ආධුනික කෙටි කතා පොත

කාර්යාලයේ වෙහෙස නිවාගන්නේ

About Me

My Photo
හැඩයක් නැති හදවතක, ඉපිද මැරෙන සිතිවිලි ගොන්නකින්, අතට අහුවෙන අකුරු අහුරක්, ලොවටම පෙනෙන සේ මෙසේ සඟවමි...

ඇවිත් ගියෝ

Followers

මගේ ප්‍රියතම බ්ලොග්

24. සිංහල බ්ලොග් අවකාශය සහ මැතිව් ඉන්මන්


26585_380367320889_501365889_3653836_373810_n

බ්ලොග්කරනයට මම තවමත් නවකයෙක්... නමුත් බ්ලොග් කියවීමට මා ඇබ්බැහි වූයේ නම් මීට වසර ගණනාවකට ඉහතදීයි... එදාත්, අදත් තිබූ එකම වෙනස වූයේ සිංහල බ්ලොග් අවකාශය නම් දෙයක් නොදැන සිටීමත්, කියවීමට ඇති ආශාව නිසාම සමහරවිට වරද්ද වරද්දා හෝ ඉංග්‍රීසි බ්ලොග් කියවීමත් පමණයි... මා එසේ කියවන්නට පුරුදු වූ දුසිම් ගණනක් බ්ලොග් අතරේ සමහරක් බ්ලොග්කරුවන් තම ස්ථිර ‍රැකියාව අතහැර දමා පූර්ණකාලීනව බ්ලොග්කරනයට යොමුවෙන අයුරු මම බලා සිටියේ පුදුමයකින් සහ සතුටකින්... "සෙන් හැබිට්ස්" ලියනා ලියෝ බබූටාත්  “ඩිජිටල් ඉන්ස්පරේෂන්” ලියනා අමිත් අග්‍රවාලුත් මා කියවන බ්ලොග් අතරේ එසේ තම ‍රැකියාව අතහැර පසු කලෙක පූර්ණකාලීනව බ්ලොග්කරනයට  පිවිසුණු බ්ලොග් රචකයින් දෙදෙනෙක්…

නමුත් ඒ සියල්ලටම වඩා මා ප්‍රියකරන අයෙක් ඇත්නම් ඔහු විසි නව හැවිරිදි මැතිව් ඉන්මන්... තමා විසින්ම ආරම්භ කළ තොරතුරු තාක්ෂණ අංශයේ ආයතනයක CTO (චීෆ් ටෙක්නොලොජි ඔ‍ෆිසර්) වැනි අතිශය සාර්ථක ‍රැකියාවක් හැරදමා පූර්ණකාලීන බ්ලොග්කරනයට පිවිසුණු ඔහු ඊට අමතරව තම ප්‍රධාන ආදායම් මාර්ගයට ලෙස වයිරල් මාකටින්, වෙබ් ඩිසයිනින් වැනි අංශ සියල්ලම සමීපව ඇසුරු කරන දක්ෂ නිර්මාණ ශිල්පියෙක්... ඔහුගේ දිඟු කාලීන රසිකයෙක් වීම නිසාදෝ ඔහු සමඟ පුද්ගලිකව අදහස් හුවමාරු කරගැනීමට මා හට ලැබුණු දුර්ලභ අවස්ථාවකදී ඔහු කෙතරම් සොඳුරු හදවතක් ඇති නිහතමානී පුද්ගලයෙකුදැයි මට අවබෝධ වූණා...

(බ්ලොග් කියවීම හා සමීප තවත් යමක් ගැන මෙතැනදීම සඳහනක් කරන්නම්... කියවීම සම්බන්ධයෙන් ගත්තත් එක් එක් පුද්ගලයන්ට ඇත්තේ විවිධාකාර ආශාවන්... යමෙකුට එය බ්ලොග් කියවීම වෙද්දී තවකෙකුට එය නවකථා කියවීම විය හැකියි... තවත් අයෙකුට එය චිත්‍රකතා කියවීම වන්නටත් පිළිවන්... මේ ආකාරයෙන් සැලකුවහොත් කුඩා කල පටන්ම කොමික් ස්ට්‍රිප්ස් රසවිඳීමට මාගේ තිබෙන්නේ අසීමිත ආශාවක්... එය කැමිලස්ගේ ගජමෑන්ගේ සිට කැල්වින් ඇන්ඩ් හොබ්ස් දක්වා වෙනසක් නැහැ... අදටත් මා ‍රැකියා ස්ථානයේ දවස ආරම්භ කරනුයේ දුසිමකට ආසන්න වූ කොමික් ස්ට්‍රිප්ස් ප්‍රමාණයක් කියවීමෙන් පසුවයි... මතක ඇති කාලයක පටන්ම මා භාවිතා කරන අන්වර්ථ නාමය වන  බීට්ල් බේයිලි යනු මොට් වෝල්කර් විසින්  නිර්මිත අතිශය ජනප්‍රිය මාගේ ප්‍රියතම කාටූන් චරිතයක්...)

