Tuesday, August 5, 2014

94. මිනීමරුවා

I

Paper Toss 001.jpg

“ප්‍රෙග්නන්ට්… !? එහෙම කොහොමද වෙන්නේ…?”

දෙපා අඩපණව යනවාක් මෙන් දැනුණ හෙයින් සෝෆාවට ඇදවැටුණු මම කෑගැසීමි…

“මම ඔයාට කිව්වා ගිය මාසේ දවසක ඔෆිස් එකේදී, මගේ පිල්ස් ඉවරයි කියලා… ඔයා ඇහුවේ නෑ…”

ඇය නැඟිට කෝපි මැෂිම වෙත ඇවිද ගියාය… “Ready to Serve” එහි කොළ පැහැයෙන් නිවෙමින් දැල්වෙයි…

“මමයි නිතුයි දැන් මාස ගානක ඉඳන් බබෙක්ට ට්‍රයි කරනවා... හරියන්නේ නෑ… මෙතන එක දශමයක් වරදින්න ඇති, දැන් ඔයා ප්‍රෙග්නන්ට්ලු… “

“ඒ ඔයා මට ආදරේ හින්දා… ආදරේ නැතුව කන්සීව් වෙන්නෑ…”

සෝෆා ඇන්දේ වාඩිවූ ඇය මට කෝපි කෝප්පය දිඟු කලාය… මේ කිනම් විනාශයක්ද…? ඇයට වගේ වගක් නැති ගානය…

“අපි දරුවාව නැති කරමු…!”

“මම මැරුවත් ඒක කරන්නේ නෑ…”

ඇගේ මුරණ්ඩුකමේ තරම මම දැන් හොඳින් දනිමි…

“එහෙනම් මොකද්ද අපි කරන්නේ…?”

“අපි මැරි කරමු… ඔයා ඩිවෝස් වෙන්න.. මේ අපේ දරුවා… අපි මෙයාව හදාගමු…”

“ඔයාට පිස්සුද…?”

“මොකද්ද පිස්සුව… ඔයා කවදාහරි ඒක කරන්නනේ හිටියේ… මේ තමයි හොඳම වෙලාව…”

“ඒක ඔයා හිතන තරම් ලේසි නෑ…”

“ඇයි ලේසි නැත්තේ…? ඇයි..? ඔයා කිව්ව විදියට ගෙදර ජීවිතේ එපා වෙලානම් ඔයා ඉන්නේ, ඇයි ඔයාට ඒක කරන්න ලේසි නැත්තේ…? ඇයි..?”

මෙම සංවාදය අවසන් කළයුතුයැයි මට සිතේ… අද සවස රිද්මා මා සමඟ කතාකරන්නට අවශ්‍යයයැයි පැවසූ විට එය ඇගේ අනාගතය පිළිබඳ කාරණයක් බව අනුමානයෙන් මම දැන සිටියෙමි… එහෙත් හෙණ පුපුරන්නාක් වැනි මේ ක්ෂණික විනාශය මා කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවේ… රිද්මා හා සම්බන්ධය ආරම්භවෙමින් පැවති අවස්ථාවේදී නිතූ හා මාගෙවන නීරස දිවිය ගැන මම පැවසූ කරුණු වල අසත්‍යතාවයක් නැති නමුත්, නිතූ අතැර ගෙවන අලුත් ජීවිතයක් ගැන මම සිතා නැත්තෙමි… ඒ බව මා රිද්මාගෙන් වසන් කළා නොවෙද..? දැන් සියල්ලට පමා වැඩිය…

“අපි දැන් පාටි එකට යමු මේ ගැන යන ගමන් කතාකරමු…”

කතාකරන්නට දෙයක් නැති බව මම දනිතත්, මෙම අමිහිරි සංවාදය මොහොතකට හෝ කල්දමා ගන්නා අටියෙන් මම පැවසීමි…

“මට යන්න මුඩ් එකක් නැහැ… ඔයා යන්න…”

ඇය නොපැමිණෙන්නේනම් හොඳයැයි මටද සිතුණි… මේ අප ආයතනයේ වාර්ෂික සුහද සාදයයි… මගේ පුද්ගලික ලේකම්වරිය වන රිද්මාගේ පැමිණිම අනිවාර්ය නොවූවද මගේ නොපැමිණීම අඩුවක් ලෙස ඉස්මතුවනවා නොඅනුමානය…

“මම නොගිහින් බැහැනේ…”

“කවදද ඔයා නිතූට කියන්නේ…?”

“මොකද්ද…?”

“මොකද්ද…!?”

එසැවුණු දෙබැමට යටින් ඔරවාගෙන සිටින ඇගේ දෑස් මඟහැර මම පැවසීමි… දහවල් රාජකාරිය වෙනුවෙන් මා හැඳසිටි සුදුකමිසය සාදයකට ගැළපෙන්නක් නොවේ…ඒ වෙනුවෙන් සූදානම් කල, ටයි පටිය වෙනුවට බෝ එකක් සහිත සැඳෑ ඇඳුම් කට්ටලයක් වාහනයේ ඇතිබව නිතූ දෙවරක්ම මතක් කලාය…රිද්මාගේ නවාතැනේදී ගත දොවාගෙන එය ඇඟලා සූදානම්වීම මගේ අදහස් වුවත් මේ අමිහිරි වටාපිටාව මඟහැර යන්නට මට වුයේ දැඩි අවශ්‍යතාවයකි…

“ළගඳිම… “

නොසතුටක් ඉඟියෙන් දැක්වූ රිද්මා, වීදුරු මේසය මත වු හිස් කෝපි කෝප්පය රැගෙන පසෙක වූ විවෘත කුස්සිය වෙත පියමැන්නාය…

“ළගදිම කියන්නේ කවදද..?”

ඇය සින්ක් එකේ ජල කරාමය හරින තුරු මම පිළිතුරක් දීමට පමාවීමි… එහෙත් එහි ලීවරයට අත තබාගෙන ඇය මා පිළිතුරක් දෙනතුරු බලාසිටී..

“ළඟදිම කියන්නේ ළඟදිම…”

“තව සතියක් ඇතුළත ඔයා කිව්වේ නැත්තම්.. මම නිතූට කියනවා…”

ස්රූස්… හඬ නගමින් කරාමය විවෘත විය… ඇගේ හැටි මම හොඳින් දනිමි… වසර ගණනක් මා වෙහෙසවී උපයාගත් සමාජ තත්වය වීදුරු පළඟනක් පොළවේ ගැසුවාක් මෙන් සුණු විසුණු කර දැමීමට ඇය සැරසෙයි… මොහොතක සුවයට මෙතරම් මිලක් ගෙවන්නට සිදුවෙනු ඇතැයි මම කිසිදා නොසිතුවෙමි… එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය… නිවැරදි කිරීමක් අවශ්‍යව තිබේ… හඬක් නොනැගෙනසේ නැඟීසිටි කුස්සිය වෙත ඇවිදගොස් ඇගේ පිටුපසින් සින්ක් එකට එබුනෙමි… කළුපැහැ කෝපි අවර්ණ ජලය හා මුසුව නිකල් පැහැ සින්ක් බේසම පුරා රටා මවමින් පෙණ නඟයි… සර්පයන් වැනි එම රටාවැල් සින්ක් බේසම මැද පිහිටු කුඩා සිදුරු හයකින් සමන්විත කවුළුව වෙත ඇදීයන්නේ තරඟයට මෙනි… බේසමෙහි වූ අඳුරුපැහැ ජලය සියල්ල කවුළුවෙන් පිටවී අවසන්වූ පසු මට දැනුණේ මහත් සැනසිල්ලකි…

“මට සමාවෙන්න...”

