Monday, March 30, 2015

103. චිත්‍රපටි…

ඊයේ මම දාපු බ්ලොග් පොස්ට් එකේ ඇනෝ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිවුණා…මම මීට කලින් චිත්‍රපටි ලිස්ට් එකක් ෂෙයාර් කරපු හැටි ගැන කියලා…ආයෙත් ඒ වගේ ඔත්තුවක් නැද්ද කියලා අහලා… එක වගේ රසයක් තියෙන කෙනෙක් හමුවුනාම  සතුටක් ඇතිවෙන හින්දා මේ පොස්ට් එක…

මම සාමාන්‍යයෙන් චිත්‍රපටි බලන්නේ ගෙදර ඉඳන්… බොහෝ දුරට ටොරන්ට් හරහා නීති විරෝධීව… මේ නීති විරෝධී කේස් එක ගැනත් ගොඩක් දේ අන්තර්ජාලයේ කතාවෙනවා… කෙනෙක් වෙළඳපොලෙන් පොරවක් ගත්තාම එහා ගෙදර මනුස්සයාටත් ඒක පාවිච්චි කරන්න දෙනවානම් පොරොව හදපු නිෂ්පාදකයාට ඒ ක්‍රියාවට විරුද්ධ වෙලා එහා ගෙදර කෙනාත් අපෙන් අලුත් පොරවක් ගන්න ඕනේ කියලා නීති දාන්න බෑ කියලා ඔය නීතිවිරෝධී ටොරන්ට් වලට පක්ෂව කතාකරන අය අන්තර්ජාලයේ කියලා තිබුණා මම දැක්කා… මමනම් ඕවා ගැන ගොඩක් ගැඹුරින් හිතන්න යන්නේ නෑ… ඒ හින්දා ඔන්න ඔහේ නීති විරෝධී වැඩක් කියලාම කියමුකෝ…

කොහොමහරි, ඔය විදියට චිත්‍රපටි බලද්දී තියෙන ලොකුම පාඩුව රිලීස් වෙන සැනින් බලන්න වෙන්නේ නෑ… හොඳ කොපි එනකල් ඉවසීමෙන් ඉන්න වෙනවා… ඒත් බලන්න චිත්‍රපටි ගොඩක් තියෙනවානම් මේක ප්‍රශ්නයක් නෙමෙයි… මොකද අලුත් චිත්‍රපටි වල හොඳ කොපි එනකල් බලන්න ඊට පොඩ්ඩක් පරණ චිත්‍රපටි තියෙන නිසා…

ඔහොම බලන්න මම චිත්‍රපටි තෝරගන්නේ කොහොමද, සාමාන්‍යෙන් චිත්‍රපටිය රිලිස් වෙද්දී ට්‍රේලර් එක බලනවා… ඒක හොඳයිනම් ඒ චිත්‍රපටිය වොච්-ලිස්ට් එකකට සේව් කරගන්නවා… ඉන්පස්සේ ටොරන්ට් රිලීස් වෙන විදියට රේටින් වැඩිම ෆිල්ම් එකේ ඉඳන් බලනවා…ඉතින් මෙහෙම වෙද්දී සමහර ඒවා පෝලිම පනිනවා… සමහර ඒවා අවුරුද්ද ඉවර වෙනකලුත් පෝළිමේ…... දළාදා මාලිගාවේ තේවාව කරනවා වගේ අකුරටම මේක වෙන්නේ නෑ ඉතින්… සාමාන්‍යෙයෙන් වෙන්නේ එහෙම…

මම නෝට් කරලා තියෙන දෙයක් බොහෝවිට චිත්‍රපටි බලන අය පොත් කියවනවා අඩුයි... පොත් කියවන අය චිත්‍රපටි බලනවා අඩුයි... සයිකෝලොජිකල් කේස් එකක්ද දන්නේ නෑ... චිත්‍රපටිවල රූපය හදලා දෙනවානේ...පොතකනම් තමන්ට ගැලපෙන විදියට හිතින් මවා ගන්නවා... කොහොමහරි, මගේ පොත් කියවන යාලුවෙක් මේකනම් ලස්සන පොතක් කියලා රෙකම්න්ඩ් කලාම මම කරන්නේ ඒක අනුසාරයෙන් චිත්‍රපටියක් හදලා තියෙනවාද කියලා හොයලා තියෙනවානම් ඒක බලන එකයි...

දැන් ඇනෝ මිතුරාටත් එක්කම මාර්තු මාසේ ඉවර වෙද්දී මට බලන්න වොච් ලිස්ට් එකේ එකතු වෙලා තියෙන ෆිල්ම් ලිස්ට් එක දාන්නම්…ඔබටත් හිතට අල්ලන චිත්‍රපටියක් තිබුණොත් බලන්න...

මම බලපු චිත්‍රපටි ඩිලීට් කරන නිසා මෙතන නැහැ…

ප.ලි. ; ඔබ චිත්‍රපටි බලන්නේ නැතිනම්, සමාවෙන්න බයිට් කෑවානම් :D හැබැයි මේ පිංතූර සේරගෙම එකතුව මෙගා බයිට් එකක් වත් නෑ...

