Saturday, March 28, 2015

102. Flight 173 හි අභිරහස…

මට හමුවී ඇති අතිශය මිත්‍රශීලී, විනෝදකාමී මිතුරන් බොහොමයක් සමාජයේ වැඩි පිළිගැනීමක් නැති දාමරිකයන් බව පැවසීම එතරම් වැරදි කතාවක් නොවේ… නිතර නළල සිඹින අකීකරු කෙස්සකින්ද, දින කිහිපයක් තිස්සේ මුහුණ හැඩිකරන කටු රැවුලකින්ද හෙබි රූමි, මට හමුවූ එවැනි මිතුරෙකි…ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමථ යන්න ප්‍රකට කියමනකි… රූමි මෙසේ සමථ වුණු ලොවෙන් එකම දෙයනම් අගුල් ඇරීමයි… ලෝකයේ ඇති ඕනෑම වර්ගයක සංකීර්ණම අගුලක් වෙත්ද, තම වල්ලභයා ඉදිරියේ ගත සලූ උනා දමන තරුණියක මෙන් සුනම්‍යව අගුල ඔහු ඉදිරියේ විවර වෙන්නේ හාස්කමකින් මෙනි… කලාතුරකින් හෝ එසේ නොවුණහොත්, මොහොතක පමාවෙන් එය විවර කරනා අයුරු ඔහු හොඳින් දනියි…

මේ අසාමාන්‍ය හැකියාව දේව ආශිර්වාදයක් මෙන් ඔහුට ප්‍රයෝජනයට ගතහැක්කක් වුවද, එහි පමණ ඉක්මවා නොයන්නට ඔහු සැමදා වගබලාගත්තේය… පුරාණ පෙට්ටගම් වල පටන් නවීන සේප්පු දක්වා අගුල් ඇරගැනීමේ උවමනාවෙන් අසල්වැසියාගේ පටන් පාතාල මැරයින් දක්වා නොයෙක්දෙනා ඔහුගේ සේවය සොයා පැමිණියද, ඉන් බොහෝදෙනෙකු හිස් අතින් ආපසුගියේ රූමිට අගුල විවෘත කරගැනීමට නොහැකි වූ නිසා නොවේ… ඔහු එය භාරගැනීම ප්‍රතික්ෂේප කල බැවිනි…

“කුණු මාළු වුණාම බඩ බැඳගෙන කන්න හොඳනෑ…” තම සේවය සොයා පැමිණියෙකු ආපසු හරවා යවන ඔහු පවසයි…

මැදිවයස ඉක්මවා ජීවිතයේ අපරභාගය ගෙවමින් සිටි රූමි, අගුලක් හරින තරම් උනන්දුවෙන් නිරතවූ අනෙක් කර්තව්‍යය වූයේ මත්පැන් තොලගෑමයි… මඳ පමණට මත්වෙන ඔහු, නැව් සේවකයෙකු ලෙස කලකට ඉහත සේවය කරද්දී තමා සැරිසැරූ ලෝකය පුරා විසිරී ඇති දුර්ලභ නැව්තොටවල් ගැනද, ඒවායේදී හමුවූ ගැහැනුන් ගැනද දෙඩවීමට මහත් සේ ආශා කලේය…

රූමි මට මුල්වරට හමුවූයේ මිට වසර ගණනාවකට ප්‍රථම ලන්ඩනයේ අඳුරු වීදයක, සිගරැට් දුමින් බොදවූ අවන්හලකදීය… දෙමාපියන්ගේ සිහිනයක් සැබෑකරන අටියෙන් ලන්ඩනයේ කටුක දිවියක් ගෙවමින් සිටි මට, අහම්බෙන් හමුවූ රූමිගේ සමාගමය සැබැවින්ම අස්වැසිල්ලක් විය…කෙටිකලකින් ළබැඳි මිතුරන් වූ අපේ ඇසුර දිඟුකලක් පවත්වාගෙන යෑමට නොහැකිවීම සැබැවින්ම මා ලද අභාග්‍යයකි… අධ්‍යාපනයට වඩා විනෝදයට මුල්තැන දෙමින් සිටි මම, දිනෙන් දින අසමත්වුණු විභාග හමුවේ තවදුරටත් දෙමාපිය මුදල් කාබාසිනියා කිරීම නවත්වා, නාකි ලන්ඩනයටද, මගේ නාකි මිතුරා රූමිටද සමුදී මව්රට බලා පිටත්වීමි… පියාණන්ගේ ව්‍යාපාර කටයුතු භාරගත් මා ඒවා දියුණුකිරීමට වෙහෙසුන හෙයින් ක්‍රමයෙන් ලන්ඩනයද, රූමිද මගේ මතකයෙන් බොඳවෙන්නට විය… එහෙත් වැසිබර සති අන්තයක ඉංග්‍රීසී මත්පැන් වඩියක උණුසුම දෙතොලග ගැටෙන ඇසිල්ලක ලන්ඩන් මතකය මා සිත නොදැවටුණා නොවේ… මාගේ පැරණි මිතුරා ලෝකයේ කොහේ හෝ කොනක සුවෙන් සිටිනවා ඇතැයි එවැනි දිනෙක මම සිත හදාගතිමි…

ඉන් බොහෝ කලකට පසු මෑතදී, ව්‍යයාපාර කටයුත්තක් සදහා නිව්යෝර්ක් නුවරට පැමිණි මම දින කිහිපයක ඇවෑමෙන් තවත් කටයුතු කිහිපයක් සඳහා ලන්ඩන් නුවර බලා පියඹනු රිසියෙන්, කෙනඩි ගුවන් තොටුපළ මඟී පර්යන්තයේ වාඩිවී සිටියෙමි… හදිසියේම අපූරු දසුනක් මා නෙත ගැටුණේ එවිටයි… මාගේ පැරණි මිතුරා රූමි තවත් දෙදෙනෙකු සමඟ මා සිටි පර්යන්තය හරහා එමින් සිටියේය… මා පුදුමයට පත්කරමින් මා දුටුවේ ඔහුගෙ දෑත හරහා මාංචු කුට්ටමක් දමා තිබෙන අයුරුයි… ඔහු සමඟ පැමිණෙන බ්‍රිතාන්‍යය ජාතිකයන් යැයි සැකකළ හැකි අනෙක් දෙදෙනා කිසියම් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් වෙන්නට ඇතැයි මට සිතෙන්නට විය… තවත් පමා නොවුණු මම ඔවුන් වෙත දුව ගියෙමි…

“රූමි…!”

මගේ හඬින් හැරී බැලූ ඔහු ඇසිල්ලකින් මා හඳුනාගත්තේය…

“යාළුවේ…! මට සමාවෙන්න… අවුරුදු ගාණකට පස්සේ මුණගැහෙන්න මේ හොඳම ක්‍රමය නෙමෙයි…”

තම අතවූ මාංචු මා වෙත පාමින් රූමි පැවසීය…

“තමුන් මෙයාව දන්නවද..?”