ඉතින් මා පෙර පැවසූ පරිදි එකකට එකක් නොදෙවෙනි මැතිව් ඉන්මන්ගේ ගේ නිර්මාණ ලොව පුරා මිලියන ගණනක් පාඨකයන් ඇද ගැනීමට මේ වන විටත් සමත් වී තිබෙනවා... ඔබ තොරතුරු තාක්ෂණ අංශයේ නියුතු අයෙක් නම් බොහෝදුරට ඔබ මේ වන විටත් ඔබ ඔහුගේ රසිකයෙක් විය හැකියි... මෙහි ඇති අනෙක් වැදගත් කම ඔහු මෙම ජනප්‍රියත්වය ළඟා කරගැනීමට ගත කල කාලය අතිශය සුළු කාලයක් වීමයි... ඉතා සරලව පටන් ගෙන ඔහු අද සිටිනා අති සාර්ථකත්වයට පත්වෙන අයුරු මා බලා සිටියේ අසීමිත සතුටකින්...

මේ දිගු හෑල්ල ලියූවේ මැතිව් ඉන්මන්ගේ ප්‍රධානම වෙබ් අඩවිය වන ද ඕට් මීල් නැමති විහිළු තීරය නරඹමින් සිටින අවස්ථාවක හදිසියේ සිතට නැඟුනු අදහසක් අනුව සිංහල බ්ලොග් අවකාශයේ මෙවැනි වෙනසක් කිරීමට හැකි නිර්මාණශීලී බ්ලොග් කරුවන් දැනටමත් පහළ වී ඇත්දැයි විපරම් කරන අටියෙන්...
කලකට පෙර ඇසූ හුරුපුරුදු වැකියක් උපුටා දැක්වුවහොත්  “අද සිංහල බ්ලොග් අවකාශය මල්වර වීමට ආසන්නයි”... ඉතින් සැලකිය යුතු බ්ලොග්කරුවන් සංඛ්‍යාවක් අතරේ මැතිව් ඉන්මන් වැනි නිර්මාණශිල්පියෙක් සිංහල බ්ලොග් අවකාශයෙන් මතුවේයැයි මා සිහින දකිනවා... අප හැමට අළුත් අත්දැකීමක් එක්කල සිංහල බ්ලොග් අවකාශයේ පෙරළිකාර බුද්ධිගේ සිත්තරෙන් ඉදිරියට අඩියක් තැබීමට දැන් කාලය හරි නොවේද..?

මෑතකදී මැතිව් විසින් කල නිර්මාණයක් වන "How to fix any computer" මෙතැනින් රසවිඳින්න...

මේ මා සිත් ගත් තවත් නිර්මාණ කිහිපයක් ... ඔහුගේ වෙබ් අඩවිය පුරා එකින් එක සැරිසරන්නට වේලාව සොයාගත නොහැකි අයෙක් වෙනුවෙන්...

"If you do this in an email, I hate you"

"The crap we put up with when getting on and off an airplane"

"Why working from home is both awesome and horrible"

"What you email address says about your computer skills"

"How to suck at facebook"

"Why its better to pretend you don't know anything about computers"

"Why I'd rather be punched in the testicles than call customer service"

12 comments:

  1. ලංකාවෙන් නම් පූර්ණකාලීන බ්ලොග් කරුවෙක් බිහිවෙන්නෙ තව සෑහෙන්න කලක් යයි මගෙ හිතේ.

    ReplyDelete
  2. ඒක අභියෝගයක් නවම්..
    ඒත් ලංකාවේ උනත් ඉංග්‍රිසියෙන් ලියන කෙනෙකුටනං මුළු ලෝකයේම උනත් අවධානය දිනා ගනිමින් බ්ලොගය ප්‍රචලිත කිරීම අපහසු දෙයක් නෙමේ..ඒ තමන්ගේ ලිවීම හා ඒ හරහා පාඨකයින් රඳවා ගැනීමට හැකිවීමත්...චූට්ටං ප්‍රශ්නයක් වන යැපීම් පැත්ත අවුලක් නැත්තං..දන්නවනේ ඉතං ඒ ගැන..මං නොකිව්වට..

    එත් සිංහල ලියන අයට තියෙන්නේ ලොකයත් එක්ක ගත්තහම බොහෝම සීමිත පාඨක පිරිසක් නෙව...

    ඒත් සමහර විට වැඩි කාලයක් යන එකක් නැති වෙන්නත් පුළුවන්..පිස්සොත් නැතෑ මේ අස්සේ...
    හැක් හැක්...

    ReplyDelete
  3. ඕට්මීල් කියන්නෙ මමත් ඇසුරු කරන අඩවියක්. ඒ වගේ එකක් කරන්න මට සැලකිය යුතු උවමනාවක් තියෙනවා තවම. ඒත් කාල වේලාව සහ කම්මැලිකම ඒ සේරම දේවල් ප්‍රමාද කරල තියෙන්නේ....

