Sunday, July 31, 2011

33. චරිත පහක් | fi_V_e (අවසන් කොටස)


5

මෙතෙක් කතාව
I. ලෝචනා සුන්දර තරුණියක්...දිනක් ඇය දුම්රියක හැපීමට යද්දී ඇයව බේරාගනු ලබන්නේ සුපුන් නම් තරුණයෙක් විසින්... ඔවුන් දෙදෙනා පෙමින් බැ‍ඳෙන්නේ දු‍ටු පළමු දිනයේමයි...ටික කලකින් සුපුන් විදේශගත වන්නේ ඉක්මනින්ම ලෝචනා ඔහු සිටිනා රටට ගෙන්වා ගන්නා බව පොරොන්දු වෙමින්...
[සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න]


II. දිගින් දිගටම අසාර්ථක වන වීසා ලබා ගැනීමේ උත්සාහය හමුවේ සුපුන් සමඟ එක්වීමේ සිහිනය ලෝචනාගෙන් බොඳවී යනවා... මෙහිදී ඇය වෙනුවෙන් පිහිටට එන්නේ මාලන් නැමති තරුණයෙක්... ඇයට වීසා ‍රැගෙන දීමට ඔහු පොරොන්දු වෙන්නේ ඒ වෙනුවෙන් තමා සමඟ රාත්‍රියක් ගතකිරීමට ලෝචනා කැමතිවිය යුතු බවට ඇයට අයුතු යෝජනාවක් කරමින්... [සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න]

III. මාලන්ගේ යෝජනාවෙන් අසරණ වන ලෝචනා උපදෙසක් සොයා යන්නේ තම විශ්වාසවන්ත මිතුරෙකු වූ බීට්ල් වෙතටයි...ලෝචනාගේ සම්පූර්ණ කතාවම අසා සිටින බීට්ල් ඇයට දෙන එකම උපදෙස වන්නේ ඇයට සුදුසු යැයි කියා සිතෙන දෙයක් කළයුතු බවයි... බලාපොරොත්තු කඩ කරගන්නා ලෝචනා අවසානයේ  මාලන්ගේ අයුතු යෝජනාවට එකඟවීමට තීරණය කරනවා... ලෝචනා සමඟ ‍රැයක් ගතකිරීමෙන් සෑහීමකට පත්වෙන මාලන් ඇයගේ වීසා සිහිනය සැබෑකර දෙන්නේ ඇයගේ කඳුළු වලට කිසියම් වටිනාකමක් එක්කරමින්...වීසා ලැබීම නිසා අධික ලෙස සතුටට පත්වන ලෝචනා සැලසුම් කරන්නේ සුපුන්ට නොදන්වා ඔහු වෙතට ගොස් ඔහු පුදුමයට පත්කිරීමටයි... [සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න]

අද එතැන් සිට

නිදහස්වෙලා ඉගිලෙන්න සූදානමින් සිටින ලෝචනා සිරගතව උන්නු පුංචි දූපතට මළ හිරු බැසයද්දි අලුත් බලාපොරොත්තු පොදි බැඳගෙන සුපුන් සිටිනා දේශයේ අලුත් දවසක් ආරම්භ වෙමින් තිබුණා... මෙදිනත් සුපුරුදු වෙලාවට සුපුරුදු ගීත ස්වරයෙන් නාදවුණු ලෝචනාගේ දුරකථනයේ එහා කොනෙන් ඇසුණේ සුපුන්ගේ සුපුරුදු ලෙන්ගතු හඬමයි... කෙසේ වුවත් බලාපොරොත්තු කඩවීමේ අන්තයටම ගිලී සිටි සුපුරුදු අසරණ ලෝචනා වෙනුවට මෙදින නම් මෙහා කොනේ සිටියේ දෝරේ ගලායන සතුට හංඟාගන්නට අසීරුවෙන් වෙර දරන වාසනාවන්ත ලෝචනායි... ඇය සීරුමාරුවට වචන තෝරාබේරා ගනිමින් සුපුන් හා කතා කළේ ඇයගේ මුවින් නොදැනුවත්ව හෝ වීසා ලැබීමේ ආරංචිය පිටවේ යැයි බියෙන්...උප්පතින්ම ගැහැනියකට හිමි වචන හරඹ යොදාගෙන, සුපුන්ගේ මාර්ගයෙන්ම ඔහුට හිතවත් මිතුරෙකුගේ විස්තර දැනගැනීමට ලෝචනාට අපහසු වූයේ නැහැ... ඔහු ලූකස්...

ලූකස් අමතා ලෝචනා අවශ්‍යතාවය පැවසූ සැණින් ඇයට උපකාර කිරීමට ඔහු ඉදිරිපත් වුණා... ලෝචනා සුපුන් ආදර අන්දරය නැවතත් සුපුරුදු වේගයට පැමිණ තිබුණා... තම සමීපතමයන්ගෙන් වෙන්වීමේ සාංකාව සුපුන්ගේ ලෙන්ගතු උණුසුමට හිලව් කරගෙන ලෝචනා ගුවන්ගත වූයේ දහසක් පැතුම් සිත තුළ තදකරගෙනයි... පොරොන්දු වූ පරිදිම ඇය ‍රැගෙන යාම සඳහා ලූකස් පැමිණ සිටියා...

ලූකස්ගේ නොනවතින පැ‍රැත්තයට පින්සිදුවෙන්නට තම නවාතැනින් එළියට ඇදගත් සුපුන්ව ඔහු ‍රැඳවූයේ නගරයේ පැවැත්වෙමින් තිබූ රාත්‍රී සැණකෙළියකයි... තමා එනතුරු එහි ‍රැඳී සිටින්නැයි දුරකථන ඇමතුමකින් සුපුන්ට දැනුම්දුන් ඔහු තම වාහනය පැදවූයේ ගුවන් තො‍ටුපළ වෙතයි... මේ කිසිත් නොදන්නා සුපුන් නිවාඩු පාඩුවේ ලූකස් එනතුරු සැණකෙළි භූමියෙන් මිලදී ගත් කඩචෝරුවක රස බලමින් සිටියේ කිලෝමීටර් දාස්ගණනක් ඈතින් සිටින ලෝචනා සමඟ එය බෙදාගන්නට ඇත්නම් යන සිතිවිල්ලෙන්...

"මටත් කටක් දෙනවද...?"

ඔහු වාඩිවී සිටි සිමෙන්ති පඩිය අසල වාඩිවූ තරුණියක් මිහිරි හඬකින් එසේ පැවසූයෙන්, ඒ කවුදැයි හඳුනාගැනීමට සුපුන් ඒ දෙසට නෙත් යොමුකළා... ඒ සුන්දර දෑස හිමි දෙදෙනෙක් ලෝකයේ සිටියේ නැහැ...

"ලෝචනා......!!???"

ලොවිගෙඩි තරම් ඇස්ගෙඩි ලොකුකරගෙන අයාගත් මුවින් තමා දෙස බලාසිටින සුපුන්ගේ මුහුණෙහි වූ ඉරියව් නිරීක්ෂණය කරමින් ලෝචනා නොනවත්වා සිනාසෙමින් සිටියේ මුළු සැණකෙළි භූමියටම ඇහෙන තරම් සද්දයෙන්....

තමා දකින්නේ සිහිනයක් නොවන බව අවබෝධ කරගන්නට සුපුන්ට තවත් සුළු වෙලාවක් ගතවූවා... තවත් ඇසිල්ලකින් ලෝචනා ඔහුගේ තුරුල්ලට පැනගත්තේ සතුටින් කෑගසමින්... එකිනෙකා වැළඳගෙන සතු‍ටුකඳුළු වගුරවන සැණකෙළි භූමියෙහිම සිටි ප්‍රීතිමත්ම යුවළ වූ මේ දෙදෙනා දෙස සිනා මුසු මුහුණින් බලාසිටි ලූකස් ඔවුන්ට බාධා නොකර එතැනින් නික්ම ගියා...

පෙරදින රාත්‍රියේ හිස් කල මත්පැන් බෝතලයේ සැර නිසාත් පාන්දර යාමය තෙක් නිදි වැරීම නිසාත් තද නින්දේ සිටි ලූකස් අවදි වූයේ තම ජංගම දුරකථනය නාද වෙන හඬින්... තමාට තුරුලුව තවමත් තද නින්දේ සිටින තම පෙම්වතියගෙන් සීරුවෙන් මෑත්වූ ඔහු දුරකථන තිරයට නෙත් යොමුකළේ අඩවන් වූ දෑසින්... නොදන්නා අංකයක් සටහන්ව තිබූ දුරකථන ඇමතුමට ඔහු අකමැත්තෙන් පිළිතුරු දුන්නා...

ඇමතුම සම්බන්ධ වූ සැණින් අනෙක් පසින් ගලා ආවේ ඉකිබිඳුම් හඬක්...

"ලෝචනා..?"

කිසිවක් වටහාගත නොහැකි වූ ලූකස් එසේ ඇසුවේ එම කටහඬ ලෝචනාගේ දැයි අනුමාන කරමින්…

"ලූකස් මම පාරේ ඉන්නේ... අනේ ප්ලීස් පොඩ්ඩක් එනවද..?"

