කැෆේ කොෆී ඩේ කියන්නේ කෝපි එකක් හිස්වෙන පමාවට, දෙන්නෙක්ගේ අනාගතය අලුතෙන් ලියන්න පුළුවන් මායාකාරී කෝපි හලක්… ඇය හිටියේ බීන් බෑග් සෝෆාවක ගිලිලා, මගේ පැත්තට නැඹුරුවෙලා…ඇපල් සෝඩා වීදුරුවේ බිත්තියෙන් ගිලිහිලා ඉහළට ඇදෙන මුරණ්ඩු පෙන බුබුළු දිහා බලාගෙන… මම, ඒ පසෙකින් බිත්තියටම සවිකරපු සිමෙන්ති ආසනයක සැහැල්ලුවෙන් දිගෑදිලා…
“නොගැලපෙන දේ ගොඩයි…!”
ඇය කියන්නේ විවෘතව, මගේ ඇස් දිහා බලාගෙන…
“මොනවද ඒ..?”
මම අහන්නේ මගේ කෝපි කෝප්පෙට මුවාවෙන්න උත්සාහා කරමින්…
“අපි රටවල් දෙකක…සංස්කෘති දෙකක්… අපේ දෙමව්පියෝ, පවුල් පසුබිම, ආගම්, කුල මල, කෑම බීම… ඒ සේරටම වැඩියෙන් අපි දෙන්නගේ සිතුම් පැතුම් ගැලපෙනවා කියලා මට හිතෙන්නේ නෑ… ටීවී එකේ බලන්නේ මොන චැනල් එකද කියන තැන ඉඳන්, දරුවන්ට දාන නම් මොනවද කියන තැන වෙනකල් අපි දෙන්නා රණ්ඩු වේවි… ”
“අපේ සිතුම් පැතුම් ගැලපෙන්නේ නෑ කියලා ඔයා කොහොමද හරියටම කියන්නේ…?”
“වෙන දෙයක් ඕනේ නෑ… දැන් මෙතනම බලන්න, ඔයා ආසාම කෝපි වලට… මට පේන්න බැරි දේවල් වලින් එකක් ඇත්නම් කෝපි…!”
ඇය කියන්නේ ඇඟිලි වලින් හිසකෙස් හදමින්… වසර ගනනක් මම හඹාගිය ඒ සුන්දර හිනාව ඇය මේ වෙලාවෙත් ලෝබ නැතුව බෙදද්දී, ඒක මගේම කරගන්න අන්තිම සටනත් සටන් වදින්න මම සූදානම්…
“කෝපි ගැන කතාවක් කියන්නද…?”
“හා…!”
කොෆී ඩේ කැෆේ එකේ තියෙන්නේ ඉවසිල්ලේ දියවෙන සීනි…
“කෝපි මෙච්චර රස වෙන්න කලින්, දිව්‍යලෝකේ හිටියා කුමාරයෙකුයි කුමාරියෙකුයි… මේ දෙන්නාට දෙන්නාව පේන්න බැහැ…”
ඇගේ උනන්දුව ඇස් වලින් උතුරද්දී, මම මනසේ සිතිවිලි අවුස්සන්නේ ඇය සතුටු කළහැකි කතාවක් නිර්මාණය කරගන්නා අටියෙන්…
“මේ කුමාරි හැමවෙලේම හිනාවෙලා ඉන්න කැමති, දුක අඳුනන්නේ නැති… ගතවෙන හැම මොහොතක්ම යාළුවෝ පිරිවරාගෙන සතුටින් ඉන්න කෙනෙක්… ඒත් කුමාරයා හැමවෙලේම දුකින් ඉන්න, සතුට කියලා දෙයක් දන්නෙවත් නැති, ගතවෙන හැම මොහොතකම තනිකමෙන්, පාළුවෙන් ගතකරන්න කැමති කෙනෙක්…”
“ඉතිං…”
“ඉතිං දිව්‍යය ලෝකේ අධිපති දෙවියාට අවශ්‍යය වුනා මේ දෙන්නා විවාහ වෙනවා දකින්න… ඒත් මේ දෙන්නා කිව්වේ එයාලාගේ සිතුම් පැතුම් ගැලපෙන්නේ නැති හින්දා එහෙම සම්බන්ධයක් ඇතිවෙන්න බැරි බවයි… අවුරුදු ගානක් මේ දෙන්නා අතරේ සම්බන්ධයක් ඇතිකරන්න උත්සාහා කරලා බැරිවුන තැන කේන්ති ගිය අධිපති දෙවියා, මේ දෙන්නාට සාප කලා… මේ දෙන්නාම අපායට යන්න ඕනේ කියලා… “
“අනේ..!”