පිටවීමට පෙර ඇගේ මුව සිපගැනීමට නැඹුරුවෙමින් මම පැවසීමි… ඇය එය මඟහැරියාය… මම පිටවීමි…

II

email-color-on-color.jpg

වාහනයට නැඟගත් මට දැනුණේ මහත් සැහැල්ලුවකි…එය පණගැන්වීමට මම මඳක් පමා වූයෙමි… හැඳසිටිනා ඇඳුම ඉවත්කර, වාහනයේ පසුපස අසුන අරා එල්ලෙන සැඳෑ ඇඳුම ඇඟලා ගැනීමට දැඩි අවශ්‍යතාවක් වුවද, නැවත රිද්මාගේ නවාතැනට යෑම වේදනාවකි...හෝටලයෙන් පැය කිහිපයකට කාමරයක් සපයාගැනීම අපහසු නොවනු ඇති… සුසුමක් හෙළු මා අවසන් වරට රිද්මාගේ නිවස දෙස හැරී බැලුවෙමි…

මා යායුතුව ඇත… වාහන පණගන්වන ස්විචයට ඇඟිල්ල තැබුවා පමණි… කාන්තාවක් මරහඬ දී කෑ ගසන විලාපයකින් මා වෙවුලා ගියේය… ඒ රිද්මාගේ කටහඬයි… භීතියෙන් මුසපත්ව ඈ කෑගෑවේ මගේ නමයි… අසුරු සැණින් වාහනයෙන් එළියට පැනගත් මම ඇගේ නිවස දෙසට දුවන්නට වීමි… කවුරුන් හෝ පිහිපහර දී ඇය මරා දමා ඇත… මා නිවසට ඇතුළුවීමට පෙර ප්‍රධාන දොරෙන් ඉවතට දිව ආ මිනිසෙකු නිසා ගල්ගැසුණු මම මිදුලේ නතරවුනෙමි…ඔහුගේ සුදුකමිසය පුරා ලේ පැල්ලම්ය… එක් අතක මුළුතැන්ගෙයි පිහියකි…

“යමු වැඩක් නෑ… යමු…”

මාවෙත දුව එමින් ඔහු කෑගසයි…

“තමුසේ කවුද..?”

සිහි එළවාගැනීමට තතනමින් මම කෑගැසුවෙමි… පිළිතුරක් දෙනු වෙනුවට ඔහු මා වෙත දුව ආවේය… මම දෝතින්ම දෑස් වසා ගතිමි…

“යමු.. යමු… එනවා යන්න…!”

දෙනෙත් හැර බලන විට මා දුටුවේ ඔහු මාගේ වාහනයට නැඟගෙන කෑගසන බවයි… නිවස වෙත යෑමට පියවර කිහිපයක් තැබූ මා නැවතත් නතරවීමී… ඇගේ කෑගැසීම අසල්වැසියන්ටද ඇසෙන්නට ඇත… සුළු මොහොතකට පෙර මාගේ අනියම් සම්බන්ධයක් ලෝකයා දැනගනීවි යැයි මම බියවීමි… දැන් මේ එළිවන්නට යන්නේ එය පමණක් නොවේ… මිනීමැරුමකි… තවත් පමා නොවූ මම ආපසු හැරී වාහනයට දිව ගියෙමි…

“යං යං…” වට පිට බලමින් මිනීමරුවා කෑගසයි…

එකවරම අප දෙදනාටම පසක් වූයේ කලබලය නිසා ඔහු රියදුරු අසුනටද මම අනෙක් පස මඟී අසුනටද නැඟගෙන ඇති බවයි… ඇසිල්ලකින් එළියට බට අපි වාහනය ඉදිරියෙන් එකිනෙකා පසුකර දිවගොස් ආසන මාරුකරගතිමු… ඔහු පසුකර අනෙක් පසට දුවයද්දී, මා ඔහුගේ උරහිසේ ගැටුන අතර “සොරි” යැයි පැවසීමට ඔහු ආචාරශීලී විය…

මම හැකිවැර යොදා ඇක්ස්ලේටරය පෑගුවෙමි… කෑගස්සමින් රෝද එකතැන කරකැවුණු රථය ඊළඟ මොහොතේ පිම්මේ රිද්මාගේ නිවසින් ඈතට ඇදෙන්නට විය…

මා කෙතරම් වේලා රිය ධාවනය කළාදැයි මම නොදනිමි… රථයට පරිබාහිර සියල්ල කිසිඳු හඬක් නොනගා පරිගණක ක්‍රීඩාවක මෙන් වේගයෙන් අප ඉදිරියට ඇදීවිත්, අප පසුකර යයි… පසුබිමින් ඇසෙන අලාර්ම් ශබ්දයක හඬ සෙමින් දැනෙන්නට පටන් ගනිද්දී මම වාහනයේ වේගය ලිහිල් කළෙමි… ආසන පටි පැළඳ නොමැති බව හඟවන අනතුරු හැඟවීමේ සංඥාව නොනවත්වා හැඬවෙයි… මම අනෙක් අසුන දෙස බැලුවෙමි… එහි වකගසාගෙන වාඩිවී සිටින මිනීමරුවා නොනවත්වා ඉදිරියටත් පසුපසටත් පැද්දෙයි… ඔහුගෙන් මට තර්ජනයක් නොමැති බව දැනුණෙන් මම සෙමින් වාහනය මාර්ගයෙන් ඉවතට ගෙන නැවැත්වීමි…චලනය නතර කල ඔහු මා දෙස බැළුවේය…

“මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ…”

පරාජිත හඬකින් ඔහු පැවසුයේය…ඔහු කවුද..? රිද්මාගේ නිවසට කොහෙන් කඩා පාත්වූවාද..? ඇයව මරා දැම්මේ ඇයි…? යනාදී ගැටලු රැසක් වුවද, මට අවශ්‍යය වූයේ හැකි ඉක්මනින් මේ මිනිසාගෙන් මිදී පළා යන්නටයි…

“බහිනවා වාහනෙන්…”

එය ළංවූයේ විධානයකට වඩා ආයාචනයකටයි…

“මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ…”

ඔහු මාගේ ඉල්ලීම ගණනකට ගත් බවක් නොපෙනුනි…

“දෙයියන්ගේ නාමෙට වාහනෙන් බහිනවා…”

ගතේ සියලු ශක්තිය කැටිකොට මම කෑගැසීමි…

“මෙහෙම..?”

සිරුර පුරා විසිරුණු ලේ පැල්ලම් දක්වමින් ඔහු ඇසීය… මම පසුපස කණ්ණාඩියෙන් මගේ අමතර ඇඳුම දෙස බැලීමි.. එය තවමත් පසුපස අසුනේ වෙයි…

“පිටිපස්සේ තියෙන ඇඳුම අරගෙන මාව නිදහස් කරලා යනවා මෙතනින්…”

“නිදහස් කරන්න මම ඔහේව හිරකර ගත්තේ නෑ…”

පසු පසට නැඹුරුවුනු ඔහු හැඟරය වාහනයේ වූ ප්ලාස්ටික් රැඳවුමේ ඉතිරිව තිබියදී, එහිවූ ඇඳුම් සියල්ල තමා වෙතට ඇදගනිමින් පැවසීය…

“ඒකිට ලැබෙන්න තිවුණ දේ ලැබුණා…”

ඔහු තම කමිසයේ බොත්තම් මුදාහරින්නට පටන් ගති…

“තමුසේ කවුද..?”

