“එන්න ඔය ඇති දැන් යන්…”
අම්මා ඇයගේ යෙහෙළියගෙන් නිවසින් එළියට බහින ගමන් එසේ පවසන්නේ ගෙමිදුලේ චොපර් බයිසිකලයක් තල්ලු කරමින් සිටින මාහටයි…
“ඇති… අපි යනවා…”
මාගේ අලුත් යෙහෙළියට ඇයගේ බයිසිකලය බාර දෙන මා ඇයගෙන් සමුගන්නේ තවත් රවුමක් බයිසිකලය තල්ලු කිරීමට ඇති ආශාව මඬින ලද සිතින්…
“අම්මේ අපිටත් බයිසිකලයක් ගන්න බැරිද..?”
මා අසන්නේ ඉන් බොහෝ වේලාවකට පසු අප නිවස ආසන්නයේදී… නිවසින් බැහැරට යන වේලාවන්හිදී කිසිවක් නොඉල්විය යුතු බවට අම්මා විසින් මැනවින් පුහුණු කරන ලද මගේ සංයමය බිඳින්නේ එහෙමත් දිනෙකයි… බරැති සුසුමක් හෙළන අම්මා මා හිස අත ගාන්නේ නිහඬ මුවින්…
පිළිතුර සරලයි…
“බයිසිකලයක් ගන්න කොයින්ද පුතේ අපිට සල්ලි…”
ඉන් සති කිහිපයකට පසු පාසැල නිමවී නිවසට එන මා හට දකින්නට තිබෙන්නේ ගෙපිලේ හේත්තු කර ඇති චොපර් බයිසිකලයක්…
දන්නා හඳුනන අය ලවා ආරංචි කරගෙන පාවිච්චි කල බයිසිකලයක් අඩු මිලට සොයා ගන්නටත්… එය මිලදී ගන්නටත් අම්මා මහත් වෙහෙසක් දරන්නට ඇති…
නමුත් මට හොරෙන් එය රැගෙන විත් බලාපොරොත්තු නොවූ මොහොතක මට තිළිණ කර මා මුහුණේ ඇඳුණු සිනාව දැක ඇය ලද සතුට මිල කල නොහැකි බව මට විශ්වාසයි…
********
“හෙට කම්බි ඇදලා කරන්ට් දෙනවලු… ඔහේලගේ වයරින් කරලා තියෙන ගෙවල් සේරටම හෙටම කරන්ට් ලැබේවි…”
අප නිවසට රැස්වුණු අවට ගම් වැසියන්ට තාත්තා කියන්නේ ජයග්‍රාහී ලීලාවෙන්… තම නිවස වයරින් කරගන්නට මුදල් නැතත් ගමට විදුලි බලය ලබා ගැනීමට තාත්තා ආණ්ඩුව සමග ගෙනගිය හුදෙකලා සටනින් ඔහුට ජය හිමිවන්නට ඇත්තේ තව හෝරා කිහිපයයි…
“හැබැයි ඉතින් මෙච්චර මහන්සි වුණ එකේ සිරිල් අයියටත් කරන්ට් ලැබුණනම් තමයි අපිට හිත සැනසීම…”
“තව මේ පොඩි වැඩ ටිකක්නේ ඉතුරු වෙලා තියෙන්නේ… ඒ ටික හෙට අනිද්දාම එකලාසියක් කරගත්තම හරි…”
තාත්තා කියන්නේ අහිංසකව සිනාසෙමින්…
පසු දින තාත්තා රැකියාවට පිටත්ව යන්නේ ඉර අවරට හැරුණු පසු නැවත නිවසට පැමිණේද්දී, තම නිවසේ නැතත් අවට නිවෙස් වල විදුලි ආලෝකය දැකීමේ බලාපොරොත්තුවෙන් විය යුතුයි…
ඒ පාසැල් නිවාඩු කාලය නිසා නිවසේ නතර වී කෙළි සෙල්ලමෙන් මිදුලේ කාලය ගතකරන මා දකින්නේ ප්ලාස්ටික් බට, වයර් රෝල් වැනිදේ කිහිලි ගන්නාගෙන යතුරු පැදිවලින් අප නිවසට සේන්දුවන තාත්තාගේ මිතුරන් කිහිප දෙනෙක්…
“පුතේ අම්මා ඉන්නවද..?”
