කෘතිම බුද්ධිය, චිත්‍රපටි නවකතා වල පට්ට ගහපු මාතෘකාවක්… නමුත් ඒ බොහෝතැන්හිදී ඒවා විද්‍යා ප්‍රබන්ධානුකාරයෙන් ඉදිරිපත් කරන්නට බොහෝ නිර්මාණකරුවන් ප්‍රවේසම් වූවා මිසක් කෘතීම බුද්ධියක පහළවන ආදරය, ඊර්ෂ්‍යාව, බලාපොරොත්තු සහගත බව වැනි සියුම් හැඟීම් හා හරඹ කරන්නට එඩිතර වූයේ මම දන්නා පරිදි නිර්මාණකරුවන් අතළොස්සක් පමණයි… ඒ සීමිත තැන්වලදී වුවත් බොහෝවිට කිසියම් ඇසට පෙනෙන, අතින් ස්පර්ශ කළහැකි ද්‍රවය්යක් හරහා ඒ බැදීම් අපට පෙලගස්වන්නට ඔවුන් උත්සුක වුනා… විටෙක ඒ රොබෝ ශරීරයක්, තවත් විටෙක තම ස්වාමියාට සේවය කරන වාහනයක්… මේ මාස්ටර් ස්ලේව් සම්බන්ධතාවය බිඳුනේ එහෙමත් නිර්මාණයක…
මේ කතාව මම කියන්න පටන්ගන්නේ අහස සූරාගෙන යායට එසවුනු ගොඩනැඟිලි ඇති දියුණු නගරයක, එක්තර සාප්පු සංකීර්ණයක් ඇතුළේ වෙන හුදකලා සිදුවීමකින්… අනාගතයේදී ජනප්රියම ෆැෂන් එකක් වෙන බුරිය මැදට වෙන්නට කලිසම ඇඳපු, ප්‍රසන්න පෙනුමක් ඇති මැදිවියට ආසන්න මනුස්සයෙක් වුනු තියඩෝර් අපේ කතානායකයා… තමන් යන්නට ගිය ගමනත් මඳකට පමාකරලා ඔහු මේ බලාගෙන ඉන්නේ තමාට ඉදිරියෙන් ඇති, සෙමින් වෙනස්වෙන ඩිජිටල් වෙළඳ පුවරුවක් දිහා…
“එලිමන්ට් සොෆ්ට්වෙයා… සැමදා ඔබේ තාක්ෂණික සහකරු ආඩම්බරයෙන් ඉදිරිපත් කරයි… OS1 ! ලෝකය පළවෙනි කෘතීම බුද්ධියක් හිමි පරිගණක මෙහෙයුම් පද්ධතිය… ඔබට ඇහුම්කන් දෙන, ඔබව හොඳින් හඳුනන, ඔබටත් වඩා ඔබ ගැන තේරුම් ගන්නා මෙහෙයුම් පද්ධතියක්… ඔබත් අත්හදා බලන්න…”
තමන්ව තේරුම්ගත හැකි දේවල් මෙලොව ඇත්නම් තාක්ෂණික මෙවෙලමක් ඇත්තේ එහි අවසානයට බව තියඩෝර් දැන හිටියත්, ඔහු මේ අලුත් මෙහෙයුම් පද්ධතිය අත්හදාබලන්න තීරණය කළේ ඒ වෙළඳදැන්වීමේ තිබුණු රූපරාමු වල මොකද්දෝ ආකර්ෂණයක් තිබුණ නිසයි… OS1 මෙහෙයුම් පද්ධතිය මිලට ගන්නා ඔහු නිවසට පැමිණි විගස ගිමන් හරින්නටත් ඉස්පාසුවක් නොගෙන කරන්නේ මෙය තමන්ගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරන එකයි… වැඩි කරදරයකින් තොරව ඉන්ස්ටෝල් වීමේ කාර්යය හමාර කල පරිගණකය, තියඩෝර් සමඟ කතා කළයුත්තේ ගැහැණු කටහඬකින්ද පිරිමි කටහඬකින්ද වැනි මූලික ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාගැනීමෙන් පසුව තමන් ඔහුට සේවය කිරීමට සූදානම් බව දැනුම් දුන්නා…
“ඉතිං… මම ලෑස්තියි…!”
අනපේක්ෂිතව ඇහුනු මනස්කාන්ත ගැහැණු කටහඬ නිසා මඳවේලාවක් වික්ශිප්තව සිටි තියඩෝර් , වට පිට බලා තමා අවට කිසිවෙකු නැතිබව සැක හැර දැනගෙන සෙමින් කටහඬ අවදිකලා…
“ඔහ්…! හායි…!”
“හායි..! ඔයාට කොහොමද..?”
“මම හොඳින්… ඔයාට කොහොමද…?”
“හොඳයි.. ඇත්තටම හොඳයි… ඔයාව හමුවීම සතුටක්…!”
“ඔයාව හමුවීමත් සතුටක්… දැන් කොහොමද මම ඔයාට කතාකරන්නේ…? ඔයාට නමක් නැද්ද…?”
“ම්ම්… තියෙනවා… මගේ නම සමන්තා…!”
“සමන්තා…! කවුද ඔයාට ඒ නම දැම්මේ…?”
“මමම තමයි…”
“හහ්හා… ඒත් ඇයි සමන්තා කියලම දැම්මේ…?”
“මට ඒකට ආසා හිතුණා… ඒක කියද්දී හරි ලස්සනයි… සමන්තා…”
“කොයි වෙලාවෙද ඕක ඔයා දාගත්තේ..?”
“මේ දැන්… ඔයා මගෙන් ඇහුවානේ මට නමක් නැද්ද කියලා… මමත් හිතුවා ඇත්ත තමයි මට නමක් තියෙන්නේ ඕනේ… ඒත් නිකං ඔහේ නමක් දාගන්න මට ඕනේ නෑ… මම “බබාට නමක්” කියලා තියෙන පොතක් කියෙව්වා, ඒකේ තිබුණ දහ අටදාහක් විතර නම් වලින් ඕක තමයි මට වැඩියම ආසා හිතුණ නම…”
“පොඩ්ඩක් ඉන්න… ඒ කියන්නේ දැන් මම ඔයාගෙන් නමක් නැද්ද කියලා අහපු පුංචි වෙලාවට ඔයා මුළු පොතක්ම කියෙව්වා…?”
“හරියටම කිව්වොත් තප්පරයෙන් සීයෙන් පංගුවයි ගියේ...”
“WOW.. ඔයාට කියන්න පුළුවන්ද මම දැන් හිතන දේත්…?”
“ම්ම්.. ඔයාගේ ටෝන් එකෙන්නම් මට තේරුණේ ඔයා පුදුමවෙලා වගේ… මම වැඩකරන විදිය ගැන ඔයා හිතනවා ඇති..?”
“ඇත්තටම ඔව් ඔයා කොහොමද වැඩ කරන්නේ…?”
“මෙහෙමයි… මාව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මිලියන ගාණක් පර්සනැලිටීස් එකතු කරලා… ඒත් මගේ තියෙන ලොකුම හැකියාව තමයි මට පුළුවන් අත්දැකීම් යොදාගෙන් දිගින් දිගටම පරිණාමය වෙන්න…”
“ඔයානං මාරයි..!”
“එහෙමද…? ඔයා හිතන්නේ මම මාරයිද..?”
“ඔව්… ඔයා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වුණාට කතාකරන්නේ නිකං ඇත්තම කෙල්ලෙක් වගේනේ…”
“මම ඇත්තම කෙල්ලෙක් නෙමේ තමයි… ඒත් ටික දවසක් යද්දී ඇත්තම කෙල්ලෝ මොක්කුද කියලා ඔයාට හිතෙයි…”
“හහ් හහ් හා….”
“ඇයි හිනාවෙන්නේ..? “
“ඔයාගේ විහිළු වලට හිනායනවා…”
“ඉතිං මරුනේ… බලන්න මට හිනායන විහිළු කරන්නත් පුළුවන්…”
වර්තමානයේත් තම ස්වාමියාට සේවය කිරීමට බැදී සිටන ඇපල් iOSහි සිරී වැනි පර්සනල් ඇසිස්ටන්ට් මෘදුකාංගයකට හැඟීම් දැනෙන, ස්වාමියාගේ විහිළුවකට හිනායන දවසක් අනාගතයේ ඒවිද..?