ඔහුට කමිසය මාරු කරගන්නට කාලය දෙමින් මම ඇසීමි…

“ඔහේ වගේම ඒකිගේ මායම් වලට රැවටුණ කෙනෙක්… දැන් සේරම හරි… මගේ ඇඳුම් ටිකයි පිහියයි ඔය ඉස්සරහා පාලමෙන් ගඟට විසිකරමු… ඊට පස්සේ මම බැහැලා යන්නම්…”

ඔහු සන්සුන්ව පැවසීය… මම සෙමින් වාහනය නැවත මහා මාර්ගයට ගත්තෙමි… ලේ තැවරුණු ඇඳුම්ද, පිහියද ගුලිකරගත් ඔහු පාලම අසලදී වාහනයෙන් බැස ගත්තේය…අනතුරුව දොර වැසීමට පෙර මා දෙස තප්පර කිහිපයක් බලා සිට සෙමින් කටහඬ අවදි කලේය…

“මේ ගැන කටේ කෙළ පොදක් බිම හෙළන්න එපා කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ… මතක තියාගන්නවා මම එතන හිටියා කියලා කවුරුත් දන්නේ නෑ… හැබැයි ඔහේ එතන හිටියා කියලා මම දන්නවා..!”

“දඩස්…!” යන හඬින් වාහනයේ දොර වසා දැමූ ඔහු නිහඬව ඇවිද ගියේය…

මම සැනසුම් සුසුමක් හෙළුවෙමි… ආසන පටි අනතුරු සංඥාවෙන් නොනවත්වා නැඟෙන ශබ්දය හැරෙන්නට සියල්ල සන්සුන්ය… මේ හීනයක් නොවෙන බව පසක් කර ගැනීමට මම දෑතින්ම වෙර යොදා මගේ හිසකෙස් ඇදගත්තෙමි… ඔහු අවසන් වරට පැවසූ දෙයෙහි අරුත කුමක්ද? ඒ අවවාදයක්ද නැතිනම් තර්ජනයක්ද..? මේ මිනිසා කවුද..? රිද්මා මට වංචා කළාද..? නිමක් නැති ප්‍රශ්න වැලක් මසිතේ නලියන්නට විය… දැන් මට පලා යා හැක.. නමුත් ඔහු අවසන් වරට පැවසූ වදන් තවමත් මාගේ ඔළුවේ රැව් දෙයි…

“මතක තියාගන්නවා මම එතන හිටියා කියලා කවුරුත් දන්නේ නෑ…හැබැයි ඔහේ එතන හිටියා කියලා මම දන්නවා..!”

මම වාහනයේ ඉදිරි වීදුරුවෙන් ඔහුගේ ඉරියව් දෙස බලා සිටියෙමි… බරැති ගලක් වැනි යමක ඔහු තමාගේ ඇඳුම් පටලමින් සිටියි… සැබැවින්ම පලායන්නේ මා නොවේ… සියල්ල සඟවා මගෙන් පලායන්නේ ඔහුයි… මෙතෙක් කිසිවෙකු දැන නොසිටි රිද්මා හා මාගේ රහස දන්නේ ඔහු පමණි… ඔහුගෙන් නවතා ගතහොත් එය ලොවට කිසිදා හෙළි නොවනු ඇති… අනෙක මේ පළායන්නේ මට ආදරය කල රිද්මාගේත්, මට දාව ඇයට පිළිසිඳගත් දරුවාගේත් මිනීමරුවායි... මම වටපිට බැලුවෙමි… හාත්පස පෙනෙනතෙක් මානයක කිසිවෙකු නැත… කලුගලේ එතූ ඇඳුම් ටික සහ පිහිය පාලමෙන් ගඟට අතහැරි ඔහු, මා දෙස වරක්වත් හැරී නොබලා ඇවිද යන්නට විය… දඩයමකට ඉව අල්ලන බළලෙකු සේ මම සෙමින් ආසන පටි පැළඳගතිමි… අනතුරු හැඟවීමේ නාදය නතරවූයෙන් මට දැනුණේ මහත් අස්වැසිල්ලකි… ඒ සමඟම යතුරු පුවරුවේ නිවෙමින් දැල්වෙමින් තිබූ රතුපැහැති මිනිසාගේ රුව නිවී ගියේය… ප්‍රධාන විදුලිපහන් නිවාදැමූ මම හැකි වෙරයොදා වාහනය මිණීමරුවා වෙත පැදවූයෙමි…

“දඩස්…” යන හඬින් ඔහු බොනට්ටුවේ ගැටෙන ශබ්දයද, ඉන්පසූ කිසිවක් රෝදයේ පැටලී එන්නාක් වැනි ශබ්දයක්ද නිකුත් විය… අනතුරුව ඉදිරි රෝදයෙන් වරක්ද, පසුපස රෝදයෙන් තවත් වරක්ද වශයෙන් වාහනය දෙවරක් ගැස්සුනි… තවත් අඩි කිහිපයක් ධාවනය කර වාහනය නවතාගත් මම ආපසු හැරී බැලුවෙමි… රතුපැහැ ලාම්පු එළියෙන් සෙල්වීමක්වත් නැතිව බිම වැතිරී සිටිනා ඔහු පෙනේ… ඒ ක්ෂණයෙන් පසුපස ගියරට මාරු කරගත් මා ඇක්ස්ලේටරයට බර දුනි.. මෙවර පසුපස රෝදයෙන් පළමු ගැස්සීම… දෙවැන්න ඉදිරිපස රෝදයෙනි… ගියරය නැවතත් ඉදිරියට මාරු විය… දෙවරක් පුහුණු වූ නිසාදෝ මෙවර මට එය වඩාත් පහසු විය… පෙර පරිදිම එකයි… දෙකයි… නැවතුනි… අවදානමක් නොගන්නට තවත් වරක් පසුපසට ධාවනය කරන්නට මට සිත් විය… එකයි… දෙකයි… මම ප්‍රධාන ලාම්පු දැල්වීමි… පඬරැළක් මෙන් ඇඹරී ගිය ඔහුගේ දූවිලි වැකුණු නිසල සිරුර අහස දෙස බලාගෙන වැතිරී සිටී… ලේ සලකුණකුදු නොපෙනේ… සියල්ල සිදුවූයේ කෙතරම් ඉක්මනින්ද..? හනික විදුලි පහන් නිවාදැමූ මම වාහනයෙන් ඉවතට පැනගතිමි… හාත්පස පැතිරුණු අඳුරද, නිවා දැමූ ප්‍රධාන ලාම්පුද හේතුවෙන් ඔහුගේ සිරුරේ ඡායාවක් මිස වෙනත් සලකුණු පැහැදිලිව නොපෙනීම මට මහත් අස්වැසිල්ලක් විය… අනුමානයෙන් හිස පෙදෙස හඳුනාගත් මම ඇඹරීගිය ඔහුගේ දෑත් ග්‍රහනයට ගෙන පාලමේ ඇන්දේ වූ විවරයකින් පහළට තල්ලු කළෙමි... බරැති යමක් වතුරට වැටෙන හඬින් ඔහුගේ සිරුර ගඟට වැටෙන ශබ්දය ඇසීමට මට අවශ්‍යය වුවද එවැන්නක් ඇසුණාදැයි මට සැක සහිතය... බාගදා පාළම හුඟක් උස ඇති...

