු…එයාට බරවා…”

“මොකුත් කරගන්න බැරිනම් හිමාලි අක්කට අහවල් එක කරන්නෙ බොලෑ මහ එකාද?”


- වෙනස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"අනේ අත්තම්මේ... මගේ ඉන්බොක්ස් එක ඕපන් වෙලා ඇති... පොඩ්ඩක් සයින් අවුට් වෙලා මෙෂින් එක ෂට් ඩවුන් කරනවද...?"


- අමුතු සෙල්ලම - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
" ගෝස්කි මහත්තයයි නෝනයි දෙන්නම දැන් ජීවතුන් අතර නෑ... ඉතිං මේ රහස දැන් එලිකරාට ගැටළුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා..."


- නීල් ආම්ස්ට්‍රොන්ග් සැඟවූ සඳ ගමනේ අභිරහස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ආ.. මේක කෙමක්... ඇණේ අතට ගත්තට පස්සේ කතානොකර මට ගෙනල්ලා දෙන්න ඔනේ හරිද...?"


- වැරදුණු ගුරුකම - කියවන්න මෙතැනින් -
---------------------------------



Web Statistics