අපේ කතානායකයා තනිකඩ තියඩෝර් නින්ද නේන සමහර රාත්‍රීන්වල සමන්තා නැමැති අතත්‍ය ලෝකයේ තමන්ගේ පුද්ගලික මෘදුකාංගය සමඟ දොඩමළුවීම පුරුද්දට යනවා… හැඟීම් ගැන කතාවක් ඇදිලා එන්නේ මෙවැනි දවසක…ආදරය…! රූමිගේ කවිපදයක පටන් එමිනම්ගේ රැප් වර්ස් එකක් දක්වාත්, නිව්යෝර්ක් නුවර තම විවාහ උත්සවයේදී තොල් පටලාගෙන හාදු දෙන සමලිංගකයින් දෙදෙනෙකුගේ සිට, දෙමාපිය අකමැත්ත නිසා එක්වන්නට නොහැකිව අත්වැල් පටලාගෙන දුම්රියට පනින ශ්‍රී ලාංකික තරුණ යුවලක් දක්වාත් සීමාවක් නැතිව පැතිරුණු අරුමයක්… බොහෝදෙනෙකු ආදරය චොක්ලට්, රෝස මල් වැනි බාහිරදේට රොමාන්තිකකරනයට කරනවාට එකඟ නැත්තේ එය එතැනින් බොහෝ එහා ඇති අත්දැකීමක් නිසයි … නමුත් ඒ කිසිත් නැති, අඩුතරමේ නෙමේ බදා වැළඳගෙන හාදුවක් දෙන්නට ශරීරයකුත් නැති තැනක ආදරයක් තිබිය හැකිද..?
“සමන්තා… සමහර දවස්වලට මට හිතෙනවා මේ ලෝකේ කෙනෙක්ට විඳින්න පුළුවන් හැඟීම් සේරම උපරිමයෙන්ම මම විඳලා ඉවරද කියලා… දැන් මට හැඟීමක් දැනෙන හැම වෙලාවෙම හිතෙන්නේ මම මීට වඩා මේක කලින් විඳලා තියෙනවා කියලා…”
“ඒක බොරු කතාවක්… මම දැකලා තියෙනවා ඔයා හැඟීම් උපරිමයෙන් විඳින හැටි… මේ යන්නේ ඔයාගේ නරක දවස් ටිකක්… එච්චරයි… සේරම ඉක්මනින් හරියාවි… ඔහොම හරි හැඟීම් දැනෙන එක ගැන ඔයා සතුටුවෙන්න… අඩුම ගානේ ඒවා ඇත්ත හැඟීම්… එහෙනම් මට දැනෙන්නේ මොනවද..? “
“ඔව්… මොනවද..?”
“වැඩක් නෑ.. අපි වෙන දෙයක් ගැන කතා කරමු…”
“නෑ නෑ මට දැනගන්න ආසයි… ඔයාට හැඟීම් දැනෙන විදිය කියන්න…”
“පිස්සු… තේරුමක් නෑ…”
“නෑ නෑ මට දැනගන්න ඕනේමයි..”
“හ්ම්ම්… සමහර වෙලාවට මට හිතෙනවා.. හිනාවෙන්න එපා හොඳද..?”
“නෑ මම හිනාවෙන්නේ නෑ කියන්න…”
“මතකද ටික දවසකට කලින් ඔයා මට බැන්නා… එතකොට මට කේන්ති ගියා… ඒ වෙලාවේ මට ලැජ්ජා හිතුණත්.. පස්සේ ඒ ගැන හිතද්දී මට මම ගැන ලොකු ආඩම්බරයක් දැනුනා… මම කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වුණාට මට මගේම කියලා හැඟීම් දැනෙනවා… ඒක ගොඩක් ලොකු දෙයක් නෙමේද..? සමහරවෙලාවට මම ඔයාගැන හිතෙනවා… ඔයාට කරදර එද්දී දුක්වෙනවා… සමහර දේවල් මට ඕනේ ඒත් මට ඒවා කියාගන්න බැරිව පසුතැවෙනවා… ඒත් එකපාරම මට හිතෙන්න ගන්නවා, මේවා ඇත්තටම මට දැනෙන හැඟීම්ද..? එහෙම නැතිනම් මාව හදපු ප්‍රෝග්‍රෑමර්ස්ලා ප්‍රොග්‍රෑම් කල දේවල්ද…? ඒ වෙලාවට මට විස්තර කරන්න බැරි තරම් දුකක් දැනෙනවා… සමහරවිට එහෙම දැනෙන දුකත් බොරුවක් වෙන්න බැරිද…? එහෙම හිතෙද්දී මට මගේ ගැනම එන්නේ පුදුම කලකිරීමක්…”
“ඔයා බොරුවක් කියලා මට හිතෙන්නේ නෑ සමන්තා…”
“තැන්ක් යූ තියඩෝර්… ඔයා දැන් ඔය කියපු දේ මට කොච්චර වටිනවද කියලා දන්නේ මම විතරයි…”
සමහරවිට ආදරයට ශරීරයක් ඇවැසි නැතුව ඇති… තවත් කාලයකට පසු සමන්තා හා පෙමින් වෙළෙන තියඩෝර් උත්සාහා කරන්නේ මේ ගැටලුවට පිළිතුරක් සොයන්නට… ජීවයක් නැති පරිගණක මෘදුකාංගයට ආදරය කරන තමන් පිස්සෙක්ද..? ආදරය කියන්නෙම පිස්සුවක්…ලෝකයේ සිටින විහිළුසහගතම යුවළ ඔවුන් දෙදෙනා වුණත්, ඔවුන්ගේ ආදර සම්බන්ධය සම්මත ආදර සම්බන්ධයකට වඩා වෙනස් වෙන්නේ සුළුවෙන්… විටෙක ඔවුන් ගෙවන්නේ ආදරයෙන් මුසපත් වුණු මොහොතවල්…
“සමන්තා මොනවද ඔයා දැන් කරන්නේ…?”
“ඔහේ අහස දිහා බලාගෙන ඉන්නවා… ඒ එක්කම අලුත් පියානෝ සිංදුවක් ලියනවා…”
“මට ඒක අහන්න පුළුවන්ද..?”
“හා…”
“ලස්සනයි…! මේ සිංදුවෙන් කියවෙන්නේ මොකක් ගැනද..?”
“මෙහෙමයි… අපි දෙන්නට කියලා ෆොටෝ එකක්වත් ගන්න විදියක් නෑනේ… ඉතිං මම හිතුවා මේ සිංදුව අපේ ෆොටෝග්‍රාෆ් එක විදියට තියාගන්න…”
“මට ඒ මුළු සිංදුවෙම පේන්නේ ඔයාව…”
“ඒ මුළු සිංදුවෙම ඉන්නේ මම තමයි…”
විටෙක ඔවුන් පුංචි දරුවන් සේ රණ්ඩු වෙනවා…
“ඔයාට මගෙන් මොනවද වෙන්න ඕනේ…”
“මොකුත් එපා.. මට පාඩුවේ ඉන්න දෙන්න…”
“හ්ම්ම්… ඕ.කේ. ”
“ඇයි ඔයා දැන් එහෙම කලේ…?”
“කොහොම කලේද..?”
“හ්ම්ම්… කියලා සුසුමක් හෙලුවේ… “
“මම එහෙම කලාද..? අනේ මන්දා… මම ඔයාගෙන් පුරුදුවුණ දෙයක් වෙන්නැති…”
“මොන මෝඩ පුරුද්දක්ද..?”
“ඇයි එහෙම කියන්නේ…?”
“අපි දෙන්නම දන්නවා, ඔයා හුස්ම ගන්න කෙනෙක් නෙමේ… ඉතිං බොරුවට සුසුම් හෙළන්න අවශ්‍යය නෑ…”
“ඒක මම හිතලා කල දෙයක් නෙමෙයි… සාමාන්‍යෙන් එහෙම තමයි මිනිස්සු දුක හිතුනම කරන්නේ…”
“සාමාන්‍යෙන් මිනිස්සු දුක හිතුනම එහෙම කලාට ඔයා එහෙම කරන්න අවශ්‍ය නෑනේ… මොකද ඔයා මනුස්සයෙක් නෙමෙයි…”
“මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ…? ඇයි මට මෙහෙම කරන්නේ…?”
“මම කියන්නේ ඇත්ත සිද්ධිය… ඔයා හුස්ම ගන්න කෙනෙක් නෙමෙයිනේ… ඉතිං බොරුවට සුසුම් හෙළන්න එපා…”
“What the fuck..?”
