Sunday, September 11, 2011

35. දරු නැළවිල්ල | Lullaby

 

klimt-213

 

සත්ගුණවත් මහත්මයෙක්…
සුරලොව ගෙනගොස් එනතුරු… 
ණයට ලැබුණු නිදි යහනේ…
පේන දුරින් නිදන් පුතේ…
අඬන්නෙපා කිරි ඉල්ලා…
වඩන්න කියලා…

කප්පරක් නේක අවමන්…
සිගිති අතින් මිට මොළවන්…
නිදන උඹේ රෝස කොපුල්…
සිඹින්න ආසයි මේ දැන්…
දෙතොල් මුදනු නොහැක, සිතින් …  
උඹව සිඹිනවා…

පුපුරු ගහන වේදනාව…
කඳුළුබිඳක හිරකරද්දි…
ලයෙන් නැගෙන කෙදීරිලි හඬ…
උඹේ නින්ද කඩනවාද…
ඉවරයි මගේ පුංචි පුතේ…
අම්මා එනවා…

උගස් කරපු ළැම තුරුලේ…
කිරි සුවඳට ඉව කරද්දි…
සිගරැට් ගඳ දැනෙනවාද…
මගේ පුංචි කුමාරයෝ…
අහන්නෙපා අම්මාගෙන්
ඇයි ඒ කියලා…

මූණු පොතේ තියෙන කවි ගෲප් එකකට මම අහම්බෙන් වගේ ජොයින් වුණා…දැන් මගේ ඉන්බොක්ස් එක පිරෙන්න එනවා එනවා එනවා ලස්සන  කවි එකක් කියවද්දි එකක්… මෙවා කියවලා කොච්චර කික් එකක් ආවද කිව්වොත් මෙන්න මමත් ලියලා කවියක්… :D

පින්තූරය : GUSTAV KLIMT ගේ තෙල් සායම් චිත්‍රයක්

ප/ලි : සොඳුරු සිත කිව්ව කතාව මෙතැන තියෙනවා... වෙලාව ඇතොත් කියවන්න අමතක කරන්නේපා...

23 comments :

  1. කණට ගැහුව වගේ, නියමයි !

    ReplyDelete
  2. ‍මේ කවිය කි‍යෙවුවම මට මතක් වු‍නේ , ඔයාම ද කො‍හෙද ලීව කතාවක්. මතකද අර ම්ම්ම්...ඉන්න මම ලින්ක් එක ‍සොයලම දාන්න..

    http://akurublog.blogspot.com/2010/12/sinners-in-darkness.html

    ‍මේ කවි‍යොමුල කියවද්දිම ම‍ගේ මතකයට ආ‍වේ ‍මේ කතාවයි....

    ReplyDelete
  3. අඳු‍රේ පවු කරන දනා ........

    ReplyDelete
  4. @නිසුපා, ඇනෝනිමස්, නවම්
    ස්තූති වේවා... :)

    @සොඳුරු සිත
    ඔව් මේ ඒ ගැනම තමයි... :) ගල් වුණ චුයින්ගම් ගුලියක් වගේ හූරලා අයින් කරගන්න බැරුව ඔළු කට්ට ඇතුළෙන් ඇලිලා තියෙන මේ සිතිවිල්ල සැරින් සැරේ හොල්මන් කරනවා...

    ReplyDelete
  5. "කප්පරක් නේක අවමන්
    සිඟිති අතින් මිට මොළවන්"...
    සත්ගුණවත් සමාජයෙන් දරුවන්ට ලැබෙන තිළිණ?

    "ණයට ලැබුණු නිදි යහනේ
    පේන දුරින් නිදන් පුතේ"

    අපේ මහා දීර්ඝ සංස්කෘතිය කර උඩ තියාගෙන ඇස් යටින් ඔරවා බලන සුදනන්ට අනුවනම්, අම්මාවරු යනු පොතේ අත්සන් කර ළමයි බිහි කරන්නියන්ය. මෙවන් කතක් තුළ මවක දකිනුයේ කිවියන් පමණක්ම වගේ.
    හිතට වදින යෙදුම්වලින් සැරසුණු පැදිපෙළක්.

    ReplyDelete
  6. කොටින්ම ,,,,, සසල වීමි !!!!!!!
    විශිෂ්ටයි !!!!!!!!!!!

    ReplyDelete
  7. නියමයි අය්යේ!
    උපරිමයි!

    ReplyDelete
  8. @Buddhika, @ජීවිතේ මල්, @පූසා

    හැමදෙනාටම, ගොඩාක් ස්තූතියි...

    ReplyDelete
  9. මාරයි....හිතට මාර විදියට දැනුණා

    ReplyDelete
  10. හිතට දැනුන නියම කවියක් යාළුවා... විශිෂ්ඨයි....

    ReplyDelete
  11. නියමයි...මේක නම් කියල වැඩක් නැ...!

    ReplyDelete
  12. @සිතුවිලි නිහඬයි, @Dinesh, @~RaසිකyA~

    ඔබ හැමටත්, අගය කිරීමට ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  13. ඇස් දෙකට කඳුළු එන නිර්මාණයක් බීට්ල්..

    අනර්ඝයි.....

    ReplyDelete
  14. විශිෂ්ඨ නිර්මානයක් ! වැඩ අධික කම නිසා ටියුබ් ලයිට් වෙලා හිටියත්.. කමෙන්ට් වලින් ගොඩ ගියා..

    ReplyDelete
  15. මැක්සා බන් . . .සිරාවටම මැක්සා . ...

    ReplyDelete
  16. හෑමදාම වගෙ' ස0වෙදි' පොස්ට් එකක්. නියමයි! .මටත් මතක් වුනෙ ''අදුරෙ පව් කරනා දනා''. කවදද මුනු පොත පෑත්තෙ එන්නෙ??

    ReplyDelete
  17. ලස්සනයි බීටල් අයියා . කියන්න වචන නෑ මාරම මාරයි

    ReplyDelete
  18. බොක්කටම වදිනවා. . . . . .

    ReplyDelete
  19. අම්මියෝ... මරු :D

    ReplyDelete
  20. Luckey
    Weni
    දුකා
    මහජන මුත්තා
    හිස් අහස
    ඕනයා
    Bunny

    උඹලා සෙරටම, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි..!! :)

    ReplyDelete

Web Statistics