එක අතකින් ජීවිතය කියන්නේ ‘අත්දැකීම්’ සහ ‘බලාපොරොත්තු’ කියන පාට තවරමින්, කෙනෙක් ඉපිද මියෙන කාලය පුරාවට අඳින සිත්තමක්… සමහරු ලස්සනට ඒක ඇඳලා ඉවරකරනවා… තවත් සමහරු හරි කැතට…. ඉතිරි අය ඉවර කරන්නේ බාගෙට… මම මේ සිත්තම අඳින්න පටන් ගත්තේ ගොඩක් පහුවෙලා… හරියටම කිව්වොත් අනෙක් අය අඳින විදිය බලාගෙන….
ජීවිතේ නානාප්‍රකාර අභියෝග එල්ල වෙද්දී හැමදෙනාම වාගේ තම තමන්ටම ආවේනික ක්‍රම වලට ඒවාට මූණදීලා ජීවිතේ ගැටගහන්න සමත්… මෙවැනි දහසකුත් අභියෝග මධ්‍යයේ ඉපදී මියෙන මේ කෙටිකාලය සතුටින් ජීවත් වන්නේ කෙසේද..? කලාතුරකින් දිනෙක මේ සිතිවිල්ල මා සිතට නැඟෙන්නේ සිතන්නට අන්යමක් නොමැති නිසා වියයුතුයි… ජීවිතය සතුටින් ගෙවන මන්තරයක් නැද්ද..?
මේ මීට වසර දහයකට පෙර දිනයක්….
“මල්ලි අර ප්‍රෝග්‍රෑම් එක පටන්ගත්තා… බලනවද..?”
“හා… බලන්නම් අයියේ…”
දුරකථනය විසන්ධිකරන මම දිව යන්නේ රූපවාහිනිය ඉදිරියට… අයියාගේ නම කපිල… මේ මට බලන්නයැයි මතක්කරන්නේ රූපවාහිනියේ විකාශය වෙන ධනාත්මක චින්තන වැඩසටහනක්… ඉපදුනාට වැනුන ජීවිතේ යම් ඉලක්කයකට හසුරාගන්නා අයුරු ගැන මට පළමු පාඩම කියාදුන්නේ ඔහු… මා විසින් ඉගෙනගත් ජීවිතේ ගැටගහන පළමු මන්තරේ කිව්වත් වැරැද්දක් නැහැ… තමාගේම වයාපාරයක් අරඹා එය දියුණු කරගැනීමට උත්සාහාගනිමින් සිටි ඔහුගේ ජීවන දර්ශනය මම අනුගමනය කරන්නට පෙළඹුනේ සතුටින්…
ඒ දිනවල ජීවිතය ගෙවුනේ අභියෝග එලවාගොස් ජයගන්නා මානසිකත්වයකින්…. හිමිදිරියේ ඇඳෙන් බසිනවා වෙනුවට ඇඳෙන් පනින්නත්, ගතට දැනෙන ඕනෑම අසනීපයක් පැනඩෝල් පෙති දෙකකින් පලවා හරින්නටත්, ජීවත් වීමේ අරමුණ සාදාගන්නත්, වැදගත්කම සහ අවශ්‍යතාවය සලකා වැඩකයුතු සැලසුම් කරන්නත්.., යටිසිත සමඟ කරන හරඹ වලින් අනවශ්‍ය සිතිවිලි ඉවත්කරන්නත් යහපත් සිතුවිලි සඳහා විධාන දෙන්නත් යනාදී මෙකී නොකී නොයෙකුත් දේ මා ඔහුගෙන් ඉගෙන ගත්තා…, බුදුදහමේ මූලික ඉගැන්වීම් හා නූලටම නොගැලපුනත්, ආගමෙන් පොඩ්ඩකුත් චින්තනයෙන් පොඩ්ඩකුත් ලෙස හැඩය එහාමෙහා කරගෙන එකක අනික බහාලන්න පුළුවන් විදියට ඒවා සකසා ගැනීමටත් ලොකු අපහසුවක් වූයේ නැහැ... දිනෙන් දින සාර්ථකව අරමුණු කරා ළඟාවෙමින් මා ගතකරමින් සිටියේ සතුටුදායක දිවි පෙවෙතක්… ඒවනවිට ජීවිතය මා ගැටගැසුවේ කපිල අයියා මට ඉගැන්වූ මේ ධනාත්මක චින්තන මන්තර වලින්…
“Let’s prepare for the worst..! “
ඕක මට ඇහුනේ මගේ දෙවැනි රාජකාරී ආයතනයෙදි… බොස්ගේ නම කෙවින්… ඔහු නිතර භාවිතා කලේ මේ පුදුම මන්තරය… “අපි වෙන්ඩ තියෙන නරකම දේට ලෑස්ති වෙලා ඉමු…” හරිම අපූරුයි… ඒ මම ඉගෙනගත් දෙවෙනි මන්තරය කීවොත් නිවැරදියි… පෙර මා දැන උන් මන්තර හා සීයට සීයක්ම නොගැලපුනත් මෙහි පුදුම සාර්ථකත්වයක් මම අත්දැක්කා… අභියෝග වල පැටලී ඒවා හඹායනවා වෙනුවට ඔහු ඒවායින් නිදහස් වුනා… යමක් සාර්ථක කරගැනීමට ඇති උත්සාහය පෙර තරම් නොතිබුණා වෙන්නට පිළිවන්… නමුත් ඒ අසාර්ථකත්වයට මූන දෙන්නට ඔහු සූදානම්… දෙවනි මන්තරය මට පෙරට වඩා ජීවිතයේ සතුට ගෙන ආවා කීවොත් එහි වැරැද්දක් නැහැ…
“Que… Sera, Sera…!”