ඔහු සමඟ වූ එක් මිනිසෙක් මගෙන් විමසීය… ඔවුන් ස්කොට්ලන්ඩ්යාර්ඩ් නිලධාරීන් වියහැකියැයි මට සැකයක් ඇතිවුණි…

“ඔව් මේ මගේ පරණ යාළුවෙක්…” මම පිළිතුරු දුන්නෙමි…

“මේ මොකද වුනේ…?” අනතුරුව මා රූමිගෙන් ඇසුවේ අනෙක් දෙදෙනාටද වැටහෙන සේ ඉංග්‍රීසියෙනි…

“කුණුමාලු බඩේ බැඳගෙන කන්න ගිහින් තමයි… ලන්ඩන්වලදි මගෙන් පොඩි අත්වැරැද්දක් වුනා… ඒ හින්දා මම නිව්යෝක් ඇවිල්ලා වහන් වෙලා හිටියේ… නමුත් ඊයේ මාව අහුවුනා… මේ ආයේ ලන්ඩන් ගෙනියනවා…”

රූමි සුපුරුදු අහිංසක සිනහවෙන් යුක්තව පැවසීය…

“ඒ පොඩි අත්වැරැද්දට යාළුවා ගොඩක් කල් ඇතුළේ ඉඳියි කියලා අපි හිතන්නේ…”

අනෙක් නිලධාරියා පැවසුවේ සමච්චලයට මෙනි…

ඒ සමඟින් ලන්ඩන් බලා පිටත්වීමට නියමිත බ්‍රිටිෂ් එයාවේස් ෆ්ලයිට් 173 ගුවන් යානය පැය භාගයක් පමාවෙන බව නිවේදනය කළ අතර, එයට රූමි හා සිටි නිලධාරීන් දෙදෙනා තම නොරිස්සුම විදහා දැක්වූයෙන් ඒ ඔවුන්ගේ ගුවන්යානය බව මට වැටහිණි…

“වෙලාව තියෙන එකේ අපි එහෙනම් කෝපි එකක් බොමු…” රූමිගේ බාහුවෙන් අල්ලා ඔහුට ගමන්කරන්නට සන්කරමින් එක් නිලධාරියෙක් පැවසීය… මා ඔවුන් හා සම්බන්ධවෙනවාට නිලධාරින් දෙදෙනා අනුකූලතාවයක් නොදැක්වූ හෙයින් මට රූමිට සමුදෙන්නට සිදුවිය… මා ලන්ඩන් රැගෙන යන ගුවන්යානයද ඔවුන් හා සමඟම නික්මෙන බැවින්, හීතෲහිදී ඔහු හා කතාකරන අටියෙන් මම වෙන්වුනෙමි…

පැය හතක් අත්ලාන්තික් සයුර උඩින් හැල්මේ ඉගිල්ලුණු මා ගමන්ගත් ඇමෙරිකන් එයාලයින් ජම්බෝ යානය කෑගසමින් හීතෲ ධාවන පථය සිපගත්තාය… හනික ගුවන්යානයෙන් එළියට පැනගත් මම රූමි සොයාගන්නා අටියෙන් ගුවන් ආගමන පුවරුවක් වෙත දිවගියෙමි… තවත් සුළු මොහොතකින් රූමිගේ ගුවන් යානයද පැමිණිබව සටහන් වුණ හෙයින් මම වහ වහා මගී ප්‍රවේශ ශාලාව වෙත දුවගියේ ඔහු මඟනොඇරෙනු රිසියෙනි… ධාවන පථයේ සිට සෙමෙන් ගොඩනැඟිල්ල වෙත ගමන්කරන බ්‍රිටිෂ් එයාවේස් ගුවන් යානය නිව්යෝක් සිට පැමිණි 173 ගුවන් යානය වියහැකියැයි මම විශ්වාස කලෙමි…

තවත් සුළු දුරක් ටැක්සි කිරීමෙන් අනතුරුව ගුවන් යානය නතර වූ අතර, මඟී පඩිපෙළද සෙසු සේවා සපයන වාහනද කෙමෙන් එය වට කරගන්නට විය… කොහේදෝ සිට පැමිණි අඳුරු වීදුරු සහිත රෝල්ස් රොයිස් පැන්තම් වර්ගයේ සැප ලිමොසින් රථයක් සෙමෙන් විත් ඉදිරි දොරට සම්බන්ධ කල මඟී පඩිපෙළ අසල නැවත්වූයේ ඉන් අනතුරුවයි…

“කවුරු හරි VIP කෙනෙකුත් එන්නැති…”

මම තනිවම පවසා ගතිමි… බිස්නස් පන්තියේ ගුවන් යානා දොර ප්‍රථමයෙන් විවර විය…සිනාමුසු ගුවන් සේවිකාවන් දෙදෙනෙක් ප්‍රථමයෙන්ම ඉවතට විත් අමුත්තාට සමුදීමට සැදී පැහැදී සිටගත් අතර, නිල ඇඳුමකින් සැරසුණු රියදුරා ලිමොසින් රථයෙන් එළියට විත් එහි පිටුපස දොර විවෘත කර අමුත්තා බලාපොරොත්තුවෙන් පසෙකට විය…

ඊළඟ මොහොතේ දුටු දෙයින් නෙත් අදහාගත නොහැකිවූ මා විසල් වීදුරුවට ඔබ්බෙන් වූ යකඩ වැට අල්ලාගත්තේ වාරුනැතිව මා බිමවැටේයැයි සිතුණු හෙයිනි… හිස දැවටුණ වටිනා තොප්පියකින්ද, මිල අධික උඩු කබායකින් සැරසී, වටිනා බස්තමක් අතින් දරාගත් VIP අමුත්තා සිනාසෙමින් ගුවන් යානයෙන් පිටතට පැමිණියේය…

-මතු සබැඳි-

ප.ලි. : අවසන් කොටස හැකි ඉක්මනින්…හෝප්ෆුලි අද රෑට…

-දැන් එතැන් සිට-

ලන්ඩන් හිරුඑළියට දිළිසුන අමුත්තාගේ වටිනා ටයි පින් එකේ දිස්නයට ඇස් නිලංකාර කර නොගෙන මම ඔහුව හොඳින් දැක ගත්තෙමි… මගේ අතිජාත මිත්‍රයා රූමි, ගුවන් සේවිකාවන්ගේ ආචාර වලට ප්‍රතිචාර දක්වමින් මඟී පඩිපෙල බසිමින් සිටියේය… දෑස් පිසදා මම නැවත සැක හැර දැනගත්තෙමි…ඔව්.. රියදුරාගේ ඇරයුමින් රථයට නැඟුනු රූමි, මේ වනවිට ගුවන්යානයේ දොර ඔබ්බෙහි රැස්කමින් සිටි නියමුවන්ට සහ සෙසු පුද්ගලයන්ට අතවනා ආචාර කරමින් නියම ප්‍රභූ වරයෙකුසේ ගුවන්තොටුපල ප්‍රභූ පර්යන්තය දෙසට නික්ම ගියේය…