“කියන්න අමතක වුනා, දිව්‍යලෝකේ අය අපාය කියන්නේ අපේ මේ මනුස්ස ලෝකයට… දිව්‍යය අධිපතිට කේන්ති ගිහින් කරපු මේ සාපය ගැන පස්සේ එයා පසුතැවිලි වුනා වුනත්, සාපයක් කියන්නේ සාපයක්… දෙවියන්ටවත් ඒකෙන් ගැලවෙන්න බැහැ… ඉතිං මේ කුමාරයයි, කුමාරියි අපේ මනුස්ස ලෝකෙට ආවා… සාපයේ තිබුණෙ සදාකල්ම මේ දෙන්නා එකට ඉන්න ඕනේ කියලා… හැබැයි හැම සාපයකටම තියෙනවා එක පොදු ලක්ෂණයක්…..ඒ මොකද්ද..?”
“ඒ සාපයෙන් මිදෙන විදියක්…?”
“හරියට හරි…!ඉතින් මේ සාපයෙන් මිදෙන්න නම් කුමාරයා මේ ලෝකයේ ආදරය, සිනහව පිරුණු සතුටුම මොහොතත්, කුමාරි මේ ලෝකේ පාළුව, තනිකම පිරුණු දුකම මොහොතත් අත්විඳලා තියෙන්න ඕනේ… ඒ අත්දැකීම් වලින් පස්සේ ඒ දෙන්නා අනෙකාගේ සිතුම් පැතුම් තේරුම් ගැනීම අතින් පරිපූර්ණ වෙනවා කියලයි අධිපතිතුමා හිතුවේ…”
“ඉතිං…”
“ඉතිං… සදාකාලිකව දෙන්නත් එක්ක එකට ඉන්නත්, මිනිස්සුන්ගේ හිනා, කඳුළු අතර ගැවසෙන්නත් තියෙන හොඳම විදිය ඒගොල්ලෝ තෝරගත්තා… ඒ මොකක් කියලාද හිතන්නේ…?”
“කෝපි…!?”
“හරියට හරි…! බලන්න කෝපි ගෙඩි හැම එකකම, පියලි දෙකක් තියෙනවා.. ඇත්තටම ඒ ඉන්නේ කුමාරයයි… කුමාරියි… ඒ දෙන්නම එකතුවෙලා තමයි කෝපි වලට රස දෙන්නේ… අපි ගතකරන ආදරයෙන් පිරුණු මොහොතවල් සමරන්න කෝපි වලට උණුහුමට ජීවය දෙන්නේ කුමාරි… පාළුවෙන් තනිකමෙන් පිරුණු සීතල රාත්‍රීන් ගෙවාගන්න, කෝපි වලට තිත්ත කළුපාට දෙන්නෙ කුමාරයා…”
ඇගේ හූමිටි වෙනුවෙන් නොනවතින මම කියවාගෙන යනවා…
“ඉතිං එයාලාට තවම සාපයෙන් මිදෙන්න බැරිවුනාද…?”
“ම්හු… මම දන්න විදියට පාළුව තනිකම පිරුණු ලෝකේ දුකම තැන් මහ ගොඩක් කුමාරිනම් අත්වින්දා… ඒත් ආදරයෙන් පිරුණු ලෝකේ සතුටුම මොහොතක් අත්විඳින්න කුමාරයාට තාම බැරිවෙලා තියෙනවා… ඒ හින්දායි ඒගොල්ලන්ට සාපයෙන් තාම මිදෙන්න බැරි… හැබැයි ඔයාට පුළුවන් ඒගොල්ලන්ව සාපයෙන් මුදව ගන්න…”
“හහ්…! මම…!?”