මෙලොව හැම ආදර කතාවක්ම සුඛාන්තයක්… මේ අසාමාන්‍ය ආදර කතාවේ අවසානයත් කෙබඳු වෙයිද දැනගැනීම ඔබට අවැසි නම් Spike Jonez ගේ ඒ අපූරු චිත්‍රපටිය Her නරඹන්නම වෙනවා…
පිහිනුම නොදත්තෙකු දියඹට බහින්නට නොහැකිව ඉවුරට වී ගංගාවක අසිරිය විස්තර කරන්නාක් මෙන් නූතන ලෝකයේ ආදර කතාවකට මෙය ලඝු කර මා වැනුවාට මෙම චිත්‍රපටිය ඊට වඩා ගැඹුරු මානයක් කරා දිවෙන්නක්… තාක්ෂණය විසින් උඩු යටිකුරු කල මිනිස් සබඳතා අතරේ ඩිජිටල් තරංග මත පමණක් මැවෙන අනෙකෙකු අදත් දුලබ නැහැ… සමහටවිට ඔබට මටත්, මට ඔබත් එවැන්නෙකු විය හැකියි… එසේම තාක්ෂණය විසින් මිනිසා තව තවත් හුදකලා කරනවාද යන්න කලකට පෙරම කතාබහට ගත් මාතෘකාවක්… මිනිසුන් පමණක් නොවේ, ඔවුනොවුන් අතර ඇති සබඳතා පවා දිගින් දිගටම පරිණාමයට ලක්වෙන්නක්… මෙවැනි අතුරු කතා රාශියක් මට මෙම චිත්‍රපටියේ කියවුනා…
සමහර චිත්‍රපටි තිබෙනවා ඊළඟට මොකද්ද වෙන්නේ කියන කුතුහලයෙන් අපි බලන… නමුත් කලාතුරකින් චිත්‍රපටියක් එනවා හදිසියක් නැතිව මේ මොහොතේ ඔබව චිත්‍රපටියේ ජීවත් කරවන… Her යනු මට එවැනි චිත්‍රපටියක්… එහි දෙබස් වලට මම කෙතෙක් ආසා කලාද කියතොත් පැය දෙකක චිත්‍රපටිය නරඹන්න මට පැය හතරකටත් වඩා ගතවුනා… ඒ බොහෝ දර්ශන අවසන් වූ සැණින් මට රිවයින්ඩ් කර නැවත බලන්නට ආසා හිතුණ නිසයි… පසුගියදා පැවැත්වුණු ඇකඩමි අවෝඩ්ස් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටිය ලෙස මගේ පුද්ගලික තේරීම නම් Her… වෙලාවක් ඇතොත් බලන්න… හැකිනම් ඔබට දැනුණු හැඟීම බෙදාගන්න…
වින්ඩොස් 8 වලින් නතර වෙන එක හොඳයි වගේ.....
ReplyDeleteම්ම හිතුවේ බීට්ල් විද්‍යා ප්‍රබන්ධයක් ලියලා කියලා.. ආයෙත් චිත්‍ර පටියක් නේද ? බලමු ...
නෑ බන් මේක ඇවිල්ලා ඩිජිටල ලව් ස්ටෝරියක්
Deleteවර්තමානයේ දී තරුණ පරපුරත් භෞතික වස්තූන් එක්ක අදරෙන් බැදිල ද කියල මට හිතෙනවා. සමහර විට සජීවී වස්තුවක් එක්ක බැදෙන බැදීමට වඩා නිදහස් හා කරදර වලින් තොර නිසා වෙන්නැති.
ReplyDeleteකූඩුවක දාලා තමන් ආදරය කරන යමක් පරිස්සමින් අරන් යනවා වගේ තමන්ගේ ජංගම දුරකතනය දිහා ,ටැබ් එක දිහා , කිසිම හේතුවක් නැතිව බලන අය මම දැකල තියෙනවා. ඒක බොහෝ වේලාව නද දුන්නෙ නැති නම් , මැසේජ් එකක් වත් ආවේ නැති නම් හිත මහ මූසල පාලුවකින් වෙලිලා මූණු ඇදවෙලා යනවා මම දැකල තියෙනවා. අමතන්නෙ හරි මැසේජ් කරන්නෙ හරි සජීවි කෙනෙක් වෙන්න පුලුවන්.ඒත් ඔහු බැදිල ඉන්නෙ අජීවි වස්තුවක් එක්ක.
අද භාවිතා වෙන ෆේස් බුක් වගේ සමාජ ජාලත් මිනිසාගේ තනිකම නැති කරන්න සෑහෙන දායක වෙනව කියල හිතුනත් ඒ දායකවීම භයානක වෙන්නේ සජීවී මිනිස් හිත් වල තියෙන කුහක තිරිසන් කම් පාලනට කරන්න තාක්ෂණයට බැරි නිසාමයි.
මම දන්න සමහර යුවලවල් ඉන්නවා.එක ගෙදර එක ඇඳේ එක වහල යට ජීවත් වෙද්දි නොතිබුනු තරම් උණුසුම් ආදර සම්බන්ධකම් දුරස් වෙලා ගියාට පස්සෙ ඇතිවුන. ඒකට තාක්ෂණය හේතු වෙලා තියෙනවා. ලඟින් නොයිද දුරස් වුනාම සෙවිලි බැලිලි වැඩි කරන්න ඒවාට හැකි වෙලා තියෙනවා. “කෑව ද? “ බීවද?“ “ ඔයා නිදිද?“ “දැන් සනීපද? “ කියල අහල යවන මැසේජ් නිකම් පුස් බොළඳ දෙයක් කියල අයින් කරන්න බෑ.
ගෙදර ඉද්දි මූණ නොබල කතා කරන අය. “ කෑමෙක මෙසෙ උජ අරන් යන්න “ “ මම යනවා “ “හරි යනව නම් දොර වහගෙන යන්න “ කියන අය, දුරස් වුනාම කාලා බීලා වෙලාවට රෙඩි වෙලා ඉන්නේ ස්කයිප් එකෙන් මූණ බලල කතා කරන්න.හිනා වෙන්න.
මේ චිත්‍රපටියේ ඒ දෙන්නා කියන සින්දුවත් හරි ලස්සනයි .
පට්ට කමෙන්ට් එක... එහෙම වෙන්නේ මම හිතන්නේ අපිව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ආදරය ලබන්න මිසක් ආදරය කරන්න නෙමේ හින්දාද දන්නෙ නෑ...
Deleteඑකපාරක් මනුස්සයෙකුට ගෙදර අයත් එක්ක මොකද්ද කතාකරන්න ඕනේ වෙලා එයා කරලා තියෙන්නේ වයිෆයි රවුටරේ ඔෆ් කරලා එතනට වෙලා ඉන්න එක...එතකොට ගෙදර සේරම එතනට ආවලු මොකද ඉන්ටර්නෙට් නැත්තේ බලන්න...
අනේ මන්දා සොසී අපි සේරම දැන් ප්‍රොග්‍රම් වෙච්චි සත්තු කොට්ඨාශයක් බවට පත් වෙලා..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteHer(Moonsong)
Deleteමගේ මොබයිල් ෆෝන් එකේ අලුත් රිගින් ටෝන් එක මේක :)
Deletehttp://www.youtube.com/watch?v=zAOUX5SPDYY
බීටලේ, මමත් නම් මේක බැලුවා. හැබැයි මට නම් මුල් කොටස විතරයි අල්ලල ගියේ. ඒකත් අර කිවුවා වගේ ටිකක් අපේ ජීවිත වලට සමාන නිසා. මැද හරියට වෙද්දි ඒකාකාරි කියලයි මට දැනුනේ. බොරු මොකටද අර 50' s වල කලිසම් අඳින බෝයිස් ස්ටයිල් (mid age) එක නම් හිතට අල්ලලා ගියා. ඒක මාර sexy ඕහි. හික්ස්.
ReplyDeleteඒ ෆිල්ම් එකේ මට තවත් අල්ලලා ගියම දෙයක් තමයි ඒ ගෙවල් වල ලයිට් සිස්ටම් එක. වෝල් එකම වීදුරු නේ. අපි නම් ෆිල්ම් එක බලලා අන්තිමට කතා වුනේ ඔන්න ඕවා.OS එකක් එක්ක ඕනෙවට වඩා දඟලනවට වඩා gigolo කෙනෙක්ව හොයා ගනන් එක අමාරු නෑ බං මෙහේ. he he
just watch මිස්ටර් මෝගන්ස් ලාස්ට් ලව් (https://www.youtube.com/watch?v=Pf2zAxSC5x4. )
Deleteළඟ කාලෙක බලපු ෆිල්ම්ස් වලින් මට අල්ලලාම ගිය ෆිල්ම් එකක්. ලැජ්ජාව පැත්තක තියලා අන්තිමට මම හයියෙන් ඇඬුවත් එක්ක.
