රෝස්මේරි සිගින්ස්… ඔබ බොහෝ දෙනෙකුට ඇය අමුත්තියක් නොවෙන්න පුළුවන්… අන්තර්ජාලේ රස්තියාදුවලදීත්, වරක් හෝ දෙවරක් රූපවාහිනීයේ ට්‍රේලර් එකකදීත් මම ඇයව අහලා දැකලා තිබුණත් වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නෑ… ඒත් අද විවේකී හැන්දෑවේ නරඹන්නට යෙදුන වීඩියෝවකින් ඇය මට මුණගැහුනා… නැවත අමතක නොවෙන්නම…
ඔබ රෝස් ගැන තවමත් අසා නැතිනම් ඇය ඇමෙරිකානු ජාතික කාන්තාවක්… ඔබට මට වගේම ඇයටත් එදිනෙදා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන එක ස්වභාවිකයි… ටෝස්ටරයේ පාන් කරවෙන තැන ඉඳන්… වෘත්තියෙන් මෝටර් මිකෑනික්වරියක් වන ඇයට, විටෙක එය තරඟයක් සඳහා තමන් වැඩිදියුණු කරන මෝටර් රථය නියමිත වේගයට ලඟාවෙයිද කියන ප්‍රශ්නය වෙන්න පිළිවන්… තවත් විටෙක එය තමන්ගේ දරුවාගේ පාසැලේ ප්‍රශ්නයක් වෙන්නට පිළිවන්… තවත් විටෙක එය තම සැමියා විසින් ඔහුට, ඇය දක්වන ආදරය සීමාවීම ගැන පවසන නෝක්කාඩුවක් වන්නටත් පිළිවන්… තවත් විටෙක එය මනසින් වැඩී නැති තම සහෝදරයාගේ අවශ්‍යතාවයක් කලට වේලාවට ඉටුකිරීමට අතපසුවීම නිසා ඇතිවුණ ප්‍රශ්නයක් වෙන්නත් පිළිවන්… තවත් විටෙක එය තම රෝගී පියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නත් පිළිවන්… නමුත් කිසිවිටෙකත් එය, අනෙක් මව්වරු මෙන්ම ගමට හිරු වඩින්නට කලින් මුළුතැන්ගෙට යන්නට නැඟිටිද්දී තමන්ගේ ශරීරයෙන් හරි අඩක් අහිමි බව සිහිවීම නිසා ඇතිවුන ප්‍රශ්නයක් නම් නෙවෙයි…
අතිශය අභියෝගාත්මක ලෙස ශරීරය ආබාධිත(?) වූවන්, තම ජීවිතය පමණක් නොවේ ලෝකයම ජයගන්නා ධනාත්මක කතන්දර කඳුළු සලමින් නරඹන්නට අන්තර්ජාලයේ ඕනෑතරම් තිබෙනවා… ඒ නිසා මේ වීඩියෝව ඒනයින් අරුමයක් නෙවෙයි… “බලන්නකෝ කකුලුත් නැතුව මේ ගෑනු කෙනා අපිටත් කොච්චර ආදර්ශයක්ද” වගේ බක්කක් නෙමෙයි මම මේ කියන්න ට්‍රයි කරන්නේ…
පවුල කියලා අපි හඳුන්වන මේ පුංචි ඒකකය තුළ වෙසෙන සාමාජිකයින්ගේ සබඳතා කෙතරම් සංකීර්ණද කියන කාරණයත්, අම්මා නම් තනි වචනයෙන් හඳුන්වන අරුම පුදුම ජීවියා ගැනත්, තම පවුලට එල්ලවෙන අභියෝග වලදී ඇය ඒවාට මුහුණ දෙන අසමසම ශක්තිය ගැනත් මේ වීඩියෝව ලොකු කතාවක් පවසනවා යැයි මට දැනුනා… විනාඩි පනහකට ආසන්න කාලයක් වැයකරන්නට වේලාව සහ ඩේටා ඇත්තෙකුට…
වීඩියෝවෙන් එහා ඇය ගැන විමසිලිමත් වන්නෙකුට මේ ඇයගේ මුහුණුපොත… දැන් ගජ ඉලන්දාරියෙක් වෙන ලූක්ගේ සහ ඔවුන්ගේ දෙවැනි දරුවා ෂෙල්බීගේ පිංතූරත්, රෝස්ගේ සෙමෙන් පිරිහෙන ශරීර සෞඛ්‍ය ගැන ඇය සඳහන් කරන වර්තමාන විස්තරත් එහි අඩංගුයි…
ස්තුතියි බීට්ල්.....