කෙනඩි ගුවන්තොටේදී සාමාන්‍යය කමිසයකින් සැරසී, දෑතෙහි මාංචු ලාගෙන පරාජිතව ගුවන් යානයට නැඟුන රූමි, මාංචු කිසිත් නැතිව ප්‍රභූ අමුත්තෙකුගේ සැලකිලි ලබමින් ඉන් පිටවූයේ කෙසේද..? මෙහි රහස සොයා නොගෙන මට නින්දට යානොහැකි වනු ඇතැයි මට සිතුණි…

ප්‍රභූ පර්යන්තයෙන් පිටතදී ඔහුව අල්ලාගත හැකිවේයයි යන සැකයෙන් තවත් එතැන නොරැදී මම දිවගියෙමි… ආගමන කවුන්ටරයේ සිදුවූ ප්‍රමාදයකින් පසු එහි ළඟාවූ මට රූමිගේ සුළඟකදු සොයාගත නොහැකිවූයේ අවාසනාවන්ත ලෙසයි… ඔහු සමඟ පැමිණි පොලිස් නිලධාරීන් සොයාගැනීමටද අසාර්ථක උත්සාහයක් ගත් මා, අනතුරුව වික්ෂිප්ත වූ මනසකින් ගුවන් තොටෙන් නික්මුනෙමි…

ඉන් දින කිහිපයකට පසු ලන්ඩනයේ අදාල රාජකාරි කටයුතු අවසන් කර මම නැවත මව්රට බලා නික්මුනේ රූමි පිළිබඳ මේ රහස කිසිදා විසඳෙනු ඇතැයි විශ්වාසයකින් නොවේ… නමුත් දෙයිවය පුදුම කතන්දරකරුවෙකි…

ඉන් මාස දහයකට පමණ පසු මම ලාස් වේගාස් හී මිළ අධික කැසිනෝ ශාලාවක අප සමාගම අනුග්‍රයෙන් නිපදවෙන චිත්‍රපට රූගතකිරීමක් නරඹමින් සිටියෙමි… හදිසියේම කවුදෝ මගේ නම හඬගානු ඇසී හැරී බැලූ මම දුටුවේ මගේ පැරිණි මිතුරා රූමි, නිළියක් වැනි සුරූපි කාන්තාවක් තුරුළු කරගෙන මා දිහා බලා සිටිනා අයුරුයි…

ඊලඟ මොහොතේ මා බදා වැළඳගත් ඔහු, අපේ නැවත හමුව සැමරීමට රාත්‍රී ආහාරයකට ආරාධනා කලේය…එය කාරුණිකව පිළිගත් මම, මාගේ පිරිසෙන් සමුගෙන රූමි හා ඩවුන්ටවුන් වෙත පියමැන්නෙමි…ඒ යන ගමනේදී මම ඔහුව හොඳින් නිරීක්ෂනය කල අතර ඇඳුමේ පැළඳුමේ පටන් හැසිරීම දක්වා ඔහුගේ බාහිර ස්වරූපය නියම ප්‍රභූවරයෙකුගේ සිරි ගෙන ඇති බව මට පැහැදිලි විය… මේ සියල්ලටම එදා ගුවන්යානයේ සිදුවූ පෙරළිය හේතුවන්නට ඇතැයි මට සැකයක් නොවීය…

තවත් සුළු වේලාවකට පසු ඒ සැකය විසඳාගැනීමට මට අවස්ථාවක් උදාවූයේ, අප සමඟ සිටි රූමිගේ පෙම්වතිය තවකෙකුගේ ආරාධනය පිළිගෙන ආලිංගන නැටුමක් සඳහා නික්ම ගිය බැවිනි… මමත් රූමිත් පමණක් මේසයේ තනිවිය…

“රූමි උඹ තරහා නැතිනම් මට දෙයක් තියෙනවා අහන්න…” තවත් පමා නොවී මම කතාවට මුල පිරුවෙමි…

“මම දන්නවා උඹ නොඉවසිල්ලෙන් ඉන්නේ අන්තිමට හම්බවෙද්දී අපරාධකාරයෙක් වෙලා හිටි මම මෙහෙම සල්ලිකාරයෙක් වුනේ කොහොමද කියලා දැනගන්න නේ…? ඉඳපන් මම සේරම කියන්නම්… ඉස්සෙල්ලා ඔය වීදුරුව ඉවර කරපන්…” රූමි පැවසීය…

මීලඟට රූමිගේ විධානයෙන් සේවකයා වීදුරු දෙක නැවත පිරවූ අතර සිගරැට්ටුවක් දල්වා ගත් මා ඉන් අනතුරුව රූමිගේ මුවඟ වූ සිගරැට්ටුවද දැල්වූයෙමි… දුම් රොටුවක් මුදාහැර අසුනේ හරිබරි ගැසුණු ඔහු කතාව ඇරඹීය…

“එදා අපි කෝපි බීලා අර පරක්කු වුන ෆ්ලයිට් එකට නැංඟා… ඔව් මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කරපු ඒ ෆ්ලයිට් එකට…! හැමදෙයක්ම සාමාන්‍යය විදියට වෙමින් තිබුනේ… පොලිස්කාරයෝ මට තදින් හිටියේ නෑ… ටේක් ඕෆ් කලාට පස්සේ මගේ මාංචුත් ගැලෙව්වා…අතරමඟදී විස්කි වඩියක් බඩට දාගන්නත් මට ඉඩ දුන්නා…”

කතාව මඳකට නැවතූ රූමි ඈතින් තවකෙකුට තුරුළුව නටමින් සිටි තම පෙම්වතියට අතවැනීය… ඇයද පෙරළා අතවැනුයේ සිනාසෙමිනි…

“අපි හිටියේ එකොනොමි ක්ලාස් එකේ…ගමනේ පැය දෙකක් විතර ඔහොම ආවා… ෆ්ලයිට් ඩෙක් එකේ හිටි අතිරේක පයිලට් වෙන්නැති, ඩෙක් එකෙන් එළියට ඇවිල්ලා එකොනොමි ක්ලාස් එකේ හිටිය පැසෙන්ජර් කෙනෙක් ගාවට ගිහින් එයාට අතට අත දුන්නා… මම හිතන්නේ කාලෙකින් හම්බුන යාලුවෙක් වෙන්නැති, තමන්ගේ අත් ඔරලෝසුවෙන් වෙලාව බලපු පයිලට් ඉන්පස්සේ එහාපැත්තේ හිස් සීට් එකේ වාඩිවෙලා අර පැසෙන්ජර් එක්ක කතාවක් දාන්න පටන් ගත්තා… “

