Friday, April 5, 2013

76. ණය

 

අලුයම මා අවදිකරමින් නාදවෙන දුරකථනය පවසන කරුණු දෙකකි... එක්කෝ මේ ලංකාවෙන් හදිසි ඇමතුමකි... නැතිනම් කාල වෙනස ගැන අවබෝධයක් ඇති මාහට නිතර අමතන සමීපතමයෙකු නොවේ...

"මචං මම අමීර්..."

කාරණය දෙවැන්නයි...

"හලෝ මචං කොහොමද...?"

එකිනෙකාගේ සුවදුක් විචාරීමෙන් අනතුරුව ඌ තකහනියක් මා ඇමතූ උවමනාව හෙළිකරයි...

"මචං උඹට පුළුවන්නම් ලොකු උදව්වක්... මම සියපාරක් හිතලා වෙන කරන්න දෙයක් නැතිම තැන මේ කතාකළේ..."

ඌ ඉල්ලන්නේ සැලකිය යුතු මුදලකි... ඌ සිටිනා තත්වය අනුව එය නැවත මාහට නොලැබෙන බවද වටහා ගැනීම අපහසු නොවේ... මාසික ණයතුරුස් නම් පෙරණයෙන් පෙරා එන පඩිපතේ, අවසාන සතිය වනවිට මේ ගෙවෙන්නේ දුක්ඛදායකම පරිච්ඡේදයයි...  එහෙත් මගේ නිදහසට කරුණු වලින් මේ අසීරු අවස්ථාවේ ඌට පිහිටක් නොවන වග මම දනිමි...

"උඹේ ෆුල් නේම් එකයි, අයි ඩී කාඩ් නම්බර් එකයි ටෙක්ස්ට් කරපන් මචං..."

"තැන්කෝ තැන්කෝ මචං... ලොකු උදව්වක්..."

සතුට දෝරේ ගලන උගේ මුහුණ මා සිතේ ඇඳගනිමි...

----------------------------------------------------------------

මේ සිදුවීමෙන් සතියකට පමණ පසු ගණනින් හතර දෙනෙකු වූ අප එක්තරා ප්‍රදර්ශනයක් නරඹන අතරතුරේ  රාත්‍රී ආහාරය ලබාගැනීමට තැනක් සොයමින් සිටියෙමු... අධි සුඛෝපභෝගී හෝටල නියෝජනය කරමින්, තාවකාලිව ඉදිවුණු ප්‍රදර්ශන කුටි ඉදිරියේ දිස්වෙන ඉහළ මිලගණන් එහි ඇතුළුවීම ගැන දෙවරක් සිතන්නට බලකරයි... එහෙත් බඩගින්න ලොව ඇති ලොකුම ගින්නයි... එනිසා අප එහිවූ එක්තරා හෝටල ප්‍රදර්ශන කුටියකට ගොඩවැදුණු අතර ශ්‍රී ලාංකික සේවකයෙකු උනන්දුවෙන් අපේ ඕනෑ එපාකම් පිරිමැසීය...

අහර කිස අවසන මුදල් ගෙවීමට සැරසුණ විට ඔහු පැවසූ දෙයින් මම පුදුම වීමී...

"නෑ… නෑ...අවුලක් නෑ..."

“ඈ..?”

“අවුලක් නෑ…”

"ඇයි සල්ලි එපාද...?"

"පිස්සුද ලංකාවේ අයගෙන් සල්ලි ගන්නේ කොහොමද..."

මේ එපා කියන්නේද සැලකිය යුතු මුදලකි... ගණනින් මා අමීර්ට යැමූ මුදලට මඳක් අඩුවෙනි... ඔහු සැරසෙන්නේ තමා සේවය කරන ආයතනයට වංචා කර හෝ "ලංකාවේ උන්ට" හැකි විදියට සංග්‍රහ කිරීම විය යුතුයි ... ඒ හරි වැරැද්ද වටහා දෙමින් තර්ක විතර්ක කරන්නට සුදුසු වේලාවක් නොවේ... ඔහු අපි වෙනුවෙන් ඔට්ටු තියන්නේ ඔහුගේ රැකියාව විය හැකියි...