“ඔව්… දැන් මේ කෝපි කෝප්පේ ඉස්සරහදිම ඔයා මගේ යෝජනාවට කැමති වුනොත්… ඒක මේ ලෝකෙ කෙනෙක් විඳින ආදරයෙන් පිරුණු සතුටුම මොහොත වේවි…! කුමාරයායි, කුමාරියි ආපහු දිව්‍යලෝකෙට යාවි…”
ඇයට නොදැන්න ඇගේ හැම ඉරියව්වක්ම මම වරු ගනන් බලාගෙන ඉඳලා තියෙනවා… ඒත් අද ඇය මා දෙස බලාසිටින මේ ඉරියව්ව මම මීට පෙර දැක නැතිබව මට මට දිවුරා පොරොන්දු විය හැකියි…
“මට දැන් යන්න ඕනේ…”
මොහොතක් නිහැඬියාවකින් පස්සේ ඇය පවසන්නේ කලබලයෙන්…
“ඉන්න මම ඩ්‍රොප් කරන්නම්…”
“එපා… මම ඔටෝ එකක යනවා…”
“ඇයි ඒ…?”
“තව හිටියොත් මේ ලෝකේ මිනිස්සුන්ට කෝපි රස නැතිවෙයි කියලා මට බයයි…”
කෝපිහලේ දොර ඇරගෙන ඇය දුවයද්දී ඒ අද්දරින් එල්ලා ඇති දොර චයිමයේ සීනු කලබලයෙන් කෑගහනවා…
ඉන්පස්සේ…
හැම දෙයක්ම සන්සුන්…
ප.ලි. :
වසර ගනනාවකට පස්සේ ඊයේ මුම්බායේදී කැෆේ කොෆී ඩේ කෝපිහලකට ගොඩවැදුනා… ආදරය බොළඳයි තමයි, නමුත් තාරුණ්‍යය සදාකාලිකයි… කැෆේ කොෆී ඩේ තවමත් කෝපි සුවඳයි…
බොළඳ නැත්තං ඒක ආදරයක්ද අප්පා....
ReplyDeleteනියමයි බීට්ල්...
ඡන්ද කතා බලල බලල එප්පා වෙල හිටියෙ... හි හි
ස්තූතියි හිරු... ඡන්ද කතා එපාවුනාට ඡන්දේ එපා වුනේ නෑනේ... :) කතිරේ වෙනුවට පිලිවෙලකට මනාප තුනක්ම ලකුණු කරලා එන්න...
Deleteආදරේට හරි සම්බන්දයි කෝපි ! ඇත්තටම.
ReplyDelete//කෝපි ගෙඩි හැම එකකම, පියලි දෙකක් තියෙනවා.. ඇත්තටම ඒ ඉන්නේ කුමාරයයි… කුමාරියි… //
මම කැමති ඒ උපකල්පනයට.
ස්තුතියි බීටල් ! (ගොඩක් දෙවල් වලට) :)
ස්තූතියි නිදහස්... කතාවකුත් තියෙන්නේ ජීවිතේට ඕනේ ඇතිතරම් ආදරයයි, ඇතිතරම් කෝපියි කියලා... :)
Deleteබීටල් ගේ කතා මැවීමේ ස්ටයිල් එක !!!
ReplyDeleteහරියට දේවදූතයෙක් ගේ කතා වගේ ලස්සනට ගොතලා කියන්න ඔයාට පුළුවන්.
අපි මීක් නොකියා හිත අස්සේ හීන දාහක් හමාරක් මවාගෙන ඒව කියවලා චරු චුරු වෙනවා.
අපූරුයි...
( මේක කියවන කොටත් රස්නෙ, රහ පිරිච්ච කෝපි කෝප්පයක් මගේ අතේ. )
අලුත් අවුරුද්දේ හිත සැනසෙන පෝස්ට් එකක් කියෙව්වා ඔන්න හා පුරා කියලා. බොහොම ස්තූතියි.
ගොඩක් ස්තූතියි රංගි, ඔයාගේ මිඩ්ල් නේම් එක කෝපි බවත් දන්නවා :D
Deleteමමත් කෝපි එකක් බිලා ඉවර වුනා විතරයි. පරණ මතකත් කෝපි වගේ තමා නේද ?
ReplyDeleteඒවට කියන්නේ කොෆී රින්ග්ස් කියලා... වෙලාව අරන් බොන හැම කෝපි කෝප්පෙකම අඩිය සලකුණුවෙනවා... රින්ග් එක ටේබල් මැට් එකේ... මතකය සදහටම හිතේ... :)
Delete//“තව හිටියොත් මේ ලෝකේ මිනිස්සුන්ට කෝපි රස නැතිවෙයි කියලා මට බයයි…”//
ReplyDeleteතාම අපිට කෝපි රස දැනෙන්නේ කුමාරයා තාම සතුට අත්ව්ඳලා නැතිනිසා වෙන්න ඇති....