“ඔහොම විනාඩි පහක් යන්නැති… ෆස්ට් ක්ලාස් එක පැත්තෙන් කවුදෝ කෑගහන සද්දයක් ආවා… බැලින්නම් ඇඟපුරා රත්තරන් පුරවගත්ත වයසක පහේ අම්මණ්ඩි කෙනෙක් කැබින් කෲ එකේ අයත් එක්ක රණ්ඩුවෙනවා…අපි ගාව හිටිය අතිරේක පයිලට් නැඟිටලා එතෙනට ගියත්, අර ගෑනු මනුස්සයා අනුකූලතාවයක් පෙන්නුවේ නෑ… අන්තිමට මේ ප්‍රශ්නේ විසඳන්න ෆ්ලයිට් එකේ ෆර්ස්ට් ඔෆිසර්ටම එන්න වුනා… වැදගත් පෙනුමක් තියෙන හොඳ මහත්මයෙක් වගේ පෙනුන මේ මනුස්සයා හරි වෙහෙසක් අරගෙන අර නාකි ගෑණුකෙනාව සෙට්ල් කරන්න ට්‍රයි කරනවා…”

රූමි තවත් වයින් උගුරක් වෙනුවෙන් කතාව නැවතීය… මම නොඉවසිල්ලෙන් ඔහු දෙස බලා සිටියෙමි…

“ඔන්න ඔය අතරෙදි තමයි ඩෙක් එකේ හිටපු සෙකන්ඩ් ඔෆිසර්ට හදිසියේ ටොයිලට් යන්න ඕනේ වෙලා තියෙන්නේ… මිනිහාට කෙනඩි වලදී මොනවා හරි කෑමක් වැරදිලා… තවත් බලන් ඉන්න බැරුවගිය මේ මනුස්සයා ඔටෝ පයිලට් ඔන් කරලා ෆ්ලයිට් ඩෙක් එකේ ඉන්න ඉන්ජිනියර්ට කියලා තියෙනවා ටක්ගාලා කැබින් එකට කෝල් කරලා අතිරේක පයිලට්ව ඩෙක් එකට ගන්න කියලා… ඒක කියලා මේ මනුස්සයා ටොයිලට් එකට දුවලා…”

“දැන් ෆ්ලයිට් ඩෙක් එකේ ඉන්න ඉන්ජිනියර් කැබින් එකට කෝල් කලත් අර නාකි මනුස්සයාගේ ප්‍රශ්නෙට පැටලිලා ඉන්න හින්දා කවුරුත් කෝල් එකට ඇටෙන්ඩ් කරලා නෑ… ඊටපස්සේ ඉන්ජිනියර් නැඟිටලා ඇවිල්ලා අර අතිරේක පයිලට්ව එක්කගෙන යන්න…තත්පර කීපයක් ෆ්ලයිට් ඩෙක් එකේ කවුරුත් නැතිවෙනවා උනත් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැති හින්දා ඒක එච්චර සීරියස් විදියට එයා හිතන්න නැතුව ඇති…”

“අතිරේක පයිලට්වත් අඬගහගෙන ක්ෂනිකව ආපහු ඩෙක් එකට යන්න හදද්දී තමයි ගුවන් ගමන් ඉතිහාසේ වුන භයානකම අත්වැරදීමක් වෙලා කියලා ඒ මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ… ෆ්ලයිට් ඩෙක් එකේ දොර ඇරෙන්නේ නෑ…! දොරේ ඉලෙක්ට්‍රික් ලොක් එක ජෑම් වෙලා!!!!”

“නාකි මනුස්සයාව අතැරලා දැන් හැමකෙනාම දොර අරින්න ට්‍රයි කරනවා… පයිලට්ස්ලා තුන්දෙනාත්, ඉන්ජිනියරුත්, කැබින් කෲ එකේ හැමදෙනාම වගේත් ට්‍රයි කරලා දොර ඇරගන්න බැරිවුනාම තමයි හැමදෙනාටම තමන් ඉන්න භයානක තත්වේ ගැන වැටහෙන්න පටන් ගත්තේ…”

“මුළු කැබින් එකම පිස්සුවෙන් වගේ කෑ ගහද්දී ස්කොට්ලන්යාර්ඩ් පොලිස් කාරයෝ දෙන්නා මගේ දිහා බැලුවා…මම දන්නවා ඒ ඇයි කියලා…”

“මොකද…? මම ඒත් ඇහුවා…” 

“ලොක් එක හිරවෙලා…! උඹට බැරිද උදව් කරන්න…? එකෙක් ඇහුවා..”

“මම දැනගෙන හිටියා මේ අවස්ථාවේ වටිනාකම…. මට අහිමි වෙන්න තිවුනේ මගේ ජීවිතය… නමුත් අපරාධකාරයෙක් විදියට ජීවිතේ ඉතුරු කාලය හිරගෙදරක ගෙවන්න නියමිත මිනිහෙක්ගේ ජීවිතයේ අහිමිවෙන්න ලොකු දෙයක් නෑ… ඒත් හරියට සූදුව සෙල්ලම් කලානම් මට දිනාගන්න තියෙන දේ හරි හුඟක් බව මට වැටෙන්න පටන් ගත්තා…”

“එක නිලධාරියෙක් ඒ වෙනකොටත් නැඟිටලා ගිහින් මගේ ගැන පයිලට්ට කියලා තිබුණා…මාංචු ගලවලා තිවුණ නිසා මම අපරාධකාරයෙක් කියලා නොපෙනෙන්නත් ඇති…”

“බිස්නස් ක්ලාස් එක පිරිලා තිබුණේ සල්ලි උතුරන, ඒ සල්ලි වලින්ම ජීවිතේ දිව්‍ය සැප විඳින නාකි මිනිස්සුන්ගෙන්… කිසිම මිළකට ඒ සැප සම්පත් අහිමි කරගන්න මානසික තත්වයකින් නෙමේ උන් හිටියේ…”

“මගේ ළඟට දුවගෙන ආවා වැදගත් පහේ මහත්තයෙක්…උඹට මේ අගුල අරින්න පුළුවන්ද…? උන්නැහැ ඇහුවා… මට මේ ලෝකේ අරින්න බැරි අගුලක් තාම හම්බුවෙලා නෑ… මගේ තත්වය පොඩ්ඩක් බාල කරලා මම කිව්වා… උඹ මාව දන්නවා ඇති… ලාස් වේගාස් වල කැසිනෝ බොහොමයක් අයිති මට…උඹ මේ අගුල ඇරියොත් ඒක උඹේ ජීවිතේ උඹ කරපු ඥානවන්තම වැඩේ බවට මම වගබලාගන්නම්… කබා සාක්කුවෙන් චෙක් පොතක් අතටගත්තු ඒ මනුස්සයා මට කිව්වා…”