"තැන්ක් යූ මචං..."

දකුණත මිරිකද්දී මම ඔහුගේ කබායේ පැළදී ඇති නේම් ටැග් එක කියවමි... "රිෆාස්" කැපිටල් අකුරින් එහි සටහන් වී තිබේ... 

අමීර්, අර ගාන රිෆාස් සෙට්ල් කලා මචං..!

ප.ලි. නම් ගම් මනංකල්පිතයි…

38 comments :

  1. ජාති බේද නොසලකන මනුස්සකම ! හොඳක් කරොත් නැවත ඒ හොඳ තමන්ට ලැබෙනවා මයි.

    ReplyDelete
  2. මේ හා සමාන නමුත් ව්‍යුහයෙන් වෙනස් සංකල්පයක් තමයි - Pay it forward.

    I's sure Beetle has seen the Kevin Spacey movie.

    ReplyDelete
    Replies
    1. //I's// What kind of grammar is that?

      Delete
    2. I meant nothing offensive. I just want to know is it correct. I've never seen something like that before. Is this some bizarre Shakespeare term.

      Delete
  3. අෆ්ෆා..... ඔහොම මිනිස්සුත් හැබෑවටම ඉන්නව එහෙනම්..........
    ඒක ලොකු සතුටක්

    ReplyDelete
  4. What goes around, comes around they say! Good or bad they never said!

    ReplyDelete
    Replies
    1. "What goes around, comes around"... meaning you will be treated as you treated others :)

      Delete
  5. හොඳ බීජ වැපිරුවාම හොඳ අස්වැන්නක් නෙලාගත්ත හැකිලු. පේනවනේ...:)

    ReplyDelete
    Replies
    1. කරපු පින මේ ආත්මේදීම පලදීලා නේද :)


      Delete
  6. ප්‍රබන්දයක් කියලා සැලකුවොත් සෑහෙන සාර්ථක නිර්මාණයක්.. නම ගම් මනඃකප්ලිතයි කියලා තියන හින්දා, සිදුවීඑම ඇත්ත එකක් වෙන්න ඕනා.. ඒත් රිෆාස්ට හැමදාම ඔය සෙල්ලම කරන්න පුළුවන්ද ? ඒකියන්නෙ ලංකාවෙ උන් ගියොත් පිණට දෙන එක..

    මට ඇතිවුන ප්‍රශ්ණෙ තමයි ඔතන රිෆාස් වෙනුවට, නඩේසන් HO) ගුණරත්න හිටියනම් ඒත් අමීර්ගෙ ගාන සෙට් ඕෆ් කරන්න පුළුවන්ද / කරනවද කියන එක ?

    මටනම් පේන්නෙ එකිනෙකට ස්වායත්ත සිදුවීම් දෙකක් පටලවගෙන කියලයි..

    ReplyDelete
  7. හැම දෙනාටම ස්තූතියි... පිළිතුරු පසුවට...

    @සෙන්නා...

    මට ඇතිවුන ප්‍රශ්ණෙ තමයි ඔතන රිෆාස් වෙනුවට, නඩේසන් HO) ගුණරත්න හිටියනම් ඒත් අමීර්ගෙ ගාන සෙට් ඕෆ් කරන්න පුළුවන්ද / කරනවද කියන එක ?
    මටනම් පේන්නෙ එකිනෙකට ස්වායත්ත සිදුවීම් දෙකක් පටලවගෙන කියලයි..

    නඩේසන්ට හෝ ගුණරත්නට ඒක සෙට්ල් කරන්න බෑ... ස්වායත්ත සිදුවීම් දෙකක් උවමනාවෙන්මයි පැටලෙව්වේ... ඒ හේතුවක් ඇතුව... මේ සිදුවීම් දෙකම සිදුවෙන්න වාතාවරණයක් තවමත් තිබීම සතුටක්...ඒත් කුණු බිත්තරයක් ගහනවා තරම් පහසුවෙන් පළුදුකෙරෙන්නේ මේ හිතවත්කම්... මට බයයි අමීර් ඌට ගැටළුවක් උනාම මට කතා නොකරන දවසක් ඒවි කියලා... රිෆාස් බිල් එක ගේන්න කලින් ලංකාවේ උනත් මුන් සිංහලද කියලා බලන දවසක් ඒවි කියලා...

