Thursday, March 8, 2012

49. දිය පිට ඇන්දා සිතුවම්…

ටික දිනෙකින් යාවත්කාලීන නොවූ මේ බ්ලොග් අඩවිය යාවත්කාලීන කෙරෙමින් තැබෙන මේ කෙටි සටහන විශේෂ කරුණක් වෙනුවෙන්…

මීට වසරකට පමණ පෙර බ්ලොග් අඩවියක් නොතිබූ මා, මාගේ පළමු නිර්මාණය යොමුකලේ එකල ජනප්‍රිය බ්ලොග්කරුවෙකු වෙතටයි… එහි ගුණාත්මකභාවය නොසලකා කිසිදු පැකිළිමකින් තොරව ඔහු එය තම බ්ලොග් අඩවියේ පළකරමින් මට දුන් සහයෝගය මා ජීවත්වන තෙක් අත් නොහැරිය හැකියැයි විශ්වාස කලහැකි අපූරු විනෝදාංශයකට මේ වනවිට මා තල්ලු කර ඇතිවා පමණක් නොවෙයි පුද්ගලිකව මාහට සෑහිමට පත්විය හැකි ලිපි අඩුවශයෙන් එකක්වත් ලියාගැනීමට ශක්තියක් වී අවසන්… ඉතින් එවැනි නැකතකින් උපන් මට, මාගේ බ්ලොග් අඩවියේ යමක් පළකර දෙන ලෙස ඉල්ලා තවකෙකුගෙන් ලැබුණු ඉල්ලීමක් කිසිසේත්ම නොසළකා හැරිය නොහැකියි… මේ අද දින එසේ මට ලැබුණු නිර්මාණයක්… තම ප්‍රථම ප්‍රේමයේ විරහවෙන් බැටකන හිරිමල්වියේ යව්වනයෙක් විසින් තම සිතෙහි නැගෙන අව්‍යාජ සිතිවිලි අකුරු කිරීමට ගෙන ඇති මේ අහිංසක උත්සාහය බොහෝ දුරට ඔහුගේ පළමු නිර්මාණය විය හැකියි…

ආදරයේ විරහවෙන් වේදනා විඳින්නෙකුට හැඟීම් වලට වහල් නොවී බුද්ධියට ඉඩදී කටයුතු කරනායුරු ගැන දැනමුතුකම් දීමට මා සුදුස්සෙකු නොකරන හේතු බොහොමයි… එනිසා ඔහු වෙනුවෙන් ඔබට යමක් පැවසිය හැකිනම් එය ජීවිතයේ සුළි කුණාටු වලදී රුවල් හසුරවන අයුරු තේරුම් ගන්නට ඔහුට අත්වැලක් වේවි… මේ කිසිදු සංස්කරණයක් සිදු නොකල ඒ පණිවුඩයයි…

 

දහසක් සිතුම් බලාපොරොත්තු පොදිබැදන් ආ ගමනේ
නොසිතු විරු අයුරින් හබා ආ බාධා මැද
මාත් එක්ක ගත කළ ජිවිතය ගැන තුති පුදන්නට වදන් නැත මට
ආදරය දි හිත පිරෙන්නට ආලොaකය දි ජිවිතය ජය ගන්නට
මවක මෙන් මා ඉදිරියට ගෙන ගිය ඔයාට සදා ණයගැති මා ජිවත් වන තුරාවට

ඔයාගේ ආදරයේ සිහින ආතරින් ගලා ආ මගේ ජිවිතයට ජිවයක් දුන්
පෙම්වතියක,සහොදරියක හා මවක මෙන් මා පසු පස ඉද  ජිවයක් දුන්
ඔයව හැර දමා යන්නේ කෙහොමද මම?
ඔයත් එක්ව ඉද මේ සසර ගෙවන්න මම ගත් උත්සාහයට
අරුත දෙන්නට දුන් සහයට පින් සැමදා ඔයාට
 