“මම මොහොතකට සර්වබලධාරී දෙවිකෙනෙක් වුනා… හැමෝගෙම ජීවිත අයිති මට… ඒ ජීවිත වලට මට කැමති මිලක් නියම කරන්න අවස්ථාව තිබුණා… ඒ ඕනෙම මිළක් ගෙවන්න උන් ලෑස්ති බව මම දැන උන්නා… ඒක හරි ජාති බිස්නස් එකක්… ”

“හිස් චෙක් කොලයක් පෙරළගත්තු අර මනුස්සයා ඒකේ වටිනාකම ලියන තැන එකේ ඉලක්කමයි බින්දු මහගොඩක් ලිව්වා… හයක්ද හතක්ද ඒ වෙලාවේ මට හරියට ගැනගන්නත් බැරිවුනා…”

“ මට තවත් බලා ඉන්න දෙයක් තිබුනේ නෑ… අර නාකි අම්මණ්ඩිගෙන් කොණ්ඩ කටුවක් ඉල්ලගත්ත මම වැඩේට බැස්සා… ඒක මම ඇරලා තිවුන ලේසිම අගුලක් නෙමෙයි… එකපාරක් දෙපාරක් තුන්වෙනි පාරත් අසාර්ථක වුනා… මම දෙවියන්ට සාප කලා… “

“ඒ වෙලාවේ එතෙන්ට ආවා මෙතෙක් වෙලා නිහඬව හැමදේම බලන් හිටිය මහත්තයෙක්… ඇවිල්ලා මගේ ගාවින් ඇන තියාගත්තා… මම රජයේ අහවල් ආරක්ෂක බලවතා… . උඹ මේ අගුල ඇරියොත්…එන්ගලන්තේ කිසිම පොලිසියක් උඹේ පස්සෙන් නොඑන බවට මම වගබලාගන්නම්… ආයේ පටන්ගනින්… මේ අගුලක් නෙමෙයි… හැමදෙයින්ම ගැලවෙන උඹේ නිදහස…එතුමා මට කෙඳිරුවා…”

“මට තවත් ඉල්ලන්න දෙයක් තිබුණේ නෑ… ඔන්, ඕෆ් වෙන්න විතරක් දන්න මෝඩ අගුලකට මට හිමිවුන හැමදේම නැතිකරන්න දෙන්න බෑ…මම ජීවිතේ එතෙක් කල ලොකුම සටන කලා… හැමදාම වගේ අගුල පැරදුනා… දොර ඇරුණා… මිනිස්සු කෑගැහුවා… දෙවියන්ට පින් දුන්නා… මාව බදාගත්තා…”

“ඊට පස්සේ..?” මම ඇහුවේ රුමී තවත් වයින් වීදුරුවක් පුරවාගන්නකල් ඉන්න බැරි නොඉවසිල්ලෙන්…

“අර මනුස්සයා චෙක් එක සයින් කලා…ආරක්ෂක බලවතා පොලිස්කාරයෝ එක්ක මොනවදෝ කුටු කුටු ගානවා මම දැක්කා…  නාකි අම්මණ්ඩිට කොණ්ඩ කටුව  ආපහු දෙද්දී මාව බදා ඉඹගත්ත උන්දෑ මෙහෙම කිව්වා…අපූරු මනුස්සයෝ, උඹට ඇතිපදම් සල්ලි ලැබුණා… ඒත් මේ කල  උදව්වට මට උඹට කෘතඥ නොවී බැහැ… උඹට අවශ්‍යය මොනවද දැන් කියපන්…”

“උඹ දන්නවා මේ රූමි කුණු මාලු බඩ බැඳගෙන කන්නේ නැති බව…” ඇසක් පුංචි කර රූමි මට පැවසීය…

“ඉතිං උඹ මොකද කිව්වේ…?” පෙරළා මම ඇසීමි…

“මම කිව්වා… මට අවශ්‍යය හැමදේම ලැබුණා… උඹේ ස්තුතිය විතරක් ඇති කියලා… ඒත් නාකි මනුස්සයාට හිතට හරිමදි… හොඳයි එහෙනම් මාව ගන්න ලිමොසින් එකක් එයාර්පෝට් එකට එනවා… උඹ අවශ්‍යය තැනකට එක්කාගෙන යන්න කියලා මම කියන්නම්…නාකි මනුස්සයගේ ඉල්ලීම අහක දාන්න මට හිතුනේ නෑ… ඉන්පස්සේ අනිත් මිනිස්සුත් මම සල්ලි භාරගන්නේ නැතිබව තේරුන හින්දා, මගේ වීර ක්‍රියාවට සිහිවටන විදියට තම තමන් ගාව තිවුන නානාප්‍රකාර දේ දෙන්න පටන් ගත්තා… කවුදෝ බස්තමක් දුන්නා… තව කවුද හැට් එකක්… උඩු කබායක්… ටයි එකක්… ඔන්න ඔහොම දේවල්…”

“ඉතිං උබ ඒ සේරම බාරගත්තා…?” මම ඇසීමි…

“හහ් හහ් හා… උඹ කියන්නේ ලිමෝසින් එකකට හිඟන්නෙක් වගේ නඟින්න කියලද…?”

මහා හඬින් සිනාසුනු රූමි පැවසීය….

~නිමි~

ප.ලි. : මේ කලකට පෙර ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ ආධුනික කෙටිකතා කොළමේ පලවූ ඉංග්‍රීසි කෙටි කතාවක කතා තේමාව අනුසාරයෙන් නිර්මාණය කරන ලද්දක්… කියවා රසවිඳ සුරංගනා කතාවක් යැයි සිනහා වී එදා අමතක කලත්, ඊයේ හදිසියේම ඒ කතාව යළිත් මතක්වුන හේතුව අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑනේ….

68 comments :

  1. අපිව මරාගන්නෙ නැතුව ඊගාව කොටස හොඳහිතින් දාන ලෙස කාරුණිකව තර්ජනය කර ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. දැන් පොඩ්ඩක් එළියට ගියා... රෑට ආවා...සුටුස් ගලා ලිව්වා...දැම්මා... :)

      Delete
  2. ඒ කියන්නේ ඉතුරු ටික මෙතනටම දානවද

    ReplyDelete
  3. ඒ කියන්නේ මේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ ලෝකෙ ප්ලේන් අනතුරක් උනාම විතරද ?

    ReplyDelete
    Replies
    1. දවසේ කතාව.. දාන්ට පහක් ඇනෝ.. :-D

      Delete

    2. නෑනේ ඇනෝ...පහුගිය දවසේ එයාර් ඒෂියා අනතුර වුන වෙලාවේ පෝස්ට් එකන් වැටුනේ නෑනේ...