ලෝචනාගේ ඒ පිළිතුරත් සමඟ කොහේ හෝ කුමක් හෝ වැරදී ඇතිබව වටහාගන්නට ලූකස්ට අපහසු වූයේ නැහැ...

තරමක උත්සායකින් පසු ලෝචනා සිටිනා තැන සොයාගත් ලූකස්ට ලෝචනා සියල්ල හෙළි කළා... ඇයට වීසා ලබාගැනීම සඳහා මාලන් සම්බන්ධයෙන් කරන්නට වූ කැපකිරීමත්, මේ ගැන පෙරදින රාත්‍රියේ නිදියහනේදී සුපුන්ට හෙළිකළ අවස්ථාවේදී ඔහු ඉන් අධික ලෙස කෝපයට පත්ව තමා වනචර ගැණියෙක් යැයි බැණවැදී එළවා දැමූ අයුරුත් ඇය හෙළි කළේ හැඬූ කඳුළින්...හිමිදිරිය වන්තෙක්ම සුපුන් ලවා නවාතැනේ දොර හැරගැනීමට ඈ දැරූ උත්සාහය අසාර්ථක වූ නිසා අසරණ වූ ඇය, එරටෙහි දැනසිටි එකම හිතවතා වූ ලූකස්ගේ උදව් පැතීමට තීරණය කල බව ඇය පැවසුවා....

සුපුන්ගේ මේ ක්‍රියාව ගැන අසා කෝපයට පත් ලූකස් ඇයත් කැ‍ටුව නැවතත් පිටත් වූයේ සුපුන්ගේ මහල් නිවාසයටයි... කිහිපවරක් කෑගැසීමෙන් පසු දොර විවෘත කල සුපුන් මෙවර බැණ වැදුණේ ලූකස්ටත් එක්කමයි...

දෙදෙනා අතර බහින්බස් වීම දුරදිග යද්දී සුපුන්ගේ මුවින් පිට වූයේ ලූකස් බලාපොරොත්තු නොවූ යමක්...

"උඹනේ කොහොමත් මේකිව පිළිඅරගෙන අරන් ආවේ... ඊට කලින් උඹ එක්කත් හිටියද කවුද දන්නේ..."

සුපුන් සමඟ බහින්බස්වීමෙන් කෝපයට පත්ව සිටි ලූකස්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නට ඒ වැකිය උවමනාවත් වඩා ප්‍රමාණවත් වුණා...

වචන හබය ගුටිබැට හුවමාරුවකට පෙරළෙද්දී ඔවුන් දෙදෙනාව පාලනය කරගැනීමට ලෝචනා අසාර්ථක  උත්සාහයක යෙදුනා... තවත් සුළු මොහොතකින් පොරබදිමින් සිටි ලූකස් ගේ සුරතට අසුවූයේ නිවසේ එළිමහන් මුළුතැන්ගෙයි වූ පිහියක්... එතැනින් පසු සිදුවීම නම් වචනයෙන් විස්තර කිරීමට අපහසු තරමේ ඛෙදවාචකයක්... සිදුවන්නට යන දෙය ඉවෙන්මෙන් වටහාගත් ලෝචනා සුපුන්ව බේරාගැනීමට ඉදිරියට පැන්නත් ඒ වනවිටත් ඇය පමා වී තිබුණා... තම පපු තුරෙහි ඇමිණුනු පිහිතුඩත් සමඟින් සුපුන් බිම වැ‍ටුණේ ලෝචනාවත් පෙරලාගෙනයි...සුපුන්ගේ ළයෙන් ගලායන උණු රුධිරයෙන් ඔහුගේ නිසල දේහය බදාගෙන විලාප දෙන ලෝචනාගේ සිරුරම තෙමී යද්දී බොර පැහැ නෙතින් ලූකස් නොසෙල්වී ඒ දෙස සිටිවනම බලා සිටියේ මනස විකල්වූවෙකු ලෙසින්...

~නිමි~

කතාව අවසන් කිරීමට ගත් කාලය ගැන ඔබට වඩා මට කණගා‍ටුයි... ඕනෑම කම්මැලි සේවකයෙකු මුහුණ දෙන ව්‍යාපෘති කඩ ඉම් දිනය අත ළඟටම එනතුරු ගණන් නොගැනීමේ හදානොගත් දුර්වලතාවය නිසා ගතවුණු දින කිහිපයේ අතහරින්නට සිදුවුණේ බ්ලොග් එක පමණක් නෙවෙයි...

කඩින් කඩ හෝ පළවූ මෙම සම්පූර්ණ කතාවම කියවා ඔබ රසවින්දා නම් මගේ හද පිරි සතුට... ඉතින් එහෙනම් කතාව ආරම්භයේදීම මා සඳහන් කල ගැටලුවට යොමුවෙමු...

නම් වශයෙන් අපිට මෙහි චරිත පහක් හමුවූවා... හඳුනාගත් අනුපිළිවෙලට නම් ඒ මෙසේයි;

1.ලෝචනා
2.සුපුන්
3.මාලන්
4.බීට්ල්
5.ලූකස්

ඔබ කළ යුත්තේ මෙයයි, මෙම පස්දෙනා පිළිබඳව කතාවේ සඳහන්වූ ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ට අනුකූලව ඔබට වැටහෙන අයුරින් නරක අඩුම පුද්ගලයාගේ සිට නරක වැඩිම පුද්ගලයා දක්වා අනුපිළිවෙලින් සකසන්න...


ප/ලි : මේ බ්ලොග් අඩවිය කියවීමට ගොඩවෙන ඔබගෙන් කමෙන්ට් එකක් ලබා දෙන්නැයි මා මෙතෙක් ඉල්ලා නැහැ... ඒ මා කමෙන්ට් වල පෙරේතයක් නොවෙන නිසා නම් නෙවෙයි...(සිංහල බ්ලොග් අවකාශයේ සිය ගණනක් බ්ලොග් කරුවන් අතරේ කමෙන්ට් වලට වැඩියෙන්ම පෙරේත පස්දෙනා තොරාගතහොත් මම ඒ අතර සිටින බව මට විශ්වාසයි )... මා එසේ ඉල්ලා නැත්තේ බොහො දෙනෙකු කමෙන්ට් කිරීමට තබා බ්ලොග් කියවීමටත් කාලය කළමණාකරනය කරගන්නේ අපහසුවෙන් බව දන්නා නිසයි... එනමුත් මෙම කතාව සම්පූර්ණයෙන්ම කියවීමට ඔබට අවස්ථාවක් ලැබුණානම් ඔබට හැ‍ඟෙන පරිදි පිළිතුර සටහන් කර යන්නට අමතක කරන්නෙපා...

56 comments :

  1. ලූකස්,බීටල්,මාලන්,ලෝචනා,සුපුන් පිටට පේන විදියට නටක විචලනය වෙන්නෙ ඔහොම උනත් ඔය එක පුත්ගලයෙක්වත් නරක නෑ,
    සුපුන් සමාජ වට පිටාව හන්දත්,
    ලෝචනා ආත්මාර්තය හන්දත්,
    මාලන් හැකියාව සහ අශාව හන්දත්,
    බීටල් මැදහත් බාවය හන්දත්,
    ලූකස් හදිස්සිය හන්දත් නරකයි කියලා හංවඩු ගැහුනට කවුරුවත් වැරදි නෑ මට හිතෙන විදියට

    ReplyDelete
  2. kiyana vidiyatanam kawuruth naraka nee
    mokada hemoma weda karala thiyenne a a welawekaranna thiyana vidiyata

    ReplyDelete
  3. waradikaraya malan..anith hamoma hari..

    ReplyDelete
  4. මාලන්ලා වගේ අවස්ථාවාදින් හන්දා ජිවිත කීයක සතුට නැති උනාද.
    මේ වගේ කතා තියෙන කී දාහක් අද සමාජයට දායාද වෙලා තියෙන්නේ, ඒ වගේ අය හින්දා තමයි.

    හිතට දැනේන්න ලියලා.

    ReplyDelete
  5. මදුශාන්,mahima,Anonymous,- නිල් අහස - හතර දෙනාටම ස්තූතියි, වඩාත් පැහැදිලි වෙන්න මෙන්න මෙතෙක් ඡන්ද ප්‍රථිපල...

    මදුශාන් ගේ රේටින්

    ලූකස් (1)
    බීට්ල්(2)
    මාලන්(3)
    ලෝචනා(4)
    සුපුන්(5)

    mahima ගේ රේටින්

    ලූකස් (0)
    බීට්ල්(0)
    මාලන්(0)
    ලෝචනා(0)
    සුපුන්(0)

    Anonymous ගේ රේටින්

    ලූකස් (0)
    බීට්ල්(0)
    මාලන්(5)
    ලෝචනා(0)
    සුපුන්(0)

    - නිල් අහස - ගේ රේටින්

    ලූකස් (0)
    බීට්ල්(0)
    මාලන්(5)
    ලෝචනා(0)
    සුපුන්(0)

    එකතුව
    ලූකස් (1)
    බීට්ල්(2)
    ලෝචනා(4)
    සුපුන්(5)
    මාලන්(18)

    එතකොට වැඩිම ලකුණු ලබාගෙන, නරකම කෙනා විදියට වැජඹෙන්නේ මාලන්...