MV5BMjUzNTg0MzM3NF5BMl5BanBnXkFtZTgwNDg3NTY5MjE@._V1._SY209_CR0,0,140,209_MV5BMTQ2NzMwNDQ2MV5BMl5BanBnXkFtZTgwMjU2NzA4MjE@._V1._SY209_CR8,0,140,209_MV5BMjA2ODM5MDE3N15BMl5BanBnXkFtZTgwOTIxNjc1MzE@._V1._SY209_CR0,0,140,209_MV5BNDM5MDIxNzYyNV5BMl5BanBnXkFtZTgwMDUzMTk4MTE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTgwNzA3MDQzOV5BMl5BanBnXkFtZTgwNTE5MDE5NDE@._V1._SY209_CR0,0,140,209_MV5BMTQ2MDMwNjEwNV5BMl5BanBnXkFtZTgwOTkxMzI0MzE@._V1._SY209_CR2,0,140,209_MV5BMjE3NjMwMjc3N15BMl5BanBnXkFtZTgwNDk4MjA0MzE@._V1._SY209_CR0,0,140,209_MV5BNjkyNjI3ODc0Ml5BMl5BanBnXkFtZTgwMTU0MjM2NDE@._V1._SX140_CR0,0,140,209_
MV5BMTc0MTM0MTA5MF5BMl5BanBnXkFtZTgwNzEwODEwMzE@._V1._SY209_CR1,0,140,209_MV5BMTQ5NjYxODk2NF5BMl5BanBnXkFtZTgwOTgyNTU4MjE@._V1._SY209_CR1,0,140,209_MV5BNTMwODAzMTQ5NF5BMl5BanBnXkFtZTgwNDgzNjkwNDE@._V1._SY209_CR0,0,140,209_MV5BMTgzOTg0MDY3NV5BMl5BanBnXkFtZTgwNTI0OTA0MzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMjAwMTY3MTU0Ml5BMl5BanBnXkFtZTgwNzE0ODAwMzE@._V1._SY209_CR0,0,140,209_MV5BMjA4MDU0NTUyN15BMl5BanBnXkFtZTgwMzQxMzY4MjE@._V1._SY209_CR0,0,140,209_MV5BMTc5NzI4NTIyMF5BMl5BanBnXkFtZTgwMzIzNDMxMzE@._V1._SY209_CR0,0,140,209_MV5BODAzMDgxMDc1MF5BMl5BanBnXkFtZTgwMTI0OTAzMjE@._V1._SY209_CR0,0,140,209_
MV5BMjIzNzAxNjY1Nl5BMl5BanBnXkFtZTgwMDg4ODQxMzE@._V1._SY209_CR0,0,140,209_MV5BMjE3MDY2NTQ5Nl5BMl5BanBnXkFtZTgwMDIxMDI5MzE@._V1._SY209_CR0,0,140,209_MV5BNjg5NDkxNDc2MV5BMl5BanBnXkFtZTgwOTM0NDMzMjE@._V1._SY209_CR3,0,140,209_MV5BMjE3MjUyMDAwOF5BMl5BanBnXkFtZTgwMjM4MTk4MTE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTAzODc3NjU1NzNeQTJeQWpwZ15BbWU4MDk5NTQ4NTMx._V1._SY209_CR1,0,140,209_MV5BMTAxOTMwOTkwNDZeQTJeQWpwZ15BbWU4MDEyMTI1NjMx._V1._SY209_CR0,0,140,209_MV5BMjM0MTExMTkxNl5BMl5BanBnXkFtZTgwMzgwNDI0MzE@._V1._SY209_CR0,0,140,209_MV5BMjMwOTQ0NTUyMF5BMl5BanBnXkFtZTgwNDg3NDUxNDE@._V1._SY209_CR2,0,140,209_
MV5BMjE5NDA2NDg1N15BMl5BanBnXkFtZTgwNjM1NDQ1MzE@._V1._SX140_CR0,0,140,209_MV5BMTc4MDEzMTA5MF5BMl5BanBnXkFtZTgwODA5MTM0NDE@._V1._SX140_CR0,0,140,209_MV5BMjE4OTY4ODg3Ml5BMl5BanBnXkFtZTgwMTI1MTg1MzE@._V1._SY209_CR0,0,140,209_MV5BMTczNzI2MDc1Ml5BMl5BanBnXkFtZTgwOTU5NTYxMjE@._V1._SY209_CR1,0,140,209_
MV5BMTc3Nzk0NzQ1Ml5BMl5BanBnXkFtZTgwOTM1MDk5MjE@._V1._SY209_CR0,0,140,209_MV5BMTU2NjA1ODgzMF5BMl5BanBnXkFtZTgwMTM2MTI4MjE@._V1._SX140_CR0,0,140,209_MV5BMjM1MDc0NTE1NV5BMl5BanBnXkFtZTgwNzY0ODMzMjE@._V1._SX140_CR0,0,140,209_MV5BMTQ1NTI4MjE5MV5BMl5BanBnXkFtZTgwNzI1MzgxMDE@._V1._SY209_CR4,0,140,209_
MV5BMjA0MTQ3MzczN15BMl5BanBnXkFtZTgwNjY1MzQxMTE@._V1._SY209_CR0,0,140,209_MV5BNjk4MzkyOTQwNF5BMl5BanBnXkFtZTgwODE5MTk1MzE@._V1._SY209_CR0,0,140,209_MV5BMjI2ODQ2NzUwMl5BMl5BanBnXkFtZTgwNjU3NTE4MjE@._V1._SY209_CR0,0,140,209_MV5BNDA0NTUwNzA1OF5BMl5BanBnXkFtZTgwMzQ0NjcwMDE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTQ5NjQ2NjQ3NF5BMl5BanBnXkFtZTgwNjU4MDMxMjE@._V1._SY209_CR1,0,140,209_MV5BMTkzNDA0NzY1Ml5BMl5BanBnXkFtZTgwMjEwMDkzMjE@._V1._SY209_CR1,0,140,209_MV5BMTk5MTkxOTI1N15BMl5BanBnXkFtZTgwNzAwNDA4MTE@._V1._SY209_CR0,0,140,209_MV5BODc5MzA4OTUxOF5BMl5BanBnXkFtZTgwNDA4ODI2MzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTk4NTcxNjY4Ml5BMl5BanBnXkFtZTgwNTIyMzI3MTE@._V1._SY209_CR3,0,140,209_MV5BMjIzNTg4ODM3OV5BMl5BanBnXkFtZTgwMTk0MjkxMzE@._V1._SX140_CR0,0,140,209_MV5BNjY1NjQ1NjMzNl5BMl5BanBnXkFtZTgwNzU0Mjc1MjE@._V1._SX140_CR0,0,140,209_MV5BODQxODk0MDg4NV5BMl5BanBnXkFtZTgwNzIzNjE2MTE@._V1._SY209_CR1,0,140,209_
MV5BMjA5OTAwOTYzOF5BMl5BanBnXkFtZTgwMDQ4MDE0NDE@._V1._SY209_CR0,0,140,209_MV5BMjA5MDM1ODE5NV5BMl5BanBnXkFtZTgwNjg0MTk5MzE@._V1._SY209_CR1,0,140,209_MV5BMTQyOTU2NDQ0Nl5BMl5BanBnXkFtZTgwNDQ3ODYxMzE@._V1._SY209_CR1,0,140,209_MV5BODYyOTMyNjMzMl5BMl5BanBnXkFtZTgwODgwNjQ3NDE@._V1._SY209_CR4,0,140,209_
MV5BMTM4MDQ4Mzg4N15BMl5BanBnXkFtZTcwNzE3NTU3OQ@@._V1._SY209_CR3,0,140,209_MV5BMjM3MDY1NTM5M15BMl5BanBnXkFtZTgwODM0ODkyMjE@._V1._SY209_CR0,0,140,209_MV5BMjMzMjc5MjIzNV5BMl5BanBnXkFtZTgwNTY4OTQ2MjE@._V1._SY209_CR0,0,140,209_MV5BOTA5NzAxNzMxNV5BMl5BanBnXkFtZTgwNzY2NDE3MzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTY2MjMxNDQ0MF5BMl5BanBnXkFtZTgwNzg3ODI2MzE@._V1._SY209_CR1,0,140,209_MV5BMTUxMjQ2NjI4OV5BMl5BanBnXkFtZTgwODc2NjUwNDE@._V1._SX140_CR0,0,140,209_MV5BMTYzODE1ODI4OV5BMl5BanBnXkFtZTgwNTIyNTc2MTE@._V1._SY209_CR0,0,140,209_MV5BMTQ1MDA5NjUxN15BMl5BanBnXkFtZTgwNjAwMDg5MzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMjM5MTE1MDY0Nl5BMl5BanBnXkFtZTgwOTE3NTY4MzE@._V1._SY209_CR0,0,140,209_MV5BMTQyODgwNDM5MF5BMl5BanBnXkFtZTgwNTA1MTQ0NDE@._V1._SY209_CR0,0,140,209_MV5BMzE3NTMwOTk5OF5BMl5BanBnXkFtZTgwODcxNTE1NDE@._V1._SY209_CR0,0,140,209_MV5BMjEyOTI0OTg3N15BMl5BanBnXkFtZTgwNjk5NTExMzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMjA5MjIzODE3N15BMl5BanBnXkFtZTgwNzUwNzYwMzE@._V1._SX140_CR0,0,140,209_MV5BMTQ0NjAyODk5N15BMl5BanBnXkFtZTgwNDM1NjgzNDE@._V1._SX140_CR0,0,140,209_MV5BMjM4MzMyNTk1MF5BMl5BanBnXkFtZTgwOTc4NzAwMzE@._V1._SX140_CR0,0,140,209_MV5BMTUxNDY4MDA1NF5BMl5BanBnXkFtZTgwMjI3OTE0MzE@._V1._SY209_CR1,0,140,209_
MV5BMjk4MDI5MDU4M15BMl5BanBnXkFtZTgwMDMyNzQ5MzE@._V1._SX140_CR0,0,140,209_MV5BMjA3Mzc0NjcxOF5BMl5BanBnXkFtZTgwMzIzMDQ5MTE@._V1._SY209_CR7,0,140,209_MV5BMTQ0MjgxMzExNl5BMl5BanBnXkFtZTgwMTkwNjI0MzE@._V1._SY209_CR0,0,140,209_

