මේක තවත් පුංචි කතාවක්... බීට්ල් ලියන අකුරු බ්ලොග් අඩවියේ ඇති අනෙක් කතා වගේමයි... නමුත් ඊට ටිකක් වෙනස්... දීර්ඝ පෝස්‍ටුවක් කියවීමේ නීරස අත්දැකීම මඟහරින්නටත්, එක් පොස්‍ටුවක් ලෙස සම්පූර්ණ කතාවම පළකිරීමට ලියා ඉවරවෙනකල් සිටියහොත් ඉවරවෙනවා තියා පටන් ගැනෙන්නේවත් නැති නිසාත් මෙසේ පටන් ගෙන කොටස් දෙකකින් හෝ තුනකින් අවසන් කරන්නම් ...
සඳහන් කල වෙනස නම් මේ කතාව අවසානයේ මම ඔබට පුංචි ගැටළුවක් ඉදිරිපත් කිරීමයි... අවසානය තෙක් ඔබව රඳවාගැනීමට හැකිවේවායි බලාපොරොත්තුවකුත් කැටි කරගෙන එහෙනම් ලිවීම අරඹන්නම්...
~~~~~~~~~~~
විනාඩි හතලිස්පහට අනුමාන කරපු බස් ගමන නිමාවෙන්න ගතවුණු කාලය ගැන ඇතිවුණු නොරිස්සුමත් එක්ක බස් රථයෙන් බට ලෝචනාට ඉතිරි ටික දුර ගෙවාගන්න පාරවල් දෙකක් තිබුණා... බස් නැවතුම ඉවර වෙනකල් ගිහින් මඟී පාලම උඩින් යන පාර එකක්... බාගෙට නවපු යකඩ කණු දෙක අස්සෙන් රිංගලා රේල් පාර දිගේ ගිහින් මගී පාලම අයිනෙන් මතුවෙන පාර අනික... වැඩි වාර ගණනක් ගිහින් තියෙන පළවෙනි පාර අතෑරපු ඇය අඩු වාර ගණනක් ගිහින් තියෙන දෙවෙනි පාර තෝරගත්තා...
ලෝචනා යකඩ කණුදෙක අතරින් අපහසුවෙන් රිංගුවේ හදිසියේම කෑගහන්න ගත්ත මොබයිල් එක කණට තදකරගන්න ගමන්... තව ටික වෙලාවකින් ගෙදර එනබව දැනුම්දීලා ඇමතුම විසන්ධි කරන්නවත් වෙලාවක් ලැබුණේ නෑ, ඇයට ඇහුණේ කන් කීරි ගහගෙන යන තරමේ හෝන් හඩක්... ඒත් එක්කම කොහෙන්දෝ ආව අතකින් තමන්ව වැරෙන් ඇදලා අරගෙන මගීපාලමට යටින් ඇති බිත්තියට තදකරනවා ලෝචනාට අසිහියෙන් වගේ දැණුනා...
යන්තම් සිහි එලවාගත්ත ඇය දැක්කේ තමන්ට අඩි කිහිපයක් ඉදිරියෙන් පොළව දෙදෙරවාගෙන ඇදිලා යන දුම්රියේ බොඳවුණු චායාව... තවමත් ඇයව බිත්තියට තදකරගෙන ඉන්න ඒ හැදි දැඩි අත දිගේ ඉදිරියට ඇස් ගෙනිච්ච ලෝචනා නතරවුණේ තමන් වෙතට එක එල්ලේ යොමුවෙලා තියෙන දිලිසෙන ඇස් දෙකක් ඉදිරියේ... දුම්රියේ හුලං පාරට අවුල් වෙන හිසකෙස් නිසා දඟකාර පෙණුමක් ආරුඩ වුණු නන්නාඳුන තරුණයෙක් ලෝචනාව දැඩිව අල්ලාගෙන හිටියා...
තම සිරුරේ ගෑවී නොගෑවී මහහඬ නංවමින් දුම්රියක් ඇදී යමින් තිබුණා වුණත් ඔහුගේ ග්‍රහණය හමුවේ ලෝචනාට දැනුනේ අසීමිත සුරක්ෂිත බවක්... දුම්රියේ කැකෑරෙන සුලං පාරට රිදුම් දෙන ඇස් පියාගැනීමට ඇය ට අවශ්‍යය වුණත් ඔහුගේ මුහුණෙන් ඇස් ඉවතට ගන්න බැරි මොකද්දෝ ආකර්ෂණයකට අසුවී සිටි නිසාදෝ ඇය නොනවත්වාම ඒ කතාකරන ඇස් දෙස බලා සිටියා...