    අනේ මන්දා.. :) හැමෝම හිතන්නේ එහෙමද..?

    ReplyDelete
  6. මට අනුවනම්,

    නරක අඩුම පුද්ගලයාගේ සිට නරක වැඩිම පුද්ගලයා දක්වා අනුපිළිවෙලින්

    1. මාලන් - [මාලන් කළේ බිස්නස් එකක්, එතෙන්දි එයා ගත්තේ එයා කරපු වැඩේට අදාල වටිනාකම]
    2. සුපුන්
    3. ලුකස්
    4. ලෝචනා
    5. බීට්ල් - සොරි මචන් :)උඹට තිබ්බා ලෝචනාට එයා කරන්න යන දේ බරපතල කම සහ consequences තෙරුම් කරලා දෙන්න. ඔයා තමයි මේ කථාවේ ටර්නින් පොයින්ට් එක. :D

    ReplyDelete
  7. ප්‍රතිචාරෙට ස්තූතියි මචන්...

    එතකොට උඹ කියන්නේ කල දුටු කල වල ඉහ ගත්ත මාලන්ටත්, තමන්ගේ ගෑනි අතෑරපු සුපුන්ටත්, මිනී මරපු ලූකස්ටත් වෑඩියෙන් යාලුවෙක් උපදෙසක් ඉල්ලුවාම අනේ මන්දා කියපු බීට්ල් චාටර් කියලද..?

    මේ නඩුව ඉහල උසාවියට ගෙනියන්න වෙයි වගේ... :)

    ReplyDelete
  8. මම හිතන්නේ හැරවුම් ලක්ෂය අර කිව්වා වගේ බිටලයා ..එයා තමයි වැරදි කාරයා

    මේක බිස්නස් එකක් හා ඇඩ්වටිස්මන්ට් එකක් වගෙයි

    එතකොට වරදේ බරපතල කම අඩුව යන පරිද
    1. බිටලයා - නිති අංශය
    2. ලෝචනා - සේවා දායකයා
    3. සුපුන් - භණ්ඩයේ අයිති කාරයා
    4. මාලන් - බිස්නස් කාරයා
    3. ලූකස් - පරිබෝගිකයා වගේ තමයි අන්තිමට බැට කෑවේ මූ

    ReplyDelete
  9. මම කියන්න ගිය රේටින් එක මාලන් එහෙම්ම දාපු හින්දා ආයෙ දාන එකේ තේරුමක් නෑ..

    ReplyDelete
  10. නරක අඩුම සිට වැඩිම දක්වා..
    1. ලූකස් - හදිසියේ කෝපයට සිද්ධ වෙච්ච වැරැද්ද හැරුණුකොට වෙන වැරැද්දක් කියන්ට නෑ.
    2. මාලන් - ව්‍යාපාරිකයෙක්. එච්චරයි. තමන්ගේ සේවයට අදාල වුන ගාස්තුව ගත්තා. හැබැයි ඒ ගාස්තුව විදිහට ගත්තු දේ සාධාරණම නෑ.
    3. ලෝචනා - ඕනවට වඩා සුපුන්ව විශ්වාස කිරීම.
    4. සුපුන් - ඇත්ත වෙනුවට තමන්ට ඔරොත්තු නොදෙන හීන ලෝචනාගේ ජීවිතේට එකතු කිරීම.
    5. බීට්ල් - විශ්වාසවන්ත මිතුරෙක් විදිහට පෙනී ඉඳලා අවශ්‍යම මොහොතක ලෝචනා තනි කිරීම.

    ReplyDelete
  11. ලෝචනා... ඈය ගාස්තුව ගෙවූ ආකාරය, ගෙවුවායින් පසුව මුහුන දෙන්නට වන ප්‍රශ්න යන දේ සම්බන්දව දුරදිග සිතා නෑහෑ.

    ලඟ බලා ඒ ඒ මොහොත වෙනුවෙන් වෑඩ කලානම් , ඔය කෙහෙල්මල නොකියා ඒ 'මොහොත' බේරගන්නටත් ඈ දෑනගන්නට ඕනෙ.

    එහෙම නෑතිනම් දුර බලා වෑඩ කලා නම් මුල හිට අගටම දුර බලාම වෑඩ කරන්න ඕනෙ.

    'නරක' කියන වචනෙ අර්ථ දක්වන්න පුලුවන් නම් පෙල ගස්වන්නත් පුලුවන් වේවි ... එතෙක් බෑ :)

    ReplyDelete
  12. මාත් ඉතිං කතාව වටහාගත් ආකාරෙට ශ්‍රේණිගත කරන්නංකො....

    බීටල්(1)
    ලූකස්(2)
    සුපුන්(3) වෙන පිරිමියෙක් එක්ක නිදිවැදිච්ච ගෑනියෙක් කොහොම පිලිගන්නද? එහෙනං මිනිහට මාරම නිවිච්ච මානසිකත්වයක් තියෙන්න ඕන

    ලෝචනා(4) ආර්ත්මාර්ථය වෙනුවෙන් තීරණ ගනිද්දි මීට වඩා සෑහෙන සැලකිලිමත්වෙන්ටෝන

    මාලන්(5) තමංගෙ ආශාවල් ඉටුකරගන්න අසරණ කමින් අයුතුප්‍රෙයා්ජන ගැනීම නම් සෑහෙන නරක වැඩක්. යමෙකුට උදව් කරන්න පුලුවන් නම්,ඒක කරන්න කැමතිනම්, නැවත මොකුත්ම බලාපොරොත්තු නොවී උදව්කරන්න ඕන. නැත්තං උදව් නොකරම ඉන්න ඕන. මෙව්ව මහ පහත් වැඩ...

    ReplyDelete
  13. මේකෙ ඉන්න නරකම නරක , හිතක් පපුවක් නැති නරකම කෙනා ....බීටල් .....
    ටිකක් හරි හොඳ කෙනෙක් මේ කතාවේ නැහැ... කවුරුත් නරකයි...

    ReplyDelete
  14. මේ කතාවේ හිටිය ගැහැණිය මම කියල මොහොතකට හිතුවනම් , මට ඉස්සෙල්ලාම තරහ යන්නේ බීටල් එක්ක... එක වචනයක් කිවනම් ඒ තරහ නැහැ ... හා කීවනම් වරද එයා පිට පටවන්නෙත් නැහැ...
    මේ වගේ මෝඩ ගැහැණු.... පිරිමි කවදත් නැවුම් බවට ආස කරනව කියල නොදන්න ගැහැණු...පිරිමි හිත් වල කොහේ හරි අස්සක සැඟවිලා තියෙන ආසාවක් ඒක... (දැන් ඉතින් “ අනේ අපි නම් එහෙම නැහැ “ කියල කියයි.)

    සංස්කෘතියට දොස් නඟල වැඩක් නැහැ... වරද කාගෙවත් නෙමෙයි...

    බීටල් ...මේ කතාවේ ඉන්න බිටල් වගේ යාළුවෙක්ට නම් මගේ හිතේ කිසිම කැමැත්තක් නැහැ... යාළුවන් කියන්නේ “ යාළුවා“ ඒ දේ තේරුම් ගන්න බැරි යාළුවෙක් ගෙන් වැඩක් නැහැ....

    ReplyDelete
  15. මෙන්න ප්‍රතිපල වෙනස් වෙලා... :)

    ඔන්න මම උදේ ඉඳන්ම දාලා තියෙන රේටින් සේරම එකතු කලා... නරක අඩු සිට වැඩි වෙන පිළිවෙලට දැන් ලකුණු මෙහෙමයි...

    ලූකස් - 11
    සුපුන් / බීට්ල් - 21
    ලෝචනා - 23
    මාලන් - 29

    උඩින් පල්ලෙන් බලලා කිව්වොත්, මිනී මරපු ලූකස් තාමත් එච්චර නරක නෑ... වෙන කෙනෙක් එක්ක අකමැත්තෙන් නිදාගත් ලෝචනා සහ ඒකට පෙළඹවූ මාලන් තරම්... යාළුවට උපදෙස් නුදුන් බීටලයාත්, තමන්ගේ ගෑනිව අසරණ කල සුපුනුත් දෙන්නම එක බෝට්‍ටුවේ...

    අනේ මට බ්ලොග් කියවන සේරම මේ වැඩේට එකතු කරගන්න තිබුණානම්...

    ReplyDelete
  16. මෙතන ඉන්න වැරදි අඩුම කෙනා මාලන්. අඩු ගානේ ඒ මිනිහා අවංකයි... වෙන්න ඕනි දේ කීවා.අවස්ථාවෙන් ප්‍රෙයාජන ගත්ත කියල හිතුනත්, ගැහැණු ළමයට ඕනි නම් ඒකෙන් මිදෙන්න තිබුනා... ඇත්තම කියනව නම් මෙතන ඉන්න බොරුව අඩුම කෙනා මාලන්...