ඇයගේ නම මලී… සුන්දර මිතුරියක්… වලාකුලක් වගේ සැහැල්ලුවෙන් පාවෙලා යද්දි අහම්බෙන් මගේ ඇඟේ වැදුනේ… ඇගේ මන්තරය හරි පුදුමයි… “What ever will be… will be”… අප බොහෝදෙනෙක් කුඩාකලම ඉගෙන ගත්තත්, මා හට මෙය ඉගැන්වූයේ ඇය විසින්… සදානොමැකෙන ඒ සුන්දර සිනාව මුවඟ රඳවාගෙනමයි… සිද්ධාන්තය හරි සරලයි… සිදුවන්නට නියමිත දෙයක් ඇත්නම් සිදු වුනාවේ… ගෙවෙන ඒ මොහොතේ සතුට උපරිමයෙන් විඳිමු… “Que sera Sera…” ඒ මා ඉගෙන ගත් තුන්වෙනි මන්තරය… ගතවෙන සෑම මොහොතක්ම සතුටින් ගෙවන්නට මට කියාදුන්නේ ඇය…
මේ සියල්ල මට මතක් වුනේ අද සිදුවූ සිදුවීමක් නිසාවෙන්… ආයතනයට අළුතින් පැමිණි පිළිගැනීමේ නිලධාරිනිය හා මිතුරු කතාවකට ඉසිඹුවක් ලැබුනේ දිවා අහාර විවේකයෙදි… හඳුනාගැනීම් තොරතුරු වලින් ඔබ්බේ ඇයගේ පුද්ගලික කාරනා දක්වා කතාව ඇදී ගියේ ඇයගේ සුහදශීලී බව නිසාමයි…
“බොරු නෙමෙයි මේ බලන්න කට් එක… “
තම ගෙල පැළඳි විශාල පෙන්ඩනය මෑත් කරන ඇය මට පෙන්වන්නෙ සැත්කම් කැපුමක කැලලක්… ඇය පවසන පරිදි ඇය වයස දහනවයේදී හදවත් සැත්කමකට මුහුණ දුන් දරුණු හදවත් රෝගියෙක්… සතිපතා කෙරෙන වෙද්‍යය පරීක්ෂණයකුත්, දිනපතා ලබාගන්නා බෙහෙත් පෙති අහුරකුත් දිවි ඇති තුරාවට ඇයට උරුමයි… මේ හේතුවෙන්ම දරුවෙකු ලැබීම ඇයට තහනම් ක්‍රියාවක්… ඒ ප්‍රසූතියේදී ඇය හා දරුවා පත් වෙන අවදානම නිසා බවයි ඇය පැවසූයේ… තත්වය මෙසේ තිබියදී ඇය උතුම් මව්පදවිය වෙනුවෙන් අතිශය අවදානම් ක්‍රියාවකට පෙළඹෙනවා… ඒ වෙද්‍යය උපදෙස් නොතකා ගැබිණියක් වීමට හිතුවක්කාර ලෙස තීරණය කිරීමෙන්…
“හැමදේම හොඳින් සිද්ද වෙමින් තිබුණා… මට ගබ්සාවක් කරන්න කියලා උපදෙස් දුන්න හදවත් වෙද්‍යයවරයා අතෑරපු අපි වෙන වෙද්‍යයවරයෙක් හොයාගත්තා… ගිය මාර්තු මාසේ දවසක මට හිතුනා බබා වෙනදා වගේ දඟලන්නේ නෑ නේද කියලා… අපි ස්කෑන් එකක් කලා… දරුවගේ හදවත නතර වෙලා… මාස හතයි ඒ වෙනකොට… ලස්සන කෙලි පැටියෙක්..”
එලියට පනින කඳුළු සඟවන්නට ඇය අසමත්…
“දැන් ඉස්සරහට මොකක් කරන්නද ඔයා හිතාගෙන ඉන්නේ…?”
