Saturday, January 8, 2011

4. නීල් ආම්ස්ට්‍රොන්ග් සැඟවූ සඳ ගමනේ අභිරහස | The Neil Armstrong Mystery of Moon Landing


හා හාපුරා කියලා අටවගත්ත මගේ බ්ලොග් අඩවිය ගැන ලබුණු සතු‍ටුදායක ප්‍රතිචාර කිහිපයකුත් මිට මොලවාගෙන ඊළඟ කතාවත් ලියන්න පටන් ගත්තත් රාජකාරී ස්ථානයේ සිදුවූ අකරතැබ්බ කිහිපයක් නිසා කබලෙන් ලිපට වැටිලා, කබලත් ඔලුව උඩට වැ‍ටුණ වගේ තත්වයක් උද්ගත වුණු නිසා නිසා ඒක ඉවර කරගන්න බැරිවුණා...


ඒත් හැම සෙනසුරාදාම බ්ලොග් එක අප්ඩේට් කරනවා කියලා මේක පටන් ගද්දී මටම වුනු පොරොන්දුව ඊළඟ සතියෙම කඩ කරන එක හොඳ නැති නිසා පරණ කතාවක් ටිකක් ඔප මට්ටම් කරලා දාන්නයි මේ හදන්නේ...

අපි හැමෝම වගේ අහලා හරි, දැකලා හරි තියෙන විදියට, වර්ෂ එකදාස් නවසිය හැට නවයේ ජූලි විසි එක් වෙනිදා ... ඒ කියන්නේ මම ඉපදෙන්නත් සෑහෙන කාලෙකට කලින්... ඇමෙරිකානු ජාතික අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රොන්ග් මහතා සඳ මත පා තැබුවා...[ඇත්තටම මම එදා හිටියනම් මගේ ඇස් වලින් කඳුළු පනීවි... ]

ඉතින් ඔය සඳ ගමන කියන්නේ සති අන්තයක රෑ එලිවෙනකල් වුණත් වැය කරන්න තරම් ආසා හිතෙන දේවල් අන්තර්ජාලයේ පිරුණු සිද්ධියක්... වෙලාවක් තියෙන කෙනෙකුට නම් ‘Conspiracy Theory Moon landing’ , ‘Moon landing Hoax’ වගේ වචන වලින් අන්තර්ජාලය පීරුවොත් බලන්න දේවල් ගොඩයි... සමහරු ඇමෙරිකාවෙන් හඳට ගියේ නැහැ කියලා ඔප්පු කරනවා... සමහරු නෑ හඳට ගියාමයි කියලා ආයෙත් ඔප්පු කරනවා... කතන්දර ලෝකයයි...

ඉතිං අද කතාව හඳට ගියාද නැද්ද කියන එක නෙමෙයි... සඳ මත පා තැබූ නීල් ආම්ස්ට්‍රොන්ග් අජටාකාශගාමියා සිදුකල ඒ ඓතිහාසික කතාවේ තිබුණු කාගේවත් අවධානයට ලක් නොවුණු එක් අභිරහසක් ගැනයි...බටහිර මාධ්‍ය වලත් අඩුවෙන් කතාවුණ මේක ලංකාවේ සිංහල මාධ්‍යයක නම් සඳහන් වෙලා තියෙනවා මම දැක්කේම නැහැ...

සමහරවිට අන්තර්ජාලයේ නිතර සැරිසරන කෙනෙකුට නම් මේක අළුත් දෙයක් වෙන්න විදියකුත් නැහැ...ඒත් මේ ලියන්නේ කලින් කියවා නැති අය වෙනුවෙන්…

නීල් ආම්ස්ට්‍රෝන්ග් සඳ මත පා තැබුවායින් පසු ඉතා හැඟීම්බර කතාවක් කලා...අපි හැමෝම වගේ දන්න "මෙය මිනිසෙකු තැබූ කුඩා පියවරක් විය හැකියි, නමුත් මුළු මනුෂ්‍යසංහතියටම මෙය යෝධ පියවරක්..." කියන සුප්‍රසිද්ධ කියමන ඔහුගේ ඒ කථාවේ අඩංගු වූවක්...තවත් සාමාන්‍යය කරුණු දැක්වීම් කිහිපයකින් පසු ඔහු කතාව අවසන් කළා...නමුත් බොහෝ දෙනෙකු නොදන්නා කාරණයක් නම් සියලු කටයුතු අවසානයේ සඳ යානයට නගින්නට මොහොතකට පෙර ඔහු "ඔබට මගේ සුභ පැතුම් ගෝස්කි මහත්තයා..." යැයි ඇසෙන නෑසෙන හඬින් පවසන්නටත් අමතක කලේ නැහැ...

ඒ වන විටත් නාසා මෙහෙයුම් මූලස්ථානයේ තිබූ සතුට පිරුණු කලබලකාරී පරිසරය මත ඒ කියූ දේ ගැන කාගේවත් අවධානයක් යොමු වූයේ නැහැ... බොහෝ දෙනෙකු සිතුවේ ඒ තමන්ට අභියෝග කළ රුසියානු ජාතික අජටාකාශගාමියෙකුට හෝ විද්‍යාඥයෙකුට කළ සියුම් උපහාසයක් බවයි...