    ලොකුම අපරාධය මැදහත්ව සිතන උන්ගේ නිහඬතාවයැයි කියන නිසයි මේ පෝස්ට් එක...

    ReplyDelete
    Replies
    1. හරි තේරුණා මචන්.. උඹට, මට වැඩිය ලොකු දැක්මක් තියනවා කියලත් තේරුණා..

      ස්තූතියි පැහැදිලි කරාට.

      Delete
  8. ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකමේ සුවඳ වෙන රටකදී වුනත් හමනවා ඒකට ජාතිබේද නැහැ නේද!

    ReplyDelete
  9. මචං මටත් කීයක් හරි දීහං. ඒක ප්‍රභාත් සෙට්ල් කරයි.
    -මම අභීත

    ReplyDelete
  10. අනුන් වෙනුවෙන් හොද හිතින් යමක් කළොත් ඒක කොයි විදියකින් හරි ආපහු ලැබෙනවා.... මේ රට යන විදිය අනුව නම් අපිට තව ටික දවසකින් මුස්ලිම් යාළුවෙක්ගෙ මූණ බලන්නත් බැරි තත්වයක් එයිද කියලත් හිතෙනවා... දැනටමත් මිනිස්සුන්ගෙ හිත්වලට විසබීජ ගිහින් ඉවරයි..

    ReplyDelete
  11. ණයක් කිව්වට මාත් මේ බැළුව!



    ReplyDelete
    Replies
    1. උඹගෙ සල්ලිත් වෙන කවුරු හරි සෙට්ල් කරයි බං. අඬ අඬා යන්නෙ නැතුව හිටපං දැන්වත් :-D

      Delete
  12. කතාව ඇත්තනං ආයේ ඒ තැනට යන්න එපා . ඒක දෙන්නටම හොදයි

    ReplyDelete
    Replies
    1. කතාව කියෙවුවම තේරුනේ නැත්නම් බීටල්ගෙන්ම අහපං තේරුනේ නෑ කියල. මෙහෙම මෝඩ චූන් දෙන්නෙ නැතුව. සිරාවට කතාව දැක්කම සතු‍ටුයි වගේම කමෙන්ට් දැක්කම දුකයි අපේ උන්ගෙ තේරුම් ගැනීමේ හැකියාව ගැන හිතල

      Delete
  13. ඇත්ත ගොඩක් අත්දැකීම් තියනවා. අපේ ජාතියේ අයටත් වැඩිය අපේ රටේ වෙනත් ජාතිකයින්. ඇත්තම කීවොත් ඒ උදවු නැත්නම් මම අද මෙහෙ නැ.

    ReplyDelete
  14. මේ සිදුවීම් දෙකම සිදුවෙන්න පුළුවන් වාතාවරණයක් තිබීම සතුටක් කියල බිට්ල් කිව්වට, ඒක තව කොච්චර කාලෙකටද දන්නෙ නෑ :(

    ReplyDelete
  15. ලංකාව තුලදී තමන්ගේ ජනවර්ගයෙන් මිටත පිතුරෙකු ඉඳීමේ හැකියාව සීඝ්‍රයෙන් අඩුවෙමින් යන කාලයක් මේක. අපි පාසල් යන කාලයේ ජාතිවාදී අරගල නිසා දෙමළ මිතුරන් හිටියෙම නැති තරම්, නමුත් මුස්ලිම් මිතුරන් නම් සෑහෙන හිටියා. නමුත් නිතර හමුනොවෙන, දැනට ෆේස්බුක් එකෙන් පමණක් ගනුදෙනු කරන ඒ මිතුරන්, ෆේස්බුක් හරහා අගමික යුද්ධ කෙරෙමින් පවතින මේ අවධියේදි හෙමින් හෙමින් ගිලිහිලා යයිදෝ කියන දුක මටත් තියනවා.