“මම තවම හිතනවා… ලබන සතියේ ටෙස්ට් එකට ගියාම මම ඩොක්ටගෙන් මේ ගැන අහනවා…”
මට මතක් උනේ කපිල අයියා…
“මල්ලී… කතාවක් තියෙන්නේ හීන හැබෑකරගන්නනම් කරන්න ඕනේ පලවෙනි දේ ඇදේන් නැගිටලා වැඩ පටන් ගන්න එකයි කියලා… සැලැස්මක් ඇතුව වැඩ කලොත් හැබෑ කරගන්න බැරි හීනයක් නෑ… ලඟාවෙන්න්න බැරි තැනකට යන්න නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ අවදානම ගන්න බය නොවෙන එකයි… අද වෙද්‍යය තාක්ෂනේ ගොඩක් දියුණුයි… එක ක්‍රමයක් නැතිනම් තව ක්‍රමයක්.. ඒ ක්‍රමේ නැත්තම් වෙන ක්‍රමයක්…” සමහරවිට ඔහු කියාවි…
කෙවින්..?
“වෙන්ඩ තියෙන නරකම දේ මොකද්ද..? ආයේ බබාලා හදන්න බැරිවෙන එකනේ..? ඒකට මූණ දෙන්න ලෑස්ති වුනානම් එතනින් එහාට ලැබෙන හැම දෙයක්ම අශීර්වාදයක් විදියට ගන්න පුළුවන්…” ඔහු කියාවි…
මලී…
“Que Sera Sera…!” ඩොක්ටව හමුවෙන්න… සිදුවන්නට නියමිත දෙයක් ඇත්නම් සිදු වුනාවේ… සැහැල්ලුවෙන් ඇය කියාවි…
“ඩොක්ට මොනවගේ උපදෙසක් දෙයිද මම හරියටම දන්නේ නෑ… හ්ම්ම්ම්… බලමු…”
සිතිවිලි අතර සරමින් සිටින මගේ දැහැන බිඳෙන්නේ ඇගේ සුසුම් හඬින්… පොතේ හැටියටනම් දැන් මාගෙන් වියයුත්තේ ඇයගේ සිත සුවපත්වෙන කරුණාබර අවවාදයක්… නමුත් මාගේ දක්ශතා අනුපිලිවෙලින් ලැයිස්තුගත කලොත් තවකෙකුට උපදෙස් දීමට ඇති හැකියාව වැටෙන්නේ එහි අවසන් පිටුවට බව සැකයක් නැහැ… ඇරත් මේ දීර්ඝ අවවාදයකට සුදුසු වේලාව නෙවෙයි…
“Que Sera Sera..! මගේ අලුත් මිතුරියේ…”
කෙටියෙන් මා ඇයට ඉගැන්වූ මලීගේ මන්තරය සම්පූර්ණයෙන්ම ඇයට වැටහුනාදැයි මට සැකයි… ගතවෙන මොහොත සතුටින් ගතකරන්නට හැකි වෙන මඟක් ඇයට කියාදෙන්නට මා දන්නේ නැහැ…
සමහරවිට ඇය සිංදුව ගූගල් කර බලාවි… මම සිතන්නේ භෝජනාගාරයෙන් නැගිට එන අතරතුරේදී…
අලුත් විදියක අපූරු සටහනක්!!!
ReplyDeleteජීවිතය ගෙවන්ට ඉගෙන ගන තියන මන්තර ටිකත් අපූරුයි.
මම කැමතිම අර '"what will be, will be... ' කියන එකට. මාත් හිතෙන්නේ එහෙමයි. දැන් ඔන්න මගේ වැදගත්ම ප්‍රශ්නය? කවුද මේ මලී...?:D
ඔයාගේ අර යෙහෙළිය හරි පව්....එයාත් මලීගේ මන්තරය ක්‍රියාවට නගයි කියලා හිතෙනවා.
"දැන් ඔන්න මගේ වැදගත්ම ප්‍රශ්නය? කවුද මේ මලී...?:D"
Delete"සුන්දර මිතුරියක්… වලාකුලක් වගේ සැහැල්ලුවෙන් පාවෙලා යද්දි අහම්බෙන් මගේ ඇඟේ වැදුනේ… "
:)
අනිත් මන්තර ගැන කොහොම වුනත් Que Sera මන්තරය නම් මාත් පිළිපදිනවා..ඒ නිසාමද කොහෙද සින්දුවත් කට පාඩම්..
ReplyDeleteඅළුත් මිතුරියට සතුටින් ඉන්න සුභ පතනවා..
ස්තූතියි රූ...
Deleteමේ වෙලාවේ මගේ හිතට ලොකු සැහැල්ලුවක් ගෙන දුන්න සටහනත්.... ඇත්තටම මට ධනාත්මක චින්තනය වත් මුළුමනින්ම අමතක වෙලා තිබුණ වෙලාවක මගේ හොදම මිතුරෙක් එක්ක ජීවිතේ අලුතින් පටන් ගන්න තැනක් ගැන කතා කරලා මේ පැත්තට එද්දි මේ සටහන දැකීමම ලොකු සතුටක් උනා...
ReplyDeleteඒක සුබ නිමිත්තක් කියලා හිතන්න මම කැමතියි...