54 comments :

  1. මම නම් වැටෙන්නේ 'පොත් කියවන, චිත්‍රපටි බලනවා අඩු (බලන්නේ නැති)' කැටගරියට කියලා බීටල් දන්නවානේ. ඒත් ඉතින් 'බීටල් පෝස්ට්' එකක් මිස් කරන එක අපරාදෙනේ කියලා ඔන්න ඔහේ ආවා කියවන්න. :) මෙතන කීපයක්ම පොත් හැටියට නැති නිසා මම දුකෙන් ඉන්නේ. විශේෂයෙන්ම 'big eyes'. (ඒකෙ movie companion පොතක් තියෙනවා- මට ඉතින් එහෙම වැඩක් නැහැනේ!) ඒ movie එකේ හොඳ review එකක් තිබ්බා. 'wild' වගේ සමහර පොත් නම් මම කියවන 'වොච් ලිස්ට්' එකට දාගෙන තියෙන්නේ. ඉතුරුවා නම් ඔයා කරන එකේ අනිත් පැත්ත- පොත් තියෙනවද කියලා සර්ච් කරනවා ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නැහැ! :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් දවස් වලට මට වෙන්නේ ඔයාල කියවන හරි පුදුම පොත් වල චිත්‍රපටි නැතිවෙන එකනේ... අද තිත්තයාගේ වාරේ... :D

      Delete
  2. වෙලාව, වෙලාව, වෙලාව? කොහෙන් හොයන්නද?