ReplyDelete+++
Deleteධෛර්යවන්ත කාන්තාවක්...
ReplyDeleteඇත්තටම බොරු සෝබන ගැහැණුන්ට යි බොරු කාන්තා විමුක්ති ආතල් ගන්න අයටයි ආදර්ශයක් ගන්නව නං මෙන්න චරිත..
ජයවේවා
ස්තූතියි ප්‍රතිචරයට මහේශ්
Deleteමේ බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න අපේ ලින්ක් එක.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
ස්තූතියි
Deleteඇය දිරිය ගැහැනියක්!!!
ReplyDeleteඇස්වලට කඳුලු ගෙනාවේ ඇගේ සැමියා. එවැනි ස්වාමිපුරුෂයින් වාසනා වේවා!!!
ෆෝන් එකෙන් ෆ්ලර්ට් කරලාලු සෙට් වෙලා තියෙන්නේ :)
Deleteඔයා නම් බැරි වෙලාවත් ඔය වගේ වැඩ කරන්ට එපා මෙයා...:D
Deleteවචන ගොළු කරපු කතාවක් බීට්ල්
ReplyDeleteහ්ම්ම්...
Deleteඋඹට පිස්සුද බං අමෙරිකාව වගේ ධනවාදී ආර්ථිකයක් තියෙන, ඉතිහාසයක් නැති, තුප්පහි සංස්ක්‍රිතියක් තියෙන රටක ගෑණියක් වීරවරියක් කරන්න? උඹට අපේ කමක් නැද්ද? චෑ චෑ බං බීටලේ. මට හරිම කලකිරීමක් ඇතිවුනා උඹේ මේ පාවාදීම ගැන. පුදුමයක්යැ, උඹේ නමත් බීටල් බේයිලි වෙච්චකොට. ඒත් අමෙරිකන් චරිතයක්නේ.
ReplyDeleteමතක තියාගනිං වීරයෝ ඉන්නේ පෙරදිග විතරයි. දෙදාස් පන්සිය...beep beep beep
Error 404
:D... විහිළු නෙමේ මෙතන හෙන වෙනස් සීන් එකක් මම දැක්කා... උඹ වීඩියෝව ඉවරවෙනකල් බැලුවානම් දකින්නැති එක තැනක් එනවා මානසික ආබාධ මල්ලිට උන් කවුන්සලර් හරහා දන්වනවා වෙනම ජීවත් වෙන්න, තමන්ගේ වැඩ තනියම කරගන්න මීට වඩා උනන්දු වෙන්න කියලා... ඇත්තටම අපේ තියෙන වෙනස මේක මම හිතන්නේ... අරූගේ හිත රිදේවි කියලා අපිනම් ඒ වගේ තීරණයක් ගන්න කොච්චර පැකිලෙනවාද..? ඒත් එහෙම නොකර ඉවසීමෙන් එන පිඩනය සමහරවිට පුපුරලා යන්නේ අරිටත් වැඩිය ලොකු විනාශයක් කරගෙන වෙන්න පුළුවන්... මේතරම් අභියෝග මැද්දේත් රෝස්ලා ජීවිතය විඳින්නේ ඒ නිසා කියලා මට හිතෙනවා... බටහිර වීරයන්ගේත් අපේත් වෙනස උන් තමන්ගේ වීරකමේ සීමාව හොඳට අඳුනගෙන ඉන්න එක වෙන්නැති...
Deleteස්තුතී අයියේ, ඇය ගැන හරිම සතුටුයි. ඒ වගේම දෙවියන් ඇයව තවත් ශක්තිමත් කරාවි,
ReplyDelete
Deleteඒ දෙවියන් මගේ කෙනෙක් වුනානම් මම කියන්නේ දෙවියන් ඇගේ දෙපා පාමුළ වැටිලා ඇගෙන් සමාව යදින්න ඕනේ කිසිත් වරදක් නොකර ඇයට විඳින්නට දී තියෙන දඬුවම් වලට... ඒත් දෙවියන් විවේචනය මට අයිති නැති දෙයක් හින්දා ඒක ආපහු ගන්නවා...
