Thursday, December 4, 2014

98. සුපැතුම්!

 C360_2014-12-05

සුමුදු පිනිමත පුරුදු උණුසුම
උදා හිරු පතුරන වෙලේ
අලුත් දවසක පුරුදු හාදුව
සෙනෙහසින් තැවරුනි උදේ

සත් වසක් ගෙවුණත්, තවත්
නුඹ දුටුව මුල් දිනයෙම වගේ
කෝල ඇස් අතරින් අදත්
ආදරයදෝ ඒ දිලිසුණේ

කාලයාගෙන් සොරාගමු අපි
අපව හමුවුණු මුල් දිනේ
ගෙවුණු හැමදින යළිත් එලෙසම
තව වරක් විඳිමුද ප්‍රියේ

වෙහෙස නොබලා තවත් වටයක්
දුවයමුද අපි හිරු වටේ
දෑත පටලන් මමත් එන්නම්
තනි නොතනියට වගෙ නුඹේ

පුරා සව්දිය ඉතින් සමරමු
නුඹ උපන් දිනයම නොවේ
ගෙවුණු වසරෙත් දෝරෙ ගැලු
නුඹ ආදරය මිහිරාවියේ……

ප.ලි. : මගේ ජීවිතයේ හමුවුණු හොඳම මිතුරියගේ උපන්දින සුභපැතුම් පතේ කුරුටු ගෑ අකුරු කිහිපයක් බ්ලොග් අඩවියේත් පළකරන්න හිතුවා…නිධාන කතාව මෙතැන තියෙනවා…

පිංතූරය : Camera360 අනුග්‍රහයෙන්.

48 comments :

  1. සුභ පැතුම් මිසිස් බීට්ල්! How lovely to be married to your best friend! :)

    ReplyDelete
    Replies
    1. Thank you Malithi, I guess its something similar to choosing hobby as a career ;)

      Delete
    2. ha ha good point, I rest my case :)

      Delete
  2. අඩේ අප්පා , බිටලේ ගේ ප්‍රේම කතාව කියෙව්වේ අද නේ ... හෙහ් හෙහ් හින්දි ෆිල්ම් එකක් වගෙයි .. දෙදෙනාටම සුභ පැතුම් ... ඒ වගේම බීටලි මැතිනියට සුභ උපන්දියක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ... හින්දි ෆිල්ම් එකක් වෙන්න තව පොඩි කෑලි ටිකක් අඩුයි :D

      Delete
    2. පයිට් ටිකයි,සින්දු ටිකයි දැම්මා නම් හරි...:)

      Delete
  3. ඔන්න මගෙනුත් සුභ පැතුම්
    සුභ උපන් දිනයක් වේවා

    ReplyDelete
  4. සුභ පැතුම් බීටලීට...

    ReplyDelete
  5. අද පොඩි මෙන්ඩියාගේ උපන් දිනය..
    ඇයටත් සුභ උපන් දිනයක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩියා... පොඩි මෙන්ඩාටත් සුභ උපන්දිනයක්...!!!

      Delete
  6. බීට්ල් නෝනට සුභ උපන්දිනයක්.
    අඩේ උඹේ ප්‍රේම කතාව කියෙව්වෙ අදයි. ඒක හොඳයි බං චිත්‍රපටියකට.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. නිලියට කව්ද දාන්නේ.. නලුවට නං කෙහෙල් ගහක් උනත් ගන්න බැරියැ..

      Delete
    2. ස්තූතියි රාජ්... හින්දි චිත්‍රපටි වල වගේ දුෂ්ටයෙක් නම් හිටියේ නෑ... හිටිය දුෂ්ටයොත් බොක්ක දෙන උන්... :D

      Delete
    3. දේශා එහෙමනම් උඹට අහන්න ලැබෙයි පළමුවරට කෙහෙල් ගහකට ඔස්කාර් සම්මානයක් ලැබුණා කියලා :D

      Delete
  7. අපේ සුබ පැතුම් පිලිගන්න!

    (බීට්ල්ගේ කවිත් කතා වගේමයි, අපිට විස්තර කරන්න බැරි මොකක්ද්දෝ දෙයක් එවා ඇතුලේ උඹ හංගනවා...!)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චූටිමහත්තයලා... ! එහෙම මොනවා හරි උබට දැනෙනවා නම් ඒක එහෙම වෙන්නැති... :)

      Delete
  8. බීටල් නෝනට සුබම සුබ උපන් දිනයක්.බීටලේගේ ප්‍රේම කතාව නිකං ටෙලි නාට්‍යයක් වගේනෙ.බැරිද ඔය කතාව ස්ක්‍රිප්ට් එකකට ලියන්න.

    ReplyDelete
    Replies
    1. පොතක් පතක් නොබල පිලුම් බලල කතා ලියන එකාට බොලා ඒ පාර කියනවා ස්කිරිප්ට් ලියන්නලු.. මේක වයිස් වර්සා කරන වැඩක් නෙමෙයි හරිය..

      Delete
    2. ස්තූතියි හැලපේ... ස්ක්‍රිප්ට් ලියනවා තියා මේ ටිකේ මගේ බ්ලොග් කියවිල්ලත් ඇණහිටලා තියෙන්නේ....

      Delete
    3. කතාව ඇත්ත දේශා... උඹ කියන විදිය තමයි ඇත්තටම මම පුරුදුවෙලා තියෙන විදිය...