    ReplyDelete
  17. @ජීවිතේ මල්,
    නරක කියන වචනේ පාවිච්චි කලේ එහෙම සංකීර්ණ ඩෙ‍ෆිනිෂන් එකක් වෙනුවෙන් නෙමෙයි... මම අදහස් කලේ සමාජ සම්මතයේ තියෙන හොඳ නරක කියන දෙකයි... ඒක අවුලක් වගේ නම්, මේ පස්දෙනාගෙම මොනවා හරි අඩුපාඩු ඔයා දකින්න ඇතිනේ... ඒක අඩු සිට වැඩි වෙන පිළිවෙලට සකසන්නකෝ...

    @සොඳුරු සිත
    හරි ඔය සේරම එහෙමයි කියමුකෝ... බිට්ල් චා මැක්ස් එයා පහට දාලා අනිත් හතර දෙනාවත් රේට් කරන්නකො එහෙනම්... වටිනා චන්දයක් ක‍ටු ගාන්න එපා අප්පා...

    වැප්, තීර්ථ යාත්‍රිකයා, පුතා, පොඩි මහත්තයා
    කමෙන්ට් සියල්ලටම වෙනදා වගේම ගොඩක් ස්තූතියි...

    උඩ රිසල්ට් එකට ජීවිතෙ මල්ගෙයි, සොඳුරු සිතෙයි රේටින්ස් නෑ... දානකල් බලාගෙනයි ඉන්නේ... :)

    ReplyDelete
  18. @සොඳුරු සිත
    හරි බීට්ල් පහ, මාලන් එක... එතකොට අනිත් තුන්දෙනා..?

    ReplyDelete
  19. දඩුවම් ලැබිය යුත්තේ මෙහෙමයි...

    බීටලයා :- අපරාධයක් වැලැක්වීමට උත්සහ නොකිරිම නිසා. ජීවිත හානියක් සිද්ද වුනා... ඒ වෙලාවේ කෙලින් තීරණයක් ගත්තා නම් මේ වගේ දෙයක් වෙන්නේ නෑ... යාළුවගේ මරණයට ඔහුගේ තීරණයත් වැදගත් වු නිසා හෘද සාක්ශියෙන් දඩුවම් විදියි සදහටම..

    මාලන් :- අන්තිම පහත් පුද්ගලයෙක්. මොනම හේතුවක් නිසාවත් ඔහුගේ ක්‍රියාව සාධාරණිකරනය කරන්න බෑ... මරණ දණ්ඩනය හොදයි මන් හිතන්නේ..

    ලූකස් :- ක්ෂනික කෝපය නිසා මිනී මැරුමක් සිද්ද කලා.. සිර දඩුවමක් වගේ දෙයක්...

    සුපුන් :- පෙම් වතිය එච්චර කැප කිරීමක් කලේ ඇයා කියලා තේරුම් ගන්න බැරි වීම නිසා ජීවිතයෙන් වන්දි ගෙව්ව...

    ලෝචනා :- සුපුන් මිය යෑම නිසා ලැබෙන්න පුළුවන් ලොකුම දඩුවම ලැබුනා....

    වැරදි අඩුම පුදුගලයා සිට වැඩිම පුදුගලයා දක්වා>
    1.ලුකස්
    2.සුපුන්
    3.ලෝචනා
    4.මාලන්
    5.බීටල්

    ReplyDelete
  20. සමාජ සම්මතේ තියෙන හොඳ නරක කිව්වට, හැමෝම ඒක පිළිගන්නේ නෑ නේ. ඒක හින්ද ඒක එක්කෙනා මනින්නේ තමන්ගේ සම්මතයට සාපේක්ෂව. :)

    ReplyDelete
  21. 1-ලූකස් (අවස්ථාවේ හැටියට කෝපය පාලනය කරගන්න තරම් වේලාවක් නැති වීම මත මිනී මැරීම පිළිබඳව තරමක් දුරට හෝ සමාවක් දිය හැකියි..ඒ කෙසේ වෙතත් ‍ඔහු හොඳ යහළුවෙක්)
    2-මාලන්(ගනුදෙනුව සාධාරණ නැතත් යෝජනාව ස්ථීර උනේ ඔහු අතින් නෙවෙයි.)
    3-සුපුන්(හරිත් නැහැ වැරදිත් නැහැ.මටනං මෙලෝ රහක් නැති චරිතයක්)
    4-බීට්ල් (තමාගේ තීරක ශක්තිය පිළිබඳව අවබෝධයක් තිබියදී එය තීරණාත්මකව පාවිච්චි නොකිරීම බරපතල නොසලකා හැරීමක්..)
    5-ලෝචනා (මෝඩ කමේ උපත...අවසානයේ මොන දේ උනත් ඇත්ත කීම ගැන ලකුණක් දෙන්න පුළුවන් උනත්..හැම දේටම මුල ‍ඇයයි.)

    ReplyDelete
  22. කථාව නම් බැලුවා... ලස්සනයි... රේටිං නම් දෙන්න බෑ හැබැයි...

    ReplyDelete
  23. Phoenix (ගිනි කුරුල්ලා)
    ප්‍රතිචාරෙට ස්තූතියි...දඬුවම් ටික නියමයි... සමහර මිනිස්සු ඉන්නවා තමන්ටම තමන්ව රවට්ටගන්න පුළුවන් ලස්සනට... එතකොට හර්ද සාක්ෂිය වැඩක් නැතුව යනවා...

    @Shenya de Silva
    තමන්ගේ මතයට මනිනවනම් වඩා හොදයි...සමාජ සම්මතේට මනින්න කිව්වේ මොකුත්ම ස්කේල් එකක් නැත්නම්... අමාරු වෙන එකක් නෑ එක්කෙනාට එක්කෙනා කම්පෙයාර් කරන්නනේ තියෙන්නේ...

    @මාරයා
    ඔන්න පළවෙනි වතාවට ලෝචනාට මුල් තැන... :)

    @චතුරංග
    ස්තූතියි, රේටිං දෙන්න බැරි ඇයි... :)

    ඔන්න ගිනි කුරුල්ලගෙත්, මාරයාගෙත් දත්ත අනුව අලුත් ම තත්වය

    ලූකස් - 13
    සුපුන් - 26
    ලෝචනා - 28
    බීට්ල් - 30
    මාලන් - 35

    ReplyDelete
  24. මට හිතෙන විදියට මාලන් අවස්ථාවාදියෙක්, සුපුන් තමන්ගේ වටපිටාව හැර වෙනයමක් තේරුම් නොගන්න කෙනෙක් , ලෝචනා ඕනම දෙයක් ඉෂ්ඨ කර ගන්න දුර දිග නොබලා මෝඩ තීරණ තවත් එක් බවලතෙක් ,එහෙමයි කියලා වැරද්දක් දැක දැක කරන්නම දෙයක් නෑ කියලා ඒක කරන එක අනුමත කරන්න කොහොමටවත් බෑ ගැහැනිය ආරක්ෂාවෙන්න තමන් දැන ගන්න ඕනේ , බීට්ල් මම හිතන විදියට ආත්මාර්ථකාමියෙක් ,ලූකස් කෝපයපාලනයකර ගන්න බැරි ඒත් මැදහත් හොඳ පුද්ගලයෙක්
    නරක අඩුම සිට වැඩිම දක්වා
    1.සුපුන්
    2.ලූකස්
    3.බීට්ල්
    4.ලෝචනා
    5.මාලන්

    ReplyDelete
  25. මේකෙ 1,2,3 කියල පෙළගස්වන්න තරම් දෙයක් නෑ. තමන්‍‍ගෙ හිතුවක්කාර, ඔලමොට්ටල තීරණයක් හින්දා, තමන්ගෙ ජීවිතෙත් විනාස කරගෙන, තවත් කීප දෙනෙක්‍‍ගෙ ජීවිතත් විනාස කරපු තවත් එක මෝඩ ගෑණීයෙකු‍ග කතාවක් විතරයි!!
    තව විස්තර කරන්න පුළුවන්. වෙලාව මදි.
    හැමෝම එක්ක එකතුවෙලා අර බීට්ල්ට තඩිබාන හින්දා මේකත් කියන්නං.
    තමන්‍‍ගෙ ජීවි‍තේ බේරපු මනුස්සයට ආදරයක් තියෙනවා නං, මාලන් ඒ ‍යෝජනාව කරපු ගමන් ඒ ගැන සුපුන්ට කියනවා හරිහමං ගෑණියෙක්නං!! (Communication ප්‍රශ්න මොකුත් තිබිල නෑනෙ කතාවෙ හැටියට) ආයෙ මොනවද යාලුවො එක්ක සාකච්ඡා කරන්න තියෙන්නෙ??? මේක 'පරම පිවිතුරු ආදරේ' වත් වෙන මොකක්හරි උලව්වක්වත් නෙවෙයි. පෙරා පදම්කළ 'මෝඩකම' ...!! :D

    ReplyDelete
  26. 1.බීට්ල්-niyama yahaluwek.mokada oya wage deyakata wena kenekge adahas ganne naraka wade karanna thiyena hitha yata kamaththen.ehema welawata sadda nathiwa thiranaya ganna kiyana eika buddimath.yaluwawa hodin dannawanam eiya ehema kiuwe ai kiyala Lochanata hithanna thibba.
    2.සුපුන් samanyaen mulinma oya wage deyak danagaththahama wena kalabalaya saha sakaya athiwela.
    3.ලූකස් eikama nara gathiya tharaha palanaya nathi kama
    4.මාලන් salli thibba kiyala girlslawa haallu karannai asarana karala thamange asawan sidawa gannai hadana eika hoda gathiyak newe.
    5.ලෝචනා saloon eikakadi hamba una kohewath yana salli karayekta visa hadanna puluwannam visa ganna wena widiyak thiyennama oonene. thaman laga thiyena watinama dei puda denna kalin eigana hithanna thibba.