කාර්යාලීය ඇඳුමෙන් සාදයට යන්නට සිදුවීම තරමක ලැජ්ජාවක් බව සැබැවි... එහෙත් එය කිසිසේත්ම රිද්මා හා මාගේ වූ සබන්ධය එළිවීම තරම් ලැජ්ජාවක් නොවේ...

වාහනයට නැඟගත් මම, විදුලිපහන් දල්වා අව්ආවරණයෙහි පිටුපස වූ කණ්ණාඩියෙන් කොණ්ඩය යනාදිය සකසාගෙන මාගේ බාහිර ස්වරූපයේ ලොකු ගැටලුවක් නැති බව පසක් කරගතිමි... අනතුරුව මඳක් ඇදවී තිබූ බෝ එක නිසි පරිදි සකස් කරගෙන, රිද්මාගේ මිනීමරුවාගෙන් පළිගත් සතුට සිත තුල නලියද්දී සාදය පැවැත්වෙන හෝටලය වෙත සෙමින් රිය ධාවනය කරන්නට වීමි...

~නිමි~

 

ප.ලි. : රෝම ඉලක්කම් හෙම දාලා පිළිවෙලකට ලියන්නට ගත්තේ කොටස් හයක දීර්ඝ කෙටි කතාවක්… ටිකක් ලියද්දී දැනුන මහන්සිය හින්දා තමයි වැටහුනේ ඒවගේ ලොකු වැඩ වලට මම දැන් නාකි වැඩියි කියලා… ඒ හින්දා කියවන්න කෙනෙකුට අවම අසාධාරණයක් වෙන විදියට කලින් නවත්තන්න සිදුවුනා…

පිංතූර ගත්තේ  නිර්මාණ ශිල්පියෙක් වුන ANDRE WOOLERY නම් මහත්මයෙකුගේ පුද්ගලික වෙබ් අඩවියේ ඇති INVISIBLE HIEROGLYPHICS චිත්‍ර එකතුවකින් … මේ චිත්‍ර නිර්මාණය කර ඇත්තේ අයිපෑඩ් එකක සටහන් වී ඇති ඇඟිලි පාරවල් අනුසාරයෙන්ලු…

85 comments :

  1. මාරයි නේ බං.. මට ආයි කියවන්න සිද්ධ වෙනවා.. ඔව්.. අනිවා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයේ කියවමු :)

      Delete
  2. දෙවෙනියට කළ මිනීමැරුම තාවකාලිකයි... ඒ මිනී මරුවා ආයෙ නැගිටිනවා.. මූවත් මරලම තමා ඌ පස්ස බලන්නෙ..

    යටපත් කළ සිතුවිලි ගිනිකඳු මෙන් පුපුරා යන දිනයක් එනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා... උඹත් එක්ක සෙල්ලම් දැමීම බයානකයි...

      Delete
    2. මොකක්ද බන් ඒ අප්‍රබන්සෙ ?? මේ අහිංසක මට ඔහොම කියන්න බොට දුක නැද්ද ? :D

      Delete
  3. කාලෙකින් බීට්ල් ලියල..

    ඉස්සෙල්ලාම රිද්මාගෙ මිනීමරුව ගැන කියවෙද්දි මං හිතුවෙම ඒ අර මනුස්සයගෙම යටි හිත කියල.. වැඩේ කියන්නෙ මට තාමත් හිතෙනව එහෙමම. මං ඒ වගේ කතාවක් කොහෙ හරි කියවල තියෙනව වගේ මතකයි. කෙටි කතාවක්ද චිත්‍රපටයක්ද මන්දා. මං ඒක මේකත් එක්ක ඈඳනවද කොහෙද?

    මං කැමතිම බීට්ල් යම්කිසි උද්වේගකර අවස්ථාවක් විස්තර කරනකොට එතන වටපිටාවෙ සිදුවෙන දේවල් කතාව එක්ක බද්ධ කරන විදියට.
    /කළුපැහැ කෝපි අවර්ණ ජලය හා මුසුව නිකල් පැහැ සින්ක් බේසම පුරා රටා මවමින් පෙණ නඟයි… සර්පයන් වැනි එම රටාවැල් සින්ක් බේසම මැද පිහිටු කුඩා සිදුරු හයකින් සමන්විත කවුළුව වෙත ඇදීයන්නේ තරඟයට මෙනි… බේසමෙහි වූ අඳුරුපැහැ ජලය සියල්ල කවුළුවෙන් පිටවී අවසන්වූ පසු මට දැනුණේ මහත් සැනසිල්ලකි…/
    බීට්ල්ගෙ කතාවලින් මටම අනන්‍ය වෙච්ච මනස් චිත්‍රපට හදන්න ඇබ්බැහි වෙලා ඉන්න මට කතාවෙ මෙන්න මෙතන දැඩි සිනමාමය ගුණයක් දැනෙනව. ඒ කොටස මේ කතාවෙ නිහඬ, ඒත් ප්‍රබලම රූපරාමුව මවල දෙනව. ඔහු තමන්ගෙ අතින් සිදු වුණ වරදක් ඇති බවත් ඒ වරද නිවැරදි කරන්න තීරණයක් ගත යුතු බවත් හිතන්න ගන්නෙ එතනදි.
    බීට්ල් රිද්මා සම්බන්ධව ඔහුගෙ තීරණය වචනයට නොනගා ඒ හරහා අපිට කියනව කියලයි මට නම් දැනෙන්නෙ.
    ඇත්තටම එහෙම නම් මේ කතාවෙ මිනී මරුවා කවුද?
    මං අන්න ඒ උභතෝකෝටිකය උපරිමයෙන් රස විඳිනව..

    අනිත් කාරණාව තමයි බීට්ල් ගෙ කතාවල තියෙනව කියවන්නාට තමන්ටම අනන්‍ය වෙච්ච කතාවක් හොයාගන්න පුලුවන් ගතිය.
    අන්න ඒ ගතියටත් මං සෑහෙන්නම පෙරේතයි.

    මේ‍ක බීට්ල් බලාපොරොත්තු වුණ ආකාරයේ කොටස් හයක දීර්ඝ කතාවක් නොවුණට මේකෙ අඩුවක් නං මට දැනෙන්නෙ නෑ.
    සමහර විට එහෙම වුණා නං මේ සරල කෙටි වාක්‍ය අස්සෙ දැනෙන ගතිය දැනෙන එකකුත් නැති වෙයි.
    වෙන කියන්න දෙයක් නෑ.
    මේක නියමයි!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඇනෝ... මේ කමෙන්ට් එක ලොකු සතුටක් මට...

      කෙටි කල එක ගැන මමත් සතුටුවෙනවා... මට මුලදී අවශ්‍යය වුනේ සාදයෙදිත්, ඊට පස්සේ තමන්ගේ ගෙදරදීත් කතානායකයාගේ මානසික තත්වය කතාවට එකතු කරන්න..ඒත් එතකොට දිග වැඩිවේවි...