“Let’s prepare for the worst..! “ කියලා හිතාගෙන මම වැඩේට බහිනවා....
“Que Sera Sera…!” මතක තියාගෙන ඉදිරියට යනවා...
ස්තූතියි බීට්ල්...
අලුත් මිතුරියටත් සුභ පතනවා....
ජීවිතේ අලුත් කරන ඒ කාර්යය සාර්ථක කරගන්න ඔබට ශක්තිය ලැබේවා...
Deleteමේක මාරයි බීටා, වදිනවා ඔලුවටම..,
ReplyDeleteමම මේක දෙපාරක් කියවන්නේ නෑ.., එකපාරින්ම මගේ ඔලුවට මේක වැදිලා තියෙන නිසා..!
උඹට පිං..!
ස්තූතියි ලිශා... අඩුවක් නැතුව බෙදන යාලුකමටත්...
Deleteබිටල් අයියේ මේ පොස්ට් එකට නම් කියන්න වචන නෑ.
ReplyDelete"ජීවිතය ගෙවුනේ අභියෝග එලවාගොස් ජයගන්නා මානසිකත්වයකින්…. හිමිදිරියේ ඇඳෙන් බසිනවා වෙනුවට ඇඳෙන් පනින්නත්,"
අභියෝග වලට මුහුණ දීල ජයගන්න කැමති වුනත් ඇදෙන් බහින්න කම්මැල කමින් ඉන්නේ මම තවම. බලමු කවද හරි ඇදෙන් බහින්න දවසක් එයි:D
ස්තූතියි රුචා... ඇදෙන් බහින්න කලින් ඇහැරෙන එක ප්‍රැක්ටිස් කරන්න වෙයිද මන්දා උබටනම්... :)
Deleteසුපිරි.. හැමදාමත් වගේ අදත්....
ReplyDeleteස්තූතියි Sankha
Deleteමේදවස්වල අත්දකින්න වෙලාතියෙන දේවල් එක්ක ගත්තම ඉතින් ලිෂා කියනවා වගේ දෙපාරක් මේක කියවන්න ඔනෙ නෑ බීටයියේ.
ReplyDeleteමරුවටම ලියල තියෙනවා :)
Que Sera Sera..!
ස්තූතියි JD... වැඩේ හොඳට යාවි... බයවෙන්න දෙයක් නෑ... Que Sera Sera... :)
Deleteවටිනා පෝස්ට් එකක්. ජීවිතයට එකතු කරගන්න වටිනා පාඩමක්. ප්‍රායෝගික මනෝවිද්‍යාවේ භාවිතා වෙනවා ඔබ ඉගෙනගත්ත දෙවෙනි පාඩම.
ReplyDeleteගැටළුවක් ඇති වූවිට;
1. ගැටළුව නිවැරදිව තේරුම් ගන්න.
2. ඒ නිසා සිදුවිය හැකි නරකම දෙයට සූදානම් වන්න.
3. නරක ප්‍රතිඵලය වෙනස් කිරීම වෙනුවෙන් කැපවෙන්න.
සුබපැතුම්. ජය...!
ඔව් මේක තමයි නිවැරදිම ක්‍රමය මම හිතන්නේ... ස්තුතියි ප්‍රදීප්
DeleteThanks for this article. Thanks again & again..
ReplyDeleteYou are most welcome...
Deleteප්‍රදිප් කිව්වත් වගේම. මට ආව ප්‍රශ්නයක්..
ReplyDeleteබීටා මනෝ විද්‍යාව හදාරනවවද ?
බොට ජය !
නෑ මචං... :) උඹට ස්තූතියි...
Deleteකියන්න දෙයක් නෑ බං අයියේ මේක ලීවට උඹට ස්තුතියි කියලා විතරක්ම කියන්නම් ..
ReplyDeleteඋඹව ආයෙත් දකින්න ලැබීම ලොකු සතුටක් මචං...
Deleteස්තූතියි බීට්ල් තුමාණනී ලස්සන සින්දුවක් අහන්ඩ සැලැස්සුවට.
ReplyDeleteමගෙත් ජීවන දර්ශනය තමා ඔය දෙවෙනි එක. හැම දෙයක්ම කරන්ඩ යද්දි මම හිතනවා වෙන්ඩ පුලුවන් නරකම දේ. ඊට පස්සෙ ඒකට සූදානම් වෙලා තමා අදාල වැඩේට බහින්නෙ. ස්මහරු කියනවා මේක සෘණාත්මකයි කියලා.. මටනම් හිතෙන්නෙ ඒක ධනාත්මකයි කියලා.. එතකොට කරණ වැඩේ වැරදුනත් අපිට ඉස්සරහට යන්ඩ බැකප් ප්ලෑන් එකක් තියනවා..
Hope for the best, prepare for the worst
Deleteඔව් සෙන්නා ඒක ඇත්ත, එහෙම පුරුද්දක් ඇති බව ඇහීම සතුටක්... ගොඩක් ස්තූතියි උඹටත්... මිස්ටර් හයිඩ්ටත්...
