Friday, April 18, 2014

89. පළිගැනීම සහ සමාවදීම අතර ඇති වෙනස කොතෙක්ද?

image

කැපිටල් ෆනිශ්මන්ට් එහෙමත් නැතිනම් මරණ දඬුවම කියන්නේ ශිෂ්ට මිනිසුන් අතරේ ගැඹුරින් සංවාදයට ලක්වෙන මාතෘකාවක්… සමහරු ඊට විරුද්ධ වෙද්දී තවත් සමහරු එය කොන්දේසි සහිතව සාධාරණිකරණය කරනවා… ඈත අතීතයේදී ලෝකය පුරාම සෑම සමාජයකම පාහේ ක්‍රියාත්මක වුණු මේ දඬුවම, ආගම් මඟින් බුද්ධිය නිෂ්ක්‍රීය කළ සමාජ කිහිපයක හැරෙන්නට වර්තමානයේ දියුණු  මිනිසා කෙමෙන් අතහරිමින් සිටින්නක්… විකිපීඩියාව පවසන පරිදි දැනට මරණ දඬුවම ක්‍රියාකාරීව යොදාගන්නේ රටවල් 58ක් පමණයි… ලොවපුරා රටවල් 98ක් එය නීත්‍යානුකූලව තම අධිකරණ පද්ධතියෙන් ඉවත් කර තිබෙනවා… රටවල් 7ක් එය යුද අපරාධ වැනි විශේෂ අවස්ථාවලදී පමණක් යොදාගන්නා අතරේදී තවත් රටවල් 35ක නීත්‍යානුකූලව මරණ දඬුවම නියම කළත් පසුගිය වසර දහය පුරාවට එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර නැහැ… විවේකී මොහොතක කල්පනා ලොකේ හිස හැරුණු අතේ යද්දී මේ ගැන මමත් බොහෝ වෙලාවට මගේ මනසින් තර්ක කරනවා… ඒක උපරිමයටම ගිය දවසක  මම මූණුපොතේ සිංහල කෝට්ස් පේජ් එකට යවපු වැකියක් එහි ඇඩ්මින් ලිශාන් හැඩ කරලා මෙහෙම පලකලා

මරණ දඬුවම සැණකෙළි ස්වරයෙන් ක්‍රියාත්මක කරන රටවල් අතරේ  ඉදිරියෙන් ඉන්න ඉරානයේ සිදුවූ, පහතින් විස්තර කෙරෙන හුදකලා සිදුවීම මගේ ඇස ගැටුණේ අද අන්තර්ජාලයේ ප්‍රවෘත්තී අතර රස්තියාදු ගසමින් සිටියදී… ඔබ බොහෝ දෙනෙකුට මෙය පිළුණු පුවතක් විය හැකි වුණත් බෙදාගන්න මට හිතුනා… ජායාරූප ශිල්පියා අරාශ් කමූශි

 

අපේ කතානායක බලාල් මීට අවුරුදු හතකට ඉහතදී මහපාරේ ඇතිවුණ ගෝරියකදී අවුරුදු 18ක් වයසැති අබ්දුල්ලා හුසේන් නැමති තරුණයාව පිහියකින් ඇන ඝාතනය කරද්දී වයස අවුරුදු විස්සක තරුණයෙක්… අත්අඩංගුවට ගන්නා බලාල් වසර ගණනක් තිස්සේ ඇසුණු නඩුවකින් පස්සේ වැරදිකරු වී මරණිය දණඩනයට නියම කෙරෙනවා… මට වැටහුණු ඉරානයේ ෂරියා නීතියට අනුව, මරණ දඬුවම ක්‍රියාත්මක වෙන අවස්ථාවේ තම ගෙල හරහා වැටුණු තොණ්ඩුව සමඟින් පුටුවක නැගී සිටින වැරදිකරුවාගේ දෙකකුල් නිදහස් වී ගෙල හිරවීමට, ඔහු නැඟ සිටින පුටුව ඉවත්වන ලෙස පා පහරක් දිය යුත්තේ වින්දිතයාගේ පාර්ශවයෙන්…

