Monday, July 14, 2014

92. ෆිෆා ලෝක කුසලානය 2014 සිත්ගත් තැන්

“Tha Greatest Show on Earth” කියන ගරු නාමයෙන් හඳුන්වන පාපන්දු ලෝක කුසලානයේ 2014 වසරේ සැණකෙළිය මීට පැය ගණනකට පෙර අවසන් වුනා… අවසන් තරඟය ගැන කෙස් පැලෙන විචාර අන්තර්ජාලේ පුරාවට පිරිලා ඉතිරිලා මොනිටර් එකෙන් කීබෝඩ් එකටත් ඉහිරිලා යන වෙලාවේ ඒ ගැන නොලියා ලෝක කුසලානයේ මම දුටු රසබර මතක ටිකක් එක පෝස්ට් එකකට එකතු කරන්න හිතුවා… අවසන් තරඟය ගැන සිංහලෙන් ලියවුනු විචාරයක් ලෝක කුසලානය වෙනුවෙන්ම ඇරඹුන Sports අඩවිය බ්ලොග් එකේ  මෙතනින් කියවන්න පුළුවන්

මේ අසිරිමත් සැනකෙළිය පැවැත්වෙන්නේ වසර හතරකට වරක්… අවුරුදු 60ක් ආයු වළඳන සාමාන්‍ය මිනිහෙක්ගේ දැන් වයස අවුරුදු 30ක් නම්, ඔහුගේ ඉතුරු ජීවිතකාලයටම ඔහුට බලන්න වෙන්නේ වර්ල්ඩ්කප් 7 යි… ඔබ එවැනි පුද්ගලයෙක් නම්, මේ දැන් මගෑරුන එක අතෑරියාම තව ඉතුරු 6 යි.. පේනවා නේද කොච්චර දුර්ලභද කියලා… ඒ හින්දා වෙන්නැති, “මට පේන්න බැරි දෙයක් ඇත්නම් ඔය පුට්බෝල් තමයි” කියලා ආඩම්බරයෙන් කියන කිහිප දෙනෙක් ඇරෙන්න ලීග මැච් නොබලන බොහෝදෙනෙක් පවා පාපන්දු ලෝක කුසලානය බලන්න උනන්දුවෙන්නේ… එහෙම උනන්දුවෝ කොච්චර ඉන්නවද කියලා මට පුදුම හිතුනේ අන්තර්ජාලයේ මේ වීඩියෝ ක්ලිප් එක දැක්කාම… බ්‍රසීලයේ උපන් කාලෝස් දෑස් අඳ, බිහිරි දරුවෙක්… ඒත් ක්‍රීඩාලෝලීත්වය මේ සීමා හඳුනන්නේ නෑ… දෑස් අඳ තමන්ට ලෝක කුසලානය බලාගන්න ක්‍රමයක් ඔහු දෙවියන්ගෙන් ඉල්ලනවා… ඔහුගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන දෙවියෝ කාලෝස්ට ආදරණිය යාලුවෝ දෙන්නෙක් දෙනවා… මේ ඒ වීර යාලුවෝ කල හපන්කම…

මෙවර ලෝක කුසලානයේ සතුටුවුනු, මා දුටු කායිකව අභියෝගයට ලක්වූ කෙනා කාලෝස් පමණක් නෙවෙයි… ශරීරයෙන් අර්ධයක් පණනැති ජූලියානෝ පින්තු නැමති 29 හැවිරිදි තරුණයා මෙවර ලෝක කුසලානයේ සාම්ප්‍රදායික “kick-off” එක දුන්නේ,  මොළයෙන් යැවෙන සංඥා වලින් ක්‍රියාත්මක වන බාහිරසැකිල්ලක් මඟින් තමන්ගේ අප්‍රාණික පාදය සොලවා පාපන්දු පහරක් ලබාදීමෙන්…

null

වසර තිහක් තිස්සේ කල තම පර්යේශන අනුසාරයෙන් මේ හපන්කමට පාර කැපුවේ Miguel Nicolelis නැමති බ්‍රසීල ජාතික ස්නායු විශේෂඥයෙක්…