මගේ ජිවිතය, මගේ ආත්මය වුනාට ඔයාට ගොඩක් පිං
කියාගන්න බැරි ආදරයකින් බලා ඉන්නම් මම කවදා හෝ
ඔයත් එක්ක ඉද ජිවත් වන්නට මා ගන්න උත්සාහය
ඔයත් එක්ක ඉද ලස්සන ලොaකයක් හදන්න මා උත්සහා කරනවා තවමත්

පෙර ආත්මයක අපි මේ ලෙසින් එකට ජිවත් වෙන්න ඇති
මම කොහොමද ඒ බැදිම අතහැර ඔයාගෙන් ඇත් වෙන්නේ
මගේ ආදරය ඔයාගේ හිත පිරෙන්න දෙන්න මම ගත්ත උත්සාහයේ
මට පුලුවන් වුන එක අවස්ථාවක් හරි ගැන හිතලා සතුටු වෙන්නම් මම

~ හිමත් ~

 

ප.ලි. : නොබෝ දිනකින් සැබෑ වෙන සයිබර් සිහිනයට අකුරු බ්ලොග් අඩවියේ උණුසුම් සුභපැතුම්..!

13 comments :

  1. තමන්ට උදව්වක්, සුහදත්වයක් පෑ අයෙකුට කළ හැකි හොඳම කෘතඥතාවය, තමනුත් තවත් කෙනෙකුට එලෙසම සැළකීම තමා.

    පොඩ්ඩ එහා මෙහා වෙනකොට ප්‍රේමය වෛරයකට හරවාගෙන මිණී මරන්නට හොයන, ගැහැණු ළමයගෙ නම කැත කරන්නට විදි හොයන "පෙම්වතුන්" ඉන්න රටක, හිමත්ගෙ අහිංසක සිතිවිල්ල හුඟක් හිතට දැනෙනවා. ඔබේ ජීවිතයට ප්‍රීතිය ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  2. හිමත්ගේ සිතුවිලි හරිම ලස්සනයි. ආදරෙත් ඒවගේම ලස්සනයි.

    ඔබ සිතන පතන සියලු දේවල් එලෙසම ඉෂ්ට වෙන්ට කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  3. හිමත්ගෙ වගේ ආදරණීය ආදරයකට කවරදාවත් වරදින්නෙ නම් නෑ..ජය ගන්නවා අනිවාර්යයෙන්ම..

    ReplyDelete
  4. හිමත් ගේ ප්‍රාර්තනානම් හරිම අහිංසකයි....

    අනේ ඒක ඉෂ්ට වෙන්න කියලා පතනවා.

    ReplyDelete
  5. හිමත් ගෙ බලාපොරොත්තු ඉටුවේවා කියල ප්‍රාර්තනා කරනව.
    ටැබූ ගැන නං මතක්වෙනකොට දුකයි. ඔහු හිටියනං මේ වෙනකොට කොච්චර දේවල් ලියවෙන්න ඉඩ තිබුනද.

    ReplyDelete
  6. අහිංසක ප්‍රාර්ථනාවක්.. කවි පෙලත් ලස්සනයි..

    ReplyDelete
  7. ඊලඟ බ්ලොග් එක හිමත් ඩොට් බ්ලොග්ස්පොට් ඩොට් කොම් ද?

    සුභ පැතුම් හිමත්....

    ReplyDelete
  8. මාතෘකාවත් එක්කයි කතාව තියෙන්නේ. හිමත් ලස්සනට ලියලා!

    ReplyDelete
  9. හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  10. බොහොම ලස්සනයි හිමත් අපි ලියාපු පලවෙනි නිර්මානය එක්ක ගනිද්දී මේක ගින්දර !!

    ලියන තරමට අත හුරු වේවි ..තව තවත් ලියන්න හයිය හත්තිය ලැබේවා හිමත් !



    නියම වැඩක් බීටල් !!

    ReplyDelete
  11. මචං . . උඹේ ප්‍රාර්ථනාව ඉටුවෙන්න කියල පතනව . . .

    ReplyDelete
  12. අහිංසක ප්‍රාර්ථනාව ඉටුවෙන්න සුබ පැතුම්..!!!

    ReplyDelete

Web Statistics