"තව පොඩ්ඩෙන් සේරම ඉවරයි..."
සිනාමුසු මුහුණින් තරුණයා එසේ පවසද්දී පියවි සිහියට පැමිණි ලෝචනාට අවබෝධ වුයේ දුම්රිය ඔවුන් පසුකර ගමන් කර තරමක වේලාවක් ගතවී ඇති බවයි... ඔහු තවමත් ඇයගේ අත අල්ලාගෙන...
"තැන්ක් යූ..." අසරණ හඬින් පැවසූ ලෝචනා සෙමින් ඔහුගෙන් තම සුරත මුදා ගත්තා...
ලෝචනා ගේ ජීවිතය බේරාගත් ඔහු සුපුන්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කඩවසම් තරුණයෙකු වූ ඔහු මෙම සිදුවීමට මුහුණ පෑවේ ඇමරිකා එක්සත් ජනපදයේ සේවය කරමින් සිටියදී ලැබුණු කෙටි නිවාඩුවකට මව් රටට පැමිණ සිටියදීයි... සුරපුරයෙන් බට සුර දූතිකාවන් වැනි ලඳුන් රැසක් මීට පෙර ඔහුට හමුවී ඇතත් අහම්බෙන් මුණගැසුණු මේ යුවතිය විනාඩි කිහිපයක් ඇතුළත ඔහු සිත තුල කරමින් සිටියේ අන් කවරදාකවත් සිදු නොවූ පෙරළියක්...
පළමු දැක්මෙන්ම ඇතිවන ප්‍රේමය නම් දෙයක් ලොව ඇත්නම් ඒ සඳහා මීට වඩා උදාහරණයක් මට සොයාගත නොහැකියි... ඇත්තෙන්ම එහි පුදුමයකුත් නැහැ... ලෝකය මැව්වේ දෙවි කෙනෙක් නම් ඔහු ලෝචනාව මැවූයේ සුපුන් සඳහාම විය යුතුයි... සුපුන්ව මැවූයේ ලෝචනා හැර අන් කිසිවෙකු සඳහාම නොවිය යුතුයි...ඔවුන් ඒ තරමටම එකිනෙකාට ගැලපෙන යුවලක්...
ලෝකයේ හතරදිග්බාගයේම කරක් ගැසූවත් සොයාගත නොහැකි වූ ආදරය කියන අකුරු හතර ලෝචනාගේ බිය මුසු දෑස් වල සිරවී තිබෙන අයුරු දැකගන්නට සුපුන්ට වැයවුනේ මැදිරි කීපයක සීඝ්‍රගාමී දුම්රියක් තමන් පසුකර යෑමට ගතවෙන තරම් සුළු කාලයක් විතරයි...
ඉතින් ඔවුන් ප්‍රේම කලා... සිදුවිය යුතු ලෙසින්ම...
දිඟු කතාවක් කෙටියෙන් කියන්නම්... සෑම සුන්දර දෙයකම අවසානයක් ඇතැයි යන්න සදාතනික සත්‍යයක්... කඩාබිඳගෙන යන දුම්රියක වේගයෙන් ලෝචනාගේ ජීවිතේට ඇතුල් වුණු සුපුන් ඩිස්නිලන්තයටත් වඩා විශාල හීනමාලිගාවක අත්තිවාරම විතරක් ඇයට ඉතිරිකරලා පිටත්වුනේ ඊටත් වඩා වේගයෙන්...
නැවත නැවත සිහිකිරීමෙන් ඔප වැටුණු සුන්දර මතක ගොන්නකට අමතරව ඇයට ඉතිරිවුණේ හැකි ඉක්මනින් ඇයව ඔහු සිටිනා දේශයට ගන්නවාය කියා සුපුන් හාදුවකින් මුද්‍රා තබා ලෝචනාගේ දෙතොල් අතර රැඳවූ පොරොන්දුව විතරයි...
- මතු සම්බන්ධයි-
සෑහෙන්න දවසකින් නේද...? කතාවට කමෙන්ට් එකක් දාන්න දැම්ම හදිස්සි නොවී ඉන්නම්කො.
ReplyDeleteනියමයි... මම උඹෙන් පට්ට උත්තරයක් බලාපොරොත්තු වෙනවා...
ReplyDeleteඅඩෝ මතුසම්බන්ද නං දවස් ගනං නොඇද දාපන් ඉතුරු ටිකත් හිහි ඔක්කොම කියවලම කමෙන්ට් කරන්නංකෝ...
ReplyDelete