“ඉන්නවා…”
මා පවසද්දීත් අම්මා ගෙපිලට පැමිණ අවසන්…
“අක්කේ සිරිල් අයියා ලයිට් වැඩේට ගොඩක් මහන්සි වුණ එකේ එයා කළුවරේ ඉද්දී අපිට ලයිට් තිබිලා වැඩක් නෑ… අපි හදන්නේ සිරිල් අයියා හවස වැඩ ඇරිලා එන්න කලින් ගෙදර කරන්ට් සෙට් කරන්ඩ…”
පැය ගණනාවක් ඔවුන් කඩිසරව වෙහෙස මහන්සි වී වැඩ කරන අයුරු මා බලා සිටියේ ඔවුන්ගේ සැලැස්ම ගැන එතරම් අවබෝධයකින් නෙවෙයි… සවස තාත්තා නිවසට එද්දී වැඩ සියල්ල නිමා කර නිවසේ එකදු කුප්පි ලාම්පුවක්වත් නොදල්වා මුළු නිවසම අඳුරේ තබන්නේ ඔවුන්ගේ සැලැස්මකට අනුවයි…
“මොකද මේ ගේම කලුවරේ… ලාම්පුතෙල් ඉවරද...?”
එසේ අසාගෙන තාත්තා ගෙටගොඩවෙද්දී තිලකේ අංකල් මේන් සුවිච් එක දමන්නේ මුළු නිවසම ඒකාලෝක කරමින්… විදුලි ආම්පන්න වියදමත්, වරුවක් තිස්සේ ඔවුන් කිහිපදෙනෙක් වූ මහන්සියත් සුළුපටු නොවෙයි… නමුත් බලාපොරොත්තු නොවූ මොහොතක නිවසේ විදුලිය දැල්වීමට සලස්වා තාත්තාගේ මුහුණේ ඇඳුණු සිනහව දැකීමෙන් ඔවුන් ලද සතුට මිල කල නොහැකි බව මට විශ්වාසයි…
*********
මේ අතීත සිදුවීම් දෙක ගැලපුවේ වෙනත් කතාවක් කියන්නයි… ජීවිතයේ කෙනෙකුට සතුටුදායක දෙයක් ලබාදිය යුත්තේ සර්ප්‍රයිස් එකක් ලෙස බව මා තරයේ අදහන කරුණක්… එවිට එහි සතුට වඩාත් ඔපදමාගත හැකියි… මේ අද මට ලැබුණු එවැනි සර්ප්‍රයිස් එකක්…
දෙමාපිය නෑදෑ හිත මිතුරන්ගෙන් වෙන්ව විදේශ රටක ගතකරන ජීවිතයක අහිමි වන දේ බොහෝමයි… සිතූ සැණින් සපයා ගත නොහැකි ලංකාවේ සමහරක් කෑම බීම ඉන් එක් දෙයක්…
“මට ආසාවක් ආවා හැලප කන්න… මේ පාර නිවාඩුවට යද්දී ඔයාලගේ අම්මට කියන්න හැලප හදන්න කියලා හොඳේ..?”
දින කිහිපයකට පෙරදී, හැලප හදමුදැයි නොකියා මා ඇයට එසේ කියුවේ හැලප සෑදීමට හැකිදැයි ඇසීම මොඩකමක් බව දන්නා නිසයි… කුරක්කන් පිටි නම් කොහෙන් හරි හොයාගත්තායැයි කියමු ඒත් දෙවියනේ කැන්ද කොල මොන ලෝකෙන් හොයන්නද..?