      Delete
  4. බීට්ල් අපේ ඔලු කරකවලා අත් ඇරලා. :)

    මිනීමරුවා කවුරු වුනත්, අර 'මම' කියන කෙනාගේ හැසිරීම අපූරුයි. රිද්මා එක්ක එකතුවෙනකොට කිසිම ප්‍රශ්නයක් නෑ. දරුවෙක් ලැබෙන්ට ඉන්නබව කීවාම බයවෙනවා. ලෝක ලැජ්ජාව ගැන හිතනවා. නීරස එයාගේ විවාහ ජීවිතය ගැන කියපුවා අමතක කරනවා. ඒත් ඒ එක්කම රිද්මාගේ මිනීමරුවාගෙන් පලිගන්නවා.

    උඩ ඇනෝ කීවා වගේ මිනීමරුවා එයාමයි කියලා හිතෙනවා. එයාගේ යටි හිත උඩු හිතත් එක්ක කරන සාකච්ඡාවක් වගේ හැඟෙන්නේ.

    ලස්සණයි බීට්ල්. මෙයාගේ හිත කොහොම වැඩ කරනවාද කියලා හොයලා බලන්ට වටිනවා. :D :D

    ReplyDelete
    Replies
    1. අවසර කල් රහස් තැන හැමෝම වැරදි කරණවා කියලා තමා අපිට "මම" ඔස්සේ හිතන්න තියෙන්නෙ. ඒ කරලා සුදුම සුදු පාට කිරි කොකෙක් වගේ ඉන්නත් ඕනා.. රිද්මගේ ජීවිතේ තමා ඩිටර්ජන්ට්...

      Delete
    2. ගොඩක් සුදට බැබලෙන්නෙ කොහොමත් ඩිටර්ජන්ට් යහමින් පාවිච්චි කරන අයනේ සෙන්නා...

      Delete
    3. පොඩ්ඩි ඔයා මේ කියන 'මම' ගැන ලස්සනට සාරාංශ කලා...
      මගේ හිත වැඩ කරන්නේ පොඩ්..ඩී... පොඩ්..ඩී කියලා... :D

      Delete
    4. සක් බීටලේ මගේ හිතත් ඔහොමනෙ වැඩ කර කර තිබ්බේ .... දැන් මක්කැයි කොරන්නේ ..එහෙනං මම ෆෝමැට් කරලා වෙන බීට් එකක් දාගන්නම් :D :P

      Delete
    5. උබ ඩීප්..පෝ... ඩීප්..පෝ... වගේ බීට් එකක් දාගනින්... දිගට කියද්දී දෙකම එකයි.. :D

      Delete
  5. කතාව ගැන විචාර දෙන්න ගියොත් වෙන්නේ මාවත් පරීක්ෂණාගාර මීයෙක් වෙන එක.. ඒ ගැන අපේ වෙනී අයියා හොඳට දන්නවා.. :D
    බීටා හදන්නේ අපිව කරකවන්න.. අපි අහු වෙයි ඕවට...

    කාලෙකින් පරණ බීටලේව මුණ ගැහීම ගැන සංතෝෂයි... වයසට ගියා කියලා හිතං හිටියා උනත්..

    ReplyDelete
    Replies
    1. මාත් ඉස්සර වෙනී අයියාගේ මීයෙක්... :) දැන් ඉතින් වෙනී අයියාගේ ලැබ් එක වල් වැදිලා මීයෝ අයාලේ ගිහින්නේ තියෙන්නේ...

      Delete
  6. නියමයි බං බීටල්. මම කැමතිම බිට්ල් ස්ටයිල් එක. මේ කතාවෙදි ඇත්තටම උනේ. තමන්ගෙම හෘදය සාක්ෂිය මරාදාන්න උත්සාහ කරපු එකද කියලා මම තවම හිතනවා. එතකොට එහෙම නොවුනත් කතා නායකයගේ ඇඟිලි සලකුණු සහ වෙනත් සලකුණු ක්‍රයිම් සීන් එකේ ඕනේ තරම් ඇති නේද?

    වහාම ආපහු ගිහිල්ලා, සාක්කි අතුරුදහන් කරන්න වෙනවා පාටිය යකාට ගියදෙන් කියලා. උඹ මාව මිනීමරුවෙක් කලා මොහොතකට. මම මේ මොනවද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඩූඩ්... ක්‍රයිම් සීන් එකේදී ඌව බේරෙයි කියලයි මට හිතෙන්නේ... ඒ උබ වගේම මාත් මොහොතකට මිනීමරුවෙක් වුන හින්දා...

      Delete
  7. සිරාවට මෙයා වයසට ගිහිල්ලා...

    මම ක්‍රයිම් ටීවී සීරීස් බලලා වැඩියි කියල හිතෙනව.. ආයිත් පොත් කියවන්න පටං ගන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. පොත් කියෙව්වට නම් කමක් නෑ... ක්‍රයිම් ටීවී සීරිස් බලන එක නවත්තන්න එපා...

      Delete
  8. පුදුම වින්දනයක් ලැබුවා.. ඒක වචන වලින් විග්‍රහ් කරන්න ගියොත් පන්ඩිතයෙක් වෙනවා.. මම දැන් ඒවට කැමති නෑ... මාත් මැචුවර්ඩ්... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්.. මම හිතන්නේ මේ උඹ මගේ බ්ලොග් එකේ කමෙන්ට් කල පලවෙනි වතාව... උබේ පැමිණිම ලොකු සතුටක්...

      Delete
  9. මේකනං මරු..
    අර මිනීමරුවා එයාගෙම හිතද කියලත් හිතෙනවා..
    කොහොම වුනත් අපූරුවට ලියල තියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරකයා...

      Delete
  10. ඔක්කොම ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ ආයේ රිද්මව ඕනේ උනාම තමයි මම හිතන්නේ ඌ විඳවන්න පටන් ගන්නේ... අනිත් අතින් ඔක්කොම අතහැරලා දාල වයිෆ් ට එක හිතින් ලව් කරන්න පටන් ගන්නකොටම පොලිසියෙන් ඇවිල්ල අල්ලන් යන්නත් ඉඩ තියෙනවා..

    මම මුලින් හිතුවේ මරල හරි නින්දාවෙන් ගැලවෙන්න ඕනේ කියන ඔහුගේ සිතුවිල්ල ඔහු විසින් දැකීම ගැන ලියනවා කියල. හැබැයි තව චරිතයක් ආපු නිසා ඌට තාවකාලික ගැලවුමක් වගේම ආපහු සදාකාලික හිරවීමක් ලැබීම අපූරු දඬුවමක් වගෙයි.

    වැඩිය දිග වෙනවට වඩා මේ ගානින් ඉවර වෙච්ච එක හොඳයි.



    ReplyDelete
    Replies
    1. ගොඩක් දේ වෙන්න පුළුවන් තමයි... පොලිසිය මෙතනට සම්බන්ධවෙන හැටි ගැන මගේ හිතේ කතාවක් තිබුනත් ඊට වඩා මෙහෙම හොඳයි කියලා මටත් හිතෙන්නේ

      Delete
  11. හොද රහයි...වෘත්තීය මට්ටමේ ලේඛකයකුගේ කුශලතාව දැනෙන ලියවිල්ලක්....කථාව දිගත් නෑ කොටත් නෑ කියලයි මට හිතෙන්නෙ....ලිවිය යුතු අවශ්‍යම දේවල් ලියවිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිරා..රසයිනම් එච්චරයි...

