Thursday, February 9, 2012

48. කූඩුවේ රිළව් | Caged Apes

photo 2 copy

කූඩුවෙම ඉපදිලා...
කුඩුවෙම මැරිල යන...
රිළවෙක්ලු මම තවත්...

මුත්තා අපෙ කියන්නේ...
තියෙනවලු මහා ලොකු...
ලෝකයක් විසාලෙට...
දැල් හතරට පිටින්...
විහිදෙනා හුඟක් දුර..

කියවන්නෙ ඔය ඉතින්...
කැලෑ දිය ඇලි ගැනත්...
අඹ කෙසෙල් හැර තවත්...
පළතුරුත් මොනවදෝ...
කවුළුවෙන් නොවැටෙනා...
ගස් පඳුරු වල හැදෙන...

වයසයිනේ උන්දෑට...
දෙඩවිල්ල හිතලු ගැන...
පොරි ද මේ...
තව නැද්ද..?

පිංතූරය : පසුගිය දිනෙක නොවැලැක්විය හැකි හේතුවක් නිසා  සත්තුවත්තට ගිය විටෙක ගන්නාලදී... විශාල කර බැලීමට ඒ මත ක්ලික් කරන්න...

28 comments :

  1. උදේ වැඩිද මන්දා කියෙව්වා..... වේලාවකට මටත් හිතෙනවා මමත් එක්තරා කූඩුවක ඉන්න රිලවෙක්ද කියලා!

    ReplyDelete
    Replies
    1. ඕහ්...ඉස්සර ඉඳන්ම හිතුනද... නැත්තම් මේක කියෙව්වම හිතෙන්න ගත්තද..?

      Delete
    2. තේරෙන්න ගත්තු කාලේ ඉඳලා හිතුනා. එක පාරක් කූඩුවෙන් එලියට යන්න ලැබුනා.... එතකොට හොඳටම තේරුනා....

      Delete
    3. කූඩුවේ ඉන්නවද එළියට යනවද කියලා හැබැයි තාම කන්පියුස්... මම හරිනේ :)

      Delete
  2. තමන් සාදා ගත්තු
    රාමුවක් තුලට වී
    රාමුව තුල උන්ව
    ප්‍රශංසා කරන
    රාමුවෙන් පිට උන්ට
    කුණුහරුපෙන් බැණ වදින
    සදාචාර සම්පන්න
    රිලව් දැන් හැම තැනම!

    ReplyDelete
    Replies
    1. දැන් මේකනේ... දැන් බලන්න... එක්කෝ ඕනේ නෑ... :D

      Delete
  3. කූඩුවේම හිටපු උන් කූඩුවෙන් පිට මුකුත්ම දන්නෙ නෑ නේන්නම්...

    ReplyDelete
    Replies
    1. යා යා... උන්ට බනින එකත් වැරදි නැද්ද හා..?

      Delete
  4. මුත්ත මොනව හරි දන්නව ඇති

    ReplyDelete
    Replies
    1. හුඟක් මුත්තලා හිතාගෙන ඉන්නෙ දන්නවා කියලා තමා!

      Delete
    2. :D අනේ මන්දා...

      Delete
  5. හ්ම්ම්.. ජීවිතේ හැටි මචන්.. අපි හමොමෝ අපේ කියල කුඩු හැගෙන් ඇතුලෙන් ලෝක් කරගෙන එලියේ ඉන්න උන්ට බනිනවා, අඩෝ උබල අපිව කුඩු වලට දල හිර කරලා කියල..
    දුක් සීන්.. අල්ලලා දාපන්, නැට්ට පිටින් අලි මැරෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්... අල්ලලා දාලා ඉන්නේ...

      Delete
  6. කූඩු අස්සේ ඉන්නකොට පේන ලෝකේත් එකමයිනේ නේද?

    කූඩුවෙන් එලියට ගියාම දකින්න කියවන්න බලන්න විඳින්න දේවල් බොහොමයි කියලා තේරුම් ගත්ත දවසේ ඉඳලම මට කූඩු එපා වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැයි කූඩුවෙන් එළියට ගියාද කියන එක හරියටම සුවර් කරගන්න ඕනේ..එළියේ ඉන්නේ කියලා අපි හිතන එකත් හරි විසාල කූඩුවක් නම්..?

      Delete
  7. කූඩුව හොඳයි බං වෙලාවකට

    ReplyDelete
    Replies
    1. කවුළුවෙන් කෙසෙල් අඹ වෙලාවට ලැබෙනවා... දැල් අස්සෙන් පොරි එහෙමත්... උඹේ කැමැත්තක්...

      Delete
  8. අපිත් මේ ලොකේ ඇතුලේ පුංචි කූඩුවකට කොටු වෙලා...

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒක දැනගන්න එකම ලොකු ජයග්‍රහණයක් මම හිතන්නේ... :)

      Delete
  9. බිඳ ගෙන යන්න, බිඳ ගෙන යන්න තමයි කොටුවෙලා ඉන්න කූඩු ගාන පෙනෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා... උඹ කොහොමද බන් මම හිතන විදියටම හිතන්නේ...

      Delete
  10. මුත්තත් ඕන නැති මඟුල්නෙ කරන්නෙ කටපියං ඉන්නෙ නැතුව. එහෙම උන්නනං අර රිලවත් පොරි කාල සන්තෝසෙන් ඉඳීනෙ. මටත් ඊයෙ ඔයිං ජාතියෙ ආච්චියෙක් හම්බුවෙලා ඔළුව විකාර කරල ගියා. ඒ වෙනකං මාත් අර රිලව වගේ සනීපෙට පොරි කකා උන්නෙ.

    ReplyDelete
  11. වයසයිනේ උන්දෑට...
    දෙඩවිල්ල හිතලු ගැන...
    පොරි ද මේ...
    තව නැද්ද..?

    පොලුපාර වදින්නෙ හරියටම මෙතනදි. නියමයි බීටලේ !

    ReplyDelete
    Replies
    1. එලකිරි මචං... එලමකිරි :)

      Delete
  12. මරු කවිය !!!
    තව නැද්ද?

    ReplyDelete
  13. හැබෑට මොනවද ඔය කූඩුවකට වෙලා කරන්නෙ?
    පොරි අහුරක් කියන්නෙ ජීවිතය නෙමෙයි.
    අඹ/කෙසෙල්/ඔන්චිලි පදින්න ගස්...
    බොරුනම් ඇවිත් බලන්න මගෙ කූඩුවට.

    ReplyDelete
  14. අපිත් ගිහින් බලලා මොනවා හරි දීල එනවා ... සත්තු ගැන මීට වැඩ හිතන්න ඕනේ බං

    ReplyDelete

Web Statistics