    අපේ නගර සභා පුස්තකාලේ ඩීවීඩී තියෙනවා. මං මේ ළඟදී හොඳ මූවී එකක් දැකලා අතටත් අරගෙන ඒත් පැය තුනක් හොයා ගන්න බැරි නිසා ආපසු තිබ්බා.

    මොකද ඩීවීඩී දෙන්නේ සතියකටයි.

    ඔෆීසියේ දී, ෆොන් එකෙන් ඕාව බලන්න බෑනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, පොතක් කියවනවා වගේ පිටු කීපයක් කියවලා බුක් මාර්ක් එක තියාගෙන ඊලඟ ටික පස්සේ කියවනවා වගේ චිත්‍රපටි බලන්න බෑ තමයි... ඒත් රසවින්දනයා එක්ක පොඩ්ඩක් නෙගෝෂියේට් කරගන්න හැකිනම් ෆිල්ම් එකක් වුනත් කෑලි තුනකට විතර කඩලා බලන්න බැරිකමක් නෑ... ෆෝන් එකෙන් අමාරු වුනත් යන එන ගමන් ටැබ් එකකින් බලන්න බැරිකමකුත් නෑ...

      Delete
  3. මමනං පොත් සහ චිත්‍රපටි කියන දෙවර්ගෙම එකවිදිහටම කියවනව/බලනව. හැබැයි මගේ අත්දැකීම තමයි චිත්‍රපටියට වඩා ඒකට පාදක කරගත්ත පොත රසවත් කියන එක.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමමයි හිතෙන්නෙ... මගේ ෆේවරිට් පොත් කීපයක්ම චිත්‍රපටි වෙලා ආවම අයියෝ මේක බෑවෙ මොකටද කියල හිතෙන ගානට අප්සට්.... හි හි...

      මේ මාසෙ ඩේටා කෝටා එක ඉවර වෙලා ස්ලෝ ස්පීඩ් එකේ බාන්න ෆිල්ම් හොය හොය ඉන්නකොටනෙ මේ පෝස්ට් එක වැටුනෙ... හි හි... ලබන මාසෙටත් එක්කම ඇති... මං හොයන්න සයි ෆයි නෙ... හොරර්, කොමඩි මට අල්ලන්නෙ නෑ... ඒත් මේ ලිස්ට් එකෙනුත් කීපයක් බැලුව...

      Delete
    2. මටත් තේරුම් ගිහින් තියෙන්නෙ පරිකල්පනටයි Kaushi Ariyabandu ටයි හිතුන විදිහටමයි

      Delete
    3. පොතක් කියවද්දී අදාල චිත්ත රූප තමන්ටම මවාගන්න හැකිනේ... චිත්‍රපටියක ඒ නිදහස ඇහිරෙනවා...ගොඩක් අය ඒකට කැමති නැහැ... මේක මම හිතන්නේ සයිකොලොජිකල් කේස් එකක්... මනෝ විශ්ලේශන පඬිවරු මම දැකලා තියෙනවා ඒක විස්තරකරනවා... චිත්‍රපටියක් බලද්දී අඩ අඳුරේ ඉඳන් බලන එක ගැන එහෙම විස්තරකරලා... දැන් හොයන්න අමාරුයි... කොහොම වුනත් මේක ලෝකේ පුරා කතාවෙන දිනුමක් නැති වාදයක් මම හිතන්නේ... පොත් හොඳයි කියන අය තමයි ඉදිරියෙන් ඉන්නේ...

      Delete
  4. මට තියෙන්නේ බීට්ල්ගෙ ලෙඩේ අනිත් පැත්ත. කවුරු හරි හොඳ පොතකින් ෆිල්ම් එකක් හදලා තියනවා කිව්වොත්, මම ට්‍රයි කරන්නේ ඉස්සෙල්ල පොත කියවලා පස්සේ ෆිල්ම් එක බලන්න. දැන් අපේ පොඩ්ඩිගෙයි බුරාගෙයි 'පුටු සෙල්ලම්' කතාව (ෆිල්ම් එකක් නෙමේ ටීවී සීරීස් එකක්) පොත් සැට් එක කියවලාම බලනව කියලා පටන් ගත්තේ... ඒ උන්දැගෙ එක පොතක පිටු 700-800 විතර තියනවා... අම්මේ දැනෙන සනීපෙ...

    මම නම් පොත් කියවන්නත් ෆිල්ම් බලන්නත් කැමතියි... හැබැයි ඕකෙන් ෆිල්ම් බලන එක මට නිවිසැනසිල්ලෙ කරන්න ඕනේ... මම හිතන්නේ ලැබෙන හැම ඉඩකම ෆිල්ම් බලන එකත් ප්‍රගුණ කරන්න ඕන ස්කිල් එකක්... තාම එක ඇවිත් නෑ... ඉතිං ෆිල්ම් එකක් බලන්න සෙට් වෙන්නේ ඉඳ හිට...

    මෑතකදිම එහෙම පොතයි ෆිල්ම් එකයි දෙකම බැලුවේ.. "Into the Wild" කියලා එකක්... true story..