බ්‍රසීලය නන්නත්‍තාර වුනු අවසන් පුර්ව තරඟයට උඩ වීඩියෝවේ ඉන්න කාලෝස් මුහුණ දුන්නේ කොහොමද කියලා නම් දැක්කේ නෑ… ගෝල 7-1 විදියට බ්‍රසීලය වාර්තාගත පරාජයක් ලබපු මේ තරඟය සුවිශේෂ සිදුවීම් රාශියක් සිදුවුන තරඟයක්… ලංකාවේ ජෝයොතිශ තරුවක් මේ ගැන බලාගෙන හිටියානම්, තරඟාවලිය පටන්ගද්දිම මාර්සෙලෝ ගැහුව “own goal” එක බ්‍රසීලෙ අවසානාවට පාර කැපුවා කියලා සාස්තරයක් වුනත් කියන්න තිබ්බා… ඒ පරාජය හමුවේ බ්‍රසීල ක්‍රීඩා ලෝලීන් හඬාවැටුන හැටි දැක්වෙන පිංතූර වලින් අන්තර්ජාලය පිරීගියා… ඒවායින් වඩාත්ම ජනප්‍රිය ජායාරූපයක් වුනේ ලෝක කුසලාන ආකෘතියක් තුරුළුකරගෙන හැඟීම් ගොන්නක් නිහඬව කියපු Clovis Fernandes නැමති මේ අංකල්… තරඟය ආරම්භයට පෙර විනෝදෙන් හිට්ය ෆනෑන්ඩස් අන්කල්…

පිංතූරය

ජර්මනිය එක පිට එක ගෝල ලබාගනිද්දී, ලෝක කුසලානය තමන්ගෙන් ගිලිහෙන යතාර්ථය අදහාගත නොහැකිව හිටියේ මෙන්න මෙහෙම…

පීංතූරය

නමුත් වැඩිදෙනෙක්ට මඟෑරුණු ඡායාරූපය නම්, තරඟය අවසානයේ තමන් සතුවූ කුසලාන ආකෘතිය ජර්මානු ක්‍රීඩාලෝලියෙකුට ඔහු තිළිණ කරන අවස්ථාව… තමන්ගේ හිතේ තිබුන බරෙන් වැඩි කොටසකුත් ඔහු මේ සමඟම බිමින් තියන්න ඇති…

බ්‍රසීල කණ්ඩායමේ 12th Man විදියට තමන්ව හඳුන්වන මේ hardcore ක්‍රීඩාලෝලියා ගැන වෙලාව ඇතිනම් ලොකු විස්තරයක් කියවන්න මෙතැනින්

ඒ තරඟයට පසුදින මීම කොමික් කෑලි වලින් අන්තර්ජාලය පිරීගියා… ඒ සියල්ල අතරේ මගේනම් වැඩියම සිත්ගත්තේ මෙන්න මේක… :D

පිංතූරය

මේ පරාජය කොච්චර කැතද කිව්වොත්; PornHub කියන වැඩිහිටි වීඩියෝ වෙබ්සයිට් එකට එක්තරා පුද්ගලයෙක් මේ මැච් එකේ හයිලයිට් අප්ලෝඩ් කරලා තිබුණාලු “Young Brazilians get f**ked by entire German soccer team.” කියලා… ඒකට කමෙන්ට් කරපු කෙනෙක් කියලා තියෙන්නේ කරුණාකරලා සමූහ දූෂණය කරන වීඩියෝ PornHub එකට දාන්න එපා කියලයි… PornHub  එකත් මේ විහිළුවට කොච්චර විනෝද වුනාද කිව්වොත් මේ වගේ නිල ට්විටර් පණිවුඩක් දාලා ඒගොල්ලොත් ඒකට සම්බන්ද වුනා…

image

පිංතූරය

ආබාධයට ලක්වීම නිසා නෙයොමාරුත්, කහ කාඩ් එක නිසා තියාගෝ සිල්වාත් යන ක්‍රිඩකයන් මෙම තරඟයට සහභාගී නොවුන වාතාවරනය හින්දා එදා තරඟයේ තරුව වෙලා තිබුනේ ඩේවිස් ලුවිස්… බලාපොරොත්තු නොවුන විදියට ඇප නැතිවෙන්න කෑවට පස්සේ ඒ බලාපොරොත්තුවම පාරාවලල්ලක් වෙලා ලුවිස් පස්සෙන් එලවන්න ගත්තා… පූජාසනයේ හිඳවා පුදදුන් ලෝකයම ලුවිස්ට ගරහන්න පටන් ගත්තා…