      Delete
  12. Nice short story about the most complex thing in the world. "The mind". Your story reminds me a short story of Edgar Allan Poe; "The Tell-Tale Heart" which express clearly how a mind works especially planning and executing a crime. I read your story few times as you have plotted it nicely. Hope to see more of your work soon.
    Prasanna

    ReplyDelete
    Replies
    1. Thanks Prasanna, and Thanks for the info as well, haven't read that short story... gonna read it now...

      Delete
  13. ඒක වරක් කියවල මදි නිසා ආයෙම කියෙව්වා.ත්‍රාසයත් කුතුහලයත් නොඅඩුවම තියෙන කතාවක්.පරිවර්තනයක් දෝ කියලත් මොහොතකට හිතුණා.නව මගක් ගත් සුපිරි කතාවක් බීටලේ.

    ReplyDelete
    Replies
    1. පරිවර්තනයක් නෙමේ හැලපේ... හැබැයි මේ කතාව කියවපු යාලුවෙක් කිව්වා Hitchcock ගේ Psycho චිත්‍රපටිය මතක් වුනා කියලා...

      Delete
  14. රිද්මා එක්ක තියන සම්බන්ද තාවය මරාදමන්න කරන චිත්ත අරගලය ලස්සනට පෙන්නුම් කරලා තියනවා.
    හරිම උසස් මට්ටමේ නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජීවන... කවදා හරි උසස් මට්ටමේ නිර්මාණයක් කරන හීනෙක පොඩි පියවරක් කියමු...

      Delete
  15. සෑහෙන්න අසාධාරණයි..තව දැන ගන්න ඕන කරන දේවල් නම් කොච්චර කියලා තියෙනවද..

    හැබැයි එක අතකට හැමදේම කියවෙනවට වැඩිය මෙහෙම නිමා වෙන එකත් හොදයි.. කොහොමත් බීට්ල් මගේ හොදම කතා කරුවා.. ඒ හන්දම මේක නියමයි අනර්ඝයි..

    ReplyDelete
    Replies
    1. දැනගන්න ඕනේ දේවල් සේරම තියෙනවා... :) ගොඩක් ස්තූතියි දිනේශ් මල්ලී...

      Delete
  16. බීට්ල්... මම ස්වේච්ඡාවෙන්ම මීයෙක් වෙන්න හදන්නේ.

    මෙතනදී 'ඔහු' කියන්නේ කතානායකයාගේම ඕල්ටර්-ඊගෝ එකක් කියන එක ඇරෙන්න වෙන පැහැදිලිකිරීමට ඉඩ නැහැ කියන එක තමයි මගේ හැඟීම.

    //කවුරුන් හෝ පිහිපහර දී ඇය මරා දමා ඇත… මා නිවසට ඇතුළුවීමට පෙර ප්‍රධාන දොරෙන් ඉවතට දිව ආ මිනිසෙකු නිසා ගල්ගැසුණු මම මිදුලේ නතරවුනෙමි//

    මේ 'ඇය මරා දමා ඇත' කියල කියන්නේ ගෙදරට යන්නේ නැතුව... ඒ කියන්නේ පොර දන්නවා මොකද වුණේ කියලා..
    (තව විදිහකට් හිතුවොත්, රිද්මාව මරල නෑයි කියලා කියන්නත් පුළුවන්.. කතාවේ වෙන කොහෙවත් එහෙම වුණා කියලා සාක්ෂි නෑ.)

    හැබැ‍යි ඊටපස්සේ මෙතන වෙන පොඩි ගැටයක් තියනවද කියලා මට හිතුණා.

    //ඇසිල්ලකින් එළියට බට අපි වාහනය ඉදිරියෙන් එකිනෙකා පසුකර දිවගොස් ආසන මාරුකරගතිමු//

    මෙතනදි අර ඕල්ටර්-ඊගෝ එකත් මාරු කරලද කියලා හිතෙනවා...

    //කාර්යාලීය ඇඳුමෙන් සාදයට යන්නට සිදුවීම// මෙහෙම කිව්වට ඇත්තටම යන්නේ සාදයට සූදානම් කරපු ඇඳුම ඇඳගෙන...
    //මඳක් ඇදවී තිබූ බෝ එක නිසි පරිදි..// බෝ එක තියෙන්නේ සාදයට සූදානම් කරපු ඇඳුමේ...

    ඒ අර ලේ ගෑවිච්ච කමිසේ ගලවලා මාරු කරපු මිනීමරුවා තමයි මේ යන්නේ... ඔය ඇති ඊට වඩා ගණං හදන්න ගියොත් ඔලුව නරක් වෙනවා...

    බීට්ල්, සමහර විට මීට වඩා දිග කතාවකට ප්‍රවේශය ගත්ත නිසා වෙච්ච දෙයක්ද දන්නේ නෑ... මුල හරියේ සිදුවීම් වල හැඟීම් දැනීමේ අඩුවක් මට දැනෙනවා... හැබැයි, හතර පස් දෙනෙක් එකතු වෙලා රහස් පරීක්ෂකයෝ වෙලා සිද්ධිය විසඳන්න උත්සාහ කරන්න කියාපු කතාවක්... දවසක මුණගැහුණොත් මේක විසඳන්න බලමුකෝ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිතල කරපු දෙයක්ද , නැත්තං පැටලුනාද කියල නං හිතාගන්ඩ බැ ,

      ඒ කොහොම උනත් පට්ට ආසාවෙන් කියෙව්වා ,

      ටිවි එකේ ඉස්සර මේවාගේ චිත්තර පටි ගියා

      කියන්ඩ දෙයක් නැ අප්පා ඉස්තරං රත්තරන්

      Delete
    2. තිසර,
      මාත් හිතුව ඔයගැන. නමුත් මේක,
      //“තමුසේ කවුද..?”

      ඔහුට කමිසය මාරු කරගන්නට කාලය දෙමින් මම ඇසීමි…

      “ඔහේ වගේම ඒකිගේ මායම් වලට රැවටුණ කෙනෙක්… දැන් සේරම හරි… මගේ ඇඳුම් ටිකයි පිහියයි ඔය ඉස්සරහා පාලමෙන් ගඟට විසිකරමු… ඊට පස්සේ මම බැහැලා යන්නම්…”//

      මේකෙන් උඹ ඔය කියන "කතානායකයාගේම ඕල්ටර්-ඊගෝ" එකට වෙන්නෙ සෑහෙන්න හානියක් කියලයි මට හිතෙන්නෙ. ඒ කෑල්ල ලිව්ව කියන්නෙ මේක නිකංම රහස් පරීක්ෂක කතාවක් වගේ වෙනව නේද?