    ReplyDelete
    Replies
    1. අපොයි.. ඒකට මං.. පැය බාගයක් අහුඋනොත් කොම්පීතරේ ඉස්සරහ... හැබැයි ඉතිං ඒවට කන් දෙක පිරෙන්න බැනුම් නං අහනව.. කම්මලේ බල්ල වගේ තමයි... මං හිතන්නෙ ඔය ස්කිල් එක මට හොදට තියෙනව.. හි හි... අනිත් එක මේ දවස්වල කියවන්න කියල හොඳ පොතක් අහුවෙනවත් හරිම අඩුයි....

      Delete
    2. ලැබෙන හැම ඉඩකම පොත් කියවන අයත් ඉන්නේ... මම පාරේ දැකලා තියෙනවා ට්‍රැෆික් සිග්නල් එකේ නවතින ඇසිල්ලටත් පොත් පත්තර කියවන රියදුරෝ..ඒකට නම් විසඳුමක් විදියට ඉතින් ඕඩියෝ බුක් අහමින් යන්නත් පුළුවන්...

      Delete
  5. හොඳ ඔත්තුවක්. බොහොම ස්තුතියි.

    මමත් කරන්නේ බාගෙන බලලා මකලා දාන එක තමයි. එහෙම කරන්නේ ටී වී චැනල් එකකින් මේ චිත්‍රපටි බලන්න ගියොත්, විනාඩියෙන් විනාඩියට දාන ඇඩ් බලලා, ටීවී එක පොළොවේ ගහන්න හිතෙන එක වලක්වා ගන්නයි. මේවා ඩී වී ඩී වලින් හොයන්න කඩවල් ගානේ ඇවිදීම වෙහෙසකරයි.

    ReplyDelete
    Replies
    1. මේ ළඟදී ඩෙල් ස්ටුඩියෝ කියන ප්‍රෝග්‍රෑම් එක බැලුවා...අර දැහැන් ගත වෙනවා කියන්නේ... ඒවගේ වෙනවා ගොඩක් සිංදු වලට... ඒත් එහෙම වේගෙන එද්දිම චැනල් එකේ හරක් විනාඩි පහලොවෙන් පහලොවට සිංදුව නවත්වල වෙලාව මතක්කරන ඇඩ් එකක් දානවා... ඒ වාදක මණ්ඩලයයි ගායකයොයි ගොඩක් කැපවෙලා ප්‍රැක්ටිස් කරලා වෙන්නැති ඒ කොලිටි එකට ඒ වගේ සිංදු මිනිස්සුන්ට රසවිඳින්න ඉදිරිපත් කරන්නේ... ඒ මහන්සියටවත් ගෞරවයක් දෙන්න දන්නේ නෑ...

      Delete
    2. ඩෙල් ස්ටූඩියෝ අහනවනම් වොයිස් ට්‍රැක් එක විතරක් අරන් අහන්න ඕනෙ. ඇත්තටම ඒ ප්‍රෝග්‍රෑම් එකේ වටිනාකම ඒ වෙලාව දාන එකෙන් නැතිවෙනව

      Delete
    3. ඕව් ඒ වුනාට උන් ප්ලේකරන හැටිත් බලාගෙන ඉන්න ආසයිනේ...

      Delete
  6. තැන්කුයි බීටලේ.. දෙක තුනක් තියෙනවා කෝම හරි බලන්න ඕන.. ඉස්සර නං ඩීවීඩි අරගෙන බලනවා මාසෙකට දහයක් විතර. ඒක දැං අතෑරිලා..

    ReplyDelete
    Replies
    1. එල මචෝ... විවේකීව බලපන්...

      Delete
  7. චිත්‍රපටි බලන එකයි පොත් කියවන එකයි දෙකම එකටම කරන්න අමාරුයි තමයි.
    මම කරන්නේ (මම කියලා කිවිවට මේකනම් කරන්න‍ේ අපේ ගෑණි) අවුරුද්ද පුරාම සල්ලි එකතු කරලා සාහිත්‍ය මාසෙදී පොත් ටිකක් වැඩිපුර ගන්නවා. ඊට පස්සේ එන මාස 3-4දී ඒවා ඔක්කොම කියවනවා.... අායෙත් අනිත් අවුරුද්දේ පොත් ටික ගන්නකම් ඉතිරි මාස වල චිත්‍රපටි බලනවා....

    හැබැයි මම මෙතෙක් කාලෙකට බලලා තියන හැම පොතකින් හදපු චිත්‍රපටියකටම ඒ පොතෙන් ඇතිකරපු හැඟීම ඇතිකරන්න බැරිවුනා.... ඒ හැම තැනකදිම චිත්‍රපටිය පොතට පැරදිලා තිබුනා... ඒ ඇයි කියන්න මම දන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. ඒ අතින් මින්ගේ බිරිඳ ගොඩක් හොඳයි... මම අහලා තියෙන විදියට ඊලඟ සාහිත්‍යය මාසේ වෙද්දී කලින් අවුරුද්දේ ගත්ත පොත් වලින් බාගයක් වත් කියවලා ඉවර කරන්න බැරි අය ඉන්නවා...

      Delete
    2. අනේ රත්තරන් අපි නම් ඒතරම් පොත් ගන්නේනෑ... මොකෑ අපි කාල ඇඳලා ජිවත් වෙන්නත් එපෑ.....