මේ "differently abled" විදියට හැඳින්වෙන බොහෝ දෙනෙක් සාමාන්‍යය අයටත් වඩා දෙවියන් කෙරෙහි භක්තියෙන් කතාකරනවා මම දැකලා තියෙනවා... මම වරක් සහභාගීවුනා අතපය හතරම අහිමි Nick Vujicic ගේ දේශනයකට... ඔහු තර්ක කලේ දෙවියන් අපිව පරීක්ශා කරන්න අපිට දුක් දෙන බවයි...
http://www.youtube.com/watch?v=KJ1OEi2OhSU
Deleteඔව් මං පාස්ටර් නික් ගේ දේශනා ගොඩක් අහලා තියෙනවා.. අපිට ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ ජිවිතේ වෙනුවෙන්,, ලැබිච්ච ජිවිතේ උපරිමයෙන් ජිවත් වෙනවා මිසක්,, . ස්තුති
Deleteපුද්ගලිකව අපි විවිධ දේ නිසා කළකිරෙනවා ඇතැම් වෙලාවට...අපට නොලැබුන දේ ගැන හිතනවා...දුක් වෙනවා...ඒත් මෙච්චර දෙයක් අහිමි වෙලත් මේ කාන්තාව සතුටින් ඉන්න විදිය දැක්කම..අපට ඇත්තටම දෙයක් අහමි වෙලාද...අපට කොටින්ම දුක් වෙන්න හේතුවක් තියෙනවද කියලා හිතුනා....මමත් මේ ලගදි දුටුවා...උපතින්ම අත් දෙකම නැති ඇමරිකානු කලු ජාතික සැලසුම් ශිල්පියකුගේ වීඩියෝවක්...ඔහු රුකියාවට යන්නෙත් තමා විසින්ම වාහනය පදවාගෙන...ඔහුත් කාර් රේස් වලට සම්බන්ධයි...
ReplyDeleteනොලැබුන දේට කවදාවත් ජීවිතේ සතුට තීරණය කරන්න දෙන්න එපා කියලානේ පොතේ තියෙන්නේ...
Deleteආඞම්බරයි..ආදර්ශයක්. ස්තුතියි ඔබටත්.
ReplyDeleteඑල
Deleteවැඩක් නැහැ කියලා බීට්ල්...තව පාරක් වීඩියෝ එක බලන්න ඕන. එක තැනක රෝස් කියනවා This is my normal කියලා. ඇත්තනේ බන්. එයාට ඒ සිරුර සහ ඒ ජීවිතය නෝමල්. ඇයි ඒ ප්‍රශ්නේ අහන්නේ මන්දා.
ReplyDeleteඔව් එතනින් නවතින්නේ නෑ... අර කාලාම සූත්‍රයේ වගේ දෙවනි කෑල්ලකුත් තියනවා... :)
DeleteSo for me to wake up in the morning... and to know what its like to hop out of bed... and put your pants on one leg at a time... for me that would not be normal at all...
මම ඔහොම වීඩියෝ එකක් බැලුව ඔය වගේම කකුල් නැති කෙනෙක් අන්තිමට නාසා එකේ zero gravity ප්ලේන් එකේ ගිහින් zero gravity අත්දැකීම ලබන්න තියෙන එයාගේ ආසාව ඉෂ්ට කරගන්නව. එතෙන්ට යන්න ඕනේ කරන ෆිසිකල් ෆිට්නස් සහ මෙන්ටල් ෆිට්නස් දෙකම නියමෙට තියෙන අපුරු චරිතයක්.. මට මගේ බඩ දැකල සංසාරේ කියල හිතුනා.. හෙහ් හෙහ් ටී.වී එකේ දැක්කේ දැන් හොයා ගන්න බෑ.. බලන්න වටින එකක්
ReplyDeleteමේක බෙදා ගත්තට ස්තුතියි..
මටනම් හිතෙන්නෙ මේක විශේෂ වෙන්නේ ඇය ආබාධිත නිසා කියලයි.. නැත්නම් ඔහොම අම්මලා මේ ලොකේ එමටයි... (වීඩියෝ එක බැලුවේ නෑ, උඹ ලියපු අකුරු ටිකෙන් ලැබුන අදහසින් කිව්වේ.. )
ReplyDelete