    ReplyDelete
  16. අපි එක රටෙ එකම ශ්‍රිලාංකීය ජාතියක් වෙන්නෙ මෙන්න මේ වගෙ පුලුල්ව හිතන සැබැ මිනිස්සු නිසයි ඒ දවස අපේ පරම්පරාව දකීද ?

    ReplyDelete
  17. කතාවටත් වඩා හිතගියේ සෙන්නාට බීටල් දුන්න උත්තරේ දැකලා..
    මැදහත්ව සිතීම ලොකුම අපරාධය යැයි සිතන උනුත් මේ කතාව කියවනවානම්...!!

    එත් එයාලට මේවා කියවන්න තරම් වෙලා කොහෙද..කුණු බිත්තර හොයන්න යන්න එපැයි!!

    ReplyDelete
  18. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  19. බීටලෙයා, සිරා කතාව බන්.

    ReplyDelete
  20. .

    Do you need a loan to the end of the year celebration? Loans for business expansion? Loans for new investment? Loans to pay off long-term debt and bills. Search again, Dianarobertloanfirm, in conjunction with (PNC) Financial services group (PNC), offering low-interest loans, non collateral. We are here to put and end, poverty and unemployment, because everyone has / his own potential. Contact us today and you will be one of our esteemed customers. Email: dianarobertloan@accountant.com.or info@dianarobertloanfirm@gmail.com Thank you.

    ReplyDelete
  21. ඔබ වසර සැමරීම අවසන් සඳහා ණය මුදලක් ඔබට අවශ්ය ද? ව්යාපාර පුළුල් කිරීමට ණය? නව ආයෝජන සඳහා ණය? දිගු කාලීන ණය සහ බිල්පත් ගෙවීමට ණය. නොවන, සම පාර්ශව අඩු පොලී ණය ඔප්පු, (PNC), මූල්ය සේවා සමූහය (PNC) සමග එකතුව, නැවත Dianarobertloanfirm ගවේෂණය කරන්න. සෑම / ඔහුගේ ම හැකියාව තිබෙනවා නිසා අපි, තබා අවසන්, දිළිඳුකම, රැකියා හිඟය මෙහි වේ. අද අප අමතන්න ඔබ අපේ විශිෂ්ට ගනුදෙනුකරුවන් එක් වනු ඇත. විද්යුත් තැපෑල: dianarobertloanfirm @ gmail.com @ dianarobertloan@accountant.com.or තොරතුරු ඔබට ස්තුතියි.

    ReplyDelete
  22. ඔබ මූල්ය දුෂ්කරතා ගැන කිසිම ආකාරයක ද? ඔබ සඳහා ණය මුදලක් ඔබට අවශ්ය එපා
    ණය තහවුරු, ඉදිකිරීම්, දේපල ණය, යලි තක්සේරු, පෞද්ගලික
    ව්යාපාරික අරමුණු හෝ හදිසි මුදල්? ඔබ ව්යාපාරයක් මිනිසා හෝ
    ඔහුගේ හෝ ඇයගේ ව්යාපාරය පුළුල් කිරීමට සැලසුම් කරන කාන්තාවන්, අපි සියලු ආකාර ණය ලබා දේ. උනන්දුවක් නම් පහත තොරතුරු සමඟ danielbryan220@gmail.com හරහා අද අප අමතන්න.