      Delete
  8. දන්නවනෙ, මාත් ඉතින් පොත්, පොත් සහ තවත් ‍පොත් ගණයේ බුවෙක්.. ෆිල්ම්ස් නොබලනවාම නෙවෙයි.. බීටා වගේ මාත් ටොරන්ට්ස්වලින් ඩවුන්ලෝඩ් කරලා බලනවා හොඳ ෆිල්ම් එකක් නම්.. ඒ වුනත් දැන් කාලෙකින් ෆිල්ම් එකක් බැලුවෙ නැහැ.. ඒ තියා අතවත් නොතියපු ‍පොත් කීපෙකුත් තාම තියෙනවා.. ඒකනං වුනේ මේ මලමඟුල් බ්ලොග් කෙරුවාව හන්දා.. බ්ලොග් කියවන්ට ගත්තයින් පොත් කියවීම අඩුවුනා, බ්ලොග් එකක් ලියන්ට ගත්තැයින් පොත් කියවීම එහෙමපිටින්ම නැවතුනා..

    බ්ලොග්වලට නැවතීමේ තිත තියලා ආයෙමත් පොත්වලට යන්ට කාලෙ හරි.. :-)

    ReplyDelete
    Replies
    1. මේක තමයි අවුල... බ්ලොග් කියවන එක අහිමි කරගන්න බැරි පුරුද්දක් වුනාට පස්සේ මටත් ගොඩක් දේ අහිමි වුනා...එක දිගට නිකං තියලා xbox එක ඔන් වෙනවාද වත් දන්නේ නෑ... :(

      Delete
  9. මේත් ඉතිං වේල් තුනටම මූවී එකක් හරි සීරීස් එකක් හරි බලන බුවෙක් තමයි. මම මේ සතියේ Schedule එක මෙතන අලවන්න බැලුවා. බ්ලොග් පෝස්ට් එකක table එකක් අලවන්න දන්නවා වුනාට කමෙන්ට් එකක අලවන හැටි නොදන්න නිසා උඹ බේරුනා. මම මේ සතියෙ බලපු ජරාම මූවී එක Cymbeline.

    ReplyDelete
    Replies
    1. Dude, I forgot to thank you for the list.

      Delete
    2. එහෙනම් ඒක ඩෙනිමේ බ්ලොග් පෝස්ට් එකක් විදියටම අලවපන්කො හුදී අපේ පහන් සංවේගය උදෙසා...

      Delete
  10. මාත් ටොරන්ටි ඩවුන්ලෝඩ් කරගෙන තමයි බැලුවෙ. ඒත් කලෙකින් අලුත් එකක් බලන්න බැරි උනා. බලමු ට්‍රයි එකක් දීල.

    ReplyDelete
    Replies
    1. එල මචෝ... ගොඩක් ඒවා ඩ්‍රාමා... ට්‍රේලර් එහෙම පොඩ්ඩක් බලලා හොඳ එකක් බලපන්...

      Delete
  11. මගෙත් ටොරන්ට් පෝලිම බලලා ඉවරකරන්න බැරි තරම්,, ජොබ් එකේ ඔලුව නිදහසක් නැහැ එහෙම නැතුව හරි අමාරුයි ෆිල්ම් එකක් බලන්න,, talk to her කියලා ෆිල්ම් එකක් තියෙනවා පුළුවන් නම් බලන්න,, ලස්සන කතාවක්,, ඕක බැලුවේ මෙහෙ ෆිල්ම් හෝල් එකක.. ටොරන්ට් තියෙනවා මං හිතන්නේ,,,

    ස්තුති අයියේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔමා... ස්පැනිෂ් එකක් නේ.. ඇත්තටම ඒක මට හිතට ඇල්ලුවා... බලන්නම්...

      Delete
    2. ස්පැනිශ්හ් ෆිල්ම් බලන්න ගන්න එක ද්‍රග්ස් ගන්නවා වගේ තමයි ආසයි බලන්න ,, බලන්න ඒ කතාව ඇතුලේ තියෙන සංවේදී කතාව.. මෙහෙ අවුරුද්දකට මෙම්බර් ෂිප් එකක් ගත්තම මුළු අවුරුද්දෙම ෆිල්ම් බලන්න පුළුවන් ෆිල්ම් හෝල් එකේ ..එකම ෆිල්ම් එක තුන් හතර පාර බලපු වෙලාවල් තිබ්බා ..boys dont cry ඒ වගේම බලපු එකක්

      Delete
  12. //බොහෝවිට චිත්‍රපටි බලන අය පොත් කියවනවා අඩුයි... පොත් කියවන අය චිත්‍රපටි බලනවා අඩුයි... සයිකෝලොජිකල් කේස් එකක්ද දන්නේ නෑ..//
    එහෙම වෙන්නැති. බස්සිත් ෆිල්ම් බලන්නෙ බොහොම කලාතුරකින්. පොතක කතාවකින් හදපු ෆිල්ම් එකක් බැලුවම ගොඩක් වෙලාවට කලකිරෙනවා ඇයි ඉතින් හිතින් මවාගත්ත ඒවා සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වෙලා යනවනේ.

    ReplyDelete
    Replies
    1. බස්සිගේ පොත් කියවීමේ ඇබ්බැහිය ගැන පෝස්ට් එකකින්ම දැනගත්තා... චිත්ත රූප කුඩුවෙන අවුල තමයි ගොඩක් පොත්ගුල්ලන්ට ඇත්තෙ...

      Delete
  13. මේවා විඩියෝ කඩවල හොයා ගන්න නැද්ද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් එවා තවම DVD රිලිස් වෙලත් නෑ මෙන්ඩා.. අනිත් එක වීඩියෝ කඩවලට ගොඩක් ගන්නේ බොක්ස් ඔෆීස් හිට් වෙන ඒවානේ...

      Delete
  14. Spare parts movie එකේ ටොරන්ට් එකක් හොයාගන්න නැතිවෙයිද ?

