Wednesday, January 11, 2012

46. මගේ පොරොන්දුව | This I Promise

thank you

සැපට හැදෙන කිරි ටොයියන්…
පුංචි සීතලක් දැණුනත්…
හතර හන්දි පණ නැති වී…
ඇම්බියුලන්ස් ඇදන් යද්දී…

ඇස් බොඳවෙන මීදුමටත්…
බොයිල් කරන ගින්දරටත්…
ගහන පරක්කුව විතරයි…
යං එහෙනම් මං එන්නම්…

ෂෙඩියුල් දුරවල් පැනලා…
දින වකවානුත් මැකිලා…
තවත් ඉතින් බැහැ කියලා…
නැත කිසිදින මගඇරලා…

කණ කැස්බෑ වියසිදුරෙන්…
අහස දකින දින එනකල්…
හරකා වගේ උඹ අදිනවා…
නැත දුක් ගැනවිලි කිසිවක්…

එහා පැත්තේ කෲසරයෙක්…
ප්ලැටිනම් හැලි හිස් කරද්දී…
සිල්වර් උගුරු දෙක තුනකින්…
තොල කට පොඟවන් නිහඬව…

ෂැම්පු, ෆෝම් මොකුත් නැතිව…
දූවිලි පිහදා ක්සණිකව…
සැරදාලා ලෑස්ති වෙයි…
මගෙ ජීවන බර අදින්න…

නොදන්නවා නෙවෙයි උඹට…
මගෙන් කෙරෙන කෙණහිලිකම්…
මගේ පුංචි හිත මිතුරේ…
තව පන්දාහක් ඇදපන්…

ෆ්ලෂ් කරලා සක් කරලා…
ජැක් වොෂ් එකකුත් දීලා…
ලබන පාර සලකනවා…
පොරොන්දු වෙන්නම් දිවුරා…

ප/ලි : සත්තයි..!

ගැටපද විවරණය : ඇම්බියුලන්ස්=ආපදා රථය  | ෂෙඩියුල් දුර=ඊළග සර්විස් එකට නියමිත කි.මී. සීමාව | කෲසරයෙක්=ලෑන්ඩ් කෲෂර් වර්ගයේ වාහනයක් | ප්ලැටිනම්=ඉස්තරම් තත්වයේ එන්ජින් ඔයිල් | සිල්වර්=සාමාන්‍ය තත්වයේ එන්ජින් ඔයිල්  | ෆ්ලෂ්  / සක්=එන්ජිමේ ඇති දහනය වූ ඔයිල් යන්ත්‍රානුසාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම  | ජැක් වොෂ්=වාහනය ඔසවා කරන සාමාන්‍ය සේදීමකට වඩා හොඳ සේදීමක්

27 comments :

  1. හහ් හා. සර්විස් එක කල් දාන්න වගෙ. :D පව් පුංචි මිත්‍රයා.

    ReplyDelete
  2. අපේ කාලයේ කරත්ත කවිය!

    ReplyDelete
  3. @නලිනි
    කල් දැම්මේ නෑ... යන්තම් රැවැට්ටුවා... ඒ ගැන දුකයි... :(

    @සබිත්
    යා යා... :)

    ReplyDelete
  4. පව් අප්පා.... අහිංසකයා...

    ReplyDelete
  5. කියන පමාවට ඇවිදින්
    මම නුඹ ගෙන යන්නේ
    දනිමි නුඹේ බොරු බේගල්
    හිනහත් මට එන්නේ

    මා සිත ගත් හාම්පුතා
    නුඹමයි පවසන්නේ
    නුඹ එන මඟ මා හඳටත්
    එක පාරින් යන්නේ

    පොකට්ටුවේ මුදල් හදල්
    ගැන සිත දුක් වෙන්නේ
    නැත කවදාවත් මා සිත
    සුර සැප ඉල්ලන්නේ

    හාම්පුතාගේ සිත මට
    මල් යහනක් වෙන්නේ
    මා මිය යන දින මට පොඩි
    හාදුවක් ද දෙන්නේ

    ෴ අනේ බීටෝ අයියේ - මෙදා පාරවත් ෂැම්ෆු ටිකක් දාලා ,මාව හෝදපන්කෝ අයියේ ෴

    ReplyDelete
  6. වාහන සර්විස් නේද..?
    හයියෝ සංසාරේ ඕවට මුකුත් කියලා බැහැ...