    සම්පූර්ණ නම:
    රට:
    ණය මුදල අවශ්ය ද්රවය:
    ණය කාලය:
    මාසික ආදායම:
    දුරකථන අංකය:
    ස්තූතියි,

    බ්රයන් මහතා

    ReplyDelete
  23. ඔබ ණයක් අවශ්ය ද? ඔබ මූල්යමය අතින් ස්ථාවර කිරීමට අවශ්යද? ඔබේ ව්යාපාරය පුළුල් කර ගැනීමට මුදල් අවශ්ය වන්නේ ඇයි? අපි 2% පොලී අනුපාත හා සංශෝදිත වන සුවපහසු කාලය සමග සමාගම ණය, වාහන ණය, ව්යාපාරික ණය, ණය තහවුරු ණය සහ පුද්ගලික ණය ලබා, පුද්ගලයින් හා සම-ක්රියාත්මක මළ සිරුරු දෙකටම ණය, සියලු වර්ගවල ලබා දෙයි. මෙම පිරිනැමීම නියමිත කාලයේදී නැවත ආපසු ගෙවීම සඳහා හැකි වනු ඇත සියල්ල විවෘත වේ. ඔබගේ ණය විසඳුමක් සඳහා දැන් අපට ඊ-මේල් කරන්න
    විද්යුත් තැපෑල: mauricefinance@hotmail.com

    ReplyDelete
  24. අහස ලෝක ණය ස්ථිරව, අපි 3% 0f ක පොලී අනුපාතිකයක් යටතේ ණය මුදල් දෙන්න.
     

    සුබ දවසක්, සර් / ma am.

    අපි පුද්ගලික සමාගමක් වන අතර අපි ණය මුදල කොපමණද තීරණය අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ව්යාපාර සංවර්ධනය සඳහා $ 1,000 ඩොලර් ණය මිලියන 100 ක් අතර ණය ප්රතිපාදන ය: අද්දර / ව්යාපාර පුළුල් තරගකාරිත්වය.

    අපි ණය මඟින්ම ලබා දෙන විවිධ

    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාර ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ඒකාබද්ධ ණය
      
    බදුවලින් ඇති කිසිම ගාස්තුවක් අය නොකෙරේ.

    අපි මෙම දැන්වීම බෙදා ගන්න කියවීමට කාලය ගැනීම සඳහා ඔබට ස්තුතියි.
    වැඩි විස්තර සහ පරීක්ෂණ සඳහා අද අපට ඊ-තැපැල් යැවීමට
    skyworldloanfirm@gmail.com
    skyworldloanfirms@yahoo.com


    සාරා විලියම්ස්.

    ReplyDelete
  25. සුබ දවසක්,

    ඔබ මූල්ය දුෂ්කරතා ගැන කිසිම ආකාරයක ද? ඔබ ඔබේ ණය ඉවත් කිරීමට ණය මුදලක් ඔබට අවශ්ය ද? ඔබ ඔබේ මුදල් වැඩි කිරීමට යන්නේ? ඔබ ඔහුගේ / ඇයගේ සමාගම පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින ව්යාපාරික පුද්ගලයා වේ. මෙයින් ඔබේ ණය සඳහා සැබෑ වීරයා, විශ්වාසය හා කාර්යක්ෂම ණය ණය සමාගමක් සම්බන්ධ කර ගැනීමට උපදෙස් දෙනු ලැබේ. මම අපේ ඉමහත් ප්රසාදයට සඳහා පුද්ගලයින් සහ ආණ්ඩුව යන දෙපාර්ශ්වය විසින් පිළිගත් සිටිමි.


    සේවාවන් ඇතුළත්:
    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාරික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * මුල් පිටුව වැඩිදියුණු
    * නව නිපැයුම්කරු ණය
    * වාහන ණය
    ආදිය ..

    easyloanfirm2020@gmail.com හරහා උනන්දුවක් නම්, නැවත අප වෙත ලබා දෙන්න,

    අපි සහතික,
    විශ්වාසනීය, විශ්වාසනීය, කාර්යක්ෂම, වේගවත් සහ ගතික.