පිංතූරය

ලීග තරඟ වලදී ලුවිස් ක්‍රිඩා කරන චෙල්සී කණ්ඩායමේ කලමනාකාර ධූර තැන්පත් ජොසේ මුරිනියෝ ලෝක කුසලානට කලින් ලුවිස්ව විකුණගන්න දතකෑවේ ඊට පස්සේ ලුවිස්ගේ වටිනාකම බින්දුවටම බහින බව දන්න හින්දයි කියලා විචාරකයෝ විචාරේ දුන්නා… ප්‍රචාරකයෝ ප්‍රචාරේ දුන්නා… මේ සේරම රැවුම් ගෙරවුම් මැද්දේ ක්‍රීඩාලෝලීත්වය කියන්නේ මොකද්ද කියලා ලෝකයට මතක් කලේ ඇනා නම්වූ නව හැවිරිදි දැරියක්… ඒ ඩේවිඩ් ලුවිස්ට ලියූ ලිපියකින්…

(Pic: http://instagram.com/p/qSt8VvjHXh)

පිංතූරය

ඒ ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය වුයේ මෙවැන්නක්…

Hi David Luiz,

My name is Ana Luz.

I saw all of the Brazil games in the World Cup and I liked it a lot watching you play.

I think that you don't need to be sad because you played well and did the best you could. You were a great captain.

Life is like this, sometimes people lose and sometimes people win but people only need to be happy.

David Luiz, you are my champion.

Ana Luz Penna Reale

මෙම ලිපියෙන් සතුටට පත් ලුවිස් ඇයට තම ඉන්ස්ටග්‍රෑම් අඩවියේ පිළිතුරක් සටහන් කරන්නට අමතක කලේ නැහැ…

Many thanks Princess Ana, loved your letter! And many thanks to all Brazilians for the support. I'll never give up my dreams, and I will always strive to give back all the love I receive! God bless you all!

මෙම සිදුවීමට දින ගනනකට පෙර ඩේවිඩ් ලුවිස්ගේ නම අන්තර්ජාලයේ කියැවුනේ ක්‍රීඩාවේ ජිව ගුණය රැකි තවත් හොඳවැඩක් නිසා…

image

පිංතූරය

අර්ධ අවසන් පූර්ව තරගයේදී කොලොම්බියාව පරදවා ජය ලබන්නට පාර කැපූ ලුවිස්, තරඟය අවසානයේ හඬාවැටෙන කොලොම්බියානු ප්‍රහාරක ජේම්ස් රොඩ්‍රිගෝස්ගේ තරඟාවලිය පුරා පෙන්වූ දක්ශතාවයට ප්‍රශංසා කරන අයුරු, අන්තර්ජාලයේ වයිරල් වුන තවත් පිංතූරයක්… ඒ එක්කම, තරඟාවලියේ ගෝල හයක් ලබාගනිමින් මෙවර රන් සපත්තුව සම්මානය දිනාගත් ජේම්ස් රොඩ්‍රිගෝස්ගේ මැරුන ලොකු බාප්පා ලා තණකොලපෙත්තෙකු වී ජේම්ස්ගේ උරහිසේ හිඳගෙන ඔහුට උපදෙස් දෙන අයුරුත් අපිට දැකගන්න ලැබුණා…

Green machine: The insect was on James Rodriguez after he scored Colombia's penalty against Brazil

Look closely: You can see the invader clinging to Rodriguez's sleeve as he celebrates his penalty

පිංතූර

මෙවර ලෝක කුසලානයේ ලොකුම වීරයා තෝරන්න ගියොත් ලොකු තරඟයක් තියෙන්න පුළුවන්… නමුත් ලොකුම දුෂ්ඨයා තෝරන්න වුනානම් අවුලක් නැතුව හැමෝම පිළිගන්න ක්‍රීඩකයෙක් හිටියා… ඒ උරුගුවේ කණ්ඩායමේ ලුවිස් සුවාරිස් බවට විවාදයක් නෑ…

 

එදා සුවාරිස් කීලානිගේ උරහිස කෑව එකෙන් සිද්දවුනු හොඳ දේවල් දෙකක් තිබුණා…

1. එකක් තමයි වෙනදාවගේ පාරම්බාන්නේ නැතුව තමන් කලේ වැරැද්දක් කියලා පිලිගන්න අවංක වුන සුවාරිස් නැවත එහෙම කරන්නේ නෑ කියලා පොරොන්දු වුන එක…ඒ ගැන කණගාටුව පලකරලා ඔහු ප්‍රකාශයක් නිකුත් කලත් අර තරම් ප්‍රසිද්ධියක් ඒකට ලැබුනේ නෑ…

image

පිංතූරය

කීලානිත් ඒකට මහත්මා ප්‍රතිචාරයක් දක්වලා තිබුණා…

image

පිංතූරය

දීකිරට බලල්ලුත් සාක්කිවගේ හිටපු බොක්සිං ශූර මයික් ටයිසන් සුවාරිස්ගේ හැසිරීම ගැන අනුකම්පාවෙන් කතාකරලා තිබුණා… ඔහු කියලා තිබුනේ ක්‍රීඩාවේ උපරිමයට ලඟාවෙන සමහර අවස්ථාවලදී තාර්කික බුද්ධිය පරදා හැඟීම් ජයගන්නා මෙවැනි බ්ලැකවුට් මොහොතවල් උදාවෙන බවයි… “ඒ වෙලාවට ඔයා ඇතුලේ ඇත්තටම ඉන්නේ ඔයා නෙමෙයි…” ඔහු කියනවා…