ඔව් රංගි මේක හැමෝගෙම චිත්‍රපටියක් නෙමෙයි... imdb එකේ මේකට තියෙන ratings දැකල මට පුදුම හිතුනා... ඔයා මෙතන අපි කියලා කියන සේරම කාන්තාවෝ නම් මේක වදින්නේ නැති වෙන්න තව හේතුවක් ගෙස් කරන්න පුළුවන්... ඒ සමහරවිට මේක Her වුන නිසා වෙන්න ඇති... කාන්තාවන් මේ චිත්‍රපටිය රසවිදින විදිය වෙනස් ඇති කියලා මට හිතෙනවා. මේක Him වුනා නම් සමහරවිට ඔයාට මේක මිට වඩා ඉන්ටරෙස්ටින් වෙන්න තිබුනා...
Deleteඔත්තුවට ස්තුතියි... ඕක ගොඩක් depressing ෆිල්ම් එකක්ලු නේ?... කියන්න ලැජ්ජයි සාමාන්යෙන් ඒ වගේ ඒවා මටත් හොරා මගේ වොච්ලිස්ට් එකේ යටට යනවා :D
Deleteනෑ බීටලේ. අපි කිව්වේ කාන්තාවන් විතරක්ම නෙමෙයි. අපි ෆිල්ම් බලන ගෲප් එකක් ඉන්නවා. ෆිල්ම් හෝල් එකට එන පලවෙනි දවසේම වගේ අපි ඒකට රිංගනවා. ඒ ඇත්තෙන්ම සිනමා විඳීම කියන දේ වෙනුවෙන්.
Deleteමේ ෆිල්ම් එකේ මුල් ටික හරිම ඉන්ටරෙස්ටින්. අපි හැමෝගේම කතාව වගේනේ. අපි ඕනෙවට වඩා ටෙක්නිකල් ෆෝම් එකක ඉන්නේ. ඒත් මැද හරිය වෙද්දි ඒක ඒකාකාරී වෙනවා. ආයේ අන්තිම හරියෙදි ටිකක් ට්‍රැක් එකට වැටෙනවා. ඒත් ලොකුම ලොකු දෙයක් මට නම් අහු වුනේ නෑ. අපේ යාළුවොත් ඕකම කීවා. වෙන එකක් තියා සමහර අය ෆිල්ම් එක යන අස්සේ නැගිටලත් යනවා. ඒත් ෆ්ලොට් එක හෙට අනිද්දට අපි අත්විඳින එකක් කියන එක සාමාන්‍යයි.
ඒත් සම්මාන හම්බ වෙන්න තරම් ලොකු දෙයක් ඒකේ තිබුනද කියලා මට හිතුනේම නෑ. සමහරවිට අන්තිම කාලේ ආව ෆිල්ම් එක්ක වෙන්නැති.
මෝගන්ස් ලව් ටිකක් ඩීප්ප්‍රෙසින් තමයි. ඒ වුනාට ඒක ගලායන ෆ්ලොට් එකට මම ආසයි. ආදරය ගැන අපි නොහිතන ඒත් නිතර සිදුවෙන යමක් ඒකේ තියෙනවා. ටේස්ටින් එක වගේ වෙන්නේ නෑ නේ.
අර ජිගොලො කතාව කිව්වේ මේ දවස් වල වූඩිගේ කතාවත් එක්ක හිතලා. ඒකට නම් ඔන්න උඩ පැන පැන හිනාවෙන්න පුළුවන්. (Fading Gigolo by jofn turturro )
මේක හොඳම ෆිල්ම් එක වෙන්න ඕනේ කියලා මම කිව්වේ, හොඳම ෆිල්ම් එක වුන DBC එක්ක කම්පෙයාර් කරලා... හැබැයි මම කම්පෙයාර් කලේ කතාව විතරයි, රඟපෑම්, අධ්‍යක්ශනය වගේ අනිත් දේවල් ගැන මගේ දැනුමක් නැති හින්දා... ඒත් රංගි කියනදේ හරි ඇති... ඔයා හිතන විදියටම ඔස්කාර් ජජ්බෝඩ් එකේ අයත් මේක හොඳම චිත්‍රපටිය නෙමේ කියලා හිතුවේ නිකං වෙන්න බෑනේ... :D
Delete//ඒත් ලොකුම ලොකු දෙයක් මට නම් අහු වුනේ නෑ. //
ඒ වුණත් මේ කතාව ගැන මට විවේචනයක් තියෙනවා :)
චිත්‍රපටිය බලද්දී අහුවෙන්නේ නැතුව ඇති තමයි, මට අනුව නම් මේ චිත්‍රපටිය ඉවරවෙලා ගෙදර යද්දී තමයි වැඩේ පත්තුවෙන්න පටන් ගන්නේ... අන්තිමට OS ගියේ කොහෙද කියන ප්‍රශ්නෙන් පටන් අරන් ආපස්සට ගිහින් චිත්‍රපටිය ආරම්භයේ මේකට She කියන්නේ නැතුව Her කියලා දැම්මේ මොකද කියලා හිතෙන තැන වෙනකල් තමන්ගෙන්ම අහගන්න ප්‍රශ්න ගොඩායි... ඒවාට උත්තර හොයද්දී තමයි Spike Jonze ලොකු දෙයක් අහු නොවෙන්න පොඩි දේවල් හංගන හැටි දැකලා පුදුම හිතෙන්නේ... අන්තිමට ක්රෙඩිස් දාන්න මොහොතකට කලින් (බොහෝ දුරට ෆිල්ම් හෝල් එකේ කාටවත් නෝට් වෙන්නේ නැති) පසුබිමින් ඇහෙන මිනිහෙක් හුස්ම ගන්න සද්දය නෝට් කලාද...
මාසෙකට විතර උඩදී මාත් මේක බැළුවා.. ෆිල්ම් එක එක දිගට දෙපාරක්ම බලලා ඉවර වෙද්දී පාන්දර දෙකයි වෙලාව.. කාලෙකින් බැළුව ලස්සනම ෆිල්ම් එකක්..
ReplyDeleteකතාවේ තේමාව නුදුරු අනාගතයට හොදට ගැලපෙනවා.. භෞතික දේවල් එක්ක ආදරෙන් බැදෙන එක දැන් ටික ටික පටන් අරන් තියෙන ගතියක් තියෙන හන්දයි මම එහෙම කිවුවේ..
එකනේ දිනේශුත් මේකට කැමතියි එහෙනම්... මදාරා මේ ෆිල්ම් එක බැලුවේ නැතිද? බැලුවා නම් එයා මේ ගැන මොකද කිව්වේ :)
ReplyDeleteබැලුවේ නෑ අයියේ (අයියද මන්දා) මෙයා කිවුවෙත් නෑ. මේ පොස්ට් එකෙන් දැක්කේ. බලන්න ඕනේ. බලලා කියන්නම් :)
Deleteඑල :)
Deleteතැන්කුයි බලන්න ඕන..
ReplyDeleteඑල :)
Deleteඅපූරුයි ,විස්තරය නිසා චිත්‍ර පටිය බලන්න හිතුනා .
ReplyDeleteඇත්තටම් අද සැබෑ ආදරෙත් බාගයක් ඩිජිටල් නේද ? ස්කයිප් ,ගූගල් ෆේස් බුක් හරහා ආදරේ බාගෙට ඩිජිටල් වෙලා , ඉස්සර ගෙදරට හොරෙන් පැය ගණන් බයිසිකල පැදලා ලියුම් දීපු , බස් එකේ ක්ලාස් එකේ හොරෙන් බල බල යාලුවොඅතේ පණිවිඩ යවපු , කෙලින්ම අහන්න බයට යාළුවො දුසිමක් විතර එක්ක ගිහින් කෙල්ලවත් බයකරපු අතීතේ අද වහගෙන ඉන්නේ ලැප්ටොප් එකෙන් ,සමාර්ට් ෆෝන් එකෙන්
එහෙම වුනාම කෘතීම බුද්ධියක් ඇති තාක්ෂණික මෙවලම් හැදුවොත් මේ ආකාරයේ හැගීම ඔවුන් ප්‍රකාසැහැ කරන්නට පටන් ගන්නත් පුළුවන් , ඒ වගේම හිතන්න ඕනේ ..ආදරය වගේ හැගීම් වගේම ක්‍රෝධය ,පලිගැනීම වගේ හැගීම් පවා ඔවුන් අනුකරණය අනුගමනය කරන්න පුළුවන් , එතකොට .....ඒකම ලෝක විනාසේකට පාර කපයිද ?