Deleteසිංදුව ගූගල් කර ෙනොබලමි!!!
ReplyDeleteඒ කියන්නේ මේකේ තියෙන වීඩියෝ එකත් මං බලන්නේ නැහැ කියන එකම තමයි....
මම කැමති නැහැ මං මවා ගත්තු විත්ත රූපේ වෙනස් වෙනවාට!! :D
ඔයා කැමති විදියක් :) කොහොමත් මේ රූපරාමු කතාවට සම්බන්ධයක් නෑ...
Deleteතවකෙකුට උපදෙස් දීමට ඇති හැකියාව වැටෙන්නේ එහි අවසන් පිටුවට බව සැකයක් නැහැ…
ReplyDelete100% ක් හරි...
අපෝ මෙහෙමත් නපුරුකමක්...
Deleteමට මේ සින්දුව අහන කොට මතක් වුනේ ...... මම ඉස්සර ආසාම වෙළඳ ප්‍රචාරක දැන්වීමක්...මම ඒකට කොච්චර ආසවුනාද කියනව නම් , මට මතක ඇති කාලේ ඉදල මම “ සෙවන් සීස් “ බීවා....
ReplyDeleteඒකට අදාල වුනේ මේ සින්දුවේ මුල් පද .....
When I was just a little girl
I asked my mother what will I be
Will I be pretty
“ ලස්සන වෙන්න නම් සෙවන් සීස් බොන්න “ කියල ඒ අම්ම කියනවා.
මේ එක්දාස් නවසිය බර ගනන් වල එකක්ද..? වෙළඳ දැන්වීම නම් මතක නෑ... හැබැයි අම්මා මටත් වීදුරු බෝලයක් වගේ ලස්සන පෙත්තක් දෙනවානම් මතකයි...
Deleteනියම පෝස්‍ට් එකක් බීටලයියේ!
ReplyDeleteඔය මන්තර එකකින් විතරක් වැඩක් නෑ. ඔක්කොම ඕනේ. ඒ ඒ වෙලාවට ඒ ඒ සිදුවීමට ඒ ඒ මන්තරේ! :)
ඔව් ඒක ඇත්ත පූසා... ඒක වටහාගන්න එකත් මාර වැදගත් නේ..?
Deleteපළවෙනි මන්තරේට තමා මම නම් කැමතිම.. ඒත් ප්ලෑන් කොරන එව්වා කොරන්ට බෑනෙ.. වෙන්නෙ නෑනෙ,..
ReplyDeleteප්ලෑන් කරන ඒවා කරන්න බැරිවෙන්නේ මොකද කියලා හිතලා බලන්න වෙයි... ප්ලෑන් එකේ අවුලක් දන්නේ නෑනේ...:) එච්චර ස්ට්‍රෙස් ගන්න බැරිනම් තුන්වෙනි එකේ විදියට ඉමු... :)
Deleteසෑර්, අපි නම් Que Sera Sera පොඩි කාලේ ඇහුවේ නැතිය. පලමු වතාවට ඇහුවේ ලස්සන කෙල්ලන් ගොඩක් මැද කොළඹ විශ්ව විද්‍යාලයේ අනිවාර්ය ඉන්ගිරිස් පංතියේදීය.
ReplyDeleteකොහොම වුනත් මරු ලිවිල්ල. සුභ පැතුම්!
මමත් පොඩිකාලේ අහලා නෑ... ඒත් මේක ළමා සිංදුවක් හින්දා ගොඩක් අය අහලා ඇති කියලා හිතුවේ... මේ පැත්තේ ආව ඒක ගැන ගොඩක් සතුටුයි... ස්තූතියි සූස්තිගුණේ...
Deleteමම ඕක ඇහුවෙ ඉස්කෝලෙ 10 වසරෙදි විතර ඉංග්‍රීසි දිනේදි. නමුත් අර්ථය දන්නේ මෑතකදි.
Deleteපෙළින් පෙළ ලස්සනට ගෙතුණු පෝස්ට් එකක්. හැබැයි අර අලුත් මිතුරිය ගැනනම් කතා කරල වැඩක් නැහැ. මට පෙන්නන්න බැහැ ඔය වගෙ විහින් මැරෙන්න දඟලන අය. පලක් ඇති දේකටනම් කමක් නැහැ. ළමයෙක් ඕනනම් ඕන තරම් ඉන්නව දෙමවුපියන් නැති අනාථ ළමයි. ඔය වගෙ මෝඩකම් කරල අකාලෙ මැරුණු, ළමයින්ට මවක් අහිමි කරවපු, ආදරණීයයන්ව තනි කරපු ආත්මාර්ථකාමී කීප දෙනෙක්වම මම දැකල තියෙනව. එපා කිව්ව එකම කරන්න දඟලනවට වඩා තමන්ට ලැබිලා තියන දෙයින් සතුටු වෙන්න ඒ අය දැන හිටියනම් තව හුඟක් අයගෙ ජීවිතත් අඳුරු කරලා, තමනුත් මැරෙන එක වළක්වගන්න ඔවුන්ට ඉඩකඩ තිබුණා.