2. දෙවනි කාරනය තමයි මාකස් මාටිනස් කියන ඩෙන්මාර්ක් ජාතිකයා තරඟාවලියට කලින්ම මේ ලෝක කුසලානයේදී සුවාරිස් කාව හරි හපාකන බවට අල්ලපු ඔට්ටුව ජයග්‍රහණය කිරීම… ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 7.30ක් ඔට්ටු අල්ලපු ඔහු දිනපු මුදල ඇමෙරිකානු ඩොලර් 1280 ක්… මේ ඉන්නේ මාකස්…

Photo courtesy of Marcos Martinez

 

Screengrab from Marcos Martinez

පිංතූරය

වඩාත්ම විහිළුසහගත කාරණය මේ ලෝක කුසලානෙදී සුවාරිස් කාව හරි හපාකන බවට ඔට්ටු අල්ලපු එකම කෙනා මාකස් විතරක් නොවීමයි… නෝර්වේ රටේ බුකියකට අනුව ඔවුන්ගේ එහෙම ඔට්ටු අල්ලපු ගනන 167 දෙනෙක්

මෙවර ලෝක කුසලානය පුරාවට තවත් මේවගේ රසබර මතක ගොඩක් පැටලිලා තිබුණත් විස්තර ඇතුව ලියන්න ගියාම ලොකු කාලයක් යනවා…

ලෝක කුසලානයේ වෙලඳ දැන්වීමකින් තමන්ගේ යාලු ගෑල්ලමයට විවාහ යෝජනා කරපු මනුස්සයා

ලෝක කුසලානය නිසා එකරැයකින් නිරූපිකාවක් වෙලා ලෝරියල් සමාගමත් එක්ක වෙළඳ ගිවිසුමකුත් අත්සන්කරලා මෝඩකම නිසා ඒක නැතිකරගත් ලස්සන තිබුණට මොලේ නැති ගෑල්ලමයා…

Belgian teenager Axelle Despiegelaere became one of the faces of the World Cup, landing herself a modelling contract after being spotted in the crowd in Brazil.

මැච්එක බලන්න නිවාඩු ඉල්ලලා ආයතන ප්‍රධානීන්ට ලියුම් ලියපු ඇමෙරිකා එක්සත් ජනපදයේ පුහුණුකරු,

 

තරඟය අවසානයේ ක්‍රීඩාගාරය පිරිසිදුකරලා ගිය ජපාන ක්‍රීඩා ලෝලීන්,

මෙක්සිකෝ පුහුණුකරුවාගේ ආතල්,

ඇඟිලි හයේ ගෝල කීපර්, Group of Death කණ්ඩායමෙන් ලෝකය මවිත කරන තරඟයක් දුන්නු කොස්ටරිකා ක්‍රීඩකයන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ දැල රකින හාවඩ්ගේ නිමක් නැති නවතාගැනීම්,  තමන්ගේ රටේ ජනතාවට මැච් එක බලන්න ඝානාව විදුලිය හොයාගත් හැටි,අමතක නොවෙන රැඟුම් රැඟූ කොලොම්බියානු ක්‍රීඩකයන් ඇතුලු මෙකී නොකී නොයෙක් මතක සියල්ලම මෙවර ලෝක කුසලානය කුසලානය සමඟ අපට ඉතුරුවේවි… සමහර දේ ඉක්මනින්ම අමතකවෙලා යාවි…

ඒත් එකදෙයක් අමතකවෙන්න දෙන්න එපා… ඒ සමහරවිට ඔබට හෝ මට බලන්න ඉතුරුවෙලා තියෙන්නේ තව වර්ල්ඩ්කප් හයක් විතරක් වෙන්න පුළුවන්…

සියළු තොරතුරු සහ පිංතූර අන්තර්ජාලයෙන්..

40 comments :

  1. රුසියාවෙ මැච් ටික අපිට දවල් බලාන්ඩ ලැබෙයි නේද? ලෝකෙ අනික් පැත්තෙ මැච් ිතයෙන කොට නිදිමරන්න වෙන එක තමයි ඉවසාන්ඩ බැරි..