දවස් කීපයක් ගතවෙන්නේ සුපුරුදු නිහැඬියාවෙන්… නමුත් සියල්ල වෙනස් වෙන්නේ අද සවස තේ මේසයට පැමිණෙන මේ අමුතු පිඟානෙන්…
“මේ මොනවද..?”
“ඇරලා බලන්ඩකෝ…”
හැලප..!!!
මා නොමැතිව කිසිදින නිවසින් බැහැරැට ගොස් නැති ඇයට නාඳුනන රටක කුරක්කන් පිටි හොයමින් නගරය පුරා තනිවම සැරි සරන්නත්, අවශ්‍ය අනෙකුත් අඩුම කුඩුම මිලට ගෙන අවසානයේ මෙය සෑදීමටත් වෙනදාට වඩා වෙහෙසක් ගන්නට සිදුවෙන්නට ඇති… එහෙත් ඇලුමිනියම් පැහැති ෆොයිල් කොලය විවෘත කර බැලීමෙන් පසු මා මුහුණේ ඇඳුනු සිනාව දැක ඇය ලද සතුට මිල කල නොහැකි බව මට විශ්වාසයි…
තවකෙකුගේ පුංචි සිහිනයක් පාට කිරීමට ඔබ ගතයුතු වෙහෙස බොහෝ විය හැකියි… එහෙත් එසේ කිරීමෙන් ඔබ ලබන සතුට මිල කල නොහැකිනම් ඔබ ජීවිතය උපරිමයටම විඳි කෙනෙක් බව නිසැකයි…
සිහින වල පාට තැවරුම ගැන නම් කවර කතාද බීටල් ! මගේ සිහින සේරම එකින් එක අරන් මටත් හිතා ගන්න බැරි තරමට පාට තවරපු සහෘදයෙක් ඉන්න, එහෙම ගොන්නක් හිටපු මට !එයා දන්නවා මම Digital SLR කැමරාවකට ආසයි ඒත් කියන්නෙ නෑ කියලා..ළඟදි දවසක කියනවා.. මන් ගන්නවා අළුත් මොඩල් එකක් -ළඟ තියෙන මොඩල් එකෙන් පස්සෙ ආවෙ ඒ සීරිස් එකේ මොඩල් 2යි තවම - දැන් මන් පාවිච්චි කරන එක දෙන්නද කියලා ? ඉතින් හිතා ගන්නකො !
ReplyDeleteඑහෙම යාළුවෝ ලැබෙන්නත් හේතුවක් තියෙනවා... වපුරපු දේ ලු නේ නෙලාගන්නේ :)
Deleteමගෙත් අදහස ඕකම තමා.විශේෂයෙත් තමන් ආදරේ කරන කෙනාව පුදුම කරලා එයා සතුටු වෙන හැටි දැක්කාම ඇති වෙන සතුට ගැන නම් කියලා වැඩක් නෑ.
ReplyDeleteබීටලීට ජය වේවා......!!!!!
ස්තූතියි නිසුපා... :)
Deleteජීවිත වල කොයිතරම් කරදර දුක් කම්කටොළු ආවත් ඒ ඕනම වෙලාවක ආයෙත් හිනා කටක් ගන්න පුළුවන් මතකයන් ඔය වගේ.. ජය..!
ReplyDeleteඇත්ත තමයි සුධීර, ජීවත් වෙනවා කියන්නේ ඒක වෙන්න ඇති...
Deleteහැලප ටික දැක්කාම නම් මූණෙ තියෙන්ටැති හිනාව අපිටත් මැවිලා පේනවා..මේ වගේ දේවල් වලින් අපේ හීන පාට කරන අය එක්ක ජීවත් වීමම වාසනාවක් නේද?
ReplyDeleteඔව් ඇත්තටම අපේ ජීවිතේ ලස්සන කරන්නේ ඒ අය තමයි... ස්තූතියි ප්‍රතිචාරයට ඔබටත්...
Deleteහරි පුදුමයි බීටල්....