    -Ambi

    ReplyDelete
  27. 1.ලෝචනා
    2.ලූකස්
    3.බීට්ල්
    4.මාලන්
    5.සුපුන්

    තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් ජීවිතේම කැප කරන අය ඉන්නවා. ලෝචනා ඒ තීරණේ ගත්තෙ එයාට මාලන් එක්ක ඉන්න ඕන නිසා නෙවෙයි. සුපුන් එක්ක ඉන්න ඕන නිසා. ඒ තීරණේ ගන්න කලින් එයා උපදෙස් ඉල්ලුවා. ලෝචනා සුපුන්ට ඇත්ත කිව්වෙ එයා වරදක් නොකරා කියන එක හිත පිළිගන්න නිසා.

    ලූකස් නොකරපු දෙයකට වැරදිකාරයෙක් වෙත්දි ක්ෂණිකව ගොඩක් තරහා යන එක පිළිගන්න වෙනවා. සැලසුම් නොකර සිදුවුණ මරණයක් නිසා නීතියෙන් එයා වැරදිකාරයෙක් වෙන එකක් නෑ.

    බීට්ල්ට හරි තීරණයක් දෙන්න බෑ. මොන තීරණය දුන්නත් අන්තිමේදි බීට්ල් හොඳක් කරා වෙන්නෙ නෑ. මාලන්ගෙ යෝජනාවට එකඟ වෙන්න එපා කිවා නම් ලෝචනා කොයි වෙලාවක හරි කියනවා එයාට සුපුන් ලඟට යන්න තිබුන අවස්ථාව නැති උනේ බීට්ල් නිසා කියලා. ඒත් ඒ තීරණේ ගන්න එක කොයි තරම් බරපතලද කියලා කියලා දෙන්න තිබුනා. තීරණයක් නුදුන්නත්.

    ජීවිත එක්ක කරන ගණුදෙනු මම නම් පිළිගන්නෙ නෑ. මුදල් වටිනා කමක් තීරණය කරන්න තිබුනා. එහෙමත් නැත්නම් මිනිහෙක් විදිහට උදවු කරන්න තිබුණා. එහෙම බලත්දි මාලන් තිරිසනෙක්. අසරණකමින් ප්‍රයෝජන ගන්න නරුමයෙක්.

    සුපුන් තමයි ලෝචනා ගැන හොඳින්ම දන්න කෙනා. එයා ලෝචනාට ගොඩක්ම ආදරේ කරානම් එයා වෙනුවෙන් කරපු දේකට ලෝචනාව පාරට ඇදලා දාන්න ඕනෙ නෑ. එයා ලඟට එන්න ලෝචනා කරදර උනා කියලත් සුපුන් දන්න නිසා. මානුෂීයව හිතලා බැලුවොත් සුපුන් ගොඩක්ම වැරදියි. ආයිත් ලෝචනාව ලංකාවට එවන්න තිබුනා එයාව එපා නම්.

    මම දන්නෙ නෑ මේ පිළිවෙළ කොයිතරම් සාධාරණද කියලා. කොහොම උනත් මට තීරණයක් ගන්න බැරි 4, 5 ගැන විතරයි. මාලන් හරි සුපුන් හරි තමයි නරකම. මම සුපුන්ව තේරුවෙ එයා වෙනුවෙන් ලෝචනා කැප කිරීමක් කරලත් නොදන්නා රටකදි එයාව අත් ඇරලා දාපු නිසා.

    ReplyDelete
  28. 1. Lochana - hodata hitala gatipu tirane karala iwara wela esima. ekko kalin kollagen ahanna ona netnam nokiya inna ona. beetle oge greese dial ekekagen prashneta wisadum sewima.
    2. Supun - tamunge geni termu ganna beri wima haa rata yanna kalin ekiwa genna ganna puluwanda nedda nobala nikan deshapalana wargaye poronduwak dima
    3. Beetle - turning point ehekadi wagamakin uttara denna beri nam nikan inna ona. netnam wiya heki depettama terum kara dima. bor u madyastha bawaya.
    4. Lucas - anunge magul walta onawata wada hota demima. terum karala dila beri wunama atin payin shilpa dekwima
    5. Malan - ath marthakami bawa(eka anith hemoma thulath tibba)

    ReplyDelete
  29. sama wenna weradimak. mage comment eke no tika maru kara ganna uda sita pahalata
    1. malan
    2. lucas
    3. beetle
    4. supun
    5. lochana

    ReplyDelete
  30. නරකම කෙනාගේ සිට අඩුම කෙනා දක්වා

    1.සුපුන් - මෝඩ කමට හරි ඒ දේ වෙලා ඒක කියන්න තරම් තමන් ගැන තිබ්බ විශ්වාසෙට පයින් ගහල .තමන් ලඟට ආපු කෙල්ලව ඒක පාරට ම පාරට ඇදල දාන්න හැකිද ..නිකම් කෙල්ලෙකුත් නෙමේ තමන්ගේ අදර වන්තිව . බාර ගන්න බැරිනම් ආයේ ලංකාවට වත් එවන්න එපාය .

    2 මාලන් - අවස්ථාවාදී නරුමයෙක්

    3. ලෝචනා - රට යන්න මොකටද ඔච්චර තන්හාව . මෝඩකම අතින් නම් මෙයා එක. මෙච්චර දියුණු ලෝකේ තානාපති කාර්යාලෙකට කාරිය ගිහින් විසා හදා ගන්න එක එච්චර අමාරුවක් ද . බැරිමයි කියමු තමන්ට කියල ජිවිතයක් නැද්ද . පිරිමි ගැන නොදැනද වෙච්ච දේ සුපුන්ට ගෙඩි පිටින් කියන්න ගියේ . මහා හරක් පැටියෙක්

    4 බිට්ල්-

    මෙයා බිට්ල් එපා කිව්වා වුනත් ඔය දේ කරගන්න තිබ්බ මොලේ ප්‍රමානේ තරමට . හැබැයි බිට්ල් වුනත් වැරදියි වලක්වන්න උත්සහයක් නොගත් එක .

    5. ලුකස්

    අපරාදේ අහක යන දෙකට පැටලුන කෙනෙක්.

    ReplyDelete
  31. නෑ... ඔතන වැරැද්ද ලෝචනාගේ... හිතයි මම කොල්ලොන්ට අදිනවා කියල... නෑ... යාලුවෙක් උනත් පාර පෙන්නනවා මිසක් එක්කරන් යන්න බෑ... ලෝචනා ඒ තීරණය නොගෙන හිටියනම් ඔය සිද්ධ වෙච්ච මුකුත් වෙන්නේ නෑ... ලැබෙන්න තියෙන දේ අපිට හදිස්සි උනාට වැඩක් නෑ... ලැබෙන දවසට ලැබෙයි... හදිස්සිය නිසා ඔය හැම දේම උනේ... සුපුන් වැරදි නෑ... අපි හැමෝම සුපුන්ලා, අපි හැමෝම මාලන්ලා, අපි සමහරු බීට්ල් ලා...

    දේව්දාස්

    ReplyDelete
  32. පළමු වරට තාම අකුරු බ්ලොගේට අවේ, සොදුරු සිතක් තමා පාර කිව්වේ. ලස්සන කතාව. මෙන්න මගේ රේටින්.
    නරක අඩුම පුද්ගලයාගේ සිට නරක වැඩිම පුද්ගලයා දක්වා
    1. බීට්ල් - ලෝචන බීට්ල් හොයාගන යන්නේ මලන්ගේ යෝජනාවට කැමති වෙන්න "OK " එක ගන්න. පැය ගණනක් කෝපි කෝප්ප හිස්කරමින් ලෝචනාගේ කතාව අහගන හිටපු බීට්ල් ට ලොචනගේ හිත තේරෙනවා. අවංක මිතුරෙක් විදිහට බීට්ල් ට බැහැ හා කියන්න. හොදම පිළිතුර තාම දීල තියෙන්නේ.
    2. මාලන් - මේ ගෙන්දගම් පොළොවේ පය ගහල ඉන්න බැරි කෙල්ලෙක්ට මොන පතිවතද. සාධාරණ ගනුදෙනුවක්. ක්ලෝස් යාළුවෝ නෙමෙයිනේ..
    3, සුපුන්. - පොරොන්දුව ඉටු කරන්න තිබුන. මට හිත්තෙන්න ලෝචානට ඇත්තටම ආදරේ කරලා නැහැ.
    4. ලෝචනා. -
    5. ලූකස් -

    ReplyDelete
  33. ස්තූතියි චතුර, ඔයාගේ රටාවත් ඔන්න වෙනස්ම එකක් :)

    ස්තුතියි සුමින්ද, ලෝචනාට මල්ටි බැරල් ප්‍රහාරයක්...මාරයා නම් ඇත්ත කිව්ව නිසා පොඩි අනුකම්පාවක් දැක්වුවා...මේ පාර ඒකත් නෑ නේ... ලෝචනා තමයි නරකම කියන අය මම බලාපොරොත්තු වුනත්, පිරිමි අයට වැඩියෙන් ගැහැණු අය එහෙම කියාවි කියලයි මම සැක කලේ... හැබැයි තාම එහෙම නෑ..