ReplyDeleteමේ අදහස තමයි එයාට හැම වෙද්‍යයවරයම වගේ කියලා තියෙන්නේ මට වැටහුන විදියට... ඇඩප්ට් කරන්න කැමැති නැද්ද කියලා මම එයාගෙන් ඇහුවා... එහෙම අකමැත්තක් පෙන්නුවේ නෑ... මමී මමී කියමින් ගෙදර දුවපැන ඇවිදින්න ළමයෙක් ඕනේ කියලා තමයි කිව්වේ... ගොඩක් දුරට වෙද්‍යයවරයා නලිනි කිව්ව විදියටම පැහැදිලිකරලා දේවි...
Deleteඑහෙම කියන්න එපා අක්කෙ තමන් විහින් මැරෙද්දි තියන ආතල් එක දන්නෙ විහින් මැරෙන්න ගිය කෙනෙක්ම තමයි. සමහර වෙලාවට එයාට ජිවිතෙ වටිනාකම මනින මිම්මෙ ලොකුම පිම්ම එ දෙ
Deleteබිටා මෙ ලියලා තියන විකාර දැක්ක ගමන් මාවත් අංජට් වෙලා තියන්නෙ.... මමත් මගෙ විකාරයක් ලියම් දො නොලියම් දො කියලා හිතෙනවා... ඔන්න ඔහෙ නොලියාම ඉන්නවා... :D:D
අනේ ලියපන්කෝ...උඹේ බ්ලොග් එක ආපහු ඇක්ටිවේට් වෙන පිනෙන් මට දිවිය ලෝකේ යන්න පුළුවන් වෙයි... අතීතයෙන් ගඟ ගලා බැහැලා, හිඳිලා,, මිනිස්සු වැලි ගොඩදාලා දැන් ඒක උඩින් හයිවේ එකකුත් ගිහින් තියෙන්නේ... :) ලියනවද සිරාවට? :)
Deleteපලක් ඇති දේකට නම්? මව් පදවිය ලැබීම පලක් ඇති දෙයක්ද? දරුවෙක් අරන් හදා ගැනීම මව් පදවිය ලැබීමක් නෙවෙයිද එතකොට? තමන්ගේ ලෙයින් මසින් උපදින දරුවෙක් ගැන හැමෝම හීන මවන්නේ ඇයි? ජීවිතය යනු ජීවත් වීම ද?
Deleteලියලා දාන්න රවා. මොකද, බීටලේට විතරක් වරමක් ලැබිලයැ විකාර ලියන්න. :D
Deleteනලිනි නෙමේ මේ නම් අර දොස්තර නෝනා ...
Deleteඅපිත් ජීවිතේට මුහුණ දෙන්නෙ ඔහොමයි බීටලේ.
ReplyDeleteWhatever will be, will be.
මමත් එකතරා සිද්ධියකට පස්සෙ ජීවිතේ ෆෝමැට් කලා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
I like that term Dude "ජීවිතේ ෆෝමැට් කලා". Yes we all have to do it once in a while. Formatting our lives. Great..!
Deleteස්තූතියි ඩූඩ්... ඔව් එහෙම ෆෝමැට් කරලා අලුතින් පටන්ගන්න පුළුවන්නම් ඇත්තටම ලොකු වාසියක්...
Delete@මාලන්
I know from where he get these funny ideas :)
ඇත්තටම අපුරැ සටහනක්.
ReplyDeleteස්තූතියි දිනේශ් මල්ලි
DeleteGreat bro..!!!
ReplyDeleteThanks bro...
DeleteThanks dude. It's a great article.I think this is what we want... this is what we demand... Yes his is what we keep in our mind... forever.Good luck & stay happy.
ReplyDeletecool bro... keep smiling...
Deleteහිතන්න දෙයක් තියන අපූරු ලිපියක්!
ReplyDeleteජයම වේවා!
ආයෙමත් බොහෝම කාලෙකට පස්සේ ඔබේ පෝස්ටුවක් කියෙවේ සහෝ, අපූරුයි... දෙතුන් වතාවක් කියෙව්වා ඒ තරමට වටිනවා,
ReplyDeleteස්තූතියි හිරු හිමාවී, රතු රජරට ඔබ දෙන්නාටම...
ReplyDeleteබීට්ල්, ඉස්සෙල්ලාම කියන්න ඕනෙ උඹ මේ ලියමන ලියලා තියෙන පුදුමාකාර අපූරු විදිහකට. දන්නෙම නැතිව ඇස් අගට කඳුලු බිංදුවකුත් ඇවිල්ලා.
ReplyDeleteමේ දිනවල මට අවශ්‍යම වෙලා තිබුනු මොරාල් බූස්ට් එකක් මේක කියෙව්වට පස්සෙ මට ඇති උනා. ඒකට ගොඩක් පින්.