    ටික ටික බලමු :D

    ReplyDelete
  4. @ නවම්, මාරයා

    මාරයා කියනවා වගේ පාඨක සංඛ්‍යාව සීමිත හින්දා පූර්ණකාලීන බ්ලොග්කරුවෙක් වෙන එක ලේසි නැහැ... වුණත් ඉතින් නිවුස් වලට හරි ගොසිප් වලට හරි තමයි වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් තියෙන්නේ...

    ඊටත් වැඩියෙන් මට කියන්න ඕනේ වුණේ අලුත් වෙනසක් කරන්න පුළුවන් සිංහල කොමික් බ්ලොග් එකක් එනකල් මම ආසාවෙන් බලාගෙන ඉන්නවා... :)

    ReplyDelete
  5. @hare :-)
    අන්න කරනවා නම්, මම හැමදාම එනවා... :)

    ReplyDelete
  6. @Kathandara

    Don't mention it mate... :)

    ReplyDelete
  7. oatmeal මම ආසම comic අඩවියක්. නමුත් මේ විස්තර දැන ගත්තෙ අද. මැතිව්ට පුදුම ආසාවක් තියෙනව වගේ වලස්සුන්ට.

    ReplyDelete
  8. මමනම් ඉතින් ඉංග්‍රීසි දුර්වලයෙක් හිනදා නිකමටවත් ඉංග්‍රීසි බ්ලොග් තියන පැත්තකවත් ඉන්නේ නෑ ... ඔයා බ්ලොග් වලට ආධුනිකයෙක් උනාට ඔයා ලියන ලිපි නම් සුපිරි ..

    ReplyDelete
  9. අපෙ රටෙ නම් අමාරුයි මචන්
    www.sabithlo.blogspot.com

    ReplyDelete
  10. එදාට වඩා මේක අද දැක්ක එකගැන සතුටුයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...

අකුරු බ්ලොග් අඩවියෙන්

---------------------------------
"හා... ස්ටේෂන් එකේ කොතනටද එන්නේ..?"

"ම්ම්ම්... වයන්න යටට එන්න..."

" වයන්න යටට..?"

"එළියේ උඩ ලොකුවට ගහලා තියෙන්නේ කො‍ටුව දුම්රිය ස්ථානය කියලා..."

“ඔව්..."

“ඉතිං ඒකේ වයන්න යටට එන්න..."


- එකෝමත් එක කාලෙක, ආදර කතාවක් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"ඒ කාලේ අපේ අම්මා මට දෙන රුපියල් පහෙන්, මම කැම්පස් ගිහිල්ලා ‍තෝසෙ කාලා , ප්ලේන්ටි බීලා, සිග‍රැට් එකකුත් බොනවා..."

"අපෝ දැන් ඒ කාලේ වගේ නෙමෙයි තාත්තේ, බඩු කොච්චර ගනන්ද...? දැන් කොළඹ ගිහිල්ලා ‍තෝසෙ කාල ප්ලේන්ටි බීල සිග‍රැට් එකකුත් බිව්වම රුපියල් සීය ඉවරයි..."

"ඈ යකෝ උඹ සිග‍රැට් බොනවද..?"


- දස වසක් ඇවෑමෙන් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ප්‍රයිවෙට් කොම්පැණියක හොඳ තනතුරක්ලු... දැක්කේ නැද්ද කාර් එක..."

"ඔහොම ලොකු කාර් ගන්නවා කුඩු බිස්නස් කාරයොත්..."


- පච්චා කොටපු ඉලන්දාරියා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“Aren’t you gonna join with us…?"

"I never pay for Sex…"


- අඳුරේ පව් කරන දනා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“හිමාලි අක්ක බැඳලා ඉන්න අය්යා… එයාට මොකුත් කරගන්න බැහැලු…එයාට බරවා…”

“මොකුත් කරගන්න බැරිනම් හිමාලි අක්කට අහවල් එක කරන්නෙ බොලෑ මහ එකාද?”


- වෙනස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"අනේ අත්තම්මේ... මගේ ඉන්බොක්ස් එක ඕපන් වෙලා ඇති... පොඩ්ඩක් සයින් අවුට් වෙලා මෙෂින් එක ෂට් ඩවුන් කරනවද...?"


- අමුතු සෙල්ලම - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
" ගෝස්කි මහත්තයයි නෝනයි දෙන්නම දැන් ජීවතුන් අතර නෑ... ඉතිං මේ රහස දැන් එලිකරාට ගැටළුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා..."


- නීල් ආම්ස්ට්‍රොන්ග් සැඟවූ සඳ ගමනේ අභිරහස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ආ.. මේක කෙමක්... ඇණේ අතට ගත්තට පස්සේ කතානොකර මට ගෙනල්ලා දෙන්න ඔනේ හරිද...?"


- වැරදුණු ගුරුකම - කියවන්න මෙතැනින් -
---------------------------------



Web Statistics