    Ambi,
    ස්තූතියි, මාලනුයි ලෝචනායි නරකම වෙලා බීට්ල් නරක අඩුම වෙන මේ කම්බිනේෂන් එකත් මම ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියා... :)

    හංසි
    උත්තරේ විස්තර ඇතුව දැම්මාට ගොඩක්ම ස්තූතියි, ආසා නැද්ද සුමින්ද හරි මාරයා හරි එක්ක තර්ක කරන්න :)

    ඉසුරු
    නිවැරදි කල දේ පැහැදිලියි, ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි ඉසුරු

    ReplyDelete
  34. Bindi,
    ලෝචනාගේ වීසා ඇටෙම්ප්ට් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.. එයා මෝඩයි කියන එකට තර්කයක් නැහැ, එත් මාලන් ගේ උදව්ව ඉල්ලන්නේ තානාපති කාර්යාල මෙකී නොකී සේරටම බඩගාලා අසාර්තක වුණායින් පසුවයි කියලා කතාවේ තියෙනවා... කෙලින්ම මාලන් ගාවට ගියා හෙම නෙවෙයි.. තවත් දෙයක්, වීසා ගන්න අමාරුම රටවල් මොනවද කියලා මට අවබෝදයක් නෑ.. මම ඇමෙරිකා එක්සත් ජනපදයට සුපුන්ව තල්ලු කලේ එහෙට යන්න ගොඩක් අමාරු ඇතැයි හිතලයි...

    දේව්දාස්,
    ස්තූතියි, අනිත් හතර දෙනාවත් පිළිවෙලකට ලිව්වා නම් තමයි තවත් හොඳ...

    සාගර පතුල
    පුංචි පැහැදිලි කිරීමක්, ලෝචනාව ගන්නවායි කියන පොරොන්දුව සුපුන්ට කඩන්න අවශ්‍යය වුන බවක් පේන්නේ නෑ...අන්තිම මොහොත වෙනකල්ම සුපුන් ට්‍රයි කලෙත් ඇයව ගන්න තමයි...දැන් රේටිං වෙනස් වෙයිද..? :)

    ReplyDelete
  35. දැනට තත්වේ නම් මේ විදියයි.... වේගෙන් ඉස්සරහට ආව ලෝචනා, මාලන් එක්ක වැඩිම ලකුණු අරන් නරක පැත්තෙන් උඩින්ම... මිනී මරපු ලූකස් වැඩිදෙනෙකුගේ අනුකම්පාවත් දිනාගෙන යටින්ම...

    1. ලූකස් - 28
    2. බීට්ල් - 43
    3. සුපුන් - 46
    4. ලෝචනා - 50
    5. මාලන් - 55

    ReplyDelete
  36. මචන් අන්තිමේදි ඔයා කියනවද කාවද ඔයා මේ බුද්ධි පරීක්ෂණයෙන් වැඩිම ලකුණු අරගෙන ජොබ් එකට සිලෙක්ට් කර ගත්තේ කියලා? :D

    ReplyDelete
  37. බීටල්ට ඕනි වෙලා තියෙන්නේ අඩුම ලකුණු අරන් හොඳ මනුස්සයා වෙලා , එයාගේ හිතේ තෙරපෙන කළකිරීම නැති කර ගන්න. අඩුම ලකුණු අරන් බීටල් පළවෙනිය වෙනකම් රේටින් ආවම බිටල්ට සතුටු ඇති....

    හොඳයි හොඳයි .... ඔහොම යං...

    ReplyDelete
  38. හ්ම්.....මටත් බීටල් එක්ක හරිම තරහයි. පිරිමියෙක් හැටියට එයත් දන්නවා ඔය වගේ දේකදි පිරිමි හැසිරෙන විදිහ. ඉතින් එයාට තිබුනා ලෝචනාට ඇත්ත පහදලා දෙන්න. මමත් කාන්තා පාර්ශවයේ කෙනෙක් හැටියට ලෝචනාට බනින්නේ නෑ. එයා නොමඟ ගියා තමයි. එයා තමන්ගේ ආදරේ ලඟට යන්න ලේසි විදිහක් හොයන්න ගිහින් අතරමන් වෙලා. ඒ වෙලාවේ එයාගේ හිතේ තිබුනේ එකම දෙයයි. ඒ සුපුන් ලඟට යන එක. පිටින් හිටපු කෙනෙක්ට තමා එයාගේ වරද තේරෙන්නේ.

    සුපුනුත් හුඟාක් වැරදියි. සිද්ද වුන දේ ගනන් ගන්නේ නැතුව ඉන්න කියන එක නෙවෙයි මං කියන්නේ. තමන් එච්චරටම ආදරේ කලානම් එක මොහොතක අකමැත්තෙන් වුන දේකට ලෝචනාව ගණිකාවක් මට්ටමටම දාලා කතා කරේ කොහොමද?

    මෙන්න මගේ චන්දය

    1. ලෝචනා
    2. ලූකස්
    3. මාලන්
    4. සුපුන්
    5. බීටල්

    ReplyDelete
  39. මම ආවෙ සොදුරු සිත ලින්ක් එකෙන්.
    මෙතන අයට දඩුවම් දෙන්න මට ලැබුනොත් මම දෙන්නෙ මේ විදියට.
    1.මාලන්-කුමන හෝ කාරණයකට අල්ලස් ලබා ගන්නවුන්ට දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න ඕන
    2.ලූකස්-මොන විදියකට හරි මිණීමැරුමක් කරලා තියන නිසා එයාටත් දඩුවම් දෙන්න ඕන.
    3.ලෝචනා-එක් ආකාරයකට මේක ගණිකා වෘත්තියේ යෙදීමක්.මෙතනදි වඩාත්ම වරද මෙයාගෙ.මේවගේ ප්‍රශ්නෙකදි තමන් ආදරය කරන මිණිහට කියන්නැතුව යාලුවෙ පස්සෙ යන ගෑනියෙක් මට නං එපා.
    4.සුපුන්ට දඩුවම් කරන්න විදියක් නෑනේ.එක අතකට ඌට වැරැද්දක් කියන්න බෑ.සුපුන්ගෙ තත්වෙ ඉන්න ඕනම ‍ෙකනෙකඒ විදියට හැසිරෙන්න ඉඩ තියනවා.
    5.බීට්ල්-එයාට මොකුත්ම කරන්න බෑ. හේතුව එයා වැරැද්දක් කරලා නෑ.මෙතනදි බීටල්ට එක අවස්තාවක මේ මුළු ක්‍රියාදාමයේ යතුර ලැබෙනවා උනත් එයා කරන්නෙ තමන්ගෙ ඇගබේරාගැනීම. සමාජයේ ගොඩාක්ම ඉන්නෙ මේවගේ කට්ටිය තමයි.හැබැයි අපි හිතමු බීටල් ඔතනදි අනිත් උත්තරේ දුන්නා කියලා.එතකොටත් අතිවෙන ප්‍රශ්න වලදී එයාට එන්න පුළුවන් දෝෂාරෝපන ප‍්‍රමාණය වැඩියි.
    තමන්ගෙ පෙම්වතාව පුදුම කරවන්න වෙන මිණිහෙක් එක්ක බුදියගන්න ගෑණියෙක් ගැත් කවර කතාද?

    ReplyDelete
  40. සුපුන් පොරොන්දුව කඩුවේත් නැත්නම්, අන්තිම මොහොත වෙනකල්ම සුපුන් ට්‍රයි කලෙත් ඇයව ගන්න තමයිනම් , සුපුන් 2, මාලන් 3.

    එහෙමනම් ලොචන තවත් වැරදි.. සුපුන් එච්චර කරද්දිනේ වෙන එකෙක් එක්ක ලැග්ගේ. ගොඩක් ලංකාවේ කෙල්ලන්ට කොල්ලන්ට තියන එකක් තම ඔය රට යාමේ උන. එකට ඕනේ දෙයක් කරනවා. සුපුන් එක්ක ඉන්න ඕන නිසා නම් සුපුන් එනකන් ඉවසන්න තිබ්බ. එකෝමත් එක කාලෙක, ආදර කතාවක් වගේ.
    කොහොමත් ජීවිතයක් නැති කරපු ලුකස් තමා අන්තිම වැරදි.

