ආධුනික කෙටි කතා පොත

කාර්යාලයේ වෙහෙස නිවාගන්නේ

About Me

My Photo
හැඩයක් නැති හදවතක, ඉපිද මැරෙන සිතිවිලි ගොන්නකින්, අතට අහුවෙන අකුරු අහුරක්, ලොවටම පෙනෙන සේ මෙසේ සඟවමි...

ඇවිත් ගියෝ

Followers

මගේ ප්‍රියතම බ්ලොග්

44. දෙවෙනි රැල්ල | Then came the second wave

tsu

 

අපි බැහැලා දුවමුද..?
එක පාරම මම ඇහුවා…
නැහැ දැන් අඩුවෙයි…
තාත්තා කිව්වේ…
කෝච්චියේ වහපු ජනේලෙන්...
එළිය බලාගෙන…

 

මටත් ඕනේ වුනේ…
ජනෙල් වීදුරුවෙන් එහා...
එළිය බලන්න…
ඒත් ඊට කලින්…
මම තාත්තා දිහා බැලුවා…
පොඩි වෙලාවකට…
ඒත් මට තාත්තාගේ මූනෙන්…
ඇස් ඉවතට ගන්න හිතුණේ නෑ…

 

වළ ගැහුණු කම්මුල්…
මම දැකලා නෑ… 
තාත්තා සිගරැට් බොනවා...
බීඩි..? නෑ ඒත් නෑ…
හොරෙන් බොනවද දන්නෑ…

 

බාගෙට වැවුණු රැවුල් කොට…
තැනින් තැන සුදු වෙච්චි…
සමහර තැන් වල වැඩී…
තවත් තැන්වල අඩුවෙන්…

 

නහර වැල් පෑදිලා..
බෙල්ල දිගටම… 
වැවිලා හොඳටම...
කොණ්ඩෙත්…
වයසටත් වැඩියෙන්…
නාකි පාටයි…
හේනේ… කාස්ටක අව්වේ…
පොළව පෙරළලා…
කාසි අහුලනවනෙ…
මගේ කැම්පස් වියදමට…

 

අහිංසක තාත්තා…
ජීවිතේ විඳින්නේ…
එහෙමත් දවසකට…
මට ලෝබ හිතුණා…
ඉස්ටේසමෙන් බැස්ස ගමන්…
එක්ක යන්න ඕනේ...
තාත්තාව…
ටවුමේ තියෙන………………….

 

ඒ දිරපු මූණ දිහා බලාගෙන…
එච්චරයි හිතන්න ලැබුණේ මට…
ඒ ත්    එ ක් ක ම  …

.

.

.

.

.

.

.

දෙවෙනි රැල්ල ආවා…!

 

 

ජීවිතය නැමති සුනාමියේ දෙවෙනි රැල්ල එන්නට පෙර ලොව සියලු පියවරුන්ගේ පැතුම් ඉටුකරන්නට දූ දරුවන්ට හැකිවේවා… මියගිය ජීවත් වන කිසිවෙකු මෙවන් විපතකට නැවත ගොදුරු නොවේවා..!

20 comments:

  1. අවුරුදු හතක් තිස්සේ ඇඬූ කඳුලු ඇති තවත් සුනාමියක් එන්න !

    ReplyDelete
  2. දෙවනි රැල්ලක් කිසිදා නොඒවා කියා අපි ප්‍රාර්ථනා කරමු ...

    ReplyDelete
  3. හ්හ්ම්ම්ම්..ජිවිතෙත් රැලි පිට රැලි නැගෙන සුනාමියක් වගෙ...
    .ඒ රැලි වලට මුහුණ දෙන්න ශක්තියක් මේ ජීවිත වලට තිබුන නම්...
    සංවේදී සටහනක්....

    ReplyDelete
  4. සුනාමි රැල්ල දි‍ගේ ගිහින් දුකෙහි ගැලී හිටිය සිත හඞා වැටුනා දෙවනි රැල්ල දැක්කාම....

    ReplyDelete
  5. මම මුකුත් කියන්නෙ නැහැ. :(

    ReplyDelete
  6. ජීවිතේ ඕනෙම තැනකදි මුල් වතාවෙ හිතුනු දේ , දෙගිඩියාවෙන් පසු වතාවට කල් දැම්මොත් , ඇත්තෙන්ම මට නම් එහෙම වුනු හැම වතාවෙම වැරදුනා දැනට.

    ඒ නිසා, මට නම් හිතෙන්නෙ හිතුනු මොහොතෙම ක්‍රියාත්මක වෙන එක අපි කාටත් හොඳ පාඩමක් !

    මේ කතාව සුනාමි ව්‍යසනයට අදාල කරලම ගත්තොත් , ඇත්ත. ඒක මහා ඛේදවාචකයක්. දෛවය ඒකද? පිරිසකට පලමු රැල්ලෙදේම දුවන්න හිතෙන්නත් , දෙවෙනි රැල්ල එනබව නොදැන නවතින්න හිතෙන්නත් ...
    අනේ මන්දා...