    ReplyDelete
    Replies
    1. මම දන්න විදියට තවම රිලිස් වෙලා නෑ...

      Delete
  15. fury, wild, jhon wick, backcountry නම් බැලුව. අනිත් ඒව ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕන.. ස්තුතියි !

    (පෝස්ට් එකේ සඳහන් ඇනෝ නොවෙමි) :)

    ReplyDelete
  16. fury, hobbit, jhon wick, gambler, a most violent year, predestination තමයි මම මේ ලිස්ට් එකෙන් බලලා තියෙන්නේ දැනට.. කොහොමද predestination අන්තිමට ඉවර වෙන විදිහ.. ටයිම් ට්‍රැවලින් වලින් අන්තිමේ මොනවයින් මොනවා වෙනවද.. තමන්ගෙම ජීවිත කතාවම ලියාගෙන.. මම බැලුව ඔළුව පිස්සු හැදෙනම ෆිල්ම් එක.. මරු..

    ReplyDelete
    Replies
    1. යකූ මම තවම ඒක බැලුවේ නෑ... ඉවරවෙන හැටි කිව්වොත් වෙඩිතියනවා... :D

      Delete
  17. මම හිතන් හිටියෙ මම ගොඩාක් movies බලන කෙනෙක් කියලා. මේවගෙන් බාගෙට බාගයක් බලල නෑනෙ. ස්තූතියි.
    ඔන්න මම නම් අර කැටගරි දෙකටම අයිති වෙන කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් නියමයි... මම කියන්නේ කැටගරි දෙකටම ගොඩක් අය අයිති වෙනවා... දෙකෙන් එකක් තමයි අසාමාන්ය විදියට වැඩිපුර වෙන්නෙ... :)

      Delete
  18. බුදු අම්මෝ. මේ ටික දැකලා මගේ ඔළුව විකල් වුණා. බලපු නැති ගොඩක් තියෙනවා. දැන් එක බැගින් ඩවුන්ලෝඩ් කරන්න තීරණය කළා.
    ස්තූතියි බීට්ල්.

    ReplyDelete
    Replies
    1. එලමැයි... එකක් දෙකක් බලද්දී ඉතුරු චිත්‍රපටිත් සෙට් වෙනවාද කියලා වැටහේවි...

      Delete
  19. පොත් කියවන්න නම් වෙලාව තියෙනවා (කෝච්චියේදී)...ෆිල්ම් නිතරම බැලෙනවා අඩුයි. ඔතනින් predistination නම් බැලුවට මට ඇල්ලුවේ නෑ. ඒක බලල අන්තිමට 'so what?' කියල හිතුණා. මගේ වොච් ලිස්ට් එකේ දැනට තියෙනවා - Insurgent, Home, King's men & Focus

    ReplyDelete
    Replies
    1. ඉස්සර (දැනුත් තියෙනවද දන්නේ නෑ) ෆේස්බුක් එකේ තිබුණා ඇප් එකක්... චිත්‍රපටි එකිනෙකා රේට් කරන විදියට තමන්ට වඩාත්ම සමීප රසඥතාවය තියෙන අය පෙන්නනවා..ඒ වගෙ සමහරු ගොඩක් එකවගේ... සමහරු පොඩ්ඩයි... සමරවිට අපිදෙන්නාගේ චිත්‍රපටි රසඥතාවය ගොඩක් වෙනස් ඇති :)

      Delete
  20. බ්ලොග් කියවිල්ල හින්ද පොත් කියවිල්ලයි, ෆිල්ම් බැලිල්ලයි නතර වෙලා කියල මතක් උනේ මේ පෝස්ට් එකෙන්. අද ඉදන් පරණ පුරුද්දට යනව. මේ පුරුද්ද නවත්තල ස්තූතියි බීටලේ.

    ReplyDelete
    Replies
    1. අපෝ බ්ලොග් කියවන එක එහෙම නවත්තන්න එපා :D

      Delete
  21. මේකත් දාගනින්,,,සතියේ ඉරිදා විතරක් නිවාඩු මමත් කොහොම හරි පිචෑර් එකක් බලා ගන්නවමයි,,,
    http://www.imdb.com/title/tt2177827/

    ReplyDelete
    Replies
    1. එල ඩිලා .. තැන්කෝ...

      Delete
  22. අඬන්න ඕනිලු කිරි එරෙන්න! ඇනෝ කොමෙන්ටුවකට මේ තරම් ප්‍රතිචාරයක් දැක්වීමට තුති ! චිත්‍රපටි සම්බන්ධව ඔබෙත් මගෙත් රුචිය ගොඩක් සමපාතයි.ඒකයි ඔත්තුවක් ඉල්ලුවෙ.මෙන්න දීල ලොරියක්ම.ඔබේ ප්‍රතිචාරය බොක්කටම දැනුන.

    ReplyDelete
    Replies
    1. මට හිතුනේ අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් ඇන්නා වගේ එකක් ඔබ කලේ :D

      Delete
  23. චිත්‍රපටි බැලුවට පොත් කියවන්න තමයි මමත් ගොඩක් කැමති.හැබැයි මට පොත් කියවද්දී හොඳ සැහැල්ලුවක් ඇතිව කියවන්න ඕනේ.එක නිසා ගොඩක් පොත් ගෙදර තියෙනවා තමා කියවන්න බැරි වෙච්චි.:(
    පොත් ඇසුරෙන් කරන චිත්‍රපටිවලට වැඩියෙන් චිත්‍රපටියට පාදක වෙච්චි පොත සාර්ථක වෙන්නේ පොතේ කියවෙන පුළුල් කතාව පැය කිහිපයකට සිමා කරන්න තියෙන අපහසුව නිසා වෙන්නත් පුළුවන්නේ.