    ReplyDelete
  41. @malansamarawickrama
    ඔව් ඒකත් කියනන්න වෙනවා... හැබැයි වැඩේ මුලින් හිතුවට වැඩිය ගොඩක් අමාරුයි... එක එක්කෙනා හිතන විදිය වෙනස් කියලා මම දැනගෙන හිටියා, හැබැයි මෙච්චර වෙනස් කියලා නම් දැනගෙන හිටියේ නෑ... :)

    @සොඳුරු සිත
    12 අන්ග්‍රි මෙන් චිත්තරපටිය බලලා තියෙනවා නේද, මේ පස්දෙනා ව ජජ් කරන්න කෙනෙක්ට බාර දෙන්නේ එයා ඒ සිදුවීම පර්සනල් ගන්නේ නැතයි කියන බලාපොරොත්තුවෙන්... අන්න අරූට නම් බේරිලා යන්න දෙන්න හොඳ නෑ කියලා හිතුන ගමන් එයා ඩිස්කොලිෆයිඩ්... හූ... :P

    ස්තුතියි නිසුපා, කාන්තාවක් වෙලත් ලෝචනාට හතර අතේ වෙඩි නොතියන එකටත් එක්ක :)

    @රාජ්
    "තමන්ගෙ පෙම්වතාව පුදුම කරවන්න වෙන මිණිහෙක් එක්ක බුදියගන්න ගෑණියෙක් ගැත් කවර කතාද? "

    ලෝචනා වෙනුවෙන් කතා කරන්න වෙනවා, පෙම්වතාව පුදුම කරවන්න හිතාගෙන නම් නිදාගත්තේ නැතුව ඇති... ලෙමන් ගෙඩියක් ලැබුණම ලෙමනේඩ් හදන්නයි ට්‍රයි කලේ... :)

    ReplyDelete
  42. @සාගර පතුල
    ස්තුතියි, එකෝමත් එක කාලෙක ආදර කතාවක් කියන්නේ වැලන්ටයින් ආදර කතාවක්නේ... ඒවායේ මිනිස්සුන්ට වැරදි කරන්න බෑ... :)

    ReplyDelete
  43. නරක අඩුම කෙනාගෙ ඉඳන් වැඩිම කෙනා වෙනකම් ලියන්න කියලම තියන නිසා ඒ ගැන සඳහන් කරේ නෑ. මගේ උත්තරේ පළවෙනියාටම ඉන්නෙ නරක අඩුම කෙනා (ලෝචනා). අන්තිමටම ඉන්නෙ නරකම කෙනා (සුපුන්).
    නිසූපා අක්කා කියනවා වගේ ලෝචනාට බනිනවාට නම් මාත් කොහොමටවත් එකඟ නෑ. ප්‍රවීණයොත් එක්ක තර්ක කරන්න තරමට වයසින්වත් සමජ අත්දැකීම් වලින් වත් තාම සම්පූර්ණ නෑනේ.. ඊට පස්සෙ මට මේකත් අකුලගෙන යන්න වෙන්නෙ. :D

    ReplyDelete
  44. මෙතන ලෝචනා තමයි නරකම, එයාට ඕනෑ සුපුන් ව නෙමේ රට යන්නයි, ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. හැබැයි ඒ එක්කම මෝඩයි. වෙනිං මිනිස්සු එක්ක කරපු ඒවා ඇයි මේ මිනිහා එක්ක කියන්නේ මෝඩ නැත්තං.
    බීටල් වැඩකට නැති මිතුරෙක්. මාලන් සහ ලෝචනාව වරදෙන් (පාගා ගැනීම සහ දීම) ගලවා නොගැනීම වරදක්.
    සුපුන් අමු මෝඩයෙක්ද? නැත්තං මොල කාරයෙක්ද? පිට ගිය ගෑනියෙකුට කන්න අඳින්න දෙන්නේ ඇයි කියලා හිතෙන්න ඇති.
    ලුකස් තව මෝඩයෙක්. ආවේගීව වැඩකරන්ණ ගිහින් අනුන්ගේ නයි රෙද්ද අස්සේ දාගත්තා.
    මාලන් පගා ගැනීම වරදක්.
    මට හිතෙන හැටියට නරක වැඩිවීමේ අනු පිළිවෙල
    බීට්ල්-වරද නොවැලැක්වීම
    සුපුන්-කෙල්ලෙක්ව අතරමං කිරීම
    මාලන්-අයුතු ප්‍රයෝජන ගැනීම
    ලෝචනා -පගා දීම
    ලූකස්-ආවේගයෙන් මිනීමැරීම

    මෝඩ කම වැඩිවීමේ අනුපිළිවෙල

    මාලන්
    බීටල්
    සුපුන්
    ලුකස්
    ලෝචනා

    -කතන්දරකාරයා

    ReplyDelete
  45. l. Lochana , beetle & Lucas
    2. Supun & malan
    (supun-කෙල්ලෙක්ගෙ අසරන තත්වය තේරුම් නොගත්තටය්,එයා ඒ දෙය කලේ තමා වෙනුවෙන් කියලා තේරුම් නොගෙන අසාධාරන විදිහට කෙල්ලව පන්නපු එකටය්.

    malan-කෙල්ලෙක්ගේ අසරනභාවයෙන් අයුතු ප්‍රයෝජන ගත්තට.)


    esh

    ReplyDelete
  46. වැරදි වැඩිම සිට අඩුම දක්වා පිලිවෙලින්.....

    1.ලෝචනා-තමන් අනතුරුදායක/අවස්ථාවාදී තීරනයක් ගත්තේනම් ඉන් අත්වෙන ප්‍රථිපල නිසි ලෙස කළමනාකරණය නොකරගෙන තවත් ජීවිත 2ක් අමාරුවේ දැමීම නිසා (වෙච්ච දේ සුපුන්ට නොකිව්වා නම් අපිට අද මේ කථාව කියවන්නට සිදු වන්නේ නැත)

    2.සුපුන්-අදාළ සිද්ධියේදී වඩා බුද්ධිමත්ව කටයුතු නොකිරීම නිසා.

    3.බීට්ල්-මිතුරෙකුගේ වගකීම පැහැර හැර, ඇඟ බේරා ගැනීමේ තියරිය අනුගමනය කිරීම නිසා

    4.මාලන්-ඔහු කලේ ගණුදෙනුවකි, කිසිදු බලකිරීමක් කලේද නැත.(ඔහු ලූකස්ට වඩා වැඩි වැරදිකරුවෙක් කරන්නේ ඔහු කල ගණුදෙනුවේ ඇති අවස්ථාවාදී කම නිසා පමනෙකි)

    5.ලූකස්-ආවේගය නිසා මිනීමරුවෙක් වනතුරු ඔහු අතින් වෙනත් කිසිදු වරදක් සිදු නොවීය

    ReplyDelete
  47. @කතන්දර
    ලූකස්ව නරක ස්කේල් එකේ උඩින්ම තිබ්බේ මට මතක හැටියට ඔයා ඇරුනාම තව එක්කෙනෙක් විතරයි...වැඩි දෙනෙක් ලුකස්ව තියන්නේ මැද හරියේවත් නෙවෙයි, යටින්මයි...

    ඇනෝ, දිනිත්
    ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි...

    @All,
    තමන්ගේ වටිනා කාලය මිඩංගු කර මේ ගැටළුව විසදිමට උත්සාහා කල ඔබ හැමදෙනාටම ගොඩක් ස්තූතියි... එකිනෙකට වෙනස් වූ ඔබ සියළුදෙනාගේම අදහස් මේ පොස්ට් එකට බීට්ල් ලියන අකුරු අඩවිය තුල සදාකාලික වටිනාකමක් එක්කරාවි... ස්තුතියි...!

    ReplyDelete
  48. godak dena prashnayak diha balana eika eika pathi danaganna puluwan una. watina satahanak. api apita prashnayak unahama pitin indan balanawa wagema anith ayata prashnayak unahama apita una wage balanna oone kiyalai mama hithanne. ei nisa meike katha naikawa ලෝචනා thaman karan baluwanam hari kiyalai mama hithuwe.anika api anith aya kiyana dewal mathama inne nathiwa ei ayage kriya piliwetha mathath thirana gatha yuthu wenawa(ai eiya ehema kare? ai eiya ehema kiuwe? -hethupalawadaya). eikai mage kalin pilithure බීට්ල් hodamath ලෝචනා narakamath une...

    Ambi

    ReplyDelete
  49. අපූරු කතාවක් අවසානයට එක් කළ කතිකාවක්.

    නරක අඩුම කෙනා බීට්ල් නොවැ. ඔහු වරදක් කළේ නෑ. හොඳක් කළෙත් නෑ.
    ඊලඟට නරක අඩුම කෙනා මාලන්ය. ඔහු වැරදි වැඩක් කළා. ඒත් පොරොන්දුව ඉටු කරමින් හොඳ වැඩක් ද කළා.

    ඊ ලඟට නරක අඩුම කෙනා සුපුන් ය. ඔහු වරෙක ලෝචනාගේ දිවි බේරුවේය. ඇය ගැනම සිතාගෙන පිට රටක දුක් වින්දේය. මොනම හේතුවක් නිසාවත් ගෑනියෙකු හෝ පිරිමියෙකු වෙනත් කෙනෙකු සමග අසම්මත හැසිරීමක යෙදීම අනුමත කළ නොහැකිවාක් මෙන්ම ඊට සමාව දීමට ද නොහැක. සුපුන් ගත් තීරණය නිවැරදිය. එහෙත් නොදන්නා රටක ලෝචනා තනි කිරීමත්, ලූකස්ට අභූත චෝදනා කිරීමත් වැරදි ක්‍රියා වේ.

