බොත්තම් සියල්ල පියවූ ඝනකම් කබායත්, පුපුරු නඟමින් ඇවිලෙන ගිණිමැලයත් අයිස් මිදෙන ශීත සෘතු ගනනාවක් පිටත ගතකර අත්දැකීම් ඇති ඔහුවැනි පළපුරුදු ට්‍රක් රථ රියදුරෙකුට සීතල රැයක් පහන් කරගැනීමට ඉහටත් උඩින්… වෙනදා මෙන් ඒ සියල්ල ඇතත් ඇටමිදුලු හාරාගෙන යන මේ ආගන්තුක සීතල ගතටත් වැඩියෙන් ඔහුට දැනෙන්නට වූයේ සිතටයි…
තවත් පියවර කිහිපයක් ගිනිමැලයට ලංවූ ඔහු තම අත්ලවල් එකිනෙක අතුල්ලා ගත්තේ හිස් අහසට සාපකරමින්…
“කොලරාඩෝ වලට පටවන බඩු තොගයක්… කෙල්ලේ… මට හොයාගන්න ඕනෑවෙන්නේ එච්චරයි ආයෙත්… හවසක නොහිතූ වෙලාවක මගේ ට්‍රක් එකේ හෝන් සද්දේ ඇහෙයි ඔයාට… හෙට අනිද්දම දවසක… හරියටම කියනවනම් ඔයා ගබඩාවෙන් ගෙනාව බියර් පීප්පේ ඉවරවෙන්නත් කලින් ඔන්න…”
පෙරදින තමා නවාතැන්ගත් කබල් හෝටලයේ වූ ගිනි උඳුන සමීපයේ සිට ඇයට පොරොන්දු වෙද්දී ඇය නිහඬව උඳුනෙන් ගිනිදළු දෙස බලා සිටි අයුරු ඔහුට මතකයි… තම මහළු පියාද රැකබලා ගනිමින් හෝටලය නඩත්තුවට වෙහෙසන ඇයගේ රූ සපුව මැඩඟෙන මතුවෙමින් තුබූ වියපත් බවේ සෙවනැලි අවධානයෙන් බැලූවෙකුට නලියන ගිනිදැල් එලියෙන් පවා දැකගන්නට අපහසු වූයේ නැහැ…
“ඉස්සර අම්මා බේකන් හදද්දී මම බෝනික්කත් තුරුළු කරගෙන එයා වැඩකරන හැටි බලාගෙන ඉන්නවා… ටිකක් විතර දුරින් මොකද මගේ ගවුමට ජරාව විසිවෙද්දෝ කියන බයට… අපි කලා හරි අපූරු සෙල්ලමක්… හැම මිනිහෙකුම සොබාදහමේ නිර්මාණයක් කියලායි උන්දෑ කිව්වේ… මම කවුරුහරි ගැන අහුවොත් එයාව සොබාදහමේ මොනවාට හරි උපමාකලා හරි අපූරුවට… තාත්තා අපේ… තැනිතලාව කෙරවලේ තියෙන බළල් වලිග පඳුරු යාය වගේලු… මෙපල් මගේ මස්සිනා… හිමිදිරියේ තණපත් වල තැවරිලා තියෙන පින්නලු… මේපල්ගේ අම්මා නැන්සි, හරියට උවමනාවටත් කලින් ශීත සෘතුවට ලෑස්ති වෙලා ඉන්න ඉපල් වෙච්චි ගහක් වගේලු. …”
“හොඳයි, එතකොට හෝටලේට එන ට්‍රක් රියදුරෙක්..?”
ඔහුගේ දෙපා අසලින් බිම වාඩිවී ගිනිදැල් දිහා බලාගෙන සෙමින් මුමුනන ඇගේ තඹවන් හිසකෙස් අතරින් ඇඟිලි ගෙනියන ඔහු අහන්නේ මෘඳුව ඇගේ හිස පිරිමදිමින්….
“මම ඇහුවේ නෑ… ඇහුවනම් ට්‍රක් රියදුරෙක් කියන්නේ ශිත සෘතුවේ හදිසියේම වැටෙන අවුරැල්ලක් කියලා උන්දෑ කියාවි…”
ලින්කන් ට්‍රක් රථ නැවතුම සිසාරා පැතිරී තිබූ අඳුර මකන්න මලානිකව දැල්වුණු විදුලි බල්බ දෙක තුනටත්, නලියන ගිනිමැලයටත් පුළුවන්කමක් තිබුණේ නැහැ… ඔහු සිටියේ හාත්පස තිබූ ඝන කලුවර තරම්ම කලු කෝපී කෝප්පයක් තොළඟාමින්… කිලෝ මීටර දහස් ගණක ඈත තමා තනිකර ආ ඒ සොඳුරු යුවතිය දවසක නිමාවේ තනිවම අවන්හල පිරිසිදුකරනායුරු සිතින් මවාගන්නට උත්සාහාකරමින්…
“හැල්මේදුවන යෝධ ට්‍රක් එකක් නවත්තන්න පුළුවන් තරම් ආදරයක් මතුකරගන්න මම හරියට වෙහෙසෙනවා…” ඇය පවසන්නේ හිමිදිරියේ ඔහුට පිටවයන්නට දොර හරිනා අතරේදී…
“නැවත හමුවෙනතුරු...” ඔහු එසේ කොඳුරන්නේ දෑස් මඟහැර ඇයගේ මුවට නැඹුරුවන අතරේදීයි…
“සුභ ගමන්..!”