      Delete
    3. ඇගතා ක්‍රිස්ටි ස්ටයිල්.... හි හි

      Delete
    4. අනේ මේ කතාවට මටත් සම්බන්ඬ වෙන්න ඇත්නම්... :D :D

      Delete
    5. මේ පුංචි කාරනා තුනක් විතරක් කියන්නම්...
      @අටම්... මම ගොඩක් පරිස්සමින් ලිව්වේ මචෝ... සෝදුපත් වැරදි හැරෙන්න එකතැනක්වත් පැටලුනේ නෑ කියලා සහතික වෙන්නම්...
      @තිසර... මේ කතාව විවිධ පැති වලට හිතන්න පුළුවන් සිතිවිලි හන්දියෙන් රිද්මා මැරුනේ නැතිනම් කියන පාර මුලදිම මට වහන්න අවශ්‍යය වුනා...
      @රාජ් මේ කතාව කියන්නේ කියන්නේ මම (බීට්ල්) නෙමෙයි, නමක් සඳහන්ව නැති කතානායකයායි...අපි හැමෝම අහගෙන ඉන්නේ ඌ කියන දේ... ඉතිං ඌ... නෑ එක්කෝ ඔන්නෑ... :)

      Delete
    6. //ලේ සලකුණකුදු නොපෙනේ… //

      //ඔහුගේ සිරුර ගඟට වැටෙන ශබ්දය ඇසීමට මට අවශ්‍යය වුවද එවැන්නක් ඇසුණාදැයි මට සැක සහිතය... බාගදා පාළම හුඟක් උස ඇති... //

      තිසර, ඔන්න කතාව තීන්දුයි!

      මේ කතාව ගැන මගෙ අදහස උඩ කියල ඉවරයි. දැන් කියන්නෙ "බීට්ල්" ගැන පොඩි කතාවක්. මම පහුගියදාක ඩුබායි ගියාම රෑක් හිටිය රුචක මල්ලිගෙ ගෙදර. එතනදි ඌ කිව්ව "අය්යෙ මම දැන් බ්ලොග් බලන්නෙ නෑ, එපා වෙලා ඔක්කොම එක වගේ නිසා, හැබැයි බීට්ල් අය්ය මොනා හරි ලිව්වොත් අනිව බලනව, ඌ මාර ඒව ලියන්නෙ" කියල. ඒත් ඒ වෙලවෙ මම උඹ ලියාපුව ගැන ඒ හැටි දැනං උන්නෙ නෑ. අදයි දැන ගත්තෙ ඇයි රුචක එහෙම් කිව්වෙ කියල.

      Delete
    7. අහන්නත් සතුටුයි... :)

      රුචා කොහොමත් දිග කතා කියවන්න කැමතියි... හේතුව අහන්න එපා ඕකා දැක්කොත් ඊලඟ ට්‍රාන්සිට් එකේ මට මෝල් එකක තමයි චාටර් වෙන්ඩ වෙන්නේ... :D :D

      Delete
  17. යුරෝපියන් ස්ටයිල් කතාවක්. නියමයි බීට්ල්. වෙන මොනවත් කියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සුදීක

      Delete
  18. මදි, බීට්ල්. තවම මදි. තව ගොඩාක් දුර තියෙනවා ඉස්සරහ.

    -TS

    ReplyDelete
    Replies
    1. ස්තූතියි TS යන්න පුලුවන් දුරක් හිමින් යමු...

      Delete
  19. නියම පිරිමි හිතක් ගැන නියම පිරිිමියෙක් නියමෙට ලියල.ඇයව මරන්න තියෙන උවමනාව තරමටම ඇයව නොමරා ඉන්නටත් ඔහුය උවමනා වුනා. කොහොම උනත් නියම පිරිමියා ඇයව මරල ඔහු මැරෙනකම් සිතින් විඳවවට නියම ගැහැණියක් වෙච්චි මං කැමැති.

    ReplyDelete
    Replies
    1. නියම කමෙන්ට් එක...:D

      Delete
    2. වත් ඔහු විඳවනවට සතුටු වුනාට මම දැක්කේ ඔහු අන්තිමට සතුටින් යනවා වගේ...

      Delete
    3. අන්තිමට ඔහු සතුටින් යන්න පුලුවන් කාරනා දෙකයි.
      1-කෙල්ල මැරීම
      2- කෙල්ල මරන්න ආපු සිතුවිල්ල මැරීම(ඒ කියන්නේ මිිමරුවව මැරිම)
      ඒත් මේ දෙකෙන් කොයික කලත් පිරිමි කෙනාට සතුටු වෙන්න බෑ.කෙල්ල මරල සතුටු වෙන්න බෑ.කෙල්ල නොමර සතුටින් ඉන්නත් බෑ
      ඒ කියන්නේ කවදාවත් මේ කොල්ලට ඊට පස්සෙ සතුටින් ඉන්න බෑ...

      Delete
    4. අනික දැන් ඔයා දකින දේ වැදගත් නෑ.මොකද දැන් කතාව ලියල ඉවරයි.දැන් අපි කියවන දේයි දකින්නේ......(නැද්ද රවි අයියේ..............)

      Delete
    5. හාකො... ඔයාට සතුටු විදියක්... :D

      Delete
  20. පට්ට...
    නියම මනෝ විග්‍රහාත්මක කෙටිකතාවක්..
    ඒත් මැදින් මැදින් දැනුන සිද්ධි වෙනව ස්පීඩ් වැඩී වගේ හරි ගැලපීමක් නෑ වගේ හරි මක්ක හරි...
    ඒත් ඒ ව ටික හැර කතාව නං මැක්ස

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මහේෂ් අවංක අදහසට...

      Delete
  21. කොටස් 6ක් දැම්මනම් හොදයි කියලත් හිතෙනවා ලෝබ හිතුනා.
    එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සංජීව... කොටස් හය බෝරින් නොවී තියාගන්න එක මට ලොකු අබියෝගයක්

      Delete
  22. A cinematic short story :) නියමයි !!

    ReplyDelete
  23. බීට්ල්,

    " නිර්මාණයක් බිහිකල වහා නිර්මාපකයා මියයයි. නිර්මාණය ඔහුගේ වුවද ඉන්පසු ඔහුට/ඇයට එහි කිසිදු අයිතියක් නැත්තේය. " කොහෙද මෙහෙම කියවල තියනව මට මතකයි..මේ අයිතිය නෑ කියන්නෙ නිර්මාණයෙ අයිතිය නෙවෙයි නිර්මාණය අර්ථ කථනය කිරීමේ අයිතිය..

    ඒ අයිතිය ඊට පස්සෙ උරුම වෙන්නෙ පාඨකයට/ ප්‍රේක්ෂකයට...

    මගේ ඒ අයිතිය පාවිච්චි කරනව මම දැන් ඔන්න....

    / සුසුමක් හෙළු මා අවසන් වරට රිද්මාගේ නිවස දෙස හැරී බැලුවෙමි…/

    ඉහත මවිසින් උපුටා දක්වා ඇති වැකියෙන් අනතුරුව සත්‍ය වශයෙන් සිදුවූව අවසන් වෙයි. ඉනික්බිති සිද්ධි දාමය කථකයාගේ සිතෙහි ඇඳුනකි.

    මගේ අදහස ඔප්පු වෙනව ඔය වාක්‍යයෙන්ම.." අවසන් වරට " ....අන්න ඒ වචන දෙක බොහොම වැදගත්...

    ReplyDelete
    Replies
    1. අම්මපා මගේ ගණං හැදිල්ලට අහු වුනේ නෑනේ ඕක.