    ReplyDelete
    Replies
    1. ඊලඟපාර රුසියාවේ එහෙම කට්ටක් කන්න වෙන්නේ නෑ... කටාර් වලින් අයින් කලේ නැතිනම් ඒ පාරත් අවුලක් නෑ...

      Delete
  2. මහන්සිවෙලා ලියලා...:)

    මට නම් ඕනිම වුනේ ජර්මනිය දිනන්ට. දැන් අපේ ජර්මන් නෑයෝ ඉන්නවා....අපි නෑයෝ වුනු හින්දද මන්දා එයාලා දින්නා මේ පාර අවුරුදු ගනනකට පස්සේ.

    අර ලස්සණ වුනාට මොලේ නැති ගෑල්ලමයාගේ කිසිම ලස්සණක් පේන්නේ නැත්තේ මොකෝ? :P

    ReplyDelete
    Replies
    1. ඉරිසියාව නිසා

      Delete
    2. ලස්සනක් පේන්නේ නැතිනම් ලොරීල් වගේ සමාගමක් එයාට කතාකරයිද? ඇත්තටම ඒ බ්‍රෑන්ඩ් එක උච්චාරනේ කරන්නේ කොහොමද..? මම ෆැශන් පැත්තර බර ගෑල්ලමයෙක් හම්බෙනකල් හිටියේ මේක අහන්න...

      Delete
    3. මම නම් පැත්තට බර කෙනෙක් නෙමේලු...:D

      මේක එක, එක රටවල එක, එක විදියට සද්ද කරන්නේ. මට ඇහිලා තියෙන්නේ 'ලොරියාල්' 'ලොහෙයාල්' කියන දෙක. අනික් අයට මොනවා ඇහෙනවද දන්නේ නෑ. :)

      Delete
  3. පාපන්දු කියන්නේ මම කැමතිම ක්‍රීඩාව නෙමෙයි. නමුත් මම ඉඩක් ලැබුණොත් බලන ක්‍රීඩාවක්. තරඟාවලිය ගැන ටිකක් අවධානයෙන් හිටියා, මොකද රැකියාව කරන තැන හිටපු මේ රටවල් වලට අයත් මිතුරන් නිසා. ඒ නිසාම, පොඩි පොඩි තරඟ, ඔට්ටු ඇල්ලීම්, තේ පාන ලෑස්ති කරලා තිබුණා. නමුත් අපටත් බොහොමයක් තරඟ නරඹන්න ලැබුනේ නෑ ඒවා තිබ්බේ පාන්දර ජාමේ නිසා.

    තරඟාවලිය අවසානයේ මට ඉතුරු වුණේ සෘණාත්මක හැඟීමක්. ඇඟේ ගෑවුණ ගමන් උඩින් විසිවී බිම වැටී කකුල්, ඔලු අල්ලාගෙන බෙරිහන් දෙන අවස්ථා, අනිත් සියළුම දේවල් යට කරමින් මතු වූ බවයි මගේ හැඟීම.

    නමුත් මේ පෝස්ට් එකේ තියෙන බොහෝ දෑ කලින් දැනගෙන හිටියේ නෑ. අර ළමයට මොඩලින් කන්ට්‍රැක්ට් එක නැති වුණේ අපරාදේ...

    ලුයිස් ගැන මේ වීඩියෝ එක දැක්කද?

    ReplyDelete
    Replies
    1. ඇඟේ ගෑවුන ගමන් උඩින් විසිවෙලා වැටෙන ඔලුව අල්ලාගෙන බෙරිහන් දෙන ඒවා ඉතිං හැමදාම තියෙනවා... මේපාර තීරණාත්මක පෙනල්ටි කිහිපයක් බොරුවට ගත්ත හින්දා තමයි මම හිතන්නේ ඒ ගැන වැඩියෙන් කතාවුනේ... කොහොමත් හැම ක්‍රීඩාවකම වගේ ඉස්සරට වඩා ෆවුල් ප්ලේ කරන එක දැන් අඩුයි කියලානේ පිළිගන්නේ... ඒත් කතාව ඇත්තටම එහෙමද කියලා කිහිපදෙනෙක්ම ප්‍රශ්න කරනවා මම දැක්කා... විශේෂයෙන් නෙයොමාර්ගේ අනතුර හිතාමතා කල එකක් කියලයි විවේචන ආවේ... වීඩියෝවට ස්තූතියි තිසර.. :)