    ReplyDelete
  24. උඹ ඔය කියන දෙකොට්ඨාශයෙන් මං මොන ගොඩට අයිතිද මංදා... මොකද පොතුත් කියවනවා.. ෆිල්ම් එකත් බලනවා.. මං වැඩියම කැමති පොත කියවලා ඒකේ ෆිල්ම් එක බලන්න. කොහොමත් පොතක් ඇතුලේ තියෙන දීර්ඝ විස්තර කිරීම් සිනමාව අස්සේ කරන්න ලේසි නැහැ... පොතේ තියෙන අකුරක් නෑර ෆිල්ම් එකෙන් හොයන්න ගියාම තමා අවුල හැදෙන්නේ...

    දැන් අවුරුදු දෙකට විතර කලින් මම ගත්තා ඩොක්ටර් ෂිවාගෝ සිංහල පරිවර්ථනය.. ඕක ගන්න මං අවුරුදු පහලවක් විතර බලං හිටියා... කොහොම හරි මගේ ජීවිත කාලේ මං පොතක් කියවන්න ගතකල වැඩිම කාලය අරගෙන මං ඕක කියෙව්වා... මං හිතන්නේ මාස කිහිපයක් තිස්සේ ටික ටික කියෙව්වා... මට කවදාවත් ඒ වෙනකල් එහෙම කෙලියක් වෙලා නැහැ පොතක් සම්බන්ධව... පතරංග සයිස් පොත් උනත් මොන විදියකින් හරි නිදි මරාගෙන කියවලා ඉවර කරලම මිසක් නින්ද යන්නේ නැති ලෙඩක් මට තියෙනවා.. ඒ හින්දා පොතක් කවදාවත් දවස් දෙකක් මගේ කොට්ටේ යට තියං නිදියලා නැහැ.. ඒත් මේක ඇදේ පැත්තක තියං මං මාස ගානක් කට්ට කෑවා.. එහෙම කරලත් මට කතාවේ සම්පූර්ණ රසයක් ආවෙම නැහැ... ඒත් මං අහලා තියෙන ඩොක්ටර් ෂිවාගෝ එහෙම වෙන්න හැටියක් නැහැ... ඒ අහපු දේවල් නිසාම අවුරුදු ගානක් බලං ඉදලා යන්තං ගත්ත පොත මෙහෙම උනාම කර්පට් වෙලා මඤ්ඤං වෙලායන එක අහන්න දෙයක් නෙවෙයිනේ.. කොහොමින් කොහොම හරි ඔහොම ඉඳලා මේ දැන් මාස දෙකකට විතර කලියෙන් ඩේවිඩ් ලීන් උන්නැහේගේ ඩොක්ටර් ෂිවාගෝ ෆිල්ම් එක බාගන්න ලැබුනා..
    හනෙ හප්පේ... මගේ අවුලක්ද.. පොතේ අවුලක්ද.. පොත පරිවර්ථනය කරපු භද්‍රජීගේ අවුලක්ද දන්නේ දෙයියෝ තමා... ෆිල්ම් එක බැළුවට පස්සෙයි මට කතාව කතාවක් හැටියට දැනෙන් ගත්තේ.. අපහැදිලි තැන් පැහැදිලි උනේ... (එක පාරටම මට පිරිත් පොත මතක් උනා.. ඔය වසල සූත්‍රයේ එහෙම අගට තියෙනවා මෙහෙම කෑල්ලක්..
    “නික්කුජ්ජිත්තං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්චන්නංවා විවරෙය්‍ය,මූළ්හස්සව වා මග්ගං ආචික්කෙය්‍ය, අංධකාරේවා තෙල පජ්ජෝතං ධාරෙය්‍ය,.... ආදී වශයෙන්.. ඒ කිව්වේ මුනින් අතට තිබුන බඳුනක් උඩ අතට තිව්වා වගේ.. වැහිලා තිබුන දෙයක් පෙන්නුවා වගේ.. පාර වැරදුන කෙනෙකුට පාර පෙන්නුවා වගේ.. අන්ධකාරයට පහනක් දැල්වූවා වගේ.. යමක් පැහැදිලි කරලා දෙන හැටියක්..)
    ඉතිං කොහොම හරි මට එදා තමා අර මාස ගානක් කියෝපු පොත ගැන මෙව්වා වෙන්න ගත්තේ.. ඒ පාර මම ෆිල්ම් එක ආයෙම දෙපාරක් බැළුවා.. පොතත් ලග තියං ඒකේ තැනින් තැන කියවන ගමන්... අවසානයේ මං තේරුං ගත්ත දේ තමා කවුරු කොහොම කිව්වත් පොතයි ෆිල්ම් එකයි දෙකම බැලීම තමා වඩාත්ම වැදගත් දේ කියලා... ඒ දෙක වෙන වෙනම බලනවා කියන්නේ තනි ඇහෙන් බලනවා වගේ වැඩක්.. දෙකම බැළුවම ඇස් දෙකෙන්ම බලනවා හා සමානයි... තිත් දෙකයි ඩී (ඉංගිරිසි අකුරු වදින්නේ නැතිව ගෙහුන්)

    මේ දාලා තියෙන ලිස්ට් එකේ ෆිල්ම් වලින් කිහිපයක්ම මේ වෙද්දි හයක් හතක් බලලා තියෙන්නේ ඒ අතරින් හොඳම එක අර ඔස්ට්‍රේලියන් ෆිල්ම් එක predistination තමා...

    ReplyDelete

Web Statistics