Wednesday, February 20, 2013

72. හුදකලාව | Loneliness

 

සිතක පෙති එක එක
මිලින වී ගිලිහුණු බව
යලිත් නොපිපෙන බව
කියන්නට කෙනෙකුත් නැති


මතක අහුරක රුව
රේණු මැද ඉපදුන බව
සිනහ අමතක බව
අසන්නට කෙනෙකුත් නැති


හෙටක එක හීනෙක
සුවඳක් ව පැටලෙන බව
කඳුළු  අතුරන බව
දකින්නට කෙනෙකුත් නැති

~මලිති විජේසේකර

 

ප.ලි. : සති ගනනක දුරගමනක් ගිහින් ගෙදර ආවම දැක්කේ විසිත්තකාමරේ තිබුණු රෝස මලක් පරවෙලා… වීසිකරන්න කලින් පිංතූරයක් ගත්තට පස්සෙයි හිතුනේ කවියකුත් තිබුණනම් කියලා… අන්තර්ජාලයේ මගේ ප්‍රියතම ලියන්නියකගෙන් “දුක හිතෙන කවියක්” ලියලා දෙනවද කියලා කල ඉල්ලීමට ලැබුන පිළිතුරයි මේ කොපි පේස්ට් වුනේ පමාවක් නැතුවම…

11 comments :

  1. හුදෙකලාවත් වෙලාවකට සොදුරුයි කියනවනේ...

    ReplyDelete
  2. ලස්සන පින්තූරයකට ඉතාම ලස්සන හැඟීම්බර කවියක්.

    පින්තූරේ රෝස මල තව පොඩ්ඩක් උඩට හිටින්න ගත්තා නම් වඩාත් ලස්සන වෙයි කියලා හිතෙනවා.

    කවිය නම් බීටල්ගෙ උවමනාවට හරියටම ගැලපෙනවා කියලා මට හිතෙනවා... කොච්චර හිත ගියාද කියනවා නම් කෙලින්ම ගිහින් ෆලෝ පාරක් දැම්මා 'සහස් පිරවර' බ්ලොග් එකට...

    සෑහෙන කාලෙකින් මොකුත් ලියලා නැහැ නේද? අර චිත්‍රපටි ටික බලනවා වෙන්ඩැති මගෙ හිතේ

    ReplyDelete
  3. පින්තුරේ නම් මැක්සා ඈ...මාරම ගති

    ReplyDelete
  4. Gather your rose buds while ye may
    Old time is still a-flying
    And this same flower that smiles today
    Tomorrow will be dying !
    _Robert Herrick)

    ReplyDelete
  5. අපූරු පද පෙලක්..

    //සිතක පෙති එක එක
    මිලින වී ගිලිහුණු බව
    යලිත් නොපිපෙන බව
    කියන්නට කෙනෙකුත් නැති//

    මේක නම් හැබෑ ජීවිතේ වෙන දෙයක්..හ්ම්.

    ReplyDelete
  6. කාලෙකින්...

    බීටලේ කාමරේ රෝස මල් තියන්ද ඉන්නෙ.. ? කවියනම් ජීවිතේ යථාර්තය ගැන ඉඟි කරනවා කියලයි මට හිතුනෙ.. ( හරිද දන්නෑ හිතුන විදිහ.. කවි වලට මම ටිකක් ආසාත්මිකයි :D )

    ReplyDelete
  7. පරවෙන්න කලින් ආඩම්බර මල පරවුනාට පස්සේ පීචන් වෙනවා.

    ReplyDelete
  8. මෙහෙම හරි බීටලයව දැකපු එක ලොකු දෙයක් මේ උඹ අවුරුද්දටම ලියපු පළවෙනි එක නේ?

    ReplyDelete
  9. ළයෙහි තෙතමනයක් නැති,
    හැඟීම් කිසිවෙකුදු නැති,
    හදවතකට ආදරයක කල
    මියගිය රෝස මලකි.

    හුදකලා වූයේ ඔබ නොවේ.
    රොනට ආ බඹරිඳුයි.

    ReplyDelete
  10. Dinesh, තිසර, පැතුම්, සරත් අයියා, රූ., සෙන්නා,Dude, පොඩ්ඩි....
    ස්තූතියි හැමදෙනාටම... :)

    ReplyDelete

Web Statistics