නමුත් සඳ ගමනේ උණුසුම පහවී කලක් ගත වන විට මේ සඳහන් කල කාරණාව ගැන සොයා බලන්නට කිහිප දෙනෙක් උනන්දු වුණා... පුදුමයකට මෙන් රුසියානු අජටාකාශ ක්ෂේත්‍රයේ " ගෝස්කි" නම් වූ අයෙක් සොයා ගැනීමට හිටියේ නැහැ...ඉතින් මේ අභිරහස විසඳාගැනීමට සියලුදෙනාම නීල් ආම්ස්ට්‍රොන්ග් වෙත හැරීම ස්වභාවිකයි... නමුත් ඔහු නෙවෙයි ඉන්පසු මේ ගැන කටේ කෙළ පොදක් හෙලුවේ...

ඉතින් කාලාන්තරයක් තිස්සේ ඔහු සහභාගී වන ප්‍රවෘත්ති සාකච්ඡා වල ඔහුට නිරන්තරයෙන්ම යොමු වූ  ගැටළුවක් වූයේ මේ ගෝස්කි කියන්නේ කව්ද..? එදා සඳ මතදී කල එම ප්‍රකාශයේ තේරුම කුමක්ද යන්නයි...ඒ හැම අවස්ථාවකම නීල් ආම්ස්ට්‍රොන්ග් සිදු කළේ සිනාමුසු මුහුණින් ඊළඟ ගැටළුව වෙත යොමු වීමයි...

කාලයාගේ ඇවෑමෙන් සඳ ගමනින් වසර විසි හයකට පමණ පසු එක්දාස් නවසිය අනූ පහේ ජූලි පස් වෙනි දින “ෆ්ලොරිඩා” ප්‍රාන්තයේ “ටම්පා බේ” හිදී නීල් ආම්ස්ට්‍රොන්ග් දේශනයක් පැවැත්වූවා… අනතුරුව තිබූ සාකච්ඡා වාරයේදී සහභාගී වූ අයෙක් වසර ගනණක් පැරණි මෙම පිළිතුරක් නැති ගැටළුව නැවතත් ඔහු වෙත යොමු කළා.

මඳ වේලාවක් නිහඬව සිටි ආම්ස්ට්‍රොන්ග් මහතා ගැටළුව මඟහරිනවා වෙනුවට මෙවර තම කටහඬ අවදි කළේ සියල්ලන්ම පුදුමයට පත්කරමින්...

" ගෝස්කි මහත්තයයි නෝනයි දෙන්නම දැන් ජීවතුන් අතර නෑ... ඉතිං මේ රහස දැන් එලිකරාට ගැටළුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා..."

මීයට පිම්බාක් මෙන් නිහඬ ප්‍රේක්ෂකාගාරය සිසාරා නෙත් හෙලමින් මහළු ආම්ස්ට්‍රොන්ග් මහතා එසේ පවසද්දී ඔහුගේ මුවින් ගිලිහෙන එක් වචනයක් හෝ මඟහැරෙතැයි බියෙන් ඉහල ගත් හුස්ම පහල නොදමා ප්‍රේක්ෂකාගාරයේ උන් සියලු දෙනා දෑස් දල්වාගෙන සිටියේ අයාගත් මුවින්...

"මේ සිද්ධිය වෙනකොට මම කුඩා දරුවෙක්... එදා මම මගේ කුඩා කාලේ යාළුවෙක් එක්ක මිඩ් වෙස්ට් ටවුන් වල තිබුණු අපේ මහ ගෙදර ආසන්නයේ බේස් බෝල් සෙල්ලම් කරමින් හිටියේ..."

පසුවෙන් හුස්ම ගැනීම සඳහා විටින් විට නවත්වමින්, ආම්ස්ට්‍රොන්ග් මහතා අතීත කතාවකට මුල පිරුවා...

" ගෝස්කි පවුල තමයි අපේ අසල්වැසියෝ... ඉතිං එදා යාළුවා ගහපු පාරකින් බෝලේ කෙලින්ම ගිහිලා වැ‍ටුනේ ගෝස්කි මහත්තයාලගේ ගෙවත්තේ...බෝලේ අහුලගන්න දුවපු මට, ගොස්කි මහත්තයාලගේ නිදන කාමරේ ඇතුළින් උස් හඬින් කරන කථාවක් ඇහුණා...කලබලයක්ද බලන්නත් එක්ක මම පොඩ්ඩක් නැවතිලා අහගෙන හිටියා...ඒ වෙලාවේ මට ඇහුණේ ගෝස්කි මහත්මිය, ගෝස්කි මහත්තයාට සැරෙන් කිව්ව මෙන්න මේ වචන ටිකයි..."