[ඉදිරියට කියවන්න ඔබ පැකිලෙනවානම් මෙහි භයානක සංවේදී දර්ශන අඩංගු නොවේ…]

මිනිහෙකු එල්ලා මැරීම, නැරඹිය යුතුම ජාති වැඩක් ලෙස තීරණය කළ මහා ජනකායක් ඉදිරියේ මෙම මරණ දඬුවම සඳහා බලාල්ව රැගෙන ආවේ මෙලෙසින්

image

 

අතේ ඇඟිලි වලින් ගණන්කල හැකි තරම් සීමිත හුස්ම ගණනක් ඉතිරිව… මේ කෑගසන්නේ ඔහුගේ දෙවියන්ගේ නම බවට සැකයක් නැහැ…

image

 

මව් සෙනහස ඇත්තේ හරි වැරැද්දට අහු නොවෙන මානයක… දස මසක් කුස දරා සෑදු තම දරුවාගේ අවසන් මොහොත දකින්නට අවාසනාවන්තව බලාල්ගේ මව…

image

 

ඊට නොදෙවෙනි වෙහෙසක් ගෙන ඇති දැඩි කල තම දරුවා උදුරාගත් මිනීමරුවාගෙන් ලේ වල පලිය ගැනීමට සූදානම්ව අබ්දුල්ලාගේ මව…

image

 

පළිගැනීම සහ සමාවදීම අතර ඇති වෙනස කොතෙක්ද? මම ඔබෙන් ඇසුවා… විශ්වාස කරන්න, විටෙක එය එකම එක කම්මුල් පහරක් තරම්…

තම ආදර දරුවා මරා දැමූ මිනිමරුවාට කම්මුල් පහරක් එල්ල කර ඔහුට සමාව දීමට තීරණය කරන අබ්දුල්ලාගේ මව…

image

 

ජීවිත දානය ලැබීමෙන් පසු, ජීවිතයක වටිනාකම කෙතරම්දැයි අවබෝධයෙන්ම දැනගෙන හඬාවැටෙන බලාල්… නැවත ජීවිතයක් නැතිකරන්නට ඔහු කිසිදා පෙළඹේයැයි මම පුද්ගලිකව හිතන්නේ නැහැ…

image

 

සමාව දීමෙන් පසු අබ්දුල්ලාගේ මවගේ දෙපා මුල වැටුන බලාල්ගේ මව…

image

දරු දුකෙන් හඬන මව්වරු දෙදෙනක්… බලාල්ගේ සහ අබ්දුල්ලාගේ මව්වරුන්

image

 

මේ සිදුවීමේ ඡ්යාරූප වලින් කියැවෙන කතාව හැරෙන්නට ඒ පසුබිමේ ඇති සිදුවීම් සියල්ල මා දන්නේ නැහැ… වසර ගණනක් තිස්සේ ඇදුනු නඩු තීන්දුව, ඉස්ලාම් දහම, ෂරියා නීතිය, ලේ වන්දිය ඇතුළු කතා බොහොමයක් මේ සමඟ ඈඳී ඇති… එහෙත් මෙම ඡායාරූප පෙළ නැරඹීමෙන් මම ලද අසීමිත සතුට නැමැති කිරි කළයට, ගොම මුහු කරගෙන මේ මොහොතේ ආතල් එක කුඩු කරගන්න මම මෝඩ වෙන්නේ නැහැ… ඒ ගැන උනන්දු කෙනෙකුට මේ පිවිසුම හරහා ගොස්  සමස්ත සිදුවීම් දාමය ගැනම දැනගැනීමට ඔත්තුවක් සොයාගත හැකිවේවි…