විශිෂ්ඨයි උඹේ ගෙත්තම.....ජය වේවා.....
ගොඩක් ස්තූතියි මචං... ඔව් උඹ හරි...
Deleteතෝව අපා හතටම පලයං!! තෝව අනික් එවුන්ම අරන් පලයං!!
ReplyDeleteමොකද බොල මෙහෙම පරණ මතක අවුස්සන්නෙ? යාන්තං හිතේ පතුලටම ඔබලා දාලා තියෙන පරණ මතක.. :-)
බූරා, අනික් එවුන් කිව්වම මට අප්‍රිකාානු නවකතාවක ඔහොම තිබුනා මතක් වෙනවා මොකේද කියලා මතක නම් නෑ.
Deleteසෙන්නාවත් 'අනික් එවුන්' අරගෙන ගිහිල්ලද කියලා මට ලඟදි හිතුණා... අර ගිනි සිද්ධියෙන් පස්සෙ මොකුත් නැහැනේ... ප්‍රාජේගෙ පොතක් පරිවර්තනය කරන බවක් කිව්වත් මතකයි... මොකද වෙන්නේ ඉතින්?
Deleteහහ් හහ් හා... බුරා...
Delete“There is only one god and his name is cherished memories. And there is only one thing we say to cherished memories: “Not again.”
නිකං අහලා පුරුදුයි වගේද..? මම පොඩ්ඩක් වෙනස් කලා :D
තිසර සෙන්නාව 'අනික් එවුන්ටත්' හොයාගන්න බැරුව ඇත්තේ...
කියන්න විශේෂයක් නෑ තිසර. වෙලා නැති කම තමා අවුල.. ගෙදර ඇවිත් බ්ලොග් එකේ එල්ලිලා ඉන්න වෙලාවක් නෑ දැන්... ප්‍රා ගෙ වැඩෙත් හිමීට යනවා.. ඒකෙ ඩෙඩ්ලයිනුත් මැරිලා දැන්.. හෙහ් හෙහ්..
Deleteමම මේ කල්පනා කරන්නේ සතියට මාගල් වගේ පෝස්ට් තුන හතරක් දාන පොරවල් කොහොමද එහෙම කරන්නෙ කියලා..
මතක් වෙච්ච එක ගැන බුර බුරා නැගෙන තුතිය පිළිගන්න..
කෝපි කතා! කෝපි හල් වල කෝපි නොබී ඉන්න පුළුවන් වීමත් එක්තරා කලාවක්! :)
ReplyDeleteමුම්බායේ නිවාඩුව සාර්ථකව ගෙවෙනවා ඇති කියලා හිතෙනවා.
ඒක කලාවක් නෙමෙයි, අපරාධයක්... :D කොහොමහරි ඔයා ඒක හොඳට මාස්ටර් කරලා තියෙනවා කියලත් දන්නවා... නිවාඩුව සාර්ථකයි මලිති... ස්තූතියි... :)
Deleteබීට්ල් උඹේ සියවෙනි පෝස්ට් එක මග ඇරුණා.. මේක 101 බව දැක්කහම තමයි තේරුණේ. ඒක පස්සෙ ගිහින් කියවන්නම්..
ReplyDeleteබොළඳ කමකට වුනත් නැවුම් රසයක් දෙන්න උඹ දරලා තියන උත්සාහය අති සාර්ථකයි...
//“තව හිටියොත් මේ ලෝකේ මිනිස්සුන්ට කෝපි රස නැතිවෙයි කියලා මට බයයි…”//
මේ පේළියෙන් මතු කරන සංකීර්ණත්වයට මම කැමතියි... හැබැයි සැබෑ ජීවිතයෙදි මේ සුන්දර සංකීර්ණ බව අපිට හමුවෙනවා ගොඩක් අඩුයි.
ස්තූතියි මචං, වෙලාව ලැබුණාම කියවපන්... ඇත්ත ඒ සුන්දර සංකීර්ණබව සැබෑ ලෝකේ අතිශය දුර්ලභයි... ඒ හින්දමයි එහෙම දුර්ලභ දෙයක වටිනාකම සදාකල් රැඳෙන්නෙත්...
Deleteලස්සන කතාවක්. යථාර්ථය මෙහි අන්තර්ගතයේ හොඳින්ම අඩංගු වෙනවා. ඉහලින්ම අගය කරනවා.
ReplyDeleteගොඩක් ස්තූතියි විචාරක...