      Delete
    2. ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේපාර හොඳට සෙල්ලම් කල නිසා වෙනදාට වඩා ගැම්මක් තියෙන්න ඇති... නැතිනම් ඉතිං ෆූටි කියලා හිරිකිත සෙල්ලමක් පස්සේ නේද එයාලා දුවන්නේ... :)

      Delete
    3. ඔව් ඔසී ටීම් එක හොඳට සෙල්ලම් කලා තමයි. ස්පාඤ්ඤෙට ගහයි කියලා තමයි කට්ටිය කිව්වේ. හුහ්.. හිරිකිත? කොච්චර ආතල්ද රග්බි.... මෙහෙ වැඩිය ජනප්‍රිය ලීග්. ගොඩක් රටවල් සෙල්ලම් කරන එක නෙමෙයි.

      Delete
    4. ඇඟේ ගෑවුණ ගමන් උඩින් විසිවී බිම වැටී කකුල්, ඔලු අල්ලාගෙන බෙරිහන් දෙන අවස්ථා//
      මම පාපන්දු වලට අකමැති වෙන්න එක හේතුවක් තමයි ඔය. මට නං හරිම හිරිකිතයි අර බොරු කිරිල්ල. රග්බි ඒ වගේද! අන්න බලනවනං ක්‍රීඩා

      තිසර,
      උඹ රග්බි බලනවද? මගෙත් ප්‍රියතම රග්බි. වර්ල්ඩ් කප් නං මොන වෙලාවක තිබුනත් මිස් නොකරමි

      Delete
    5. මම ඉන්නෙ අරාබියෙ, ග්‍රීක් කොම්පැනියක. හිතාගන්න අමාරු තරම් ෆුට්බෝල් උන්මාදයක් හතර වටේම. ඒ උනාට අනේ මම ෆයිනල් එක දවසෙ රෑ එකොළහ වෙනකල් නිදි නොමර යසට නිදා ගෙන උදේ නිව්ස් වලින් දිනපු එකා බලා ගත්ත. ඒත් රග්බි ෆයිනල්ස්නං ( හරි ක්‍රිකට් හරි ) නං කීයටවත් එහෙම කරයිද? අපේ උන් නිදි ගැට කඩ කඩ එනව මැච් එක බලල.

      ඒ උනාට කාලයක් ඔය සෙල්ලම කරත් එක්ක. ඒත් වස කම්මැලි වැඩක්. ඇත්තටම රග්බි තරම් උණුසුම්, වේගවත් ක්‍රීඩවක් "මට" තවත් නෑ. අපේ දුමීගෙ ලෝකෙ දුමියත් ඉසිපතනෙ පැක් එකේ ඉඳල තීනව ඒ කාලෙ. මමත් වින්ඩ්ට්‍රික්වාටර් වෙලා හිටිය අපේ ටීම් එකේ කාලයක්. වෙන රගර් ගහපු උන් මේ අවකාෂෙ ඉන්නවද දනෙ නෑ. ඒත් සන්තෝසයි රගර් බලන තව දෙන්නෙක් වත් ඉන්න එක ගැන.

      බීටලේ සොරි මචෝ ෆුට්බෝලෙ ගැන උඹ ලියල තීන එකට උඩින් ආයි මොනා ලියඳ? ඒකයි දන්න දෙයක් ලිව්වෙ. ;)

      Delete
    6. @රාජ්
      රග්බි වර්ල්ඩ් කප් කිව්වට ඉතිං ඒක "වර්ල්ඩ්" කප්ම නෙමේනේ... :P

      @ඉන්දික
      සෙල්ලම් කරනවානම් රග්බි හොඳ ඇති.. බලනවානම් ඉතිං ෆුට්බෝල් තමයි... :P

      @උබලා දෙන්නටම
      සෙට් වුන දවසක් තිබුනොත් මොකද්ද හොඳ කියලා එලිවෙනකල් වාද කරමු :)