සිංහල බ්ලොග් අවකාශයත් එක්තරා විදියක කල්ට් එකක්… “මෙහි සිටින්නේ සිංහල බ්ලොග් කරුවන් නොවෙයි, මං පොර මේනියාවෙන් පෙළෙන අනන්‍යතා අර්බුද රැසක්…“ කලකට පෙර කවුදෝ කීවා මට මතකයි … ඒ කතාව සියයට සියයක් මම පිළිගන්නේ නැති වුණත් වැරද්ද පිළිගැනීම සහ තවකෙකුට සමාව දීම මම මෙහි අඩුවෙන්ම දැක ඇති දෙයක් බව පැවසීම අතිශෝක්තියක් නොවෙයි… සමාව දෙන්න නම් වැරදිකරුවෙකු සිටිය යුතුයි…  වැරදිකරුවෙකු නැතිවීම සිංහල බ්ලොග් අවකාශයේ විටින් විට ඇවිලෙන බ්ලොග් ගැටුම් වල ලොකුම ගැටළුවයි…

ඒ හැම එකක්ම එහෙම වුනාවේ… ජීවත් වෙන මේ සුළු කාලයේදී ඔය සියල්ල අමතක කර සතුටු වෙන්නට හැකිනම් එයයි ලොකුම දිනුම… ඒ දිනුමේ වටිනාකම දැනගෙන හෙට පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයට රොද බඳින සිංහල බ්ලොග් ලියන, කියවන සැමට  ඇතිවන තුරු විනෝද වෙන රසවත් මතකයන් පිරුණු දිනයක් වේවායි සයිබර් සිහින බක්මහ උළෙලට මෙසේ උණුසුම් සුබපැතුම් එක්කරමි…

47 comments :

  1. නියමයි බ්‍රීටල්,
    කඳුලු අතරින් කියෙව්වා. ආතල් එක කැඩේවි කියල බයට අනිත් ලින්ක්ස්නම් කියෙව්වෙ නෑ.
    ඉන්දරේ

    ReplyDelete
  2. අනිකව පරද්දන්නෙ නැතුව දිනන මිනිස්සු කොච්චර සුන්දරද

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙම දිනන්න බැරි අයත් බොහොමයි.. රිසානා අතින් මියගිය දරුවාගේ භාරකාරයින්ටත් මෙහෙම කරන්න හැකියාව තිවුණා මම හිතන්නේ... ඒත් ඔවුන් එහෙම කලේ නැහැ...

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ඔබටත් එසේම වේවා කකා...

      Delete
  4. බීට්ල්, අදයි ඔබව කියවුයේ. ඕක තමා කල්ට් වුනත් හොඳයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අකුරු බ්ලොග් අඩවියට රයිගම්ව සාදරයෙන් පිළිගන්නවා... :)

      Delete
  5. ඔබ දෙන පණිවිඩය කතාව සමගින් මුසුකල ආකාරයට මගේ ප්‍රණාමය ... සමාව දීම දේව ගතියක් කියලනේ කියන්නේ , මිනිසුන් අතර දෙවිවරුන් හිඟයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්...

      Delete
  6. ඇස් වලට කඳුළු ගෙනාවා. “අම්මා “ මොන ජාතියක උනත් “උතුම්“ කියන හැඟීම වැඩි වුනා. සමාවෙන්න ඕනි. ඒ හැඟීම් වෙනස් කර ගන්න අකැමැති නිසා පෙන්වා තිබූ ලින්ක් එකට ගියේ නෑ.
    තවත් මනුස්සයෙක්ගේ ජීවිතය නැති කරනවා දැක සතුටු වෙන මිනිස්සු නැත්තෙ නැහැ. ඒ වගේ අයට මේ කතාව සතුටක් ගේන එකක් නෑ. චිත්‍රපටයක දි වුනත් මනුස්සයෙක්ව (දුෂ්ටයාව උනත් ) මරණ වෙලාවට අහක බලා ගන්න අය ඇස් පියා ගන්න අය මම දැකල තියෙනවා....