      බුරා පහක් බැරිනම් දහයක් දාපන් :D උබලා ලියන වේගෙට මම ලියන්න ගියොත් ඇඟිලි ගෙවෙයි... ඇත්තම කිව්වොත් මට සිහසුනට තරග වැද බ්ලොගේ පෝස්ට් මිස් වෙන වේගේට දැන් කොහොමද ඒ ටික අල්ලගන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ...

      Delete
    3. ඇයි බං, උඹ කතාවෙ දෙ‍වෙනි කොටස මෙතනම දැම්මහම අපි කමෙන්ට්වලත් දෙවෙනි කොටසක් දාන්ට වෙනවනෙ... :-O

      තව සති දෙකකින් කතාව ඉවරයි.. ඊට පස්සෙ ඕනනං උඹට මුලු පොතම එකපාර කියවන්ට බැරිය.. :-D

      Delete
    4. පස්සෙ එන එකෙක්ට එකපාර කියවන්න ඇහැකිනෙ...

      ඔව් දැන් එහෙම තමයි කියවන්න හදන්නේ... නැත්තම් මෙතන ඉදන් අන්තිම පොස්ට් හය කියෙව්වොත් මැද ටිකේ ආතල් කැඩෙනවා...

      Delete
    5. බුරා, ඕක උඹල ලියල ඉවර උනාම, මම මුල ඉඳල කියවන්න ගන්නව. සත්තයි. කිය්වල දෙන්නම් බොලට ඇඬෙන්න.

      Delete
  4. ඒ රූමි නේද බිට්ල් ? අනේ ඉක්මනට ලියන්න ඉතුරු ටික .

    ReplyDelete
    Replies
    1. අනිවා ලියන්නම් ඔමා...

      Delete
  5. හෝප්ෆුලි අද රෑට! බලමු. උඹත් මම වගේම නිතර නිතර ලියනවා ඈ?
    ඒක නෙවෙයි. උඹත් ටැක්සි කරනවට සිංහල වචනයක් හොයලා හොයලා බැරිම තැන නේද එහෙමම ලිව්වේ?

    ReplyDelete
    Replies
    1. හෝප්ෆුලි කිව්ව හින්දා හොඳට ගියා... දැන් තමයි ගෙදර ආවේ... මගදිම ඇස් වල කහට බැඳිලා... දැන් ලියනන් ගියොත් වැඩේ වෙන්නෑ බන්... හෙටම ලියමු :( හැබැයි උබට වැඩියනම් මම ලියනවද කොහෙද... :D

      සමහර වචන තියෙනවා නේද සිංහලෙන් හිතුවත් ඉංග්‍රීසියෙන් හිතෙන... ටැක්සි වගේ...

      Delete
  6. ඇයි යකෝ . . . මේක මහ මෙවුව එකක් උනානෙ . . දැං හිටකො බලාන

    ReplyDelete
    Replies
    1. මෙව්වා එකේම ඔහොම ඉඳපන්කෝ...

      Delete
  7. නිවාඩු දවස වෙලත් දැන් හෙට උදේ නැගිටහන්කෝ මේකේ ඉතුරු කෑල්ල කියවන්න . . .

    ReplyDelete
    Replies
    1. නිවාඩු දවසක උදේ නැඟිටින්න උඹ...? :D අනේ වැරදිලා හැරි නැඟිට්ටොත් ආයේ එහෙමම නිදාගනින් හොඳෙ... අද මහන්සි බන්..

      Delete
    2. උඹ කිව්වත් වගේ ඊයේ කියවන්න බැරි උනා . . අද තමයි කියෙව්වේ . . . . සුපිරි මචෝ . .

      Delete
  8. දැන්නම් නිදිමතයි... සමාවෙලා හෙට ඉවර කරමු...

    ReplyDelete
    Replies
    1. මදැයි ඉතින්.. මම මේ අද රෑම දාන්න කියලා කියන්න ආවා.. අනිවා අපිට හෙට අනිත් කොටස ඕනමයි අයියේ..

      Delete
  9. යාලුවා පොලිස් අතඩංගුවෙන් පනින "ප්ලෑන් එකේ කොටසක්ද" ප්ලේන් එක අතුරුදහන් වෙන එක? :P

    ඉක්මනින් ඉතුරු ටික ලිවුවොත් හොඳයි. :-(
    අපිට මේවා කියවන්න නිවාඩු හම්බෙන්නෙත් අහම්බෙන්.

    ReplyDelete
    Replies
    1. ඔන්න ලිව්වා... නිවාඩුවක් ලැබුණ ගමන් කියවන්න එහෙනම්... :)

      Delete
  10. හොදම හරියෙදි කතාව නැවැත්වීම තරයේ හෙලා දකිමි...

    ReplyDelete
    Replies
    1. හොඳම හරිය දැන්ය...

      Delete
  11. බීටලයට අහුවුනොත් දෙනවා
    ඒ යේස්...
    ඇයි යකූ කතාවෙ ඉතුරු ටිකත් දැම්ම නං මක්ක වෙනව කියලද...
    සෙක් ඉතරක්

    ReplyDelete
    Replies
    1. සොරි වේවා මචෝ... ඔන්න දැම්මා... :)

      Delete
  12. ඔය කඩා වැටෙන ප්ලේන් එකක් බීටලයගෙ ඔළුවට පතිත වෙන්න ඕන මේ කරන අපරාද වලට. :D

    ReplyDelete
    Replies
    1. අනේ හොඳා.. මං ගැන නිවුස් වල හෙම යාවි... :D

      Delete
  13. /* තම වල්ලභයා ඉදිරියේ ගත සලූ උනා දමන තරුණියක මෙන් */

    බැඳපු අළුත වගේ!

    ReplyDelete
  14. /* බිස්නස් පන්තියේ ගුවන් යානා දොර ප්‍රථමයෙන් විවර විය */

    හ්ම්!
    මං නං ගුවන් ගමන් ගිය හැම වාරයක දීම පිටවෙන කොට එක දොරයි තිබුණේ. එයින් පිටවෙන්නට කැට්ල් ක්ලාස් එකේ සිටි අපට බිස්නස් ක්ලාස් එක හරහා එහි උජාරුව බලමින් එන්නම සිදුවුණා. වෙනත් දොරක් තිබුණේ නෑ!