      Delete
  4. හැම වතාවේම වගේ මේ අරෙත් පිස්සුවෙන් වගේ මැච් ඔක්කොම වගේ බැලුවා ... මේ සිදුවීම් එක්ක ලුවිස් සුවාරිස් හැමෝටම අමතක තියෙයි මං හිතන්නේ , හරියට මීට කලින් සිනේඩින් සිඩාන් ,ප්‍රතිවාදී ක්රීදකයට ඔලුවෙන් ගැහුවා වගේ, එහෙම නැත්තම් කොලොම්බියාවේ අස්ප්‍රිල්ලාට වෙඩි තිබ්බා වගේ ...
    වීරයෙක් වෙලා හිටපු බැගියෝගේ අත්වැරදීමකින් තමුන්ටම ගෝලයක් වැදුනම මුළු ඉතාලියම බගියෝට වෙයිර කලාවගේ ....
    කොහොම වුනත් මේ සැරේ අර අනාවකි කියන බූවල්ලා නැතිවීම අඩුවක් මම හිතන්නේ , ගියසරේ මැච් වලට වඩා මිනිස්සු බලාගෙන හිටියේ ඒ දිහා . නෙමාර්ට තව පොඩ්ඩෙන් සදාකාලික අබ්බගාතයෙක් වෙන්න තරමට දරුණු ඉන්ජරියත් එක්ක ,තියගෝ සිල්වාගේ තරඟ තන්නමත් එක්ක අවාසනාව බ්‍රසීලය පස්සෙන් පැන්නුවා කියලා මට හිතුනා .
    කොහොම වුනත් පාපන්දු කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක් කියන එක ඔප්පු කළා මෙවර ලෝක කුසලානය ජර්මනිය දිනාගැනීමත් එක්ක . ඒ වගේම නෙදර්ලන්තය දක්වපු දක්ෂතාත් ඒ දේ ඔප්පු කළා.
    පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ තනියෙන් කණ්ඩායම දිනවනකන් බලන් හිටපු
    අජන්ටිනාවේ මෙසී තනියෙන දිනවන්කන් බලන් හිටපු
    නෙමාර් තනියෙන් බ්‍රසීලය දිනවනකන් බලන් හිටපු හැමෝටම ආදර්ශයක් දුන්නා නෙදර්ලන්තය සහ ජර්මනිය

    ReplyDelete
    Replies
    1. හරියටම හරි එකගයි. එල

      Delete
    2. ස්තූතියි දිග ප්‍රතිචාරයට ඉවාන්... ඔව් මේ තරඟාවලියේ ක්‍රීඩකයන්ට වඩා සමස්තයක් විදියට ෆුට්බෝල් කියන ක්‍රීඩාව දිනපු තරඟාවලියක් කියලා තමයි ගොඩදෙනෙක් කිව්වේ... අනික තරඟයට පෙර කණ්ඩායමේ හැකියාව තක්සේරු කරලා දිනන කණ්ඩායම මේකයි කියලා අනාවැකි කියපු ගොඩක් අවස්ථා හරි ගියා කියලා මම දැක්කේ... එහෙම වෙන්නේ ඒ හැකියාව හරියටම වැඩකල නිසානේ... අපි යාලුවෝ කිහිපදෙනෙක් නොකවුට් රවුන්ඩ් එකේ ඉඳන් ඔට්ටු දාන්න පටන්ගත්තා... මම දැන් බැලුවා තරඟ 16කින් තරඟ 14කම මම දිනන කණ්ඩායම හරියට කියලා තියෙනවා... එහෙම වෙන්නේ වාසනාවට වඩා කණ්ඩායමේ දක්ශතාවයට තැන ලැබුණ නිසානේ...

      Delete
    3. cricket by chance
      football by practice

      Delete
  5. ටිකක් විහිළු තහළු තිබ්බත් මේක වෙන්නඇති මං කියවපු එකම පසු තරග විමසුම
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් ලියපුවා අඩුයි තමයි...

      Delete
  6. බොක්කන්ම ටැකිංයු. මහන්සි වෙලා ලියපු ලිපියට.
    එල කියන්නේ එල ද බ්‍රා.

    ReplyDelete
  7. මම නං එච්චර කැමැත්තක් නෑ. කලබලේකුත් නෑ, ක්‍රිකට් (50)ලෝක කුසලාන 6ක්, ඔලිම්පික් 6ක්, 20-20 ලෝක කුසලාන 12ක්, රග්බි 6ක් තියනව මට නං. වැඩිත් එක්ක.
    අපේ එක්කෙනෙකුත් උරහිස හැපුව ලඟදි

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දී මටත් ඒ ටික තියෙනවා :D ඊට අමතරව තමයි මේ ලෝක කුසලාන 6 ..උරහිස හැපුව කතාව අද කියවන්නම්...

      Delete
  8. අනික් ඔක්කොමත් හරි අර මෝඩ කෙල්ලගේ සිද්දිය තමයි මරු..