    ඉතින් , හදවතට වදින අකුරු ලියන බීටල් ඔබට “සුබ අලුත් අවුරුද්දක් වේවා “ කියන්න මේක අවස්ථාවක් කර ගන්නවා.....

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා සොසි... ඔයාව මෙහෙම අවුරුද්දකට එක සැරයක් දැක්කත් බඩ පිරෙනවා... සොරි හිත පිරෙනවා... :D

      Delete
    2. මෙයා හැම කෙල්ලන්ටම මෙහෙම කියනවලු සොසී....:D

      Delete
    3. ඕවනං මොනවද පොඩ්ඩි නැට්ට පිටින් අලි මැරෙන්නේ මහ කැලේ... :D

      Delete
    4. අලියගේ නැට්ටෙයි, මේකෙයි තියෙන සම්බන්ධය මොකක්ද? :)

      Delete
  7. අපේ රට වගේ රටවල වෙලා තියෙන එක දෙයක් තමයි මිනිස්සු කොදෙව් ගත වීම. මා අදහස් කලේ තමුන් අවට පිරිසක් නිර්මාණය කරගැනීම. අපේ අය යාලුවන්ට,නෑයොන්ට,සමීපතයින්ට තියෙන ලැදියාව සහ බැඳීම වැඩියි. ඊයෙ මම දියවන්නාව අලුත් පාක් එකට ගියා දවල් බත් එක අරගෙන කන්න. කඩ වහල නිසා කන්න තැනක් නැහැ. ඒකෙ තියනවා අලුතින් හදාපු බංකු සහ මේස...හැන්දෑවට ඒ තැන රස්නෙ නැතිවුනාට ගිනි දවල්ට ගස්වලින් හෙවන වුනු මේස කිහිපයක් හැර අනික් ඔක්කොම ගිනි ගහන අවුවෙ. ෆැමිලි එක්ක යාලුවො එක්ක නෑයො එක්ක ආපු සමාර අය අර හෙවනෙ තියෙන මේස බදු අරගෙන ඉන්නවා..එයාල එක එක කයි ගහනවා. ඉතිං කෑම එකක් අරන් එන මනුස්සයෙක්ට කන්නෙ වෙන්නෙ ගිනි දවාලෙ තියෙන තද අවුව යට ඉදන්.... අර හෙවනෙ තියෙන බංකු මේස වල ඉන්න අය ආස නැහැ තමුන්ගෙ සමීප අයගෙන් පොඩ්ඩකට වෙන් වෙලා තව මිනිහෙක්ට අවස්ථාවක් දෙන්න.. මේ ගතිය හැබැයි මම පොඩිකාලෙ ජීවත් වුන ගමේ තිබුනෙ මීට වඩා අඩුවෙන්.. දැන් පුංචි පවුල හෝ වෙනයම් සංසිද්දිත් එක්ක මිනිස්සුන්ගේ කොදෙව් ගතිය වැඩිවෙමින් පවතිනවා..

    ඒ වගේ තමුන්ගේ සමීප අය, මගේ ආගමට,ජාතියට,පලාතට, කුලයට,පවුලට,මිත්‍රකමට එහා සිටින දිහා අපේ අය බලන්නෙ මහා වෛරක්කාරයො දිහා බලනවා වගේ.. එ් වගේ කෙනෙක් මැරෙනවා කියන එක නිකං සිදුවීමක් පමණයි.. මම හිතන්නෙ ආර්ථික අතින් දියුනු රටවල ඔය කියන සමීප බැඳීම් ඉරිතලලා ගිහින් ඒ මිනිස්සු තමුන් ගොඩනගාගත් රවුං වලින් එහා පැත්තෙ ඉන්න මිනිස්සු ගැනත් හිතනවා ඇති.