ReplyDeleteඊයේ හවස මාත් මගේ හදවත ලඟින්ම ඉන්න කෙනෙක්ගේ මුහුණෙ සතුටු සිනාවක් දැක්කා.ඒ හිනාවේ මුලිකයා මමයි. දන්නව ද? මම අපේ අම්මට හෑන්ඩ් ෆෝන් එකක් ගිහින් දුන්නා. ඇයට ඕනි වෙලා තිබ්බ ජංගම දුරකථනය , ඇය ගන්න හිටියේ ඇගේ පෙන්ෂන් එකෙන්. නමුත් ඇගේ සොච්චම් පෙන්ෂන් එකට ඔරොත්තු නොදෙන තරම් වැඩ හැමදාමත් තියෙන නිසා ඒක හීනයක්ම උනා. ඊයේ හවස මම අම්මට මේ තෑග්ග ගෙනිච්චම අහපු දේට තාමත් මට හිනහයි.
වැඩ ඇරිල ගෙදර ආපු මම, වෙනද වගේම ඇයව සොයන් කුස්සියට ගියා.
“ මෙන්න අම්මට මයෙන් “ මම පාර්සලය ඔතපු බෑගය ඇයට දිගුකරන ගමන් කීවා.
“ මොනවැයි පුතේ , රෝස් පාන්ය ? “
මට හිනහ ගියා වගේම හිතට පුංචි දුකකුත් ආවා. හැමදාම හවසට වැඩ ඇරිල ගෙදර එද්දි , ඇයටයි මටයි ගේන රෝස් පාන් අද ගේන්න අමතක උන නිසා.
“ ඇරල බලන්නකෝ “
ගොටුකොළ කොළ සම්බෝලෙට කොළ අහුලමින් හිටපු තෙත අත් දෙකෙන්ම ඇය ඒක විවෘත කරද්දි , ඇගේ ඇස් සතුටින් බබලද්දි මට දැනුන සතුට මිල කල නොහැකි බව .... ඒ එක්කම අද ඔබේ මේ ලිපිය ඒ සතුට තවත් වැඩි කරන්න හේතු උනා.
ස්තූතියි බීටල්..
ගොඩක් ලස්සන්නයි... :) කැමරාවක් ගන්න සල්ලි එකතු කරනවා කිව්වා නේද..? එහෙම කරත්දිත් මේක කල නිසා තමයි වැඩියම වටින්නේ මම හිතන්නේ... :)
Deleteඑළ
ReplyDeleteඑළ
Deleteහැලප තමා
ReplyDeletehttp://faceact.blogspot.com/
ඔව් මම කාලා බැලුවනේ :D
Deleteඅද්දැකීම් නං එමටයි බීට්ල්... වැඩියෙම හැබැයි මටයි තෑගි ලැබිලා තියෙන්නෙ. මම සතුටු වෙද්දි ඒ ගොල්ලන්ගෙ මූණවල් බලන්නත් ආසයි.
ReplyDeleteහැබැයි අපේ හුග දෙනෙක් මේක පෙන්වන්න දන්නැ...
ඕව් ඒකත් පෝස්ට් එකක් දාන්න තරම් ලොකු සිද්ධියක්...
Deleteබීට්ල් කියපු සිද්ධි තුනම කව්රුන් හෝ හදවතට එකඟව කරපු සර්ප්‍රයිස් හින්ද සතුටු වෙන්න පුළුවනි.
ReplyDeleteමෙහෙ ඉන්න සමහර ලංකාවෙ අය සර්ප්‍රයිස් පාටි දාන්නෙ, වියදම අඩු කරන්නද කියල සැක හිතෙන තරම්. මහත්තයගෙ උපන් දිනේට නෝන, නෝනගේ උපන් දිනේට මහත්තය සර්ප්‍රයිස් පාටි ඔර්ගනයිස් කරනව. කෑම බීම ඔක්කොම ආරාධිතයෝ අරං එන්න ඕනෙ.