මහ ගොඩක් පොසිට්ව් තින්කින්ග් ගැන වීඩියෝ, පොත් පත් ඒ වගේම "නියුරෝ ලින්ගුවිස්ටික් ප්‍රෝග්‍රමින්" (NLP) ගැන හදාරලා තිබුනත් ජීවිතයේ සමහර වෙලාවල් වලට ඒ හැමදේම අමතක වෙන වෙලාවල් එනවා, එහෙම නැතිනම් ඒ දේවල් ප්‍රායෝගිකව යෝදාගන්න අමතක වෙනවා. උඹේ මේ ලියමනෙන් ඒ අමතක වෙලා තිබිච්ච ලොකු දැනුමක් නැවත මතක් උනා.
අන්තිමට කියන්න ඕනෙ "Que… Sera, Sera" මගේ ප්‍රියතම සින්දුවක්. කොච්චර ඇහුවත් තව තවත් අහන්න ආස හිතෙන මෙ සින්දුවට මම ආස උනේ ගොඩක් පුන්චි එකෙක් කාලේ ඉඳන්. ඒක අහනකොට ඒ ඉස්සර පොඩි කාලෙ ඉඳන් අනාගතේ ගැන හීන මැව්ව හැටි හිටන් මතක් වෙනවා.
ගොඩක් සතුටුයි මචං... :) පොඩිකාලේ දැකපු හීන වලින් හැබෑ නොවුන ඒවට වඩා හැබෑ වුන ඒවා වැඩි ඇතැයි හිතනවා... ඉතිරිවාත් හැබෑ කරගන්න උඹට හදවතිම සුභ පතමි..!
Deleteක්‍රම වේදයන් තුනම හොඳා
ReplyDeleteඒත්... ඒත්..
ඉඳල හිටල, කරදරයක් වෙච්චි වෙලාවට, හිත රිදිච්චි වෙලාවට මෙහෙම මතක් කරල දෙන "බීටල්" ගණයේ හිතවතුන් නැත්නම්????
අර එකක් වත් එපා - මට "බීටල්"ලා ලබල දෙන්න...
අප්පා තිස්ස අයියේ ,මේවටනම් මොනවා කියන්නද නොතේරේ... සතුටින් ඉපිලෙනවා ඇරෙන්නට... :)
Deleteඒකනම් ඇත්ත තිස්ස අය්යා, සමහරවිට ඔය හැම දෙයක්ම පරතෙරට දැනන් ඉන්න කෙනෙකුට වුණත් තමන් ගැටළුවකට මුහුණ දුන්නහම එකක්වත් මතක නැහැ. ඒවා සිහිපත් කරවලා දෙන්න හිතවතුන් ඉන්න එක ඉතාම වැදගත්
Deleteතමාගේ සිතුවිලි ආකාල්ප වලින්ම තමාව දිරිමත් කරගැනීම, එහෙමත් නැත්නම් self motivation ගැන නේද මුල්ම මන්තරෙන් කියලා තියෙන්නේ? මට ඒක තේරුණේ ඒ විදිහටයි. බීට්ල් කියලා තියෙන දෙවෙනි මන්තරේ මාත් ඉගෙනගත්තෙ මට හම්බ උන හොඳම ලීඩර්ගෙන්. එයා ඒක කිව්වේ 'Hope for the best, prepare for the worst' කියලයි. තුන් වෙනි මන්තරේ ගැනනම් කියන්න වචන නෑ. පුංචි කාලෙ ඉඳන් ආසාවෙන් අහපු කියපු සින්දුවක් උනත්, ඒ ළමා ගීතයේ උඩින් දිවෙන සරල තේරුම දැනගෙන හිටියත් මේ තරම් ජීවිතයට සමීප ගැඹුරු තේරුමකින් ඒ සින්දුව ගැන හිතිලම නෑ මීට කළින්. ගොඩාක් ස්තූතියි බීට්ල්.
ReplyDeleteඔව් මේ තුනම self motivation වලට ගලපාගන්න පුළුවන් නේද... ගොඩක් ස්තූතියි ඔබටත්...
Deleteමම මේ නම වෙනස් කලාට පස්සෙ (ඇනෝ ටු තිසර ) මේකෙ ලියම මුල්ම වතාව. මං ආස නැහැ මේකට... උඹේ සුන්දර මිතුරිය.. ඇයි උඹ එකිව නොබැන්දේ?
ReplyDeleteමේක කොහේටදෝ වැදුනා වැදිල්ලක්...........
ReplyDeleteස්තූතියි බීටා...........
හරිම ලස්සන සටහනක් බිටල් ...මන් කැමතිම සින්දුවක් . මාත් සොඳුරු සිත වගේ ඔය තාලය ඇහුවේ සෙවන් සිස් දැන්වීමෙන් තමයි. පස්සේ දුවල ලැබුනට පස්සේ ඔය ගිය හරිම ජනප්‍රිය වුනා අපේ ගෙදර .. ස්වීට් හාට් වෙනුවට ටීචර් යොදාගෙන කියපු අම්මෙකුයි දුවෙකුයි නටන ලස්සන ළමා ගීයක් CD එකක තිබුන . ඇත්තටම ඔරිජිනල් එක ඇහුවේ පස්සේ කාලෙක .
