මෙතෙක් කතාව
I. ලෝචනා සුන්දර තරුණියක්...දිනක් ඇය දුම්රියක හැපීමට යද්දී ඇයව බේරාගනු ලබන්නේ සුපුන් නම් තරුණයෙක් විසින්... ඔවුන් දෙදෙනා පෙමින් බැඳෙන්නේ දුටු පළමු දිනයේමයි...ටික කලකින් සුපුන් විදේශගත වන්නේ ඉක්මනින්ම ලෝචනා ඔහු සිටිනා රටට ගෙන්වා ගන්නා බව පොරොන්දු වෙමින්...
[සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න]
II. දිගින් දිගටම අසාර්ථක වන වීසා ලබා ගැනීමේ උත්සාහය හමුවේ සුපුන් සමඟ එක්වීමේ සිහිනය ලෝචනාගෙන් බොඳවී යනවා... මෙහිදී ඇය වෙනුවෙන් පිහිටට එන්නේ මාලන් නැමති තරුණයෙක්... ඇයට වීසා රැගෙන දීමට ඔහු පොරොන්දු වෙන්නේ ඒ වෙනුවෙන් තමා සමඟ රාත්‍රියක් ගතකිරීමට ලෝචනා කැමතිවිය යුතු බවට ඇයට අයුතු යෝජනාවක් කරමින්... [සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න]
අද එතැන් සිට
නිදිවර්ජිත රැයක් හමාර කරමින් ලෝචනා නැගී සිටියේ තම තමන්ගේ සිහින සැබෑ කරගනු වස් දුවන්නට පටන්ගන්නා ලෝකයේ අනෙක් සියලු දෙනා සමඟින්... දිගින් දිගටම හිතට වද දෙන මෙම කරදරකාරී ගැටලුව එදිනත් ඇයට හිමිදිරියේ සිටම තනි රකින්නට වුණා... සුපුන් වෙන්ව ගිය දිනයේ පටන්ම නැවත එක්වීම සඳහා වෙහෙස වූ ඔවුන් දෙදෙනා ලොකු රවුමක් ගසා නැවතත් පළමු කොටුවටම පැමිණ තිබුණා...
ජීවිතය හැම විටම තෝරාගැනීම් වල එකතුවක්...යමක් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම තවත් දෙයක් කැප කල යුතු බව ලෝචනා දැනුම් තේරුම් ඇති වයසේ සිටම දැන සිටියා... අවශ්‍යය සියල්ලම ලැබී සියල්ලෝම සතුටින් ජීවත් වෙන්නේ සුරංගනා කතා වල පමණක් බවත් ඒවාට සුරංගනා කතා කියන්නේ ඒ නිසා බවත් සුළු මොහොතකට හෝ අමතක වීම ගැන ඇය දුක් වුණා... ඇය නැවත වරක් පැමින සිටියේ යමක් අහිමි කරගෙන තවත් යමක් හිමකරගැනීමේ මේ අසීරු අවස්ථාවට... එක් පසෙක ඇය සිහින මැවූ අනාගතය... අනෙක් පස ඇය මෙතුවක් කලක් රැකගත් චරිතය... කෙතරම් කල්පනා කළත් මේ දෙකින් එකක් තෝරාගන්නවා හැර අනෙක් ප්‍රායෝගික විකල්පයක් නොමැති බව ඇයට සිතෙන්නට වුණා...
නාස්ති කිරීමට තරම් කාලයක් ලෝචනාට ඉතිරිව තිබුණේ නැහැ... තවත් ටික වෙලාවක් සිත සමඟ පෙරළි කල ඇය සූදානම් වූයේ තමන්ට හිතවත් මිතුරෙකු මුණගැසීමේ අදහසින්... මෙවැනි කරුණක් පවසා උපදෙසක් පැතීමට ඔහු විශ්වාසවන්ත අයෙක් යැයි අදහස් කල ලෝචනා තවත් පමා වුයේ නැහැ...
ඔහු බීට්ල්... එළිමහන් අවන්හලක පැය ගණනක් කෝපි කෝප්ප හිස්කරමින් ලෝචනාගේ කතාව අසා සිටි ඔහු ලබා දුන් දීර්ඝ පිළිතුරේ කැටි වූයේ මෙවැනි සරල අදහසක්....
"ලෝචනා... තීරණය ඔයා අතේ... හිතලා බලලා ඔයාට හොඳයි කියලා හිතෙන දේ කරන්න..."