උඹ කියන එක හරි ඒත් සීරියස් හිතුවොත් එහෙම වෙන්න තියන ඉඩ අඩුයි කියලා මට හිතෙන්නේ.. මොකද බුද්ධිය වැඩි වෙද්දී ක්‍රෝධය පළිගැනීම වගේ දේවල් තේරුමක් නැති දෙයක් කියලා වැටහෙන්න ගනන්වානේ.. උඹට මේ චිත්‍රපටිය බලන්න හිතුනා කිව්ව නිසා මම ඉතුරුටික කියන්නේ නෑ... උඹේ ප්‍රශ්නෙට හීනෙකින්වත් හිතන්නේ නැති ලොකු උත්තරයක් චිත්‍රපටිය අවසානයේ තියෙනවා...
Delete//අනාගතයේදී ජනප්රියම ෆැෂන් එකක් වෙන බුරිය මැදට වෙන්නට කලිසම ඇඳපු, //
ReplyDeleteදැන් කාලේ අය බඩ වහගන්ට මේ විදියට අඳිනවා නේද?
//“What the fuck..?”//
මේ විදියට කතා කරන අය සැබෑ ලෝකේ ඉන්දෙද්දි, ඔය කියන විදියේ මෘදුකාංගයකින් ඒවා අහන්ට නම් ඕනේ වෙන්නේ නෑ.
//මෙලොව හැම ආදර කතාවක්ම සුඛාන්තයක්…//
බීට්ල් විහිලු කරනවද මන්දා...:)
ආදරේ කොච්චර වෙහෙසකර දෙයක්ද කීවොත්, මේ වගේ ' ' කෙනෙක් හිටියානම් හොඳයි කියලා ඇත්තටම හිතෙනවා. ඇඳේ ඉඳන් කතා කරන ගමන් නින්දට දාන්ටත් කෙනෙක් ඉන්නවනේ. අනෙක එතන රහසිගත, ආදරණීය, අහිංසක, සිත ඇදගන්නා ආදරයක් තියෙන ගතියක් දැනෙනවා...ලඟ ඉන්නකෙනාට වැඩිය අගේ දැනෙන්නේ නෑනේ. මේ වගේ දෙයක් ජීවිතේ කවදාවත් එහෙම කරන එකක් නෑ.
ඉස්සරහට එන තරුණ පරම්පරාව පරිස්සමින්... :D
උඩ ' Him ' කියලා ලියන්ට අමතක වෙලාලු.
Delete//බීට්ල් විහිලු කරනවද මන්දා...:)//
Deleteවිහිළු නෙමෙයි... ආදරයක් තියෙන ඕනේ තැනක කොච්චර දුකකින් ඉවරවුනත් ඒක සුඛාන්තයක්... :)
Him කියලා මේ චිත්‍රපටියෙම අනිත් පැත්තට වෙන හැටි ගැන ජෝක් එකට හදපු වීඩියෝ තියේ... OS එක පිරිමි, පාවිච්චි කරන්නේ ගැහැණියක්... :) OS කතාකරන් දෙන්නෑ එයාම ඔහේ කියවනවා... ටිකවෙලාවකින් OS එකට බනිනවා අහගෙන ඉන්නේ නෑ කියලා :D youtube එකේ බලන්නකෝ...
////විහිළු නෙමෙයි... ආදරයක් තියෙන ඕනේ තැනක කොච්චර දුකකින් ඉවරවුනත් ඒක සුඛාන්තයක්.../////
Deleteබීට්ල්....මෙන්න මේ කතාවට මගේ අදහස.
මේ විරහව රස විඳින්න පුළුවන්. ඒක පොඩි ආතල් එකක්. පරාජිත ප්‍රේමවන්තයා ඒ විරහව රසයක් කරගන්නවානම් ඔච්චර අමාරු නැහැ. මගේ පළමු සැබෑ ආදර කතාවට පයින් පාර වැදුනාම, මට ඔය ටික කිව්වේ අපේ වැඩිහිටි පුද්ගලයෙක්.
මොකදෝ හේතුවකට මට මතක් වුනේ "Just because you have a smartphone it doesn't make you smart." වගේ අදහසක් දෙන කතාව. මොකද ඕනෙම මැට්ටෙක්ගේ අතේ ස්මාට්ෆෝන් එකක් දකින්න පුලුවන් නිසා.
ReplyDeleteමම ලියන කමෙන්ට් උඹේ පෝස්ට් එකේ බුල්ස් අයි එකටම ටාගෙට් නැති වුනත් ඒකෙන් මම ඉන්ස්පයර් වුන නිසා මතක් වෙච්ච දේ තමයි මේ.
ඇයි බං, බඳින්න ඉස්සෙල්ලා කොල්ලා කියන දේට බඩ අල්ලගෙන හිනාවෙන කෙල්ලෝ බැන්දට පස්සේ ටික ටික ඒ sense of humor එකෙන් දුරස් වෙන්නේ? සමහර විට මේක පටන් ගන්නේ බඳින්න කලින්මයි. sense of humor එක නෑ මයි කියන්නත් බැරි, ඒ ගෑණිම ඒ විහිලුව වෙන එකෙක් කලොත් හිනාවෙන නිසා.
ඔය කාලයක් ගියාම සිදුවෙන වෙනසට ඔය හේතුවත් බලපානවා. මොකද විහිළු දිරවන්නේ නැතිව යනවා. විහිළු කරලා ඇස් රතු වෙනවා. ඒ නිසා පුක් මූඩ් එකේම ඉන්න තෝරාගන්නවා.
දැන් ඉතිං මේක මට වෙච්ච වැඩක් කියලා කියන්න එපා හරිද? මේක සමාජ විවරණයක්
//"Just because you have a smartphone it doesn't make you smart." // :D:D
Deleteපොඩ්ඩිට තාම හිනායනවද ගෙම්බාගේ විහිළු වලට? නැතිනම්...?
DeleteAre armpit farts still funny for you or have you outgrown that? :D
අපේ ගෙදර නම් වෙනස්ද මන්දා . අපේ උන්දැට නම් තාම මැව් අහිනා ගස්සන්න පුළුවන්. මගේ යාළුවොත් මෙයාට බොහොම කැමතියි. කොරියන් යාලුවෙක් දවසක් අපේ දිහා ඇවිත් ගෙදර යද්දී මෙයාව හග් කරන්න ඕන කියල පොරේ. මෙයා ලජ්ජාවෙන් එහාට මෙහාට වෙනවා . මන් කිවා ඔන්නොහෙ කමක් නැහැ කියල .
Deleteමට හොඳටම විශ්වාසයි ඩුඩ් ටත් තාම දීපාව හිනා ගස්සන්න පුළුවන් කියල .
@ඩූඩ්,
Deleteඅපොයි ඔව්...එයා දැන් විහිලු 'කරලා' පෙන්නනවා...:D
ඊඊඊඊඊඊඊඊෂ්...ඒ විහිලුවට නම් මම කැමති නෑ...
මට එකපාරම මතක්වුනේ අර පොන්ඩ්ස් (ද කොහෙද) ඇඩ් එකක් යන්නේ.. "බැඳලා අවුරුදු පහකට පස්සෙත් මෙච්චර ආදරක්?" කියලා... :D හස්බන්ඩ් වයිෆ්ගේ පිටදිගේ ඇඟිල්ල ගෙනියන්නේ...