සීතල හිම කැටි මුසුවුන සුළගෙන් මිදෙන්නට ඔහු එලියට වන් සැනින් දොර වසන ඇය තව මොහොතකින් දකින්නේ හිම වැස්සේ කෙමෙන් බොඳවීයන ට්‍රක් රථයේ රතුපැහැති ලාම්පු එලිය…
සැක් බ්‍රවුන් බෑන්ඩ් කියන සංගීත කණ්ඩායමේ කෝල්ඩර් වෙදර් කියන සිංදුවයි අහමින් හිටියේ… ඔය තියෙන්නේ පහල…
අහලම බලමුකෝ...
ReplyDeleteඑලකිරි...
Deleteගීයට පණ දීලා තියන හැටි අපූරුයි.
ReplyDeleteමට මතක් උනේ කලින් කියවපු රුසියානු කෙටි කතාවක්' තානායම්කරුවෙක්ගේ දියණියක්' ගැන.
ඒත් මම බැලුවා 'නැවත හමුවෙන තුරු' කියන්නේ කොහේ හරි යන්ට වත්ද කියලා....:D
අර කතාවක් තියෙන්නේ කොහේ යන්නද හදාගත්ත පැලදාලා කියලා :)
Deleteනියමයිනෙ බීටල්, ආයෙ සංගීතමය යුගයක් ඇවිල්ලා වගෙ.:) මම හරි ආසා genre එකක් මේ C&W.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඕ යේ... මම දනිමි :)
Deleteමෙතන ඇති තව... http://akurublog.blogspot.com/p/personal.html
මම හිතුවේ තවත් කතාවක් ලියන්න පටන් අරන් කියල...
ReplyDeleteනෑ මචෝ... හෙමින් බලමු :)
Deleteනියමයි.... ගෙදර ගිහින්ම තමා සින්දුව අහන්න වෙන්නේ.
ReplyDeleteලිවිල්ල නම් නියමයි. රුසියන් කෙටි කතා ශෛලය මතක් වුනා. හිම තුහින වල ශිතල වගේම ගිනි මැලයේ රස්නයත් කියවන විට හිතට දැනුනා....
ස්තූතියි සොසී... මීගොඩයා, රූ, අඩවිරජා සේරටම...
Deleteඅපූරු විස්තරයක්
ReplyDelete//“හැල්මේදුවන යෝධ ට්‍රක් එකක් නවත්තන්න පුළුවන් තරම් ආදරයක් මතුකරගන්න මම හරියට වෙහෙසෙනවා…”//
ReplyDeleteහරිම ලස්සනයි බීට්ල්..හැමදාම මේ වගේ කතා කියවන්න ඇත්නම්..
සුපිරි විස්තරේ..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සිංදුව ඇහුවේ දැන්. එකතරා අතීතයක, ශීත කාලෙක, හිමෙන් වැහුහු පරිසරයක , එක් රෑ යාමෙක, ගිණි උදුනක් ඉදිරියේ ඉඳන් , බිත්තියේ මැවෙන සෙවැණැලි දිහා බලාගෙන, ඈතින් ඇහෙන වන සතෙකුගේ හඬට තෝරා ගැනීමට තැත් කරමින්, උදෑසන දැකපු, නොහඳුනන රුවක් ගැන හීන මවපු යුගයකට ආපහු ගියා හිතින්...:D:D:D
ReplyDelete
Deleteඑක්තරා අතීතයක කියන්නේ දැන් එයා තවදුරටත් නොහඳුනන රුවක් නෙමේද? :D
අපූරුයි!
ReplyDeleteඔබේ බ්ලොගයේ තීම් එකත් හරිම ලස්සනයි!
ජය!
සිංදුවනම් ඇහුවෙ නෑ.. කතාව ලස්සනට ලියලා තියනවා.. උඹ හොඳ ලියන්නෙක්.. මට මේ ශෛලිය දැක්කම මතක් වුනේ පරණ රුසියානු නවකතා පරිවර්තන.. ඒවත් ටිකක් මේ වගේ.. වගේ
ReplyDeleteකතන්දරේ නම් ටොප්..සින්දුවත් අහලා බලන්නම් ගෙදරදිම නිවීහැනහිල්ලෙ..
ReplyDeleteස්තූතියි හිරුහිමාවී, වෙනී, සෙන්නා... සේරටම
ReplyDeleteසින්දුවනම් අදයි ඉස්සෙල්ල ඇහුවේ.. විස්තරෙත් එක්ක සිංදුව අහද්දි දැනුනේ අපූරු හැගීමක්..
ReplyDeleteඅදමයි ඇහුවේ
ReplyDeleteකතාව කියවල අහන කොට පට්ට ගති ...
අපූරු අන්දමට විස්තර කරලා
ReplyDeleteගීතයටම අපූරු රූපරාමු පෙලක කතාවක්..
ReplyDeleteඋපරිමයි..!
හැමදාම වගේ උපරිමයි බීටල් අයියෙ
ReplyDeleteසිංදුව ගෙදර ගිහින් අහල බලන්නම්
ඔබේ නිර්මාණය ගීතයට පණ දෙනවා . අපුරුයි..
ReplyDelete