බලාපොරොත්තු වූ සහනය වෙනුවට ප්‍රතිඵලයක් නැති කතාබහක් වෙනුවෙන් පැය කිහිපයක් නාස්තිකරගෙන පෙරළා නිවසට පැමිණෙන ලෝචනාට එක් කරුණක අවබෝධ වී තිබුණා... එනම් මේ ගැටලුව විසඳාගත ගැනීම සඳහා තවත් කෙනෙකුගෙන් උදව් පැතීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි... නෙතින්ගලා එන කඳුළු බාහිරින් සඟවාගන්නට අසීරු උත්සාහයක යෙදෙමින් ගෙට ගොඩවුණු ඇය තම ජංගම දුරකථනයේ සිම්කාඩ්පත ගලවා වීසිකලේ මාලන් ලබාදුන් කාලය ඉක්මයෑමට ආසන්න වෙමින් තිබියදීයි...
ප්‍රශ්න විසඳනවා යැයි කියන කාලයා විසින්මයි අලුත් ප්‍රශ්ණ ජීවිතයට රැගෙන එන්නේත්... තම චරිතය රැකගෙන සුපුන් හා එක්වීමේ බලාපොරොත්තුව නොපෙනෙන අනාගතයකට කල් දමනවාද, මාලන්ගේ අවශ්‍යතාවය ඉටුකර සුපුන් හා එක්වීමේ සැබෑ නොවන සිහිනයට ජීවයදී එහි අහිතකර ප්‍රතිඵල වලට මුහුණදෙනවාද යන තීරණ දෙකින් එකක් ඇය ගතයුතු මොහොත ඉතින් එළඹ තිබුණා...
සුපුන්, තම දෙමාපියන්, නෑදෑ හිත මිතුරන්, දන්නා නොදන්නා සියලුදෙනාමත් ඇය මනස ඉදිරියේ තබාගෙන ලෝචනා ඇසුවා නඩුවක්... චූදිතයාත්, සාක්කිකරුත්, නඩුකාරයාත් ඇයමයි... තීන්දුව ලැබුණේ දඬුවමක්ද සමඟින්... ඊට අවනත වූ ලෝචනා වෙවුලන ඇඟිලි තුඩු වලින් සිම් කාඩ්පත නැවතත් තම ජංගම දුරකථනයට ඇතුලු කර ඔහුගේ අංකය ඇමතීමේ විධානය ලබා දුන්නා...
"Lochana –US Visa –Temp”
මාලන්ගේ දුරකථන තිරයේ වෙවුලන රිසීවරයක රූපයක් සමඟින් ලෝචනාගේ දුරකථන අංකය දිස්වූයේ එසේයි...
"හෙලෝ.."
"... මාලන් ... මම ලෝචනා..."
"මම හත වෙද්දි එන්නම් ඔයාව ගන්න..."
නානකාමරයට වැදුණු ඇය වතුරමලෙන් ගලා එන දිය පාරට තම නෙතින් නොනත්වා ගලා එන කඳුළුවැල් සෝදා හරින්නට ඉඩ දුන්නා...
එතැනින් පසු සිදුවීම විස්තරකිරීම මම උවමනාවෙන්ම මඟහරින්නම්... සෑම රාත්‍රියකම සිය දහසක් සුසුම්වැල් විහිදෙන මලානික කොළඹ අහසට ලෝචනාගේ සුසුම් වැඩි වූයේ නැහැ... තවත් කලබලකාරී දිනකට ලෝකය අවදිකරමින් වළාකුළු කැටි ගැසුණු සුදුමැලි කොළඹ අහසේ ලේ රතු පැහැයෙන් හිරු නැඟ එද්දී ලෝචනා තම ජීවිතයේ දීර්ඝතම රාත්‍රිය පහන් කර හමාර කළා...
කාලය ගලාගියේ ලෝචනාට අලුත් බලාපොරොත්තු ඇතිකරමින්... කඳුළට හුරු ඇගේ දෙනෙත් නැවතත් තෙත් වන්නට වැඩිකලක් ගතවුණේ නැහැ... නමුත් මෙවර ඇය වසරකට ආසන්න කාලයක් තිස්සේ අසාර්ථක උත්සාහයක යෙදුණු වීසා සිහිනය සැබෑවීමේ සතුට වෙනුවෙන්...මාලන් ඔහුගේ පොරොන්දුව ඉටුකර තිබුණා... ජිවීතයේ අප්‍රසන්නතම අත්දැකීමක කඳුළු වියැලෙන්නටත් ප්‍රථම ඇයට ජීවිතයේ සතුටුදායකම මොහොත වෙනුවෙන් සැරසෙන්නට සිදුවී තිබුණා...