    ඊ ලඟට නරක අඩුම කෙනා ලූකස් ය. ඔහු විශ්වාසය රැකගෙන ලෝචනාට උදව් කළා. සුපුන් හා ලෝචනා අතර ඇති වූ ප්‍රශ්ණය සමතයකට පත් කරන්නට උත්සාහ කළා. එහෙත් තමාට නැගූ අභූත චෝදනාවත් සමග පාලනය කරගත නොහැකි හදිසි කෝපය මතු වී මිනී මරුවෙක් වුණා. ඔහු සාමාන්‍යයෙන් ඉතා හොඳ හැසිරීමක් ඇති එහෙත් සමාජයට අහිතකර විය හැකි තරමක භයානක පුද්ගලයෙක්.

    නරකම කෙනා ලෝචනා. ඇය කලිනුත් දිවි නසාගන්නට ගිහිං වරදක් කළා. සුපුන් සමග ඇත්ත කතාව කියන්නට අවංක වන ඇය ඒ වරද කරන්නට පෙර සුපුන් සමග සාකඡ්ඡා කරන්නේ නෑ. එක ගොං කමක් කළ මදිවට සුපුන්ට නොකියම ඒ රටට ගිහිං දෙවැනි ගොං කමත් කරනවා. හරි හාමං විස්තරයක් නොදන්න ලූකස් එක්ක එකතු වෙලා සුපුන් ගාවට එන්න ප්ලෑන් කරන එක තුං වැනි ගොං කම. මේ ගොං කම් කළා මදිවට පුරාජේරුවත් ගහන්න ගිහිං 4 වැනි ගොං කමත් කරනවා. ඒත් ලූකස් සුපුන්ට පිහියෙන් අනින වෙලාවේ මැද්දට පනින්න උත්සාහ කිරීමෙන් ඇය තුල සුපුන් කෙරෙහි ඇති අවංක ආදරය පිළිබිඹු වෙනවා. එහෙත් ඇය නිතරම වැරදි තීරණ වලට පෙලඹෙන කෙනෙක් හිංදා ඇය තමයි වැඩියෙන් වැරදි.

    ReplyDelete
  50. නරක කියන එක ගැන මම හිතන්නෙ ලෝකෙ සම්මත මිණුම් දඬු වලින් නම් නොවෙයි. ඒ නිසා මගේ තීරණයට බොහෝ දෙනෙක් එකඟ නොවෙන්ඩ හැකියාව තියනව.

    ලෝචනා ඒ තරම් කැප කිරීමක් කලේ ආදරේ නාමයෙන් සුපුන් තමන්ට සමාව දෙයි කියන බලාපොරොතුවෙන්ය කියල උපකල්පනය කරන්න පුලුවනි.ඒත් සුපුන් හැසිරුනෙ ලෝචනා බලාපොරොත්තු උන විදිහට නෙවෙයි. මාලන් කලේ ශුද්ධ ගනුදෙනුවක්. ලෝචනාට බලහත්කාරකමක් කලේ නැහැනෙ. වැඩිහිටියෙක් විදිහට තමන් ගන්න පියවරේ භාරදූර කම ගැන සම්පූර්ණ අවබෝධයකින් තමයි ලෝචනා මාලන්ගෙ යෝජනාවට කැමැත්ත දුන්නෙ.

    මේ හැමෝටම තියනව තමන් ගැන තීරණ ගන්න සම්පූර්ණ අයිතියක්. අනික් අයගෙ නිදහසට බාධාවක් නොවෙන තාක් හැමෝටම ඒ අයිතිය උපරිමව භාවිතා කල හැකියි බාධාවකින් තොරව.

    බීට්ල් ගෙ උපදෙස තමයි මම උනත් ඔය වෙලාවෙදි දෙන්නෙ. අනික මගේ අත්දැකීම් වල හැටියට ඔය උපදෙස් කියන එව්ව කිසිම කෙනෙක් පිළිපදින්නෙ නෑ.එහෙම පිළිපදින්න අවශ්‍යයයත් නෑ, මොකද අපි හැමෝටම විචාර බුද්ධිය කියල එකක් තියනවනෙ හැම දෙයක් ගැනම පරිස්සමින් කල්පනා කරල බලල නිවැරදිය කියල අපිට හිතෙන තීරණය ගන්න.

    අන්තිමට ලූකස්........ලූකස්ට කොහෙත්ම අයිතියක් නැති වැඩකටනෙ එයා අත දැම්මෙ......මම කියන්නෙ ආයෙම ලෝචනා එක්ක ගිහිල්ල සුපුන්ට දොස් කියාපු එක. එයාට මොකක්ද තියෙන අයිතිය සුපුන් ගත්ත තීරණයට බලපෑම් කරන්න....ලූකස් සම්පූර්ණයෙන්ම වැරදියි......

    අනික සුපුන්ට පිහියෙන් ඇන්න අවස්ථාව උනත් ආත්මාරක්ෂාවටය කියලත් කතාවෙ කියවෙන්නෙ නෑ. සුපුන් මරා දැමීම ඒ නිසා කොහෙත්ම සමාවක් දෙන්න පුලුවන් කාරණයක් නම් නෙවෙයි.

    එනිසාවෙන් මගේ ලකුණු දීම මෙන්න මෙහෙමයි.

    ලෝචනා, සුපුන්, බීටල් සහ මාලන් ලකුණු 1 බැගින්

    ලූකස් ලකුණු 5

    ReplyDelete
  51. චතුර, Ambi හැමදෙනාටම් ස්තූතියි

    ReplyDelete
  52. රවි අයියාටත් ගොඩක් ස්තූතියි ප්‍රතිචාරෙට... කතන්දරගේ උත්තරේත් එක්ක වැඩි වෙනසක් නෑ එහෙනම්...

    ReplyDelete
  53. සොඳුරු සිත තමා මෙතනට එන්න පාර කිව්වෙ,,ඇයට ස්තුති...
    මේ ගෙන්දගම් පොලොවෙ ජීවත් වෙන අපි හැමොම වැරදි අඩු සහ වැඩි වශයෙන් තියන අය,,,,නිවැරදිම මිනිස්සු මෙ ලෝකෙ නැහැ,,,,
    මට දැනෙන විදියට කිව්වොත් වැරදි අඩු සිට වැඩි දක්වා..
    1.බීට්ල් - ඔහු වැරැද්දක් කරලා නැහැ. ඔහුට ලැබුනු අවස්තාවෙ මේ දේ කලොත් සහ නොකොලොත් සිදුවන දේ ගැන පැහැදිලි කරල දෙන්න තිබුනා..
    2.ලෝචනා - ඇය මේ හැම දෙයක්ම කලේ ආදරය නිසා.කැමැත්තකින් සිදු උන දෙයක් නෙමේ. ආදෙරෙදි මෝඩ තීරන ගන්නව අපට දැනෙන්නෙ නෑ
    3- සුපුන් - ඇය මේ හැමදෙයක්ම කලේ තමන්ට ආදරේ නිසා බව අමතක කිරීම, ඇය ඔහුගෙ යලුවටත් පාවල දීල කතා කිරීම. එපා නම් ආඵු යවන්න තිබ්බා..
    4 ලූකස් - ඔහු හොඳ යලුවෙක්..නමුත් ක්ශනික කෝපය නිසා හෝ මරනයක් සිදු කිරිම ලොකු වරදක්
    5 - මාලන් - අවස්තාවාදී නරුමයෙක්. ජීවිතය එක්ක ගනු දෙනු නෑ. බලහත්කාර කමක් නොව්නත් අවස්තාවෙන් ප්‍රයෝජන ගනිපු තිරිසනෙක්

    ReplyDelete
  54. මාත් ‍කො‍හෙන්ද මංදා ‍මෙහාට ආවා...... කතාවත් සමුපූර්ණ‍යෙන් කි‍යෙව්වා. ඒත් මං ඔය ‍පුරස්‍නෙට උත්ත‍රේ නම් දන්නැ.

    අ‍නේ මංදා........ ‍මොනවා උනත් ‍ලෝචනා දුර දිග ‍නොසිතීම නිසා හා ‍ලෝචනා‍ගේ රට යා‍මේ බලා‍පො‍රොත්තුව පමණකක් දැකීම නිසා ජීවිත 2ක් සහ ‍ලෝචනා‍ගේ ජීවි‍තෙත් අඳුරු උනා.

    ReplyDelete
  55. මම බීට්ල්ගෙන් අවසර පතනවා බීට්ල් කියන චරිතය පෙළගැස්මෙන් පසකට කරන්න...මොකද මට ඔහුව හොඳ හෝ නරක ගොඩට දාන්න බැහැ..මේ කතාවේ ගලා යෑමට ඔහු කිසිම බලපෑමක් නොකල නිසා....

    අනික් අයගෙන්..

    1.ලූකස්
    2.ලෝචනා
    3.මාලන්
    4.සුපුන්

    මේ තමා මගේ පෙළගැස්ම...

    ReplyDelete
  56. mge adhasath narka wdikena lochana mokda malan ehema yojanawak genapu gamn supunta kiyanna thibba.beetleta waradak kiyanna ba mokada eya monawa kiwwath eya anthimata wardi karaya wenna thibba.mage piliwala
    1 lochana
    2supun
    3malan
    4luks

    ReplyDelete

Web Statistics