කතාව මොහොතකට නවත්තපු නීල් ආම්ස්ට්‍රොන්ග් වතුර බෝතලයකින් තම වියලුනු දෙතොල් තෙමා ගත්තා...

දැන් මෙතන ඉඳන් නීල් ආම්ස්ට්‍රොන්ග් ට නෙමේ කතාව කියන මේ මට, බීට්ල් ට ගැටළුවක් තියෙනවා... ගැටළුව තමයි ගෝස්කි මහත්මිය මොකද්ද කිව්වේ කියලා දැනගන්න ඔබ පුල පුලා බලා සිටියත් අවාසනාවකට ඇය කියපු දේ පොඩිහිටියන්ට නුසුදුසු වීම...

ඉතින් ඒක මම කෙලින්ම නොදා පහලින් හංගල තියෙනවා... කියවන්න අවශ්‍යම කෙනෙකුට ඔය කො‍ටු වරහන් දෙක ඇතුළේ හයිලයිට් කලොත් ගෝස්කි මහත්මියගේ වචන වලින්ම ඒක දැනගන්න පුළුවන්... වැඩිහිටියන්ට පමණක් සුදුසු දේවල් කියවන්න කැමති නැති කෙනෙකුට අපෝ අපිට ඕවා දැනගන්න ඕනි නැහැ කියලා මෙතනින් කතාව නවත්තන්නත් පුළුවන්...


[නීල් ආම්ස්ට්‍රොන්ග් ට ඇසුණු විදියට ගෝස්කි මහත්මිය ගෝස්කි මහත්තයාට කෑ ගැහුවේ මෙහෙමයි...... “Oral sex..! Oral sex you want?! You’ll get oral sex when the kid next door walks on the moon..!”]


මගේම නිර්මාණයකින් ඉක්මනින් හමුවෙමු...

ප/ලි : මේක සිරා ගන්න කවුරු හරි හිටියොත් කියලා... ඇත්තටම මේක සත්‍ය කථාවක් නෙවෙයි...දැනගන්න තියෙන විදියට " Buddy Hackett " කියන විකට ශිල්පියාගේ නිර්මාණයක්...තවමත් විශ්වාස නැති කෙනෙකුට නීල් ආම්ස්ට්‍රොන්ග් සඳ මතදී කල සත්‍ය කථාව මෙතැන තියෙනවා....

10 comments :

  1. නියමයි ..........

    බීටල්ගේම කතාවකින් ඉක්මනින්ම හමුවෙමු ....

    ReplyDelete
  2. අකුරු විසින් අකුරු හංගපු විදිහත් නියමයි.

    ReplyDelete
  3. ආම්ස්ට්‍රෝංගෙ ඔය පුංචි පියවරේ කතාව නම් මම ගොඩක් වාර ගණනක් අහල තියෙනවා.
    ඒ වගේම තමා, ඊලඟ ඇපොලෝ යානයේ ගියපු නියමුවා කියල තියෙනවා, "ආම්ස්ට්‍රෝං ට ඒක පොඩි පියවරක් උනාට, මට නම් මේක මහා ලොකු දෙයක්" කියලා

    ReplyDelete
  4. කතාවන් නියමයි.එ්ක හැංගුෙව ෙනාෙහාමද...?

    ReplyDelete
  5. මටනං තාම විශ්වාස නෑ මේ ගොල්ල හඳට ගිය එක.
    ඒක සාධාරණයි කියන්න ඹ්නැ තරං හේතු අන්තර්ජාලයෙ තියෙනවනේ.

    ඒ හැම එකකටම වඩා ලොකුම හේතුව මම හිතන හැටියට මේකයි.
    ඔය හඳ ගමනට හදපු පරිගණක වල කම්බි ඔතලා තියෙන්නෙ කාන්තාවො. දෙන්නා ගානේ ජෝඩු 16ක්ද කොහෙද මුනෙන් මුණ බලාගෙන අතින්.

    එහෙව් කොම්පියුටරයකින් හඳට යන්න පුලුවන් නම්, දැං ඈමරිකන් කාරයො A/c රොකට් සේවාවක් ආරම්භ කරන්න කාලේ එහේ තීම් පාක් එකක් කාරිය හදලා.......

    ReplyDelete
  6. යකෝ තව පොඩ්ඩෙන් මම සිරා ගන්නවා...... මල කෙලියයි

    (හ්ම්හ්... පළමු කමෙන්ටුව... ලැජ්ජාවෙත් බෑ)

    ReplyDelete
  7. සැහ් මේ කතාව දන්නෙ අද නෙ. මමත් කවද හරි හඳට ගියොත් සුභ පැතුම් බීටලේ කියල කෑ මොර දෙනව..

    ReplyDelete
  8. අකුරු හංගපු ක්‍රමය නියමයි. හඳට ගියා කියන කතාව ඇතුලෙ ප්‍රසිද්ධ නොවුනු තවත් කතා තියනව කියලයි මෙතෙක් මේ ගැන කියවපු දේවල් එක්ක බලද්දි මට හිතෙන්නෙ.

    ReplyDelete

Web Statistics