ඉතින් ඒ සතුට විඳගන්න කාගෙන් බාධාවක්ද..? එය සිත්සේ විඳගැනීම සඳහා ඇය සැලසුම් කළේ අහිංසක විහිළුවක්... ලෝචනා සමඟ එක්වන දිනය තවත් මාස ගණනකට කල්දමා විස්සෝප වෙමින් සිටින සුපුන්ට නොසිතූ මොහොතක තමා ඉදිරියේ ඇය දකින්නට ලැබීම තරම් පුදුමයක් සහ සතුටක් තවත් තිබේද..? ඒ අවස්ථාව පැහැර හරින්නට ඇයට අවශ්‍යය වූයේ නැහැ... ඉතිරිව තිබුණේ එහි සිටිනා සුපුන්ගේ හිතවතෙකු සමඟ කතාකොට ඇයගේ සප්‍රයිස් විසිට් එක සැලසුම් කරගැනීම පමණයි...
-මතු සම්බන්ධයි-
කෙටියෙන් කිවයුතු කතාවක් දිගින් දිගටම ඇදගෙන යෑම ගැන සමාවෙන්න... එක් හේතුවක් වන්නේ කතාව අවසානයේ මා අසනවා යැයි කියූ ගැටලුව වෙනුවෙන් තරමක විස්තරයක් අවශ්‍යයයැයි හැඟුණු නිසායි... මීළඟ කොටසින් අවසන් වන බවට සහතික වෙන්නම්...
හපොයි බන්. උඹට මේකට මාලන් ඇරෙන්න වෙනනමක් තිබ්බෙම නැද්ද දාන්න?
ReplyDeleteදැන් කොහොමද රෙද්දක් ඇදන් පාරේ යන්නේ? ;)
මේක ඇත්ත කථාවක්ද?
අහ් තව චරිතයක් ඉතුරුයි නේද? ඉක්මනට ලියන්න ඉතුරු කොටසත්.
@malan,
ReplyDeleteබීට්ල් කියලා දාන්නත් හිතලා...ඔන්න ඔහේ මාලන් කියලා දැම්මා...
හා හා හා....
නෑ මචන් මම සෙල්ලක්කාර පොරක් ගැන හිතද්දි මගේ යාළුවෙක් මතක් වුණා... බුවාගේ නම මාලන්...ඒකයි දැම්මේ... උඹට අපහාසෙකට නෙවෙයි... :)
තව චරිතයක් තිබේ... ඇත්ත කතාවක් වෙන්න බැරිද..? :)
කථාව හොඳයි මචන්...අවුල රැය පහන් කරන සීන් එක තමා.....එතන ටිකක් අල වගේ.෴
ReplyDeleteතැන්කූ මචන්... එතන මට ලියාගන්න බැරි නිසයි හැලුවේ... පෙ*ටිය කැඩුවා කියලා ලියන එක හරි නෑ වගෙ හින්දා, සුදුපාට අහසේ රතුපාට ඉරක් ගැන දාල ශේප් වුණා... :(
ReplyDelete//"ලෝචනා... තීරණය ඔයා අතේ... හිතලා බලලා ඔයාට හොඳයි කියලා හිතෙන දේ කරන්න..."//
ReplyDeleteකෝපි කෝප්ප ගානක් හිස් කරලත් , ඔට ටික ද කීවේ...
මම නම් හිතන්නේ , පිරිමි ඔක්කමල එක පැත්තක වගේ...
@සොඳුරු සිත,
ReplyDeleteහොඳයි ඔයා මොකද්ද ලෝචනාට කියන්නේ කියලා ලියන්න එහෙනම්? :)
කෝ අනේ....දැන් නම් කල් දුන්න හොඳටම ඇති....
ReplyDeleteලස්සන කතාව.., මේ කොටස කියවලයි මම පෙර කොටස් කියෙව්වේ.., ලියන්න අනික් කොටසත්..! ජය!!