    ReplyDelete
  7. @නිසුපා
    ඌත් පව්... මාත් පව්...

    @සොඳුරු සිත
    එල ඈ... යකඩ ගොඩකට කවියෙන් පණ දුන්නොත් ඒ ඉතින් ඔයා තමයි...

    @මාරයා
    සර්විස් වැඩ කරගෙන ට්‍රිප යන්ඩ දැන් සේරම හරි නේද?

    ReplyDelete
  8. වානයක් නැති නිසා ඉතින් මේ කියාපු එවුවා මෙවුවා නිකං මට මැජික් වගේ ..

    මොනා වුණත් බීටලයියා .කවියේ අකුරු ටික නම් පංකාදුවට ගලපලා තියේ ..

    ReplyDelete
    Replies
    1. බයික් එකටත් මේ ටිකම තමයි ඉතින්... :)

      Delete
  9. පොරොන්දු කඩ කරන්න හොඳ නෑ!

    ReplyDelete
    Replies
    1. දන්නවා පූසා... පණ නැති එකෙක් රවට්ටන එක පණ ඇති එකෙක් රවට්ටනවට වඩා ලේසි... එත් පසුතැවිල්ලේ නම් වෙනසක් නැති පාටයි...

      Delete
  10. වාහන සර්විස් . . . . මොකුත් නොකියම ඉන්නං .

    ReplyDelete
    Replies
    1. ඇයි උබට පේන්න බැරිද :D

      Delete
  11. උඔ නං හැබෑ කවියෙක්. මේ වගේ කවිවලටයි මම වැඩිය කැමති.

    ReplyDelete
    Replies
    1. උබ කොහොමත් මම කැමති ඒවාට තමයි කැමති... සේම් සේම්... :)

      Delete
  12. ලබන පාරවත් පෝරොන්දු ඉටු කරහන් තව 5000 අදිනව කියන්නෙ
    ලෙඩ වීමේ සම්බාවිතාව වැඩියි කියන එක

    ReplyDelete
    Replies
    1. හැමදාම පන්දාහක් ඉවරවෙද්දී මේක තමය් සෙල්ලම... යන්තම් එන්ජින් ඔයිල් මාරුකලා... අනිත් ටික ඊළග පාරට... :)

      Delete
  13. හප්පට සිරි.. මේක කියව්වමයි මතක් උනේ.. බයෙ බයිසිකලෙත් සර්විස් කරන්න කාලෙ හරි. ඒත් වෙලාවක් හොයාගන්න එක තමයි කාරිය.

    ReplyDelete
  14. ඉස්සෙල්ලම හිතුනෙ ත්‍රී වීල් ඩ්‍රයිවර් කෙනෙක් පොරගෙ ත්‍රී වීල් එක රවට්ටන්නෙ කියල, කොමෙන්ට් කියෝන කොට තේරුනේ වාහනේ මොකද්ද කියල.

    මන් වැඩිය කවි කියවන්න ආස නෑ, මේක නං අල්ලල ගියා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඔබා.. මේ අල්ලලා ගිය දෙවනි පාර හොදේ..?

      Delete
  15. @ Observer
    ඔබා-මා ලඟදී ඉලා හැම කවියක් ගැනම කියන්නේ මං කවි කියවන්න කැමති නැතිය, හැබැයි මේක නං කියෙව්වාය කියන බයිලාවයි!

    තව ටික කාලයක් යන කොට නීරීක්‍ෂක බ්ලොගයේත් තමන්ගේම කවිදායි මං හිතන්නේ!

    ReplyDelete
    Replies
    1. ඈහ්..? ලේසියට කොපි පේස්ට් ජිල්මාට් එකක් දානවද..? :D

      Delete
  16. කරපු කාලයක් මතක නෑ... තෙල් ගහනව දුවනවා

    ReplyDelete
    Replies
    1. අපිව ලබන්න පව් කල වාහන :)

      Delete
  17. @කතන්දර:
    ඔබා කයි පහ පහ දාන්නෙ එකපාරට

    ReplyDelete
    Replies
    1. ඒ රිප්ලයි සීන් එක පස්සේ සෙට්වුනේ... නැත්තම් උත්තරෙත් බලන්න තිබ්බා :)

      Delete
    2. ඔන්න කවිත් දැම්ම බ්ලොගේ, හැබැයි මගෙ නෙමේ ඔබී ගෙ...හෙහ්...හෙහ්..

      Delete

Web Statistics