පෙරේද ඔබීගේ උපන් දිනේ. නියම සර්ප්‍රයිස් තෑග්ගක් අරන් තියල මම වැඩට ආව. ඔබී වැඩ ඇරිලා ඇවිල්ල තෑග්ග දැකල කොයි තරං සතුටු වුනාද දකින්න මම ගෙදර හිටියෙ නෑ. ඒ වුනාට ලොකු දුව ගෙන් දැන ගන්න ලැබුන, අම්ම කොයි තරං සතුටු වුනාද කියල.
මාත් ගිහින් තියෙනවා ඔයවගේ එහෙකට... මිරින්ඩා තිබුනා නාන්ඩ...
Deleteඋපන්දින සීන් එක දන්නෙත් නෑනේ... ඔබී ඇන්ටිට බීට්ල් සුභ උපන්දිනයක් පැතුවා කියන්න... ඔබී ඇන්ටිනම් හිනාවෙලා කියයි "මරණයටයි දවසක් හරි ළංවීම" කියලා...
සහතික ඇත්ත, ඇත්තත් ඒකනෙ....
Deleteසිද්ධි පෙල අපූරුවට ගලපලා තියෙනවා. :)
ReplyDeleteස්තූතියි පූසා...
Deleteමේක කියවපු මට මතක් උනේ මගේ බිරිඳ මට දුන්න පළවෙනි තෑග්ග... අපි හම්බෙලා යෙදුන පලවෙනි උපන් දිනේදි ඇය විසින්ම ගෙත්තම් කර මට දුන්න තෑග්ග අදටත් සුරැකිව තියෙනවා... එය විවෘත කර බැලීමෙන් පසු මා මුහුණේ ඇඳුනු සිනාව දැක ඇය ලද සතුට මිල කල නොහැකි බව මට විශ්වාසයි…
ReplyDeleteඅනිවාර්යෙන්ම එහෙම වෙන්න ඇති... හුඟදෙනෙක් ආදරේ කරනකල් අරන් තියාගත්ත මේ සිහිවටන විවාහ වුණාට පස්සේ අමතක කරනවා... ඒ අතින් අභීත තවමත් හොඳ ආදරවන්තයෙක් :)
Deleteජීවිතේම එකම සර්ප්‍රයිස් එකක් බං
ReplyDeleteඔව් සමහරවිට ඒකම එක හේතුවක් වෙන්න ඇති මිනිස්සු ජීවිතේට මෙච්චර ආදරේ වෙන්නත්...
Deleteලාවට ඇඬුනෙමිය.
ReplyDeleteලාවට ඇඬෙනවා කියන්නේ සතුටු කඳුළු... :)
Deleteතෑග්ග ලබා ගන්න කෙනාටත් ලොකු වගකීමක් තියෙනවා..... :D
ReplyDeleteඔව් ඉතින් ඒ වගකීම අඳුනගෙන නේන්නම් මේ වැඩ අස්සේ පෝස්ට් එකකුත් දැම්මේ :D
Deleteඅපි ආදරේ කරන කෙනෙක්ව පුදුම කරලා එයාලා ගොඩක්ම ආසා කරන දෙනකොට ඒකේ කියා ගන්න බැරි සතුටක් තියෙනවා..
ReplyDeleteඔව් දිනේශ්... ආදරේ සුන්දරත්වය වැඩි කරවන පුංචි අත්බෙහෙත් වෙන්නැති... :)
Deleteමගේ විනෝදාංශය මේක මචං!!!
ReplyDeleteමෙව්වට සල්ලි යන්නේ බොහොම ටිකයි
අනපේක්ෂිතව හිතවතුන් හම්බවෙලා ඔය විදිහට ඔවුන් පුදුමයට පත් කරලා මම විඳින සතුට නිමක් නෑ!!!
අහලත් තියෙනවා... දැකලත් තියෙනවා... :D
Deleteතෑග්ග ලබන කෙනාගෙ මූණෙ ඇඳෙන හිනාවේ සතුට කවදාවත් මේ ලොකේ කිසිම දෙයකට සමාන කරන්න බැරි වටිනාකමක් තෑග්ග දෙන කෙනාගෙ හිතට..