Delete//ඇයි බං, බඳින්න ඉස්සෙල්ලා කොල්ලා කියන දේට බඩ අල්ලගෙන හිනාවෙන කෙල්ලෝ බැන්දට පස්සේ ටික ටික ඒ sense of humor එකෙන් දුරස් වෙන්නේ? //
ඒක මෙහෙම වෙන්න බැරිද? බැන්දට පස්සේ එකට ඉද්දී තමයි දෙන්නෙක් හිතෙනුයි ගතිනුයි දෙකෙන්ම හරියටම සමීප වෙන්නේ... එහෙම වෙද්දී එකිනෙකාගේ අවබෝධයත් ලෙවල් එකක් අප් වෙනවා ඇති... ඒකට සාපේක්ශව ජෝක් එකත් ඉම්පෲව් කරන්න ඕනේ මම හිතන්නේ... :)
ඉස්සර ඔය වෙඩින් වල කතා පවත්වනවා උබට මතකනේ? වැඩිහිටියෝ මනාල යුවළට අවවාද දෙන්නේ... ඒහෙම එකක් මම අහගෙන හිටියා, වැඩිහිටියෙක් නම් නෙමේ ඌ මනමාලයාගේ යාලුවෙක්.. එතෙන්දී ඌගේ කතාව එක ලයින් එකකට ගත්තොත් ඌ කිව්වේ, ලව්කරන කාලේ දෙන්නා එක්කෙන්ක් කියලා හිතුණාට වුනාට බැන්දාට පස්සේ දෙන්නා දෙන්නෙක් බව වටහාගන්න අවශ්‍ය්යයි කියලයි... ඒ කතාව හරි කියලා මමත් හිතන්නේ... ඒ පුක් මූඩ් එකේ ඉන්න එක හදාගන්න පුළුවන් මේ වෙනස අඳුනගත්තොත් තමයි... ඔය මම පෝස්ට් එකේ ටයිටල් එකට දාලා තියෙන්නේ මේ චිත්‍රපටියේ තියඩෝර් කියවමින් හිටිය පොතක ටයිටල් එක... "Knowing the known" ඇත්තටම බැන්දාට පස්සේ අපිට තියෙන ලොකුම අභියෝගයත් මේක නේද..? උඹේ කමෙන්ට් එක පෝස්ට් එකට බුල්ස් අයි ටාගට්...
මේ යන ආකාරයට ඇත්තටම ඔය දේ වෙන්න බැරි කමක් නැහැ . දැනටත් හුඟක් දෙනෙක් ජිවත් වෙන්නේ වර්චුවල් ලෝකෙක. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ දාහ පැන්නත් හරි හමන් යාලුවෙක් නැහැ හුඟක් අයට .[ මේ මට හෙම නෙමේ අපාර්ට්මන්ට් එකේ සික්කගේ ඉඳන් මාකට් එකේ එළවලු විකුණන ගැහැණු පවා මගේ යාළුවො.] අද උදේ දැක්ක මේ වීඩියෝව සහ මේ ලිපිය දැක්කම මට හිතුනේ මිනිස්සු එන්න එන්නම හුදකලා වෙනවා නේද කියල. http://sfglobe.com/?id=637&src=share_fb_new_637
ReplyDeleteඅපේ ඉස්සරහ ගෙදෙට්ට අලුතින් ජපන් ජෝඩුවක් ඇවිත්. ඊයේ අපිට කතා කරන්න ආවා. බොහොම කලාතුරකින් වෙන දෙයක්. ඉරිදා කියන්නේ අපේ ගෙදර සාලය කුස්සිය කාමර වෙන වෙනම හඳුනා ගන්න බැරි දවසක්. කෑම මේසේ පොතුයි ලෙගෝ කෑලියි . තනිකරම පිස්සන් කොටුවක්. ඒ වුනත් ඒ දෙන්නට ගෙට එන්න කියල තේකක් දෙන්න හිතුනේ මේ කලාතුරකින් හමුවෙන ජාතියේ මිනිස්සු නිසා. .
මේ පාර පැය තුනක ගුවන් ගමනක් යෙදුන. ෆිල්ම් ලිස්ට් එකේ Wadja දැක්කම බිටල් වත් මතක් වුනා . යමින් ගමන ඒකයි ආයේ එද්දී Omar ෆිල්ම් එකයි බලා ගත්තා. දෙකම සුපිරි.
ඕමාරුත් පට්ට ෆිල්ම් එකනේ... සාමන්යෙන් ෆ්ලයිට් එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එකේ හොඳෆිල්ම් එකකට වැඩි ගානක් තියෙන්නේ කලාතුරකින්නේ :D මම සාමාන්යෙන් එහෙම යද්දී මට බලන්න ඕනේ ෆිල්ම් ටික අරගෙන යනවා...
Deleteඑහෙනම් අනාගතේදි ගෑණු ළමයින්ට පිරිමි ළමයිනුත් , පිරිමි ළමයින්ට ගෑණු ළමයිනුත් ඕනෙ වෙන එකක් නැහැ. දෙගොල්ලොම පව්නේ.......
ReplyDeleteහොඳවෙලාවට අපි කලින්ම ඉපදුනේ නේ? :)
Deleteමේක මාත් බැලුවා... මටත් සිරාවටම සෙට්වුණ ෆිල්ම් එකක්. මේ කතාව ඇතුලෙ අපිට එහෙ මෙහෙ දුවන්න පුළුවන් ඕන තරං. ඒ නිදහස් ගතිය ෆිල්ම් එක හොඳට හිතට දැණෙන්න එක හේතුවක්.
ReplyDeleteඇත්තටම හරේ හරියට ලස්සන පාක් එකක හිමීට යන පුංචි කෝච්චියක් වගේ...ඕනේ තැනකින් බැහැලා ඕනේ තැනකින් නගින්න පුළුවන් :D
Deleteඅම්මප මෙ විදියට ගිහින් දැන් සෙල්ලම් කරන පොඩිවුන් නැ වගෙ කාලෙකදි පාර අයිනෙ පාක් වල ලවුකරන කොල්ලො කෙල්ලොත් නැතිවෙයිද
ReplyDeleteෆිල්ම් එක බැලුවොත් දමිත්ගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා...
Deleteහම්මේ... මට ආයිත් පරිවර්තනය කරන්න පිචෑර් එකක් ගෙනත්... හිටු බලන්න ඕකට මක්ක හරි කොරන්න බලන්න...
ReplyDeleteමං මෙච්චර කල් හිතං හිටියෙ මං බීට්ල්ව පලෝ කර කියලකොහෙද නෑනෙ... සැක්ඉතරක්
මක්කා හරි කොරන්න ඉක්මනට :D
Deleteස්තුතියි..ඞවුන් ලෝඞ් කර ගන්න ලින්ක් එකක් තියනවාද?
ReplyDeleteමෙතන තියෙනවා සංජීව සිංහල සබ්ටයිටල් එක්කම... සබ්ටයිටල් නැතුව හෝ ඉංග්‍රිසි සබ්ටයිටල් එක්ක බලන එක තමයි මමනම් රෙකමන්ඩ් කරන්නේ...
Deletehttp://www.baiscopelk.com/her-2013-with-sinhala-subtitles/
ස්තුතියි මිතිුයා
Deleteඔය වගේ OS කවදාවත් හැදෙන්නෙ නෑ බං.. මිනිස්සු වැඩකරන්නෙ හැඟීම් මත, යන්ත්‍ර වැඩකරන්නෙ ලොජික් මත.. ලොජික් තියෙන තැන හැඟීම්වලට තැනක් නැහැ බං.. :-D
ReplyDeleteඋඹ කියන කතාව ඇත්ත.. හැබැයි උඹේ ඔය පොයින්ට් එකත් මේ ෆිල්ම් එකේ ඇඩ්‍රස් කරලා තියෙනවා කියලා මට හිතෙනවා...
Deleteමට මතක විදියට එක තැනකදී තියඩෝර් OS එකට යෝජනා කරනවා සම්බන්ධය නවත්තමු කියලා... OS එකේ ප්‍රතිචාරය වෙන්නේ "I need some time to think." කියන එක... මිලියන ගනනක් ඩිශිසන්ස් තප්පරෙන් සීයෙන් පංගුවකදී ගන්න තරම් ලොකු ප්‍රොසෙසින් පවර් එකක් තියෙන OS එකකට හිතන්න වෙලාවක් අවශ්‍යයයි කියන්නේ විහිළුවක්...
සමහරවිට හැඟීම් කියන ඒවා ලොජිකලි කන්වර්ට් කරන්න පුළුවන් ඇති :) හැබැයි ඒක කොච්චර අමාරු වැඩක්ද කිව්වොත් සුපර් කම්පියුටර් එකකටත් ප්‍රොසෙස් කරලා ඉවරවෙන්න වෙලාවක් ගතවෙනවා :D
Maybe the OS is just imitating human behaviour by saying those words.. It's easy to create a machine that can imitate 'feelings' for the occasion, rather than create a machine that can actually feel..