    ReplyDelete
    Replies
    1. ඔය සීන් එක වෙන්නේ අර ජෙට් බ්‍රිජ් තියෙනකොටනේ... පයින් ගිහින් බස්සෙකේ යද්දී දොරවල් දෙකටම ස්ටෙයාර්ස් හයි කරනවානේ...කැට්ල් ක්ලාස් එකට පිටිපස්සේ දොරෙන් යන්න ඇහැකි...එහෙම නැතිනම් බිස්නස් ක්ලාස් අය ගියාට පස්සේ ඉස්සරහා දොරෙන්... එහෙම නේද... එහෙම බැලුවොත් මේ කතාවේ තව ගොඩක් අඩුපාඩු තියේ... :)

      Delete
  15. මේ ප්ලේන් කතා වලට මමත් හරිම ආසයි... මගෙ හිතේ මරු කතාවක් තියනවා බන් ඒක ලියන්න විදිහක් නෑ.. ටෙක්නිකල් අංශය දන්නෙ නැති නිසා... පයිලට් කෙනෙක්ව අල්ල ගත්තු දවසක කතාව දෙන්නම්.... ඒක කවදාවත් නොඑන කතාවක් වෙන්නත් පුළුවන් එතකොට.... :D

    කුතුහලේ උපරිමයේ ඉන්නෙ හරිය....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ ලියපන්කෝ.. ටෙක්නිකල් අංශේ ඩුඩාගෙන් අහපන්... ඌ ප්ලයිට් එකේ රෝද අස්සේ හිට යන්න දන්නවා... :D

      Delete
    2. හිතුවෙවත් නැති අවසානයක්.. මට මතක් වුනේ ෆ්‍රෑන්ක් විලියම් ඇබග්නේල්ව...මිනිහටත් CIA එකේද කොහෙද ජොබ් එකක් හම්බුනාලු...

      Delete
    3. ඉස්සල්ලා සෙන්නා. මේ පාර බීටල්. හෙට මාත් එක්ක යන්ට කැමති හොරෙක් එහෙම ඉන්නවලුද?:D

      Delete
    4. සෙන්නා, සෑහෙන ටෙක්නිකල් දේවල් වුණත් දැන් ඉන්ටනෙට් එකෙන් හොයාගන්න පුළුවන්...

      Delete
  16. බීටල්
    නියමයි. එකක් නෑර කියවා තිබුණත්, විරාමයේදි මම උඹේ පරණ කථා නැවත කියෙව්වා. මට නම්බර් වන්  "නික්මයාම"
    ශුභ පැතුම්

    ChArt

    ReplyDelete
    Replies
    1. එලකිරි... මමත් ඒකට ගොඩක් කැමති...

      Delete
  17. නියමයි..නියමයි.....
    පට්ට කතාව...

    ReplyDelete
  18. හොක්.. හොක්.... එහෙනං එහෙමයි වෙන්න ගිහිං තියෙන්නෙ. අර ප්ලේන් එකේ හිටපු මිනිස්සුංග‍ෙ කරුමෙට රූමි වගේ පොරක් ඒකෙ ඉඳල නෑ. නැත්තං එලියට ගියපු පයිලට්ට දොරට තඩිබාන්න උවමනා වෙන්නෙ නෑනෙ.

    නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කේස් එක හින්දා තමයි මේ කේස් එක මතක් වුනේ... :)
      ස්තූතියි පසා...

      Delete

  19. අර ඉන්දියානු පත්තරේට කතාව ලිව්ව ආධුනිකයාටයි, ඒක මෙච්චර රසට අපිට ඉදිරිපත්කරපු උඹටයි දෙන්නටම මගේ ආචාරය.

    පටාස්!

    (ඒ වෙඩි තිබ්බා නෙවෙයි යකෝ. සැලූට් එක)

    ReplyDelete
    Replies
    1. අම්මෝ තැන්කෝ... මම හිතුවේ කණට ගැහුවා කියලා :D

      Delete
  20. වෙනදට බීටල්ගේ කතා තේරුම් ගන්ට කමෙන්ට්ස් බලන්ට වෙනවා. මෙදා පාර එහෙම වුනේ නැත්තේ කතාව මුලදිම තේරුම්ගිය හන්දා වෙන්ට ඇති.

    //නිතර නළල සිඹින අකීකරු කෙස්සකින්ද, දින කිහිපයක් තිස්සේ මුහුණ හැඩිකරන කටු රැවුලකින්ද හෙබි රූමි,//

    //තම වල්ලභයා ඉදිරියේ ගත සලූ උනා දමන තරුණියක මෙන් සුනම්‍යව//

    //නාකි ලන්ඩනයටද, මගේ නාකි මිතුරා රූමිටද සමුදී මව්රට බලා පිටත්වීමි//

    මේ වගේ ලියන්ට පුලුවන් කෙනෙක් මම දැකලා නෑ. සම්මානයක් දෙන්ට වටිනවා. අර නෙලුම් යායේ අය ඔයාගේ බ්ලොග් එක කියවන්නේ නැද්ද? :P

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගයකිරීමට පොඩ්ඩි...
      මම හිතන්නේ සම්මානයක් දෙන්න වටින හරි හුඟක් අය අතරින් වටිනම කීපදෙනෙක් තෝරලා නෙළුම් යායෙන් සම්මාන දීලා තියෙන්නේ...

      Delete
  21. මං ඇවිත් ආපහු යන්න හදලා නිකමට පහලට එන්න හදද්දී දැක්කේ,,, කතාව හරිම වේගවත් ලස්සනයි ,, මං ආසයි මේවගේ කතා වලට ස්තුති අවුරුද්දක් යන්න කලින් ලිවුවට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔමා ආවාට... දවසක් පමා වුනාට ඔහොම කියනවද... :D

      Delete
  22. නියම කතාව. ලෝකේ කොහේ හරි තැනක් හොඳම එකෙන් හොම්බෙන් ගියාම තමා, මේකට කතාවක් වැටෙන්නේ..... මේ බ්ලොග් එකේ කතා දෙක තුනක් ඇරියම අනිත් සේරෝම කතා මේ ලෝකේ සිද්ද වුනු කවදාවත් සිද්ද වෙන්න බැරි කතා....!

    ReplyDelete
    Replies
    1. "මේ බ්ලොග් එකේ කතා දෙක තුනක් ඇරියම අනිත් සේරෝම කතා මේ ලෝකේ සිද්ද වුනු කවදාවත් සිද්ද වෙන්න බැරි කතා....!"

      චූටි මහත්තයා ඇවිල්ලා ගියත් වාසනාව මේ වගේ කෙටියෙන් මීපැණි උලලා යන හින්දා...

      Delete
  23. නියම කතාව. ලෝකේ කොහේ හරි තැනක් හොඳම එකෙන් හොම්බෙන් ගියාම තමා, මේකට කතාවක් වැටෙන්නේ..... මේ බ්ලොග් එකේ කතා දෙක තුනක් ඇරියම අනිත් සේරෝම කතා මේ ලෝකේ සිද්ද වුනු කවදාවත් සිද්ද වෙන්න බැරි කතා....!