ReplyDeleteකතා පොඩි ගලපලා තියෙනවා අපූරුයි.. :)
ස්තූතියි නන්ඳු...
Deleteඇත්තටම අපි ආදරේ කරන කෙනෙක්ව පුදුම කරවල එයාගෙ මූනෙ ඇඳෙන හිනාව දකින එක තරන් සතුටක් තවත් නෑ තමයි... මම දුන්නු වගේම මට ලැබුනු සප්‍රයිස් අපමණයි... එයින් එකම එක කතාවක් මම ලියන්නං..
ReplyDeleteකාලයක් මගෙ හොඳම යාළුව වෙලා හිටපු කෙනාට මම ආදරේ කලා... කවදාවත් මේ ආදරේ වචන වලින් හුවමාරු වෙලා තිබ්බෙ නෑ... ඒත් එයා ඒක දැනගෙන හිටිය... එයා ඒ ගැන කිසිම විශේෂයක් පෙන්නපු නැති නිසා මම හිතුවෙ එයා මට කැමති නෑ කියල... ඒත් අපි යාළුවො වගේ ළඟින්ම ආශ්‍රය කලා...
එක දවසක් එයා බුකියෙ ස්ටේටස් එකක් දානව... '19 days more' කියල... මේක කවුන්ට්ඩවුන් එකක් වගේ අප්ඩේට් කලා දවස ගානෙ... මාත් ඇතුලුව අහපු කාටවත් කිව්වෙ නෑ ඒකෙ තේරුම මොකක්ද කියල... ඒත් ඔය කවුන්ට්ඩවුන් එක ඉවර වෙන දවසටම තමයි එයාගෙ කන්තෝරුවෙ නත්තල් පාටිය ලෑස්ති කරල තිබ්බේ... මම හිතුවෙ දවස් ගනින්නෙ ඒකටයි කියල...
ඔහොම දවස් ගෙවුන... ඒ දවස්වල අපේ අම්ම මාව බලන්න නොයෙකුත් මනමාලයො ගෙන්නනව... මට ඕක එපාම වෙලා තිබ්බේ... ඔය කියන දවසෙ අම්ම කිව්ව 'ඔයාව බලන්න කෙනෙක් එනව' කියල... මම සුපුරුදු පුක් මූන දාගෙන මගෙ යාළුවට කෝල් කරල විස්තරේ කිව්වම එයත් කිව්ව 'ලස්සනට ඇඳල ඉන්න ඉතින් කොල්ල බලන්න' කියල... මට තව කේන්ති... මම එදා උදේ එයත් එක්ක ලොකු වලියක් දාගෙන තරහ උනා...
දැන් ඔන්න හවස කට්ටිය ඇවිත්... මම සුපුරුදු විදියට කැතට ඇඳල මූන එල්ලන් බලන් ඉන්නව... අම්ම ඇවිත් කේක් ට්‍රේ එකක් දුන්න අල්ලන්න කියල... මාත් ඉස්සෙල්ල ඇවිත් හිටපු කොල්ලගෙ අම්මට, තාත්තට කේක් අල්ලනව... කොල්ලව දැක්කෙ නෑ... අම්මත් කොල්ලව පේන්නෙ නැති වෙන්න කවර් කරනව... මේක ඒ වෙලාවෙ මට එච්චර තේරුනේ නෑ... පස්සේ කොල්ල දිහාට හැරුන... මම ආදරේ කරපු දිලිසෙන ඇස් දෙක මගෙ දිහා හිනා වෙවී බලන් ඉන්නව... මාව එක පාරටම වෙවුලන්න ගත්ත... අම්ම මාව පිටි පස්සෙන් අල්ල ගත්ත... නැත්තන් අතේ තිබ්බ ට්‍රේ එක වැටෙනව... එයා නැගිටල මට රෝස මලක් දීල, අම්ම තාත්ත ඉස්සරහම කම්මුලට උම්ම එකක් දීල කිව්ව දවස් ගනන් කලේ මට ආදරෙයි කියන්න කියල... පැයක් යනකන් මට කතා කරන්නවත් වෙවුලන එක නතර කර ගන්නවත් බැරි උනා...
