Friday, June 24, 2011

29. බිඳුණු පෙම | Geek Love


දිනක උයනෙක හුදෙකලාවක...
බි‍ඳෙන තුරුගොමු සිලි සිලිය මැද...
සිත් පිරූ එක් සොඳුරු...රහසක්...
කොඳුරමින්...

ඇරඹි මා සොඳුරුතම සිහිනේ...
දඟකාර තෙලිතුඩින් ඔබගේ...
නේක පැහැයෙන්…පාට තවරා...
හිමි හිමින්...

ආදරේ මිහිරිතම පාඩම...
කියා දී ඉඩ ලද ඇසිල්ලක...
රිදුනු දෙතොලින්…නුරා කෙඳිරිලි...
සුසුමකින්...

කඳුළු එනතුරු සිනාසුණු අපි...
කඳුළු ඉතිරිව සිනා වියැකුණු...
ගෙවුනු විඳවපු…දවස් එළඹුණු...
අරුමෙකින්...

හඬා නොහඬා හවස් වරුවක...
හිර කරපු නුඹෙ කඳුළු අතරට...
මුදා හල මා හිතේ… වේගය...
වියරුවෙන්...

දරාගත හැකි නොහැකි ගානට...
නැගුණු විෂක‍ටු වචන වෙනුවට…
පහර දී බිත්තියට ඔබ අතරැඳි...
අයි පෑඩයෙන්....

පිය නඟද්දී යළි නො එන්නට....
ඇහුණාද මා හඩා වැ‍ටුණා...
ලෝකයම මට අහිමි වුණ සේ...
ශෝකයෙන්...

මා පණත් සරි.... එයත් මට සරි....
අහිමිකල මට මළත් කම් නැති...
බිඳුණු 3G අයි පෑඩ් එක...
තදකරන්...

මා ඇගේ හිත බිඳිද්දී ඈ බින්දේ මගේ අයිපෑඩයයි... වැඩියෙන් හැඬුවේ කවුරුදැයි ඔබ දන්නවාද......?

9 comments :

  1. හ්ම්... දරුණුයි නේද?

    ReplyDelete
  2. හ්ම්..හ්ම්... :)

    ReplyDelete
  3. අප්පොච්චියේ, හරිම අපරාදයක් නෙව වෙලා ඇත්තෙ.....

    ReplyDelete
  4. ඔන්න ඉතිං ඕකනේ කරන්න බැරි . . .

    අධ්‍යාත්මික දේවල් වල අගය හෑල්ලු කරලා මැටීරියලයිස්ම් ජීවිතයට ඕන කරන අයිපෑඩ් වගේ භෞතික දේවල් වලට ආදරේ වැඩි උනාම ඒකයි මේකයි දෙකම නැති වෙනවා . .

    දැක්කනේ ඇස් පනාපිටම දැන් . .

    මීට පස්සේ වත් කෙල්ලෙක්ට ලව් කරන්නේ නැතුව ඉන්න ඉගෙන ගනින් . . .

    ඕකෙන් පස්සේ වත් පාඩමක් ඉගෙන ගනින් . .

    හික් හික් හික්

    ReplyDelete
  5. රවි අයියා... අපරාදයක් කියන්න ඇත්තේ අයිපෑඩ් එක ගැන වෙන්න ඇති...

    දුකා...පාඩමක් ඉගෙන ගත්තා...ඉලෙක්ට්‍රොනික් බඩු වලට අසීමිතව ආදරේ නොකර ඉන්න...නැත්නම් බූට් වැදුනම දරගන්න අමාරුයි... :)

    ReplyDelete
  6. අහ් නෑ බන් මම කිව්වේ කෙල්ලන්ට ඕනවට වඩා ලවු කරන්න එපා කියල . . හික්ස්

    ReplyDelete
  7. බලපන් එකෙන් කීයක් වටින අයිපෑඩ් එකක්ද නැති උනේ . . හෙ හෙ හේ

    ReplyDelete
  8. කෙල්ල වගේද අයි පෑඩ් එක....

    ReplyDelete
  9. දුකා, කිඩෝ....

    ඒකනේ මචන්... අතක් පයක් වගේද කකුලක්... :D

    ReplyDelete

Web Statistics