    සයිබරය කියල වෙනසක් නැහැ..ගොඩක් අය බ්ලොග් එක බලනොකට මතක් කරනවා බ්ලොග් එකේ අයිතිකාරයා..ඉන් පස්සෙ බ්ලොග් අයිතිකාරයා තමුන්ගේ පෝස්ට ්වලට කෙලලා තිබුන හැටි මතක් කරනවා..නැත්තං තමුන්ගේ සෙට් එකට අැරපු හැටි මතක් කරනවා..ඉන් පස්සෙ ඔහු පෝස්ට් එක කියවනකොට කල්පනා කරන්නෙ පෝස්ට් එකට අදහස් එකතු කරන්න නෙමෙයි...වෙන ඇරියස් එකක් කවර් කරගන්න.. ඔතනදි අර අපේ සෙට් එක සහ මගේ යාලුවෝ මෙතඩ් එකෙන් එහාට යන්න පුලුව්න් කම තිබුන නම් මිනිස්සු පිටකසාගන් නැතුව බ්ලොග් රසය විඳගනීවි කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. අමිලගේ කියමනට මාත් එකඟයි.

      මම බීටල්ගේ කැමතිම මෙන්න මේ වගේ නිහඬ සටහන් හින්දා. හීන් නූලෙන් දෙන්න ඕනේ හොඳම කතාව දෙන්න බීටලේට තියෙන්නේ ලොකු දක්ශකමක්.

      Delete
    2. උඹ කියන එකනම් මචං අලුතෙන් වෙන වෙනසකටත් වඩා, මම හිතන්නේ සංස්කෘතියත් එක්කම එන දෙයක්... ඉස්සර ගමේ සංස්කෘතියට වඩා නගරේ තියෙන සීමිත සම්පත් එක්ක ඔට්ටුවෙන සංස්කෘතිය වෙනස්නේ... ඒවාට අනුව හැඩනොගැහුනොත් වඳවෙලා යනවා... ගමේදී, ටවුන් එකට පයින් යන අඳුනන්නේ නැති මිනිහෙක්ව උනත් පුෂ් බයිසිකලයට නග්ගාගන්න අහන මම, කොටුවේ ස්ටේශන් එකේදී කෝච්චිය නවත්තන්නත් කලින් ඇතුලට පැනගෙන අනිත් එවුන් එක්ක සීට් එකකට පොරකාලා, ලංකාවෙන් එළියෙදි "ආෆ්ටර් යූ" කියලා ළඟ ඉන්න එකාට ඉඩ දෙනවා... මෙහෙම නැතුව උඩුගම් බලා පීනන මිනිස්සුත් එමට ඇති...

      ස්තූතියි රංගී...

      Delete
  8. මව් සෙනෙහස කියන්නේ කොතරම් ආත්මාර්ථකාමයෙන් තොර එකක්ද කියලා බලන්න/දැනගන්න මං හිතන්නේ ඉස්පිරිතාලය තරම් හොඳ තැනක් තව නෑ. කියනවා නම් ලියනවා නම් කතා ගොඩාක් තියෙනවා..
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් තිබුණාට ලියවෙන්නේ ඉබි ගමනින් නේද..? :) ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා සාබිත්...

      Delete
  9. You proved once again you have a big heart, Beetle!
    It's not what you said, how you said it.

    ReplyDelete
    Replies
    1. It's not what you said, how you said it. (Y)
      මෙන්න මේක තමා මටත් කියන්න ඕනි වුනේ.ඒත් මට ඒක ලියා ගන්න විදිහක් තේරුන්නෑ....

      Delete
    2. Thanks a lot for the compliment Dude... Just like Raigam says sometimes... These things should be so obvious that, they don't even have to be highlighted... Probably the fact that sharing this news makes me a person with a big heart itself indicates how far we lag behind... :)

      Delete
  10. මවකගේ හදවත . හ්ම් ..ගැහැනියක් ඔහොම සමාව දුන්නට පිරිමියෙක් එහෙම කරයිද කියල හිතුන ..