ReplyDeleteඔය ඉතින් අර ඉරණම නැත්නම් කර්මය කියන සංකල්පයම තමයි නේද . ගිය සුමානේ දවසක අපේ පොඩි බනියට Destiny කියන වචනේ විස්තර කරන්න ගිහින් සැහෙන අවුලක් වුනා . මෙයාට තේරුම් ගන්න බැහැ එයාගේ පාලනයකින් තොරව සිද්ධ වෙන දේවල් ගැන . මොකද එයාට වඩා ලොක්කෙක් ඉන්න විදිහක් නැහැනේ .
ඔයාගේ යාලුවා ගැන නම් දුකයි. . දරුවෙක් ඉන්නම ඕන කියන්නෙත් එක්තරා විදිහක තෘෂ්ණාවක් තමයි . කොච්චර කිව්වත් ගැනියෙක්ට ඒ තෘෂ්ණාවෙන් මිදෙන්න අමාරුයි . ඉන්නවා නම් හොඳයි ..නැත්නම් මැරෙන්නද. නලිනි කිව්වා වගේ ඒ තීරණයෙන් තවත් කීපදෙනෙක් අසරණ වෙන්න පුළුවන් . එහෙමයි කියල අපට එයා ගැන තීරණ ගන්නත් බැහැනේ . සතටුදායක යමක් සිද්ධ වෙන්න කියල පතනවා ඇර.
//මෙයාට තේරුම් ගන්න බැහැ එයාගේ පාලනයකින් තොරව සිද්ධ වෙන දේවල් ගැන //
Deleteහ්ම්ම්... ඒක අපි සිද්ධවෙන දේවල් තෙරුම්ගන්න වැරදි විදිහක් කියලා මට හිතෙන්නේ.... මිනිහෙක් තමන් සතු ශක්තියෙන් යමක් ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියා කරලා එය නොලැබීම කියන්නේ තමන්ගේ උත්සාහයේ අඩුපාඩුවක්, එහෙම නැත්නම් ඒ උත්සාහය සම්බන්ධ බාහිර දේවල් වල බලපෑමක්. ඒ බාහිර දේවල් වෙන්ස් කරන්නට පුලුවන්ද බැරිද කියන එක එකක්.. නමුත් තමන්ගේ පාලනයෙන් තොරව සිද්ධ වෙන දේවල් කියලා හිතුවහම වෙන්නේ... ආත්ම විශ්වාසය අඩුවීම, ලොජිකල් විදිහට හිතන්න පෙළඹීම අඩුවීම, වගේම මිත්‍යා බලවේග යම් පමණකින් හෝ විශ්වාස කිරීමට පෙළඹීම.
ඔය මන්තර තුනම මගෙ ජීවිතේත් හැමදාම වගේ තියෙනවා.. වැඩියෙන්ම ඕව හිතට දැනුනේ තාත්තගෙ හදිසි මරණයෙන් පස්සේ..
ReplyDelete'Plan For The Worth Case Scenario' මේක තමා ජීවිත දර්ශණය. ඉගෙන ගත්තේ Project Management ඉගෙන ගන්න කාලෙ, විෂයානුබද්ධව. ඒත් ජීවිතේට බොහොම අදාලයි. එක එක් කිරීමකුත් එක්ක මේ දේ පිළිපැදීම සාර්ථකත්වයේ මගක්.
ReplyDelete'Plan for the Worst, Try for the Best'
මේ ජීවිතය ජීවත් කරවන මන්තර කියලා දුන්නට උඹට බොහෝම පින් මිත්‍රයා
ReplyDeleteඅර Prepare for the Worst එකනම් ඉගෙන ගත්තා. දැං ක්‍රියාවට නගනවා
ReplyDeleteඅම්මප ඒක නං පුදුම ඇත්තක් බං. ජීවිතේ මානසිකව නොවැටෙන්න පුදුම උදව්වක්.
Que.. Sera ,Sera,එක තාම දිරවගන්න අමාරුයි. ඒත් උත්සාහ කරමින් ඉන්න කාලයක් මේ.
හැබැයි Whatever will be will be .... කියන එක නම් බුදු දහමේ මුලික ඉගැන්වීම්වලට පටහැනියි.. ඒක fatalism.. ඉරණමට හැමදේම බාරදීම..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅතිශයින්ම ස්තූතියි . ජීවිතේ පැටලිලා ඉන්න මොහොතක තමා " මන්තර " ටික හම්බ උනේ. එවානං 'වෙඩි ' වගේ . ක්ෂණිකයි. ප්‍රායෝගිකයි . අත්දුටුවයි . සත්තයි. මාව 'ගොඩ ' දැම්මට ඔයාට පිං !!
ReplyDelete