    සම්බන්ධයෙන්,
    ඩෙරෙක් ඩග්ලස්
    easyloanfirm2020@gmail.com

    3% ලබාගත හැකි සහ සහතික ණය ඉදිරිපත්

    ReplyDelete
  26. UPFRONT FEES WITH POTENTIAL LOAN OFFER

    හෙලෝ,

    ඔබේ මූල්ය අවශ්යතා මොනවාද?
    අවම වශයෙන් ඩොලර් 2,000.00 සිට උපරිම වශයෙන් ඩොලර් 100,000,000 ක උපරිම ණය ලබා දෙන අතර, 3% ක ඉතා අඩු පොලී අනුපාතයකින් වසර 1 සිට 30 දක්වා කාලයක් ගත වේ. විද්යුත් තැපෑල හරහා අපව අමතන්න: constantloanfirm1@gmail.com


    ඔබට ව්යාපාර ණය අවශ්යද?
    ඔබට පුද්ගලික ණය අවශ්යද?
    ඔබට මෝටර් රථයක් මිලදී ගැනීමට අවශ්යද?
    ඔබට ප්රතිමූල්යකරණය කිරීමට අවශ්ය ද?
    ඔබට උකස් ණයක් අවශ්යද?

    ඔබේ ව්යාපාර යෝජනාව හෝ ව්යාප්තිය ආරම්භ කිරීම සඳහා ඔබ විශාල ප්රාග්ධනයක් අවශ්යද? ඔබට බලාපොරොත්තුවක් අහිමි වී ඇති අතර ඔබට මාර්ගයක් නැති බව ඔබ සිතන අතර, ඔබේ මූල්ය බර තවමත් පවතිනවා ද?
    විය හැකි ව්යාපාරික සහයෝගීතාවයක් අප වෙත සම්බන්ධ කර ගැනීමට පසුබට නොවන්න

    විද්යුත් තැපෑල හරහා අපව අමතන්න: constantloanfirm1@gmail.com
                                        Constantloanfirm@yahoo.com

    ReplyDelete
  27. UPFRONT FEES WITH POTENTIAL LOAN OFFER

    හෙලෝ,

    ඔබේ මූල්ය අවශ්යතා මොනවාද?
    අවම වශයෙන් ඩොලර් 2,000.00 සිට උපරිම වශයෙන් ඩොලර් 100,000,000 ක උපරිම ණය ලබා දෙන අතර, 3% ක ඉතා අඩු පොලී අනුපාතයකින් වසර 1 සිට 30 දක්වා කාලයක් ගත වේ. විද්යුත් තැපෑල හරහා අපව අමතන්න: constantloanfirm1@gmail.com


    ඔබට ව්යාපාර ණය අවශ්යද?
    ඔබට පුද්ගලික ණය අවශ්යද?
    ඔබට මෝටර් රථයක් මිලදී ගැනීමට අවශ්යද?
    ඔබට ප්රතිමූල්යකරණය කිරීමට අවශ්ය ද?
    ඔබට උකස් ණයක් අවශ්යද?

    ඔබේ ව්යාපාර යෝජනාව හෝ ව්යාප්තිය ආරම්භ කිරීම සඳහා ඔබ විශාල ප්රාග්ධනයක් අවශ්යද? ඔබට බලාපොරොත්තුවක් අහිමි වී ඇති අතර ඔබට මාර්ගයක් නැති බව ඔබ සිතන අතර, ඔබේ මූල්ය බර තවමත් පවතිනවා ද?
    විය හැකි ව්යාපාරික සහයෝගීතාවයක් අප වෙත සම්බන්ධ කර ගැනීමට පසුබට නොවන්න

    විද්යුත් තැපෑල හරහා අපව අමතන්න: constantloanfirm1@gmail.com
                                        Constantloanfirm@yahoo.com

    ReplyDelete
  28. ස්කයි වර්ල්ඩ් කෙයාර් සමාගම, අපි පොළී අනුපාතය 0f 3% ක් ලබා දෙමු. Skyworldloanfirm@gmail.com
     

    සුබ දවසක් සර් / මැම්.

    අපි පුද්ගලික සමාගමක් වන අතර, ණය ප්රමාණය කොපමණද යන්න තීරණය කිරීම සඳහා අඩු පොලී අනුපාත යටතේ ණය ලබා දෙන අතර, ව්යාපාර සංවර්ධනය සඳහා ඩොලර් දසදහසක ණය ණය ප්රතිපාදන: රබර් / ව්යාපාර ව්යාප්තික තරඟකාරීත්වය.