    මෙවන් අනතුරක් යලිත් නම් මේ රටට නොවේවා !

    ReplyDelete
  7. මම වැඩිය කවි, නිසඳැස්, කියවන්න කැමති නැහැ, එත් මේ සටහන නං හොඳ නිර්මාණයක් කියල හිතුන. ආයාසයක් නැතිව කියවල, හිතට දුකකුත් දැනුන.

    මෙවන් විපතකට නැවත මුහුණ දෙන්න සිදු නොවේවායි පතමු

    ReplyDelete
  8. අපරාදේ හිතුනු වෙලාවේ බැහැලා දිව්වනම්....

    ReplyDelete
  9. මම සුනාමිය ගැන කතා කරන්න කැමති නෑ

    ReplyDelete
  10. කවදාවත් දැන හැඳිනගෙන නොහිටි කෙනෙක් අපිව බලන්න එනකොට අපි එයා පිලිගන්න පෙර මගට දුවලා ගියත් එයා ආවේ අපිව ඉවර කරලා යන්න කියලා දැනගනිද්දි අපි පමා වැඩියි ..

    ReplyDelete
  11. ස්තූතියි හැමෝටම ප්‍රතිචාර දාන්න මිඩංගු කල කාලයට..

    එදා අනතුරට ලක් වුණ දුම්රියේ සේවකයෙක් [ගාර්ඩ් මහතා විය යුතුයි] රූපවාහිනී වාර්තා වැඩසටහනක කතා කරනවා මම දැක්කා... ඔහු විස්තර කලෙත් දුම්රිය රේල් පාරෙනුත් එළියට විසි කරන්න සමත් වුණ ඒ දෙවෙනි රල පහර ගැනයි...

    එදා ඉඳන් සුනාමිය ගැන කියවෙන හැම තැනකදිම මගේ ඔළුවට එන්නේ වැඩිම විනාශයට වග කිවයුතු ඒ දෙවෙනි රැල්ල ගැනමයි...

    අපේ ජීවිතේටත් ඒ දෙවෙනි රැල්ල එන දවසක් තියේවි... ඒත් එදාට අපි තව කරන්න දේවල් ගොඩක් ඉතුරු කරගෙන හිටියොත්..?

    ReplyDelete
  12. ඇත්ත බීටල්, දෙවෙනි රැල්ල එන්න කලින් කරන්න පුළුවන් හැම දේම කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද......

    ReplyDelete
  13. ජීවිතය අහිමි උන 31,000 දෙනා අතරේ අපි හැමෝම අඳුනන අපේ කිට්ටුවන්තයෙක් දෙන්නෙක් නොමැති අයෙක් ඉන්නාවානම් ඒ ඉතා කලාතුරකින්....!

    මම හඳුනන ඉතාමත් සුන්දර මිනිසෙකු ඔහුගේ මුළු පවුලම (මිතුරා, බිරිඳ, අවුරුදු 6ක පුතා, අවුරුදු 4ක පුතා) අදටත් අතුරුදහන් වූවන්ගෙ ලයිස්තුවෙ. ඒ පවුලේම අවුරුදු 10 ක දුව විතරයි ජීවිතය ගලවගන්න පින් කරලා තිබුනේ....!

    ReplyDelete
  14. මුදුදේ ‍රැල්ල කිසිම කෙනෙකුට අරුමයක් නොවනවා සේම ජිවිතයේ ‍රැලිත් අපට අරුමයක් නොවේ.. එත් මේහෙම ‍රැලි වලට මුහුණ දෙන්න අපට එදා ශක්තියක් තිබුණ නම්..??????????? සංවේදී සටහනක්.. :(

    ReplyDelete
  15. අප සිත් පිනවපු ඒ රැල්ලම නේද අප සිත් වැනසුවේ!

    ReplyDelete
  16. ඒ දවස ගැන මට ලියනවනම් ලියන්න තියන්නෙ මහ කාලකණ්නි මතකයන් පිරිච්ච සටහනක්. එදා මෙදා තුර කිසිම වෙලාවක කිසිම කෙනෙක් එක්ක ඒ ගැන කතා කරන්න හිත දුන්නෙ නෑ. කිසිම සුනාමි අනුස්මරණ සටහනකට ප්‍රතිචාරයක් දැම්මෙ නෑ. ඒත් මේ අපූරු වචන ටික මට බල කලා සටහනක් තියල යන්න.