    ReplyDelete
  24. කාලෙකට ඉස්සර අපුරු චිත්‍රපටි ටිකක් ගැන පොස්ටුවක් දැම්ම මතකයි.ආයේ බැරිද ඒ වගේ ඔත්තුවක් දෙන්න

    ReplyDelete
    Replies
    1. ඔත්තුනම් තියෙනවා.. ඉන්න මම පෝස්ට් එකක්ම දාන්නම්...

      Delete
  25. මේ වගේම සිද්දීයක් තිබුනා අක්ශේ කුමාර් ඉන්න තීස් මාර් කාන් ෆිල්ම් එකේ.. හැබැයි ඒකෙ නම් දොර ජෑම් කරන්නේ ඌමයි පොලිසියෙන් බේරෙන්න ඕනාවට..

    ReplyDelete
    Replies
    1. එහෙමද... ඒක මම බලලා නෑ දිනේෂ්...

      Delete
  26. ඇති යන්තම් ආයෙ ලියලා :) නියමයි

    ReplyDelete
    Replies
    1. එලමැයි... ඇවිත් යනවාට ස්තූතියි බස්සා...

      Delete
  27. මේක මාරයි බීට්ල්! මම කැමතිම කතා ගොතන්නා ඔබ බවට සැකයක් නෑ. එක හුස්මට කියවාගෙන ගියා. ජය!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බස්සී...

      Delete
  28. කවුරු මොනවා කිව්වත් මම කැමතිම බ්ලොග් කරු එදත් අදත් බීට්ල් තමා. අනිත් අය මගෙත් එක්ක තරහා වෙන්න එපා.
    මම පාසල් යන කාලේ තරුණයා පත්තෙරේ ගියා රහස් පරීක්ෂණ කථා මාලාවක්. ඒකෙ ඉන්න පරීක්ෂක වරයා කර්නල් හෙන්රි කූගන්. මගේ මතකය ඒ අතීතයට ගියා මේක කියවත්දී. මම දන්නේ නෑ මෙතැන නිර්මානශීලියා කවුද කියන්න. නමුත් අර දෙවෙනි පයිලට් කොක්පිට් එක ලොක් කරපු එක පදනම් කරගෙන මේ වගේ කතාවක් ගොතන එකනම් මහා දක්ෂකමක්. නිර්මානශීලියාට එක වචනයක් වුණත් ඇති.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සුදීක... කාලෙකට ඉස්සර කියවපු මේ කතාවේ ගොඩක් දේ මම වෙනස් කලා... ඒත් ප්‍රධාන තේමාව කොක්පිට් එකේ දොර ලොක් වෙන එක, ඒක නැතිනම් කතාවක් නෑ... ඒ කන්සෙප්ට් එක ඇත්තටම ඒ මුල් නිර්මාණ ශිල්පීයාගේ... මම හිතන්නේ එයාගේ පරිකල්පනයේ තියෙන ශක්තිමත්බව හින්දා තමයි එකපාරක් කියවූ පමණින් කාලෙකට පස්සේ වුනත් නැවත මතක් වෙන විදියට ඒ සිදුවීම මගේ හිතේ රැඳිලා තිබුනේ...

      Delete
  29. මට මතක් උනේ Harry Houdini ව. උඹෙ කතාවෙ කොටස් දෙකම බලලම ලියනව කියල හිතන් උන්නට, මට මුල කොටසෙම හිතුන මූ ලොක් එකක් ඇරල තමයි ගොඩ ගිහින් ඇත්තෙ කියල. හේතුව අර ජර්මන් ප්ලේන් එක මිසක් උඹෙ ලියවිල්ලෙ අවුලක් හෙම නෙවි ( දෙකම එකට ආවම සැකයේ වාසිය විත්තියටනෙ ).

    හැබැයි උඹ කතාවෙ අග වෙනකල්ම නාට්ටියක් වගේ ලස්සනට ලියල තීන විදිහ නිසා එක හුස්මට ඇදල ආව, අම්ම මෙන්න වෙන්නෙ මම හිතුවෙම නැති සීන් එකක්. මොකද මට හිතුනෙ මේක වෙන වංගුවක් ගහල මාරුවෙන්න ඇති කියල ලොක් උපක්‍රමය පාවිච්චි කරල :)

    ReplyDelete
    Replies
    1. මීටරේ වැඩ නම් කතාවේ කුතුහලය අඩුවෙන බව මම දැනගෙන හිටියා... මුළු කතාවම එකපාර ලියාගන්නත් බැරිවුනා... පලවෙනි කොටස ඉවරවෙද්දී එලියට ආවේ කවුද කියලා කියන්නෙත් නැතුව නැවැත්තුවේ එතනින්වත් කුතුහලය තියාගන්න පුළුවන්ද බලන්න.. :)

      Delete
  30. ටිකක් හදිස්සියට ලියපු කතාවක් වගේ... උඹට මේක ලියන්න හේතු වුණ සිද්ධිය නම් ටක් ගාල ක්ලික් වුණා... ඒ එක්කම ප්‍රධාන චරිතයේ විශේෂ හැකියාව වගේ දේවල් නිසා, පොඩ්ඩක් 'පහසුවෙන් පූර්ව නිගමන වලට එන්නට හැකි' වර්ගයේ කතාවක්. ප්ලේන් එක ඇතුලේ සිද්ධිය ඒ ආකාරයෙන්ම නොවුණත්, කොක්පිට් දොර සම්බන්ධයෙන් කියලා මට හිතුණා. හැබැයි මම හිතුවේ හයිජැක් සීන් එකක් සම්බන්ධ කරලා...

    ReplyDelete
    Replies
    1. දෙවනි කොටස නම් ලිව්වේ හදිසියෙන් තමයි... ගොඩක් අය පළවෙනි කොටසෙන්ම ලොක් එකේ සීන් එකනම් හිතාගන්නවා කියලා මටත් වැටහුණා... හැකියාව මුලින් කියන්නේ නැතුව කතාව තව වෙනස් කරන්න ක්‍රම තියෙන්න ඕනේ... ඒත් දැන් කල්පනා කරන්න මහන්සි බන්... මොලේ ත්‍රෙඩ් ගිහින්... :D

      Delete
  31. ඔතන වුණේ අර හැමෝටම වඩා "රූමි"ගේ කේන්දරේ බලවත්ව ඉස්මතුවීම.:D
    අපුරු කතාව බීටලේ.තමන් අමාරුවේ වැටිච්ච වැඩේම තමන්ගේ වාසියට හේතු වුණා.
    මට මේ බ්ලොග් එක සැහෙන්න මග හැරිලානේ.කමක් නැහැ මේ බ්ලොග් එකත් මුල ඉඳන් කියවන්න ගන්නවා.දැනටමත් එහෙම කියවන කිහිපයක් තියෙනවා.මේකත් ඒ ලිස්ට් එකටම දාගන්ට ඕනේ.

    ReplyDelete

Web Statistics