    ReplyDelete
  9. පාපන්දු තරගාවලිය ගැන සිංහලෙන් ලියැවුණු හොදම ලිපිය මෙයයි බීට්ල්... ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලීන්... මොනවද නැති කැලේ මොකද්ද එකත් ගහක්ලුනේ... :D

      Delete
  10. මමත් බොහොම ආසාවෙන් බැලුවා.. පටන්ගනිද්දිම හිතුවා මේ ගැන පෝස්ට් දාන්න.. කෝ එකක්වත් ලියවුනේ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඔය හීනලන්තයේ තියන අනිත් පෝස්ට් ඔක්කොම නිකම්ම ලියවිච්චද හැබෑටම ආහ්.. !!!!! මම අද වෙනකම් හිතන් හිටියේ හරිම මහන්සියෙන් ලියපුවා කියලා..

      Delete
    2. ඊලඟ වර්ල්ඩ්කප් එක වෙනකල් අපි බ්ලොග් ලිව්වොත් සෙට්වෙලා මුල ඉඳන් කරමු :D

      Delete
  11. මෙදා පාර බූවල්ලෙක් නැති අඩුව තදින්ම දැනුනා...

    පිටසක්වල ජීවීන් සොයගෙන තියනවා, පෘතුවිය ආක්‍රමණය කරන්න හොඳම මොහොත සොකර් වර්ල්ඩ් කප් ෆයිනල් එක දවස කියලා.. දැනටමත් කීයක් ගොඩ බාලද දන්නෑ... :D

    ReplyDelete
    Replies
    1. ආක්‍රමණය පටන්ගත්තාලු ඒවුනාට පියාඹන පීරිස් එකක්වත් ටේක්ඕෆ් කරන්නෑලු,.. පිටසක්වල ලොක්කා ගිහින් මොකද බැලින්නම් ඒලියන් පයිලට්ලා සේරම සෙට් වෙලා වර්ල්ඩ්කප් ෆයිනල් එක බලනවලු... :D

      Delete
  12. මම පාපන්දු රසිකයෙක් නොවෙයි..එහෙත් පා පන්දු රසිකයෙකු නොවන කෙනෙකුටත් ඉතාම රසවත්ව කියවිය හැකි අපූරු ලිපියක් ඔබ ලියා ඇති බව නම් කිව යුතුමයි. බොහෝ අයට මග හැරනේනට පුලුවන් සිදුවීම් රැසක් එකම ලිපියක් තුල ඇතුලත් කිරීම තමයි මම දකින විශේෂත්වය.

    ReplyDelete
    Replies
    1. සිරා පාපන්දු රසිකයෙක් නොවෙන නිසා මේවා මගෑරෙන්න ඇත්තේ...දිගටම මැච් බැලුව අයට මේවා අලුත් දේ නෙවෙයි... එහෙම බලන අය අඩු හින්දාමයි ලියන්න හිතුවේ... තව ගොඩක් දේ ලියන්නත් තිබුනා... කම්මැලිකම තමයි හරහට හිටියේ...

      Delete
  13. Ada thamai German team eka germanyata aawe mehe welawen 11.00 am withara eewenakotath owunpiliganna Berlinwala barndenberg Doratuwa asalata kreedalolin laksha 4 k pamana reswelahitiya kiyala rupawahini warthakala.eeye indala owun samaharu ewilla hitiye.ude 9.00 indala sajeewi wedasatahanak thibuna.haraima alankarai.den wena nalikawala newatha wikashanayak yanawa.uthsawayata kisima deshapalakayek medihath unene.thanikarama kreedakayan saha kreedalolin thamai pradanaune.(Ranjan-düsseldorf)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්ජන් රසවත් තොරතුරට...

      Delete
  14. මේ ගැන කියවපු එකම ලිපිය.... මෙච්චර කොප් ෂෝස් බලන මට ඕක බලන්න කම්මැලියි නේ...

    ReplyDelete
  15. ලබන සැරෙත් උඹ ලියන මේ වගේ ලිපියක් බලල සිද්ද වෙච්ච වැදගත් සිද්දි ටික බලා ගන්නව ඔන්න ඔහේ.. හෙහ් හෙහ් මම ෆුට් බෝල් ඇතුළු සියලුම ක්‍රීඩා බලන්න පට්ට කම්මැලියෙක්... එහෙන් මෙහෙන් හයිලයිට්ස් බලනවා විතරයි.. කවුද දිනුවේ කියල පහුවදා උදේට කාගෙන් හරි අහගන්නවා.. ක්‍රිකට් වුනත් එච්චරයි..

    ReplyDelete

  16. @හිරු සහ පැතුම්...

    ගොඩක් මිනිස්සු ක්‍රීඩා කරන්න කම්මැලි හින්දා වෙන්නැති ක්‍රීඩා බලන්නේ... බලන්නත් කම්මැලි නම් මොකද්ද කරන්නේ :D

    ReplyDelete

Web Statistics