සිතක පෙති එක එක
මිලින වී ගිලිහුණු බව
යලිත් නොපිපෙන බව
කියන්නට කෙනෙකුත් නැති
මතක අහුරක රුව
රේණු මැද ඉපදුන බව
සිනහ අමතක බව
අසන්නට කෙනෙකුත් නැති
හෙටක එක හීනෙක
සුවඳක් ව පැටලෙන බව
කඳුළු අතුරන බව
දකින්නට කෙනෙකුත් නැති
ප.ලි. : සති ගනනක දුරගමනක් ගිහින් ගෙදර ආවම දැක්කේ විසිත්තකාමරේ තිබුණු රෝස මලක් පරවෙලා… වීසිකරන්න කලින් පිංතූරයක් ගත්තට පස්සෙයි හිතුනේ කවියකුත් තිබුණනම් කියලා… අන්තර්ජාලයේ මගේ ප්‍රියතම ලියන්නියකගෙන් “දුක හිතෙන කවියක්” ලියලා දෙනවද කියලා කල ඉල්ලීමට ලැබුන පිළිතුරයි මේ කොපි පේස්ට් වුනේ පමාවක් නැතුවම…
හුදෙකලාවත් වෙලාවකට සොදුරුයි කියනවනේ...
ReplyDeleteලස්සන පින්තූරයකට ඉතාම ලස්සන හැඟීම්බර කවියක්.
ReplyDeleteපින්තූරේ රෝස මල තව පොඩ්ඩක් උඩට හිටින්න ගත්තා නම් වඩාත් ලස්සන වෙයි කියලා හිතෙනවා.
කවිය නම් බීටල්ගෙ උවමනාවට හරියටම ගැලපෙනවා කියලා මට හිතෙනවා... කොච්චර හිත ගියාද කියනවා නම් කෙලින්ම ගිහින් ෆලෝ පාරක් දැම්මා 'සහස් පිරවර' බ්ලොග් එකට...
සෑහෙන කාලෙකින් මොකුත් ලියලා නැහැ නේද? අර චිත්‍රපටි ටික බලනවා වෙන්ඩැති මගෙ හිතේ
පින්තුරේ නම් මැක්සා ඈ...මාරම ගති
ReplyDeleteGather your rose buds while ye may
ReplyDeleteOld time is still a-flying
And this same flower that smiles today
Tomorrow will be dying !
_Robert Herrick)
අපූරු පද පෙලක්..
ReplyDelete//සිතක පෙති එක එක
මිලින වී ගිලිහුණු බව
යලිත් නොපිපෙන බව
කියන්නට කෙනෙකුත් නැති//
මේක නම් හැබෑ ජීවිතේ වෙන දෙයක්..හ්ම්.
කාලෙකින්...
ReplyDeleteබීටලේ කාමරේ රෝස මල් තියන්ද ඉන්නෙ.. ? කවියනම් ජීවිතේ යථාර්තය ගැන ඉඟි කරනවා කියලයි මට හිතුනෙ.. ( හරිද දන්නෑ හිතුන විදිහ.. කවි වලට මම ටිකක් ආසාත්මිකයි :D )
පරවෙන්න කලින් ආඩම්බර මල පරවුනාට පස්සේ පීචන් වෙනවා.
ReplyDeleteමෙහෙම හරි බීටලයව දැකපු එක ලොකු දෙයක් මේ උඹ අවුරුද්දටම ලියපු පළවෙනි එක නේ?
ReplyDeleteළයෙහි තෙතමනයක් නැති,
ReplyDeleteහැඟීම් කිසිවෙකුදු නැති,
හදවතකට ආදරයක කල
මියගිය රෝස මලකි.
හුදකලා වූයේ ඔබ නොවේ.
රොනට ආ බඹරිඳුයි.
Dinesh, තිසර, පැතුම්, සරත් අයියා, රූ., සෙන්නා,Dude, පොඩ්ඩි....
ReplyDeleteස්තූතියි හැමදෙනාටම... :)
Hello mate great blog ppost
ReplyDelete