Deleteකෝපි රස ආදරයක්..
ReplyDeleteනියමයි.
ස්තූතියි ප්‍රසා... ආදරේට කෝපි බිව්වට බ්‍රෑන්ඩ් එක ගල්... :D
Deleteකෝපි වලට රසට ආදරේ කරන එකෙක් සහ කෝපිවල සුවඳට ඇරුණුකොට රසට 'ඈක් ' කියන එකියකගේ ගලපන්න උණුසුම් කෝපි කෝප්පයක් තියෙන එක තමයි හොඳම සැකැස්ම.
ReplyDeleteමෙහෙම මොහොතකදී පැනල යන එක තමයි හොඳම උත්තරේ. නැත්තම් කෝපි වලින් දැපනේ වැටෙනවා එතැනම... එහෙම දුවන කෙල්ලෙක්ගෙ හිත මම දන්නවා.
මේ කෝපිසැල් කියන්නේ ඔය වගේ බිලිබෑම් වලටම හදාපු තොටුපලවල්ද කොහේදෝ... චඃ... පරණ මතකයන් අවුස්සලා දැන් නගින දුවිලි වලාවට මට නොනවතින කිවිසුම් පේලියක් සහ කැස්සක් හැදිලා... වෙඩිතියන්න ඕනේ මේ කතාවට....!
කෝපි නම් නෙමෙයි පුංචි කඩපිලක බංකුවක් උඩට වෙලා කවුරුහරි දකීද බයෙන් දෙන්නෙක් ඉක්මනට බීලා දාපු ස්මැක් චොක්ලට් ඩ්‍රින්ක් එකක් මතක් වුනා.
ReplyDeleteහිරූ කියනවා වගේ ඡන්ද කතා ඇතිවෙලා තිබුනේ.
පට්ටයි බීටලයො
ReplyDeleteකෝපි නැත්තං ඒක ආදරයක් නෙවේ කියල හිතෙන්න ගත්තද මංද...
හිහි පට්ට කියන්නෙ හොදම එක මට නං
කාලෙකින් ජාලෙ පැත්තේ ආවෙත්. උඹ කතාවක් ඇතුලෙත් කතාවක් මවපු අපූරුව! :)
ReplyDeleteආදරයක් පටන් ගත්ත මුල් කාලේදී, කෝපි කාලය ගත කරන්නට කියාපු පානය
ReplyDeleteආදරය විඳිමින් ජීවිතය ගත කරනකොට, කෝපි කාලය ගත කරන්න ට කියාපු පානය
ආදරය අහිමි වුනාම , කෝපි කාලය ගත කරන්නට කියාපු පානය
ආදරය වෙනස් වුනත් කොපි හැමදාම නැවුම් ... :(
හැමෝම කෝපි ගැන කතා කරනවා. හැමදාම කෝපි බොන කෝප්පේ ගැන කවුරුත් කතා කරන්නේ නෑ. :P
Deleteකෝපිවල තියෙන්නේ ආදරයේ සුවඳ , කෝප්පේ තියෙන්නේ ආදරයේ හැඩය ...ඒ ගැන කතා නොකලට හැඩයවත් සුවඳවත් ආදරයවත් කවදාවත් වෙනස් වෙන්නේ නෑ. .... :D
Deleteමේ පෝස්ට් එක හන්දා, දැන් හැමදාම උදේට කෝපි කෝප්පේ අතට ගත්තු හැටියේ මතක් වෙන්නේ බීටලේව...:D
ReplyDeleteඔයාට ප්ලේන් වල යනකොට කාවවත් මතක් වෙන්නේ එහෙම නැද්ද දැන් ?? ;-)
Deleteඑයා නම් කවදාවත් අමතක වෙන්නේ නෑලු. ලඟදි දිගටම හච්චුම් යයි. එතකොට හිතාගන්ට කවුද මෙච්චර බනින්නේ කියලා හොඳේ. :D
Deleteආසවෙන් කෝපි බිව්වත්,කෝපි කතාව දැනන් හිටියේ නැහැනේ.
ReplyDeleteComment kala hamotama godak sthuthi...
ReplyDeleteහරිම ලස්සන කතාවක් බීටල්
ReplyDeleteකතාව... අපූරු කෝපි සුවඳයි .. රසයි..! :)
ReplyDeleteඅපූරූ කතාව. මම කොපි බොන්න කැමතියි. මගේ මායියා බඩේ අමාරුවකටවත් කොපි බොන්නේ නෑ... එත් ආදරය හරි පොහොසත්. ඔන්න ඔහේ අර කුමාර කුමාරි ජෝඩුව දිවියලෝකේ ගියාවේ.