      ස්ක්‍රිප්ට් කියද්දී මතක් වුනේ... ඇත්තටම බ්ලොග් අවකාශේ ලස්සනටම ස්ක්‍රිප්ට්ස් ලියන එකා විදියට මම දකින්නේ අටමා... කවදාහරි මම චිත්‍රපටියක් කලොත් දෙබස් සහ තිරරචනය මම ඌට කියලා කරගන්නවා...

      Delete
    4. උම්මා...උම්මා ......උම්මා ..............කො හැරියන් අනිත් පැත්තටත් දෙකක් දෙන්ඩ

      Delete
    5. මම හිතුවේ උඹ කලින්ම කියවලා ගිහින් ඇති කියලා... :D

      Delete
  9. ඔබේ අත් අකුරු බොහෝ දේ පවසයි... හි.. හි...

    ReplyDelete
    Replies
    1. මොනවද කියන්න බලන්න ඒ බොහෝදේ..? :)

      Delete
    2. ඔබගේ උපතින් එන ගතිපැවතුම්, සමහර සිතුම් පැතුම් වගේ දේවල්... ඒ කියන්නේ ජම්මෙට වඩා පුරුද්දට ගියපු දේවල් වගේ ඒවා... හිහ්

      Delete
    3. ඔහොම සාස්තර කියන්න කාට බැරිද..? :D විස්තර ඕනේ...

      Delete
    4. ඔබ ඇසු දෙයට උත්තරයක් දුන්නා පමණයි. ඔබට සාස්තරයක් කියන්න උවමනා නම් මම එකවරම කියනවා. සමාවෙන්න.

      Delete
    5. සොරි වේවා... මට හිතුනේ අත්අකුරු වලින් ගතිපැවතුම් කියන්න පුළුවන් කිව්වාම එහෙමයි... anyway forget it...

      Delete
  10. //“ඔයා මට කැමතිද..?” එදා මා අසන්නට සිතාගත් ඒ ප්‍රශ්නය කිසිදිනෙක ඇයගෙන් අසන්නට මට අවශ්‍ය වූයේ නැහැ… එදා මෙදාතුර වසර ගණනක් ගෙවී අවසන්… මෙය ලියන විටත් මා බඳ වටා අත දමාගෙන පසෙකින් නිදන ඒ පුංචි සුරංගනාවියගේ කොට්ටය යටින් දහවල් මිලදී ගත් උපන්දින තෑග්ග සඟවන මා නින්දට යන්නේ සතුටු සිතින්… Smile//
    බීටල්,
    2011 ත් එහෙමයි. තාමත් එයා බඳට උඩින් අත දමාගෙන බුදියනව විතරද? පැටියෙක් හදාගන්නෙ නැද්ද?
     ඉන්දරේ

    ReplyDelete
    Replies
    1. හහ් හා හා... එහෙම නිදියන එක නම් නවතින එකක් නැතිවේවි... :D මතකනේ MH370? :D

      පැටියෙක් හදාගන්න හිතුවේ නැතිව නෙමෙයි ඉන්දරේ...නමුත් අවාසනාවන්ත විදියට එයා අපිව තනිකරලා ගියා... වෙලාවකට ජීවිතේ අපිට ඉතුරු කරන්නේ තෝරාගැනීම් එකක් විතරයි... සමහරවිට ඒ හැකි ශක්තිමත්ම විදියට පෙරළා සටන් කිරීම... :)

      Delete
    2. මම මොකක්ද ලියන්නෙ බීටල්...............?
      ඉන්දරේ

      Delete
  11. late late late wishes......
    ආන්ටිට සුභ උපන්දිනයක් කිව්වා කියන්න අන්කල්..... පී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දරුවෝ... :)

      Delete
  12. ඔන්න එහෙනම් අපෙනුත් උණුසුම් සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් මල්ලි...

      Delete
  13. අාපු පළවෙනි ම දවසේ සැමරුමක් ................. අැයට සුභ පැතුවාය කියන්න......... අනික තමයි අාපු පළවෙනි ම දවසේ කවියක්............. අපිත් කවි බ්ලොගයක්................ ඉතින් සතුටුයි............ දිගට ම ඒන්නම්............... පාර හදාගත්තා....................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු..ඔව් ඒ පැත්තේ මමත් යනවා...

      Delete
  14. සුබ උපන්දිනයක් බීටල් මහත්මියට...

    ReplyDelete
  15. බීටලේ මම හිතුවට වඩා වයසක පොරක්නෙ....සිරා කොලුවත් සුභ පැතුවා කියනු හොදා....

    ReplyDelete
    Replies
    1. උබ හිතාගෙන හිටියේ නිකං අවුරුදු දාසයක් විතර වගේ නම්, ඊට වඩා පොඩ්ඩක් වයසයි තමා :P

      ස්තූතියි සිරා...

      Delete
  16. අපූරු ආදර අන්දරයක් !!

    මම හැමදම විශ්වාස කරණ දෙයක් තම විරුද්ද ලිංහිකයන්ට හොඩ්ජ යලුවො වෙන්න බෑ කියන එක. උඹල ඒක ඔප්පු කළා...

    සුබ උපන් දිනයක් බිට්ල් මැතිනිය !!!

    ReplyDelete
  17. අපුරු කතාවක් නේ බීටලේට තියෙන්නේ.:)
    අර හොස්පිට්ල් එකට ගියාම ඇඳ වටේ හිටපු කට්ටිය අයින් වෙලා ඉඩ දීපු හැටි මැවිලා පෙනුනා. පරක්කු වෙලා උනත් දෙන්නාට සුබ පැතුම් රණ්ඩු වේවි,යාළු වේවි හැමදාටමත් ආදරෙන් ඉන්න...:)

    ReplyDelete

Web Statistics