    විවිධ ණය ලබා දෙනවා

    පුද්ගලික ණය (සුරක්ෂිත හා අනාරක්ෂිත)
    ව්යාපාර ණය (සුරක්ෂිත හා අනාරක්ෂිත)
    * ඒකාබද්ධ ණය
      
    පෙරගෙවුම් ගාස්තු නැත.

    මෙම දැන්වීම කියවීම සඳහා කාලය ගැනීම සඳහා අපි ඔබට ස්තූතියි.
    වැඩි විස්තර හා විමසීම් සඳහා අප වෙත ඊමේල් පණිවුඩයක් එවන්න
    Skyworldloanfirm@gmail.com
    Skyworldloanfirms@yahoo.com


    සාරා විලියම්ස්.

    ReplyDelete
  29. හෙලෝ,
    පුද්ගලයෙකු, ආයතන, ආයතන ආදිය සඳහා ණය ලබා දෙන පුද්ගල ණය දෙන ණයකරුවෙකු වන ජොෂ් හව්ලි මහතා කිසිදු සාධාරණ අයකිරිමකින් තොරව 2% පොලී අනුපාතයකින් .... ඔබේ ණය ගෙවීම සඳහා ඔබට ක්ෂණික ණයක් අවශ්යද? ඔබේ ව්යාපාරය දියුණු කිරීමට ණයක් අවශ්යද? බැංකු හා අනෙකුත් මූල්ය ආයතන විසින් ඔබව ප්රතික්ෂේප කර තිබේද? ඔබට ඒකාබද්ධ ණය හෝ උකසක් අවශ්යද? ඔබගේ මූල්යමය ගැටලු අතීතයේ අතීතය බවට පත් කිරීම සඳහා අප මෙහි සිටින නිසා, ඔබගේ සියළු ගැටලු අවසන් වී ඇත.
    වැඩි විස්තර සඳහා ඊමේල් හරහා (Joshhawleyloanfirm@gmail.com) අපව අමතන්න.

    සත්තකින්ම!

    ReplyDelete
  30. විශ්වාසවන්ත සේවයට පිළිගන්න

    සුබ දවසක්,
    ඔබගේ මූල්ය අවශ්යතා විසඳා ගැනීමට හදිසි ණයක් අවශ්ය නම්, ඩොලර් 3,000.00 සිට ඩොලර් 1,000,000 දක්වා සිටිමු. Max, අපි විශ්වසනීය, කාර්යක්ෂම, වේගවත් හා ගතිකව විශ්වාසනීයව, 100% සහතික වූ ණයක් ලබා දෙනවා (යුරෝ, පවුම් සහ ඩොලර්). සියලු ණය සඳහා අදාළ වන පොළී අනුපාතය (3%), ඔබ අප වෙත නැවත පැමිණීමට උනන්දු නම්.

    (trustfirm2010@gmail.com): සපයන සේවා:

    * නිවාස වැඩිදියුණු කිරීම
    * ණය නිමැවුම්කරු
    * ණය සම්බන්ධීකරණ ණය
    ව්යාපාර ණය
    * පුද්ගලික ණය.

    අද අප අමතන්න. අප සමඟ ව්යාපාරික කටයුතු කිරීමට අප සතුටු වෙනවා
    විද්යුත් තැපෑල: trustfirm2010@gmail.com

    ReplyDelete
  31. Do you need a genuine Loan to settle your bills and startup

    business? contact us now with your details to get a good

    Loan at a low rate of 3% per Annual email us:

    Do you need Personal Finance?

    Business Cash Finance?

    Unsecured Finance

    Fast and Simple Finance?

    Quick Application Process?

    Finance. Services Rendered include,

    *Debt Consolidation Finance

    *Business Finance Services

    *Personal Finance services Help

    Please write back if interested with our interest rate EMAIL: muthooth.finance@gmail.com
    Call or add us on what's App +91-7428831341

    ReplyDelete

Web Statistics