ReplyDeleteමේ බ්ලොග් එකට කොහෙන් පාර හොයාගන ආවද කියලා මට තේරෙන්නේ නෑ. කතාව ලස්සනයි. ‘Indecent Proposal ' කියන ෆිල්ම් එක මතක් උනා මේක කියවද්දි. දැන් සුපුන් ලඟට යන ලෝචනා ගැන සුපුන්ගේ හිතේ සැකයක් ඇතිවෙයිද? ලෝචනාගේ හිතේ මාලන් ගැන (මාලන්??? මට නම් මතක් වෙන්නේ අර බ්ලොග් එකක් කරන මාලන් මල්ලිව පව්...) ආදරයක් ඇතිවෙයිද?
ReplyDeleteලෝචනා වගේ ආදරේ වෙනුවෙන් මෝඩ වැඩ කරන ගෑනු තාමත් ලෝකේ ඉන්නවා නේ??? ඒ වගේම ඒ මෝඩ ගෑනුන්ගෙන් ප්‍රයෝජන ගන්න පිරිමිත් ඉන්නවනේ.
හැබෑට අර ලස්සන රාත්‍රිය මග ඇරලා තියෙන්නේ මොකෝ???
ඔන්න ප්‍රශ්න පත්තරයක්ම තියනවා……:)
@සොඳුරු සිත
ReplyDeleteඔෆීසියෙදිනේ බ්ලොග් ලියන්නේ... දෙකම බැලන්ස් කරන්න එපැයි... නැත්නම් ලොක්කා පව්නේ... උනන්දු කලාට ඉස්තුති...හැකි ඉක්මනින් ලියන බවට පොරොන්දු වෙමි...
@Lishan
ගොඩක් ස්තුතියි මචං... මේ පැත්තේ ආවට සතුටුයි...
@Podi Kumarihami
පාවඩ දාලා, උඩු වියන් බැඳ කුමාරිහාමි වත් පිළිගනිමි... ප්‍රශ්ණ වලට උත්තර සේරම අන්තිම කොටසේ ලියන්නම්...
රාත්‍රිය ගැන කියනව නම් ඒක අන්තිම අප්‍රසන්නයි කියලයි ලෝචනා කිව්වේ...මාලන්ටත් සාමාන්‍යයිලු... ඉතින් ලියන්න තරම් ලස්සනක් නෑ... :)
ඇඩෙනවා.. මෙක දැක්කේ අදනේ.. ඉතිනි කොටසත් ලියන්න.. කතාව ලස්සනට ගලාගෙන යනවා.. ඇත්ත කතාවක්ද මන්දා..
ReplyDeleteහපොයි කැප කිරිමක් කියලා ඹහොමත්.. බලමුකෝ අන්තිමේ වෙනකල් කියවලා
ReplyDeleteමගුලයි... කෙල්ලෝ මෙච්චර මෝඩද අම්මපා???
ReplyDeleteදැං ඉතිං ඒකිට මාලනුත් නැ, සීන් කෝන් එක දැනගත්තම සුපුනත් නෑ. මරු ඈ... :P ගොං කෙල්ලො.
මමත් හරිම අහම්බෙන් මෙතනට ගොඩ වැදුනේ.
ReplyDeleteලස්සන කතාවක් රහට ලියලා...
ජය වේවා.
අහම්බෙන් මේ පැත්තට ආවේ!!. නිවාඩුපාඩුවෙ කියවන්න ඕන. බුක්මාර්ක් කරගත්තා. දිගටම ලියන්න සහෝ!!!
ReplyDeleteයොහාන් කණිෂ්ක
ReplyDeleteසුදු හංසි
Prabhath Darshana
නිල් අහස
ChAnDiKa
හැමදෙනාටම, අනේක වාරයක් ස්තූතියි... :)
කථාවේ ගැටළු සහිත තැන් කීපයක් තියෙනවා බං මට.ඒව අමතක කරල ගත්තොත් ලියල තියෙන විදිහ මරු.කියවන්න හිතෙන style එකක්.අළුත් ආකෘතියක්.ඒත අවුරුදු ගානක් USවල හිටපු ලෝචනා මාලන් ගේ අදහසට ඔය තරම් Strange ඇයි කියන ප්‍රශ්නය තියෙනවා.එහෙම ගත්තම US නෙවෙයි කොහේ ගියත් මුන් ඔක්කොම ගෝත්‍රිකයි...
ReplyDeleteමේ Crossing Over (http://www.imdb.com/title/tt0924129/) ෆිල්ම් එකේ තියෙන චරිත කීපයක් ගැන නේ ලියල තියෙන්නෙ.... ;-)
ReplyDelete