    ReplyDelete
    Replies
    1. පිරිමියාට පස්සේ සීට් එකක්මයි දෙන්න හදන්නේ...මේ අම්මාගෙ තීරණයට තාත්තා විරුද්ධ වෙන්නේ නැතුව සපෝට් කරලා තියෙනවා... ඒකම මදෑ... :) තාත්තේ එන්න අම්මා ළඟින්ම වාඩිවෙන්න :D

      Delete
  11. මචං . . ඉන්ග්‍රීසියෙන් තිබ්බ නිවස් එක කියවලා ඉවර උනාම වැටුනේ සැනසුම් සුසුමක් . .

    උබේ පෝස්ට් එක කියවලා ඉවර වෙද්දී නිවුස් එක කියවද්දී නොදැනුනු පුදුම හැඟීමකුත් එක්ක ඇහේ කඳුලු බින්දුත් එකතු උනා බන් . .

    ඒකියන්නේ අර බූන්දියේ කියන ඉන්ද්‍රජාලික අකුනු සහ වචන උඹේ ලිපියේ තියෙන්නේ . .

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍රජාලික අකුරු :D

      Delete
    2. ගොඩක් ස්තූතියි මචෝ.. මට දැනුන සතුට පුලුවන් විදියට බෙදාගන්න මම ට්‍රයි කලේ...

      Delete
  12. ඒ බීටෝ, මේක හරි අහඹුවක් වෙන්නැති.ඒත් අද මේකට කමෙන්ට් කරල ගිහිල්ලා පත්තරේ බලද්දි ,මෙන්න තියොනෝ ඒ වගේම කතාවක්.සත්‍ය කතාවක් හැබැයි පිරිමි දෙන්නෙක්. තමන්ට මරනාසන්න වෙන්න වෙඩි තියපු මනුස්සයට මරණීය දණ්ඩනය නියම වෙනවා.(බේතක් විදල මරන්නේ ) ඒත් පස්සෙ වෙඩි කාපු මනුස්සය තද කාගෙන අර මනුස්සයව මරණ දඩුවමින් ගලව ගන්න උත්සාහ කරනවා.ඒත් අවාසනාවක මහත.නීතිය නීතියමයි (අපේ රටේ වගේ නෙමෙයි.) වෙඩි කාපු මනුස්සය සමාව දුන්නත් ,නීතිය මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා.හිටින්න පත්ත පිට්ට ගෙනත් නම් ගම් ලියන්න.
    පරණ කතාවක්.ඒත් පත්තරෙන් මම කියෙව්වෙ අද. කොහොමත් මේ වගේ නිව්ස් මම වගේ අය කියවන්නෙ පරක්කු වෙලා පත්තර වලින් තමා...
    පස්සෙ මම විස්තරාත්මකව කියවන්න හිතන් සොයද්දි ඒ ගැන මේ ලින්ක් එක ලැබුනා.
    https://www.youtube.com/watch?v=YivxImox3B8
    (ලිනික් දාන්න දන්නෑ)

    ReplyDelete
    Replies
    1. තැන්කෝ සොසී වීඩියෝව බැලුවා... එතනදී දෙන්නා ආගම් දෙකක නිසා අනවශ්‍ය විදියට ආගම් හයිලයිට් වෙන එකයි අවුල... මේ සිද්ධියේදිත් මේ අම්මාට පුළුවන් ජීවිත දානය දෙන්න විතරයි... අධිකරණයෙන් සේරම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන්නේ නෑ... වෙන දඬුවමක් ලැබේවි...

      Delete
  13. අම්මා කෙනෙක්ගේ ආදරය කොච්චර පිටාර ගලන්න පුළුවන්ද? නැත්නම් මේ පුතා මැරුවට මගේ පුතාට පණ එන්නේ නෑ කියලා හිතන්න තරම් මනස නිරවුල් අම්මා කෙනෙක්ද? කියලා තේරුම් කරන්න අමාරු වුනත් බීටල් ගේ ලිපිය ගොඩක් අගය කරනවා..