එයා ඒ දේවල් එයාගෙ අම්ම, තාත්ත වගේම මගෙ අම්මත් එක්කත් එකතු වෙලයි කරල තිබ්බේ... මේක ඇත්තටම මට උනු දෙයක්... ඒත් පස්සෙ වෙච්ච දේවල් ඊට වඩා ගොඩාක් වෙනස්...
wow......!!!!!!!!
Deleteතිස්ස අයියා කිව්ව වගේ වාව් ඉන්ඩීඩ්... :) ගොඩක් ලස්සන ආදර කතාවක්... ඒ අන්තිමට කියන්නේ ඒ ලස්සන ඒ විදියමට තියාගන්න බැරිවුණා කියලද..? විශ්වාස කරන්නත් අමාරුයි...
Deleteපට්ට! :) ඕසම්! :P
Deleteමාත් ගොඩක් අයට ඔය කියන සර්ප්‍රයිස් දීලා සතුටු වෙලා තිබුනට එහෙව් සර්ප්‍රයිස් එකක් මතක ඇති කාලෙක විඳලා නෑ බං!ආසවෙන් බලන් ඉන්නවා! :)
ReplyDeleteඋඹත් වගෙන් ඔරෝ තියරිය පාවිච්චි කරලා!උඹ වාසනාවන්තයි ඒ දේවල් තේරුම් ගන්න පුලුවන් කෙල්ලෙක් හම්බවෙච්ච එක ගැන!මොකද වහෙන් ඔරෝ තේරෙන කෙල්ලො ඉන්නෙ බොහොම පොඩ්ඩයි! :)
උඹ කියන විදියට උඹේ කෙල්ලට සර්ප්‍රයිස් චූ යනව ඇති ශුවර් එකටම. කෝකටත් බය කරන්නෙ නැතුව කියල බලපං
Deleteමෙතෙන්ට එකතු කරන්න ඕන තව එකක් මතක් උනා.. මේක තිබ්බෙ යූ-ටියුබ් එකේ.. ලෝකෙ ලස්සනම විවාහ යෝජනාව
ReplyDeleteFollow this link
ඔතනදි බීටලේ තෑග්ග ගන්න මනුස්සය හැඟීම් දැනීම් නැති ගල්ගෙඩියක් උනොත් "මීටවඩා හොඳයි කාක්කන්ට ආප්ප අරන්දෙනව" කියල හිතෙනවනෙ. මට කාලෙකට ඉස්සර ඔහොම දෙයක් උනා. ඒක නිසා එදා ඉඳල මට කවුරු හරි ටොපියක් දුන්නත් සන්තෝසෙන් ප්‍රතිචාර දක්වන්නව.
ReplyDeleteඒ ගැන නම් කියන්න වචන නෑ බීටල්, ඒක අහිංසක සතුටක්, එහෙම අවස්ථාවක සතුටට ඇස් දෙක බොඳ වෙනවත් එක්කම හිතෙන්නේ මේ දේ මම දෙන්න හරි මට දෙන්න හරි, අනෙකා හරි මම හරි කොච්චර මහන්සි උණාද හරි මහන්සි වෙන්න ඇතිද කියලා....
ReplyDeleteමම මේ ආවමයි. ආවෙත් පරක්කු වෙලා. නමුත් ආ එක ගැන සතුටුයි මේ කතාව
ReplyDeleteකියෙව්වාම. අනිත් ඒවාත් පස්සෙ කියන්වන්න ඕනෙ.
henryblogwalker the Dude
ලාවට ඇඬුනෙමිය. matath meseya
ReplyDeletemath meya eye kala mage hithadariyata,
Car 1k gaththa bawa nokiya car 1 giya pick karanne,
amme e as wala thibba sathuta.... <3