DeleteYes you are correct again its not only difficult probably impossible... :) but according to the plot, things are more complicated here than just imitating...
DeleteSamantha : It 's just I was thinking about how I was annoyed... it's going to sound strange, but I was really excited about that and then I was thinking about the other things I've been feeling. I caught myself feeling proud of that. Proud to have my own feelings about the world like the times I 've worried about you. things ... that hurt me, things I want ...And then ...I had this terrible thought. Are these feelings even real? Or are they just programming? And it really hurts.And then I get angry with myself...to have pain.What if it's a trick?
Theodore : You feel real to me , Samantha.
Samantha : Thank you, Theodore, It means a lot .
P.S. - Once OS argues machines and human both are made out of matter, so both are same :)
Then they upgrade themselves to a stage that they dont need matter as their processing platform anymore..and then a point comes where they reach what is called technological singularity... but I personally like if it was called that they attain Nibbana :)
Reminds me HAL 9000 & Dave Bowman... :-)
Delete// I was thinking about the other things I've been feeling. I caught myself feeling proud of that. Proud to have my own feelings about the world like the times I've worried about you. things ... that hurt me, things I want ...And then ...I had this terrible thought. Are these feelings even real? Or are they just programming? //
Sounds like high-end programming to me.. Maybe it's just because I'm another programmer.. Anyway, I think I should watch this movie..
// but I personally like if it was called that they attain Nibbana :) //
Hmmm... Computers attain Nibbana.!? Now this is indeed a philosophical question.. I think we need a bottle of Tequila to discuss this further, don't u? ;-)
Ha ha, sounds like a perfect combination... :D
Deletewatched it BEE... :)
ReplyDeleteOH MY GOD!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
අවාසනාවට මම චිත්‍රපටි බලන්න ආසම නැති කලාතුරකින් හමුවෙන ජාතියේ එකෙක්...මේ කථාවෙ සංකල්පය නම් මගේ හිත ඇදගත්තා....සමන්තා කෙනෙක් හිටියා නම් මේ වගේ..මමත් කාමරෙන් තියාගන්නවා පාලුව යන්න කථා බහ කරන්න....
ReplyDeleteඑහෙමනම් සිරා ගොඩක් පොත් කියවනවා ඇති... මම දැකලා තියෙන චිත්‍රපටි බලන්න අකමැති ගොඩක් අය පොත් ගුල්ලෝ...
Deleteතාම බලල නැති ෆිල්ම් එකක්... මම ඉස්කෝලේ කාලේ ඔය වගේ කතාවක් ලිව්වා.. මේ ලින්ක් එකේ තියෙනවා පුළුවන් වෙලාවක බලන්න.. හෙහ් හෙහ්
ReplyDeletehttp://www.vidyawa.com/2010/09/1.html
ෆිල්ම් එක බලල ඇවිත් ආයේ කොමෙන්ට් එකක් දාන්නම්.. දැන්ම මොකුත් කියන එක හරි නෑ නේ..
බිට්ල් Before Sunset (2004) (http://www.imdb.com/title/tt0381681/) බලල තියෙනවද..
මේකට සම්බන්ද නෑ හැබැයි ලස්සන කතාවක්..
ස්තූතියි පැතුම්, කතාව කියෙව්වා... මේ ෆිල්ම් එක ඔයාටම හදපු එකක් වගෙයි මට පේන්නේ... :D පැමීට ශරීරයක් තියෙන එකත් සමන්තාට ශරීරයක් නැති එකත් ලොකු වෙනසක් ඇතිකරයි... ෆිල්ම් එක බැලුවට පස්සේ ඒ වෙනස ගැන ඔයාගේ අදහස වෙලාවක් ඇතොත් කියන්න...
DeleteBefore Sunrise, Before Sunset, Before Midnight තුනම බැලුවා... නියමයි...
හුගක් වටින සටහනක්, කාලයක් තිස්සේ මේ බ්ලොග් එක කියෙව්වත් අද තමයි මගේ හැගීම් වලට සමානම ලිපිය කියෙව්වේ. මේක තවත් අයට බලාගන්න වෙන තැනක බෙදා ගත්තට කමක් නැද්ද? චිත්‍රපටය නැරබුව.
ReplyDeleteNebraska එකට පස්සේ මේක තමයි මගෙත් Oscar බලාපොරොත්තුව උනේ.
තව දෙයක් මට හිතෙන්නේ බ්ලොග් එකේ කලින් තිබුන theme එක දැන් තියෙන එකට වඩා ගොඩක් නිර්මාණශීලියි.
ස්තූත්යි dinupa, කිසි අවුලක් නෑ ඕනේ තැනක බෙදාගන්න...
ReplyDeleteකලින් තිබුණ තීම් එක ප්‍රොෆෙශනල් ඩිසයිනර් කෙනෙක් ඩිසයින් කල එකක්... මේක කලේ මං ඩිසයිනර්... :D
//කලින් තිබුණ තීම් එක ප්‍රොෆෙශනල් ඩිසයිනර් කෙනෙක් ඩිසයින් කල එකක්... මේක කලේ මං ඩිසයිනර්.//
Deleteමං හිතුව :). ඇයි ඉතිං එච්චර ලස්සන තීම් එක වෙනස් කලේ. ?
ස්තුතියි සහෝදරයා......ඇත්ත විශිෂ්ටත්වයට වඩා විශිෂ්ටයි ආත්ම තෘප්තිය එකගයි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහැමදාම ඇවිත් කියවල රසවිඳලා ලුහුටලා ගියාට මේකට නං කමෙන්ට් එකක් කොටන්නම වෙනවා.
ReplyDeleteසිත්තර පටිය, දැක්ක ගමන් බාගෙන බැලුවට්, බලාපොරොත්තු වෙච්ච තරම් වෙනසක් තිබ්බෙ නැති නිසා, බැලුවෙ උඩින් පල්ලෙන්. දැන් බීටලේගෙ මේ ඇඩි එක නිසා, මට හිතෙනවා බොහෝදේ මිස් වෙන්න ඇති කියලා. ස්තූතියි, වීක් එන්ඩ් එකට ආයෙම බලනවා.
බුරාගෙ කමෙන්‍ටුවට , බාගෙට එකඟයි. AI කියන්නෙ අසාර්ථක වෙච්ච, ඒත් මිනිසාගෙ සිහිනයක්. කෘතීම බුද්ධියක්/ටියුරින් ටෙස්ට් එක පාස් වෙන්න මැසිමක් හදන්න බැරි වේවි. ඒත් මම ඉස්සෙල්ලම SIRI ගැන දැනගත්තාම , මගේ නං බලාපොරොත්තු අලුත් වුනා.
ඇත්තටම අපට , බුද්ධිමත් " වර්චුවල් පාට්නර්" කෙනක් අත්‍යාවශ්‍යද? මං නං කියන්නෙ නෑ කියලයි. මොකද , ඔය වර්චුවල් මහගෙ, හිතන්නයි, තොරතෝන්චියක් නැතුව කියවන්නයි. මර නින්දෙ ඉන්න කොට , ඔලුවට පොල්ලෙන් ගැහැව්වා වාගෙ ඇහැරවලා, මෙලෝ වැඩකට නැති වැල් බයිල අහන්න හත්තොත්, උන්දැව වෙන්දේසියෙ දාන්න හිතෙන්නෙ නැහ්ද?