    එහෙව් අම්මාට මෙහෙම කරන්න කරන්න පුුළුවන්නම් අපිටත් අදට වඩා හෙට එක පියවරක් ඉදිරියට තබන්න පුුළුවන් නම් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් රූ අපිටත් හැඟීම් වලින් අන්ධ නොවුනොත් කරගන්න බැරි නෑ...

      Delete
  14. කියවද්දි ගොඩක් දේවල් හිතට ආවා... ‘heart breaking, beautifully written, another unforgettable read …’ ඒ ඔක්කොම ලියාගෙන ගියොත් කමෙන්ට් එකක් නෑ... :)

    ඒ එක්කම 'අම්මෙකුට' විතරයි මෙහෙම දෙයක් කරන්ට පුලුවන් කියන හැඟීමත් හිතට ආවා...වෛරයෙන් වෛරය නොසන්සිදේ කියන එක ඇත්ත කියලත් හිතුණා...

    මෙහෙම සමාව දුන්නාම, ලොකු දඬුවමක් දුන්නටත් වඩා වේදනා දෙනවා ...

    ReplyDelete
    Replies
    1. heart breaking වුනේ නම් මේක කියවලා වෙන්න බෑ... ෂුවර් එකටම පරිප්පුව රොස් වෙන්න ඇති... :D

      තාත්තා කෙනෙකුටත් කරන්න පුළුවන්.. හැබැයි අම්මා කෙනෙක් කරද්දී ඊට වඩා බරක් තියෙනවා කියලා මටත් ලාවට හිතෙනවා,,,

      Delete
    2. කියෙව්වේ ලස්සණ කොල්ලෙක් කාර් එක එලවන ගමන් එයා දිහාවත් නොබලා...පරිප්පු රොස් වෙන්නේ ඉතින් බ්ලොග් කියවන වෙලාවට නෙමේ බී....:D :D

      Delete
    3. අයියෝ ඒ වෙලාවටවත් මේ බ්ලොග් පඩංගු පැත්තකට විසිකරලා දාලා මෙන්න මේම යන්න එපැයි... :)

      Delete
  15. සුන්දර මනුෂ්‍යත්වය හැම කෙනා ඇතුලෙම තියෙනවා මචං. අපි අනිත් මිනිස්සු ඇතුලේ ඉන්න සැබෑ මනුෂ්‍යයාව දකින්න දන්නේ නෑ.. අපි විහින් කන්ඩිෂන් කරගත්ත සිතකින් හැම දේම වින්ශ්චය කරන එක තමයි හැමදාම කරන්නේ.. කන්ඩිෂන් කරගන්න එකයි .. වින්ශ්චය කරන එකයි නතර වුනාම අපිට සුන්දර මිනිස්සු ඕනේ තරම් හම්බවෙනවා...

    මේ අම්මා තම දරුවාගේ මිනීමරුවා කියන කන්ඩිෂන් එක හිතේ තියාගෙන අර මනුස්සයට වින්ශ්චය දෙන්න ආවට අන්තිමට මේ ඉන්නෙත් තව මනුස්සයෙක්නේ කියන ඇත්ත දැකල මේ කරපු දේ නිසා ඇති වෙච්ච වෙනස කොච්චරද බලන්න..

    ඕක තේරුම් ගන්න ආගමක් ඕනේ නෑ බන්..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ඔය කන්ඩිෂන් නැතිකරන්න තියෙන ආගම දැන් අයිතිකරගෙන ඉන්න උන් දාන තරමක් දාන්නේ කන්ඩිෂන්නේ...