ReplyDeleteඅපේ බාප්පා ඉස්සර බත් පිඟානේ තියෙන රසවත්ම කොටස කන්නේ නැතිව අන්තිමට කන්න තියා ගන්නවා. ඒ කිව්වේ බිත්තරේ, මාළු කෑල්ල වගේ දේවල්. මගෙත් ඔන්න ඔය පුරුද්ද තියෙනවා බ්ලොග් කියවන්න ගියාම. බීටල්ගේ පොස්ට් එකක් ආවට ගියාට බලලා වැඩක් නෑ. වෙනම නිස්කලංක වෙලාවක රස විඳින්න ඕනේ. ඒ නිසා මම මේක ටැබ් එක්ක ඕපන් කරලා මාසයක් විතර තියලා අද, මගේ දවල් කෝපි කෝප්පේ බොන ගමන්ම කියෙව්වේ.
ReplyDeleteබීටල්ගේ කතා වල හැමදාම අලුතෙන් හිතන්න යමක් ඉතිරි කරලා තියෙනවා. මේක තමයි මම බීට්ල්ගෙ දකින විශේෂත්වය. මගෙන් කවුරු හරි ඇහුවොත් මොන වගේ බ්ලොග් කාරයෙක් වෙන්නද ආස කියලා, මම කියන්නේ බීටල් වගේ කියලා. එහෙම කියන්න විදියක් නෑනේ. මම දනටත්ම් බ්ලොග් කාරයෙක්.
කෝපි කියන්නේ මගේ කැමතිම පානය. ඒක පසුබිම් කරලා කතාවක් ලිව්වම, ඒක ඉහලින්ම රස විඳින කෙනෙක් මම. දැන් මේ කතාවේ පෙම්වතාගේ තැන බීටල් ඉඳලා තමයි අර කතාව ගෙතුවේ. ඒකෙත් පුදුම ලස්සනක් තියෙන්නේ.
This comment has been removed by the author.
ReplyDeleteඅංශුවක් අංශුවක් පාසා
ReplyDeleteසිනා සරදම් බුබුලනය වෙන
පැහි පැහි නටන වතුරකට
ඝන වු සුවඳම මුසු කරන
උණු කෝපි මේ තරම්
මිහිරිද?
නට නටා සියොළඟ පුළුස්සන
දයා විරහිතවම යලි පැහෙන
නීරසවු උණු වතුරකට
අමුතු රසයක් කලතවන
කෝපි ඔබ මේ තරම්
ආදරේ දන්නෙ කොහොමද?
වියළි තොල්පෙති පොපියවන
ගෙල දිගේ මිදුන අලස සීතල
දුම් දදා එලියටම එලවන
උණුවතුර බෝතලේ එක්කම
රැය පහන් වෙනකම් තනිරකින
කෝපි,
මට ඔය තරම් උණුහුම්
හදවතක් හොයාදෙන්න පුලුවන්ද?
කවදා දැයි දින අමතක
ReplyDeleteවසන්තයේ උදෑසනක
හොට දැම්මා බසු තඩියෙක්
කුරුමිණියගෙ නවාතැනට
දේදුන්නේ පාට අරං
සප්ත වර්ණයෙන් හැඩකල
කතා ගොඩක් එහි තිබුණා
සමනල තටුවල ලියැවුන
එදා ඉඳන් අද දක්වා
සැරින් , සැරේ ආවා ගියා
අලුතින් මොනවත් ලියැවී
තියෙනවාද බලනු සොයා
ඊයෙත් මම දෙපාරක්ම
තකහනියෙන් ආව ගියෝ
විරාම ගත්තා ඔය ඇති
මොනවා හරි ලියාපියෝ :)
කමෙන්ට් සේරටම හැමදෙනාටම ගොඩක් ස්තූතියි...!!! :)
ReplyDeleteබීට්ල්, ඇඟ් දිගේ විදුලියක් ගියා වගේ මේක කියවද්දි. මමත් ඔය විදිහටම, සුන්දරියක් එක්ක කෝපි බීව පූනේ වල කැෆේ කොෆී ඩේ එකේ!
ReplyDeletehttps://goo.gl/photos/n1QFrjUGHZsrZzQ67