කූඩුවෙම ඉපදිලා...
කුඩුවෙම මැරිල යන...
රිළවෙක්ලු මම තවත්...
මුත්තා අපෙ කියන්නේ...
තියෙනවලු මහා ලොකු...
ලෝකයක් විසාලෙට...
දැල් හතරට පිටින්...
විහිදෙනා හුඟක් දුර..
කියවන්නෙ ඔය ඉතින්...
කැලෑ දිය ඇලි ගැනත්...
අඹ කෙසෙල් හැර තවත්...
පළතුරුත් මොනවදෝ...
කවුළුවෙන් නොවැටෙනා...
ගස් පඳුරු වල හැදෙන...
වයසයිනේ උන්දෑට...
දෙඩවිල්ල හිතලු ගැන...
පොරි ද මේ...
තව නැද්ද..?
පිංතූරය : පසුගිය දිනෙක නොවැලැක්විය හැකි හේතුවක් නිසා සත්තුවත්තට ගිය විටෙක ගන්නාලදී... විශාල කර බැලීමට ඒ මත ක්ලික් කරන්න...
උදේ වැඩිද මන්දා කියෙව්වා..... වේලාවකට මටත් හිතෙනවා මමත් එක්තරා කූඩුවක ඉන්න රිලවෙක්ද කියලා!
ReplyDeleteඕහ්...ඉස්සර ඉඳන්ම හිතුනද... නැත්තම් මේක කියෙව්වම හිතෙන්න ගත්තද..?
Deleteතේරෙන්න ගත්තු කාලේ ඉඳලා හිතුනා. එක පාරක් කූඩුවෙන් එලියට යන්න ලැබුනා.... එතකොට හොඳටම තේරුනා....
Deleteකූඩුවේ ඉන්නවද එළියට යනවද කියලා හැබැයි තාම කන්පියුස්... මම හරිනේ :)
Deleteතමන් සාදා ගත්තු
ReplyDeleteරාමුවක් තුලට වී
රාමුව තුල උන්ව
ප්‍රශංසා කරන
රාමුවෙන් පිට උන්ට
කුණුහරුපෙන් බැණ වදින
සදාචාර සම්පන්න
රිලව් දැන් හැම තැනම!
හික්ස්..... :))
Deleteදැන් මේකනේ... දැන් බලන්න... එක්කෝ ඕනේ නෑ... :D
Deleteකූඩුවේම හිටපු උන් කූඩුවෙන් පිට මුකුත්ම දන්නෙ නෑ නේන්නම්...
ReplyDeleteයා යා... උන්ට බනින එකත් වැරදි නැද්ද හා..?
Deleteමුත්ත මොනව හරි දන්නව ඇති
ReplyDeleteහුඟක් මුත්තලා හිතාගෙන ඉන්නෙ දන්නවා කියලා තමා!
Delete:D අනේ මන්දා...
Deleteහ්ම්ම්.. ජීවිතේ හැටි මචන්.. අපි හමොමෝ අපේ කියල කුඩු හැගෙන් ඇතුලෙන් ලෝක් කරගෙන එලියේ ඉන්න උන්ට බනිනවා, අඩෝ උබල අපිව කුඩු වලට දල හිර කරලා කියල..
ReplyDeleteදුක් සීන්.. අල්ලලා දාපන්, නැට්ට පිටින් අලි මැරෙන්නේ..
ස්තූතියි මචන්... අල්ලලා දාලා ඉන්නේ...
Deleteකූඩු අස්සේ ඉන්නකොට පේන ලෝකේත් එකමයිනේ නේද?
ReplyDeleteකූඩුවෙන් එලියට ගියාම දකින්න කියවන්න බලන්න විඳින්න දේවල් බොහොමයි කියලා තේරුම් ගත්ත දවසේ ඉඳලම මට කූඩු එපා වෙලා.
ඔව් හැබැයි කූඩුවෙන් එළියට ගියාද කියන එක හරියටම සුවර් කරගන්න ඕනේ..එළියේ ඉන්නේ කියලා අපි හිතන එකත් හරි විසාල කූඩුවක් නම්..?
Deleteකූඩුව හොඳයි බං වෙලාවකට
ReplyDeleteකවුළුවෙන් කෙසෙල් අඹ වෙලාවට ලැබෙනවා... දැල් අස්සෙන් පොරි එහෙමත්... උඹේ කැමැත්තක්...
Deleteඅපිත් මේ ලොකේ ඇතුලේ පුංචි කූඩුවකට කොටු වෙලා...
ReplyDeleteහ්ම්... ඒක දැනගන්න එකම ලොකු ජයග්‍රහණයක් මම හිතන්නේ... :)
Deleteබිඳ ගෙන යන්න, බිඳ ගෙන යන්න තමයි කොටුවෙලා ඉන්න කූඩු ගාන පෙනෙන්නෙ..
ReplyDeleteඅෆ්ෆා... උඹ කොහොමද බන් මම හිතන විදියටම හිතන්නේ...
Deleteමුත්තත් ඕන නැති මඟුල්නෙ කරන්නෙ කටපියං ඉන්නෙ නැතුව. එහෙම උන්නනං අර රිලවත් පොරි කාල සන්තෝසෙන් ඉඳීනෙ. මටත් ඊයෙ ඔයිං ජාතියෙ ආච්චියෙක් හම්බුවෙලා ඔළුව විකාර කරල ගියා. ඒ වෙනකං මාත් අර රිලව වගේ සනීපෙට පොරි කකා උන්නෙ.
ReplyDeleteවයසයිනේ උන්දෑට...
ReplyDeleteදෙඩවිල්ල හිතලු ගැන...
පොරි ද මේ...
තව නැද්ද..?
පොලුපාර වදින්නෙ හරියටම මෙතනදි. නියමයි බීටලේ !
එලකිරි මචං... එලමකිරි :)
Deleteමරු කවිය !!!
ReplyDeleteතව නැද්ද?
හැබෑට මොනවද ඔය කූඩුවකට වෙලා කරන්නෙ?
ReplyDeleteපොරි අහුරක් කියන්නෙ ජීවිතය නෙමෙයි.
අඹ/කෙසෙල්/ඔන්චිලි පදින්න ගස්...
බොරුනම් ඇවිත් බලන්න මගෙ කූඩුවට.
අපිත් ගිහින් බලලා මොනවා හරි දීල එනවා ... සත්තු ගැන මීට වැඩ හිතන්න ඕනේ බං
ReplyDelete