      Delete
    2. තිසර,

      මෙතන මෙහෙම වෙන්නත් පුලුවන් මල්ලි හැබැයි..බීටල්ස් එහෙම චේතනාන්විතව ඒ වචන නොයෙදුව වෙන්න පුලුවන්. ඒ කොහොම උනත් අර මම කලින් කිව්වෙ පාටකයගෙ අයිතිය..අන්න ඒ අනුල්ලංඝනීය අයිතිය අනුව බීටල් එහෙම නෙවෙයි කිව්වත් මට ප්‍රශ්ණයක් නෑ. මගේ කියවීම අර විදිහයි. ලිවීම උගේ අයිතියයි. විඳීම මගේ අයිතියයි...:)

      Delete

    3. ස්තූතියි රවි අයියා, තිසර... පුංචි කාරණයක් විතරක් කියලා මම මේ හරියෙන් ඉන්නම්...

      මේකේ මගේ අතින් චේතනාන්විතව නොයෙදුනු වචනත් ගොඩක් ඇති, නමුත් ඔය රවි අයියා කියන එකත්, මේකේ ඇති තව බොහෝ දේත් කිහිපවතාවක් හිතලා චේතාන්විතව දාපු ඒවා...

      Delete
    4. මූ අර ඩේවිඩ් ලින්ච් වගේ පොරක් වේගන එනවද මන්දා...

      Delete
  24. නියමයි.හැබැයි උඩ තියෙන කමෙන්ට් වගෙ මටම අර්ථකතනය කරන්න වෙනව නේද.මෙතන මිනිමරුව මිනිහම තමයි.සුදු කමිසයක් එහෙම ඇදල අවසන් වරට සමුඅරන් නේ මිනිහ එන්න.පොර හැබැයි බොහොම ලෙසියෙන් මානසිකත්වයෙන් ගැලවෙනවද.ඇදුම් ටික ගගට දාල විතරක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත්... ලේසියෙන් මානසිකත්වයෙන් ගැලවෙන්න බැරිවුන බවනම් ෂුවර්...

      Delete
  25. http://helppal.tk/discussions kattiya awith set wenna ape forum ekata.

    ReplyDelete
    Replies
    1. මෙහෙම දැම්මානම් හිට්ස් ඕසෙට... :) http://helppal.tk/discussions

      Delete
  26. සාදය තුලදී මගේ සතුට වැඩි වෙලාවක් රැදී පැවැතු නේ නැත. සියලුදෙනාම තුශින්භූත කරමින් මිදුලේ නැවතුනේ පොලිස් ජීප් රියකි.. ............ මගේ අත් දෙකේ මාංචු ?????

    පුදුමයකි ...පොලිස් සිර මැදිරිය තුල සිටින්නේ ඔහු නොවේද, එතකොට මම රියට යටකර ගඟට දැමුවත් ඔහු මියගියේ නැතිද .. ??? ඔහු මාදෙස නොබලා මට පිටුපා ඉවත බලාගෙන් සිටී..... නැවතත් දෙදෙනාම එකම තැන ..................!!!!

    අති විශිෂ්ටයි සර්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සර්... එහෙනම් මෙතන ඉඳන් ඉතුරු ටික ලියමු :D

      Delete
  27. මිනීමරුවා ද, මිනීමරුවෝ නොවේද ?
    නුපන් දරුවා,රිද්මාට විතරක් නොවේ ඝාතකයාට පවා අවසානේ මරණය.කතාව නතර වෙච්චි තැන හොඳයි කියලා හිතෙනවා.මොකද එතනින් එහාට කතාව ඕනේ විදියකට ගොඩනගගන්න පුළුවන්නේ.හැබැයි අර "මම"කියන කෙනාටනම් හිතට සැනසිල්ලක් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මට දාන්න හිතුනේ මිනීමරුවා කියලා :) සැනසිල්ල හොයාගන්න තමයි එයා හැම දේම කරන්නේ මම හිතන්නේ...

      Delete
  28. මේකනම් පට්ටයි...!

    ReplyDelete
  29. බීට්ල්, මා කැමතියි මෙවැනි අරමුණක් ඇතුව ලියපු කතා කියවන්න. ඔබ නරඹා තියනවද වුඩි ඇලන්ගේ මැච් පොයින්ට්? මෙවැනිම තේමාවක්. අද ඔබත් මාත් කියවන අර කුඩා ගැමීගේ දෙමාපියන්ටත් මෙයම අදාළ වෙනවා මා හිතන්නේ. එනම් මිනිස් මනස එක තීරණාත්මක මොහොතකදී වැඩ කරන විදිහ.

    ReplyDelete
  30. ස්තූතියි රයිගම්... ඔව් මැච් පොයින්ට් මම ආසාවෙන් බලපු චිත්‍රපටියක්... ඒ චිත්‍රපටි‍යේ මගේ හිත පැහැරගත්ත දෙබසක් අනුසාරයෙන් තමයි මේ කතාවෙත් "ආදරේ නැතුව කන්සීව් වෙන්නේ නෑ..." කියලා යෙදුවේ...

    ගැමීගේ බයොලොජිකල් තාත්තා ගැන නරක ආරංචි ටිකක අද නිවුස් වල දැක්කා... ඇත්තටම මේ කතාව මුලදිම ඇහුවාම මට පුදුමයක් දැනුනා මොකද මේ වගේ සරොගසි වලට යන්නේ ළමයෙකුගේ වටිනාකම හොඳින්ම වැටහෙන යුවලවල් කියලා මම හිතාගෙන හිටි නිසා... මොනවා උනත් පැහැදිලි නීති නැතිකම තමයි ලොකුම අවුල මම හිතන්නේ...

    ReplyDelete
  31. මේවට විචාර ලියන්න අපි දක්ෂ නෑ.

    මේ සයිබර් අඩවියේ අකුරු සේරම හරියට ලස්සන චිත්‍ර කතා පොතක පාට වගේ. සේරම පිටු එක වගේ. හදිස්සියකට ඉරාගෙන බත් ඩිංගක් ඔතාගන්න එක කොලයක් වත් නැති.....!

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් අර 'ලන්ච් ෂීට්' බිසිනොස් එක පාඩු ලබනවද? ;-)

      Delete
    2. බූරලා වාගෙ දෙතුන් දෙනෙක් ඇරුනාම කෘත්‍රිම දේවල් වලින් මිනිස්සු ඈත් වේගන යන්නේ..... :D ස්වාභාවික දේවල්වලටනෙ දැන් තැන.... බිස්නස් පාඩු වෙන එක අහන්නත් දෙයක් ද?

      (බූරලාටත් අතීතය හොඳට මතකයි ඒ කියන්නෙ....! ස්තුතියි!!)
      :D

      Delete
    3. එහෙනං එහෙනං.. අපට අතීතය හොඳට මතකයි.. ඒ කාලෙ හිටියා 'කෙ‍හෙල් කොටුවෙ චූටි මහත්තයා' කියලා හරි හුරුබුහුටි කොලු ගැටයෙක්.. ඌවත් තාම මතකයි.. :-P

      පලි: අනේ ඒ චූටි මහත්තයා දැන් ආ ගිය අතක් නෑ නෙවැ බං. උඹ බැරිවෙලාවත් දැක්කොත් එහෙම මම මතක් කලා කියහං. ;-)

      Delete
    4. පොඩ්ඩක් ඉවසලා හිටහන්කෝ.... හිර ගත්තම බ්ලොග් කෙලිය එහෙම ලේසියට කරන්න බෑ. බොලාටත් දවසක තේරෙයි....

      Delete

Web Statistics