      Delete
  16. වචන නෑ බීටල් විස්තර කරන්න. අර අම්මා සමාව දීපු අම්මගේ දෙපතුල වඳින මොහොත කොයි තරම් සංවේදීද? කඳුළු එන විදියට ඔයා මේක පෙලගස්වාලා තියෙනවා. ඉරානේ වගේ මුලධර්මවාදී නීති තියෙන පාරිසරක ලොකු මහත්වුණු කාන්තාවකට, තවත් මවකගේ හිතේ නැගෙන ගින්දර හඳුනා ගන්නට හැකි වීම කොයි තරම් ආශ්චර්යයක්ද ? බෞද්ධ වූ අපිටවත් පලි ගැනීමේ චේතනාවෙන් මිදෙන්න පුලුවන්ද ? මට කියන්න පුළුවන් මේ සමාව දීපු මව නියම බෞද්ධ කාන්තාවක්(උප්පන්නෙන් නෙවෙයි භාවිතයෙන්).බොහොම ස්තූතියි මේක අපිත් එක්ක බෙදා ගත්තට.

    ReplyDelete
  17. ඔව් අද අපි ලේබල් කරලා පරිස්සම් කරන්න හැදුවට ඇත්ත බුද්ධාගම තියෙන්නේ ඒ තැන්වල නෙමේ භාවිතයේනේ... කතාවකුත් තියෙන්නේ ලේබල්, රටවල් මොනවා වුනත්, "යමක් ඇසුරු කරන විට රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වන බව දැනේ නම් එය බුද්ධ දේශණාව ලෙස ගන්න.." කියලා...

    ReplyDelete
  18. ලින්ක් එකෙන් ගිහින් ඉතුරු පින්තූර ටිකත් බැලුවා... බීට්ල් හරිම සංවේදී විදියට කතාව පෙලගස්වලා... ඒ අම්මගෙ උදාර ක්‍රියාව අගය කරන්න වචන මදි...

    ReplyDelete
  19. @Beetle
    මම උබ ගැන දැන ගෙන හිටියාට බෙිලග් එක ගැන දැන ගත්තේ තරැනයා පත්තරේ හරහා. මම හිතුවෙි අලුත් බෙලෝග් එකක් කියලා බලද්ද් අදුරන මුහුනු ඔක්කොම මෙතන සුදික, කාකා,හෙන්රි. කමන්ට් විතරක් කරන බොලොග් නැති මම තව එකකට යන්නේ බොලොග් රොලක් හරහා ඉතින් මට උබව මග ඇරැනා.
    මැරැනේ මම නම් මගේ අම්මා එහම එ් තරැනයාට සමාව දුන්නානම් මගේ ආත්මයට සැනසිමක් තියේයි. මම ඉන්න ලෝකයක ඉදලා සතුටු වෙනවා.

    ReplyDelete
  20. මේ ප්‍රවෘත්තිය මම යාහූ අඩවියේ පලවූ අලුතම වාගෙ කියෙව්වා...දවසේ වැඩ අරබන්න කලියෙන් යාහූ පුවත් අඩවියේ හැමදාමත් ප්‍රවෘත්ති කියවන එකෙක් බොලං මම....මේ සමාව දීපු අම්මව අගය කරන්න මට නම් වචන නෑ...පුතා අහිමි වෙච්ච නිසා එයාට දැනෙන දුක තවත් අම්මා කෙනෙක් විදිනවාට එයා අකමැති වෙන්න ඇති. කොටින්ම මගේ අම්මාවත් මේ තරම් උදාර තීරණයක් ගනීද කියලා මට සැකයි...

    // සිංහල බ්ලොග් අවකාශයත් එක්තරා විදියක කල්ට් එකක්… “මෙහි සිටින්නේ සිංහල බ්ලොග් කරුවන් නොවෙයි, මං පොර මේනියාවෙන් පෙළෙන අනන්‍යතා අර්බුද රැසක්…“ // උඹේ කටේ මසුරං දැම්මත් මදි මේ කථාවට...සහතික ඇත්ත... බොලාව කියවන්න එන්න සුනංගු උනාට බලවත් මෙව්වා එක...නැවත හමුවෙමු...එතකං සතුටෙන් ඉදහං....ජය !

    ReplyDelete
  21. ස්තූතියි මියුරු, sanjeewa, සිරා...

    ReplyDelete

Web Statistics