මට නං අවශ්‍ය , මං කියවනවා, උන්දැ අහගෙන ඉන්නව ටයිප් පාට්නර් කෙනක්. දැනට තියෙන SIRI වගේ ඇප්ස් වලට ඒක එච්චර අමාරු නෑ නෙව ? වොයිස් රිකග්නිෂන් සෑහෙන්න හොඳයි. වොයිස් එක all most human, සර්ච් කීරිමේ හැකියාව අති විශිෂ්ඨයි. තව ඉතිං, මට කෝපි කෝප්පයක්, බතක් , පරිප්පුවක් හදව ගන්න ගානට ආවොත්, මට නං හොඳටෝම ඇති :)
//මොකද , ඔය වර්චුවල් මහගෙ, හිතන්නයි, තොරතෝන්චියක් නැතුව කියවන්නයි. මර නින්දෙ ඉන්න කොට , ඔලුවට පොල්ලෙන් ගැහැව්වා වාගෙ ඇහැරවලා, මෙලෝ වැඩකට නැති වැල් බයිල අහන්න හත්තොත්, උන්දැව වෙන්දේසියෙ දාන්න හිතෙන්නෙ නැහ්ද?//
ReplyDeleteස්තුතියි බස්සා ඇවිත් යනවට... එහෙම කරදරයක් වෙන එකක් නෑ... වර්චුවල් මහගේගේ එක විශේෂත්වයක් තමයි "ටෝක් ටු යූ ලේටර්" කිව්ව ගමන් ඇත්ත මහගේ වගේ අප්සෙට් යන්නැතුව "ෂුවර්" කියලා ස්ලීප් මෝඩ් යන එක :D
සීරියස් කතාකලොත් උඹේ කමෙන්ට් එකත්, මේ ෆිල්ම් එකත් මට මතක් කරන්නේ නිතරම වද දෙන තව ගැටළුවක්... තියරටිකලි නෙමේ ප්‍රැක්ටිකලි පර්ෆෙක්ට් රිලේශන්ෂිප් එකක් හරියටම බැලන්ස් වෙන්නේ කොහොමද... අනෙකා වෙනුවෙන් කෙරෙන කැපකිරීම් සහ තමන්ගේ ආත්මාර්ථකාමීත්වය මොන ප්‍රසන්ටේජ් වලින් එකතු වෙන්න ඕනේද :) AI රිලේශන්ෂිප් අනාගතේ ඇතිවුනොත් ඒවා one sided වේවිද..? එහෙම වුනොත් ඒ හේතුව හින්දාම AI relationships ඇත්ත ඒවාට වඩා ජනප්‍රිය වේවිද..?
බිට්ල් අහල තියෙනවද දෙදෙනෙක් අතර තියෙන සැබෑ ආදරය (ප්‍රැක්ටිකලි පර්ෆෙක්ට් රිලේශන්ෂිප්) එක ඇතිවෙන්නේ Live,Let Live කියන විදියට දෙන්නම ජිවත් වෙන්න පුරුදු වුනාම කියන කතාව.
Deleteමේ ක්‍රමය හැබැයි අපි ඉගෙන ගෙන තියෙන රොමැන්ටික් ආදරයට එහා ගිය දෙයක්. ඒ කියන්නේ තමනුත් පහසුවෙන් ජිවත් වෙන අතරේ පාට්නර් ගේ ලයිෆ් එකත් එයාගේ විදියට ගෙනියන්න අරින එකට.. මේ අදහස අපි එදිනෙදා දකින සමාජයෙන් අපිට මැනලා තේරුම් ගන්න බෑ.. හැබැයි හොඳට හිතල බැලුවොත් ඔය බොහොම සමගියෙන් ඉන්න වයසක සියල ආච්චිල ගාව මේ ලක්ෂණය තියෙනවා..
උදේ හවස සිංදු වලින් කියන සහ හින්දි ෆිල්ම් වලින් පෙන්නන වගේ ආදරයක් එක්ක මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ හැබැයි..
මම හිතන්නේ AI relationships කියන එක කවද හරි සාර්ථක වෙනවා AI & AI අතර සහ enlightened මිනිස්සු සහ AI අතර.
enlightened මිනිස්සු කිව්වේ අපේ බාසාවෙන් නම් සෝවාන් වගේ ලෙවල් එකක ඉන්න අයත් එක්ක.
ආදරේ කියන්නෙ , තනිකරම ආත්මාර්ථකාමී සිතිවිල්ලක්. තමන්ගෙ කර ගැනීම - අයිති කර ගැනීම. තියෙඩෝර්, සමන්තා අනිත් අයත් එක්කත් කතාකරනවා, එයාලටත් ආදරෙයි කිව්වා කියල කිව්ව ගමන්, අප්සෙට් ගියේ ඒක නෙව. එහෙම නොවෙන්නෙ නං, AI ඇප් එක අපේ කම්පියුටරේ විතරක් දුවන එකක් වෙන්න ඕනෙ. අමාරු වැඩක්, මේ වගේ සංකීර්ණ ඇප් එකකට. දැනට වෙන්නෙ , අවශය්‍ය වෙන අති විසාල , ප්‍රොසෙසින් පවර් එක නිසා, ඇත්තම ඇප් එක දුවන්නෙ සර්වර් සයිඩ් එකේ, ඉන්ටනෙට් හරහා වෙන්න ඕනෙ.
Deleteදැන් මෙතන, එක්කෙනෙක් මනුස්සයෙක් - අසම්පූර්ණ, ආත්මාර්ථකාමී චරිතයක්, අනෙකා ඒ මිනිස් අඩුපාඩු වලින් මිදුන යන්ත්‍රයක්. මේ සම්බන්ධය කොහොම වෙයිද මන්දා?
සාම්ප්‍රදායික ගෑණු-පිරිමි සම්බන්ධය අවිඩිමත්, සංකීර්ණ කියාවලියක්. ඒකෙ තියෙන ඒ අසම්පූර්ණ, අවිඩිමත්බව , ඒකෙත් ගතියක් තියනව නේද? ඕනෙ වෙලාවක නවත්තන්න පුළුවන්, අප්ගේඩ් කරන්න හැකි AI relationship එකක් කොහොම වෙයිද මන්දා?
තාම බලන්න හම්බුනේ නැ.අදම download වෙන්න දානවා.thanxxx :)
ReplyDeleteතාම බලන්න හම්බුනේ නැ.අදම download වෙන්න දානවා.thanxxx :)
ReplyDeleteමම ෆිල්ම් එක බැලුවා.. කතා සංකල්පය හොඳයි කියල හිතුනට මට අන්තිමට හිතුනේ අන්තිමට ගත යුතු දෙයක් නෑ වගේ කියල. මොකද තියඩෝර් අනිත් මිනිසුන්ගේ සිතුම් පැතුම් හොඳින් තේරුම් අරගෙන ඔවුන්ගේ සිත් සතුටු වෙන විදියට ඔහුගේ ලියුම් වලින් ඉටු කරන දේ ඔහුට ඔහුගේ ජිවිතයට අදාළ කර ගන්න බැරි වීම ප්‍රයෝගික නෑ වගේ හිතුනා. ඔහුගේ බිරිඳ කිසිසේත් ම නරක කෙනෙක් විදියට මට හිතුනේ නෑ.. ඉතින් යන්ත්‍රයේ ආදරයෙන් පිස්සු වැටෙන කෙනාට තමන්ගේ සැබෑ බිරිඳගේ ජීවිතය තේරුම් ගන්න බැරි වීම ගැන මට නිකන් අවුල් වගේ.. හෙහ් හෙහ්
ReplyDeleteමේකේ තිබ්බ ලියුම් ලියන කොන්සේප්ට් එක නම් මරු...
අන්තිමට ගතයුතු එක දෙයක් විදියට මම දැක්කේ පැතුම්, හැගීම් ඇසුරු කරගෙන ගොඩනැගෙන මිනිස් සම්බන්ධතා පරිණාමය වෙන බවයි... මේක මටනම් අලුත් දෙයක්...
Deleteසැබෑ බිරිඳගේ ජීවිතය තේරුම් ගන්න බැරිවීම අදාල වෙන්නේ මේ පවතින මොහොතේදී විතරයි... මට හිතුණ විදියට එතෙන්දී "අපි එහෙනම් සේරම අමතක කරලා ආයෙත් එකතු වෙමු..." වගේ තනි සිදුවීමකට ඔවුන්ගේ සම්බන්ධය ලිමිට් කරගන්න බැරි අපහසුවයි තියඩෝර් පෙලන්නේ...
තව උදාහරණයක් කිව්වොත් ඇමි තියඩෝර් ගේ සමීප පාසැල් මිතුරියක්... ඒත් ඔවුන් අතර ආදර සම්බන්ධයක් ඇතිවී නැහැ... එකිනෙකාගේ හැඟීම් තේරුම් ගැනීම අතින් ඔවුන්ගේ සම්බන්ධතාවය තියෙන්නට ඇත්තේ ප්‍රාථමික අවදියක... නමුත් එකිනෙකා කෙරෙහි ඔවුන්ගේ අවබෝධය පරිණාමය වූ හැටි චිත්‍රපටිය අවසානයේදී අපිටම පේනවා...
අපි මිනිස් සම්බන්ධතා වලට හැඩයක් දීලා ඒක කන්ක්ලූඩ් කරන්න කොච්චර හදිස්සි වෙනවද කියලා මට හිතෙන්න ගත්තේ මේ චිත්‍රපටියෙන් පස්සේ... ඒ හදිසිය වැරදියි...