    ඒ දෙවෙනි ‍රැල්ල අරං ගියපු මිනිස් ජීවිත කීපයක් මගෙ එක්තරා වකවානුවක ජීවන තො‍ටුපොලවල් වෙලා තිබුනෙ. ඊටත් කිසිම දැන හැඳුනුම් කමක් නැති ඇස් දෙකක් ගාල්ලෙ හිල්ටොප් එක අයිනෙ ගල් ගොඩක් ලඟට වෙලා කියපු මේ වචන කීපය මාව සසල කලා නොහිතපු විදියට.

    "මෙතන තමයි අපි අන්තිමටම හිටියෙ - මගේ අත අතෑරුනේ මේ හරියෙදි - අර පයිනස් ගහේ තියෙන්නෙ එයාගෙ හෑන්ඩ් බෑග් එක වෙන්න ඕනෙ - පොඩ්ඩක් උදව් වෙනවද මට ගහට නඟින්න - මේ කැඩිච්ච අතත් එක්ක හරියකට අමාරුයි "

    ReplyDelete
  17. හරිම සංවේදී සටහනක්

    ReplyDelete
  18. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  19. කිහිප වතාවක් අහන්න හදලා නොඅහා උන්නේ "මේක ඇත්තටම උඹට උන දෙයක්ද?" කියා. මේ අකුරු හරි බලවත්. මං දන්නවා උඹට වුන දෙයක් නොවුනත් ෂුවර් එකටම කාට හරි මේ දේ උන බව.

    මා දන්නා කෙනෙක් කෙලින්ම අහු නොවුනත් [අම්මා ඉන්නේ මුහුදෙන් මී 500 විතර දුර දකුණු පළාතේ. එත වෙලාවට එහෙට ආවේ නැහැ] මේ සුනාමිය හැම අවුරුද්දකම මගේ හිතටත් එනවා.

    ගිය අවුරුද්දේ මෙහෙම ලිව්වා. ඒත් මේ අවුරුද්දෙත් ඒ හැඟීම එලෙසම දැනුනා.

    කළු පාට මතක රළ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...

අකුරු බ්ලොග් අඩවියෙන්

---------------------------------
"හා... ස්ටේෂන් එකේ කොතනටද එන්නේ..?"

"ම්ම්ම්... වයන්න යටට එන්න..."

" වයන්න යටට..?"

"එළියේ උඩ ලොකුවට ගහලා තියෙන්නේ කො‍ටුව දුම්රිය ස්ථානය කියලා..."

“ඔව්..."

“ඉතිං ඒකේ වයන්න යටට එන්න..."


- එකෝමත් එක කාලෙක, ආදර කතාවක් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"ඒ කාලේ අපේ අම්මා මට දෙන රුපියල් පහෙන්, මම කැම්පස් ගිහිල්ලා ‍තෝසෙ කාලා , ප්ලේන්ටි බීලා, සිග‍රැට් එකකුත් බොනවා..."

"අපෝ දැන් ඒ කාලේ වගේ නෙමෙයි තාත්තේ, බඩු කොච්චර ගනන්ද...? දැන් කොළඹ ගිහිල්ලා ‍තෝසෙ කාල ප්ලේන්ටි බීල සිග‍රැට් එකකුත් බිව්වම රුපියල් සීය ඉවරයි..."

"ඈ යකෝ උඹ සිග‍රැට් බොනවද..?"


- දස වසක් ඇවෑමෙන් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ප්‍රයිවෙට් කොම්පැණියක හොඳ තනතුරක්ලු... දැක්කේ නැද්ද කාර් එක..."

"ඔහොම ලොකු කාර් ගන්නවා කුඩු බිස්නස් කාරයොත්..."


- පච්චා කොටපු ඉලන්දාරියා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“Aren’t you gonna join with us…?"

"I never pay for Sex…"


- අඳුරේ පව් කරන දනා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“හිමාලි අක්ක බැඳලා ඉන්න අය්යා… එයාට මොකුත් කරගන්න බැහැලු…එයාට බරවා…”

“මොකුත් කරගන්න බැරිනම් හිමාලි අක්කට අහවල් එක කරන්නෙ බොලෑ මහ එකාද?”


- වෙනස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"අනේ අත්තම්මේ... මගේ ඉන්බොක්ස් එක ඕපන් වෙලා ඇති... පොඩ්ඩක් සයින් අවුට් වෙලා මෙෂින් එක ෂට් ඩවුන් කරනවද...?"


- අමුතු සෙල්ලම - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
" ගෝස්කි මහත්තයයි නෝනයි දෙන්නම දැන් ජීවතුන් අතර නෑ... ඉතිං මේ රහස දැන් එලිකරාට ගැටළුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා..."


- නීල් ආම්ස්ට්‍රොන්ග් සැඟවූ සඳ ගමනේ අභිරහස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ආ.. මේක කෙමක්... ඇණේ අතට ගත්තට පස්සේ කතානොකර මට ගෙනල්ලා දෙන්න ඔනේ හරිද...?"


- වැරදුණු ගුරුකම - කියවන්න මෙතැනින් -
---------------------------------



Web Statistics